Tuesday, April 28, 2015

314. පළමුව මව්බිම, දේයි, දේයි, බුදු අම්මෝ සහ පස්සට කරන්ට් ඇල්ලීම. ....1


Cartoon by Awantha Artigala

පහුගිය පෝස්ට් එකට මනෝජ් මල්ලි මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බනෙ. 

/ මහින්දට අල්ලස් එක මගහැරලා යන්න දෙන්න හොඳ නැහැ.පපුවට ගගහා කෑගැහුවේ විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා. /


මගේ උත්තරේ මෙහෙමයි.

/ මරා විදුලි පුටුවට බය නෑ බං..උඹ දන්නවද රුසියාවෙ සාර් රජ කාලෙ හිටිය රස්පුටින්ට තුන් හතර පාරක් වහ දීලත් මරන්ට බැරිවුනාලු. එහෙම වුනේ රස්පා ඔය සීන් එක දැනගෙන ටික ටික වහ කාල පුරුදුවෙලා හිටපු නිසා කියලයි කියන්නෙ. මරා ගොයියත් ඔය විදුලි පුටු කේස් එක හින්දම දැන් අවුරුදු තුන හතරක් පුකට කරන්ට් වද්දගෙන පුරුදු වුනාලු. අතේ බැටරි පැක් එකක් තියාගෙන ඒකෙ දෙපැත්තට වයර් දෙකක් අමුණල ඔය  කාල්ටන් එකේ අරලිය ගහ මන්දිරේ නිකං ඉන්න ගමං පුකට අල්ලල කරන්ට් වද්දගන්නව. අන්න එහෙමයි වැඩේ ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා පොර විදුලි පුටුවලට කිසිම බයක් නෑ. ඒත් කොමිසමට ගෙනල්ල ප්‍රශ්න කිරිල්ල වෙනම කේස් එකක්නෙ. පොරගෙ බොක්ක රත්වුනා ඒක ඇහුවම..අන්න ඒකයි මෙතන වුනේ..යූ අන්ඩර්ස්කර්ට් මනෝජ්? හෙහ්,හෙහ්, /

/ PS - ඔය කරන්ට් අල්ල ගෙන පුරුදු වෙච්ච සීන් එකත් මරු කතාව. ඉඳහන් ආයම වෙලාවක ඒක ලියන්නං /

අරක ලියඤ්ඤං මේක ලියඤ්ඤං කියල පොරොන්දු දැං බර ගණනාවක් පෙන්ඩිං තියන වෙලාවෙ මට හිතුන මනෝජ්ට වෙච්චි පොරොන්දුව මේ ගමන්ම ඉෂ්ඨ කරානං ඒකවත් ඉවරයක්නෙ කියල. 

දවසට එක හත අටක්වත් පළාත් සබා මැතිවරන රැස්වීම් අමතා කතා පවත්වන එතුමා ගෙදර එන්නේ රෑ දෙගොඩ හරියේය. අරලිය මැදුරේ ඉස්සරහ තනකොල පිටැන්නට හෙලිකොට්ටරේ හරියකට බාන්ටත් ඉස්සර රෙද්ද කරටගත් එතුමා සාටකේ අනික් අතිං අල්ලාගෙන බිමට පැන්නේය. 

දෙදාස් පහේ චන්ද කාලේ අර කොන්ඩෙ බෙල්ලට එනකල් වවාගත්තු හාදයා අපිට ඕනෙ පන ඇති මිනිහෙක් කියල බෙරිහං දෙනකොට ඔය වගෙ දූවගෙන දූවගෙන ගිහිල්ල ඈත ඉඳලම අත්දෙකත් උස්සල ඉස්ටේජ් එකට දබෝරියං ගාල පයින සීන් එකක් ටී.වී. වල ඇඩ් එහෙකට දැම්මෙ අර කටඇරියොත් අහස පොලව නුහූලන චේතිය බොරු කියන පනාපුත්තරයාගේ උපදෙස් අනුවය.බුදු හාමුදුරුවො ලොක්කාගෙ ලඟම නෑයොය කියල කටේ තොලේ නොගෑවී කිව්වෙත් ඔය ගස් ගෝනාය. ඒ අත් උස්සාගෙන ඉස්ටේජ් එකට පයින සීන් එක වැඩකරයි කියල එතුමාටම ඒ හැටි විස්වාසයක් තිබ්බෙත් නැතිවුනාට චන්දෙ දෙන ජහමනයාටත් ඕන වුනේ රාජ්‍ය නායකයෙකුට වඩා සර්කස් කාරයෙක් ද කොහෙද නිසාවෙන් එතුමා බොහොම සුලු වැඩි චන්ද ගනනකින් කප් එක ගැහුවේය.

මොනතරම් නං තමන් ගැන පුරාජේරු ගැහුවත් මේ ලෝඩ් බුද්ධාස් ඩිසෙන්ඩන්ට් සීන් එකට නං එතුමාටත් ටිකක් මොකදෝ මොකදෝ වගේ හිතුනේය. නිකං මේ සුට්ටං විලි ලැජ්ජාවක් වගේය. 

" එහෙම කියන එක හොඳද බං? "

එතුමා එහෙම ඇහුවේ ටෙම්පල් ට්‍රීස් එකේ කරදිය පූල් එක අබියස ඩෙක් චෙයාර් එහෙක ඉඳගෙන ගල් ෂොට් එකක් ගසන අතරදීය. කවදත් එතුමාගේ පානය ගල්ය. මම මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි බං එතුමා නිතරම එහෙම කියන්නේය.එතුමා කට ඇරියොත් සීයට අනූනමයක් කියන්නෙ පට්ට කෙබර උනාට මේ මුල අමතක නොකරන කතාව නම් අමූලික ඇත්තය.

ඒ කාලේ එතුමාගේ වලව්වේ දරදිය ඇද්ද ඔක්කෝටම හොඳහැටි හතරවරං ගහන්ට, ආන්ඩුව ගානෙ දෑතිම්ම කන්ට චෑන්ස් එක අරංදුන්නෙ ඒ මුල අමතක නොකරන ගතිය හින්දාය. ගිව් ද ඩෙවිල් හිස් ඩියු කියලා සුද්දත් කියල තියන නිසා මොනවා වුනත් හොඳට හොඳ කියන්ට ඕමනාය. ඤාතීංට සැලකීම අතින්ද එතුමා කප් එක ගැහුවේ වට දෙකතුනක් තියාය. ( ඥාතීං කියලා ලියන්ට ගන්නේ අර පූසෝ ඤාව් ගාන ඤා එකද නැත්තං ඥාණකතා ඥා එකද කියලා මට හරියට මතක නම් නැත. ඒ කෝක හරි කමක් ද නැත. හරි එක දන්නා අය ඒක මෙතනට ආදේස කලාට මගෙං වැරැද්දක්ද කොහෙත්ම නැත. ඤාව් කියල කියාගන්ට දන්නෙ නැති ටීචර් කෙනෙක් ළමයි පූසෝ කෑගහන්නේ කදව් කදව් කියලා යනුවෙන් උගන්වපු කතාවක් කොහේ හරි පත්තරේක මම දැක්කාය. )

ඉතිං අර පනාපුත්තර නම් සට්ටැඹියාගේ කතන්දරේට ආයෙම ආවොත් " එහෙම මම බුදුහාමුදුරුවන්ගෙන් පැවත එන කෙනෙක්ය කියලා කියන එක හොඳද බං? " කියලා එතුමා ඇසූවිට සට්ටඹියා අතකිං තට්ටෙත් අතගගා ඇස් ගෙඩි දොඹගෙඩි සයිස් නෙරවලා කිව්වේ " එහෙමයි ,එහෙමයි, ඔබ තුමා කොහොමත් බුදුහාමුදුරුවංගෙ පරම්පරාවෙ බව අංග ලක්ෂණ වලින්ම පේනවා " කියලාය.

" යකෝ ඔහොම ඇස් නෙරවල කතා කරන්ට මේක රනවිරු රියල් ඉස්ටාර් වත් දොරමඬලාව වත් නෙවෙයි ඒ නිසා නෝමල් විදිහට කියන දෙයක් කියාපන් " එතුමා පනාපුත්තරට උදහස්වී වදාලෝය. " මේකා ගෙදර ගෑනු මනුස්සය එක්ක කතාකරන්නෙත් මේ විදිහටමද මන්දා.." ආයෙමත් සුටුසුටු ගෑ එතුමා " හරි බුදු හාමුදුරුවන්ට තිබ්බ මොන අංග ලක්සනේද බං මගෙ තියෙන්නෙ? " ටිකක් කූල් ඩවුන් වී ඇසුවෝය.

බුදු හාමුදුරුවන්ට තිබ්බය කියන දෙතිස් මහා පුරුස ලක්සන ගැන සට්ටඹියා කල්පනා කලමුත් අර නෙලුම් මලේ කෙමිය වගෙ මොකක්ද එකකුත් ඒ අතර තියන බව කල්පනාවී ඔව්ව කියන්ට ගිහිල්ල ආය අහක යන නයි මොකටද ...කියා කල්පනා කොට දෙපැත්තම ෂේප් වෙලා යන්ට මෙසේ කිවේය. " සර්..බුදු හාමුදුරුවන්ගෙ කණ දිගයි කියනවනෙ උරහිස ගාවට..ලම්බකර්ණ කියලයි ඒකට කියන්නෙ. ඉතිං ඔබ තුමාගෙත් කණ දිගයිනෙ ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබතුමාත් ඒ වංසෙම තමයි " තට්ට හිස අතගාමින් සට්ටඹියා හිනාවුනේය.

" මූ දන්නවය මගෙ කං දික්වුනේ පොඩි කාලෙ ගණං බැරුව අර පෝරිසාද ගණං මාස්ටර් කොච්චරවත් මගෙ කණෙං ඇදපු හින්දය කියල " හිතයටින් හිනාවුනු එතුමා නැඟිටලා ගිහිල්ලා තව ගල් ෂොට් එකක් වක්කරගෙන ආවේය. 

" මේ අන්න අර හෙට යන රැස්වීමෙ සංවිදායක පලාත්සබා මන්ත්‍රී ඇවිල්ල ඉන්නව. " ඒ අස්සේ ආර්යාව මැද සාලෙන් එලියට ඔලුව දමා කිව්වාය. 

" ආ එළබට්ටද? ඩස්පියාද? වල් අමරෙද? " 

" මංදා කවුද කියල.....අන්න ඉන්නව එලියෙ බෝනික්කෙකුත් තියාගෙන..."

" බෝනික්කෙක්? ඒ මොකටද? "

" මම දන්නෙ කොහොමද මනුස්සයො? ....එන්ට කියන්ටද එපාද? අන්න ඒක විතරක් කියනවා ...මට තව වැඩ තියනවා. "

" හරි හරි එන්ට කියන්ට එන්ට කියන්ට.." එතුමා කිව්වේ " හපොයි මේ ගෑණු..." කියමින් දත්මිටි කමින්ය.

ඒ එක්කම මැද සාලේ දෙපලු දොරෙන් පිටවී එතුමා  අසලට ආවේ වල් අමරේය. ආර්යාව කිව්වත් වගේම ඔහු අතේ ලොකු සයිස් එකේ බෝනික්කෙක්ද සිටියේය.

" මොකද්ද බං ඔය? බෝනික්කෙක් නේද? ඔය මොකටද? ..." එතුමා ඇහුවේ සාටකේ බෙල්ල වටේ තදට ඔතාගනිමිනි. මූද බෝම කිට්ටු නිසා පූල් එක ගාවට සැරට හුළං එන එක නවත්තන්ට ක්‍රමයක් හොයාගන්ට තවම බැරිවුනාය. " කොහෙද මේ යක්කු..නෙදකිං විතරක්...එකෙක්වත් ඉන්නවය වැඩකට ඇති එකෙක් " තොල් මතුරමින් එතුමා ආයමත් අමරේ දිහාට හැරුනේය. 

" හැබෑට මොකටද බං ඔය බෝනික්කෙක්? හෙට රැස්වීම තියෙන්නෙ ළදරු පාසලකවත්ද? හක් ..හක්..."

" නෑ බොස්..එහෙම එකකට නෙවෙයි. අද රැස්වීමෙ ඔබ තුමා ළමයි වඩාගත්ත විදිහයි කිචි කැව්ව විදිහයි එච්චර හරි නෑ. අනික අර දෙවෙනි ළමයගෙ ඔබ තුමා කම්බුල් මිරිකුවෙත් නෑ. "

" පිස්සුද බං? මොකද කම්බුල් මිරිකුවෙ නැත්තෙ? මම මිරිකුවා.. "

" ඒ වුනාට ඒ මදි බොස්...දුර ඉන්න මිනිස්සුන්ට පේන්ටත් එක්කල ළමය දෙතුන් පාරක් උඩ දාන්ටත් ඕන. එතකොට තමයි ඔබ තුමා ජාතියේ ආඩම්බරකාර තාත්තාමයි කියල මිනිස්සු පිළිගන්නෙ...හැබැයි මතක ඇතුව ළමය උඩ දාල ආපහු අල්ලන්ට ඕන. අර ගිය සුමානෙ රැස්වීමෙ වගෙ කරන්ට එහෙම එපා. "

එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි. බරපතල අනතුරක් නොවූයේ එතුමාගේ ආරක්ෂකයකු වහා ඉදිරියට පැන අනික් ළමයා සුරැකිව අල්ලාගත් බැවිනි.

" මේ අමරේ..බැරිද ඔය ළමයින්ට කියල අත්දෙක උස්සල ජයවේවා..ජයවේවා කියල කෑගහන්ට පුරුදු කරවන්ට. අන්න එහෙම කරන්ට පුලුවන් නම් මල් හතයි. ඔය ළමයිංගෙ අම්මලාට කියල බලාපංකො. කියපං රුපියල් දාහ වෙනුවට පන්දාහක් දෙනව කියල එහෙම පුරුදු කරන්ට පුලුවන් නං.."

" මම හිතන්නෙ නෑ බොස්..මේ අවුරුද්දක හමාරක පොඩි එවුං ලව්වා ජයවේවා කියල කියවන එක කරන්නෙ කොහොමද? "

" හරි හරි එහෙනං ඒක අතෑරල දාපං...මම කතාවෙදි කියන්නං ළමයි එහෙම කිව්වයි කියල. "

" හිහ්,හිහ්...මිනිස්සු විස්වාස කරයිද බොස්? "

" බයවෙන්ඩ එපා මිනිස්සු විස්වාස කරනව බං..මිනිස්සු විස්වාස කරනව..ඇස් දෙක දොඹගෙඩි වගෙ කරගෙන අපෙ හාමුදුරුවනේ කියල පටන්ගෙන කිව්වොත් ඕන එකක් මිනිස්සු විස්වාස කරනව..මම ඒක දන්නව ටක්කෙටම. "




මතු සම්බන්ධයි.............

62 comments:

  1. // කවදත් එතුමාගේ පානය ගල්ය //

    :D :D අපි ඔක්කොම රජවරු

    ReplyDelete
    Replies
    1. මේ උඹගේ විස්කි සෙට් එක නැද්ද දැන්? අඩේ දන්නවා නම් සෙට් වෙන්න තිබ්බා...

      Delete
    2. මුං ඇවිල්ල නමට ගල් බලකාය. බොන්නෙ විස්කි කියන්නෙ ගල් බොනව කියල. අර එක්ස් රජා කුරහං කනව වගේ තමයි. අපේ එවුන් හිතං ඉන්නෙ එයා තුන් වේලටම කුරහං කනව කියලනෙ.

      Delete
    3. පත්තර මල්ලි,

      ඒ කතාව සම්පූර්ණ ඇත්තක් කියල මම ගැරන්ට් කරනව. වෙරි රිලයබල් සෝස් ඉන්ඩ්ඩිඩ්..:)

      Delete
    4. රාජ්,

      / අර එක්ස් රජා කුරහං කනව වගේ තමයි. අපේ එවුන් හිතං ඉන්නෙ එයා තුන් වේලටම කුරහං කනව කියලනෙ. /

      හෙහ්..කාටද බං කියන්නෙ?..කලින් තිබ්බෙ බං විස්කි බෝතලේ දාගෙන ගල් ගහන එකනෙ අපිත් බොන්නෙ විස්කිය කියල පෙන්න්නන්ට. දැන් ට්‍රෙන්ඩ් එක ඒකෙ අනික් පැත්ත. පොදු ජනයාගෙ හුර්ද ඉස්පන්දනේ තවම අපිට දැනෙනවය කියල පෙන්නන්ට ඔය ලොක්කො බොහොමයක් කරනවය කියන්නෙ ගල් බෝතල්වල දාගෙන බ්ලැක් & වයිට් ගහන එක. කලින් කල පලින් පල කිව්වලු.

      රජා කුරහං කන සීන් එකත් එහෙම තමයි.අර කාලයක් තිබ්බ මතකද සතියකට දවසක් වගෙ පත්තර කත්තුරුල ඔක්කොම ටෙම්පල් ට්‍රීස් ගෙන්නල පාතරාසය දෙන සීන් එකක්.ඔය පක්කලි කත්තුරුල ඔක්කොම ඕකට එනව. ඕකෙ කන්ට තියනවය කියන්නෙ කුරහං තලප.එව්ව දිරවන්ට ලේසි නෑ. රජා ඔය තලපෙ අත ගගා ඉන්නව විතරයි බොරුවට. කත්තුරුල ගිහාම හැං, බේකං කෙලල අරිනව.අනේ අර කත්තුරුල දන්නවය ඕක. උං අර තලපෙ බඩ පුරා කෙලල ඇරල ගිහිල්ල හිට ලියනව එතුමගෙ ගුණ වර්නනා කරල ප්‍රශස්ති. ඒ කරල හවස ඇඩ්මිට් වෙනව නවලෝකෙට බඩේ අජීර්ණෙට.

      Delete
    5. එයගේ නෙමෙයි සිරි ලංකා එකේ ගොඩක් උන්ගේ පානය ගල්.. විස්කි මැඩම් අර්ජුනලයි වත්තක පොල් කොටේ උඩ ඉඳගෙන ගහලා තියෙනවා අපිත් එක්ක ගල්.. අමරසිරි දොඩංගොඩ මලේම ගල් ගහලා.. රිචඩ් පතිරණ අනික් එක්කෙනා.. ඒත් දැන් නම් ඒකේ උනුත් ගහන්නේ ලක්ෂ 9 මක්කද ඩ්‍රින්ක් එකක්ලු..

      නම අහන්න එපා ගාන ඇහුවම මට මොකක්ද මෙව්වා එකක් එනවා..

      Delete
    6. රවී උඹ කිව්වමයි මතක් උනේ. ඔය ලොක්කො හුඟ දෙනෙකුගෙ කෑම බීම ඔහොම තමයි. ඉස්සර කාලෙක තිබුන මහ මැතිවරණයකදි (නැත්තං අතුරු මැතිවරණයකදි) ඔයවගේ සිද්ධියක් උනාලු. ඒ වෙද්දි ලොක්ක බන්ඩාරනායක හෝ ඩඩ්ලි.(හරියට මතක නෑ). ඔන්න මෑන් ගාල්ල පැත්තෙ තමන්ගෙ අපේක්ෂකයෙකුට සහය දක්වන්න කැබ් එකක පිටි පස්සෙ හිටගෙන එනවලු. අපේක්ෂකයත් එයා එක්ක කැබ් එකේ යනවලු. මේ අතරෙ පාර අයිනෙ ඉන්න මිනිස්සු තැඹිලි/කුරුම්බා කප කප දෙනවලු ලොක්කටයි ගෝලයටයි.

      ගෝලය තැඹිලි ගෙඩියක් දෙකක් තුනක් බිව්වලු. ඒත් මුංගෙ දීම නවතින්නෙත් නැහැලු. ලොක්කගෙ බීමත් ඉවරයක් නැහැලු. ටික වෙලාවක් යද්දි අරූගෙ මුත්තර බොක්ක පැලෙන්න වගේලු. බඩත් පිරිලලු හුස්ම ගන්න බැරි තරම්. අන්තිමට ලොක්කගෙන් ඇහුවලු,

      "සර් කොහොමද ඔච්චර තැඹිලි බොන්නෙ? මට නං දැං බීල ඇති වෙලා තවත් නං බොන්න බෑ" කියල. ලොක්ක කිව්වලු,

      "අයිසේ ඕක ඉවර වෙනකල් බොන්නම ඕන නෑ. තැඹිලි ගෙඩිය අරගෙන පොඩ්ඩක් කට තියල උගුරක් බීල ඒ මිනිස්සු එක්ක කතා කරල එයාලගෙ අතට ආයෙ දෙනව"

      දැක්ක නේද ලොක්කන්ගෙ කට්ටකං!

      Delete
    7. ඕං බලහං ඉතිං ආසාවට එකෝම එක දවසක් විස්කි ඩිංගක් බීවම කියන කයි කතන්දර.චැහ් … :D

      Delete
    8. සික් .. ඔය ජරා විස්කි කටේ තිබ්බත් අහගන්න වෙන කුණු කතා බලපං, ආයෙ ඇහැක් ඇරල බලන්ඩ එපා ඔය ජරාව දිහා පත්තරේ.

      Delete
  2. අයියෝ මොනාද රවියෝ මේ ගල් ගැන කතාවක්....

    මම නම් මේ සෙලිබ්‍රේසන්ස් පටන් ගත්තා විතරයි දැන් දෙවෙනි එක. අපි බොන්නේ හවානා ක්ලබ් විත් කෝක්....

    අඩේ මට මතක කාලේ නම් මහින්ද අන්කල් මෙ අතරම් චාටර් වුනේ නෑ. එහෙම වුනේ කොහොමද කියලාවත් හිතාගන්න බෑ එක අතකින්. බලයත් එක්ක සල්ලිත් එක්ක මිනිස්සු මොන තරම් වෙනස් වෙනවද නේද?
    බොට මතකෙයි මහින්ද මාමා අර ඒ කාලේ ඇඹිලිපිටියේ කොල්ලන්ගේ මළමිණී කර උඩින් මානව හිමිකම් ගියා... හරියට අර වීඩියෝ එකේ කියන පොඩි එකා වගේමයි.
    අපිටයි ගහන්න ඕනේ....
    එක අතකින් මේක කාටත් හොඳ පාඩමක් රවියෝ....

    ReplyDelete
    Replies
    1. බූරු,

      / මම නම් මේ සෙලිබ්‍රේසන්ස් පටන් ගත්තා විතරයි දැන් දෙවෙනි එක.

      මොකටද බොල සෙලිබ්රේසං? උඹෙ උපංදිනේ වද්ද?

      / අපි බොන්නේ හවානා ක්ලබ් විත් කෝක්..../

      බකාඩි හවානා ක්ලබ් එක තමයි මට නම් හොඳ...

      / අඩේ මට මතක කාලේ නම් මහින්ද අන්කල් මෙ අතරම් චාටර් වුනේ නෑ. එහෙම වුනේ කොහොමද කියලාවත් හිතාගන්න බෑ එක අතකින්. බලයත් එක්ක සල්ලිත් එක්ක මිනිස්සු මොන තරම් වෙනස් වෙනවද නේද? /

      එම්.එස්.සී. එහෙකට හොඳ තීසිස් එකක් ලිව්වැකි. " From saviour of the nation to despotic dictator in 6 years : A critical analysis of rise & fall of Mahinda Rajapakse's regime in Sri Lanka ( 2009 - 2015 ) "

      / බොට මතකෙයි මහින්ද මාමා අර ඒ කාලේ ඇඹිලිපිටියේ කොල්ලන්ගේ මළමිණී කර උඩින් මානව හිමිකම් ගියා../

      හෙහ්,හෙහ්, මොකෝ අමතක? සපත්තුව අස්සෙද කොහෙදනෙ ඒ මරපු කොල්ලන්ගෙ ෆොටොස් දාගෙන ගියාය කියන්නෙ. ඒත් ජිනීවා යන්ට බැරිවුනාද කොහෙද? කටුනායකදි මනුස්සයව නැවැත්තුව නේද? ඇයි ඊට පස්සෙ ජනඝෝෂා, පාද යාත්‍රා...හෙහ්, කරපු සෙල්ලං.....නැද්ද? ඒත් අන්තිමට කොහෙද ගිහිං නැවතුනෙ....:(

      Delete
  3. මාස අටේ ළමයි අත් උස්සන් ජයවේවා කියන්නේ අයියේ ASS-චර්යා මෙව්වා එකක්. උන්නාන්සේ වාගේ ASS-චර්යා-මත් ඈයින්ට ඉතරයි එව්ව වෙන්නේ.

    ඒවාගේ ASS-චර්යා මේ අයියයි මායි වාගේ හුදී ජහමනයට පෙනෙන්ට නැතුවා. ASS ලක්ෂණ තීන බයිය බබාලට ඉතරයි එව්ව පෙනෙන්නේ. බලාන්ට එකෙත් හැටි.

    ReplyDelete
    Replies
    1. අමා,

      / මාස අටේ ළමයි අත් උස්සන් ජයවේවා කියන්නේ අයියේ ASS-චර්යා මෙව්වා එකක්. උන්නාන්සේ වාගේ ASS-චර්යා-මත් ඈයින්ට ඉතරයි එව්ව වෙන්නේ. /

      හයියෝ බං කාටද මෙව්ව කියන්නෙ?මේ මනුස්සයට විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද මන්ද මේ වගෙ අහස පොළව නුහූලන බොරු කියන්ට සාටකේකුත් බෙල්ලෙ ඔතාගෙන... ඔය මුසාවාදෙ රටපුරා නෝන්ඩි වුන හින්ද ලොක්ක වැඩේ ඔතනිං අල්ලල දැම්ම. බැරිවෙලාවත් වැඩේ නැඟල ගියානංඊළඟට ඔයිට හපං එකක් කියන්ටයි පොර සැට් වෙලා ඉඳල තියෙන්නෙ. දෙවන කොටසින් ඒ පිළිබඳව සවිස්තරව...හෙහ්,හෙහ්,

      Delete
  4. අනේ බං මට නම් වාං පතුල් ඕන නෑ.. උඹේ සිරි පතුල් වදිඤ්ඤං.. මේවම ලියහන්කෝ.. පත්තරේකට ලිව්වා නම් කොඳම කොලම් කාරයා වෙනවා දෙකක් නැතිව..

    වල්ලා පට්ට..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේවා ඕනේ නෑ,, මාතලන් ඔයා මෙයාවත් නරක් කරන්නද හදන්නේ ඉදගෙන :(((
      ඇයි අප්පා හැම එක්කෙනාම මේවා ලියද්දි අපි කියෝලා කමෙන්ට් එකක් දාන්නේ මොනාටද ... අනේ සුදු අයියේ පීස් ඊලග පෝස්ට් එකේ කුකුලේ ගග සීන් එකක් ඕනේ විහිළු කතාවක්,,( දේශපාලන විහිළු නෙමේ)

      Delete
    2. මාතලන්,

      තෑන්ක්යූ සෝ මච්...හෙහ්,හෙහ්,

      කොලම් කියන එව්ව මම එදවස ඉඳලම බොහොම ආසාවෙන් කියෙව්ව. සිසිරකුමාර මානික්ක ආරච්චි මහත්මයගෙ කොලමක් තිබ්බ ඒ කාලෙ දවසෙද කොහෙද? ඊට පස්සෙ ටිකක් දන්න කාලෙ පල්ලවෙල කියල මහත්මයෙක්ගෙ කොළම. දිවයිනෙද කොහෙද. ඊළඟට ඒත් දිවයිනේම දයාසේන ගුණසිංහයන්ගෙ රයිගම් රාල සහ උකුස්සා.ඇත්තෙ සිරිලාල් කොඩිකාරගෙ කෝසළ සිහින...වගතුග තීරුව ( ශ්‍රී චන්ද්‍රරත්න මාම්නවසිංහ මහත්මයගෙ..මම ඒක කියෙව්වෙ පොතක් විදිහට පලවුනාට පස්සෙ )

      මේ පෝස්ට් එක මම ලිව්වෙ රාවයෙ විමලෙගෙ කොළමෙ ඉස්ටැයිල් එකට. වර්තමානයෙ මම කැමතිම කොළම් රචකයා විමලෙ...:)

      Delete
    3. මගේ කියලා වෙනසක් නෑ.. මගෙත් එහෙමමයි.. මමත් කීපයක් ලිව්වා...

      නමුත් මේකේ වෙනස් බවක් තියෙනවා..

      Delete
  5. අර ඉස්ටේජ් එකට පැනිල්ල නවතින්නත් ඔයවගේ කතාවක් තිබුන නේද?

    ReplyDelete
    Replies
    1. රාජ්,

      එහෙනං..එහෙනං...ඉස්ටේජ් එක කඩා වැටුනනෙ ලොක්කත් එක්කම. ඒකනං වුනේ ලොක්ක ඉස්ටේජ් එකට පතිත වෙලා ඊට පස්සෙ වැඩි වැඩ පෙන්නන්ට කරණමක් ගහන්ට ගියපු නිසයි කියලයි ඒ ගැන පත්කරපු ඉහළ පෙලේ කමිටු වාර්තාවෙ තිබ්බයි කියන්නෙ වාර්තාව ඇත්තතමයි මාත් හිතන්නෙ ඒ ඇයිද කිව්වොත් එදා තිබිල තියෙන්නෙ කාන්තා බල මණ්ඩල රැස්වීමක්.

      Delete
  6. ඔය රස්පුටින්ට වහ දීලා පස්සෙ මැරුණේ නැතිකොට වෙඩි තියලා ගඟකට දැම්ම්ලුද කොහෙද... මරණ පරීක්ෂණේ තියෙන්නේ පෙනහළු වලට වතුර ඇතුලු වෙලා මළා කියලලු.... රස්පුටින් ට දකින් දකින් ගෑණු වශී කරගන්නත් පුළුවන් කම තිබ්බලු...

    ඔය පස්සට කරන්ට් අල්ලනවා කියද්දි මතක් වුණේ.. මතකද ලංකාවේ තිබ්බා හොට්ප්ලේට් කියලා ජාතියක්. අර සෙරමික් වගේ ජාතියකින් කානු හදලා එකේ දඟර ගහපු කම්බියක් යවලා එහෙම. ඒ කාලෙ හරියට අනතුරු වුණා ඕකෙන්. මට මතකයි සැරයක් ගෑණු කෙනෙක් සියදිවි නසාගන්න ඕකක් උඩ ඉඳගෙන ඕන් කරගෙන... මළේ නම් නෑ මතක විදිහට...

    ReplyDelete
    Replies
    1. ශක්‍රයගේ නංගී කෙනෙක්ද දන්නේ නෑ... මොකෝ එයාගේ සීට් එක යටත් හොට් ප්ලේට් එකක් තියෙනවය කියනවනේ.. පව්‍ර සප්ලයි කරන්නේ අපේ උන්ලු...

      Delete
    2. රස්පුටින්ගෙ මෙව්ව එක දැක්කද?

      Delete
    3. නෑනෙ,පෙන්නපංකො පුළුවන්නං.

      Delete
    4. රස්පුටින්ගේ මෙව්ව එක සංරක්ශනේ කරල තියෙනව..මේන් බලාපල්ලා..

      Delete
    5. සිරා භාණ්ඩයක් බන්ස්ල,නිකං 11 ලු ඇඳුම් ඇඳගත්තම 13 ලු.ඕකෙන් කන්න ගෑනු පොර කෑවලු නේද?නුග ගහ ළඟ බෝධිපාලයටත් 11 ක එකක් තිබුනා.ඌ හැන්දෑවට කකුල් උඩ තියාගෙන හුළං වැදී වැදී මිටියක් ඔතාගෙන ගහනකොට ගෑනි පන බයේ වෙව්ලනවලු.බෑ බෑ පෝස්ට් එකක්ම ලියන්නං.

      Delete
    6. තිසර,

      / ඔය පස්සට කරන්ට් අල්ලනවා කියද්දි මතක් වුණේ.. මතකද ලංකාවේ තිබ්බා හොට්ප්ලේට් කියලා ජාතියක්. අර සෙරමික් වගේ ජාතියකින් කානු හදලා එකේ දඟර ගහපු කම්බියක් යවලා එහෙම. /

      මල්ලි උඹ ඔය කියන්නෙ කොයිල් හොට් ප්ලේට් එක ඔව්ව චීනෙං ගෙනාවෙ ( From where else? Heh, heh ) ඊට කලින් අපි පොඩි කාලෙ ඉඳලම තිබ්බ සම්පූර්ණයෙන් කොයිල් එක තැටියකින් කවර් වෙච්චි හොට් ප්ලේට්.

      අපෙ උන්දැයි මායි Yes, I Do එහෙම කියල ඉස්සෙල්ලම කෝටස් එකට ගිහිල්ල මාස හයක් වගෙ යනකල් ඉව්වෙ ඔය කොයිල් හොට් ප්ලේට් එහෙක. ඒ කාලෙ අපි හිටපු දිහා කඩවල් වල ගෑස් සිලින්ඩර් තිබ්බෙ නෑ. ඔය කොයිල් හොට් ප්ලේට් එකේ කොයිල් එක හිටපු ගමං පිච්චෙනව. හිටපු ගමං Power Fluctuation එකක් එහෙම උනොත් ආය බඩු ෂුවර් කොයිල් එක යනව හුටස් ගාල. ඊට පස්සෙ පොඩි ස්කෲස් දෙකක් තියනව යට පැත්තෙ එව්ව බුරුල් කරල කොයිල් එක ගලවල ආයෙම අර සෙරමික් ප්ලේට් එකේ කාණු දිගේ හරියට සෙට් වෙන විදිහට ඇදල අර ස්කෲස් දෙක තද කරන්ට ඕන.

      එහෙම කොයිල් එක අදින එකත් මේජර් ප්‍රොජෙක්ට් එකක්. හිතූමනාපෙ එක පැත්තකින් අදින්ට එහෙම බෑ. බොහොම හීන් කම්බිය නෙව.අදිනකොට එක තැනක් හීං උනොත් ඔන් කරල පැය බාගෙකිං වගෙ එතනිං ආයෙම පිච්චෙනව.

      ඒ හින්ද ප්‍රොසීඩියර් එක තමයි අර සෙරමික් ප්ලේට් එකේ කාණු දිගේ නූලක් දාල ඒ දිගට හරියන්ට කොයිල් එකේ දෙපැත්තෙන්ම පරිස්සමින් අල්ලගෙන හෙමීට දෙපැත්තට අදින එක. ඇත්තටම ඔහොම කරනවට වඩා ලේසියි කොයිල් එකක් කඩෙං ගන්න එක. වෙනම කොයිලුත් තිබ්බ ගන්ට.ඉතිං ඔහොම කොයිල් ඇදල ආයම කඩෙං ගෙනල්ල දාල අර සෙරමික් ප්ලේට් එක කෑලි වලට කැඩිල යනකල් හොට් ප්ලේට් එක පාවිච්චි කරනව.

      / මට මතකයි සැරයක් ගෑණු කෙනෙක් සියදිවි නසාගන්න ඕකක් උඩ ඉඳගෙන ඕන් කරගෙන... මළේ නම් නෑ මතක විදිහට. /

      අඩේ..අම්මප කියාපං...අදහන්ට වටින බබලතෙක් නෙව...හෙහ්,හෙහ්,

      Delete
    7. කළ්‍යාණ,

      අඩේ මේ උඹ දැන් වැදගත් තනතුරක් දරන්නෙ. එහෙම එකේ තනතුරේ ගෞරවය දිවි හිමියෙං රැකහං හරිද?. මොනවද මේ එක එකාගෙ සිස්නවල දිග පලල හොය හොය දඟලන්නෙ?..සික් අන්තිම අසෝබනයි. අර අජිතය එහෙම දන්නවනං කැරකිල දෙකට නැමිල ** විකාගෙන මැරෙන්නෙ.

      Delete
  7. නියමයි.
    (මොකක්ද කියා ඇසීමෙන් ඔබ ද විදුලි පුටුවකට යා හැකිය.)

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..එහෙමත් එකක් නේද?...:)

      Delete
  8. සට්ටඹියා කියන්නෙ bathroom attendant නේද?

    ReplyDelete
    Replies
    1. සට්ටඹිය ගැන කලකට කලින් සමණල විප්ලවෙ ලියා තිබ්බ කතාවක් ගෙඩිය පිටින් දාන්නෙ ඒ ලියැවිල්ලෙ රහ නිසාමයි

      //සර් ‘සට්ටඹියා’ කියන වචනෙ තේරුම දන්නවද…?” සුමනසේකරයා ඇසුවේය.

      මේ මා කිහිප වාරයක් මේකාගෙන්ම ඇසූ කතාවකි. ඒත් මේකාද එක්කෝ ඒක මතක නැතිව, නැතිනම් මේ කතාවේ ඌට ඇති හෘදයාංගමභාවය නිසා ඒකම කියයි. මුගේ වින්දනයට බාධා නොකළ යුතුය.

      “නෑනෙ. කියමුකො බලන්න…”

      “…මේ වචනෙ භාවිතා වෙච්චි ඓතිහාසික අවස්ථාවක් තමයි සර්, විජය කුමාරතුංග ඝාතනය. ඒ වෙලාවෙ ජේ.වී.පී. එක විජය කුමාරතුංගව හඳුන්නා දුන්නෙ ‘ජේ.ආර්. ජයවර්ධනගේ දේශපාලන සට්ටඹියා වූ විජය කුමාරතුංග’ කියලා….”

      “ඒ කියන්නෙ පුරෝහිත වගේ තනතුරක්ද…?” මොහුට උපරිම වින්දනය ලබා දීම පිණිස මම විහින් ගොනාට ඇඳ ගනිමි.

      “රජ වාසල තනතුරක් නම් තමයි සර්, ඒත් පුරෝහිත වගේ ගෞරවනීය තනතුරක් නෙවෙයි…”

      “අහා…”

      “මහනුවර යුගයෙදි ‘සට්ටඹියා’ කිව්වෙ මහ රජ්ජුරුවො මළ පහ කළාම සෝදන පුද්ගලයාට. ඒක වෙනම කුලයකට අයිති රාජකාරියක්. මේ මනුස්සයා කොයිතරම් අවාසනාවන්තයෙක්ද කියනව නම් තමන් හෝදන දේ ඇහින් දකින්නවත් වරම් තිබුණේ නෑ. මොකද මහ රජතුමායි එයයි අතර සුදු රෙද්දක් එල්ලලා තමයි මේ වැඩේ කළේ. මේ මනුස්සයාට රාජකාරිය කරන්න වුණේ ඒ සුදු රෙද්දට යටින් අත් දාගෙන…”

      “හැබැයි ඉතින් ඕක කරන කොට ඔය වෙන වෙන ගැජට් හෙමත් අහු වෙනවා ඇති නේද…?”

      “පොත පතේ නම් එහෙම දෙයක් නෑ සර්. ගැජට් වුණත් ඒව රාජකීයයිනෙ. පොඩ්ඩ එහා මෙහා වුණොත් හිස ගසා දානවනෙ. ඉතින් පරිස්සමෙන් රාජකාරිය කරන්න ඇති…”

      “දැන් ඕක විතරද ඔය මනුස්සයගෙ රාජකාරිය…?” උත්තරය දැන දැනම මම අසමි.

      “නෑ සර්, ඕක රාජකාරියෙ කොටසක් විතරයි. මිනිහට තව රාජකාරියක් තිබුණ මහ රජතුමාගෙ කක්කා කාල බලලා රස කියන්න ඕනැ, ලුණු රහද, ඇඹුල් රහද, තිත්තද කියලා…”

      “චික් විතරක්. ඒ මොකටද ඒ…?”

      “ඒ කාලෙ මෙඩිකල් ටෙස්ට් තමයි සර්. මොකද අද වගේ පහසුකම් තිබුණයැ. ඩයග්නෝස් කරපු හැටි තමයි. අනෙක් අතට මහ වෙදනා යම් යම් බෙහෙත් වර්ග දුන්නහම ඒවයෙ ගුණා ගුණ බැලුවෙ එහෙම තමයි…”

      “මහ වෙදනා කිව්වෙ රාජකීය වෛද්‍යවරයටද…?”

      “ඔව් සර්. ඒක රාජකීය වෛද්‍යවරයාටම පමණක් භාවිතා කරන්න පුළුවන් වෙච්චි සුවිශේෂ ගෞරව නාමයක්. සර්රුත් රොබට් නොක්ස්ගෙ පත පොත හෙම කියවල තියෙනව වගේ…”

      මා දන්නා ඉලව් රොබට් නොක්සෙක් නැත්තේය. මේ කතාව මට කලින් දවසක මෙහෙමම කීවේද මේකාමය.

      “හැබැයි සර්, ඔය සට්ටඹි කුලයට ඉතාම ඉහළින් මහ රජතුමා සැලකුවාය කියලයි කියන්නෙ. එහෙම නැතුවත් පුළුවනෑ? ලේසි පාසු රාජකාරියක්යැ කරන්නෙ…”//

      Delete
    2. ඉන්දික,

      ස්තූතියි..මමත් මේ විස්තරේ කියෙව්වට කොහෙද කියල මතක් කරගන්න බැරුව හිටියෙ....:)

      Delete
    3. එතකොට අපි නොදැන උනත් සට්ටැඹිය කියල තියෙන්නෙ හරිම එකාටනෙ. හැබැයි මූ රජතුමාගෙ අසූචි රස ප්‍රසිද්දියෙම කියනවනෙ.

      Delete
  9. හෙහේ,පොරොන්දු ඉටු කිරීම ගැන මාගේ බලවත් ප්‍රීතිය පිළිගනු මැනවි.:)

    ඈ බං රවීයියේ පළමුව මව්බිම,පළමුව මව්බිම කියලා නිතරම බෙරිහන් දෙන වුන් පළමුවත්,දෙවනුවත්,තෙවනුවත් මව්බිමම කන්ට හදන්නේ ?

    ReplyDelete
    Replies
    1. උඹ හදන්නේ ඊළඟ පෝස්ට් එකටත් මාතෘකාවක් සප්ලයි කරන්නද? එතකොට අපි වාං පතුල් කතා අහන්නේ ලබන ආත්මෙද?

      Delete
    2. //එතකොට අපි වාං පතුල් කතා අහන්නේ ලබන ආත්මෙද?//

      ඇයි උඹ රවියියා ගැන දන්නේ නැතිද?ලබන ආත්මේ නෙමේ තව ආත්ම හතකට විතර පස්සේ ඇහැකි වේවි වාං පතුල් ගැන අහාගන්ට හිටං.:D

      Delete
    3. මනෝජ් සහ කළ්‍යාණ,

      හරි බං වලි දාගන්නෙ නැතුව හිටියාම.....එව්ව මෙව්ව ඔක්කොම ලියමු...:)

      Delete
  10. මේක බොහොම ඉහළයි. වචනෙන් වචනෙට උපහාසය වෑහේ. 'දේයි දේයි!' කියන්නෙ පපුවට ගහගන්න සද්දෙ නේද? මට ටයිටලේ දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      යස් මැඩම්..සූ එකේ දැකල නැත අර ගෝරිලි තඩියො දේයි, දේයි කියල පපුවට ගහගන්නව..ආන්න ඒකයි මේ දෙයි, දේයි සීන්ස් එක. ඒ ජවනිකාව සවිස්තරව දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

      Delete
  11. //එදින රැස්වීමෙහිදී ළමයි දෙදෙනෙක් එකවර උඩ දැමූ එතුමාට ගණං වැරදිනි. එතුමා ආපසු අල්ලාගත්තේ එක ළමයෙක් පමණි.//

    පට්ට +++++++++++++++++++++++++++++

    ReplyDelete
  12. ඥාති කියල තියෙනව නං හරි.ආයෙ කොම්පකඳකඳ වීදිය කියල ටීච කෙනෙක් කිව්වලු නේද?හිනාවෙලා ඉල රිදෙනව රවී.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි මචං....:)

      අඩේ ඒක මම අහල තිබ්බෙ නෑ..මරු...... කොම්පකඳකඳ වීදිය..හෙහ්,හෙහ්..තව එකක්...රතිකඳකඳ...:)

      Delete
  13. සට්ටඹියා කියන එක ටිකක් පැහදිලි කරලා දෙන්න ..
    පෝස්ට් එක කියෝන ගමන් කැකිරි උයලා කෑවා,,, කැකිරි කියලා දවුනේ නෑ රසයි

    ReplyDelete
    Replies
    1. http://omageheena.online.lk/

      අයියේ මන් බ්ලොග් එකේ ලින්ක් එක වෙනස් කළා . මේක දාන්න බ්ලොග් රෝලේ පරණ ලින්ක් එක වෙනුවට හොඳේ . තැන්ක්ස්

      Delete
    2. ඔමා,

      / සට්ටඹියා කියන එක ටිකක් පැහදිලි කරලා දෙන්න .. /

      අන්න බං උඩ ඉන්දික බොහොම අපූරුවට පැහැදිලි කරල තියනව සට්ටඹියා කියන වචනෙ තේරුම...දැක්ක නේද?

      / පෝස්ට් එක කියෝන ගමන් කැකිරි උයලා කෑවා,,, කැකිරි කියලා දවුනේ නෑ රසයි /

      පල යන්ඩ...ඔහෙ කොහෙද බොල කැකිරි? ඔය පිපිකඳකඳ වෙන්න ඕන .උඹ පිපිඤ්ඤ ලියන්ට බැරිහින්ද කැකිරි කියල ලිව්ව නේද?

      / අයියේ මන් බ්ලොග් එකේ ලින්ක් එක වෙනස් කළා . මේක දාන්න බ්ලොග් රෝලේ පරණ ලින්ක් එක වෙනුවට හොඳේ . /

      ඕකේ...තෑන්ක්ස් ..මම සෙටිංග්ස් වලට ගිහිල්ල අප්ඩේට් කරන්නං...:)

      Delete
    3. ඔව් අයියේ කියෙවුවා.

      හි හි හි ඔයා දන්නවා කියලා මං දන්නවා..

      තැන්ක්ස් අයියේ...

      Delete
  14. බුදු අම්මෝ මෙහෙමත් ඔරොප්පුවක්. දැන් එතුමාගෙ සරොම් කලිසම් සේරම ගලවලා යට ඇඳුං වලටත් අත තියන්න පටං අරං අපේ රවි අයියා.

    ReplyDelete
    Replies
    1. මාධවී,

      ඔරොප්පු වෙන්නෙ නැද්ද බං? මේ මනුස්සයට කණට දීල එලවල දැම්ම..දැං පල උඹ කොරපුව හොඳටෝම ඇති කියල..කෝ..ඒත් ගියාද? ආයම ඇවිල්ල ලෑස්ති මෙතන බම්මන්නට අඳින්ට...කෙලෙසුන් නැසූවෙකුට උනත් මල පනින්නෙ නැද්ද හා? උඹම කල්පනා කරල බලාපං ටිකකට...

      Delete
  15. දැන් කෝ මාතෘකාවට අදාල පෝස්ට් එක? ඔය දේයි දේයි කියල ගහගත්ත දවසක පපුව අල්ලං නැමිච්ච සීන් එකයි සර්කස් කාරයා වගේ පැනපු වෙලාවක ස්ටේජ් එක කඩං වැටිච්චි සීන් එකකුයි කලින් ලියල තිබ්බ හැබැයි..

    අම්මප රවී අයියේ උඹ පහුගිය ආත්මෙක අනිවා විපක්ශ නායකගේ කවටයා වෙලා ඉඳලා තියෙනවා. රජවාසලේ ඉඳලා එහෙම රජා ගැන කියල මෙහෙම හිනැස්සුවොත් පහු වෙනිදම හිස ගසා දානවා.. හැක්.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / දැන් කෝ මාතෘකාවට අදාල පෝස්ට් එක? /

      ඒක වුනේ බං මම පෝස්ට් දෙකක් ලියන්ට හිතාගෙන නෙවෙයිනෙ පටන්ගත්තෙ. එකෙම්ම ඉවරයක් කරන්ට..ඒත් නැචුරලි දන්නවනෙ වෙන සන්තෑසිය...ඔය මාතෘකාවෙ තියන දේයි, දේයි සීන් එක තියෙන්නෙ නෙක්ස්ට් ඇපිසෝඩ් එකේ. මාතෘකාව වෙනස් කරන්ටත් හදල ආයම හිතුව ඔන්නොහෙ තිබ්බාවෙ කියල...:)

      / ඔය දේයි දේයි කියල ගහගත්ත දවසක පපුව අල්ලං නැමිච්ච සීන් එකයි සර්කස් කාරයා වගේ පැනපු වෙලාවක ස්ටේජ් එක කඩං වැටිච්චි සීන් එකකුයි කලින් ලියල තිබ්බ හැබැයි.. /

      හරි..අර ස්ටේජ් කඩං වැටිච්චි එකයි, රබර් පාපිස්ස නැතුව පපුවට ගහගෙන ඊටපස්සෙ පපුව අල්ලගෙන දෙකට නැමිච්චි එකයි මම කලින් දවසක කිව්ව තමයි. හෙහ්, උබට මතකයි නේද?...:)

      / අම්මප රවී අයියේ උඹ පහුගිය ආත්මෙක අනිවා විපක්ශ නායකගේ කවටයා වෙලා ඉඳලා තියෙනවා. රජවාසලේ ඉඳලා එහෙම රජා ගැන කියල මෙහෙම හිනැස්සුවොත් පහු වෙනිදම හිස ගසා දානවා.. හැක්. /

      හෙහ්,හෙහ්, ඒකත් හරි තමයි....:)

      Delete
  16. මේක කියෝලා ඉවරවෙනකල්ම බඩ අල්ලගෙන හිනා උනා. පිං සිද්දවෙච්චාවේ....

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      ස්තූතියි මල්ලි.....:)

      Delete
  17. ලොක්ක බොරු කියනවයි කියල තමන්වහන්සේගේ සරුවඥ නානයෙන් නානසාර වහන්සේ ඊයෙද කොහෙද හොයාගෙන. නානසාර බටහිරත් එක්ක කුමණ්ත්‍රනය කරල තමන්ව පැරද්දුවයි කියල ලොක්ක ප්‍රංසකාරයින්ට කිව්වලු. ලොක්ක ඕක හොයා ගත්තෙ ගල් බලෙන්ද?

    19 ට වඩා ත්‍රිල් උන්දෙන්නගෙ කතා !

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      විදේසීය කුමන්ත්‍රන කතාව ඇත්තක් වෙන්නත් පුලුවන්. නානා වගෙ මෝඩයෙක් අල්ලගෙන කුල්මත් කලාම ඌ සුලු ජාතීන්ට හිටු කියල නෙලල මරාට ඒ සුලු ජාතික චන්ද ඔක්කොම නැතිකරන බව දන්න විදේශීය මරා විරෝධීන් නානට ආධාර දුන්න වෙන්න පුලුවන්. එහෙම කුමන්ත්‍රණ වලට මම කැමතියි...:)

      මරාට දැං වැඩේ තේරිල..But it is too late...:)

      ගොට්ට එක්ක එකතුවෙලා මරා ලෑස්තිවුනේ තනිකරම ජාතිවාදයෙ පිහිටෙන්ම දිනන්ට. It is a classic case where the idiom " The end justifies the means " applies totally...:) Mara learnt that lesson first hand to his detriment ...heh,heh,

      සුමනේ, ඥාණේ සහ ගෝටේ...ඔබට අනේක වාරයක් ස්තූතියි..:)

      Delete
  18. http://nelumyaya.com/?p=1982

    අලුත් නෙලුම් යායේ

    ReplyDelete
  19. ලොක්කත් බිවුවෙ ගල් කියන්නෙ ඇත්තම වෙන්න ඇති නැත්තම් ඔච්චර රංවං පාටයි සමනලය වගේ ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කියන්ඩ බැරිඋනා අවන්ත ආටිගලගෙ කාටූන් එකත් පෝස්ට් එක වගේම මරු.

      Delete
    2. කම්මල,

      ආය මොනවද..ගල්ම තමයි...හෙහ්,හෙහ්,

      Delete
  20. මේ පෝස්ට් ඒක කොහොම හරි මරා දැකල කියෙව්වොත් එහෙම වලක් කපන් වැලලෙන්න හිතෙයි. හිනා වෙලා ඉවරයක් නෑ :D. සුපිරි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා,

      ස්තූතියි මනා...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...