කුඹුරුවලට වතුර බෙදාහරින කෙත් ඇලක් (Field Canal) සහ පෝල් බට (Farm Turn-outs ) |
පහුගිය පෝස්ට් එකේ වෙන නොයෙකුත් ආරළු බූරළු අතරෙ මම දම්මි සුගත් ආදර අන්දරය ගැනත් ලිව්ව.
දැන් ඔය සුගත්ට බොහොම දෙනෙක් කැමති නැහැ. ඒ කියන්නෙ ප්‍රේමයකින් පරාජිත වුන පලියට කොටින්ම කිව්වොත් කෙල්ලෙක් "බැහ්" කිව්ව පලියට සුරාවට ඇබ්බැහි වෙලා ජීවිතේම කාළකන්නි කරගන්නෙ අර අහවල් දේකටද කියල බහුතරයකට හිතෙනව. ඒ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු මගේ ඉපැරණි පාඨිකාවියක් සහ හිතවතියක්වන රූ ගරු කටයුතු නෝනා මහත්මියත් එහෙම කියල තිබ්බ. සුගත් එහෙම බේබද්දෙක් උනේ මොකද කියල එතුමිය තවමත් කල්පනා කරනවයි කියල. එක අතකට ඒ සිතුවිල්ලත් ඉතාම සාධාරණයි. ටෝටලි ජස්ටිෆයිඩ්. නෝ ඉෂූ එබවුට් දැට් ඇට් ඕල් ඇටෝල්...බට්...අන්න මෙතන ඉතාම වැදගත් වචනෙ ඇවිල්ල බට්..
බට් කියන ඉංග්‍රීසි වචනෙට තේරුම් රාශියක් තියනව. එකක් ඇවිල්ල පශ්චාත් භාගයට කියන Slang word එකක්. බට් දැට් බට් හෑස් ටූ ටීස්. Two tees....like this...Butt... බට් එකේ අනික් අර්ථය වන නමුත් බට් එකට තියෙන්නෙ ඔන්ලි වන් ටී..Like this...But..
නමුත් අපි නමුත් කියල කියනකොට ඒ වචනෙ ටිකක් බර කරල කියන්ට (To Emphasize) නමු...ත්..ත්..ත් කියල අදිනවනෙ. සමහර උදවිය ඉංග්‍රීසියෙන් කතා කරද්දි බට් කියන වචනෙත් ඒ විදිහට අදිනව. බ..ට්...ට්...ට්...කියල. ..(B...u...t....t......)... I know you are in need of some cash right now b...u...t...t.... sorry I can't help you....
සුගත් එහෙම බේබද්දෙක් උනේ මොකද කියල එතුමිය තවමත් කල්පනා කරනවයි කියල. එක අතකට ඒ සිතුවිල්ලත් ඉතාම සාධාරණයි. ටෝටලි ජස්ටිෆයිඩ්. නෝ ඉෂූ එබවුට් දැට් ඇට් ඕල් ඇටෝල්...බට්...අන්න මෙතන ඉතාම වැදගත් වචනෙ ඇවිල්ල බට්….But certainly there are people who are exceptional…
ඒ කියන්නෙ අපි හැමෝම හිතන සාමාන්‍ය මිනිස්සු හැසිරෙන ආකාරයට නොහැසිරෙන මිනිස්සුත් ඉන්නව. සුගත් එහෙම චරිතයක් කියල අපි හිතමුකො. සුගත් කියන මනුස්සය ආදරයට අධි සංවේදී මනුස්සයෙක්.
සමහරවිට කුඩා කාලෙදිම දෙමව්පියන් දෙදෙනාගෙම සෙනෙහස අහිමිවීමත් එහෙම වෙන්ට එක හේතුවක් වෙන්ට ඇති... ඒ හින්ද තමන්ගෙ ආදරය මල්ඵල නොගැනීම සුගත්ට දරාගන්ට බෑ. එහෙම මිනිස්සුත් ඉන්ට පුලුවන්නෙ මේ ලෝකෙ නේද? යස් පුලුවන්..ඔෆ් කෝස්....
විරාගයෙ අරවින්දත් ඒ වගෙ එක්සෙප්ෂනල් චරිතයක් කියල කියන්ට පුලුවන්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තය අරවින්ද තුලින් විස්තර කරන්ට උත්සාහ කලේ තමන්ගෙ සිතතුල ජීවත්වූ එහෙත් පියවි ලෝකයේදී තමන්ට පණදෙන්නට නොහැකිවූ චරිතයක් වෙන්නත් පුලුවනි.
හරි ඒ ගැන දැන් ඇති...අද මාතෘකාවට පිවිසෙන්නට පෙරාතුව ගොළු හදවත සහ මගේ ළමා විය සම්බන්ධ තවත් පොඩි කතාවක් පවසන්නට මට අවසර...ඒ කතාව මෙහෙමයි..
මම ඒ කාලෙ ඉතාම ආසාවෙන් කියවපු කතාවක් තමයි නිකොලොයි නොසොව් නම් රුසියානු ලේඛකයගෙ "Adventures of Dunno and his Friends" ළමා කතාවේ පරිවර්තනය. මම කියවපු පරිවර්තනයෙ නම "දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම් " පරිවර්තක ඇවිල්ල ඩී.බී. කුරුප්පු කියල මහත්මයෙක්.
දැත්තගෙයි ගොළු හදවතෙයි සම්බන්ධය මොකක්ද කියල කියනව නම් ඔය ඩී.බී.කුරුප්පු මහත්මයා තමයි ඇත්ත වශයෙන්ම ගොළු හදවතේ සුගත් වීරසේකර කියලයි කියන්නෙ. කරුණාසේන ජයලත් සහ ඩී.බී. කුරුප්පු යන දෙදෙනාම හොරණ තක්ෂිලාවෙ සම වයස්ක සිසුවන් වෙලා ඉඳල තියනව. ඒ කාලෙ දම්මිත් එහිම සිසුවියක්. ඔන්න ඔහොමයි මම ඔය ගොළු හදවතේ අතීත කතාව අහල තියෙන්නෙ.
හරි එහෙමනම් මේ දවස්වල විකාශය වන ටෙලි චිත්‍රපට ගැන මම ලියන්ට ආපු සටහන ලියල ඉවරයක් කරමුකො. තව සුවල්ප කාරණා කාරණා ගැන ලියන්ට තියනවද දෙයියම්ප හැබැහැටම?
පසුගිය සටහනින් උපුටා ගැනුම /
එතකොට සුදු ඇඳගෙන කළු ඇවිදින් කතාවෙ තියන ශුෂ්ක පරිසරයට මම කැමති තවත් හේතුවක් තියනව. එයැයිතුයි මමයි බැඳල අපි ඉස් ඉස්සෙල්ලාම පදිංචියට ගියේ බකමූණට කිලෝ මීටර් හත අටක් එහායින් තියෙන අත්තනකඩවල කියන දිහාවෙ. අත්තනකඩවල අර ටෙලිචිත්‍රපටයෙ පරිසරය තරමටම ශුෂ්ක වියළි කලාපීය නොවුනට වැස්ස නැතුව නියඟයක් ඇල්ලුවම ඒ වගේම තමයි. ඉතිං ඔය ශුෂ්ක පරිසරයෙ අපි දෙන්න යුග දිවිය අරඹපු ආකාරයත් හරිම අපූරු කතාවක්..එහෙනම් ඊලඟ කොටසින් ඒ කතාව කියන්නම්..එහෙම හොඳයි නේද?
/උපුටනය අවසන්
අද හවස මම සුමනෙට කෝල් එකක් දුන්න...අළුවිහාරෙට...පරණ විස්තර කතා කලා පැය බාගෙකට කිට්ටු වෙන්ට. අන්තිමට ටෙලිෆෝන් එකේ බැටරිය බහින අනතුරු ඇඟවීමේ නාදය නිකුත් වුනාමයි කතාව නැවැත්තුවෙ..
"මේ සුමනෙ...ෆෝන් එකේ බැටරිය බහින්ටයි හදන්නෙ..මම එහෙනම් තියන්නම්..යන්ට කලින් මම අනිවා එනව උඹලගෙ ගෙදර...මෙහෙම මේ ටෙලිෆෝන් එකෙන් විස්තර කතා කරන එකේ කිසිම ගතියක් නෑ බං..මූණට මූණ බලාගෙන හාන්සි පුටු දෙහෙක දිගාවෙලා මොනව හරි හොඳ ජාතියක් මැද්දෙ තියාගෙන පපඩමක් එහෙම හප හප ඩිස්කස් කරන්ට ඕන මෙව්ව...හෙහ්..හෙහ්..."
"හරි බං වෙරි ගුඩ්..අපි හම්බවෙමු ඩෙෆිනීට්ලි..එහෙනම් අන්ටිල් වී මීට් බායි ඇන්ඩ් ටේක් කෙයා.."
"යස් සී යූ සූන්…"
ඉතිං අපේ ඔය ප්‍රියම්බිකාවන්ගෙ ගේ තියෙන්නෙ අළුවිහාරෙ සුමනෙලගෙ ගේ පහු කරල තව කිලෝ මීටර් හත අටක් විතර කන්ද උඩගට යන්ට ඕන. ඇත්තටම දුෂ්කරයි.... ඒ වගේම හරිම ලස්සන පරිසරය.
මම මගෙ කසාදෙ රෙජිස්ටර් කරන්ට ගියේ සුමනෙ එක්ක සුමනෙගෙ බයිසිකලේ. තැඹිලි පාට CG 125 එකක්. මගේ පැත්තෙන් ගියේ සුමනෙ විතරයි. එතකොට සුමනෙ තමයි මගෙ රථාචාර්යයා කුම් සිග්නටරි ඈස් විට්නස්..ඒ කියන්නෙ සාක්කියට අත්සන් කලෙත් සුමනෙ තමයි.
එන ගමන් මාතලේ ටවුමට ගිහිල්ල ඩබල් ඩිස්ටිල්ඩ් (නොහොත් දෙවරක්පෙරුම උන්නැහේ) එකක් අරගෙන ඇවිල්ල එදා රෑ සෙලිබ්‍රේට් කලා මගේ සරණ මංගල්‍යය. එහෙම විවාහ උත්සවයට සතියකට වගෙ කලින් පොතේ අත්සන් කිරිල්ල යොදාගත්තෙ එයාලගෙ අක්කගෙ රෙජිස්ට්‍රේෂන් එකත් එදාටම යෙදිල තිබුනු හින්ද. ආය මොකටද ඕකට තව දවසක් කියල අපි කතා වුනා දෙකම එකටම කරල දාමුය කියල.
ඉතින් දැන් ඔන්න අපේ පැත්තෙන් එහෙට ගිහිල්ල එහෙන් අපේ ගෙදර ඇවිල්ල කතා බහ තීන්දු තීරණ ඔක්කොම අරගෙන අහවරයි කියමුකො. දැන් ඔන්න මංගල්ලෙ යෙදිල තියෙන්නෙ ලබන සතියෙ.
මැයි මාසෙ කියන්නෙ අපිට ඉතාම රාජකාරි බහුල කාලයක්. රාජකාරි කිව්වට එව්ව මේ දෙකයි පණහෙ ගම්සබා වැඩ. මහ කන්නෙ කුඹුරු වැඩට වතුර නිකුත් කරන්ට පටන් ගන්නෙ මැයි මුල විතර. අනිවාර්යයෙන්ම ඔය කාලෙ ඉතිං අපේ ගොවි මහත්තුරු ඉන්නෙ G.I.A. මෝඩ් එකේ. (Ginger inserted in Anus) පොඩ්ඩ බැරිවුනාද මරාගන්ට යනව. මේ නන්නාඳුනනා අන්‍ය ජාතික අන්‍යාගමිකයො එක්ක එහෙම නෙවෙයි. උදේ හවස දෙවටෙදි, හන්දියෙ තේ කඩේදි, පෝයට පන්සලේදි හම්බවෙලා ආ කොහොමද මාමෙ අයියෙ පුතේ කියල හිනාවෙලා කතාබහ කරන තමන්ගෙම ඥාතීන් අසල්වාසීන් හිත මිත්‍රාදීන් එක්ක. වෙන මොකටවත් නෙවෙයි බෙදුම් ඇළේ එන වතුර කුඹුරු වලට සමෝසමේ බෙදාගන්ට බැරුව.
මම අර කලිනුත් කිව්ව වගෙ තමන්ගෙ පැවැත්මට තර්ජනයක් එනකොට තමයිමිනිස්සුන්ගෙ පෘථග්ජන ආත්මාර්ථකාමී සිතුවිලි මතුවෙලා එන්නෙ. එක අතකට එහෙම වෙන එක සර්ව සාධාරණයි. කාටවත් ඒකට දොසක් කියන්ට බෑ. මොකද වී ගොවිතැන තමයි ඒ මිනිස්සුන්ගෙ එකම ජීවනෝපාය. වෙන කිසිම කර්මාන්තයක නිෂ්පාදන ක්‍රියාවලියක පුහුණුවක් පරිචයක් නෑ. සී සාන්ට, වපුරන්ට, පෝර ගහන්ට, ගොයම් කපන්ට, කොළ මඩවන්ට තමයි දන්නෙ.
අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි ගොවි මහත්වරු ස්වභාවයෙන්ම හරිම කම්මැලියි. ඒ දවස්වල ලෝක බැංකු සමීක්ෂණයක වාර්තාවක් මට මතකයි ඒකෙ කියල තිබ්බ එක කන්නයක්...කන්නයක් කියන්නෙ මාස හයක්නෙ. ඒ කියන්නෙ දවස් 180ක්. එයින් වී ගොවියා වැඩ කරන්ට ඕන දවස් හතළිහක් සහ පණහක් අතර ගණනක් විතරයි කියල. ඒ කියන්නෙ මුළු අවුරුද්දෙම වැඩ කරන්ට ඕනෙ උපරිම දවස් 100ක් විතර. මම හිතන්නෙ මිනිස්සු වී ගොවිතැනටම යොමු වෙන්ට තවත් හේතුවක් ඒක. බොහොම රිලැක්ස් එකේ කරන්ට පුලුවන් ජොබ් එකක්නෙ හෙහ්...හෙහ්...
ඉතිං ඔය ජලය අත්‍යාවශ්‍ය කාල වකවානුවල ඒ කිව්වෙ කුඹුරු මඩ කරද්දි සහ බණ්ඩි ගොයම පූදිද්දි වගෙ කාලෙට අපි කරන්නෙ එක එක කුඹුරට වතුර දෙන්ට නියමිත කාලසීමාවක් හදල අනිවාර්යයෙන්ම ඒ අනුව කටුයුතු කරන්ටෙයි කියල ගොවියන්ට දැනුම් දෙන එක. ඒත් මොන? එහෙම මුර වතුර නිකුත් කිරීමේ කාලසටහනක් හදල දුන්නත් ඇති වැඩක් නෑ. මේ යක්කු ඒ අනුව සමඟියෙන් වතුර ටික බෙදාගන්නෙ නෑ. ඉතින් අන්තිමට ගොවියො රංචු පිටින් බයිසිකල් වල නැඟගෙන එන්නෙ අපිව හොයාගෙන..
"මහත්තෙය...අටේ කුඹුරෙ සුමනසිරි ඊයෙ රෑ පෝල් බටේ ඇරල මයෙ වතුර මුරේ උගෙ කුඹුරට හරවගෙනනෙ..බලන්නකො මම අද පෝරු ගාල ඉවරයක් කරන්ටනෙ හිතාගෙන හිටියෙ…"...විසිහතරෙ ඇලේ දහතුනේ කුඹුරෙ වික්‍රමසිංහ එහෙම කියාගෙන උදේ පාන්දර අඬාගෙන එනව…
"වීරසිංහ මහත්තයෝ..වීරසිංහ මහත්තයෝ.." ඔන්න රෑදෙගොඩ හරියෙ කවුදෝ මහසෝන වගෙ ක්වාටර්ස් එකේ දොරට තඩිබානව.
"ඉඳහං යකෝ පොඩ්ඩක් දොර කඩන්ඩ හදන්නෙ නැතුව….." සුමනෙ සරමත් ඇඳ ඇඳ ගිහිල්ල දොර අරිනව. "මොකද බං මේ දෙගොඩ හරියෙ?
"අනේ මහත්තයො මුරුතැංගෙදර පුංචි බණ්ඩ ඇලේ වතුර ඔක්කොම උගෙ කුඹුරට හරෝගෙන. ඌ පිහියකුත් තියාගෙන රැකගෙන ඉන්නව උගෙ කුඹුරෙ වතුර වහන්ට එන ඕන එකෙක් බාවනව කියල…"
(සටහන - ගොවියො ඔය පෝල් බටේ පෝල් බටේ කියල කියන්නෙ කුඹුරට වතුර ගෙනියන ඇලේ ඉඳං කුඹුරට වතුර හැරවීම පාලනය කරන්ට හදල තියෙන නිර්මිතයට. නිර්මිතය කියල කියන්නෙ ඉංග්‍රීසියෙන් නම් Structure. ඔය පෝල් එක කියන එකට නියම වචනෙ ගොවිපළ අව හැරවුම නොහොත් Farm Turnout )
ඉතිං දවල් දවස තිස්සෙ සම් ටයිම්ස් දිවා ආහාරය පවා විරහිතව ඔය ගොයියංගෙ ගහ මරා ගැනිලි විසඳල සුමනෙයි මමයි හවස ආපහු ක්වාටර්ස් එකට එන්නෙ පාං කියාගන්ටත් බැරුව. ඒ ආපු ගමං කරන්නෙ තුවායයි සබං කෑල්ලයි අරගෙන මහ ඇලට ගිහිල්ල අර කෙඩෙත්තු ගතිය යනකල් බැහැල නාගන්න එක. ඉම්පස්සෙ යනව බයික් එකේ බකමූණට. ගිහිල්ල ගේනව ගල් එකක් හෝ එක පාරම දෙකක්. දෙකක් ගෙනාවම දවස් දෙක තුනකට වගෙ ඇති. අපි හිටියෙ අත්තනකඩවල. බකමූණෙ ඉඳල කිලෝ මීටර් අටක් දහයක් වගෙ එහා.
අපේ ක්වාටර්ස් එක තිබ්බෙ අතෑරල දාපු පරණ කුඹුරු යායක් අද්දර. ක්වාටර්ස් එක ඉස්සරහම තිබ්බ මහ විසාල කොහොඹ ගහක්. ඕක යට පුටු දෙකකුයි සාලෙ තිබ්බ පරණ ටීපෝ කබලයි තියාගෙන තමයි අපි දෙන්න සෙට් වෙන්නෙ.
"මචං වීරෙ..දන් උඹල ලබන සතියෙ බඳිනවනෙ. ඊට පස්සෙ මොකක්ද උඹලගෙ ප්‍රෝග්‍රම් එක?" එදා ගල් බෝතලේ අතට අරගෙන මූඩිය කරකෝන ගමන් සුමනෙ ඇහුව.
"ඒ කිව්වෙ?"
"ඒ කිව්වෙ බං බැන්දයින් පස්සෙ කොහෙද දෙන්න දැන් නවතින්න හිතාගෙන ඉන්නෙ?"
බැන්දට පස්සෙ කොහෙද නවතින්නෙ කියන එක ගැන එතුමියයි මායි ඒ වෙනකොට සෑහෙන දුරකට සාකච්ඡා කරලයි තිබ්බෙ.
අපිට ඔප්ෂන්ස් නොහොත් තෝරාගැනීම් දෙකක් තිබ්බ. එකක් අපි දෙන්න මහවැලි නිල නිවාසයක පදිංචි වෙන එක. එහෙම උනහම මම නිතර දෙවේලෙ රාජකාරි බලප්‍රදේශයෙම රැඳිල ඉන්න නිසා අපේ ආයතන ප්‍රධානී නොහොත් බ්ලොක් මැනේජර් නොහොත් කොට්ඨාශ කළමනාකාර මහත්මය ඒ වැඩේට බොහොමත්ම කැමතිවුනා.
"වීරෙ බැන්දයින් පස්සෙ දෙන්නත් එක්ක ඇවිල්ල එහෙනම් ක්වාටර්ස් එකක නවතින්න. මම ඔයාට ඇලොකේට් කරල තියෙන්නෙ ග්‍රේඩ් ෆෝ ක්වාටර්ස් එකක්.."
අපේ ග්‍රේඩ් ටූ, ග්‍රේඩ් ත්,රී ග්‍රේඩ් ෆෝ සහ ග්‍රේඩ් ෆයිව් කියල මාණ්ඩලික නිල නිවාස වර්ග හතරක් තිබ්බ. එයින් ඔය ග්‍රේඩ් ෆෝ ක්වාටර්ස් කියන එකේ බාත් රූම් දෙකක් සහිතව නිදන කාමර හතරක් තිබ්බ.
ක්වාටර්ස් එහෙම උනාට එව්වයෙ පදිංචියට නිකම්ම යන්ට පුලුවනිය. ඇඳන් පුටු මේස වගෙ අවම අවශ්‍යතාවයන්වත් තියෙන්ට එපාය. මම මහවැලියට බැඳුනු දවස් වල විවාහක යුවලකට නිවසකට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ කොටින්ම කුල්ල නෑඹිලියෙ ඉඳිආප්ප වංගෙඩියෙ ඉඳල මහවැලියෙන් නොමිලේ සැපයුව.
ඒත් මම බඳින කාලෙ වෙනකොට වියදම් සීමා කිරීම යටතේ ඔය ලබා දීපු ගෘහ භාණ්ඩ ක්‍රමයෙන් කපාදු වෙලා ගිහිල්ල අන්තිමට මොකවත්ම නොදෙන තත්වයක් ඇවිල්ල තිබ්බෙ. ඒ හින්ද ගෘහ භාණ්ඩ සපයාගැනීමේ ගැටලුවත් තවත් ප්‍රශ්නයක් වුනා. ගෘහ භාණ්ඩ කියල මගෙ සන්තකේටම තිබ්බෙ සිංගල් ඇඳකුයි ලියන මේසෙකුයි ඒ මේසෙට පුටුවයි, ටවල් රැක් එකකුයි බෝල කූඩුවකුයි...දැට්ස් ඕල්.. :)
අනික් ප්‍රශ්නෙ ට්‍රාන්ස්පෝට් නොහොත් දිනපතා ගමනාගමනය. මට නම් කිසි අවුලක් නෑ. අත්සන් කරන පොත තිබ්බ කාර්යාලයට මිනිත්තු පහයි නෝමල් වෝක් එකෙන් පයින් ගියොත්. ප්‍රශ්නෙ වෙන්නෙ එතුමියට. අත්තනකඩවල ක්වාටර්ස් එකට ආවොත් එතුමිය උගන්නපු ඉස්කෝලෙට යන්ට වෙන්නෙ ගිරිතලේ ඉඳල මාතලේ යන බස් එකක. උදේ පාන්දර එහෙම යන බස් එකම එකයි තිබ්බෙ. හදිස්සියෙ ඒක මිස් උනොත් එක්කො හාෆ් ඩේ. එහෙම නැත්නම් ෆුල්ඩේ ඕෆ්...
අපි දෙන්න ඉතින් ඔය ඉන්නෙ කොහෙද කියන ප්‍රශ්නෙ සාකච්ඡා කරද්දි ඔන්න ඔය කියන කාරණා ගැන පමණක් කතා කලාට එයාගෙ වගේම මගේ හිතෙත් තනියම ක්වාටර්ස් එකක පවුල් ජීවිතයක් ගෙවන එක ගැන පොඩි පහේ බයක් චකිතයක් වගෙ දෙයක් නොතිබ්බෙම නෑ. ඒ මෙහෙමයි.
ඇත්තටම ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ විවාහ වෙනවා උනත් තමන් හරියටම නොදන්නා පිරිමියෙක් හෝ ගැහැණියක් සමඟ දවසේ විසි හතර පැයම එකට ජීවිතේ ගෙවනව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි නේද කියලයි මගේ හිතේ තිබුනෙ. එතුමියටත් ඒ භීතිකාව නොහොත් ෆෝබියාව එහෙම්මම තිබුනයි එතුමියම මා එක්ක පස්සෙ කාලෙක ඔය ගැන කතා කරද්දි කිව්ව...
මම ඉතින් සුමනෙට ඔය භීතිකාව ඇරෙන්ට ඉතුරු එව්ව ගැන කිව්ව. කියල අන්තිමට කිව්ව…"ඉතිං බං ඔන්න ඔය ප්‍රශ්න හින්ද අපි ඇත්තටම තවම අවසාන තීරණයකට ඇවිල්ල නෑ…"
සුමනෙ ගල් බෝතලේ අතේ තියාගෙනම සාවධානව මගේ කතාවට සවන් දුන්න. ඊට පස්සෙ මූඩිය කඩල අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට පුරවගෙන බෝතලේ මගේ අතට දුන්න. සුමනෙගෙ පළවෙනි ෂොට් එක එහෙම තමයි අසෝක වීදුරුවෙ කට්ටෙ ගාවට...බෝතලේ මගේ අතට දීල මගෙ ඇස් දෙක දිහා බලාගෙන මෙහෙම කිව්ව..
"මචං වීරෙ..උඹට වඩා අවුරුදු හතර පහක් වගෙ වැඩිමල් උඹේ අතිජාත මිත්‍රයෙක් විදිහට මම උඹට මෙහෙම කාරණාවක් කියන්නම්. මේක අවවාදයක්මත් නෙවෙයි. මගේ අත්දැකීම් ආශ්‍රයෙන් කරන කරුණු දැක්වීමක් කියල කිව්වොත් තමයි මල්ලි වඩාත්ම ගැලපෙන්නෙ......"
ති‍්‍රවීල්කාරයෙක් පාර මැද බ්රේක් පාරක් ගැහැව්වා වාගේ...... කෝ බොලේ ඉතිරි ටික???????
ReplyDeleteඅම්මද බොල කොපේ තාත්තාගේ මොහේට පාර අයිති කියල හිතලද බොල ඔහොම නැවැත්තුවේ?
Deleteඅම්මට පැමිනෙන්න...
Deleteතැරි වැඩ කරන්න එපා හලෝ..
Deleteරවි මහත්තයා මම ලියුවේ තෙසක් කාරයාට බනින විදිහ විතරයි. ඔබතුමාට නෙමේ
Deleteඅසංග,
Deleteහෙහ්..හෙහ්..මරු උදාහරණය....
හැබැයි ඉතිං උඹේ උදාහරණය අනුව මම දැන් උඹට අම්ම මෝ නැතුව බනින්ට ඕන..මොකෝ එහෙම පාර මැද එක පාරට බ්‍රේක් ගහපු ත්‍රී වීල් කාරයෙක්ගෙන් මොකද යකෝ ඔහොමත් බ්‍රේක් ගහනවද? කියල ඇහුවොත් ඌ හොඳ කුණුහබ්බ දෙකක් කියයි...:)
උදාර, ඇනෝ 1 සහ ඇනෝ 2,
Deleteහරි හරි බොලල්ලා කිසිම අවුලක් නෑ...:)
Prema sambandekin passe vivaha wenawa unat thaman hariytama nodanna. .... eka ehma wenne kohomei? Prema sambandyakadi dedena ekinekawa hariheti adunagnnwane, kotinma kynne dan api dennek noweya, ekkenekya kylane adare degoda thala gyama, ithn mta nn e forbia wa prshnyak
ReplyDeleteගීතිකා,
Deleteඔයයිගෙ කමෙන්ට් එක සාකැස්ටික් කමෙන්ට් එකක් නොවෙයිය ෆුල් සීරියස්ය කියල හිතල මම මේ ලියන්නෙ..
ඔය අවුරුදු දහයක් ලව් එෆයාර් එකක් තිබ්බ උනත් දිවෙන් දිව ගාගෙන ඇලී ගැලී හිටියත් මැඩම් ප්‍රශ්නයක් නැතුව එකට ජීවත් වෙනවයි කියන්නෙ වෙනමම සබ්ජෙක්ට් එකක්.ඇත්තටම කිව්වොත් ප්‍රශ්ණයක් නැතුව නෙවෙයි මතුවෙන ප්‍රශ්ණ සුහදව විසඳගෙන...
දැන් මෙහෙමත් කිව්වහැකි. ප්‍රේම කරන කාලෙ යම් සබ්ජෙක්ට් එකක තියරි ඉගෙන ගන්න කාලෙ කියල කිව්වොත් විවාහ උනහම තමයි ඒ තියරියෙ ප්‍රැක්ටිකල් අවධිය. ඒ දෙක දෙකක්.
බොහෝ දෙනෙක් ඉන්න පුලුවන් සාර්ථකව ප්‍රැක්ටිකල් එකෙත් සමත් වෙන අය. ඒත් තියරි කොටස ඉහලින්ම පාස් උනාය කියන්නෙ ප්‍රැක්ටිකල් එකත් පාස් වෙනවයි කියල කියන්ට ගැරන්ටි එකක් නම් නෙවෙයි.
දැන් ඔය රස්සාවකට යද්දි අද්‍යාපන සහතික එක්කම පළපුරුද්ද ගැනත් අහ්න්නෙ ඒක හින්දනෙ.
"පෙම්ලොව දී දුටු ඔහුමද මේ ඔහුටද මා අන්ධ වුනේ" - මන්දා නාලනී...
"A woman gets married thinking her man will change, but he doesn't. A man gets married thinking his woman won't change, but she does"
මම පුරා අවුරුදු 4ක් ඔහොම හිටියා. ඒ කිව්වේ එකම තැන එකම මේසේ දෙපැත්තක වැඩ කිරීමත් එක්ක. කොටින්ම වෙන්වීමක් කියල තිබුනේ ඔය ශරීරකෘත්‍ය කරන වැඩ වලදී විතරයි වගේ. අන්තිමට අපි දෙන්න කලේ වෙනම කාමර දෙකක නිදා ගන්න එක. අඩුම තරමේ ඒ ටික වත් වෙන් වෙලා ඉන්න. හැබැයි ලොකු අමාරු දෙයක් කියල මට නම් හිතුනේ නැහැ. පොඩ්ඩක් ඒකාකාරී ගතිය වැඩියෙන් දැනෙනවා. වෙනසකට වගේ වලියක් දා ගත්තම ලොකු අවුලක් නැහැ... :)
Deletehttps://en.wikipedia.org/wiki/Pole_and_polar
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Rod_(unit)
????
Pra,
DeleteEtymology නැත්නම් ශබ්ද නිෂ්පත්තිය කියන්නෙ මම බොහොම ආසා කරන විෂයයක්. ඔය බොහෝ වචනවල මූලාරම්භය හොයාගෙන යන එක හරිම සිත්ගන්නා සුලුයි.
ප්‍රාට මතක ඇති මම ඒ වගෙ වචන කීපයක මූලරම්භය ගැන කලින් ලියල තියනව.
අර අපේ භාර්යා තොමෝලගෙ ගෙවල් වලට යන පාරෙ තියන "බීරිදෙවොල" නම් ගම.
එතකොට මැල්ලුමට පොළොස් කපන ක්‍රමයට අපෙ අත්තම්ම කියපු හැක් ගහනව කියන වචනෙ...:)
ඒත් Regarding මේ පෝල් බටේ කේස් එක නම් I am totally stumped.
යන්තමටවත් හිතා ගන්න තියෙන්නෙ ඔය හතළිස් ගණං වල මුලින්ම කුඹුරු දෙනකොට ඇලෙන් කුඹුරට වතුර යන අඩියක් විතර දිග බට කෑල්ල ගාව නිකුත් කරන ජල මට්ටම මැනගන්ට අඩි අඟල් ලකුණු කරපු සිරස් ලීයක් බොහෝවිය 4" x 4" වගෙ වෙන්ට ඇති හිටවල තිබ්බලු.
ඔය ජල නිකුත් කිරීමේ මිනුම් සටහන් කරගෙන යන්ට එන ජනපද නිලධාරීන් ඕකට පෝල් එක කියල කියනව අහගෙන ඉඳල අපේ ගොවියො ඔය සම්පූර්ණ නිර්මිතයටම පෝල් බටේ කියල කිව්ව වෙන්නත් පුලුවන්. ඒ සලමුණු කරපු සිරස් ලීයට කියන්නෙ "Measuring Staff" කියල.
මම ඔය විස්තර අහගත්තෙ මුල්ම ජනපදවාසීන්ගෙන් දැනට ඉතුරුවෙලා ඉන්න දෙතුන් දෙනාගෙන්. ඒත් ඒ කවුරුත් ඔය පෝල් බටේ කියන නම හදුන හටි ගැන හරි විස්තරයක් දනගෙන හිටියෙ නෑ.
නිවාඩුවට ගෙදර ඇවිත් වගේ?
ReplyDeleteකුමාර,
Deleteආව බොලේ ආව ආව....:)
මහත්මයා එම අවදියේ මහවැලි ව්‍යාපාරයේ රැකියාවට ගියේ ඔබතුමා එක්සත් ජාතික පාක්ෂිකයෙක් නිසාද?
ReplyDeleteඇනෝ,
Deleteඑහ්හෙන්නං..මේ මොනව කියනවද?...:)
අමු ගූඇන්පී වහලා, කොච්චර පොතපත කියෙව්වත් දේශපාලන වහල්කම් හොඳටම තියෙන ගොන් වහලෙක්, දැන් කටයි පුකයි වහන් හිටියට
Delete//ඔය ඩී.බී.කුරුප්පු මහත්මයා තමයි ඇත්ත වශයෙන්ම ගොළු හදවතේ සුගත් වීරසේකර කියලයි කියන්නෙ//
ReplyDeleteඇත්ත කතාවේ දම්මිගේ කැමැත්ත තිබ්බේ ඩී.බී. කුරුප්පුට. ඒ නිසා සුගත් ස්ටිල් ඇවිල්ලා ඇප්ලයි වෙන්නේ කරුණාසේන ජයලත්ට. ඩී.බී. සහ දම්මි (සැබෑ චරිතයේ නම මතක නෑ ) අතරත් අන්තිමේ ලව් එකක් ඇතිවෙන්නෙ නෑ.
//එතුමියටත් ඒ භීතිකාව නොහොත් ෆෝබියාව එහෙම්මම තිබුනයි එතුමියම මා එක්ක පස්සෙ කාලෙක ඔය ගැන කතා කරද්දි කිව්ව...// පොඩ්ඩක් ලියපංකෝ ඒ කතාබහ ගැනත්...
මෙන්න කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා..
ReplyDeleteදැන් ඔය හෙණ ගැහුවා වගේ පාර මැද්දේ නවත්තලා ගිය පෝස්ට් එක ආයෙත් ස්ටාට් කරගෙන යන්න මාසයක් දෙකක් ගන්න බැහැ ඕං!
ඈ බොල $#$@^#%&^@වො. කාගෙන් අහලද මෙහෙම කතාව අතරමැද නැවැත්තුවෙ. දැං ඉතිං අපි බෝතලේ අතේ තියාගෙන බලාගෙන ඉන්න ඕනද ඊගාව කෑල්ල එනකල්.
ReplyDeleteදැං අපේ කොමෙන්ට් වලට උත්තර දෙන්නෙ දැත්ත ද?
Deletebolage UNP eka gana liyaanoo dan ballanna
ReplyDeleteමේ විදිහට පාඨකයින්ව Kuthuhalized කරන එක දැවැන්ත පාප කර්මයක් බව ඔබතුමා දන්නෙ නැද්ද :)
ReplyDeleteමෙහෙම ගියොත් පාර්ලිමේන්තු කොමිෂන් සභාවට ඇවල්ලා හිටං මාධ්‍ය ඉස්සරහ උත්තර දෙන්න වෙයි අපිනං දන්නෑ :)
Kuthuhalized
Delete😊😊
Deleteඉක්මනට හම්බුවෙමු
ReplyDeleteහුඟ කාලෙකින් නේද? ආයිත් මේ පැත්තට එන්න ඕනෑ කවදා විතරද ?
ReplyDeleteසුගත්ගේ චරිතෙ අල්ලලා ගියෙ නැති එක හේතුවක් තමයි ඒක මට පැතලි චරිතයක් වගේ දැනුන එක. පුදුමෙකට වගේ එකම අච්චුවේ උන්න විරාගයේ අරවින්ද එච්චර අමාරුවක් නැතුව දිරවගන්න පුළුවන් වුනේ මාර්ටින් මහත්තයා අරවින්දට පොඩි ගැඹුරක් එකතු කරලා තිබුන නිසා වෙන්නැති. හැබැයි ඔය ඔක්කොම කියෝලා දැන් දශක ගාණක් ගිහිල්ලා තියන නිසා මගේ මතකය නිවැරදි නොවෙන්නත් ඉඩ තියනවා.
ReplyDeleteඔය එකට ජීවත් වෙන එක ගැන බටහිර ජීවත්වෙන උදවියගෙ අදහසට මම කැමතියි. Living together සංකල්පය ගැන අපිටත් ආයෙත් කල්පනා කරලා බලන්න පුළුවන් නම් කියලා හිතෙනවා.