වර්තමාන අටිඝරු ජනාපෙතිතුමා නිතර දෙවේලේ පාර්ලිමේන්තුවට පැමිණ රැස්වීම්වලට සහබාගී වන්නේ පහත සඳහන් කුමන හේතුව කරන කොටගෙනදැයි ඔබ සිතන්නේද?
2. කාලයක් තිස්සේ තමන්ට "මහ බැංකු හොරා..." යයි අපහාස උපහාස කල දිනෙස් ලොක්කා, ගොන්දුල, රත්තරං, මෛන්ඩානන්ඩ වැනි අපතයින් තමා පාර්ලිමේතු සබා ගැබට ප්‍රවිස්ට වන විට හුනස්නෙන් නැඟිට හිස නමා ආචාර කරනු දැකීමෙන් අත් විඳිය හැකි නෙක්ස්ට් ලෙවල් නිරාමිස සුවයට මහත්සේ ඇලුම් කරන නිසා...
3. ජනාපෙති කාර්යාලයට ගියහොත් කලිසම නිතර උස්සමින් ටයි එක හදමින් දෙපැත්තට හැරෙමින් අංගුලිමාල සහ හිට්ලර් ගැන කතා කරන විට ඒවා අසා අප්පුඩි ගැසීමට එහි කිසිවකුත් නොමැති නිසා...
4. පොලී මුදලාලි, රැන්සම් පෙසන්න, අයි ලිව් ගෝටා නෝ ඇරෙස්ට් විජේඩාස, ග්‍රෙවල්හීප් ලයන් දනිස් ගුණේ ඇතුලු හොර නඩය හා හවුල් වී විපස්සේට විරුද්දව යටිං ගේම් ගසා සබා ගර්බය ඇතුලේදී මහා පෙජාතන්තවාදියාගෙ රෝල් එක ඇට් කරමින් "අපි රට වෙනුවෙං සායෝගයෙන් වැඩ කොම්මු.." යයි විපස්සයට ආරාදනා කිරීම සඳහා...
( සැයු - ඉහත ඡායාරූපයේ ඔද තෙදවත් ලෙස සාරගර්භ ලෙස කරුණු දක්වමින් පාර්ලිමේන්තුව අමතනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්ධර මහා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තාන්ත්‍රික අතිගරු රනිල් වික්‍රමසිංහයාණන් වන අතර මෙම පෝස්ටුව සහ මෙම ඡායාරූපය අතර අවම වශයෙන් දේවදත්ත, අංගුලිමාල සහ මානවම්ම අතර ඇති සම්බන්ධතාවය පමණ හෝ සම්බන්ධතාවයක් නොමැතිබව සැළකිය යුතුය...)