Friday, December 16, 2011

95. සුභ පැතුම් මගේ මිතුර...............

නොපාමින් කවිකම්
මා සිත ම රසවත්
කළ අයුරු මනරම්...
මහද රජයන
සොඳුරු කිවිඳුන් නුඹ....

පතක් ගෙන
පන්හිඳක් ගෙන
පබඳින්න කවියක්
සොයන්නෙමි මම.....
වදන් නුඹ වෙනුවෙන්

කිසිවක් ලියමි
සැනෙකින් ඉවතලමි
වර්ණනාවට වදන් නැති
සොඳුරු මිනිසා නුඹ
ඉපැදුනු මා වෙනුවෙන්

මා සොඳුරු හිමියනි,
ගෙනෙමි මම ඔබ හට උපන්දින ආසිරි.....

ඔබ පතන හැම පැතුමක් ම ඉටු වේවා !!!



14 comments:

  1. අඩේ මාර ලස්සනයි බන්... අපිත් පතන්නම් දෙන්නටම එක මඟ සෙනෙහෙන් ඉතා දිගු කලක් යන්නට ලැබෝවා කියලා...

    ReplyDelete
  2. සිරාම සිරා පැදි පෙල නගේ . . . කොල්ලට සුභ උපන්දිනයකට ආසිරි පැතුව කියහං

    ReplyDelete
  3. සොඳුරු දෙහදක
    පැතුම් ඉටුවන සුවබර අනාවක්
    පතමි ඉත සිතින්..

    සුභ උපන්දිනක්..

    ReplyDelete
  4. ඕන් එහෙනම් අෆිත් වාසනා අයියට සුබම සුබ මෙව්වා දිනයකට සුබ පැතුවා කියලා කියන්ට අක්කේ :D කවි සැට් එකත් මරු ඇහ් :)

    ReplyDelete
  5. හෙහ්, හෙහ්, කලකට ඉහත මවිසින් අකුරුකල කවියක්ම නොවුනු සිතුවිල්ලක් සිහියට නැඟුනි.

    කව් පද අකුරු නොකලද,
    නිබඳ ගී පද නොගැයුවද,
    මහද නින්නාද වන,
    ලබැඳී කවියයි ඔබ මට,
    දෙතොල් අග මිමිණෙන,
    සොඳුරු ගීයයි ඔබ මට,

    ලොක්කට වාසනාවයි කිව්වය කියාපං හරිය රන්....මගේ සුබ පැතුම්!!!!

    ReplyDelete
  6. කවියකින් කියනු බැරී..
    ගීයකින් ලියනු බැරී..
    හසුනකින් එවනු බැරී..
    සෙනෙහසක් සිතක පිරී...

    ඔය කියන්නෙ ප්‍රසන්ට් එකක්ම එවන්න කියල.... ගේල් පෙන් කෙනෙක් ලියපු ව්‍යාංගාර්ථය දක්වන කවියක්...

    ReplyDelete
  7. මේ ලස්සන අදහස ගොඩාක් සිත්ගත්තා නගේ.

    සුබ පැතුම්!

    ReplyDelete
  8. සුභ පැතුම් ඔහුට මෙන්ම ඔබටත්

    ReplyDelete
  9. සුබ පැතුම් දෙන්නාටම....:D

    ReplyDelete
  10. වාසානාට වාසනාවන්ත සුබ උපන්දිනක් පතනවා..

    ReplyDelete
  11. සුබම සුබ උපන්දිනයක් වාසනා අයියාට... :)

    ReplyDelete
  12. සුභ පැතුම් මගෙනුත් :))

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වාසනා අංකල් මාමේ. :D

    ReplyDelete
  14. සුබ පැතුවා අපිත්. මෙයා මෙහෙම හිටියට හෙන නව නිර්මාණ බුවෙක්...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...