ත්‍රිමාණ සමණළ පච්චයක්.... |
පොඩි කුමාරිහාමිගෙ වියුණුවට වගේම වත් මැඩම්ගෙ සොඳුරු සිත වියුණුවටත් මම එසඳ කමෙන්ට් බර ගාණක් ලිව්ව......මේ එයින් එකක්...
බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක මතකද?....සමනළ ආචරණය....ව්‍යාකූලතා න්‍යාය.....මම කාලෙකට ඉස්සර ඒ ගැන වියුණු සටහනක් ලිව්ව.
ඉතාම නොවැදගත් ඒ වගේම ඉතාම සුළු සිද්ධියක් නිසා, ඒ සිද්ධිය මූලික කොටගෙන ඇතිවන ක්‍රියාදාමයකින් පස්සෙ, එහි ප්‍රතිපලයක් විදිහට කාලෙකට පස්සෙ වෙන්න පුළුවන් සිතාගැනීමට පවා නොහැකි තරමේ සංසිද්ධියක්.....
මේක සරලව කියන්නෙ අද ලෝකේ කොහේ හෝ සිදුවන සමනල තටු සැලීමකින් එහි ප්‍රතිපලයක් ලෙස තව වසර කීපයකින් ලෝකේ කොහේ හෝ මහා කුණාටුවක් ඇතිවෙන්න පුලුවන්ය කියලයි.....
දැන් ඔන්න ඔය සමණල ආචරණය ක්‍රියාත්මක වෙන්නෙ මෙන්න මෙහෙමයි.....හොඳද?
*******************************************
ඔහු කීපදිනක්ම ඇගේ නිවෙස අසල තම යතුරු පැදියේ නැඟී පොරොත්තු වූයේ ඇය හමුවීමේ අටියෙනි. මේ ඔහු එසේ පැමිණෙන අවසාන දිනයයි.
''අද එයා හම්බ උනේ නැත්නම් මේ වැඩේ අල්ලල දාන්න ඕන...මේක හරියන එකක් නෙවෙයි වගේ''
ඔහු එදින තමාටම සපථ කර ගත්තේ යතුරු පැදියට නැඟී ඒ පණ ගන්වන අතරදීය.
ඇය මේ පිළිබඳව කිසිවක් නොදත්තාය. එසේම දින කිහිපයකට පෙර අතරමඟ දී බසය ක්‍රියාවිරහිත වීමෙන් පසු අධික වර්ෂාවට බත් වීමෙන් වැලඳුනු උණ නිසා ඇය පසුගිය සතියක පමණ කාලය පාසල් ගියේ ද නැත.
යාන්තම් සුව අතට හැරුණු පසු ඇය අද සවස මේ සූදානම් වූයේ අසල වසනා මිතුරියක හමුවීමට ගොස් පසුගිය දින කිහිපයේ මඟ හැරුනු පාඩම් සටහන් පිටපත් කර ගැනීමටය. ඇගේ පියා එදිනෙදා කුළී වැඩට ගොස් උපයාගන්නා සුළු මුදලින් යැපුණු බැවින් ඔවුන් ගෙවූයේ අග හිඟ කමින් පිරුණු දිවියකි. ඇය සහ ඇගේ සොයුරිය පාවිච්චි කලේ එකම සෙරෙප්පු යුවලකි.
නිවසේ වූ එකම කාමරයේ සෑම තැනම සොයා ද සෙරෙප්පු යුවල සොයා ගත නොහැකිවූ පසු ඇය කුස්සියට ගොස් තම මව ඇමතුවාය.
''කෝ අම්මෙ අර කළු පාට සෙරෙප්පු දෙක?''
''ඇයි මේ කොහෙ යන්ටද?''
''පහුගිය ටිකේ මඟ ඇරිච්ච පාඩම් ටික ලියාගන්ට යන්ට කියල මගෙ යාලුවෙක්ගෙ ගෙදර''
''ෂහ්, හරි වැඩේනෙ, නංගි කඩේට ගියානෙ ඒක දාගෙන, එහෙනම් එනකල් ඉන්ට වෙයි....''
කඩය පිහිටියේ සෑහෙන දුරකිනි. එබැවින් නංගී ආපසු ආවේ හෝරාවකට පමණ පසුය. ඒ වන විට වැහි අඳුරක්ද පාත් වී තිබුණු බවින් මිතුරියගේ නිවසට යාමේ අදහස ඇය අත්හැර දැමුවාය.
''කවුද මන්ද අක්කෙ මෝට සයිකල් කාරයෙක් හිටිය අතන දෙවට ගාව. මම යනකොටත් දැක්ක. එනකොටත් හිටිය...මේ දවස් දෙක තුනේමත් මේ පැත්තෙ කැරකුන වගෙ මට මතකයි...කලින් දැකපු කෙනෙක් නම් නෙවෙයි....''
නංගී පැවසුවේ ඇඳුම් ගලවන අතර තුරදීය.
ඇගේ සිතේ සැඳෑ අහසක එක් වරම නැඟී අතුරුදන් වන විදුලි රේඛාවක් මෙන් ඇඳී ගියේ ඔහුගේ මුහුණයි. එදින මොර සූරන වැස්සේ ඔහු තමා නිවස අසලටම ගෙනවිත් ඇරලූ අයුරු....''ස්තූතියි අයියෙ'' කියද්දී ''ආ, ඒක මොකක්ද නංගි, මම ගිහිල්ල එන්නම්'' කියමින් ඔහු සිනාසී නික්ම ගිය අයුරු...පසුගිය උණ වැලඳී ගෙවූ දින කිහිපයේ පවා ඔහුගේ සිනාමුසු මුහුණ වරින් වර දෑස් පියාගත් කල මනසේ ඇඳීගිය අයුරු.......
''කෝ නංගි දෙන්න ඔය සෙරෙප්පු දෙක....''
වහා මිදුලට පිවිසි ඇය දෙවට දෙසට නෙත් යොමු කලද ඒ වන විටත් වැස්ස ක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ වැහි බිඳු අතරින් ඇය නෙත ගැටුනේ වැස්සට පෙර ගාල් වීම සඳහා හැල්මේ දිවයමින් සිටි එලදෙනුන් දෙදෙනෙකු පමණි.
ඔහු....ඔව්...ඔහු.....ඊට මිනිත්තු පහකට පමණ පෙර.....වර්ෂාව ඇරඹීමත් සමඟම....අවසන් වරටත් ඇගේ නිවස දෙස බලා තම යතුරු පැදිය පණගන්වාගෙන එතැනින් නික්ම ගොස් තිබිණි.
දිගු සුසුමක් හෙලූ ඇය ඉදිරිපස දොර වසා දමද්දී ගෙතුලට පැමිණි සීතල සුළඟ ඇගේ සිරුරේ හිරිගඩු නංවා ලීය.
''ඇයි අක්ක දන්නවද ඒ මනුස්සයව?''
නංගී විමසුවේ කුහුල රැඳුනු දෑසිනි.
''නෑ, මම දන්නෙ නෑ.....මම කොහොමද දන්නෙ?''
ඈ පිළිතුරු දුන්නේ නොරිස්සුමෙනි.
*******************************************
දැන් ඔන්න සමණලය තටු සැළුවා....ඒ කියන්නෙ අර නංගි ගිය කඩේ එදා හවස වහල....අපි කියමු මුදලාලිගෙ කකුල ඇමැට්ටි උනයි කියල ලිස්සල වැටිල ඔයේ නාන කොට...කොහොම හරි මිනිහ වෙදා හොයාගෙන ගියා කඩේ ගෝලයත් එක්ක බයිසිකලේ...ඒ නිසා එදා හවස කඩේ වහල. නංගිට මඟදිම ආරංචි වෙනව කඩේ වහලයි කියල ඒ පාර නංගි ආපහු එනව.
ඒ නිසා ඈ සෙරෙප්පු දෙකත් දාගෙන පිටත් වෙනව මිතුරියගෙ ගෙදර යන්ට...දෙවටට ආව විතරයි ....කව්ද හිටියෙ ඈ එන පෙරමඟ, හිනා කටක් පුරෝගෙන?....
ඇගේ දෙපා එතනම ගල් වුනේ ඇයටත් හොරාම.....මූණට ලේ පිරෙනව නම් ඇයට හොඳටම දැනුන.......
''අයිය...මේ මොකද මෙතන?.....''
කාලාන්තරයකට පස්සෙ ඇයට ඇහුනෙ ඇගේම කටහඬද කියල ඇයටත් සැකයි.....
''මම මේ අඳුනන කෙනෙක් මුණ ගැහෙන්න කියල නංගි.....''
ඔහු කිව්වෙ ඇගේ මුහුණ දිහා එක එල්ලේ බලමින්,
''කවුද ඒ?.....''
ඇගේ මුවඟටත් සිනහවක ඡායාවක්....
''එන්නකො මෙහාට මම ඒ කවුද කියල කියල දෙන්න.......හෙහ්, හෙහ්''
*******************************************
මොරගෙඩි තරම් වැහි බිඳු මෝටර් රියේ වා මුවාව මතට පතිත වෙද්දී ඔහු නිවසෙහි පෝටිකෝව යට පෝටිකෝව යට රිය නැවැත්වීය.
ඔහු එනතෙක් මඟ බලා සිටි ඇගේ සිනා සපිරි වත දෙස මොහොතක් සිනාමුසුව බලා සිට ඔහු සෙමෙන් දොර විවර කොට රියෙන් බැස්සේය.
''මොකද අනේ ඔයා පරක්කු උනේ?....මම මේ මඟ බලාගෙන හිටියෙ....''
''දන්නවනෙ.... මේ වගෙ අනෝරා වැහි වහින දවසට මට තියනවනෙ විශේෂ රාජකාරියක්. ඒකයි පරක්කු උනේ....''
''මොකක්ද අප්පා ඒ?....''
ඇය විමසූයේ ඔහුගේ අතින් අල්ලා ගනිමින් දෙබැමද හකුළුවමිනි..
''මොකක්ද දන්නවද?....මෙහෙම වහින දවස්වල මම පාර අයිනෙ තියෙන පරණ කඩ කාමර වගෙ ඒවගේ ටිකක් හෝදිසි කරනව ගෙදර යන්ඩ තියෙන අන්තිම බස් එකක් කැඩිල ඉහින් කනින් තෙමීගෙන අඬ අඬා ඉන්න ලස්සන ගෑණු ළමයි එහෙම ඉන්නවද කියල... ''
ඔහු පැවසූයේ ඇය තරයේ වැළඳ ගනිමිනි. ඔවුන් දෙදෙන මහ හඬින් සිනාසෙන හඬ පිටත මහ වැස්සේ හඬද පරදවමින් දසත විසිරී ගියේය.
*******************************************
මේ එක සමනල තටු සැලීමක ප්‍රතිඵලය විතරයි...තවත් සිය දහසක් විකල්ප තියෙන්න පුළුවන්.....දැනට මේ ඇති.....හෙහ්, හෙහ්,
අම්මොහ්......
ReplyDeleteමෙන්න මෙහෙත් සිරා මොනාද සමනල කතාවක් පිස්සුවෙන් වගේ කියෝ කියෝ ඇවිදිනවා........
Sira and Ravi talking of butterflies. Coincidence?
Deleteසූටික්කා සහ ඉයන්,
Deleteඇත්තම කිව්වොත් හුදු අහඹුවක් තමයි. ඒ කිව්වෙ ගමරාළ අර සමණළ කතාව කියන්ට ඉස්සරයි මම හිතාගෙන හිටියෙ අද මේ කතාව පළකරන්න ඕනය කියල.
ඒ විස්තරේ පූර්විකාවකට වගෙ ලියල අර අසමජ්ජාතියට දෙකක් කතාකරලම මගෙ සමණල කතාව දාන්නම්ය කියල හිතලත් ආය මොකටද නිකං ලේ රත්කරගන්නෙ කියල නිකා හිටිය...:)
BTW beautiful story boss.
ReplyDeleteThanks Boss....:)
Deleteඅපුරුයි
ReplyDeleteThanks Asanga...;)
Deleteමම ඔහොම ගේට්ටුව ගාව බයික් එක නවත්තගෙන බලා හිටපු සීන් එකක් මතක් වුනා. එලියට ආවේ අම්මයි දුවයි දෙන්නම එකට....හීන් සීරුවේ හොරෙන් බලල මාරුවෙලා ගියා... හෙහ් හෙහ්...
ReplyDeleteලස්සන කතාව...
සමනල තටු සැලීම හින්ද කොච්චර නම් දේවල් වෙනවද...
පැතුම්,
Deleteඋඹ එනවයි කියල ඒ යෝදි හිතන්න නැතුව ඇති බං නැහ්නම් කොහොම හරි දුවව මඟ ඇරල ඒවි.....ෂෙහ් අපරාදෙ...
Thanks Pathum....:)
/සමනල තටු සැලීම හින්ද කොච්චර නම් දේවල් වෙනවද.../
Deleteකියල අපූරු පොතක් කියෙව්ව මම අවුරුදු කීපෙකට ඉස්සෙල්ල..ඒ පොතේ තියෙන්නෙ ඔය වගෙ සමණළ තටු සැලීම් හින්ද වෙනස් වෙන්ට ඉඩ තිබ්බ ලෝක ඉතිහාසය වෙනස් කල සිදුවීම් එහෙම වෙන විදිහකට උනානම් අද ලෝකෙ මොන වගේ වෙන්න තිබුණද කියල උපකල්පනය කරල ඒ ඒ විෂයන් ගැන උගත්තු කණ්ඩායමක් ලියපු ලිපි පෙලක්...
පොතේ නම ලියවිල නෑ උඩ කමෙන්ට් එකේ..පොතේ නම "What If?"
Delete[නැහ්නම් කොහොම හරි දුවව මඟ ඇරල ඒවි.....ෂෙහ් අපරාදෙ...]
Deleteමේවා මේ කොල්ලා කාලේ දුවව බලන්න යද්දී වෙච්ච සීන් යකෝ... තාම අම්මල බලන්න යන්න පටන් ගත්තේ නෑ... රවියගේ වයසටත් එන්න ඕනේ ඒකට.. හෙහ් හෙහ් හෙහ්..
“Well, I must endure the presence of a few caterpillars if I wish to become acquainted with the butterflies.”
ReplyDelete― Antoine de Saint-Exupéry
Pra,
DeleteWhen Living with A Butterfly would get so boring you would think even a Scorpion would be better....
මේවා කියවීමෙන් කතන්දර ලිවීමට මෙව්වා කරවන සුළුයි...
ReplyDeleteලස්සනයි
ලිඛිතා,
Deleteඅරව මෙව්ව කරවන සුළුයි මහයි කිය කිය ඉන්නෙ ලියහංකො කෙහෙම්මල...
ලියහංකො කෙහෙම්මල... X2
Deleteඕකට තනිකරම වගකියන්න ඕන සෙරෙපුප් දෙක තමයි. අරකෙල්ලට වාහනේක යන්න තිබ්බ අවස්ථාව නැති කරලනෙ. හැක්..
ReplyDeleteමේ මෑතක කවුද පුද්ගලය්‍කේ ප්‍රසිද්ධ වේදිකාවෙදිත් සමනල කතාවක් කියල තිබුණ කියල කට්ටිය කතාවෙනව.
ප්‍රසන්න,
Deleteහෙහ්..ඒකෙත් හැටි නෙවද? කවුද බං සනමල් කතාවක් කිව්වෙ?
අන්තිමට කිව්වා කතාව ඇත්තක් වෙන්න බැරිද ?? ඇත්තටම කඩවල් දිහා බල බල ආපුනිසා පරක්කු උනා වෙන්න බැරිද
ReplyDeleteමැලේ,
Deleteඇත්තමත් වෙන්න ඇති සමහර විට.. පාළු කඩවල් දිහා බලාගෙන අතීතයේ සැරිසරමින් වැස්සෙ හෙමිහිට එන්න ඇති අර යෝදය...
මරු...
ReplyDeleteමේක කියවද්දි මතක් වුනේ
// එක් පසකින් තඩි වෙල් යාය ..
යායේ දිගේ මහ තල් යාය ,
තල් යාය මුල කදුරු මල් යාය ,
මල් යායේ වනාපු -- තම්බි ගර්ල් කෙනෙකුගේ යට සාය …!! //
යන කොටස අඩංගු සඳරුගේ පෝස්ටුවේ, වූ කතාව.
(කතාව මොකක්ද කියල දැනගන්න අවස්තා සම්බන්ධය මතක තියෙන්න ඕනෙ ��)
[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Deleteසඳරුවගෙ කතාව ආයම ගිහිං බලල ආයම පුල් ආතල් එකක් ගත්ත බං...හෙහ්,හෙහ්
මේ මම ඒකට දාපු කමෙන්ට් එක...
Ravi said...
Kalyana,
/කියෝලා හිනාවෙලා කලිසමේම රෙවුනා යකෝ.. මම මේ කක්කුස්සියට යන ගමන් පාට මොකක් ද බලන්න../
මීට පස්සෙ මේ මූදු XXXXගෙ කතා කියවන්ට ඉස්සෙල්ල දුඹුරු පාට කළසමක් ඇඳගං..මාත් එහෙම කොරන්ට අදිස්ටාන කොරගත්ත.............
මෙව්වා කියවීම හිත සමනය කරවන සුලුය. current butterfly මාතෘකාවක් අස්සේ සමනල නමින් රවටා මෙවැනි ලස්සන කියැවීමක් අත්කර දුන් ඔබතුමාට ප්‍රණාමය.
ReplyDeleteඅරු,
Deleteඅඩේ කිව්වත් වාගෙ එහෙමත් හිතන්න ඇති නේද කට්ටිය මාතෘකාව දැක්කම...
ස්තූතියි අරු...
+++++
ReplyDeleteThanks Maanaviks...:)
Deletefucking awesome!!
ReplyDeleteu just make me to forget all the problems Im having & bring me back to 2003
thank u mate!
Ano,
DeleteReally glad to hear that I made someone forget his troubles even just a moment..You just made my day dear...:)
නොසිතු මොහොතක
ReplyDeleteනැගුණු වියරුව
මහා වා සුළි
සසලවා ලොව
අහස ගුගුරා
අනෝරා වැසි
ඇද හැලී බිම්
ගිල ගනිද්දී
සොයා බැලු කළ
මන්ද මේ හැම
.
.
.
වග කියන්න ඕනෙ
සමනළයෙක්ලු! :D
කළින් පෝස්ට්ටෙකේ අපිලට උත්තර නෑ! අර ඉස්සර ඩූඩ්ඩයියා කියන්නා වාගේ, මගෙ කමෙන්ට් එක ළඟින්ම උත්තර දෙන එක නවත්තලා. >:(
Siththami,
Delete/කළින් පෝස්ට්ටෙකේ අපිලට උත්තර නෑ! අර ඉස්සර ඩූඩ්ඩයියා කියන්නා වාගේ, මගෙ කමෙන්ට් එක ළඟින්ම උත්තර දෙන එක නවත්තලා. >:( /
අනේ බං සමාවෙයං සමාවෙයං...නොදැන වූ වරදට සමාවනු මැන...:(
මම නම් මේ කතන්දර කියවන්නට පටන් ගත්තේ අද. කලින් ඒවා දැක්කේ නැහැ. බොහෝ අතීත සිද්ධි මතක් කර ගැනීමට හොඳ පිවිසුමක්. දිගටම කියවනවා.
ReplyDeleteදයා මහත්මයා,
Deleteඒ පොඩි කුමාරිහාමි බ්ලොග් එක දැන් වහල දාල...අපරාදෙ...කියවන්න තිබ්බනම් හරිම අගෙයි..බොහොම ලස්සනට ලියපු දක්ෂ ලේඛිකාවක්...
හප්පා මෙහෙට එබෙන්න සෑහෙන්න පරක්කු උනා ඒ අතරේ මෙන්න ගමකට පෝස්ට් වැටිල.. පොඩි කුමාරිහාමිගේ වලව්වෙ කතාවයි මේකයි විතරයි කිය්වගත්තෙ තාම.ඉස්සර මාත් ඔය වලව්වේ යාවජීව සාමාජිකයෙක් හැබැයි කමෙන්ට් නම් දැම්මෙ නෑ.ඒ කාලේ මම මෙහෙට ගොඩවුනු මතකෙකුත් නෑ නොවැ.කෝම උනත් මේ කතානම් සා.. මරු කියනවට වඩා නිකන් පිලිතුරු කතාවක් ලියපිය ලියපිය කියල හිත කොනිති ගහන කතා . ඒත් කෝ ඉතින් දැන් වෙලාවක් මට.
ReplyDeleteHave u watched the movie "Sliding doors"?
ReplyDeleteමෙන්න නියම සමනල කතාවක් :)
ReplyDeletehttps://sithumkavipotha.blogspot.com/2018/11/280.html :)
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDelete