Thursday, August 14, 2014

275. විමලෙගෙ වාංපතුල් කතා 19 - ලක් හඬ, දියකැටපහණ, ජම්බෝ ජෙට් සහ කුකුල් හම.

පහුගිය වාංපතුල් කතාවෙ හෙන්රීස් ද නයින්ත්ගෙ කමෙන්ට් එකකට උත්තර විදිහට මම ලිව්ව අර පොඩි කාලෙ ලෑලි වලේ ලූලා කියල තනි අකුරෙන් ලියපු හැටි මතකද කියල.ඒ වගේ තව කවියක් මේක. මේකෙ තියෙන්නෙ වයන්නයි ලයන්නයි විතරයි. 

වැල්ලව වෙලේ වේවැල් වල වවුල්ලූ 
වැව්වල වේලිවල විල්වල ලූල්ලූ 
වැල්ලව වලව්වේ ලී ලෝලූ ලෑලි ලූ 
වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලූ 

මේ කවිය මම ඉස්සෙල්ලාම ඇහුවෙ ලක් හඬ ගුවන් විදුලි සේවයෙන්. ලක් හඬ 95 / 96 විතර පටන් ගත්තු, රූපවාහිනිය වෙතට ආකර්ශනය වෙලා රේඩියෝ දිහාවෙ ඇහැක් ඇරල නොබැලුව ශ්‍රාවකයො ආපහු ගුවන් විදුලිය අහන්න පොළඹවපු නාලිකාවක්. 

විවාහයෙන් පස්සෙ අපි නිල නිවාසයෙ පදිංචියට ගිය අලුත ඔය. ඉස්සෙල්ලම දවසට පැය 6 විතර විදුලිය කපන්ට ගත්තෙ ඔය කාලෙ.අර රේඩියෝ, ටෝච් සහ එමර්ජන්සි ලෑම්ප් එකට තිබ්බ ත්‍රී ඉන් වන් නැඟල ගියෙත් ඔන්න ඔය කාලෙමයි.. ගෙදර ආපු වෙලාවක නුවර ෆැන්සි හවුස් එකෙන් මාත් ඕකක් අරගෙන ගියා. රෑ ලයිට් කපල තියන පැය තුන හතරට රේඩියෝ එකවත් අහන්නෙයි කියල.අඩේ ඔන්න දැන් මතක් උනේ ඒක ත්‍රී ඉන් වන් නෙවෙයි ෆෝ ඉන් වන්. එලාම් එකක් වගෙ මොකක්ද එකකුත් ඒකෙ තිබ්බද කොහෙද..දවල්ට චාජර් එකට ගහල ෆුල් චාර්ජ් කලාම රේඩියෝ එකයි එමර්ජන්සි ලෑම්ප් එකයි පැය හතර පහක් දෙයියනේ කියල වැඩ. 

ඒත් ඔන්න වෙච්චි වැඩේ කියන්නෙ ඒ කාලෙම අයි.ටී.එන්. එකේ පටන් ගත්තෙ නැද්ද දියකැටපහණ. දියකැටපහණ කිව්වෙ අශෝක හඳගමගෙ ටෙලි චිත්‍රපටයක්. දුන්හිඳ අද්දර හඳගමගෙ මුල්ම ටෙලි චිත්‍රපටය. ටෙලි චිත්‍රපට වලට ටෙලි නාට්‍ය කියල කියන එක වැරදියි. ඔය වැරැද්ද පටන්ගත්තෙ රූපවාහිණිය ආපු අලුතම. ටෙලිවිෂනයට විශේෂයෙන් හදාපු කතන්දර නොතිබ්බ නිසා වේදිකා නාට්‍ය රූගත කරල රූපවාහිනියෙ පෙන්නුවා. කැළණි පාළම, හුණු වටයේ කතාව, කළුවරේ ජරමරේ, සෙක්කුව, පරාස්ස, බෙරහඬ... ඒ එහෙම පෙන්නපු නාට්‍ය කීපයක්. බෙරහඬේ ශ්‍රියන්ත මෙන්ඩිස් අපූර්වතම රංගනයක් ඉදිරිපත් කලා. 

හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. 
හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්. 
නට නටා වරෙව් කොල්ලනෙ නට  නටා වරෙව්, 
නට නටා වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්, 

තොපිට හරිම වාසියක් නට නටා වරෙව්, 
තොපිට හරිම වාසියක් නට නටා වරෙව්, 
හිරු දෙවියොයි කියන්නේ රන්කාසියි බෙදන්නේ 
හිරු දෙවියොයි කියන්නේ, රන් කාසියි බෙදන්නේ.

ඔය රූපවාහිනියෙ පෙන්නපු වේදිකා නාට්‍ය වලට ටෙලි නාට්‍ය කියල නම වැටුන. ඒත් එක්කම රූපවාහිනිය වෙනුවෙන්ම හදපු චිත්‍රපට වලටත් ටෙලි නාට්‍ය කියලම කියන්ට ගත්ත. අන්න එහෙමයි ඒ වැඩේ සිද්ද උනේ. මුලින්ම දිමුතු මුතු..ඩී.බී. නිහාල්සිංග මහත්මයගෙ.ඩී.බිනිහාල්සිංහ කියන්නෙ 70-77 කාලෙ ජාතික චිත්‍රපට සංස්ථාවෙ සභාපති.දිමුතු මුතු එකේ ප්‍රධාන චරිත රඟ පෑවෙ දේවිකා මිහිරාණි සහ අමරසිරි කලංසූරිය. නන්දා සහ ජයේ.. නන්දා ඔන්න ජනේලෙක කූරු අල්ලගෙන ඈත බලාගෙන ඉන්නව. ඒ අතරෙ ජයේ කාමරේට එනව. නන්දා " ජයේ " කියල ජනේලෙ අත ඇරල ඔලුව හරවල හැරිල ජයේ දිහාවෙ බලනව. ඒ ඔලුව හරවල බැලිල්ලට එදා දවසෙ එපිසෝඩ් එකට වෙන් කරපු පැය බාගෙ හරි. 

දුන්හිඳ අද්දර, දියකැටපහණ, දඬුබස්නාමානය, වන සරණ, මිහිකතගේ දරුවෝ, පිටගම් කාරයෝ, දඩබිම, ජීවිතයට ඉඩ දෙන්න, රළ බිඳෙන තැන..ජීවිත කාලෙකට අමතක නොවෙන ටෙලි චිත්‍රපට..ටෙලි සිතුවම් ලෝකය කියල ඒ ගැන ආයෙම වෙනම ලියන්නම්..දිය කැට පහණ කියන්නෙ වැවක ජල මට්ටම මනින්ට නිර්මාණය කරපු සෘජු දණ්ඩක් වගෙ උපරණයක්..ඒ වගේම දඬුබස්නා මානය කියන්නෙ දුන්නෙන් නිකුත් වෙච්චි ඊයක් ගමන් කරන දුර ප්‍රමාණය..( Range of an Arrow ) 

ඉතින් අපි කසාද බැඳල නිල නිවාසෙට ආපු අලුතම වගෙ අර ලයිට් කපන සීන් එක පටන් ගත්තයි කියල මම කිව්වනෙ. එතකොටම වගෙ තමයි ඔය දියකැටපහණ පටන් ගත්තෙ. ලයිට් කැපුවයි කියල ඒක නොබල ඉන්නෙ කොහොමෙයි? මොකෝ ඒ කාලෙ තිබ්බය පස්සෙං පහු ඔන් ලයින් ගිහිල්ල ආයම ඕන චිත්‍රපටයක් නාට්‍යයක් බලන්ට පහසුකං..ආය මිස් උනොත් මිස් උනාම තමා. නෝ සමා..නෝ කතා..නෝ සිනා... 

මම ඉතිං කලේ අපේ ජිප් එහෙකින් අයින් කරපු බැට්රියක් ඉල්ලගෙන ඇවිල්ල හිට ඕක පල්ලෙහා ටවුමෙ ගරාජ් එකකට දීල චාජ් කරගෙන එනව. එහෙම තමයි දියකැටපහණ එහෙම බැලුවෙ. 

අපෙ සාලෙ මේසෙකට වගෙ කියල තිබ්බෙ මම ඔෆිස් එකෙන් ගෙනාපු ලියන මේසයක් විතරයි. ඕකෙ තමයි අපි දෙන්නම ලියන කියන වැඩ කරන්නෙ. මගෙ ඔය හිටපු ගමං සෙට් වෙන හදිස්සි වැඩ. මම අර කලින් දවසක් කිව්වෙ ඩෝසරයක් එහෙම ගෙනල්ල . එව්වගෙ ලිය කියවිලි කටයුතු. එතනින් ගිහාම එතුමියගෙ පාඩම් සටහන්, ගුරු කාර්ය සාධන, එතනිං ගිහාම ගුරු -ගෝල වෙනස ඔය වගෙ කුදු මහත් කටයුතු ඔක්කොම කරන්නෙ අර ගමරාලගෙ අමුඩෙ වගෙ ඕක උඩම තමයි. 

එතනින් ගිහාම උයපු හට්ටි වළං ටික පත්තරයක් තියල තියන්නෙත් ඕක උඩ. ඒකෙම පැත්තක තමයි හිරමණේ හයි කරල තියෙන්නෙත්.එතකොට හදිස්සියට තේ එකක් බොන්ට වතුර සුට්ටක් පස්සෝ ගන්ට අපෙ තිබ්බ අර රවුම් කොයිල් එක තියන ඉලෙක්ට්‍රික් ලිපක්. ඕකත් තියෙන්නෙ ඔය මේසෙ උඩ ඔන්න කොටිම්ම. 

හදිස්සියෙන් ගෙදෙට්ට කවුරුහරි එනවනං ජනේලෙං එබිල බලල හිට ඔක්කෝටම කලින් ඔය මේසෙ උඩ තියන සබ්බ සයුරම දණි පනි ගාල ඇඳ අස්සටවත් දාල මේසෙට ඉටි කොලයක් එලල තමයි දොර අරින්නෙ. 

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය ලට්ට ලොට්ට ඔක්කොම මේසෙ උඩ පටෝලා නිසා ටී.වී. එක ඕක උඩ තියන්ට ඉඩක් නෑ. ඒ නිසා ඒක තිබ්බෙ ඒ ළඟම තිබ්බ ලී පුටුවක් උඩ. ඒ පුටුවත් මම ඔෆිස් එකෙං ගෙනාපු එකක්. ඉතිං වැඩේ ඔය පුටුව උඩ ටී.වී. එක තිබ්බම අපි දෙන්නට ඉඳගන්ට වෙන්නෙ බිම. එහෙම කරන්ට වෙන්නෙ ටී.වී. එක පුටුවක් උඩ තිබ්බම පුටුවක ඉඳගෙන ටී.වී. එක බලන එක මහ බෙල්ල ඇමැට්ටි වෙන වැඩක්. ඒ නිසා අපි දෙන්න කරන්නෙ ටී.වී.එක ඉස්සරහම බිත්තිය අයින කොස්සෙං අතුගාල ඉඳගන්නව තප්පලං ගහල හොඳට දිග ඇදිල බිත්තියට හේත්තු වෙලා. 

මදුරුවන්ට කොවිල් එහෙකුත් පත්තු කරල තියනව මේසෙ යට. වැහි කෝඩයක් කාරිය පාත්වෙලා හීගෝතුවයි වගේ නං බෙඩ් සීට් දෙකක් පොරව ගන්නව කර ගාවටම. ඔන්න ඔය විදිහට තමයි අපි එහෙ ඉන්දැද්දි ටෙලිවිසොං බැලුවෙ. කලිං දවසක මම මේ ටෙලිවිසොං බැලිල්ල ගැන කිව්වදත් කොහෙද වගෙ මතකයි..ඒත් කමක් නෑ ඔන්න ඔහෙ කියල දැම්ම. වැඩියක් වෙන්නෙ නෑ නෙව...නැද්ද? 

තාමත් අපි දෙන්න හිටපු ගමං ඔය පරණ සීන් මතක් කරල හිනාවෙනව….. " ඒයි මතකද ? අපි අර ක්වාටර්ස් එකේ ඉන්නකොට ටී.වි. බලපු හැටි. බිම ඉඳගෙන..හෙහ්,හෙහ්, " 

ඔන්න ඔහොම එක ඉරිද දවසක උදේ බිම ඉඳගෙන ටී.වී. බ්ලන ගමං අපි දෙන්න තම්බපු කඩල කනව උදේට. උදේට කඩල තම්බල තෙල් ටිකක් එහෙම දාල කරල කරකවල ගන්නකොට අපි කොහොමත් ටිකක් අත වැඩියෙං කලින්දා හවස කඩල පෙඟෙන්ට දානව. මොකද පහුවෙනිදට දවල්ට බත මැරුවැහැකි අර කඩල තෙම්පරාදු කරාපු බාජනේටම බත් ටිකක් දාල පිහල ගත්තම. 

ඔය හොදි මාලු ඉව්ව මැටි වළඳටම බත් දාල පිහගෙන කන එක වගෙ දිවිය ලෝක රහක් මේ තුං ලෝකෙම නැතුව ඇති. හෙහ්,හෙහ්, එහෙම කාල තියන අයට ආය ඒ ගැන අමුතුවෙං කියන්ට දෙයක් නෑ. අනික අතට එහෙම කාල නැත්තං ඒ රහ මොන වගේද කියල පැහැදිලි කරන්ටත් බෑම තමයි. පරිප්පු හින්දපුවම, කට්ට කරෝල තක්කලි එක්කලා තෙල් දාපුවම, තෝර කරෝල හොද්ද, බණ්ඩක්ක බැදුම ..ආන්න ඇතිලියෙ බත් දාගෙන කන්ට කියාපු හොදි මාලු...ආ..අනික මුකුණුවැන්න මැල්ලුම.... 

" තව කඩල ගේන්ටද? " 

ඇටයක් ඉතුරු නැතුව මම කඩල පිඟානටම බැස්ටිය දීල කියල දැක්කහම එයයි ඇහුව. එයයි තාම කනව. උදේට කඩල තම්බපු දවසට එවුන්දැ කාල ඉවර වෙනකොට කොහොමත් දහය වගෙ වෙනව. අර කඩල ඇටයක් ගානෙ පොත්ත ඇරල පිඟානෙ පැත්තක ගොඩ ගහල මදේ විතරයිනෙ කන්නෙ ඔය මනුස්ස දූ.කඩල විතරක් නං බැරිය..එළබටුත් එහෙමයි..ආ..තක්කාලි එව්වයිත් පොතු අරිනව. මට නේද? විකාරෙ හැදෙනව. 

" මොකද අනේ ඔය කෝළම? මොකටද ඔය ඔව්වයෙ පොතු අරින්නෙ? ඔව්ව ඔය දිරවනවනං දිරවයි, නැත්තං දෙයියනේ කියල උදේට සරීර කෘත්තිය කරනකොට පිටවෙලා යයි. මොකටද ඔය පණ දාගෙන ඔව්වයෙ පොතු අරින්නෙ? " 

" ආ..ඔයා නං කියයි. මෙව්වයෙ පොතු බඩ වැලේ ඇලෙනව. ඊට පස්සෙ බඩේ අමාරු හැදෙනව." 

" .කෙහෙම්මල..මොන පිස්සු කතාවක්ද ඒ? කවුද ඔය දැං ඔහොම කතාවක් කිව්වෙ ඔයාට.." 

" අපෙ අම්ම. ….අපෙ අම්ම අපිට පොඩි කාලෙ එහෙම කිව්ව. එයා ඔය පොතු අයිං කරල තමයි අපිට ඔව්ව කන්ට දුන්නෙ.." 

හෙහ්,හෙහ්, අම්මට අපෙ උන්දැ පුදුම ආදරයක් තිබ්බෙ. අම්ම යමක් කිව්වොත් ඊට එහා දෙයක් නෑ.. 

" ආ..එහෙමද? එහෙනං ඇත්ත වෙන්ට ඇති. අපෙ අම්මනං එහෙම දෙයක් අපිට කිව්වෙ නෑ. ඒ නිසා මගෙ බඩවැලේ ඔව්ව ඇලෙන එකක් නෑ. " 

එහෙම කියල මම එයාගෙ පිඟානෙ තිබ්බ කඩල පොතු ඔක්කොම අරං කටේ දාගත්ත. 

" පිස්සුද ඔයාට? දැක්කද කරපු වැඩේ...සික්.." 

කඩල පොතු කතාව කියනකොට ඔන්න ඒ වගේම තව කතාවක් මතක් උනා. මේක මේ විමලෙ අයිය සම්බන්ද කතාවක්. එක අතකට විමලෙ ගැන මෙහෙම හරි කියන එක හොඳයි. මොකද මෙව්ව මේ විමලෙගෙ වාංපතුල් කතානෙ...හෙහ්,හෙහ්, 

දැං ඔය කුකුල් මස් උයද්දි හම අයිං කරනවනෙ. හමේ තමයි මේදය, තෙල, අරක මේක ශරීරයට අහිතකර දේවල් ඔක්කොම තියෙන්නෙ කියලනෙ එහෙම කරන්නෙ.ඒත් අපි පොඩි එවුං කාලෙ එහෙම කතාවක් තිබ්බෙ නෑ.ඒ කාලෙ අපෙ ගෙදර කුකුළො ඇතිකලා. අපෙ අම්මගෙ අයිය අපෙ මාම තමයි ඒ වැඩ රාජකාරි කලේ. කුකුළො විතරක් නෙවෙයි කාලයක් එළු පට්ටියකුත් මේච්චල් කලා උන්දැ. 

රයිට් අර කුකුළ් කතාවට ආයම ආවොත්..ඇති කරපු කුකුළන්ව අපි කවදාවත් මැරුවෙ නෑ.අපෙ ගෙදර පල්ලෙහ තිබ්බෙ ගන සාරෙට හැදිච්ච මාන කැළෑවක්. සමඟි පෙරමිණු ආණ්ඩුවෙ වගා සංග්‍රාමය කාලෙ මාම තනියම ඔය මාන ලන්ද පෙරලල සුද්ද කරල ගිණි තිබ්බ.ඊට පස්සෙ ඔය අක්කරේක විතර කෑල්ලෙ බෝංචි, කව්පී, සෝයා, ඉදල් ඉරිඟු, බඩ ඉරිඟු, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ඔය කොව්වත් වැව්ව. මාත් පොඩි කොට කලිසමකුත් ගහගෙන සුට්ටං උදැල්ලකුත් අරගෙන මාමට සහයෝගය දුන්න. හැත්තෑව දශකයේ විස්තර කියනකොට ඒ සම්බන්දව සවිස්තරව කියන්නං. 

රයිට් දැන් කුකුලගෙ හම ගැන නේද අපි මේ කතා කර කර හිටියෙ? ඉතිං අපි ඔය ඇතිකරපු කුකුළො කවදාවත් මැරුවෙ නම් නෑ. ඒත් අර මම කිව්ව මාන මණ්ඩියෙ ඉඳල මාසෙකට දෙපාරක් වගෙ මුගටි පනිනව කුකුලන්ගෙ බෙල්ලට. සුපටි පටි පන්නෝ..මුගටි ගෙට පැන්නෝ..පැනල බෙල්ල හපල ඇදගෙන යනව මාන ගාල ඇතුලට. අපෙ ඒ කාලෙ හිටිය බල්ලො හතර දෙනෙක්. ඇල්සේෂන් දෙන්නයි, වල්සේෂන් දෙන්නයි, ජම්බෝ, බිංගෝ, මිලී සහ රෝවර් උංගෙ නම්. මාම කොහෙන්ද ගෙනාපු ඇල්සේෂන් පැටියට ජම්බෝ කියල නම දැම්මෙ මම. 

ජම්බෝ ජෙට් නැත්තං නියම විදිහට කිව්වොත් බෝයිං 747 ගුවන් යානාවක් ඉස්සොරෝම කටුනායකට ආවෙ 1973 අවුරුද්දෙ. ඒ දවස්වල බෝයිං එහෙක යනව කියන එක අද වගෙ නෙවෙයි, අද තනිකරම සාඩින් පැක් කරල වගේනෙ ඇතුල. මෙන්න බලන්ඩකො 70 දශකයෙ ගුවන් යානා කොහොමද කියල. මම ඉතිං හැත්තෑව දශකය ගැන මෙච්චර වර්ණනා කරන එක අහන්ටත් දෙයක්ද? 

හැත්තෑව දශකයේ  Boeing 747 යානාවක ඇතුලත දර්ශනයක්

ඉතිං ආයම කතාවට ආවොත් ඔය ජම්බෝ ජෙට් එක ලංකාවට ආපු එක ගැන පත්තරවල සෑහෙන්ට ලිපි පලවුනා. ජම්බෝ කියන්නෙ කාගෙ කාගෙත් මුවඟ රැව්දුන් වචනයක් උනා. ඒ හින්දම මම ඒ කිට්ටුව අපේ ගෙදරට ගෙනාපු බලු පැටියට ජම්බෝ කියල නම දැම්ම. එම්.එස්. ප්‍රනාන්දු ඒ දවස්වල බයිලෙකුත් කිව්ව. " ඩී.සී. ටෙන් ඇවිල්ලා....ජම්බෝ ජෙට් ඇවිල්ලා... කටුනායක ගුවන් තොටුපොලේ..... සුදු නෝනල ඇවිල්ලා..... මහත්වරුත් ඇවිල්ලා.... කටුනායක ගුවන් තොටුපලේ. "

ඔතන ඩී.සී.ටෙන් කියන්නෙ මැක්ඩොනල් ඩග්ලස් සමාගමෙන් හදපු මගී ප්‍රවාහන ගුවන් යානයක්. 74 අවුරුද්දෙ සප්ත කන්‍යා කඳු වැටියෙ හැප්පිලා විනාශ උනේ මැක්ඩොනල් ඩග්ලස් ඪී.සී 8 ගුවන් යානයක්. " කන්දෙ හැපුනු මහ වනන්තරේ.... ඩී.සී. අට ගුවන් යන්තරේ,...බේරෙන්ට බෑ සසරෙ..කාගෙද ඒ වරද නොම දැනේ.." එම්.එස් හරි ඇන්ටන් ජෝන්ස් හරි එහෙමත් කිව්ව. 

යකෝ මේ කුකුලගෙ කතාව කියන්ට වෙන්නෙම නෑනෙ. හරි..ඉතිං මුගටි කුකුලො අදගෙන යනකොට අපෙ බල්ලො රෑන බුරාගෙන එලෝනව පස්සෙං. එතකොට බොහෝවිට මුගටිය කුකුළ දාල දුවනව. ඊට පස්සෙ අත්තම්ම හරි මාම හරි ගිහිල්ල කිකිළි අරගෙන එනව.බොහෝවිට තුවාල විතරයි. එහෙම උනාම අත්තම්මගෙ නොවරදින ප්‍රතිකාරය දුරු මිරිස් සරක්කු කුඩු වතුරෙන් අනල තුවාලෙ ගාන එක. ඒකෙන්ම අනිවාර්යයෙන් සනීප වෙනව. ඒත් කලාතුරකින් දවසක කිකිළි බේරගන්ට බැරිවෙනව. මුගටිය දාල දිව්වට ඒ වෙනකොට බෙල්ලම කාල. 

අපෙ ගරාජ් එකේ පිටිපස්සෙ තිබ්බ කක්කුස්සියක්. ඒක ඇවිල්ල බාල්දි කක්කුස්සියක්.දිනපතා නගර සබාවෙ දෙමල කම්කරුවෙක් ඇවිල්ල ඒ බාල්දිය සුද්ද කරල අලුත් එකක් තියල යනව. අපි කවුරුත් ඒක පාවිච්චි කලේ නෑ. ගෙදර ඇතුලෙ කොමෝඩ්ස් දෙකක් තිබ්බ. මම ඉතිං ජොලියට වගෙ ඕකට යනව. ආය අත්තම්ම යනව.රයිට් ඒ ගැන විස්තරේ ආයෙම දවසක. 

කක්කුස්සියත් එක්කම පිටිපස්සෙ එළුගාල. එළුගාල එහා පැත්තෙ කළු ගල් තුනකින් මාම ලිපක් හදනව ලොකු ගැඩුඹ කොට දෙක තුනක් දාල... අපෙ තිබ්බ මහ විසාල ඇලුමිනියම් මුට්ටියක් ....ඕකෙ කට කපල වතුර එකක් පැස්සවනව. කිකිළි පැහෙන වතුර එකට දාල විනාඩි දහයක් වගෙ තියල ගන්නව. මම ඉතිං ඔතනිං හෙල්ලෙන්නෙ නෑ. 

" සූට්ටි පුතා මොකද ඔතන කරන්නෙ? යන්ට කිව්වෙ ගෙට " 

අත්තම්ම කුස්සියෙ දොරෙං එබිල බලල කෑ ගහනව. මොන විකාරද? ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මම නෙවෙයි එතනිං හෙල්ලෙන්නෙ. 

" හරි හරි අත්තම්මෙ.." මම ඒ පැත්ත බලන්නෙ වත් නැතුව ආපහු කෑගහනව. 

කිකිළි මුට්ටියෙං එලියට අරගෙන මාම උගෙ කකුල් දෙක එකට ගැටගහල ඒ ලණුවෙන්ම එල්ලනව එතන තිබ්බ අනෝදා ගහේ.කටු අනෝදා කාල තියනව නේද? අර කටු ආත්තා කියලත් කියන්නෙ.ඔය කටු අනෝදා ගස් වල හරියට ඉන්න දිමියො. කොළ නවල එව්ව අස්සෙ තමයි එවුං ඉන්නෙ රංචු පිටිං. මගෙ අනන්ත කාල ඇති අනෝදා කඩන්ට ගහට නඟිද්දි. 

රයිට් ඊට පස්සෙ මාම කිකිළිගෙ තටු ඔක්කොම ගලවනව. තටු යන්තං අල්ලල අදින පමාව විතරයි.පට ගාල ඇදිල එනව.මම මේ කියන්ට ආවෙ ආය හම ගැලවිල්ලක් නෑ. එහෙම්මම ලිහල අරගෙන කොලපතක තියල කපල සුද්ද කරල ඒ ලිපේම පොඩි මැටි ඇතිලියක් තියල මාම උයනව කිකිළි, දුරු මිරිස් එහෙම යහමිං දාල.ගෙදර කවුරුවත් කන්නෙ නෑ එදාට මස්. මට නං ඕකෙ ඇතිගානක් නෑ. මමයි මාමයි විතරයි ඉතිං එදාට මස් කන්නෙ. 

රයිට් එහෙනං විමලය සම්බන්ද කතාව. ඉතිං ඔන්න හිටපු ගමං ඔන්න පත්තරවලද රේඩියෝ එකේද හැමතැනම කියන්ට ගත්ත කුකුලගෙ හම කන්ට හොඳ නෑය කියල. අපේ එවුනුත් ඉතිං තමංගෙ සෞඛ්‍යය ගැන බොහොම සැලකිලිමත් වෙනවනෙ. අර මම කලිනුත් කිව්ව නේද කොහොඹ කොළ කොටල ඉස්ම එහෙම බීපු කතාවක්...හෙහ්,හෙහ්, හරි ඔය කුකුල් හං සීන් එක දැනගත්තු ගමම්ම අපෙ ගෝලයට තහනං නියෝග නිකුත් උනා. ගෝලය කියන්නෙ අපෙ ක්වාටර්ස් වල සූපවේදියා නොහොත් අරක්කැමියට කියන සුරතල් නාමය. 

" සැමී මීට පස්සෙ කුකුළො උයනකොට අනිවාර්යයෙන් හම ගලවන්ට ඕන. පොඩි කෑල්ලක්වත් තියන්ට එපා, හොඳද? " 

ඉතිං ඔහොම ගියා සුමානයක් දෙකක්. දැං කුකුල උයන්නෙ හම රහිතව. සැමී කුක්කුට තෙමේ සුද්ද කරද්දි හම ගලවල වෙනම පොල් කට්ටකට වගෙ දාල අරං තියල පහුවදාට ඔය දඩාවතේ යන බල්ලෙකුට දෙනව. නැත්තං විසිකරල දානව. 

දවසක් කාගෙද උපන්දිනයක් හරි මොකක් හරි තිබිල අපි පොඩි පාටියක් දැම්ම. හැමදාම වෙනව වගේ වැඩේ නැඟල ගියා. පස්සෙ දැන් බඩු තියනව. අප්පටසිරි බයිට් නෑ. පපඩං බිත්තර අහල පහල ගෙවල් වලිනුත් ඉල්ලගෙන ඇවිල්ල බැද්ද. ඒත් මදි. 

ඔන්න විමලය එක පාරට කිව්ව " හිටහල්ල මම උඹලට නියම බයිට් එකක් හදල දෙන්ට. සැමී පුතා වරෙංකො. " විමලෙ සැමීත් එක්කරගෙන කුස්සියට ගියා. 

අප්පට සිරි කිව්වත් වගෙ විනාඩි දහයක් ගියෙ නෑ. මෙන්න විමලෙය ආව බයිට් පිඟානකුත් අරගෙන. 

" මොනවද බං? " සමරෙ ඇහුව.. 

" මොනව හරි කමක් නෑ. බයිට් එකක්නෙ ඕන.ඉඩමෙ ඉංගං අහන්නෙ නැතුව බතල ගන්ට ආව නං බතල ගනිං." විමලෙය බයිට් කෑල්ලක් කටේ දාගෙන තළු මැරුව. 

කතාව ඇත්ත. බයිට් එක මරු, අනික ඒ වෙලාවෙ එව්ව ගැන හියන්ට පුලුවන් තත්වෙක නෙවෙයි අපි හිටියෙ. කට්ටියම ගසල ඇරිය හිටු කියල ඊට පස්සෙ. 

පහුවදා දවල් අපි කට්ටියම ටැංකිය වටේ ඉඳගෙන නානව. ඔන්න කපුටෙක් අරගෙන ගිය මොනවද මස් කෑල්ලක් වගෙ එකක් අපි ඉස්සරහට වැටුන. 

" ඒයි අර මොකක්ද? මස් කෑල්ලක්ද කොහෙද නේද? " සමරෙ එතෙන්ට ගිහිල්ල බලල කෑගැහුව 

" සැමී..මේ ඊයෙ අර කුකුල් හං ටික කොහාටද විසිකලේ? මේ කපුටොත් අරං යනව එහෙ මෙහෙ. ඒ ටික වලලල දැම්මනං ඉවරනෙ. " 

" ඒ හං කෑලි වෙන්ට බෑ මහත්තය ඔය.." සැමී කුස්සියෙ ජනේලෙං ඔලුව දාල කිව්ව. 

" ඒ කොහොමද සැමී ඉස්තිරවම කියන්නෙ? " සමරෙ ආයම ඇහුව. 

" මම දන්නව ඉස්තිරවම. මහත්තයල අර අන්තිමට බයිට් එකට ගත්තෙ මොනවයි කියලද හිතාගෙන ඉන්නෙ? " සැමී එහෙම ඇහුවෙ අහක බලාගෙන.. 

" ඇඇ???...." සමරයගෙ මූණ ඒ වෙලාවෙ දෙල් ගෙඩියක් වගේ උනා. 

සමරෙ තමයි ඔය කුකුල් හම ඉවත් කලයුතුමයි කියල තදිම්ම කියා හිටියෙ. " මුගෙ අම්මට…" එහෙම කියල සමරෙ තොල හපාගෙන එක දිගට වතුර බාල්දි හත අටක් නාගෙන නාගෙන නාගෙන ගියා.... 

160 comments:

  1. වැල්ලව කවිය නං මරේ මරු! අම්මට උඩු සිංහල කියල තමා කියන්න වෙන්නේ
    මේ ළඟදී අහුවුණු එකක්. ඉස්පිලි පාපිලි මුකුත් නැහැ
    කරදර කලට ගල යට ඉඳගන කවට
    නරවර බසට පණ යනවට කවට මට
    හරකට තණ කවන කටවට බලන විට
    පර පණ යන කලට බණ පද අසන වට
    මේක බැද්දගේ මහත්තයා පොඩි කාලේ උඩුව ගමේ නුහුගුන මෑන්ස් කෙනෙක්ගෙන් අහපු එකක්
    //හනික වරෙව් කොල්ලනේ
    බෙරහඬේ ශ්‍රියන්ත හිටියද මතක විදියට ජැකා තමා ඕක කීවේ.
    අපේ රටේ සදාකාලික සත්‍යය.හොරා අපේ එකෙක් නං අල්ලපු එවුන්ට ඇපත් නෑ
    //එදා දවසෙ එපිසෝඩ් එකට වෙන් කරපු පැය බාගෙ හරි
    පලිඟු මැණිකේ එහෙම හදද්දී විනාඩි පහේ ෂොට් එකට දවසක් වැය කරපු තැන් තිබුනලු.
    එහෙම කැප කරලා තමා බුදු කොලිටිය අරගෙන තීන්නේ.

    ReplyDelete
    Replies
    1. බෙරහඬේ හිටියේ ජැකා තමයි... දේවිකා මිහිරානිට කියන්නේ ටේබල් ෆෑන් එක කියලා.... ඔලුව හරවන්නෙ ඒ වගේ නිසා...

      Delete
    2. නිකං සහ තිසර,

      හරි ජැක්සන් තමයි හිටියෙ..මට මතක තිබ්බෙ ශ්‍රියන්ත වගෙ....ඔය කතාව පරණ ග්‍රීක දේවකථාවක්.හිරු දෙවියො කියන්නෙ ඇපලෝ....වස්දඬුවේ උපත ගැනයි ඔරිජිනල් කතාවෙ කියවෙන්නෙ. ඒක බෙරේ උපත උනා සිංහලට පෙරලෙද්දි...

      Delete
    3. මම හිතන්නේ මුල් කාලේ හිටියේ ජැක්සන් තමයි. පස්සේ ශ්‍රියන්ත ආවේ. ඒත් මම ආස ජැක්සන් ඉන්නකොට.

      Delete
    4. //ඉස්පිලි පාපිලි මුකුත් නැහැ//
      // බලන විට//
      වයන්නට දාල තියෙන්නෙ ඉස්පිල්ල නේද

      Delete
    5. @ රවි,

      නාට්‍යය පටන් ගනිද්දිම ඒ බව සඳහන් කරනවා නේද? කට්ටිය නැවෙන් බැහැපු ග්‍රීක් වෙළෙන්දො ටිකක් වගේ ඇඳගෙන, ග්‍රැන්විල් තමා කියන්නෙ "මේක අපේ දේව කතාවක්. ඇපලෝ දෙවියන්ගෙ හරක් ටික හර්මීස් හොරකම් කරලා වෙච්චි සිද්දියක්... අපි ඒක මේ රටට ගැලපෙන විදියට වෙනස් කලා..." ඔය ආදී වශයෙන් කියනවා.

      Delete
    6. උපේක්ෂා,

      ශ්‍රියන්ත හිටියද බං? ෂුවර් ද? ජැක්සන් සට්ටඹිය මුලින්ම හිටියයි කියල නම් මතක් වෙනව. පස්සෙ ශ්‍රියන්ත හිටියද කියල ෂුවර්ම නෑ මට...

      Delete
    7. බූරා,

      / නාට්‍යය පටන් ගනිද්දිම ඒ බව සඳහන් කරනවා නේද? /

      ග්‍රීක් සීන් එක උඹ කිව්වම තමයි මතක් උනේ. සිරස්ව ඉරි තියෙන ඇඳුම් නේද කට්ටිය ඇඳගෙන හිටියෙ..ග්‍රැන්විල් හිටියත් මතකයි.

      Delete
    8. බෙර හඬේ ඔය සිංදුව කිය කියා නැටුවෙ ජැකා බං.දැන් ජැකා නෙවෙයි ඒ කාලෙ හිටපු ජැකා.

      Delete
    9. දැන් ජැකාත් ඉතිං ඒ සින්දුවම තමා බං කියන්නෙ. වෙනසකට තියෙන්නෙ 'හිරු දෙවියො' වෙනුවට 'මරා දෙවියො' ඉන්න එක.

      Delete
    10. @දමිත්
      "විට" කියන එක වෙනුවට "කොට" කියලා දැම්මනම් හරි යනවා නේද?

      Delete
    11. ඇයි සයුරි, 'කොට' කියලා දැම්මහම 'ක'යන්නෙ ඉස්සරහ‍ට එන කොම්බුවයි පස්සෙන් එන ඇලපිල්ලයි පිලි නෙවෙයි ද?

      Delete
    12. "විට"නෙමේ "වට"කියලා දැම්මොත් මොකද.?

      Delete
    13. නැහැනේ බුරෝ...ඒවා පිලි උනාට "ඉස්පිලි" "පාපිලි" දෙකට අයිති නැහැනේ නේද? ඉස්පිලි පාපිලි මුකුත් නැති කවියක් කියලනේ "නිකං" කියලා තියෙන්නේ. ඉතින් "කොට" කියලා දැම්මම ගානට හරි යනවා.

      Delete
    14. හුටා! ඇත්ත නේන්නං... :-D

      Delete
    15. මම මෑතකාලේදී TV එකේ යනකොට දැක්ක ශ්‍රියන්ත ඉන්නවා. දැකපු ගමන් චැනල් එක මාරු කළා... හරියන්නේ නැහැ... ඉක්මට මාරු කලේ මෙතෙක් කාලයක් මගේ හිතේ තිබ්බ අර මෙව්වා එක වෙනස් වෙයි කියල බයට.. දැනට මම ඔය වැඩේම මනමේ නොබලා ඉඳීමෙන් කරනවා.

      Delete
    16. උපේක්ෂා,

      ශ්‍රියන්තනම් එච්චරම අවුලක් නෑ තාම නේද?

      Delete
  2. මම ආසම කරන ටෙලිනාට්ටි, මං කිව්වේ ටෙලි චිත්‍රපටි ගණනාවක් මේකෙ තියනවා... ඊට අමතරව හඳගමගෙම එකක් තිබ්බා "ප්‍රභාතය" කියලා... 'යුග විලක්කුව' මම ආසම එකක්... ඒකෙ නිරෝෂා සහ සුනිල් කියන තේමා ගීතය "ලේ සළකුණු පමණයි රණ බිමට ඉතිරි වන්නේ" කියලා, තාම හොයාගන්න බැරි උණා. දඩබිම වගේම කඩවරත් එල... ඔය දඩබිමේ රඟපානවනේ ලෝක මට්ටමේ වේශ නිරූපණ ශිල්පියෙක්.. රංජිත් වික්‍රමසිංහ. ඉන්දියන් කියන දෙමළ චිත්‍රපටියේ කමල් හසන්ව වයසක චරිතයක් විදිහට වෙස්ගන්වලා තියෙන්නේ රංජිත්.. ආරියරත්න ඇතුගලගේ ටෙලියක් තිබ්බා "තුන්බිය" කියලා. ඒකෙ තියනවා නියම සිංදු ටිකක්... මීනා කුමාරිගෙ මුල්ම නාට්‍යයත් එකද කොහෙද...

    රෝස් කරපු කුකුලන්ගේ හම මාර රහයි....

    ReplyDelete
    Replies
    1. දඬුබස්නාමානය පැහැදිලි කිරීම හරි. හැබැ‍යි පොඩි ඌන පූර්ණයක් එන්න ඕනේ... ඊතලයක් ගමන් කරලා වැටෙන ඉසව්ව තමයි දඬුබස්නාමානය කියන්නේ... දඬුව (ඊතලය )+බසින+මානය. මට මතක හැටියට ඕක පාවිච්චි කරනවාය කියන්නේ යම් දෙයක බලයට සීමාවක් තියනවා කියලා අඟවන්න.

      Delete
    2. ඒ විතරක් නෙවී... සතුරු සංග්‍රාමයක එක් පාර්ශ්වයක සිට අනෙක් පාර්ශ්වයට ඇති දුර මැන බලන්නෙත් ඊතලය භාවිතයෙන්... ඊතල දුරට මෙහා ඇවිත් ඉන්නව නං දුනුවායො සොට් එක දෙන්න පටං ගන්නව..
      හෙක් හෙක්

      Delete
    3. තිසර,

      තව තිබ්බ බං අගේ ඇති ටෙලිචිත්‍රපට..මතක නෑ. අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා..ඒක ජයන්ත චන්ද්‍රසිරිගෙ..සබීතා සහ ජැල්සන් ප්‍රධාන චරිත කලේ...අංගම් සටන් කලාව.. සුදලිය සහ මරුවල්ලිය ගුරුකුල අතර වෛරය, කාලය හරහා ගමන් කිරීම ඔය ඔක්කොම තිබ්බ ඒකෙ.. තව සබීතා හිටපු නියම එකක් තිබ්බ මට නම මතක නෑ. පිරිමි ප්‍රධාන චරිතය කලේ ලූෂන් බුලත්සිංහල.

      Delete
    4. සබීත හිටියෙ අකාල සන්ධ්‍යා හෙවත් කාලාත්‍රයේ තීර්ථ යාත්‍රිකයා එකේ නේද??

      Delete
    5. ඇනෝ.

      සබීතා අකාල සන්ධ්‍යා එකේ ප්‍රධාන භූමිකාව කලා..මම උඩහ ඒක කියල තියනව. මට මතක නැත්තෙ අර ලූෂන් එක්ක රඟපාපු නාට්‍යය. ඒකෙ සබීතා තනිකර සුදු ඇඳල රඟපෑවෙ. සුදු සාරියක්...අඩේ ඔන්න මතක් උනා...ඇසළ කළුවර...

      Delete
    6. තුන්බිය මතක්වුනේ තිසර කීවහමයි.හරිම අපුරු ටෙලියක්.ඔව් මීනා කුමාරිගේ පළවෙනි එක තමයි.මහේන්ද්‍රයි ජෝ ද හේමසිරිද මට මතක නෑ.භීෂණ සමයේ කතාවක්නෙ ගියේ.

      Delete
    7. ඔය කියන්නේ ඇසළ කළුවර. අර මැරිලයි කියල හිතාගෙන ඉන්න මනුස්සයා ආපහු එන්නේ. ඒකෙ සින්දුවලට තමයි මමනම් ආසම.

      Delete
    8. සයුරි,

      ඇසළ කළුවර තමයි සයුරි, මට මතක් උනා ඔන්න...:)

      Delete
    9. ඇසළ කළුවර!
      සුන්දර නිර්මාණයක්... ඒකෙ සින්දු, කැමරා කෝණ... මේ හැමදෙයක්ම නහර වලට දැනෙන තරම් සියුම්... මගේ ඔලුවේ තිබ්බ ඔය වගේ දෙයක්.. හැබැයි ප්‍රස්තුතයේ පොඩි වෙනසක් තියෙනවා

      Delete
    10. උපේක්ෂා,

      / මගේ ඔලුවේ තිබ්බ ඔය වගේ දෙයක්.. හැබැයි ප්‍රස්තුතයේ පොඩි වෙනසක් තියෙනවා /

      ඉතිං බං ලියාපංකො කතාව..අපි ගහමු ටෙලියක්..මගෙ ගානෙ සියලු බරපැන..හැබැයි විත් වන් කන්ඩිෂන්..මේන් රෝල් එක මට ඕනෙ..කැමතිද? මොකද කියන්නෙ?

      Delete
    11. කරමු කරමු...
      ප්‍රධාන චරිතේ නේද? දෙන්නම්කො ඔයාටමයි ඒ චරිතේ තියෙන්නේ... කොටින්ම ඒ ප්‍රධාන චරිතේ එයාගේ මුළු ජිවිත කාලෙම අබාධිත ගොළු, අන්ධ කෙනෙක් විදියට ඇඳට වෙලා ඉන්න කෙනෙක්.... අධ්‍යක්ෂකටත් ලේසි, ඔයාටත් ලේසි.. නැද්ද? හික්...

      Delete
  3. මාත් පට්ට ආසාවෙන් බලපු නාට්ටියක් තමා දඩු බස්නාමානය සහ දියකැට පහණ...
    පහුගිය දවස්වල දඩුබස්නාමානය නං ඩීවීඩී කරල වික්ක ඒත් දියකැට පහණ නං හොයාගන්නම ැ..
    මගෙ මතකෙ තියෙන්නෙත් චායාවක් විදියට...
    දියකැට පහනෙ ඉස්කෝල කොල්ල ටීච කෙල්ල කේස් එක නිකං ලාවට වගේ මතකයි..
    තව හේමසිරි ලියනගේ වැස්ස වැටෙයි කියල හැමදාම අහස දිහ බලං ඉන්නව මතකයි..
    එච්චරයි...
    වෙන මොකුත්මතක නෑ

    ReplyDelete
    Replies
    1. අර මහින්ද බණ්ඩාරගෙ මල්ලි, රාජු බණ්ඩාර ඩෙනිමක් ඇඳන් ගමට එනවා.. පොර ඉන්නෙම ඩෙනිම ගහගෙන.. දීප්ති ද කොහෙද නම... දීප්ති අයියගෙ ඩෙනිම.. කිය කිය රුක්මල් නිරෝෂ් ඌ වටේ කැරකෙන්නේ... රුක්මල්ගේ චරිතය මතක නැහැ...

      Delete
    2. මහේෂ් සහ තිසර,

      දිප්තිගෙ තාත්ත තමයි හේමසිරි ලියනගේ. ගමේ ග්‍රාමසේවක. රුක්මල්ගෙ චරිතෙ නම සුද්ද ද කොහෙද නේද? ඒත් මිනිහ ඔයිට කලින් දුන්හිඳ අද්දර එකෙත් හිටියනෙ. ඒ චරිතයෙ නම ද සුද්ද කියල මට ෂුවර් නෑ. කෞෂල්‍යා ප්‍රනාන්දුත් හිටිය. කෞෂල්‍යාගෙ නංගිට හිටිය නිළිය මතකද? හොඳ දක්ෂ නිළියක්. අර දීප්ති ගහක් උඩ හදාගෙන ඉන්න මැස්සට එහෙම නඟින්නෙ? සෙලින්කෝ එකේ අහිංසා ඔයා කියන ඇඩ් එකට යශෝධා එක්ක හිටියෙ අන්න එයා තමයි.

      Delete
    3. ඔය රුක්මල් නිරෝෂ් කියන්නෙත් මොරටුවෙ ප්‍රින්සොෆ්වේල්ස් එකේ තිස්ස සර්ගෙ විශිෂ්ඨ සොයාගැනීමක්. අර ලෝකෙම දක්ස නලුව කියල එකක් ගත්තු හාදය "අපියි ගොන්නු කරත්තේ" කියල සින්දුවක් කියාපු ඉරට අඬන පුත්තු කියන සමසථලංකා හොඳම පාසල් නාට්‍ය වෙච්චි නිර්මානෙ ප්‍රධාන චරිතෙන් ආවෙ. ඉතාම දස්සයෙක්. ඒත් මිනිහ එඩිටින් පැත්තට ගිහින් මම හිතන්නෙ පස්සෙ රටෙනුත් ගියා!

      Delete
    4. ඉන්දික,

      ඔව් ඉන්දික රුක්මල් කියන්නෙහැබෑම දක්ෂයෙක්, දැන් ඉන්නෙ මම හිතන්නෙ ඕස්ට්‍රේලියාවෙ...

      Delete
    5. රුක්මල් මෙහෙදිත් ඔය සම්බන්ධව ඉගෙනීම් කරලා දැන් සති දෙක තුනකට කලින් ලංකාවට ගියා, මේ සැරේ ඉන්නම යනවා කියලා තමයි ගිහින් තිබුණේ... රවීන්ද්‍ර ගුරුගේ ගෙන් පස්සෙ බිහිවුණ හොඳම සංස්කරණ ශිල්පියා කියලා කට්ටිය කියන්නේ...

      Delete
    6. මනුස්සයෙක් විදිහටත් හොදයි , අතුල පතිරනගේ වැඩකදි හමුවෙලා තියනව

      Delete
  4. ඇලල ළඟ වලව්වයි අචලා අලස් වයි අමතක වුනාද?

    "ඔය හොදි මාලු ඉව්ව මැටි වළඳටම බත් දාල පිහගෙන කන එක වගෙ දිවිය ලෝක රහක් මේ තුං ලෝකෙම නැතුව ඇති"

    මෙන්න මේක නම් පට්ට කතාව. ඒ වගේ රහක් නම් තුං ලෝකේ තියා 4 වෙනි ලෝකෙවත් නැතුව ඇති. ඉස්සර අපේ තාත්තා රෑට උයන්න කලින් දවාලේ ඉතිරි වෙච්ච ටික ඔක්කොම එක වළඳකට දාල අනල කවනවා. අක්කයි මමයි හෙන පොරේ එකෙන් කටක් කන්න.. පිස්සු හැදෙනවා.

    කුකුල් හම ඇත්තටම හොඳ නැද්ද? අපිත් ඔහොම කාලයක් ඕක කකා ඉඳල එකපාරටම නැවැත්තුව..


    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / ඇලල ළඟ වලව්වයි අචලා අලස් වයි අමතක වුනාද?  /

      ඇල්ල ලඟ වලව්ව අමතක උනා මල්ලි..අචලා අමතක උනේ නෑ..හෙහ්,හෙහ්, මිහිකතගේ දරුවෝ..ඒකෙ හිටියෙ අචලා සහ රංජිත් සුරංග.

      / මෙන්න මේක නම් පට්ට කතාව. ඒ වගේ රහක් නම් තුං ලෝකේ තියා 4 වෙනි ලෝකෙවත් නැතුව ඇති /

      ආයෙත් අහල...පිස්සුම හැදෙනව...මම කුස්සියෙ ඉඳල ඇතිලියටම බත් බෙදාගෙන කකා එලියට එනකොට අපෙ උන්දැ දත්මිටි කනව බර බර ගාල.." මොකද අනේ මේ? අර පාරෙයන මිනිස්සුන්ටත් පේනව. කුස්සියට වෙලා කන්ටකො ඕක…"

      / කුකුල් හම ඇත්තටම හොඳ නැද්ද? අපිත් ඔහොම කාලයක් ඕක කකා ඉඳල එකපාරටම නැවැත්තුව../

      අනේ මන්ද බං ...කාලෙකට හොඳයි කියනව..ආයම නෑ කියනව...අපිත් ඉතින් කියන කියන විදිහට කරනව...

      Delete
    2. ඔය ඇතිලි වළන් පිහාගෙන කන එකේ ,අපේ ගෙදර නම් බලය අනුව ගියපු/ලැබුණු ප්‍රස්ටිජ් එකක්... හිහ් ....
      බීට් ඇතිලි, වම්බටු බැදලා හදපු මාලුවෙ ඇතිළිය, එළබටු ඇතිළිය, සෝයාමිට් ඇතිළිය .... මගේ අම්මේ.. අපේ අය්යා එක්ක මම කරට කර සටනේ ඒ දවස්වල! මගේ කටට දැන් කෙල උනනවා... අම්මෝ.. කියල වැඩක් නැහැ... දැනටත් මම ඔය වැඩේ කරනවා

      ඇයි ඒවගේම තමයි තැඹිලි ලොඳ? ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක, ඕනෑම වැදගත් වැඩක , ඕනෑම බැරෑරුම් ගමනක මැද්දේ උනත් මම ඔය වැඩේ කරනවා. තැඹිලි බිව්වොත් ගෙඩිය පලලා ලොඳ නොකෑවොත් මම නෙවෙයි එතනින් හෙල්ලෙන්නේ... සමහ වෙලාවට ගෙඩිය පලලා ඇතුලේ ලොඳ නෑ කියල පෙන්නුවම විතරක් අඬු අකුලාගෙන ඉන්නවා. නැත්තම් කහට ගාගෙන උනත් කනවා... හි.. හි... පුලුවන්නම් කහකඩේ... ඒකත් කනවා! චෑ .... බඩජාරිකම අහු වෙනවා තව ඩින්ගෙන්

      Delete
    3. උපේක්ෂා,

      / ඇයි ඒවගේම තමයි තැඹිලි ලොඳ? ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක, ඕනෑම වැදගත් වැඩක , ඕනෑම බැරෑරුම් ගමනක මැද්දේ උනත් මම ඔය වැඩේ කරනවා. තැඹිලි බිව්වොත් ගෙඩිය පලලා ලොඳ නොකෑවොත් මම නෙවෙයි එතනින් හෙල්ලෙන්නේ /

      අන්න ඒකනෙ..මගෙත් ප්‍රියතම කෑමක් තැඹිලි සහ කුරුම්බා ලොඳ...කෝම්බෙ පලන්ට සමහර වෙළන්දො ගාව ඒකට හරියන මන්නයක් නෑ. මම කරන්නෙ ඒ වෙලාවට කෝම්බෙ සොපිමක දාගෙන ගෙදර ගේන එක. අපෙ උන්දැ මඟ දිගට මට බයිනව. මම නෑහුනා වගෙ එනව. ගෙදර ඇවිල්ල පලල ලොඳ වලින් බාගයක් එයයිටත් දෙනව. ආන්න ඒ වෙලාවටනං හිනාවෙල එහෙම අරං කනව...:)

      Delete
    4. අඩේ ... ඕක මමත් කරලා තියෙනවා.... හික් හික්... ගෙදර උන් බනිනවා එකසිය ගානට! ඔව්ව ඇහෙනවද අපිට නැද්ද? ට්‍රිප් එකක් ගියොත් තැඹිලි බොන්න නවත්තනකොටම මට තමයි මුලින් කපල දෙන්නේ.. හි. හි.. මොකද අනිත් උන් බීලා ඉවරවෙනකොට මම ලොඳත් කාල, උන්ගේ එව්වට සමහර වෙලාවට තට්ටු කරනවා... කිසි ලැජ්ජාවක් නැහැ..

      Delete
  5. බෙරහඬ බන්ධුල ජයවර්ධනගෙ වැඩක්
    බෙරගහන කුමාරයා ග්‍රැන්විල් රොඩ්‍රිගෝ
    අපරාදෙ මැරිල ගියා පොඩි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ ජර්ම් එකක් ගිහින්

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ග්‍රැන්විල් මැරුනෙ සෙප්ටසීමියා හැදිල. ඇක්සිඩන්ට් එක හින්දම නෙවෙයි. ඊට පස්සෙ ඇතිවෙච්චි විශබීජ ආසාදනයකින්. මට මතක විදිහට කපුගේ මැරුණෙත් ඔය හින්දද කොහෙද? මනුස්සය ටිකක් ජනප්‍රිය වෙලා කීයක් හරි හම්බ කරගෙන ආව විතරයි..පව්..මතකනෙ අර සිංදුව..ඔටා දමඤ්ඤා මර මර ඔටා දමඤ්ඤා

      Delete
    2. ග්‍රැන්විල් මැරුන වෙලාවෙ සිරසෙ (මතක විදියට උදේ ගිය සූර්ය සිරසෙ වෙන්ට ඕන) ඒ ගැන කතා කලා. වැඩසටහන කලේ කිංස්ලි මට මතක හැටියට. ඔන්න එක ශ්‍රාවිකාවක් කතා කලා දුරබනුවෙන්.

      ශ්‍රාවිකාව: ග්‍රැන්විල් මැරුනා කියලා ඇහුවම අපටත් හරි දුක හිතුනා. එයා හරි දක්ෂ රංගන ශිල්පියෙක්. එයා නැතිවෙච්ච එක ලොකු පාඩුවක්.
      කිංස්ලි: ඔබ ග්‍රැන්විල් රඟපෑව නාට්‍ය එහෙම බලලා තියෙනවද?
      ශ්‍රා: ඔවු.
      කි: ඒ මොනාද ඒ?
      ශ්‍රා: නෝනාවරුනි මහත්වරුනි!

      අච්චර ලස්සන මහාසාර, බෙරහඬ වගේ වේදිකා නාට්‍යවල රඟපෑව ග්‍රැන්විල්ව නෙමෙයි මිනිස්සු දන්නෙ. දෙකයි පනහෙ ටෙලිනාට්‍යයක ජෝකර් චරිතයක් කරපු ග්‍රැන්විල්. අනේ අපේ රටේ කලාව!

      Delete
    3. ග්‍රැන්විල් රොද්‍රිඟු මැරුනා? කවදද?
      අනේ මම ඒ කාලේ හරි ආසා නළුවෙක්.

      Delete
    4. ඕක මොකක්ද බං බුරා. අර එක නලුවෙක්ව අපේ පොඩි එකාට මතක තියෙන්නේ හාර්පික් මෑන් කියලා. මොකද අපි නිවාඩුවට ගෙදර ගිහින් ටීවී බලන කොට නිතරම යන කොමර්ෂල් එකක මේකා හාර්පික් දාලා ටොයිලට් එකක් හෝදන හැටි පෙන්නනවා. නම කියන්න ඕනේ නෑනේ නේද?

      Delete
    5. හෙන්රි,

      ඔය යකානං හාපික්ම තමයි. අර සීන් එක දන්නවනෙ නේද? වික්‍රමාරච්චි ඔප්ටීෂන්ස් අයිතිකාරයගෙ ගෙදර ටෙලි චිත්‍රපටයක් ගහන්න ගිහිල්ල ඒ ගෙදර ගෑනු මනුස්සයට සෙට් වෙල පස්සෙ කේස් එක දුරදිග ගිහිල්ල හාපික් කරපු වැඩේ පොල්ලකින් ගහල අර මනුස්සයගෙ කකුල කැඩුව. ඒ නඩුවෙං හාපික්ට වන්දියක් ගෙවන්ට උනා සහ අත්හිටවූ සිරදඬුවම් නියම උනා.

      Delete
    6. අත්හිටවු නෙමෙයි අවුරුද්දක් ඇතුලෙ හිටිය නේද

      Delete
    7. දමිත්,

      මිනිහ ඇතුලෙත් හිටියද? මට මතක නෑ මල්ලි ඒ සීන් එක..

      Delete
    8. ලෙමන් පෆ් පාටි එකේ මෑන්ද?

      Delete
    9. යස් ප්‍රා මිනිහ තමයි..කැස්බෑවෙද මහරගමද මිනිහගෙ සීට් එක.....මාර හැකියාවක් තියන නළුවෙක්. ඒත් මට නං දැං ඒ දක්ෂතා බල්ලගෙ පුකේ බැන්ද මීය වගෙ තමයි. මාස කීපයකටකලින් වත් පොතේ අතුල සිරිවර්ධන අර සට්ටඹිය..පනාපුත්‍රය ( පනා නෙවෙයි ඕකට කියන්ට ඕන ******* පුත්‍ර කියල ) ගැන කියල තිබ්බ මිනිහගෙ අර පොත පනා පුත්‍ර මතක වස්තුව ගැන වර්ණනාවක් කරල. ඒකටත් මම කමෙන්ට් එකක් හැටියට කිව්වෙ මොන තරම් දක්ෂතා තියන මිනිහෙක් / ගෑණියක් උනත් තමන්ගෙ ආත්මය පාවල දුන්නම මට එයාගෙන් වැඩක් නෑ. මට ඊට පස්සෙ එතනෙ ඉන්නෙ කලාකාරයෙක් නෙවෙයි සට්ටඹි නිවටයෙක් විතරයි කියල.

      අතුල කිව්ව එහෙම නෙවෙයි මම නම් ඒ ඔක්කොම අමතක කරල මිනිහගෙ හැකියාව රස විඳිනව කියල. මට එහෙම බෑ ප්‍රා, මගෙ හිතන විදිහෙ වැරැද්දක්ද මන්ද මට එහෙම බෑ.මම ගොඩක් ගරු කරපු ගමේ පන්සලේ හාමුදුරුවො මගෙ ඇස් ඉදිරිපිටම මිනිහෙක් මැරුවට පස් සෙ මට එතන හාමුදුරුකෙනෙක් නෑ. එතන ඉන්නෙ මිනී මරුවෙක් විතරයි.මිනී මැරුම අමතක කරල හාමුදුරුවන්ගෙන් වෙනද වගේ බණ අහන්ට මට බෑ..

      Delete
    10. පරම්පරාගත UNP කාරයෙක් උනහම ඔය වගේ රෝග උපතින්ම පිහිටනව රවී.

      Delete
    11. ඒ පුත්‍රය නම් කරන සමහර වැඩ ගැන කතා නොකර සිටීම ප්‍රෙශර් එකට හොඳයි (විශේෂයෙන් රවි වගේ 70s යව්ව්වනයෙක්ගේ :-))
      ඒත් අතුල ( මං කියවල නෑ ) කියන එකෙත් ඇත්තක් තියනව. ......පුත්‍රගේ පරණ ටෙලිනාට්යයක රඟපෑමේ විශිෂ්ඨත්වය ( තිබේනම්) එය රස විඳින්න දැනුත් පුලුවන් නේ.?

      ප්‍රකාශ/බණ/දේශනා ගැන- දේවදත්ත කිව්වත් ඇත්තනම් ඇත්ත. බොරු නම් බුදුහාමුදුරුවො කිව්වත් බොරු. අන්තර්ගතය හා සත්යතාවය මිස පුද්ගලයා වැදගත් නෑ.

      අපි පුද්ගලයන්ව hero-worship නොකර ඔවුන්ගේ කරන දේ එපමණට විතරක් අගය කරනව නම් පස්සෙ disappoint වෙන්නෙ නෑ.
      මටනම් නලුවොවත්, කතුවරුවත්, ක්‍රීඩකයොවත් ඔවුන්ගේ වෘත්තිමය ක්‍රියාකාරකම් නිසා වීරයො නෙමේ. ඔවුන්ගේ නිර්මාණ හා performance හොඳ හෝ නරක පමනයි.

      Delete
    12. ඇනෝ,

      කවුරු ගැනද මේ කියන්නෙ? අතුල, පනාපුත්‍ර ඕ රොජර්?

      Delete
    13. රවී ගැනම නේද ඒ ඇනෝ කියන්නේ. මටනං හිතුනේ එහෙම.

      Delete
    14. @Ravi P.S. නලුවෙක්, කතුවරයෙක්, ක්‍රීඩකයෙක් හොඳට රඟපානවනම්, ලියනවනම්, ක්‍රීඩාකරනවනම් ඔවුන් හොඳ හෝ විශිෂ්ඨ නලුවෙක්,කතුවරයෙක්, ක්‍රීඩකයෙක් මිසක් හොඳ මිනිසෙක් /ගැහැණියක් නෙමෙයි. මට ඔවුන්ගේ වැඩ රස විඳින්න උන් පුද්ගලික මොකා වුනත් එකයි. මං ෆෑන් වෙන්නෙ නිර්මාණවල මිස පුද්ගලයාගේ නෙමෙයි

      Delete
    15. Pra,

      / ඒ පුත්‍රය නම් කරන සමහර වැඩ ගැන කතා නොකර සිටීම ප්‍රෙශර් එකට හොඳයි (විශේෂයෙන් රවි වගේ 70s යව්ව්වනයෙක්ගේ :-)) /

      Low Blood Pressure තියනවනං අන්න මරු බෙහෙත ඔය සට්ටඹිය ඉන්න රණවිරු රියල් ඉස්ටාර් වැඩ සටහනක් බලන එක. බෙහෙත් වලට යන ගාන එහෙම්මම ඉතුරුයි...හෙහ්,හෙහ්,....ඒත් විනාඩි පහයි උපරිම..ඊට වඩා බැලුවොත් වෙන්නෙ බ්ලඩ් ප්‍රෙෂර් එක්කො High වෙනව නැත්තං බෙහෙත් ගන්න වෙන්නෙ අධික වමනෙට

      / පුත්‍රගේ පරණ ටෙලිනාට්යයක රඟපෑමේ විශිෂ්ඨත්වය ( තිබේනම්) එය රස විඳින්න දැනුත් පුලුවන් නේ.? /

      ඒකනෙ ප්‍රා මම කලින් කිව්වෙ මගෙ වැරැද්දක්ද මන්ද කියල, මට එහෙම බෑනෙ බොලේ. මේ ලඟදි භව දුක බලන්ට ඉඳගත්ත. මට පේන්නෙම පේදුරු නෙවෙයි. මේ **** පුතා ඇස් දෙකත් ලොකු කරගෙන ජනමූල නායකයෙක් ගැන විකාර දොඩවනව. ඔන්න මරා සාද් බලන්ට ලෑස්ති උනා. මට පේන්නෙ යොන් පෝල් මරා නෙවෙයි සට්ටඹියෙක් තට්ටෙත් අත ගගා සිද්ධාර්ථ ගෞතම පරම්පරාව මැද මුලනෙන් ආයම මතුවෙච්චි හැටි ගැන පණ පිහිටුවල විස්තර කරනව.

      ඒ පාර නිස්කාරණේ ලෙඩ හදාගන්නෙ මොකටද කියල ලැප් එක වහල නිකං හිටිය.

      ඒ අතින් ප්‍රා හොඳයි ….You are so Lucky…:)

      Delete
    16. රවි, මට ටයිප් කරන්න ගොඩක් වෙලා යන නිසා වැඩිය ලියන්න අමාරුයි. සමාවෙන්න පැටලිලි නම්.
      මං කියන්නෙ මේකයි - පුත්‍රට මොනවට හරි ඉන්වයිට් කරල උන් ඔහුගේ ගුණ ගායනා කිරීම හා ඔහුගේ පණ්ඩිත ටෝක් අහගෙන ඉන්න ඉතා අසීරු බව ඇත්ත. ඒත් ඒ පුද්ගලයා නෙ. ඇයි අපිට බැරි නලුවගෙ රඟපෑම් රසවිඳින්න?

      ( between programs ලෙස වැරදිලා වගේ රියලිටි (in any language) බැලුවොත් මිස මං බලන්නෙ නැති නිසා ඔය ප්‍රශ්නෙ මට අඩුයි . නලුවන් මිසක් පුද්ගලයන් බලන්නෙ නෑ වැඩිය )

      Delete
    17. ප්‍රා,

      කිසිම පැටලිලි සගගත භාවයක් කොහෙත්ම නැත. ඔබ කියන්න සක්සුදක්සේ පැහැදිලියි. " පුද්ගලයාගෙන් වියුක්තව නිර්මාණය රස විඳුනු මැන " ඒකනෙ කියන්නෙ? මට එහෙම බැහැයි කියලයි මම කියන්නෙ.

      ක්‍රීඩකයෙක් කතුවරයෙක් ගායකයෙක් වගෙ නෙවෙයි මම හිතන විදිහට නළුවෙක්/නිළියක් කියන්නෙ.දක්ෂ කුසලතා පරිපූර්ණ රඟ පෑමක් ඉදිරිපත් කලාය කියන්නෙ, භූමිකාවකට පණ පෙව්ව කියන්නෙ ඔවුන් අපේ හදවත ඇතුලේ ජීවත් වෙනව.

      සත් සමුදුරේ දෙනවක හාමිනේ, අහස් ගව්වෙ විජය, බඹරු ඇවිත් මාලිනී, පරසතු මල් ගාමිණී අපිට තාම මතක ඒ හින්දයි. ඒ චරිත අපේ පපුව ඇතුලෙ තියනව. එහෙම උනාම ඒ චරිත රඟ පෑ නලුවට හෝ නිලියට යම් වීරත්වයක් ආරෝපණය වෙනව අපි නොදැනුවත්වම.

      එතකොට කාලෙකදි ඒ වීරත්වය ඔවුන් අතින්ම සාහසික ලෙසබිඳ වැටුනම අපි අපේක්ෂාභංගත්වයට පත් වෙනව. මම ඒක හරිය කියනව නෙවෙයි. ඒත් වෙන්නෙ එහෙමයි. අවම වශයෙන් මට වෙලා තියෙන්නෙ එහෙමයි.

      ප්‍රා කියන විදිහට පුලුවන් නම් ඒක තමයි ප්‍රශස්ත තත්වය. ඒත් මට තවම එතනට එන්ට බෑ. ඒත් මම උත්සාහ කරනවා...:)

      Delete
    18. Ano 2,

      / රවී ගැනම නේද ඒ ඇනෝ කියන්නේ. මටනං හිතුනේ එහෙම /

      ජලා හුටා, එහෙමත් එකක්ද? එතකොට මං ගැනද ඒ කියල තියෙන්නෙ?

      Delete
    19. (රවි මේ කමෙන්ට් එක ප්‍රමාදයි . සමාවෙන්න. රවි ඊලඟ පෝස්ට් එක ලියනව ඇති.)

      මං රවි ගැන වැඩිය දන්නෙ නැහැ. ඒත් රවිගෙ පෝස්ට් රස විඳිනව. බැරිවෙලාවත් දැන ගත්තොත් රවි මිනී 4ක් මරල, ගැණු 6 ක් දූෂණයකරල , මිලියන් 80ක් වංචා කරල මරණ දණ්ඩුවම ක්‍රියාත්මකවෙනකම් හිරේ ඉන්නෙ ( ඉන්ටනෙට් පහසුකම් සහිතව ) කියල ඒත් මං පෝස්ට් රස විඳිනවනෙ.

      ඔය මහවැලි ආදී දේ ගැන රවි ලියල තියන කරුණු සාවද්යයි කියල දැනගත්තොත් ඒ රසවිඳීම නැතිවෙයි. ඒත් රවිගේ පුද්ගලිකත්වය නිසා එහෙම වෙන්නෙ නෑ. Got it?

      Delete
    20. ප්‍රා,

      හරි ප්‍රා..අවුලක් නෑ..මට ඔයා කියන එක තේරෙනව..බොහොම පැහැදිලිව...ඒත් මට එහෙම අමාරුයි...

      / බැරිවෙලාවත් දැන ගත්තොත් රවි මිනී 4ක් මරල, ගැණු 6 ක් දූෂණයකරල , මිලියන් 80ක් වංචා කරල මරණ දණ්ඩුවම ක්‍රියාත්මකවෙනකම් හිරේ ඉන්නෙ ( ඉන්ටනෙට් පහසුකම් සහිතව ) කියල ඒත් මං පෝස්ට් රස විඳිනවනෙ. /

      ඔබේ සැසඳීම ගැන නම් එකඟ වෙන්න ටිකක් අපහසුයි ප්‍රා. දැන් ඔබ සහ මම ගත්තොත් අපි එකිනෙකා හඳුනන්නෙ නෑ. කවදාවත් දැකල නෑ. කතා කරල නෑ. මම කොහොම කෙනෙක්ද මොන වගේ පුද්ගලයෙක්ද කියල ඔබ දන්නෙ නෑ. මම මෙහෙම කෙනෙක්, මහ දැවැන්ත චරිතයක්, කොටින්ම පොරක් කියල ප්‍රා උපකල්පනය කරල තියෙන්නෙ නැතුව ඇතිනෙ. හෙහ්,හෙහ්, ඒ නිසා මම හොරෙක් මිනීමරුවෙක් මංකොල්ලකාරයෙක් කියල දැනගන්ට ලැබුනත් ඒ හැටි අවුලක් වෙන්නෙ නෑ.

      අර කලා ලොවේ දැවැන්ත චරිත ගැන එහෙම නෙවෙයි....:)

      Delete
    21. "කලා ලොවේ දැවැන්ත චරිත" දැවැන්ත වන්නේ කලා ලොවේ පමණක් යයි සිතා රස විඳින්න ;-D

      Delete
  6. ඔය කාලෙන් පස්සෙ මම ටෙලිනාට්‍ය බලන එක අතෑරලම දැම්මා..

    මුල්ම කාලෙ දිමුතු මුතු, ලා හිරු දහසක්, පළිඟු මැණිකේ. ඊට ටික කාලෙකට පස්සෙ යශෝරාවය, ඇල්ල ලඟ වලවුව, සුසීමා, හිරුට මුවාවෙන්, ගංගා සහ නිශ්ශංක, ඉර පායා. ඊටත් කාලෙකට පස්සෙ තමා ගිරය, දඬුබස්නාමානය, කඩවර එහෙම ආවෙ. අනේ එහෙවු කාලයක් බොලවු. දැන්නම් අපේ ගෙදර එක කරන්නෙවත් නෑ. එච්චරට අප්පිරියයි.

    "කන්දේ හැපුන මහ වනන්තරේ - ඩීසී අට අහස් යන්ත‍රේ" ඇන්ටන් ජෝන්ස්ගෙ තමා. බුවානෙ ඔය ඛේදවාඡක ගැන සිංදු කියන්නෙ. ප්‍රේමවතී මනම්පේරි තරුණිය - කතරගමේ හිටිය රූප රැජිණිය, පොළොන්නරුවෙ පොඩි විජේ - වෙඩි නොවදින පොඩි වි‍ජේ, එල්ලලාද මැරුවේ - මරලාද එල්ලුවේ, සාන්ත අන්තෝනි මුනිතුමා.....

    ReplyDelete
    Replies
    1. දැන්නම් අපේ ගෙදර එක කරන්නෙවත් නෑ. එච්චරට අප්පිරියයි = දැන්නම් අපේ ගෙදර TV එක on කරන්නෙවත් නෑ. එච්චරට අප්පිරියයි. (Typo) :-D

      Delete
    2. ආසයි බයයි, ඒ බෝට්ටුවෙ නමයි - යළි නොම එන්නට ගිය ගමනයි... :)

      සිංග්ලිශ් ටයිප් කරන ගමන් මැද්දට ඉංග්‍රීසි ඔබන්න ඕනේ උණහම මම කරන්නේ x අකුරු ටිකක් ටයිප් කරනවා... එතකොට ඒවා රීප්ලේස් කරන්න මතක් වෙනවා..

      Delete
    3. "..............................
      ඇගෙ පතිවත බිඳා......
      සාන්තාන්තෝනි මුනි තුමා.......
      ඔබෙ ගුන ගයමි අද මෙමා.......
      මරලාද එල්ලුවේ..
      එල්ලලාද මැරුවේ....
      මාතර ගං කොමලි නිල් වලා......."

      Delete
    4. ඔය ජෝන්ස් උන්නැහෙට ඉස්සර කියන්නෙ "ප්‍රවෘත්ති ගායක" කියලනෙ. දැන් ඉතින් ජෝනට වඩා හොඳට අර සෝමවාහිනිය කරනව ඒ දේ.

      බුරා, අර අතුල අධිකාරියව දාල හඳය කරාපු නාට්‍ය මතකද? පස්සෙත් හොඳ ඒව ඉඳ හිට ආව බං. ඇබෑර්තු ඇත, ස්වයංජාත, ඇත්කඳ ළිහිණියා ( ඒක නිෂ්පාදනය කරේ නදීෂා හේමමාලි ), දියණි සහ නෙලුනිකා, අහසින් පොලොවට, වගේ ඒව සෑහෙන හොඳ තත්වෙක තියෙනව. උඹල ඉතින් ටීවී එක වහල තිබ්බම කොහෙ බලන්නද :P ( මම හොඳ අලුත් කතා හොයාගන්නෙ සම්මාන දීපු නාට්‍ය ලිස්ට් එක අරන් මුල් ටික බලල අල්ලන ඒව දිගටම බලාගෙන යනව ) .

      Delete
    5. ගංගා සහ නිශ්ශංක එකේ සින්දුව සිනා පිපෙනා මේ වසන්තය මේ ඊයේ පෙරේදා දවසක සමිතා තනියම ඩෙල් ස්ටූඩියෝ එකේ ගායනා කලා. අන්න සින්දු....

      Delete
    6. අතුල අධිකාරි සිටියෙ 'සින්තටික් සිහින' එකේ නේද? ඔය මම ටෙලිනාට්‍ය බලන්නෙ නැති, ඒත් ‍ගෙදර උදවිය බලන නිසා මට පේන/ ඇහෙන කා‍ලෙ.

      තව මට අමතක වෙච්ච පරණ කාලෙ ටෙලියක් තමා 'තාරාදේවි'. අනෝජා වීරසිංහ රඟපෑවෙ.

      Delete
    7. ඇනෝ,

      මිනී මර මරා හැංගි හිටිය රටපුරා,
      සිරිපාල නම් එයා පසුවයි උනේ මරුසිරා,
      ඉතිහාසෙට නමක් එක් කලා.

      එල්ලලාද මැරුවේ,
      මරලාද එල්ලුවේ,
      ඒ ප්‍රෙහෙලිකාව කවුද විසඳුවේ,

      Delete
    8. රංගි,

      ගංගා සහ නිශ්ශංක මම බැලුවෙ නෑ. 1974 විතර සිළුමිණේ ගියා කොටස් වශයෙන් ගංගා සහ නිශ්ශංක කියල කතාවක්. නිව්ටන් ගුණසේකර හරි කරුණාරත්න සපුතන්ත්‍රී හරි දෙන්නගෙන් එක්කෙනෙක් ලිවෙ. ඒකමද දන්නෙ නෑ මේ කතාව. පස් සෙ ඒ කතාවම පොතකුත් ගැහැව්ව.

      Delete
    9. බූරා,

      සින්තටික් සිහිනත් හඳගමගෙ නිර්මාණයක්.

      එක දවසක් හැන්දෑවක
      කණාමැදිරි එළි පාරක
      මං හෙව්වා තරු කැටයක්
      මං හෙව්වා තරු කැටයක්
      නිල් පාටින් පායා දිලෙන
      නිල් පාටින් පායා දිලෙන

      සිහිනයක ගිලී මා සිටියා
      කවුරුදෝ විත් දොර බිදිනා විට
      සුළං පොදක් වත්
      ඇරුණු දොර පියනින් ආවා නම්
      සිහිනයේ සුව අරං
      නන්නාදුනා දෑසක්
      නිවී නිවී දිළිසුනා මොහොතක්

      සුහද ආරාධනාවක්
      අරන් ඈ ඇවිත් දොරකඩට
      පවන් පොදකටවත්
      ඉඩක් නෑ නොවෙද
      අවකාශයම වසාගෙන
      ඈ සිටිනා විට මා අසළ
      ඈ සිටිනා විට මා අසළ

      එක දවසක් හැන්දෑවක
      කණාමැදිරි එළි පාරක
      මං හෙව්වා තරු කැටයක්
      මං හෙව්වා තරු කැටයක්
      නිල් පාටින් පායා දිලෙන
      නිල් පාටින් පායා දිලෙන

      Delete
    10. @රවි : මිනී මරමරා....;

      "ඇගෙ පතිවත බින්දා.... සාන්ත අන්තෝනි මුනි තුමා.." සමහර උත්ප්‍රාසයන් ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් තේරෙන්නෙ නෑ.........අපේ විඳීමේ හැකියාව... හෙහ්...හෙහ්......

      Delete
    11. ඇනෝ,

      සමාවෙන්න..මට ඇත්තටම තේරුණේ නෑ...:(

      Delete
    12. තාරාදේවී එකේ දීපානි සිල්වා ගොලු චරිතයක් කලා මතකද? එයාගෙ හොඳම රඟපෑමක් මම දැක්ක.

      Delete
    13. තිසර,

      / සිංග්ලිශ් ටයිප් කරන ගමන් මැද්දට ඉංග්‍රීසි ඔබන්න ඕනේ උණහම මම කරන්නේ x අකුරු ටිකක් ටයිප් කරනවා... එතකොට ඒවා රීප්ලේස් කරන්න මතක් වෙනවා../

      අන්න හොඳ උපදේසයක්.මටත් ඔය මැදට එනඉංග්‍රීසි වචන ටයිප් කරන්න හරියටවත් අමතක වෙනව.

      Delete
    14. බූරා / ඇනෝ,

      තාරාදේවි......

      මං මුලා වී පාර අසාගෙන
      හසරක් අසමින් යන ගමනේ
      මං මුලා වූ සමනලියක ගෙනි
      පාර අසා තිබුණේ

      ඇයත් නොදන්නිය ඇය යන මානය
      උන් හිටි තැන් මතකයෙ අඩමානය
      පාර කියන්නේ කෙළසද මාහට
      ඇයට ද පාරක් ඇති නැති ගානය

      අප හමු වූයේ මන්දැයි නොදනිමි
      පාර ඇසූයේ ඇයිදැයි නොකියමි
      අපේ ගමන අද නවතනු හැකි නම්
      අප යන ගමන ද අද මෙතැනින් නිමි

      ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න
      සංගීතය – විශාරද ගුණදාස කපුගේ
      ගායනය – විශාරද ගුණදාස කපුගේ

      Delete
  7. Ravi,
    UNP ආණ්ඩුව ආපු ගමන් වගේ චීනෙන් චිකන් ආනයනය කලා, සතොසෙන් විකිණුව, මතකද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      යූඑන්පී එක ආපු ගමන් එහෙම එකක් කලාද? මට මතක නෑ බොලේ...

      Delete
    2. ඔව් වොව් චීන කුකුල්ලු ගෙනැව නේන්නං,මට හොඳට මතකයි.විකිණෙන්නෙ නැතුව තියෙද්දී මාකටිං ඩිපාට්මන්ට් එක හරහා ඉස්පිරිතාලවල කෑමට එව්වා.

      Delete
    3. හොඳ වෙලාවට හැලපෙ කිව්වෙ,
      මට හිතීගෙන ආවෙ මං හීනෙන් දැකල කියල මොකද රවී ට මතක නැතිදෙයක් ලංකාවෙ හැටේ දශකයේ අග ඉඳල අනූ ගණන්වගේ වෙනකං තිබුනා හෝ වුනා කියල හිතන්න අමාරු නිසා

      Delete
  8. කාටවත් කියන්න එපා .මාත් හරි ආසයි කුකුල් හම් කන්න .(උයලා හොදේ...)

    අද කතාවත් හොදට රසවින්දා ..........................:)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      ආය කාට කියන්නද බං? කුකුලෙකුට කිව්වොත් මිසක...:)

      ස්තූතියි මැඩම්!!

      Delete
  9. ගං කුකුළව නං හම ගහල කාල වැඩක් නැ බං

    ReplyDelete
    Replies
    1. අටම්,

      අනික් එවුනුත් එහෙම තමයි බං..මම කැමතිම නෑ ඔය හම ගැහිල්ලට. ඒත් කොහෙද අපිට ඕන විදිහට කිසි දෙයක් කරන්ට තියනවය මේ සංසාරෙ...:(

      Delete
  10. ඈ රවියෝ.... අර කියපු මේසේ උඩ මම හිතන්නේ උඹල දෙන්න විතරයිනේ බන් අඩු? මට ඇත්තටම ඔහොම බඩු මේසයක් උඩ පුරෝලා තියෙනවා දැක්කහම පුෂ්ප යායක් විකසිත වෙනවා ( මගේම මේසේ , මම විසින්ම කරලා තියෙනවා දැක්කත්.. හි.. හි...)

    ඔය කියපු ටෙලිනාට්‍ය ( ටෙලි චිත්‍රපටි) වලට මේකත් එකතු කලොත්?
    හිරුට මුවාවෙන්
    දුන්හිඳ අද්දර
    පොද වැස්සක් ( මේකට අපේ අප්පච්චිගේත් සම්බන්ධයක් තියෙනවා.. හි.. හි... සල්ලි නැහෙන කලාකාමී ගති තමයි)
    කන්දේ ගෙදර
    දළ රළ පෙළ
    සුනිමල්ගේ වික්‍රම
    පුංචි පැටව්
    අඹ යහළුවෝ
    නිදිකුම්බා මල්
    ඉරට හඬන මල්

    තව එකක් තිබ්බ මට කතාව විතරයි මතක. අර මිනීමැරුමක් වෙලා, ගෙවල් දෙකක ඉන්න දෙගොල්ල එකාට එකා සැක කරනවා. කුතුහලය උපරිමයි.

    තව ඉතින් ලියන්න එමටයි. කොහෙද රවීගේ පොස්ටුව පිස්සු පලා මල්ලක් හින්ද මෙතන කෙටියෙන් කොමෙන්ටුවක් කොටන්න බැහැ , පොස්ටුවක් වෙනවා.. හි.. හි.... මට ෂුවර් මෙතන විමලෙක් නැහැ කියල...අනේ ඔව්

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      / තව එකක් තිබ්බ මට කතාව විතරයි මතක. අර මිනීමැරුමක් වෙලා, ගෙවල් දෙකක ඉන්න දෙගොල්ල එකාට එකා සැක කරනවා. කුතුහලය උපරිමයි./

      මෙහෙම එකක් නම් මතකයි. ලඟ ගෙවල් දෙකක කෙල්ලයි කොල්ලයි යාලුයි. කෙල්ලගෙ ගෙදරින් වැඩේට විරුද්දයි. ඒ අස්සෙ කෙල්ලගෙ අයිය අබිරහස් විදිහට මැරෙනව. අල්ලපු ගෙදර කොල්ලව අරෙස්ට් කරනව සැකපිට. කතාවෙ නම මතක නෑ, නිල්මිණියි පාලිතයි වගෙ හිටියෙ.

      / මට ෂුවර් මෙතන විමලෙක් නැහැ කියල...අනේ ඔව් /

      ඇයි බං අර අන්තිමට විමලෙ ගැන කතාවක් තියෙන්නෙ...

      Delete
    2. //කතාවෙ නම මතක නෑ, නිල්මිණියි පාලිතයි වගෙ හිටියෙ//
      දිය සුළිය ගැනද කියන්නේ උදය කාන්ත හදපු.

      Delete
    3. දියසුලිය දියසුලිය....හහහා.....

      Delete
    4. මනෝජ් / සයුරි,

      යස් සර් ඇන්ඩ් මැඩම් ..තෑන්ක්ස් සෝ මච්..ඔන්න මතක් උනා..දියසුළිය තමයි..උපාලි වනිගසූරියගෙ නවල් එකක්..

      Delete
    5. දියසුළිය ??
      ඒකෙදි කෙල්ලගේ අය්යා මැරෙන්නේ අභිරහස් විදියට නෙවෙයි අනේ.... දෙන්න පැනල යන්න කියල ප්ලෑන් කරනවා.. පැනල යන්න නංගි ( එයාගේ නම චතුරි ) කෙල්ලට යන්න නොදී අල්ලාගෙන බෙරිහන් දෙනවා. අය්යා දුවගෙන එනවා, කොල්ලයි අය්යයි රණ්ඩු වෙනකොට මිදුලේ තිබ්බ උදැල්ල උඩට වැටිලා අය්යා මැරෙනවා.

      මම කිව්වේ එහෙම කතාවක් නෙවෙයි. ඊට කලින් කාලේ කතාවක්. මතක විදියට දර්ශන තල පවා ස්ටුඩියෝ ඇතුලේ තිබ්බේ. අන්තිමට මිනීමරුවා අර ගෙවල් දෙකේම අයිතිකාරයා.

      Delete
    6. උපේක්ෂා,

      හරි හරි අයිය උදැල්ල උඩ වැටිල තමයි මැරෙන්නෙ නේද? කවුද බං අයියට හිටියෙ? සිරිල් ධර්මවර්ධන වගෙ මට මතක...

      Delete
    7. ශ්‍රියන්ත මෙන්ඩිස්

      Delete
  11. ටෙලි ලිස්ට් එකට කඩුල්ල,කඩවර එහෙමත් ඇතුල්වෙන්න ඔන නේද?
    කුකුලගෙ හම අයින් කලාම රස අඩුයි.එ වුනාට බියිලස්නම් අයින් කරන්න ඔන.ගමෙ එකානම් අවුලක් නැ

    ReplyDelete
    Replies
    1. දමිත්,

      යස්, කඩුල්ල සහ කඩවර ඇතුල් වෙන්න ඕන තමයි..

      Delete
  12. ඔය කුකුල් හම ටොප් එකට ඩීප් ප්‍රයි කරල ඇපිටයිසර් එකක් මැලේසියන් රෙස්ටොරන්ට් වල තියනවා.අනික රවි KFC එකේ කුකුලගෙ ඔය හම කන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කුකුල් හමෙන් ඔය වගෙ කෑම හදනව නොයෙක් රටවල... ස්තූතියි ඇනෝ...

      Delete
  13. හම නැතුව කුකුල කනවට වඩා හොඳයි නිකම්ම පාන් කඩාගෙන කනව. විශේෂයෙම්ම ග්‍රිල්, බාබිකිව්, බ්‍රෝස්ටඩ් කුකුලන්ගෙ හමනෙ රසම ටික.

    ඔය හං කෑම වගේම ඊට දරුණු ගේමක් පළපුරුදු චෙෆ්ලත් හිටපු සෙට් එහෙකට දුන්න අපි කටාර් උන්නු කාලෙ. කමෙන්ට් කෙටුවම පාඩුයි ඒ කතා, ම්කද කෙලිම්ම පෝස්ට් කට්ටක් කොටාගතෑකි. ඒ හින්ද කම්මැලි ගියාම ලියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      බොකු බඩවැල් උයල දුන්නය?

      Delete
  14. මම කෝකටත් කියලා කඩල ටිකක් පෙඟෙන්න දාලා ආවා මේක කියවන්න පටන් ගනිද්දිම ;)

    ඔය ටෙලිඩ්‍රාමා සීන් එක මටත් මතකයි මැණික් නදිය ගලාබසී නේද ඉරිදා හවසට තිබ්බේ. අනේ අපි කට උඩ දාන් බලන් ඉන්නවා එකම කෑල්ල මුළු නාට්‍යයටම. මිහිකතගේ දරුවෝ කියන්නේත් ඉරිදා හවසට එකක් නේද? ඇල්ල ළඟ වලව්වේද එතකොට අර ලාදුරු හැදෙන්නේ? අචලා අලස් හිටියේ? කසිප්පු කතාවකුත් තිබ්බා නේද හඳගමගේ දුන්හිඳ හරි මොකක් හරි. එකින් එකට බලලා නැති වුනත් ඒ කාලේ නාට්‍යය නම් රහයි. දිය සුලියද මොකක්ද මන්ද තිබ්බා ආයෙත්. ගේ කුරුල්ලෝ වගේ එකකුත් නිල්මිණි තෙන්නකෝන් වෙන්න ඕනේ හිටියේ.
    අර රවියගේ මුල් ප්ලේන් එකක පින්තූරෙ දැක්කම මට හිතුනේ ලක්සරි කොපි ලොන්ජ් එකක් වගේ කියලා. අපිට ඒ කොයින්ද ඒ සැප අපි ප්ලේන් වල යන්න පටන් ගන්නකොට ප්ලේන් වල ගඩොල් අහුරනවා වගෙ නෙව...
    කුකුලාගේ හම ඔය වැදගත් විදියට කන්නේ නෑ නේ. රෝස්ටඩ් චිකන් වල හෙම නම් හිටි ගමන් මම වැදගත්කම පැත්තකට දාලා කාලා දානවා හම. අර පිදුරු ගලවලනවා වගේ ඒකේ මස්ටිකට වඩා හම තමයි ඒකේ රහ මට නම්...

    ReplyDelete
    Replies
    1. රංගි,

      හපොයි, ටෙලි චිත්‍රපට නම් කීයක් කියලද? ඒ ගැන ලිව්වැකි තව පෝස්ට් හත අටක් ඇහැ පියාගෙන....හෙහ්,හෙහ්,

      / අපිට ඒ කොයින්ද ඒ සැප අපි ප්ලේන් වල යන්න පටන් ගන්නකොට ප්ලේන් වල ගඩොල් අහුරනවා වගෙ නෙව… /

      ඒකනෙ බොලේ..කියල වැඩක් නෑ.මමත් ඔය පින්තූර දැක්කෙ අහම්බෙන්. බෝයිං 747 ගැන හොයනකොට. දුක හිතෙනව අප්පා අපි යන විදිහ මතක් උනහම...ලබ්බෙ තොයිලෙ වගෙ....මොනව කරන්නද තුක තමයි රංගී කිව්වලු

      Delete
  15. මේ කතාවට කමෙන්ට් එකක් හරියට ලිව්වොත් වෙන වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නෑ.

    මම හිටියත් කරන්නේ සඳා ඉතිරි කරපු කඩල ඇට පොතු ටික කාලා දාන එකයි. ඒත් බ‍ටු පොතු, තක්කාලි පොතු, විශේෂයෙන්ම කොස් ඇට පොතු සහ මුරුංගා පොතු එක්ක නම් රිස්ක් එකක් ගන්නේ නෑ මචෝ.

    උඹලා අර බිම ඉඳගෙන පිට බිත්තියට හේත්තු කරගෙන ඉන්නතැන්වල ඔලුගෙඩි හේත්තු කරගෙන හිටපු තැන බිත්තියේ තිබ්බ පැච් වලට මොනවද මචං කලේ?

    සිංහල ටෙලි නාට්ටිය වල හැරෙන්න කාලේ නාස්ති කරන එක නම් මහා පව්කාට වැඩක් බං. අනික කතා කරන්නේ අහක බලාගෙන. වාක්‍යයක් කියලා නැගිටලා ජනේලේ ගාවට යනවා එකෙක්. අනිකා ගිහින් පිටිපස්සෙන් හිටගෙන අරූගේ පිටට කතා කරනවා. අරූ ජනෙල් කූරු වලට උත්තර දෙනවා ඈත තියෙන පොල්ගහ දිහා බලාගෙන. නොදකිං.

    ReplyDelete
    Replies
    1. කැමරාවට දෙන්නගෙම මූණ පේන්න බං එහෙම කරන්නේ.... අනික උඹට ඇහිලා නැද්ද, බලං ඉන්න මිනිස්සුන්ට කියන දෙබස්.... ඔන්න ගෙදර සහෝදරයයි සහෝදරියයි කතා කරනවා .. "තාත්ත මැරුණෙ හොඳටම දුක් විඳලා" වගේ ඒවා... ඒවා කියන්න බලන උන්ගේ දැනගැනීම පිණිස....

      Delete
    2. Henry,

      / මම හිටියත් කරන්නේ සඳා ඉතිරි කරපු කඩල ඇට පොතු ටික කාලා දාන එකයි. /

      තොට කියයි හොඳවයිං දෙකක් අපෙ උන්දැ..

      / උඹලා අර බිම ඉඳගෙන පිට බිත්තියට හේත්තු කරගෙන ඉන්නතැන්වල ඔලුගෙඩි හේත්තු කරගෙන හිටපු තැන බිත්තියේ තිබ්බ පැච් වලට මොනවද මචං කලේ? /

      අපි දෙන්නම මචං ඔලුගෙඩිවල තෙල් ගාන්නෙ නෑ. තෙල් තියා වෙන මොකවත්ම ගාන්නෙත් නෑ. ඒ නිසා එහෙමට පැච් එකක් හිටියෙ නෑ.

      / අරූ ජනෙල් කූරු වලට උත්තර දෙනවා ඈත තියෙන පොල්ගහ දිහා බලාගෙන. නොදකිං. /

      හෙන්රි, මාර ආතල් බං එහෙම කතා කරන එක. නිකමට මම කිව්වට කරල බලපං දීප එක්ක......

      ඔන්න දීප අහනවලු මෙහෙම…" හෙන්රි ...මම මේ කල්පනා කලේ මේ අවුරුද්දෙ අන්තිමට ලංකාවට යනවද නැත්තං නිවාඩුව මෙහේම ඉන්නවද කියල? "

      ඔහොම කියනකොට උඹල දෙන්න ඇඳේ ඉඳගෙන ඉන්නෙ. උඹ හෙමිහිට නැඟිටල යනව ජනේලෙ ගාවට. මචං ජනෙල් වල දැං කූරු නෑනෙ. ඒත් මේ සීන් එකට උඹට තියන ජනේලෙ ගලවල කූරු දාපු ජනේලයක් හයි කරගන්නම වෙනව. සීන් එක මල් පහට එන්ට නම් සල්ලි සල්ලි කියල බලන්න එපා. වින්ඩෝ රිප්ලේසිං එක අනිවා කරපං....ආ...තව එකක්...අලුතෙන් හරි කරන ජනේලෙට මතක ඇතුව සිරස් කූරු පහක් දාපං හරිය? ..It's very very imported.

      දැන් ජනේලෙ කූරු තියනවනෙ පහක්....... වම් පැත්තෙ ඉඳල දෙවෙනි කූර උඹ අල්ල ගන්නව වම් අතින්. හතරවෙනි කූර දකුණු අතින්..ඊට පස් සෙ ජනේලෙන් පේන තල්ගස් පෙල ( තල්ගස් පෙලක් පේන්නෙ නැත්තං කේස්, උඹට වෙනව තල් ගස් පෙලක් ඉන්දන්න...හරි ඒක ඕන නෑ. එව්ව වියදං වැඩ ) ..හරි තල්ගස් නැත්තං පේන මොනව හරි ගහක් දිහාවෙ උඹ බලා ඉන්නව විනාඩි දෙකක් විතර. ඊට පස් සෙ ඔලුව ක්ලොක්වයිස් හරවනව පිටිපස්සට. නයින්ටි ඩිග්‍රීස් ඔලුව හැරෙන අවස්ථාවෙදි (At that pont you should be looking along your right shoulder ) උඹ හතරවෙනි ජනෙල් කූර අල්ලගෙන ඉඳපු දකුණු අත අත ඇරල හෙමිහිට ඇස් දෙක පිහගන්නව. ( ඒ ඇස් පිහින සීන් එක බොහොම භාවාතිශය විදිහට කරන්ට ඕන. දන්නවනෙ භාවාතිශය කියන එක නේද? සැන්ටිමැන්ටල් කියන්නෙ අන්න ඒක )

      ඒ සැන්ටිමැන්ටලි ඇස් පිහින අතරෙ ඔලුව කැරකිල්ල දිගටම කෙරෙනව. ( පූර්වාදර්ශයක් තියනව. උඹට මතක නම්. The Exorcist ෆිල්ම් එක මතකද. එකේ අර යක්සය වැහෙන පොඩි කෙල්ල ෆාදර් දිහාවෙබෙල්ල කරකවල බලන්නෙ අන්න ඒ විදිහට කාඅනං මල් හතයි, පහන් දාහතරයි, හඳුන් කූරු විසි අටයි )

      ඔලුව කරකවනකොට සම් ටයිම්ස් දීපා පහුකරල ඔලුව ගියොත් වහාම කර කැවිල්ල නතර කරල ආපහු ඔලුව ගෙනෙං දීපා දිහා එක එල්ලේ බලා ඉන්න ඉරියව්වට. ඒ කරල බොහොම හැඟීම් බර කටහඬකින් මෙහෙම කියාපං.." දීපා මම මේ ඔයාට කියන්නම කියල සෑහෙන කාලෙක ඉන්දල හිතාගෙන හිටියෙ. ඔයා කලබල වෙන්න එපා මෙහෙම කිව්වට.........."

      පළමුවන දිගහැරුමේ අවසානය...

      පලි - මම ඔහොම ටෙලිෆිල්ම් වල විදිහට කතා කරන්න ගිහිල්ල වෙච්චි සීන් එක ආයෙම දවසක ලියන්නං

      Delete
    3. :) මටත් එපාම කරපු වැඩේ තමා සිංහල ටෙලි නාට්‍ය වල කාලේ කන එක. හුස්මක් අරන් පිට කරන්නත් විනාඩි පහක් යනව ඉතින් මේ මොන මකබාවක්ද කියල උස්සල ගහන්න හිතෙනව පොලේ... වාසනාවට දැන් ඕව බලන්නෙ නෑ

      Delete
    4. හැක්.. ඔය විදියට කළොත් හෙන්රියව පිස්සං කොටුවකට ගිහිල්ල දාල තමයි සීසන් එක අවසන් වෙන්නෙ.

      Delete
    5. Dimuthu,

      / හුස්මක් අරන් පිට කරන්නත් විනාඩි පහක් යනව /

      එහෙම තමයි බොලේ..අපි ඉතිං ඇවිල්ල බොහොම නිස්සද්ද සාන්ත දාන්ත ජාතියක් නෙව. හැම දෙයක්ම බොහොම හෙමිහිට නිවි සැනසිල්ලෙ නෙව කරන්නෙ.

      Delete
    6. Exorcist එකේ කෙල්ලගේ නම ලින්ඩා බ්ලෙයා. ලස්සන කෙල්ල නේදබං බෙල්ල අනිත්පැත්තට ගියාට?
      උඹේ නිර්මාණයට යන වියදම ගැන හිතලා වැඩේ අතෑරියා මචං.

      Delete
  16. ඔයාලට අමතක උනාද​? මෑතක ගියා " තක්සලාව​" කියල ටෙලිනාටකයක්. හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      තක්සලාව බලල නෑ. මෑතක ගිය ටෙලි චිත්‍රපට බොහොමයක් මට මඟ ඇරුනා.

      Delete
    2. තක්සලාව!!

      මරු මරු .. කියල වැඩක් නැහැ... ඔය ඕනේ තරම් තියෙන්නේ නෙට් එකේ බාගෙන බලන්නකෝ... ඒක හරිම ලස්සන කතාවක්. රංගනය උපරිමයි හැමෝගෙම.
      ගොඩක් වෙලාවට මොන විගඩම් නාට්ටි ගියත් වීක් එන්ඩ් එකේ 8.30-9.30 ස්වර්ණවාහිනියේ යන්නේ සාමාන්‍යයෙන් හොඳ ඒවා. දැන් යනවා චෙස් කියල එකක්. ගොඩක් හොඳයි.

      Delete
    3. උපේක්ෂා,

      හරි , හරි තක්සලාව බලන්න ඕන..ඉස්පාසුවක් ලැබුනු වහාම...:)

      Delete
  17. ඔය නාඹර තැඹිලි පාට
    රුපය මට ලැබුණු දාට.
    පාන පත්තු නොකෙරුවාට
    ගෙදර එලිය වැටෙයි රෑට.

    මේ සිංදුව මතකද ? නාට්ටියේ නම ගමන නේද ලයනල් රංවල එහෙම හිටපු...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඕක බොහොම පරණ චිත්‍රපට ගීතයක් නේද?...එඩී ජයමාන්න මට මතක විදිහට කියන්නෙ.

      Delete
    2. චිත්‍රපටිය දෛවයොගය.

      Delete
    3. හෙහ් හෙහ් රවී අයියා, බුරා ඔය සිංදු කෑල්ල මම මුලින්ම ඇහුවේ ඔය නාට්ටියෙන්.. මම හිතුවේ එක නාට්ටියේ සිංදුවක් කියල.. ස්තුතියි

      Delete
    4. ඕක තිබ්බේ 'ගමන' කියල ටෙලිනාට්‍යයේ.... හිටියේ ප්‍රියංකර පෙරේරා, ටෙනිසන් කුරේ. ඔය සින්දුව ඇත්තටම තිබ්බේ හද්දා පරණ මුවි එකක. නමුත් මේ නාට්‍යයේ ඕක කිව්වේ අර පිස්සු හැදිච්ච එකෙක්.. නට නට.... නේද පැතුම්?

      Delete
    5. අඩේ ගමන මට මතකයිනෙ..කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගෙ ටෙලියක් නේද?

      ආදර සීනුව දෙව්ලොව දොරලඟ රැව් දෙන්නේ.
      *************************************
      *************************************
      ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ..


      ඔය සිංදුව තිබ්බෙ ඕකෙ නේද? අර බයිසික බෙල එකක්ද කොහෙදත් ගහනව නේද ඔය සිංදුවෙ මියුසික් වෙනුවට...:)

      පලි - තරු දැම්මෙ අසබ්බියයි කියල එහෙම නෙවෙයි හොඳද? ඒ පේලි දෙක මට මතක නෑ ඒකයි...:)

      Delete
    6. අහ් මම් පුරවල දෙන්නම්
      "ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ"
      "ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ"

      ඔය සින්දුවයි බයිසිකල් බෙල් එකයි විතරයි මට මතක. ඕක මොකේ තිබ්බ එකක්ද මොනවට කිව්ව එකක්ද කියලනම් මතක නෑ. එතකොට මම ටෙලි නාට්ටි බලන්න අවතීර්ණ වෙලා නැද්ද කොහෙද. හෙහෙ...

      ආ තව "හුමාලය" කියලා එකක් තිබුනා මතකයි.

      Delete
    7. ඒ බෙල් තාලය ගොඩක් ජනප්‍රිය උනා. තවත් ඒ සීරිස් එකේම එකක් ආව, ඒකනම් එතරම් නැගල ගියේ නැහැ.

      මට ඉස්සර පට්ට ලෙඩක් තිබ්බ දෙයක් දැක්කොත්, ඇහුනොත් එක පාරින් කටපාඩම් වෙනවා. අවුරුදු 3 වෙනකොට අහපු දේවල් උනත් මට අදත් මතකයි. හැබැයි ඔය ලෙඩේ මම AL කරනකොට හොඳ උනා.

      ඒ හින්ද මට යශෝරාවය, පළිඟු මැණිකේ, ගංගා සහ නිශ්ශංක වගේ කතාවල් වල දෙබස් උනත් මතකයි. සමහර ඒවා මම බැලුවේ අපේ අප්පච්චිගේ රෙකෝඩ් බාර් එකට පින් සිද්ද වෙන්න.

      Delete
    8. වානම් වා පොනම් පෝ
      කම්ම ගෝ චිකාගෝ ....

      කියල රන්වල බයිසිකලේට හුලං ගන්නේ

      Delete
  18. ඈ බොල අලුත බැඳල ආපු ජෝඩුවකට ටෙලි නාට්‍ය බලනව ඇරෙන්න ලයිට් නැති වෙලාවට කරන්න වෙන මොකුත් තිබුණෙ නැද්ද? :D

    ඔය ගොඩක් ටෙලි නාට්‍ය ඒ කාල‍ෙ 3.00 ට 3.30 ට වගේ ගියා. ඒ වෙලාවට ඉතිං කොහේ හිටියත් ටිවී එක ගාව තමයි. දැන්නං මොන ලබ්බවත් බැලෙන්නෙ නෑ.

    ඔය වැවක් සම්බන්ධ ටෙලියක් ෂූට් කරද්දි තුවක්කුවක් පත්තුවෙලා ගෑනු කෙනෙක් මැරුණ සීන් එක මතකද. පස්සෙ ඒ ටෙලියෙ නමත් වෙනස් කළා ඒ හේතුව හින්දම. ඒ කේස් එකේදි අපේ අයිය කෙනෙකුටත් වැදිල තිබුන යන්තං. මිනිහ තමයි ඒකෙ ඇසිස්ටන්ට් කැමරා හිටියෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං, මතක නැද්ද ඒ කාලෙ ලයිට් කැපුවෙ එකදිගට පැය 5-6 නෙ. පැය පහක් හයක් මොනා කොරන්ටද බං? :-P

      Delete
    2. Praසන්ன,

      / ඈ බොල අලුත බැඳල ආපු ජෝඩුවකට ටෙලි නාට්‍ය බලනව ඇරෙන්න ලයිට් නැති වෙලාවට කරන්න වෙන මොකුත් තිබුණෙ නැද්ද? :D /

      කණා බල්ලං ගහනව වගෙ එහෙම මොකටද බං? දර්ශන කාමය කියල එකකුත් තියනව අහල නැත? අනික අර බූර කියන්නැහෙ ලයිට් ගිය වෙලාවෙ ඉඳං ආපහු ලයිට් එනකල් හෝරා පහ හයක් එක දිගට ඔය වැඩේ කරන්ට උඹ හිතන්නෙ අපි ඔය නෝටි අමරිකා වල ඉන්න නලු නිලියො කියලද? :)

      / ඔය වැවක් සම්බන්ධ ටෙලියක් ෂූට් කරද්දි තුවක්කුවක් පත්තුවෙලා ගෑනු කෙනෙක් මැරුණ සීන් එක මතකද. පස්සෙ ඒ ටෙලියෙ නමත් වෙනස් කළා ඒ හේතුව හින්දම /

      ඒ අර ඉසිවර අසපුව නේද? ජනක කුඹුකගේ හිටියෙ ඒ කතාවෙ දුෂ්කර ගමකට ස්වේච්ඡාවෙන්ම සේවයට යන වෛද්‍යවරයෙකුගෙ චරිතයට.

      Delete
  19. බොලා ඔක්කොටොම තවත් එක ලස්සන ටෙලියක් අමතක වෙලානෙ.ඇයි අඳුකොළ අමතක කලේ.අඳු කොළ ගැන බොලා දන්න දන්න දේවල් කියහල්ලාකො.මං ඉතුරු හරිය කියන්නං.

    ReplyDelete
    Replies
    1. //අඳුකොළ//
      එහෙම එකක් අහලාවත් නැහැනේ බං හැලපයියේ,උඹ සම්බන්දව හිටපු එකක් වෙන්න ඇති නේද ටෙලිවිව් එකේ.

      Delete
    2. හැලප,

      අඳුකොළ කියල ටෙලිෆිල්ම් එකක් බැලුව මතකයි..බොහොම අපූරු කතාවක් කියලත් මතකයි..එපමණයි..ආ..සමන් අතාවුදහෙට්ටිගෙ මොකක් හරි සම්බන්ධයක් තියනව කියලත් මතකයි..රයිට් හැලප්ස්, දැට්ස් ඕල් අයි රිමෙම්බර් ෆො ද මෝමන්ට්, ..නව් ඉට්ස් යුවර් ටර්න්. ටෙල් අස් වට් යූ නෝ අබවුට් අඳුකොළ? ඕකේ???

      Delete
    3. නතිං මච් මචං.සමන් අතාවුදහෙට්ටි ඩිරෙක්ටර්.කරපු හැටි ගැන සමන් මට විස්තර කිව්වා.ජේ වී පී කලබල තිබ්බ කාලෙනෙ.ෂුට් කරන්න ගිහිං වෙච්ච කරදර.මම පෝස්ට් එකකටම ලියන්නං.

      Delete
    4. ජෝ මහත්තයද , සතිස් ලොක්කද බං ඒකේ හිටියේ , අර කුඹුරකට පැක්ට්රියක ජරාව එන සීන් එකක් තිබ්බ ටෙලිය නේද

      Delete
  20. පසුගිය දිනවල ඉතාම කාර්ය බහුල තත්වයක හිටියේ. ඒ නිසයි එන්න බැරිවුනේ. තනි අකුරේ වැකි ගැන කලකට ඉහතදී මම ලියපු ලිපියක් මෙන්න මෙතන තියනවා

    ග්‍රැන්විල් රොද්‍රිගෝ රෝහලේ සිටියදී ඔහුගේ පර්ස් එක නැතිවුණා. මේ ගැන ඔහුගේ බිරිඳ රෝහල් කාර්ය මණ්ඩලයට දොස් කියලා තිබුනා. ඒ ගැන ඇය මාධ්‍ය වලටත් කියා තිබුනා. ඊට පස්සේ රෝහල් කාර්ය මණ්ඩලය ඔහුගැන නොසලකා හැරීම නිසා සෙප්ටිසීමියා තත්වය උග්‍ර වුණා කියලා කියනවා.

    බලනකොට අපි කවුරුත් බැඳපු අලුත ලබ්බේ තොවිලේ කළා වගේ තමයි ගෙවල්වල ඉඳලා තියෙන්නේ. බොහොම සුන්දර අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ස්තූතියි විචාරක...ඔන්න ග්‍රැන්විල්ගෙ පර්ස් එක නැතිවෙච්චි සීන් එක මට මතක් උනා,,හැබෑටම එහෙම රාවයකුත් පැතිරුනා තමයි නේද ඒ දවස්වල?

      / බලනකොට අපි කවුරුත් බැඳපු අලුත ලබ්බේ තොවිලේ කළා වගේ තමයි ගෙවල්වල ඉඳලා තියෙන්නේ. බොහොම සුන්දර අත්දැකීම්. /

      අඩේ හමුදාවෙත් එහෙමද? මම හිතං හිටියෙ හමුදාව කිව්වම ආය නෑ පූර්ණ පහසුකම් කියලනෙ..හෙහ්,හෙහ්,

      Delete
    2. ගැන්විල් මැරුනේ නැත්තං '' මායාවෝ අකල් මකෝ '' සින්දුවට උසාවි යන්ඩ වෙනවා , සිරම්බඩියේ කට්ටිය ලෝයර් කෙනෙක් අල්ලල එහෙම හිටියේ ලොක්කව නග්ගන්ඩ

      Delete
    3. මම පුත්තලමේ වැඩ කරපු කාලේ ඒ කට්ටිය ගෙන්නලා කෑම්ප් එකේ නියම ෂෝ එකක් කළා. සෑහෙන ගානක් ගෙවන්න වුණා එයාලට.

      Delete
  21. යකඩෝ අර මේසේ උඩ නොතිබ්බ දෙයක් නැහැනේ රවීයියේ,
    ඒ කාලේනේ නාට්‍ය තිබිලා තියෙන්නේ.දැන් ඔය ටෙලි චිත්‍රපටි කොයි තරම් තිබ්බත් වැඩක් නැහැ.එකම කතාවක් තමයි පෙන්වන්නේත්,රඟපාන්නෙත්,කතාවේ නමයි චරිතේ නමයි විතරයි වෙනස්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      එහෙම තමයි බං ගෙදරටම තිබ්බ එකම මේසෙ..තිබ්බ සබ්බ සයුරම, සේසතම තිබ්බෙ ඕක උඩ තමයි...:)

      Delete
  22. මේ ටෙලි නාට්‍ය ලයිස්තුවෙ සමහරක් මගෑරිල වගෙයි. යශෝරාවය,දූ දරුවො කෝ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මට ඒ වෙලාවෙ මතක් වෙච්චි එව්ව විතරයි බොලේ ලිව්වෙ...තව තියනව සෑහෙන්න මඟඇරිච්චා...:)

      Delete
  23. ටිකක් විතර ලඟදි ආපු ඒවගෙන් මම කැමතිම ටෙලියක් තමා "සතරදෙනෙක් සෙන්පතියෝ". ඒ ටයිප් එකේ එව්වට මම කොහොමත් කැමතියි. විශේෂයෙන්ම ඔය පහුගිය ආත්ම සම්බන්ධ කතා වලට. ඒවායේ අමුතුම ගතියක් තියනවා අප්පා :)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      සතර දෙනෙක් සෙන්පතියෝ බලන්ට හම්බ උනේ නෑ සයුරි..ඒක හොඳයි කියල මගෙ යාලුවො කීප දෙනෙක්ම කිව. බලන්ට හිතාගෙන ඉන්නෙ. සතර දෙනෙක් සෙන්පතියෝ කිව්වම මට මතක් වෙන්නෙ හුණු වටයේ කතාව………….

      සෙන්පතියන්ගේ ගීතය.......

      සතර දෙනෙක් සෙන්පතියෝ ,
      මඟට වැදී යුදට ගියෝ,
      යුද්දෙට ගිය ඔලු ගෙඩියෝ
      උන්ගේ හැටි කියාපියෝ,

      පළවෙනියට බියක් හිතේ,
      දෙවෙනියා මඟ මැරෙතේ,
      තුන්වැනියා පැන දුවතේ,

      සිව්වෙනියෙක් මඟ එන්නේ,
      ඔහු නැහැ යුද්දෙට යන්නේ,
      ඉරහඳ තරු පායන්නේ,
      ඔහුටලු ලොව බලපන්නේ.

      Delete
    2. නග‍රෙන් නගරය ගෙවා ගොසින්
      මහා මඟට බැස යන තරුණී
      කඳුරට පෙදෙසට උතුරුක‍රේ
      යන අතරේ පිය මනිමින්

      ගැයුවාය ගීයක්... කිරිත් ගනිමින් මිල දී...

      මිනිස් දුවනි අසරණ වූ මේ
      ගැලවෙන්නද කොයි ලෙසකින් වත්
      රුධිර පිපාසිත වූවන්ගෙන්
      උගුල් අටවනා රකුසන්ගෙන්

      කඳුරට දේසෙට පාළු වූ
      මඟ නොමඟ ඇවිදිමින් තරුණී
      මැකෙන්ට ඇගෙ තද පාළුව
      ගියා මෙසේ ගයමින් ගීයක්

      සෙන්පතියන්... සිවුදෙනා ගේ... ගීතය...

      සතර දෙනෙක් සෙන්පතියෝ
      මඟට වැටී යුදට ගියෝ
      යුද්ධෙට ගිය ඔළුගෙඩි‍යෝ
      උන් ‍ගේ හැටි කියාපියෝ

      පළවැනියට බියක් හිතේ
      දෙවැනියාට හති වැටෙතේ
      තුන්වැනියා මඟ මඟ මැරෙතේ
      අන්තිමයා පැන දුවතේ

      පස්වැනියෙක් මඟ එන්නේ
      ඔහු නෑ යුද්ධෙට යන්නේ
      ඉර හඳ තරු පායන්නේ
      ඌටලු බොල බලපන්නේ

      Delete
    3. එතකොට අර,

      හෙළ ගැඹුරුයි - පුත නොබලන්
      හෙලවෙනකොට - වැල් පාලම
      දෑස පියන් - බිම නොබලන්
      අපට පුතේ - මගක් නැතේ
      මේ මග මිස - යමන් පුතේ
      දෙවියො බලයි - මුහුණ ඔබේ

      තියෙන්නෙත් හුණු වටයේ කතාවේම නේද

      Delete
    4. Yes, වැල් පාලමේ ගීතය...

      Delete
    5. Buras & Sayurees,

      යුද්දෙට මං ගියා,
      ගෑණි ගෙදර තියා,
      මගෙ යාළුවො මං එනතුරු,
      උන්දැ බලාගයි නිරතුරු,
      මගෙ යාළුවො මං එනතුරු,
      උන්දැ බලාගයි නිරතුරු,

      ස්වර්ගෙට ගිය කලේ,
      උන්දැ ඒවි බොලේ,
      අපොයි මගේ හා පැටියා,
      කියා අඬයි බොලේ.

      Delete
    6. මම බට්ට කාලේ TV එකේ හුණුවටයේ කතාව ගියා. එතකොට අසඩක් තමයි 'හෙන්රි ජයසේන' ( මම ආසම අසඩක්) බට්ටෙක් උනාට මම හොඳටම ඇඩුව , වැල්පාලමේ ගීතය ඇහුවේ පපුව පත්තු වෙමින්. අනේ මන්ද මට ගොඩක් ලොකු කම්පනයක් ආව ඒ අම්ම දරුවා වෙනුවෙන් කරන දේවල් දැකල. අදටත් මම විදින්න ආසයි.

      Delete
    7. මේක බලනවා නම් පැය තුනක එඩිටඩ් වර්ෂන් එකක් හොයා ගෙන බලන්න.

      රූපවාහිනියේ ගිය සීරිස් එකේ රෙකෝඩින් එකට ඉලාස්ටික් පරාදයි.

      Delete
  24. //
    එහෙම කියල සමරෙ තොල හපාගෙන එක දිගට වතුර බාල්දි හත අටක් නාගෙන නාගෙන නාගෙන ගියා....
    //
    මගේ යාලුවෙක් හිටිය, ගෑනු ළමයෙක්ගෙන් යාලු වෙන්න අහල "බැහැ" කිවුවම කරන්නේ කෑම කඩේකට ගිහින් රුපියල් පන්සීයක විතර කෑම අරගෙන කාගෙන කාගෙන යන එක. ඔහොම හතර පාරක් විතර සිද්ද වුනා, පස් වෙනියා "හා" කිවුව.
    ටෙලි නාට්ටි ගැන වැඩිය මුකුත් කියන්න තරම් මතකයක් නෑ. ඔය කියන්නේ මම ඉපදුනු කාලේ ගිහිපු ටෙලි නාට්‍ය ගැන. ඒ කාලේ ගෙදර අයත් එක්ක ඕව බැලුව, තේරුනේ නැහැ. ඕවගේ නැවත විකාශය ගියා මට තේරෙන කාලේ. ඒව නම් බැලුව. අර උඩින් කියපු මිනීමැරුමක් ගැන ගෙවල් දෙකේ අය සැක කරගනිපු කතාව මතකයි. කතාවේ නම මතක නැහැ, මිනීමැරුම වුනේ මිරිහානේ කියල මතකයි.
    යමක් කමක් තේරෙන කාලේ ඉරිදා රෑ 8.30.ට සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, සුසිල නිෂ්පාදන කතා සෙට් එක විකාශය උනා. ඊට පස්සේ මෙගා පෙරහැර පටන් ගත්ත, අපි ටීවී බලන එක නතර කරල දැම්ම. විශේෂයෙන්ම, කැම්පස් ගියාට පස්සෙ, බෝඩිම් වල ටීවී තිබුනේ නැහැ අනේ.
    අනික් එක අර ඩුඩ් කියපු එක, පොල්ගහකට කතා කරන එක. මට ඒ දවස් වල හරිම ප්‍රෙහෙලිකාවක් ඕක. ටිකක් පස්සෙ තමයි තේරුම් ගත්තෙ කැමරාවට පස්ස හරවන්න බැරි නිසා කරන දෙයක් කියල.
    කුකුල් හම කන්න මමත් ආසයි. ඔය හොඳ නෑ හොඳ නෑ කියන නිසා මම කරන්නෙ, ගෙදර හදන කුකුල් කරි වල කුකුල් හම කනව. කඩෙන් කනකොට කන්නේ නැහැ.
    කඩල වල මම අකමැති දේ තමයි, හපල හපල කාල ඉවර වෙනකොට කට රිදෙන එක.
    මම මේකට කොමෙන්ටුවක් දාන්න කියල හිතන් උන්නෙ ගොඩක් කල් ඉඳල. අද තමයි ඔන්න කොමෙන්ටුවක් දැම්මේ. දුවන ගමන් යකා දත් ගැහුව වගේ කොමෙන්ටු දාල වැඩක් නැහැ කියල හිතල, නිවී හැනහිල්ලේ විවේකයක් හම්බෙනකම් උන්න.

    ReplyDelete
    Replies
    1. මානවී,
      දුවන ගමන් යකා දත් ගහපු කතාව ඔයාගෙ බ්ලොගේ පෝස්ට් එකක් හැටියට ලියන්න.ඔන්න අමතක නොකර හරිද.

      Delete
    2. මනවිකාවිය,

      / කඩල වල මම අකමැති දේ තමයි, හපල හපල කාල ඉවර වෙනකොට කට රිදෙන එක. /

      අයියෝ වෙරි සිම්පල් විසඳුමක්නෙ තියෙන්නෙ. ගනිං කොලේකුයි පැන්සලකුයි ලියාගනිං...වෙළඳ පොලෙහි විකිණීමට තබා ඇති කඩල වංගෙඩියක් මිළඳී ගෙන කඩල එහි බහා ඒ හා සමඟ ඔබට ලබාදෙන කුඩා මෝල් ගහ භාවිතා කොට කඩල හොඳින් කොටා ගන්න. ඉන්පසු මේසයට යවන්න.

      / දුවන ගමන් යකා දත් ගැහුව වගේ /

      අනේ බොලේ කියාපං ඒ කතාව...මම කලින් අහලම නෑනෙ.

      Delete
    3. මානවිකා: හි.. හි.... මාර යාලුවෙක්නෙ... මාරයි කිව්වට මටත් ඔය ජාතියේ යාලුවෙක් ඉන්නවා.. ඌත් අප්සෙට් ගියහම කරන්නේ ඉස්මුරුත්තේ වෙනකල් කනවා. මට නම් ඉතින් කොයි වෙලෙත් කන බනේමයි.. අප්සෙට් ගියත් නැතත්! හික්..

      Delete
  25. අපි දෙන්නගෙ ක්වාටස් එක වගේ තමයි. පොත් තියන්නෙ , කන්නෙ, ලැප්ටොප් එකේ ‍ෆිල්ම්ස් බලන්නෙ, උයපුවා තියන්නෙ..... සේරම එකම මේසෙ තමයි.

    ඒකට ගිය අලුත අපේ මහත්තය මුලින්ම "අපි පෝෂ්‍යදායීව කන්න ඕන "කියල උදේට කන්න කෑම ලිස්ට් එකක් හැදුවා. හදලා ගෙනාවත් එක්ක. කඩල, මුං ඇට වගේ ඒව තමයි තිබුනෙ ඒ ලිස්ට් එකේ..... ඒව තම්බන්න කියල ප්‍රෙෂර් කුකර් එකකුත් ගෙනාව..... ඒත් ඉතින් සතියයි ගියෙ. ඒ පෝෂණ ලිස්ට් එක අමතකයි. කැන්ටින් එකේ පරිප්පු වඩෙයි, උළුඳු වඩෙයි......එහෙම නැත්නම් උලුඳු වඩෙයි පරිප්පු වඩෙයි..... කවදා හරි ගෙදරකට ගියාම පෝෂ්‍යදායීව කන්න තමයි හිතාගෙන ඉන්නෙ දෙන්නම...........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිදු.......

      එකටම ඇලී ගැලී හිටිය ඒ ජීවිතේ සුන්දරත්වය උපරිමයි...:)

      Delete

  26. රවිගේ ජාතියේම ටීවී ස්ටෑන්ඩ් එකක් තිබුනා අපි දෙන්නාටත් අපේ පලමුවෙනි ගෙදර. ගඩොල් කැට හතරක් පත්තර වලින් හොඳට රැප් කරලා එවා උඩ තියාගත්ත මගේ ඩ්‍රොවින්ග් බෝර්ඩ් එක තමයි ටීවී ස්ටෑන්ඩ් එක. ඊට එහා ටීවී එක...අඟල් 12 බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකට (ගෙවන්න ගත්ත ) කලර් ස්ක්‍රීන් එකක් ඉස්සරහින් දාලා...දන්නවද කලර් ස්ක්‍රීන් කියන්නේ මොකක්ද කියලා..Xray කොලයක් බේසික් කලර්ස් වලින් ටින්ට් කරලා රබර් බෑන්ඩ් එකක් දාලා ටීවී එක ඉස්සරහින් හයි කලාම කලර් ස්ක්‍රීන්...
    දේවිකා මිහිරානිගේ ස්පීඩ් එකටම නේද යෂෝදා විමලධර්මත් හැරෙන්නේ දැන් එයා ඉන්න ටෙලිනාට්‍ය වල..?

    ReplyDelete
    Replies
    1. චෙෆ්,

      එහෙම කලර් ස්ක්‍රීන් එකක් ගැන ඔය ඇහුවමයි...හෙහ්,හෙහ්, මමත් මුලින්ම පාවිච්චි කලේ ලී ඩ්‍රෝයිං බෝඩ් එකයි ටී රූලයි...:)

      Delete
    2. සමහක් වෙලාවට යසෝදත් මහා මල සමයමක් තමා

      අර අග්නිදාහයේ

      '' මම දැන් කනවැන්දුං'' කියන විදිහ සංසාරෙත් එපා වෙනව

      Delete
    3. කලර් ස්ක්‍රීන් දැම්මහම මටනං ඇසුත් රිදෙනව කොහොමද ආකියෝ බැලුවේ , එක එක තැං එක එක පාටයිනේ

      Delete
    4. ඒයි අටමෝ !
      මම කැමතියි යශෝධා 'අග්නි දාහයේ ' ඒ කියන එකට.. ඇත්තම කියනවා නම් ජයන්තගේ නිර්මාණ ඔක්කොටම!

      Delete
    5. @ අටම්...නැතිබැරි උනාම ඇස් රිදෙන එක ගානක් නෑ බං. කොහොමත් මම කලර් බ්ලයින්ඩ්. හැම 40කටම එකෙක් ඉන්නවානේ කලර් බ්ලයින්ඩ්. ඉතින් අපේ බැච් එකේ මම තමයි ඒකා..
      තාම හිතාගන්න බැහැ කොහොමද ඔය කලර් ස්ක්‍රීන් එකක් දාගෙන බැලුවේ කියලා. සමීප රූප වල නලල එක පාටක්, නහය එක පාටක් , කට එක පාටක්..හෙක් හෙක්..

      Delete
    6. අනේ "අග්නි දාහය" බලා නොමැත....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...