Saturday, July 10, 2010

61. මාලය, ආලය හා කාලය

මාලය නුඹ.........

මා ලය මත රැඳී
සිටියා බෝකල්
විසිතුරුව මා හැඩ කරමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
සැඟව ගිය නුඹ
සොයාගත නුහුනුව
ලතැවෙන ගැහැණිය
මම


ආලය නුඹ.........

මා ලය තුල පිරී
සිටියා බෝ කල්
දයාබරව මා සනසමින්.........
නුඹ ගැන නොතැකූ
මා වරදින්
හැර ගිය සඳ
පාළුව දරගත නුහුනුව
මියැදෙන ආත්මය
මම


කාලය නුඹ.........

මා පසුකර
පියමං කරනු විගසින්

සැඟව ගිය මාලය සොයා.........
හැර ගිය ආලය සොයා.........
වෙහෙස වී මියැදෙන
මා ලය සුවපත් කරමින්.........
නුඹේ දයාව පතනා
අසරණ ජීවියා
මම



18 comments:

  1. ලස්සනම ලස්සන අසිතුවිල්ලක් පද බවට හරවලා....

    කාලය ගියොත් ගියාමය

    ReplyDelete
  2. මේක නම් සුපිරි..!!

    ReplyDelete
  3. ස්තුතියි ඉලංදාරියා, අන්ශ් සහ හේමාල් මේ පැත්තේ ඇවිත් ඔබේ අදහස් සටහන් කර තැබුවාට

    ReplyDelete
  4. ලස්සන වැ‍ඩක්!
    තව ලියන්න අපි කියවන්නං

    හැබැයි ටිකක් කියවන්න අමාරුයි වගේ. අකුරුයි පසුබිමයි දෙකම dark නෙ.

    ReplyDelete
  5. ස්තුතියි Turcy මම ඒ ගැන බලන්නම්

    ReplyDelete
  6. අනේ අපේ අම්මත් ඔය ගල් අල්ලපු පෙන්ඩන්ට් කීයක් නම් නැතිකරගත්තද නොසැලකිල්ලෙන්...!!!

    ReplyDelete
  7. @ පැංග්ස්,

    අප්පෝ ඇති යාන්තම් මෙන්න ඇවිල්ලා

    ReplyDelete
  8. මේකට දාන කොමෙන්ට් එකක් මට හිතගන්න බැරියො...........

    ReplyDelete
  9. ලස්සනට ලියලා තියනවා

    ReplyDelete
  10. අපූරු පද ගැලපුමක්

    ReplyDelete
  11. @ සෝරෝ,

    මේ මං කිව්වේ අර කාලය කියන ඔසුව ගැන. :)

    @ හෙළයා,

    ස්තුතියි අදහස් දැක්වීම ගැන

    @ වැප්,

    අපූරු මිනිස්සු කරන්නේ අපූරු වැඩනේ මලේ. :)
    ස්තුතියි ස්තුතියි ඔබටත්

    ReplyDelete
  12. රන්දිල් නගේ, මාලය හම්බ උනේ නැතත්, ආලය ආපහු හම්බවෙයි අනිවාර්යයෙන්ම . . . හැමෝගේම ජීවිත ඔහොමයි නගේ . . . මාලෙත් හම්බවෙන්න කියලා ප්‍රර්තනා කරන්නම්. . . !

    ReplyDelete
  13. හපුයියා මං ඉවරයි. නැහැ බං දුමි අයියේ මේ නම් මගේ ජීවිතේ ගැන කියැවෙන එකක් නොවෙයි. මගේ මාලෙත් මං ලඟ මගේ ආලෙත් මං ලඟ. :D

    මට නිකං හිතිච්ච එකක්. ඒ රයිමින් වර්ඩ්ස් ටික දාලා මොකක් හරි ලියන්න හිතුනා. මෙහෙම දේවල් ලෝකේ වෙනවානේ.

    ස්තුතියි කොමෙන්ටුවට

    ReplyDelete
  14. අප්පුච්චියේ මම හිතුවෙ ඇත්තටම මාලේ නැතිවෙලා ඒ හින්දම ටික දවසකට ආලෙත් නැතිවෙලා කියලා :)

    අනේ සමාවෙයන් බං නංගියේ . . . !

    ReplyDelete
  15. :D ඔහොම එව්වා මටත් වෙනවා

    ට්ස් ඕ... කේ....

    ReplyDelete
  16. ආව ගියාට අදයි නැවතිලා බැළුවේ. රහයි පද පෙළ.

    මාලේ නොවටීද ලය මත නැතුවාට..?
    ආලේ නොවටීද අත ලඟ නැතුවාට..?
    කාලේ නොවටීද ඉතිරිව නැතුවාට..?
    ටැංකියු මෙතුන ගැන රහටම ලිව්වාට...?

    ReplyDelete
  17. වටිනවා වටිනවා

    ස්තුතියි කුෂාන් ඔබේ අදහසත් මට වටිනවා

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...