ඇන්රිකේ නම් ගායන සිල්පියා සිංදු කියද්දී ඔහුට තනපටයකින් දමාගැසූ යුවතිය සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් මාද්දිය ප්‍රකාසක තුමා අද පැවසුවේය. හිරුනිකා මන්ත්‍රීවරිය තරුණයකු පැහැරගැනීම ගැන පරීක්සන පවැත්වීමට යොදවා තිබූ පොලිස් කන්ඩායම ඉන් ඉවත්කොට මේ සඳහා යොදවා ඇති බවද ඔහු තව දුරටත් කීවේය.
ඇන්රිකේ වෙත දමාගැසූ තනපටය අත්ඩංගුවට ගෙන ඩීඇන්නේ පරීස්සන මඟින් එය දමාගැසූ දේස ද්‍රෝහී තරුනිය සොයාගැනීමට පොලීසිය බලාපොරොත්තුවන බවද මාද්දිය ප්‍රකාසක තුමා පැවසීය. ඒ සඳහා ජහමන සහාය අපේක්සා කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. තනපට රහිතව පාරේ ගමන් කරන තරුනියක් දුටු වහාම පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට අමතා ඒ පිළිබඳව දැනුම් දීම දේසීය සබ්බියත්වය අගයන සියලු දෙනාගේම යුතුකම බවද එතුමා පැවසීය.
අදාල තනපටය මාද්දියවේදින්හට නැරඹීමට අවස්තාව ලබාදෙන ලෙස කල ඉල්ලීමට ප්‍රතිචාර වසයෙන් එතුමා පැවසුවේ එම තන පටය ඇන්රිකේ විසින් ඉස්පාඤ්ඤයට ආපසු යනවිට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසා එය නැවත ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටින බවයි.
ටං.....ටිං....ටුං...............
තරුනයකු පැහැර ගැනීම සම්බන්දව හිරුනිකා මන්ත්‍රී තුමිය අත් අඩංගුවට නොගන්නේ මන්දැයි මාද්දියවේදියකු ඇසූ ප්‍රස්නයකට පිලිතුරු දුන් මාද්දිය ප්‍රකාසක තුමා පැවසූයේ සීසීටීවී දර්සනවල එතුමිය නොමැති බවයි. සුදුම සුදු ඉටි කිරිස් කස්ටිය සීසීටීවී කැමරාවල සටහන් නොවන බව විසේසඥයින් පවසන බවද එතුමා පැහැදිලි කලේය.
ඒ පිලිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා උසස් පොලොස් නිලදාරීන් දහ අට දෙනෙක් තම අඹු දරුවන්ද කැටුව සති දෙකක යුරෝපා සංචාරයකට යෑමට සූදානමින් සිටින බවද මෙහිදී ප්‍රකාස විය.
" හිරුනිකා මන්ත්‍රීතුමිය කරපු වැඩේ අපි අපක්සපාතව සලකල බැලුවොත් ඒ හැටිම වැරැද්දක් නෑ. මොකද සිංහල ජාතිය ආරම්බ වෙලා තියෙන්නෙම ඔය වගෙ... ඇත්තම කිව්වොත් එක තරුණයෙක් නෙවෙයි තරුණයො හත්සීයක් පැහැරගැනීමෙන්. එහෙම දෙයක් වුනේ නැත්නම් අද සිංහල කියල ජාතියක් නැතිවෙන්නත් තිබුනා." පොලිස් ප්‍රකාසක තුමා ඉතාම හැඟුං බරව පැවසුවේය.
ටං.....ටිං....ටුං...............
සී ලන්කා ජනාදිපතිතුමාගෙන් මඩු වල්ග වෙලඳාමට ලද දහිරිය ඉතා අගය කරන බව මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික මඩු වලිග අපනයනය කරන්නන්ගේ සංගමයේ ගරු සබාපති මාධූ වාලධී මහතා කියා සිටී. අන්දමන්ද දූපතේ පිහිටි එම සංගමයේ මූලස්තානයේ සිට එතුමා වැඩිදුරටත් කියා සිටියේ එම සංගමයේ ඉහලම ගහුරව නාමය වන මෑඩ් යූ. වල්ඝා (MAD U WALGHA ) නාමය සී ලංකා ජනාදිපති තුමාට ප්‍රදානය කිරීමට තමා ඒකමතිකව තීරනය කල බවයි.
මේ සතුටුදායක පුවත අසා ප්‍රීතියෙන් පිනා ගිය ජනාදිපතිතුමා තමන්ගේම පස්චාත් බාගයට රන්කම්කල මඩු වලිගයකින් ගසාගත් බව සැළවේ. එසේම මෙම ජනවාරි අටවන දින එලබෙන යහපාලන උදාවේ පලමු සංවත්සරයේදී පසුගිය ජනාදිපතිවරනයේදී තමන්ට චන්දය දුන් සියලු චන්දදායකයින්ට තමන්ටම පහරදීගැනීම පිනිස මඩු වල්ගය බැගින් තෑගි කිරීමටද එතුමා තීරනය කොට ඇත. මේ සඳහා බරපැන එතුමාගේ සහෝදරයා සබාපති පදවිය දරන ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙනි.
තම සහෝදරයාට රුපියල් කෝටියක් වැටුප් ගෙව්වාට රජයට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් ඔහු එපමන දක්සයෙක් බවත් ලන්කාවේ ජනාදිපති යනුවෙන් තමා හඳුන්වනවාට වඩා ටෙලිකොම් සබාපතිගේ අයියා යනුවෙන් තමා හඳුන්වනවාට තමා වඩාත් කැමති බවත් එතුමා ඉතා සංවේදීව පැවසූ බවද වාර්තා වේ.
ටං.....ටිං....ටුං...............
පත්තර කලාවේදීන්ට ඉතා සතුටු දායක ආරංචියක් මේ අතර පසුගියදා වාර්තා විය. හොඳ ප්‍රවෘත්ති නැතුව ඇටි කෙහෙල් කාපු උගුඩුවන්සේ හිඳිනා පත්තර කලාවේදීන් මින්පසු කල යුත්තේ ගොම්මංපිල මංත්‍රීතුමාට දුරකතන පනිවිඩයක් දීම පමනකි. එතුමා හැරෙන තැපෑලෙං පුවත්පත් සාකච්චාවක් සංවිදානය කොට පුවත් මවා දීමට කටයුතු කරනු ඇත.
ගරු ගොම්මංපිල මහතා පුවක් මැවීමේ විකාරදයෙක් බව මීට පෙරද ඔප්පුකොට ඇත. බස්නාහිර පලාත් සබා චන්ද වියාපාරය සඳහා රුපියල් සීය බැගින් එකතු කිරීමේ ගොන් පාට් එක සහ පාර්ලිමේන්තුව අබියස සිංහයා ඔලුවෙන් හිටවූ කොඩි වැනීම මීට පර ඔහු මැවූ පුවක් දෙකකි.
ටං.....ටිං....ටුං...............
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීයයි චෝදනා ලබා අත් අඩංගුවේ පසුවන රන විරුවන් වහාම නිදහස් කිරීමට පාලකයින්ට ඥානය පහල වේවා යයි පාර්තනා කරමින් මහා සන්ග රත්නේ සන්විදානය කල සත්තියගිරහයක් ඊයේ පැවැත්වුනේය. මෙහිදී අදහස් දැක්වූ ලා නක හිමියෝ රටේ නීතිය කුමක් වුවත් රන විරුවන්ට අතතැබීමට ඉඩ දිය නොහැකි බව එකහෙලාම පැවසූහ.
භික්ෂූන් තමන් ජීවත්වන රටේ නීතියට අනුගත වියයුතු බව බුදු හාමුදුරුවන් පවා උපදෙස් දී ඇති බව මතක් කල මාද්දිය වේදියකුට එතුමා පැවසූයේ බුද්ද දර්මයේ එවන් වර්තමාන සමාජයට නොගැලපෙන තැන් තවත් ඇති බවත් කාල්ටන් බන්ගලාවේ හෝ අබයාරාමයේ ලඟදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙගා දර්ම සන්ගායනාවක් මඟින් ඒ අඩුපාඩු සකස්කොට කාලානුරූපව සන්සෝදිත බුද්ද දර්මය සිරිලක පිහිටුවීමට තමන් කටයුතු කරන බවත්ය.
ටං.....ටිං....ටුං...............
**************************
ඔබ සැමට සුබ නව වසරක්!!!
**************************
ඔබ සැමට සුබ නව වසරක්!!!