වීරයා සමඟ ජයනි, රොෂාන් සහ චාන්දනී... |
මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම.
ඒ අතරින් ජාතික රූපවාහිනියෙ සති අන්තයෙ විකාශය වෙන "වීරයා ගෙදර ඇවිත්" ඇහැ පියාගෙන ප්‍රමුඛස්ථානයෙ තියන්ට පුළුවෙනි. ඒකෙ නලු නිලියො ආයෙ නෑ නොම්මර එක.....ටී.එන්.වයි.කේ.චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර, එතකොට ආනන්ද කුමාර උන්නැහැ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක... ඒ හැමෝගෙම රංගනය විශිෂ්ඨයි. (ටී.එන්.වයි.කේ. කියන්නෙ තමන් නිළියක් යැයි කියාගන්නා...අර සිරසෙ අම්බරු රැල චාන්දනීට දුන්නු ගෞරව නාමයනෙ ඒක)..ආ..අර පොඩි එකත් කියල වැඩක් නෑ. උත්කෘෂ්ඨයි
අවුරුදු දෙකකට වගෙ කලින් ඔය සෙට් එකම (චාන්දනී, ආනන්ද සහ රොෂාන්) තවත් ඔය වගේම විශිෂ්ඨ රංගනයක යෙදුනා "බැද්දේ කුලවමිය" ටෙලි චිත්‍රපටයෙ. ඒකෙ මහේන්ද්‍ර පෙරේරාත් හිටිය. ඔය දෙතුන් දෙනා සෙට් උනොත් ආය නෑ නොම්මර එකේ වැඩක් තමයි. අවුරුදු පහළවකට වගෙ කලින් මහේන්ද්‍ර සහ චාන්දනී රඟපාපු "රළ බිඳෙන තැන.." කියන්නෙත් මේ මට්ටමේම විශිෂ්ඨ නිර්මාණයක්.
රළ බිඳෙන තැනේ හිටිය තවත් අපූර්ව රංගන ශිල්පියෙක්... විශ්වජිත් ගුණසේකර... මතකයි නේද "කූඹියෝ.." එකේ පොලිසියෙ ලොක්කගෙ චරිතය කලේ ඔහු..."රළ බිඳන තැන..." නිෂ්පාදකයා ආනන්ද අබේනායක. හැමදාම ඉතාම අපූර්ව නිර්මාණ බිහි කරන්නෙක්. කාලෙකට ඉස්සෙල්ල ඒත් රූපවාහිනියෙම ප්‍රචාරය වුනු "ජීවිතයට ඉඩ දෙන්න... " ඒත් ආනන්දගෙ නිර්මාණයක්. ඒකෙ රඟපෑවෙ චාන්දනී සහ බිමල් ජයකොඩි.
මම උසස් පෙළ කරන කාලෙ තිඹිරිගස්යායෙ අශෝකාරාමෙ භෞතික විද්‍යා උපකාරක පංතියකට ගියා. ඒ කාලෙ ඉතාම ජනප්‍රිය භෞතික විද්‍යා උපකාරක පංති ගුරුවරයකු වූ සේනාරත්න මහත්මයා තමයි පංතිය කලේ. චාන්දනී ඒ පංතියට ආව. ඇය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙ සිසුවියක්. අර සාක්කුවෙ එස්.පී.එම්. ඉංග්‍රීසි අකුරු තුන ගහල තියෙන කර නැති සුදු ගවුම තමයි පාවුළු බාලිකාවන්ගෙ නිල ඇඳුම.
ඉතින් චාන්දනී පංතියට එන්නෙ ඔය නිල ඇඳුම පිටින් හොකී පිත්තකුත් අරගෙන. මම හිතන්නෙ පාසල් වෙලාවෙන් පස්සෙ හොකී පුහුණුවෙලා වෙන්න ඕන. ඇය ඒ කාලෙත් සම වයසෙ කොල්ලො කෙල්ලො අතර ටිකක් ප්‍රසිද්ධයි මට මතක විදිහට සෝමලතා සුබසිංහ මහත්මියගෙ විකෘති නාට්‍යයෙ රඟපෑ නිසා. විකෘති නාට්‍යයෙ සෝමලතා මහත්මියගේ දියණිය කෞශල්‍යා ප්‍රනාන්දුත් රඟපෑවා.
කෞශල්‍යා ප්‍රනාන්දු, ශලනි තාරකා සහ රොෂාන් රවීන්ද්‍ර මේ පහුගිය කාලෙ විකාශය වුනු "තාරා" ටෙලි චිත්‍රපටයෙ රඟපෑව. "තාරා" කතාව අපට සිටින විශිෂ්ඨ ටෙලි නිර්මාණ කරුවෙක් වන නාමල් ජයසිංහගෙ.
"තාරා" එකේ ආය රඟපෑව මැල්කම් මචාඩෝ. මැල්කම් මම කෑගල්ලෙ ඉස්කෝලෙ යන කාලෙ අන්තිමටම නැවතිලා හිටපු මගෙ අතිජාත මිත්‍රයගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ. දැන් මම හිතන්නෙ මනුස්සය නීතිඥයෙක්.
ගාල්ලෙ කිතුලම්පිටියෙ හාදයෙක් ඔය කාලෙ අපි එක්ක ඔන්න ඔය අශෝකාරාමෙ සේනාරත්න සර්ගෙ පන්තියට ආව. පොර ඇවිල්ල ආනන්දියන් කෙනෙක්. මිනිහ පස්සෙ කාලෙක ආමි එකට ගියා. ඉතිං මම මේ කියන්න ආවෙ මේ යස්සයට අර චාන්දනී ළමය ගැන පිළිබඳ සිතක් පහල වුනාය කියමුකො.
"අනේ මචං හොඳ එකා වගෙ වරෙංකො මා එක්ක යන්ට..."
ඌ දවසක් ක්ලාස් එක පටන් ගන්නකල් අශෝකාරාමෙ ඝණ්ඨාර කුලුණ ගාවට වෙලා යන එන කෙල්ලො දිහා බලා ඉන්න අතරෙ මට පිණ්සෙන්ඩු වුනා.
"කොහෙද බං? …"
මම රතු සායක් සහ සුදු ටී ෂර්ට් එකක් ඇඳල එතනින් යන්ට ආපු ටිකක් විතර කොට මොඩල් කෙල්ලෙක් එක්ක යන්තමට හිනාවෙන ගමන් ඇහුව.ඒ කෙල්ලත් යන්තමට දත් පෙන්නල හිනාවෙලා අපේ පංති පැවැත්වුනු ලෑලි මඩුව පැත්තට ගියා.
"ක්ලාස් ඉවරවෙලා අර හොකී ස්ටික් එකක් අරං එන කෙල්ලගෙ පස්සෙං පොඩ්ඩක් යමුකො බං…පොඩි ෆලෝ එකක් දාල බලමු මොකද තත්වෙ කියල...හරිද? උඹ එනවනෙ?"
"උඹට පිස්සුද? මේ රෑ ඔය කෙල්ලො පස්සෙ ගිහිල්ල යකෝ ගුටි කන්ට උනේ නැත්තං ඇති. මට බෑ බං…"
ඔය අශෝකාරාමෙ ෆිසික්ස් ක්ලාස් එක තිබ්බෙ සතියෙ දවස් දෙකක හවස් වරුවෙ. මට මතක විදිහට අඟහරුවාදා සහ බෘහස්පතින්දා. හවස 5.30 ඉඳල 7.30 වෙනකල්. සාමාන්‍යයෙන් ඒ කාලෙ ටියුෂන් පන්ති තිබ්බෙ සෙනසුරාදා හෝ ඉරිදා උදේ හෝ හවස් වරුවෙ. සේනාරත්න සර්ගෙ සුභද්‍රාරාමෙ ඉරිද තිබ්බ උදේ සහ හවස පංති දෙකක්. එව්වගෙ ඉඩ නැතුව තමයි ඔය අශෝකාරාමෙ සතියෙ දින දෙකක ක්ලාස් එක පටන් ගත්තෙ.
"අනේ බං .." අරූ ආයම නාහෙන් අඬනව.
"මට බෑය කිව්වනෙ එක පාරක්...උඹ හදන්නෙ ඔය හොකී ස්ටික් එකෙං දෑත බදල ඉස් මුදුන තැරි ගැහිල යන්ට පාරක් කන්ට තමයි...හෙහ්..හෙහ්.."
තිඹිරිගස්යායෙ කලර් ලයිට්ස් ගාවම තිබ්බ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ඉස්සරහ දෙනෝ දාහක් බලා ඉද්දි අර ළමය උඩ පැනල දෑත බදල හොකී ස්ටික් එකේ අර හාමුදුරු කුඩ මිට වගෙ තියන පැත්තෙන් අරූගෙ ඉස්මුදුනෙන් ඉස්ම බේරෙන්ට පතබානව මගෙ දෑස් ඉස්සරහ මැවිල වගෙ පෙනුන. මට හිනාව නවත්තගන්ටම බැරිවුනා. තාම උනත් "වීරයා ගෙදර ඇවිත්", "කළු ඇඳගෙන සුදු ඇවිදින්.." එව්වයෙ එහෙම චාන්දනී දකිනකොට මට ඒ සීන් එක මැවිල වගෙ පේනව.
මම අශෝකාරාමෙ ක්ලාස් එකට ගියාට ඉස්කෝලෙ මගෙ පංතියෙ යාලුවො ඔක්කොමල වගෙ ගියේ සුභද්‍රාරාමෙ උදේ ක්ලාස් එකට. ඒ හින්ද උං කරපු වැඩේ සුභද්‍රාරාමෙ ටික්ක එක්ක කතා කරගෙන ඒ කිට්ටුවම වගෙ මටත් සුභද්‍රාරාමෙ ක්ලාස් එකට යන්ට චාන්ස් එක හදල දුන්න. ඒ හින්ද අර කිතුලම්පිටියෙ හාදයගෙ ප්‍රේමාන්දරයට ඊට පස්සෙ අහවල් දෙයක් උනාද කියල මම නම් නොදන්නෙමි.
වීරයා ගෙදර ඇවිත් එකේ සති දෙකකට වගෙ ඉස්සෙල්ල විකාශය වුනා නෙතලි නානායක්කාර සහ රොෂාන් රවීන්ද්‍ර දෙන්නව ලණු දෙපටකින් ගැටගහල වැවක බැහැල නාන දර්ශනයක්. චාන්දනී සෙනෙවිරත්න වැව් ඉවුරෙ ගලක් උඩ ඉඳගෙන ඔලුවට රෙද්දකුත් දාගෙන ලණු දෙපට අල්ලගෙන ඉන්නව. ඒකෙ රොෂාන් සහ නෙතලි දෙන්නම රඟපාන්නෙ අන්ධ චරිත. අන්ධ හින්ද නොදැනුවත්වම වැවේ ගැඹුරු හරියට ගිහිල්ල ගිලෙයි කියලයි ඒ විදිහට ළණුවලින් ගැට ගහල තියෙන්නෙ. හරිම සංවේදී දර්ශනයක් ඇත්තටම.
ලණුවෙන් බැඳල නාල එහෙම තුන්දෙනා ගෙදර එනව... |
ඒ එක්කම ඒ වැවේ දර්ශනය දැක්කම මට මතක් වුනේ මම ජීවිතේ වැඩිපුරම කාලයක් ගත කරපු වියළි කළාපෙ. අපි අප්පච්චිගෙ ස්ථාන මාරුව හින්ද කෑගල්ලෙ ඉඳල අනුරාධපුරේට ගියේ 1975 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. අප්පච්චි ඒ අවුරුද්දෙ මැයි මාසෙ අනුරාධපුරේට ගියාට අවුරුද්ද මැද ඉස්කෝලෙ මාරු කරන්ට බැරි හින්ද අපේ අනික් කට්ටිය තව මාස අටක් කෑගල්ලෙ අපේ නිල නිවාසෙම හිටිය විශේෂ අවසරයක් පිට.
කෑගල්ල වගෙ බොහොම සෞම්‍ය සිසිල් දේශගුණයක් සහ වැසි සහිත කාළගුණයක් සහිත ප්‍රදේශයක ඉඳල එක පාරට අනුරාධපුරේ වගෙ කර්කශ වියළි දැඩි හිරුි රශ්මියෙන් දැවෙන ප්‍රදේශයකට ගියාම ඒ වෙනස අපිට බොහොම තදින් දැනුන. ඒත් නංගිල දෙන්නයි මායි අපි පොඩි එවුන් ඒ පරිසරයට බොහොම ඉක්මනටම හුරුවුනා.
මට මතකයි අපෙ අත්තම්මයි අපේ ගෙදරම හිටපු අම්මගෙ විවාහ නොවුනු වැඩිමහළු සහෝදරයෙක් වන මාම කෙනෙකුයි එක්ක අපි තුන්දෙනා අර දාස් දෙන අව්වෙ අනුරාධපුරේ නුවර වැවේ වැව් බැම්ම දිගේ කිලෝ මීටර් දෙකක් විතර ඇවිදගෙන ගියා අනුරාධපුරේ ගිය අලුතම වගෙ. ඒ 1976 ජනවාරි වෙන්න ඕන. නුවර වැවෙ තැනින් තැන පොඩි මඩ කඩිති වගෙ වතුර ජුංඩක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ.ඒ ඇර මුළු වැවම වහගෙන තිබ්බෙ මහ විසාල ගස් සහිත ඝණ කැළෑවකින්.
අවුරුදු හත අටක්ම අනුරාධපුර ප්‍රදේශයට බලපෑ දැඩි නියඟය හින්ද වෙච්චි නස්පැත්තිය තමයි ඒ. එදා ඉතින් අපි ජීවිතේට වැවකින් නාල නැති හින්ද අර මඩ වතුරෙ බැහැගෙන ආසාවට හිස් පේන්ට් ටින් වලින් නෑව බොහොම සතුටින් හිනාවෙමින්. ඒ එක්කම ටිකක් එහායින් වැව මැදට වෙන්ට අලි පැටව් වගෙ තඩි මීහරක් පට්ටියක් මඩේ පෙරළිල හිටිය බොහොම නිසොල්මනේ හරියට වැවේ අයිතිකාරයො වගේ.
ඒත් ඒ අවුරුද්දෙම අගෝස්තු නිවාඩුව වෙනකොට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ අවුරුද්දෙ ඒ කියන්නෙ 1976 අවුරුද්දෙ ජනවාරි 8 වෙනිද තමයි පොල්ගොල්ල වේල්ලෙ ජල දොරටු වහල මහවැළි වතුර රජරටට හැරෙව්වෙ. ජනවාරි 8 කියන්නෙ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඒ කිව්වෙ සිරිමා මැතිණිගෙ පුරුසය එහෙමත් නැත්නම අනුර සහ චන්ද්‍රිකාගෙ තාත්තගෙ උපන් දිනේ.
ඉතිං ජනවාරි අට වෙනිද පොල්ගොල්ලෙන් උතුරට හැරවුනු මහවැලි ජලය බෝවතැන්න උමඟ හරහා මඟ තොට හම්බවෙන වැව් අමුණු පුරවගෙන අගෝස්තු වෙනකොට නුවර වැවට ළඟාවෙලා. අපි නුවරවැව තනායමේ මායිම් වැට එක්කම තිබ්බ ගල ගැලවුනු තාර පාර දිගේ ගිහිල්ල වැව් බැම්මට ගොඩ වෙනකොට මෙන්න බොලේ නුවර වැව ආය නෑ නිල්වන් සළුපිළියෙන් සැරසුනු සිටු කුමාරියක්වගෙ සැරසිල බලාගෙන ඉන්නව. පේනතෙක් මානෙ මුළු වැවම වතුරෙන් පිරිල.
හුළඟට උපදින දියරැලි ගොඩබිමට ගහගෙන ඇවිදින් වැව් බැම්මත් එක්කම පල්ලෙහායින් වැවිල තියෙන යෝධ ගස්වල මුල් අතර හැප්පිල බිඳිල යනව. මට මතක විදිහට බොහොමයක් තිබ්බෙ ලුණුවරණ වගෙ ගස්. ඈත වැව මැද්දෙ තිබ්බ පොඩි පොඩි මට්ටමේ ගස් දැනටම මැරෙන්ඩ පටන් අරගෙන. කොහොම හරි තව අවුරුදු හත අටක් යනතුරුත් මැරිච්ච යෝධ ගස්වල කළු පැහැ ගැනිච්ච කඳන් නුවර වැව මැද්දෑවෙ හරියට මුර සෙබළු සේනාංකයක් හිටි පියවර හිටගෙන ඉන්නව වගෙ විරාජමානව හිටිය මට මතකයි.
කලින් පාර එද්දි ඝණ කැලේ හින්ද වැහිල තිබ්බ මිහින්තලේ චෛත්‍යය ඈත වැව් බැම්මට උඩින් පේනව ඉර අව්වට දිළිසෙනව. අත්තම්ම තුන්පාරක්ම "සාදු සාදු සාදු" කියල දොහොත් මුදුන් තියල මිහින්තලේ චෛත්‍යයට වැන්ද.
වැවේ සෑහෙන වතුරක් පිරිල හින්ද අත්තම්ම මුලින්ම අපිට නාන්ට වතුරට බහින්ට දෙන්ට කැමති වුනේම නෑ. අනික මගෙ ඔලුවෙ පිටිපස්සෙ අර කොහාටද කැරකිච්ච සුළියක් තියනවලු. ඔය ඔලුව පිටිපස්සෙ ඔය වගෙ සුළි තියන අයට වතුරෙන් අපලයි කියල තමයි කියන්නෙ. දැන් නම් එහෙම සුළියක් හොයාගන්ටවත් නෑ. සුළි පෙනෙන්ට කොණ්ඩෙ තියෙන්ට එපාය නැද්ද එහෙනං?
කොහොම හරි අන්තිමේ අපේ වද කෙරිල්ලට අත්තම්ම ඉඩ දුන්න වැව් බැම්ම අයිනෙම ඉඳල අර කලින් පාර වගේම හිස් පේන්ට් ටින් වලින් නාගන්ට. අත්තම්මයි මාමයි අපිට එහායින් තන මත්තක් වතුරෙ බැහැගෙන නෑව අපේ ආරක්ෂාවට. මට ඉතිං හොඳටම හිත තව ටිකක් වැව මැදට යන්ටමයි. එහෙම දෙතුන් පාරක්ම යන්ට තනනකොට අත්තම්ම අන්තිමට තරවටු කලා.
"සුට්ටි පුතා මම ආයෙ කියන්නෙ එහෙම නැහැ ඔන්න හොඳද? අනික් දවසෙ ඉණේ තෙල්ගාර ළණු පොටක් බැඳලයි මම වැවට නාන්ට බහින්ට දෙන්නෙ..ඔන්න නොකිව්වයි කියන්ට එහෙම එපා.."
අර චාන්දනී සෙනෙවිරත්න ලණුව අල්ලගෙන ඉද්දි රොෂාන් රවීන්ද්‍රයි නෙතලි නානායක්කාරයි වැවේ බැහැල නාන දර්ශනය දැකපු ගමන් මට මතක් උනේ අපේ අත්තම්මගෙ ඔය තරවටුව...
සටහන - අපෙ අත්තම්ම තෙල්ගාර ලණු කියල හැඳින්නුවෙ Twine කියල කියන්නෙ අර...තුන් හතර පොටක් වෙළු කවල ශක්තිමත්ව අඹරපු සුදු පාට ලණු..එන්න එව්ව..ඒ කාලෙ නයිලෝන් තිබ්බෙ නැති හින්ද ළිඳේ කඹේට, එළුවො හරක් බල්ලො ගැටගහන්ට, කොසයක් තැඹිලි වල්ලක් වගෙ බාගන්ට යනාදී මෙකී නොකී කුදු මහත් කටයුතු සියල්ලටම ප්‍රයෝජනවත් වුනේ සහ යොදාගත්තෙ ඔය තෙල්ගාර ලණු...
නැත්නම අනුර සහ චන්ද්‍රිකාගෙ තාත්තගෙ උපන් දිනේ. ඈ සුනේත්‍රා?
ReplyDeleteකුමාර,
Deleteහරි හරි බං සුනේත්‍රාත් ඉන්නව තමයි...මම ඉතිං වඩා ප්‍රසිද්ධ අර දෙන්න හින්ද ඒ දෙන්න ගැන විතරක් කිව්ව...:)
ඔව් මැල්ක දැන් කෑගලු උසාවියෙ ලෝයර් කෙනෙක්.
ReplyDeleteදැන් පදිංචිය මීපිටියෙ නෙවෙයි. උසාවි පාරෙ කන්ද උඩ.
- කෑගලු ඇනෝ
//අතිජාත මිත්‍රය//ත්?
Deleteඔය කියන අතිජාත මිත්‍රය මම හිතන්නෙ දැන් ඉන්නෙ ඔසීවල.
Deleteනම මතක නෑ.
- කෑගලු ඇනෝ
කෑගලු ඇනෝ,
Delete/දැන් පදිංචිය මීපිටියෙ නෙවෙයි./
අන්න හරි.මම මේ ලිව්වෙ අන්න ඒ මීපිටියෙ ඉන්න කාලෙ ගැන තමයි.
/උසාවි පාරෙ කන්ද උඩ./
මම දන්න කාලෙ කෑගල්ලෙ උසාවිය තිබ්බෙ පරණ ඉස්පිරිතාල ගොඩනැගිල්ලෙ.මම හිතන්නෙ දැන් නම් අලුත් තැනක ඇත්තෙ. තටාකය පාරෙ පැත්තෙ අලුත් උසාවි සංකීර්ණයක් හදනවයි කියල මට ආරංචි වුනා අවුරුදු විස්සකට විතර ඉස්සර..ඒ වැඩේ කෙරුනාදැයි නොදනිමි.
Pra,
Delete///අතිජාත මිත්‍රය//ත්?/
ප්‍රා අහන්නෙ මගෙ මිත්‍රයත් ඒ කාලෙ හිටියෙ මීපිටියෙද කියල නම් උත්තරේ ඔව්..මම එහෙ නැවතිල හිටිය අවුරුද්දක්...
කෑගලු ඇනෝ,
Delete/ඔය කියන අතිජාත මිත්‍රය මම හිතන්නෙ දැන් ඉන්නෙ ඔසීවල./
අපොයි නෑ..මිත්‍රය තවම ලංකාවෙ..තවම ලංකාවෙ...:)
Harima Lassanayi!
ReplyDeleteThanks Sarath...:)
DeleteOiled twine
ReplyDeletehttp://obcnw.com/1-plysisaltreatedcopper-1-1-1-1-1-1.aspx
ප්‍රා,
Delete/Oiled twine/
අප්පට උඩු...එතකොට අපෙ අත්තම්ම එව්වට තෙල්ගාර ලණු කියල කිව්වෙ ඒකයි එහෙනං ඈ...හෙහ්..හෙහ්..
මම මේ කතාව කලින් දවසකත් කිව්ව මතකයි. ඒත් ආයම කියන්නං..
අපෙ අත්තම්ම පොළොස් මැල්ලුං හදනකොට ඉස්සෙල්ලම පොළොස හොඳට කැපෙන පිහියකිං පොතු රහිනව. ඊට පස්සෙ පොළසෙ එහාට, මෙහාට, දිගට, හරහට, තලේ තුනී තියුණු පිහියකින් හෙමීට කොටාගෙන කොටාගෙන යනව. පස්සෙ කෙලින් අතට හරවල වට්ටියක් උඩ තියල තුනියට තීරුවක් වටේටම කැපුවම හීනිවට ලියවුනු පොළොස් කෑලි වට්ටියට වැටෙනව.
මැද නහට්ටට යනකල් ඔහොම කරල ඊට පස්සෙ පොලොස් මැල්ලුම තෙල් දාල ගන්නව.ඉතිං මේකෙ වැදගත් කාරණේ ඇවිල්ල අපෙ අත්තම්ම ඔහොම පොළොස් කපනවට කියන්නෙ පොළොස් "හැත් ගහනව" කියල.මට පස්සෙයි තේරුණේ මේ වචනෙ ඇවිල්ල තියෙන්නෙ Hacking කියන වචනෙන් බව.
මමත් බොහොම ආසාවෙන් බලනවා 'වීරයා'. කොයිතරම් කැමතිද කියනවා නම්, සාමාන්‍යයෙන් අන්තිම තත්පරේ නැගිටලා ලෑස්ති වෙලා වැඩට යන මම සඳුදාට විනාඩි විස්සක් කලින් නැගිටලා ඉරිදා එපිසෝඩ් එක බලනවා! :D
ReplyDeleteඒකෙ වෙන්න පුළුවන් මොකක්ද කියලා ප්‍රේක්ෂකයන්ට අනුමාන කරන්න බැරි කමට මම කැමතියි. ඊට අමතරව රඟපෑම් මරු! පොඩි චරිතෙකට ඉන්න අර පොඩි කොල්ලා උනත්!
මලී,
Delete/ඒකෙ වෙන්න පුළුවන් මොකක්ද කියලා ප්‍රේක්ෂකයන්ට අනුමාන කරන්න බැරි කමට මම කැමතියි/
මොකද අනේ එහෙම හිතන්න බැරි? මට නම් සක්සුදක් සේ පැහැදිළියි නාමල් ගොයිය මොකාටද එන්න හදන්නෙ කියල. හුහ්..එයා කොහෙද අපිව තම්බන්නෙ? How can he boil us?
ඔක්කොම ඉස්සරහට වෙන ඒව සහසුද්දෙන් කියල දාන එක හරි නැති හින්ද මම පොඩි ඉඟි කීපයක් දෙන්නම්..
Military intelligence unit..secret mission…acting as blind…By way of deception,
වීරයා ගෙදර ඇවිත් මරු බං. අර දෙන්නව ලණු දෙකකින් ගැට ගහල චාන්දනී අල්ලගෙන ඉන්න සීන් එකට නං මට හිනා ගියා. අපරාදෙ උඹ අර යාළුවට සපෝට් එකක් දුන්න නං චාන්දනී ගෙ ඉරණම වෙනස් වෙන්නත් තිබුණ නැද්ද හා. මොකද කිව්වොත් චාන්දනී තාම තනියෙන්.
ReplyDeleteහැලපෙ,
Delete/ අර දෙන්නව ලණු දෙකකින් ගැට ගහල චාන්දනී අල්ලගෙන ඉන්න සීන් එකට නං මට හිනා ගියා./
ඔව් බං එක පාරටම හිනා යනවත් වගෙ තමයි. ඒත් මම ඔහොම සීන් එකක් කලින් දැකල තියන හින්ද අවුලක් උනේ නෑ.
මොකක් හරි හින්දි ෆිල්ම් එකක ඔහොම වයසක අන්ධ සීයගෙ ඉණවටේ ලණුවක් බැඳල ගඟකට බස්සල සීයා නානකල් ලණුව අල්ලගෙන ගොඩට වෙලා ඉඳගෙන සිංදුවක් කියන මිණිබිරියෙක්ගෙ සීන් එකක් ඒක. මට මතක විදිහට රිත්වික් ඝටක්ගෙ හෝ ම්රිනාල් සෙන් ගෙ වෙන්න ඕන ෆිල්ම් එක.
/අපරාදෙ උඹ අර යාළුවට සපෝට් එකක් දුන්න නං චාන්දනී ගෙ ඉරණම වෙනස් වෙන්නත් තිබුණ නැද්ද හා. මොකද කිව්වොත් චාන්දනී තාම තනියෙන්./
හෙහ්..හෙහ්..එව්ව කියන්න බෑ..එහෙම වෙයිද නැත්තං අර යකාගෙ ඔලුව පලල මරල චාන්දනී තාම වැලිකඩ වෙන්නත් පුලුවන්..අඩේ එහෙම වෙන්න නම් බෑනෙ නේද? මිනී මැරුමකට උපරිම ඇතුලෙ ඉන්නෙ සාමාන්‍යයෙන් අවුරුදු 12-15 වගේ නේද? මම ඔය කියන්නෙ අවුරුදු තිස් අටකට හතලිහකට වගෙ එහා අතීතයක් ගැන. එහෙම බැලුවම චාන්දනීට කිතුලම්පිටියෙ හාදයයි මාවයි දෙන්නම මරල දෙපාරක් හිරේ ගිහිල්ල එන්නත් කල්...
ඔය නුවර වැව දැන්නම් ලේසියකට හිදෙන වැවක් නෙමේ.මේ මෑතකදීත් අනුරාධපුරයේ ගිය වෙලාවක බලන්න ගියා.නුවර වැවේ නානවාට වඩා නාන්න ආරක්‍ෂිත වැව් අනුරාධපුර නගරය අවට ඕනේ තරම් තිබ්බත් නියං කාලේට එව්වායේ වතුර නැති එක ප්‍රශ්නයක්.
ReplyDeleteමනෝජ්,
Deleteඔව් බං නුවර වැව දැන් නාන අයට අනතුරු දායකයි ලු නේද?
ඒත් මම ඔය කියන කාලෙ එහෙම කිසිම දෙයක් තිබ්බෙ නෑ. මිනිස්සු සති අන්තෙට එහෙම තුන් හාරසීයක් එක පාර නානව වැව දිගටම.
කොහොම හරි අවුරුදු විස්සකට වගෙ ඉස්සර රොන් මඩ අයින් කරන්ට කියල වැව් බැම්ම අයිනෙන් කෙලින්ම පහතට කපල පස් අයින් කරපු හින්ද දැන් නාන්ට වැවට බහින එක අනතුරු දායකයි කියලලු කියන්නෙ නේද? ඔන්න ඔහොම සීන් කෝන් එකක් මට මතකයි. සත්‍යාසත්‍යතාවය පිළිබඳව නොදනිමි.
නට්ටව වෙලා තිබ්බ වැව වතුරෙන් පිරිල තියෙනව දකිනකොට අමුතු මෙව්ව එකක් එන්න ඇති.
ReplyDeleteනෙදකිං බොලාට තිබුණෙ චාන්දනී පස්සෙන් ගිහිල්ල මහ පාර මැද දෙන්නත් එක්කම හොකී බැට් එකෙන් කන්නනෙ.
Prasanna,
Delete/නට්ටව වෙලා තිබ්බ වැව වතුරෙන් පිරිල තියෙනව දකිනකොට අමුතු මෙව්ව එකක් එන්න ඇති./
ආය මොනවද බං..නංගිල දෙන්නයි මමයි අපි තුන්දෙනා වතුර කැටිය දිලිහෙනව දැක්ක ගමං කෑගහගෙන දිව්වෙ ඒ දිහාට...අත්තම්ම ඊට වඩා හයියෙං කෑගහගෙන අපි පාරෙ එලෙව්ව ඔහොම ඉඳහල්ල එක අපරට වතුරට බහින්ට එහෙම එපා කියල්...හෙහ්..හෙහ්...
/නෙදකිං බොලාට තිබුණෙ චාන්දනී පස්සෙන් ගිහිල්ල මහ පාර මැද දෙන්නත් එක්කම හොකී බැට් එකෙන් කන්නනෙ./
ආය පිස්සුවක් ඇතෑ හොකී ස්ටික් වලින් කන්ට..:)
හොකී ගහපු නිසා තමයි එහෙනම් චාන්දනී සෙනෙවිරත්න තාමත් "ඉඟ සුඟ ගත හැක මිටින" විදියට බොහොම හැඩට, පියකරුව, ඉන්නෙ. :)
Deleteතවුසෙගෙ මේ සීතාම්බර කොමෙන්ට් දැමිල්ල මම කීප පොලකම දැක්ක හිටං.
ReplyDeleteතව දුරටත් මේ දේ උනොත් අපිට සිද්දවෙනව බොලාගෙ සාමාජිකත්වය අත් හිටුවන්න.
කො.ක.ස.
මේ දවස් වල HBO එකේ යනවා Chernobyl කියලා ටීවී සීරිස් එකක්. දැනට කොටස් තුනක් ගියා. තව කොටස් දෙකයි යන්න තියෙන්නේ. මිනිසීරිස් එකක්. එතෙක් මෙතෙක් මම බලපු හොදම කතාව. පුළුවන් නං බලන්න.
ReplyDeleteමෙතනින් බලන්න කතාව
බයිස්කෝප් එකේ සිංහල සබ් එක්කම දීල තියනව
Deleteබොහොමත්ම ස්තූතියි ඇනෝ...
Deleteචර්නෝබයිල් ඛේදවාචකය...පත්තර වලින් එහෙම ඒ දවස්වල හරිම් උනන්දුවෙන් කියෙව්ව ඒ ගැන මට මතකයි..
මේ මිනිසුන් රහිත චෙර්නෝබයිල් ආරක්ෂිත කලාපයෙ වනසතුන් ගහණය වර්ධනට වෙන අයුරු ගැන රූ ගත කල වීඩියෝවක්..
Discovery Channel Chernobyl Life In The Dead Zone
අද ගියා අන්තිම කොටස.
Deleteවීරයා ගෙදර ඇවිත් ටෙලියේ මෙතෙක් හොඳම සීන් එක තමයි අන්ධයින් දෙන්නා කඹයෙන් ගැට ගසාගෙන වැවේ නෑම. කවුද එතනින් ගිය කෙනෙක් 'ඔය නානවද?' කියා ඇහුවාම 'නෑ මේ වී කොටනවා' කිව්වා නේද? මේ සමහර දෙබස් එවලේ කටට ආ ඒවා වගෙයි පෙනෙන්නේ.
ReplyDeleteදයා මහත්මයා,
Delete/මේ සමහර දෙබස් එවලේ කටට ආ ඒවා වගෙයි පෙනෙන්නේ./
ඔව් ඔබ නිවැරදි වෙන්න පුලුවන්. නෙතලි නානායක්කාර කියන්නෙ බොහොම පළපුරුදු දක්ෂ නිළියක්. ඇයට එහෙම දෙයක් අපහසුවක් වන්නේ නැහැ නිසැකවම.
+++++++
ReplyDeleteThanks Ian...:)
Deleteප්‍රසන්න,
ReplyDelete/තව දුරටත් මේ දේ උනොත් අපිට සිද්දවෙනව බොලාගෙ සාමාජිකත්වය අත් හිටුවන්න/
අන්න හොඳයි බං මේ යස්සය මේක දැන් සෙල්ලමකට අරගෙන..හෙහ්..හෙහ්..යස අපූරු නම..සීතාම්බර කොමෙන්ට්...
ඒක නෙවෙයි බං..සජිත් ගොයියට කියල අපිට බැරිවෙයිද උඹේ නමින් උදාගමක් නම් කරන්න.."සදා වියුණු ලෝක පූජිත කොමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපතිගම" අප්පට උඩු කොහොමද එළද බ්‍රා නේ?
කසුන්,
ReplyDeleteඇහුන නේද මලේ ගරු සබාපතිතුමාගෙ ගෝරනාඩුව? සෙල්ලං වෙන්නෙ හොඳේ?
අපේ ගරු ජනාදිපතිතුමා මඩුවලිගෙ අතට ගත්තට හපං ඕං එතුම උදහස් උනොත් එහෙම..ඔන්න පස්සෙ ඤං පචං එහෙම බෑ හරිය?
Mata maga heruna noweh oya teliya, balanta ona
ReplyDeleteko.ka.sa.
ReplyDeletemama me blog kiyawana PC eke sinhala na. man meka kiyewwa kiyanna seethambara comment danne. eka me wena ahawal siddiyak newei sabahapathi thuma.
ravi aiye.
hari hari ehuna ehuna. man sadde wahala peththakata wennam hariya. nikan illan kanne mokatada neda?
SPM - සෙමෙන් පොඩ්ඩක් මිරිකන්ට
ReplyDeleteසහෝදරයා-බොහීමියානුවා ඇතුළු නාමල් ජයසිංහගෙ අනිත් ඔක්කොම කතා ටික පාහේ අත අරින්නෙ නැතුව බැලුවත් මේක නම් තාම බලන්න බැරි වුණා! මට සෙට් වෙන ජාතියෙ ටෙලිඩ්‍රාමාස් හදන්නෙ ලංකාවෙන්ම දෙන්නයි - නාමල් සහ චාමර පීරිස්, ජනදාස පීරිස් මහත්තයාගෙ පුතා. වෙන එව්වා කොච්චර ට්‍රයි කළත් අල්ලන්නෙම නෑ!
ReplyDeleteරවී ඔය අශෝකාරාමයේ තිබුණේ සිටි කොලේජ් නේද? පාරෙන් අනිත්පැත්තේ අශෝකා ලොජ් තිබුණා මතකයි. එකෙන් කල එහෙම තියෙනවද, ලිපිය හරිම රසවත් ~ ස්තුති.
ReplyDeleteහායි මචන් .. දෘශ්ටිකාව්යක් විදිහට මේක පට්ට වගේ පේන්න පුලුවන්.. කොහොමද කියන්නෙ ..... ටෙක්නිකලි පර්ෆෙක්ට්... ඒත් හරය පට්ට ගොං
ReplyDeleteමම කිව්වෙ මේ නාට්ටිය.... කාව්යමය භාශාව හසුරුවන්න පුලුවන් උනාට යතාර්ථය තේරුං ගන්න බැරි අවුලක් තියේ .....
Deleteඋදාහරනයක් විදිහට හන්ස විලක් බලනකොට නැත්තන් බම්බරු ඇවිත් දෘෂ්ටි කාව්ය වල යටි අරුත බරපතලයි තෙරුං ගන්න ගොඩාක් ඉඩ ඇරල ඒ කියන්නෙ කලාකරුවා සමාජ යතාර්ථය නොදැක්කත් අපිට ඒක දකින්න ඉඩ අරිනව... ඒඅතින් මේක පට්ට ගොං ... අඩුගානෙ දෘශ්ටි කාව්යමය පැත්තෙන්නවත් අපිව ඤානනය කරන්නෙ නෑ ... හුදෙක් ටෙක්නිකලි විතරයි
Deleteසොරින්වෙන්න ඕනෙ දෘශ්ය කාව්යක් කියල දගන්න
Deleteඑල .................තවම වීරයා ගෙදර ආපු එක බැලුවේ නැහැ. මේ දවස් වල හොඳ නාට්‍ය යන නිසා අර අර ඇනෝ කීව වගේ HBO එකේ
ReplyDeleteඅනුරාධපුරේ ගියේ නෑ කාලෙකින්. ආසයි ගෙහුන් දවස් දෙක තුනක් නැවතිලා එන්න.
ReplyDeleteජනවාරි අට කියන්නේ එසේ මෙසේ දවසක් නෙවෙයි.. මින් ඉදිරියටවත් ජනවාරි අට වෙනිදාවලින් පරිස්සම් වෙන්න වෙනෝ..
ReplyDeleteබ්ලොග් අමතක කල්ල ඉන්න කොච්චරවත් බැරි ඉතින් මෙව්වා නිසා.. :))))