නිවාඩුව මාසයයි......දැනටම සතියකුත් ගෙවිල ගිහිල්ල.....මේ සතියෙත් නිවාඩුය කිව්වට එහෙ මෙහෙ දුවපු එකමයි කලේ.අලුතෙන් හදාපු ගෙදරට එන්න තියන පාරෙ පොඩි වැඩ වගයක්......පැත්තකින් බැමි කෑල්ලක්.......එතනින් ගියාම ගේට්ටුවක්.....රටේ නැති එව්ව.....මොනව කරන්ටද?.....බාරියා තොමෝ තනියම මෙච්චර හරියක් කරපු එකේ මම ඉන්න දෙදොහට මෙහෙම වත් කොරන්ට එපාය.....ඔක්කොමත් හරි සිමෙන්ති හොයන එකත් හරි......සිමෙන්ති නැව් දෙකකට අනුමැතිය දෙන්නෙ නැතුව වරායෙ හිරවෙලාද මොකක්ද කෙලියක් නිසා සිමෙන්ති බෑග් 5 ගානෙ තමයි හාඩ්වෙයාර් වලින් දෙන්නෙ.....සිමෙන්ති හොයන්ට ගියාම කාලෙ හරි.......ඊට පස්සෙ වැලි හොයන්ට, කළුගල් හොයන්ට...අනෙ අම්මප, බාරියා තොමෝට වෙනම මැඩල් එකක් දෙන්ට වටිනව අවුරුදු දෙකක් තිස්සෙම මේ මංගල්ලෙ කොරාට....
හරි....බලමු....සිමෙන්ති අදට ඇති.......කළුගලුත් තියෙනව.....වැලිත් ඇති......බාස්ලට තේත් හදල දුන්න.....ඇයි දහයට සහ හතරට උන්ට තේ දෙන්ට එපාය.....බාරියා තොමෝ කොල්ලන්ට තඩිබාන්ට ඉස්කෝලෙ ගෙහුං හින්ද ටී මේකර් වැඩෙත් මයෙ කර පිට......
ඒ අව් අස්සෙ මේ ග්රීස් යක්කුංගෙ වැඩේ නිසා ගෝලයො දෙන්නෙක්ම අද වැඩට ඇවිදිනුත් නෑ.....ඊයෙ රෑ උංගෙ ගමට ඒ ජාතියෙ යකෙක් ආවයි කියල උං රෑ එළිවෙනකල් මුර සංචාරය කරල......උදේ වැඩට ඇවිත් නෑ......
හරි යන්තං දහයාමාර වෙනකොට වැඩ ටික එකලාසයක් කර ගත්ත.....ඒ කරල උඩ තට්ටුවෙ සඳළු තලේ මයෙ ඇඳි පුටුවෙ දිගා උනා.....මෙතන හිටියට අවුලක් නෑ......රේලිං එක උඩිං එබුනම පල්ලෙහා වැඩ කරනව පේනව අපූරුවට.
ඇඳි පුටුවෙ දිගා උනේ නිකම්ම නෙවෙයි, "රන් රෝස " පොතත් අරගෙන....
මේක රුසියන් ලේඛකයෙක් වන කොන්ස්ටන්ටීන් පවුස්තවුස්කි ලියපු නිර්මාණකරනය ගැන අත්පොතක්.....මයෙ ලඟ අවුරුදු බර ගානකට කලින් මේ පොත තිබුන.....දැන් කොහෙද නෑ ඒක හොයාගන්ට,ඊට පස්සෙ තමයි මයෙ සහෝදරී මේක මට එව්වෙ.
යන්තම් පිටු පහක් කියවන්ට උනේ නෑ ඔන්න....දුරකතන රාජයා මරහඬ දෙන්ට තිබා ගත්ත.
කවුද මේ?......ආහ්.....වසන්ත......වසන්ත කියන්නෙ මගෙ අතිජාත පරණම මිත්රයෙක්..........වසන්තගෙ විස්තරේ කිය කිය ඉඳල හරියන්නෙ නැහැනෙව.....කෝල් එකට ආන්සර් කොරන්ට එපාය....හරි ඒක කරල ඉම්මුකො ඉස්සරාලම,
" අඩෝව්.....රවියා.....උඹට නිකම් වත් නරකයි කතාකලාම නේද?"
" අනේ මචං මම මේ ගෙදර වැඩ වගයක් කරනව බං....ඒකයි කතා කරන්න වත් බැරි උනේ......සොරිම සොරි මචං.......ඉතිං කොහොමද උඹලගෙ තොරතුරු?"
" කියන්ඩ තරම් දෙයක් නෑ මචං සුපුරුදු විදිහටම ඉන්නව.....උඹ තව මාසයක් ඉන්නවනෙ.....මම ෆුල් ට්රයි එකක් දෙන්නංකො නුවර පැත්තෙ ඇවිල්ල යන්ට...."
ඔහොම අපෙ යාළුවන්ගෙ විස්තර කතාකලා තව කොහොමත් විනාඩි එක දහයක් පාළහක් විතරම.
ඒ කරල වසන්ත " එහෙනම් මචං මම තියන්නම්" ....කියනකොට මම ඇහුව " වසන්ත මචං ගෙදර කට්ටිය එහෙම කොහොමද?"
" අම්ම අප්පච්චි නම් අවුලක් නෑ මචං....ලොකු නංගිත් ඔහෙ ඉන්නව.... අයිය නම් ගියානෙ කැනඩා....මිනිහ ආයෙ එන එකක් නෑ........ආ.....චුට්ටි නංගිට නම් පොඩි කේස් එකක්...."
" ඒ මොකද බං?" .....මට ඉබේටම ඇහුන.
" චුට්ටි ගෙදර ඇවිල්ල ඉන්නෙ මචං.....අර යකා එක්ක ඉන්න බෑ කියල......"
" උඹලගෙම මස්සිනා නේද?"
" ඔව් බං..මස්සිනා නං තමයි,..ඒ උනාට මම මුල ඉඳම්ම ඕකට කැමති උනේම නෑ...කොහෙද අම්මල එක්ක මොකවත් කරන්නෙ?....ඒත් චුට්ටි කැමති නෑ කිව්ව නම් මම කොහොමවත් ඕක කෙරෙන්න දෙන්නෙ නෑ.....ඒත් චුට්ටිත් වැඩි අකමැත්තක් පෙන්නුවෙ නැති නිසා අන්තිමට මම නිකම් හිටිය."
" චුට්ටිට දරුවො කී දෙනෙක්ද වසන්ත?"
" දෙන්නයි මචං.....දුවයි පුතයි දොලහ, පහලව වගෙ වයසෙ දරුවො දෙන්න.....මම ලබන සතියෙවත් ගෙදර යන්ට ඕන මේකෙ විසඳුමක් කරන්ට.....මෙහෙම බලා ඉන්ට බෑනෙ බං"
" ඒක හරි, වසන්ත" .....මම කිව්වට මගෙ හිත තිබ්බෙ බොහොම දුරක.......
වසන්ත තව මොනවද කියවල තිබ්බ.....ඒ මොකවත් මගෙ හිතට වැටුනෙ නෑ....මගෙ හිත පිරිල තිබ්බෙ නිල් පාට ඇස් දෙකකින්............ආදර නිල් දෑසේ.....ආදර නිල් දෑසේ...මැණික් සඳක් නැගී දිලේ ආදර නිල් දෑසේ....නාරද දිසාසේකරගෙ අමරණීය ගීතය.......මේ කතාව පටන් ගන්නෙත් ඒ ගීතයෙන්,
දශක දෙකහමාරකට විතර ඉස්සර......මම උසස්පෙළ කරල විශ්ව විද්යාලයට ඇතුල් වෙන්න ලකුණු මදි වුන නිසා කාර්මික විද්යාල පාඨමාලාවක් කලා අනුරාධපුරේ,අප්පච්චි අනුරාධපුරේ රස්සාව කල නිසා අපි ඒ දවස් වල පදිංචි වෙලා හිටියෙ එහෙ.
ඔය පාඨමාලාවට හිටිය ලංකාවෙ හතර දිබ්බාගෙන්ම ආපු කොල්ලො කෙල්ලො, ඔය අතර මගෙ හොඳම යාළුවො උනේ වසන්තයි.....ජයනන්දයි,දෙන්නම අනුරාධපුරේට දුර බහැරින් ආපු අය.
පළවෙනි වාරාවසාන දවසෙ අපි කොල්ලො හත් අට දෙනෙක් කතාඋනා බෝතලේකුත් අරගෙන යන්ට තිසාවැවේ වැව් බැම්මට.....ඔය කාලෙ මත්පැන් කියන එව්ව රහබලන්ට පටන් ගත්තු අලුත.....ගල් බෝතලයක් තිබ්බ නම් හප්පා.....හය දෙනෙකුට විතර ඉහටත් උඩින් ඇති.....බෝතලේ ලේබල් එකේ බාගයක් විතර අරක්කු මට්ටම බහිනකොට වෙන්ඩ ඕන එව්ව ඔක්කොම වෙලා ඉවරයි.....සින්දු කියන එව්වො....( මේ මම වාගෙ ).....සිංදු හත අටක් කියල.....ගහන එවුන් ගහල.....එතනින් ගිහාම ගුටි කන එවුන් ගුටි කාල.....කුණුහරුප කියන එවුන් එව්ව කියල...අඬන එවුන් හොටු පෙර පෙර අඬල,කබරයි එක්ක ආශ්රය කරන එවුන් ඒ කටයුතු කරල....අන්තිමට කැඩිච්චි සෙරෙප්පු අතේ අරගෙන.....කාලක් විතර ඉතුරු වෙච්ච බෝතලෙත් කාගෙ හරි මල්ලක ඔබාගෙන බයිසිකල් තල්ලු කරගෙන (නැඟල යන්ට බෑනෙව තත්වෙ හැටියට) ආපහු හෙමිහිට පල්ලම් බහිනව...එකාට එකාට බැණ බැණ.......මතක් වෙනකොටත් ඉහිලුම් නෑ අප්ප....සන්තෝසෙ.....එහෙම කාලයක් ආයෙම එන්නෙ නෑ කියල හිතෙන කොටත් පපුව අඬා වැටෙනව.
මම මේ කියන දවසෙ......මගෙ ජීවිතේ තීරණාත්මක දවසෙ, නම් එහෙමට අලකලංචියක් උනේ නෑ...අයියනායක දෙයියන්ගෙ පිහිටෙං....අපි කෝකටත් තෛලය කියල බන්ඩ් එක උඩ තියන දේවාලෙ කොළ අත්තක් කාරිය එල්ලල හිට තමයි කර්තව්යය ආරම්බ කොරේ.
ඔන්න ටික ටික කට්ටිය සුදු එවුන් රතුවේගන.....කලු එවුන් තවත් කලුවේගන......දාඩිය එහෙම නලලට වැටීගෙන ආවයි කියමුකො.....ඔන්න රසික ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් ආව මට සිංදුවක් කියන්නෙයි කියල.....මට ඉතින් ඔය....... බොරු කියන්නෙ මොකටෙයි.....සිංදුවක් යාන්තමට කියාගන්ට පුලුවන් කොමක් තියනව නම් තමයි.....
වසන්තට අපූරුවට ගිටාර් එක ප්ලේ කරන්ට පුළුවනි......වසන්ත ගිටාර් එක ගැහුව......අනික් එවුන් අප්පුඩි ගැහුව අවශ්ය තැන් වලදි......මම කිව්ව සිංදුවක්.......අන්න අර කලින් කියාපු සිංදුව.....නාරදගෙ " ආදර නිල් දෑසේ....ආදර නිල් දෑසේ......මැණික් හඳක් නැගී දිලේ ආදර නිල් දෑසේ "
ඔය වෙලාව හවස හතරට විතර ඇති.......වැවේ එහා පැත්තෙන් ඉර බැහැගෙන ගියා.....දිය කාවො රංචුවක් මෙගොඩට පියාඹාගෙන ආව.....ඈත මාළු ඔරු දෙක තුනක් එහා ඉවුරට හබල් ගැහුවා......වසන්තගෙ ගිටාර් හඬට මම ආදර නිල් දෑසේ කිව්ව තනිකරම ගීතයට සමවැදිලම.....
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....
මැණික් රුවක් ඇඳී දිලේ ආදර නිල් දෑසේ,
ආදර මල පිපී වැනෙයි ඇගෙ පෙම් හද පොකුණේ,
මගේ ළමැද පළඳින්නයි ඒ රන් මල පිපුණේ,
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....
විමානයේ කව්ළු දොරින් නෙත් හී සැර විදලා
කුමාරියක් කතා කරයි කාටද අත වනලා
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ...
සිනහ දෙතොල් යහනාවේ වැතිරෙමි රස උරලා....
හද ලෙන්දොර වසනු මැනවි මා එහි සිර කරලා...
ආදර නිල් දෑසේ...ආදර නිල් දෑසේ....
මැණික් රුවක් ඇඳී දිලේ ආදර නිල් දෑසේ,
මගේ කට හඬ පාවෙලා ගියා වැව් දිය මත්තෙන් ඈත පෙනෙන රුවන්වැලි සෑය දිහාවට......
මතු සම්බන්ධයි........
ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත උහුලන්නේ නෑ.යාළුවන්ගෙන් නෑයන්ගෙන් රටෙන් දුරස් වෙලා තනිවුනාම ඒවා මතක් වෙනවා වැඩියි....කවදද ආයිත් ඒවගේ යාලුවන් එක්ක සතුටු වෙන්න කියලා දවස් ගැන ගැන ඉන්නේ..ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න...
ReplyDeleteලස්සනම ලස්සන අදහසක්....
ReplyDeleteහොරෙන්ම කාටවත් නොකියා ගෙදර ගිහින් නේද? කෝ නිවාඩු ඇප්ලිකේෂන් එක? කාටද දීලා ගියේ? :D
ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ........මුලු කතාවම කියෙවුවට පස්සෙ මම දිග කමෙන්ට් එක්ක් දාන්නම්.....දැනට මමත් මතු සම්බන්ධ වෙනෝ.................
ReplyDeleteඔය ගීතයට මම බොහොම ආසයි.. දේවානන්ද වයිද්‍යසේකරගේ නේද ?
ReplyDeleteඅයිත් ඉතින් කියන්න දෙයක් නැහැ...වෙනද වගේම ලස්සනට ලියල. :)
ReplyDeletewenada wagema godak lassana kathawaka arambayak..
ReplyDeleteane ravi aiye man langa podi kale ranrosa kiyala novel ekak thibuna, ekath russian translation ekak. habai nirmanakaranaya gana nam nemei mata mathaka widiyata, punchi gaanu lamyek wa eyage thaththa maraddi balaganna denawa eyage yatathe hitapu niladariyekta, ea manussaya ea lamaya loku wenakan aadaren balagannawa, hamadama ran kudu ekathu karala ran rosa malak hadanawa, harima lassana kathawak, eka mage athin ea kalema nathi una, eth dan mata eka aai hoyaganna hari asai
aiya ea potha gana dannawanam eke author kawda kiyala hoyala denawada..
හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්ද???
ReplyDeleteහෙහ් ඕන් ආයෙම මෙගාවක් එන්නයි යන්නෙ.. මේවට කතා විතරමයි කියල කියන්නත් බෑ නෙව.....
ReplyDeleteමතු සම්භන්දයි
[ඇයි යකෝ පෝස්ට් කෑලි කඩන්න ඇහැක් නං මොකෝ කොමෙන්ට් කඩන්න බැරි]
@nawammawatha,
ReplyDeleteදාන්ට පහක්...හී හී ....
.@ Anonymous,
ReplyDeleteහෙහ්, හෙහ්, හෙහ්,......ඒ පොතම තමයි.....ඔය ඔයා කියන කතාව තියෙන්නෙ ඒ පොතේ තමයි....රන් රෝස නම....රුසියානු ලේඛක කොන්ස්ටන්ටින් පවුස්තවුස්කි කතුවරයා...පරිවර්තනය ආරියවංශ රණවීර.......ප්‍රකාශනය ගොඩගේ සමාගම...
මේ පොත පවුස්තවුස්කි ලියල තියෙන්නෙ තමන්ට නිර්මානකරණ සඳහා අනුභූතීන් නැත්නම් වස්තු බීජයන් ලැබුනෙ කොහොමද කියලයි.....කොටින්ම නිර්මානාවේශය පහළ වෙන්නෙ කොහොමද.... පහළ නොවන්නේනම් නිර්මානාවේශය උපදවා ගන්නෙ කොහොමද කියන කරුණු විස්තර වෙනවා හරිම සිත් ඇද ගන්න විදිහට.....ආරියවංශ රණවීරගෙ පරිවර්තනය නම් ඉතාම ඉහලයි....රුසියාවෙ ගංතෙරක මාළුබානව නැත්නම් පයින් වනයක තෙත වියළි කොල පාගමින් ඇවිදිනව කියලමයි හිතෙන්නෙ පොත කියවන කොට...
සොඳුරුසිත වියුණුවෙන් උපුටාගත් ඔබ ඔය කියන කතාවෙ කොටසක් මෙන්න...
“සුසී , සොල්දාදු කෙල්ල,මගේ පුංචි කෙල්ල,අන්තිමේ දී අපි ආයි හමුවුණා.උඹට මාව අමතක නැහැ නේද?මම ෂෝන් යොන් අර්නස්ට් ෂාමිට්.විසිහත්වෙනි රෙජිමේන්තුවේ හිටපු සොල්දාදුවා.රූවාන්වල හිටිය නුඹෙ නැන්ද ළඟට උඹව ගෙනාව මිනිහා. උඹ දැන් මොන තරම් ලස්සන වෙලා ද සුසී. උඹෙ කොණ්ඩෙ ලස්සන.ඒ දවස් වල ඔය කොණ්ඩෙ අවුල් අරින්න මට කොහොමටවත් පුලුවන් වුණේ නැහැ “
“ ෂෝන්“ යි කෑගැසූ සුසී ෂාමේට්ගේ බෙල්ල බදාගෙන හඩන්නට පටන් ගත්තා ය.
‘ ෂෝන් ,මගේ හොඳ ෂෝන්,මට මොකද ඔබ අමතක. ඔබ එදා වගේම කරුණාවන්තයි.“
“කරුණාවන්තයි, පිස්සු“ ෂාමේට් මිමිණුවා.
“ මොකක් ද ඔබට වුණේ ? මට කියන්න “
ෂාමේට් සුසීව තමා වෙතට ගෙන එදා රූවාන් නුවර දී දෙන්න මැළි වූ හාද්ද,ඇගේ මුදු කෙස් කළඹ අතරින් අත යවා ඒ මත තැන්පත් කළේය.ඒත් ඒ ගමන් ම ඔහු ඇගෙන් ඈත් වුණි.ඔහුගේ ඇඳුමේ දුර්ගන්ධය ඇයට චැනේවි දෝ කියා.ඒත් සුසේන් ඔහුගේ උර මතට වාරු වී ගෙනම සිටියාය “
( රන් රෝස -කොන්ස්ටයින් පවුස්තවුස්කි)
@ ඔබ නොදුටු ලොවක්,
ReplyDelete/ ඒකාලේ කරපුවා මතක් වෙද්දී හිත උහුලන්නේ නෑ.යාළුවන්ගෙන් නෑයන්ගෙන් රටෙන් දුරස් වෙලා තනිවුනාම ඒවා මතක් වෙනවා වැඩියි /
මොනව කියනවද අප්පා......මොකදෑ කොරන්නේ පූරුවෙ කල පවට?.....හෙහ්, හෙහ්,
@ පොඩ්ඩි,
ReplyDelete/ හොරෙන්ම කාටවත් නොකියා ගෙදර ගිහින් නේද? කෝ නිවාඩු ඇප්ලිකේෂන් එක? කාටද දීලා ගියේ? :D /
පිස්සුද බොල.....කාට නොකිව්වත් බොස් ට නොකියා එහෙම හිටපු ගමං ගෙවල් වල යන සිරිතක් තියනවද ?
මේ පහුගිය ජූලි මාසෙ නිවාඩුවෙ වෙච්චි සීන් එකක්......හෙහ්, හෙහ්,
@ කෝඩුකාරයා,
ReplyDelete/ ........මුලු කතාවම කියෙවුවට පස්සෙ මම දිග කමෙන්ට් එක්ක් දාන්නම්.....දැනට මමත් මතු සම්බන්ධ වෙනෝ................./
හෙහ්, හෙහ්, ඒකත් නරකම නෑ...හරි, හරි, මතු සම්බන්ද වෙයල්ලකො.....අවුලක් නෑ...
@ සරත් ලංකාප්‍රිය,
ReplyDelete/ ඔය ගීතයට මම බොහොම ආසයි.. දේවානන්ද වයිද්‍යසේකරගේ නේද ? /
නැහැ, සරත් මේක නාරද දිසාසේකරගෙ...පද රචනය මට මතක විදිහට කරුණාරත්න අබේසේකර....
@ අමා,
ReplyDeleteස්තූතියි නංගි.....බොහොම ස්තූතියි....
@ නිසුපා,
ReplyDelete/ හ්ම්.... කතාවක් විතරද??? නැත්නම් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක්ද??? /
ම්ම්, මෙහෙම කියන්නම්....සත්‍යය ඇසුරින් කල නිර්මාණයකි....සුළු සංශෝධන කීපයක් කලා පමණයි......ඉතිරිය ඇත්ත....
@ nawammawatha,
ReplyDelete/ [ඇයි යකෝ පෝස්ට් කෑලි කඩන්න ඇහැක් නං මොකෝ කොමෙන්ට් කඩන්න බැරි] /
ඉතිං කඩපිය බොල....කවුද එපා කිව්වෙ?
ane godak pin aiye, oka mata kiyawanna hambune awurudu 13k 14k kale, eth eka mata godakma therune na, etha mata kathawa mathaka thibba yanthamata, mata eka ai kiyawanna godak asawen hitiyath mata eke nama ranrosa saha potha thambili patai kiyala withrai mathaka thibbe, dan nam hoyaganna puluwan wei.. aaimath aiyata godak sthuthi.. eawagema kathawe elanga kotasath enakan noiwasillen bala innawa.. -Mekuwi
ReplyDeletemmmmm ayyate parane love ekakwath mathak welade manda :P nywy keep writing :)
ReplyDeleteදැන් කතාව සිංදුව ගැනද?
ReplyDelete@ Glimmer Girl,
ReplyDelete/ mmmmm ayyate parane love ekakwath mathak welade manda /
හෙහ්, හෙහ්...එහෙම එකක් තමයි.....රොබින් හුඩ් ටෙලි වෘතාන්තයෙ මෙන්න මෙහෙම තීම් එකක් තිබ්බ මතකද? Nothing is forgotten, Nothing is forgotten ever....
@ පොඩ්ඩි,
ReplyDelete"/ දැන් කතාව සිංදුව ගැනද? /
"
ඒකට උත්තර දෙන්න කලින් මට තියනව ප්‍රශ්නයක්....
ඔයා පොඩි කුමාරිහාමිමද නැත්නම් වෙනත් පොඩ්ඩි කෙනෙක්ද?
ඒ පොඩ්ඩිත් මේ පොඩ්ඩිත් හැර වෙනත් පොඩ්ඩිලාත් සිටිත්ද?.....හෙහ්, හෙහ්,
මමත් හිතුවෙ අයිය නිවාඩු කියල... මට බයත් හිතුන ග්‍රීස් යක්කු කතාව කියද්දි ආයි උන් ඇවිල්ලද කියල... දැනුයි තේරුනෙ මේක ජූලිවල සිද්දියක් කියල... හරි ඉතින් අය්යගෙ මේ කතාවත් බොහොම ලස්සනයි .... බලමු දෙවනි කොටස ....
ReplyDelete