God works in mysterious ways…
අපේ නන්දෙ සාර් වැඩ කරන්නෙ කාටවත් හිතාගන්ටවත් බැරි විදිහට..කුරුත හස්ත දූරදර්සී රාජ්ජිය නායකයෙක් කියන්නෙ අන්න අපේ නන්දෙ සාර් වගේ අය..
දැං බලමු එතුමා මේ පහුගිය සුමානෙ කොරපුදේ..ලික්ටන්ස්ටයින් කියල සුට්ටං රටක් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගන්ට කැබිනට් අනුමැතිය ගත්ත..දැං පොඩ්ඩක් බලමු එහෙම කරපු එකේ පල පොරෝජනේ මොකද්ද කියල..
ලික්ටන්ස්ටයින් රටේ මුලු භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 160යි. ජනගහනය 38,000ක්ද කොහෙද..ඉතිං ඔය හැමවෙලේම සාර්ගෙ වැරැද්දක්ම හොයන අපතයො නං එක එක කඩප්පුලි කතන්දර කියයි අහවල් දේකටද මෙහෙම සුට්ටං රටක් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගන්නෙ? ඔතන වෙන මොනව හරි යටි කූට්ටු වැඩක් තියනව..අරකද ..මේකද කියල.. නන්දෙ ඔහොම කලේ අරකටය මේකටය කියල..නෑ..එතුමා එහෙම කලේ අපේ රටේ මිනිස්සුන්ගෙ විසේසයෙන්ම සිස්ස සිස්සියාවන්ගෙ සාමාන්‍ය දැනුම එතකොට බූගෝලීය දැනුම දියුණු කිරීමේ පරම පවිත්තර චේතනාවෙං..
ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයිි..දැං ඔය ලික්ටන්ස්ටයින් එක්ක තානාපති සබඳතා පිහිටුවා ගත්ත කියල දැනගත්තම අපි කවුරුත් හොයල බලනව නෙවද මොකද්ද බොලේ මේ රට? කොහෙද මේක තියෙන්නෙ? මොකද්ද මේ රටේ වැදගත්කම කියල එහෙම නේද?
ඉතිං එහෙම හොයල බැලුවම මම දැනගත්ත ලික්ටන්ස්ටයින් කියන්නෙ Doubly landlocked countries කියන ජාතියෙ රටක් කියල. එහෙම Doubly landlocked රටවල් ලෝකෙටම තියෙන්නෙ දෙකයි..කොටිම්ම මම මේ දැං පැය බාගයක් වෙනකල්ම දැනගෙනවත් හිටියෙ නෑ Doubly landlocked countries කියල රටවල් ජාතියක් මේ ලෝකෙ තියනවයි කියලවත්.
Land locked country කියල කියන්නෙ යම් රටක සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවෙලා තියෙනවනම්... ඒ කියන්නෙ වෙන විදිහකට කිව්වොත් මුහුදක් හෝ සාගරයකට මායිම් නොවන රටක්..එතකොට Doubly land locked country කියන්නෙ ඒ රට වටේට තියන රටවලුත් Land locked countries උනහම. ලෝකෙම එහෙම රටවල් දෙකයි තියෙන්නෙ..ලික්ටන්ස්ටයින් සහ උස්බෙකිස්තානය..
අන්න බලන්න නන්දෙ හින්ද අපේ දැනුම කොයිතරං නම් දියුණු වෙනවද කියල..දැං සිරස ලස්සපති එකට උනත් බය නැතුව ගිහිල්ල අපිට උත්තර දෙතෑකි.
රැස්පොට් සාර්...ඔබට දුන් මනාපය වෙනුවෙන් කිසිදු දුකක් කණගාටුවක් මසිතෙහි කොහෙත්ම නැත.
තණමල්විල කොල්ලෙක්...සීසන් - 2
"සාර්.."
"මොකද අයිසෙ?"
"සාර් අර නැගෙනහිර ජැටියෙ ප්‍රස්නෙ දුරදිග යනව වැඩියි..වරායෙ සේවකයො අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරක් අරගෙන යනවනෙ .."
"ඉතිං..?"
"ඉතිං කියන්නෙ ඒ වැඩේ හින්ද රටට සෑහෙන පාඩුවක්නෙ.. ඒ හින්ද ඒ ගැන හෙට අපි කතාකරල අවසන් තීරණයකට එමුද?"
"පිස්සුද අයිසෙ? හෙට මට තණමල්විල යන්ට තියනව.. "
"ඒ මොකටද සාර්? "
"ඒ මොකටද කියල අහන්නෙ? එහෙ පුදුම ප්‍රස්න ගොඩක්නෙ අයිසෙ තියෙන්නෙ..එව්ව වහාම විසඳන්ට ඕන.."
"ඒ කිව්වෙ සාර්? මේ වරායෙ ප්‍රස්නෙටත් වඩා වැදගත් ප්‍රස්නද තණමල්විල එව්ව? "
"එහෙනං එහෙනං..එහෙ මිනිස්සුන්ට ගංජා නීතිගත කරල ඕනය කියනව...හෝතඹුවො කුකුළො මරාගෙන කනව කියනව..එතනිං ගිහාම මාවවුලන් රෑ පුරාම රංචු ගැහිල මීගස් යට මී වැහි වහිනවයි කියනව.."
"හරි හරි ඇත්ත නේන්නං..වරායෙ ප්‍රස්නෙ වගේද එව්ව?..."
"අන්න තමුසෙට තේරුනා..අනික මම හෙට කොහොමත් යන්න ඕන..එහෙ ගහල තියනව අලුත්ම පොල් අතු මඩුවක්..මාර ගාම්බීරයි අයිසෙ..කණුවල පිදුරු අඹරල ඔතල..ෂෙහ් බලන්ට එපාය…"
"අම්මප?....නියමයිනෙ.."
"එහෙනං එහෙනං..මම කිව්ව මට පිදුරුවලිං ඔටුන්නකුත් හදල තියන්ටෙයි කියල..ඒත් එහෙ සංවිදායක මන්ඩලේ ඒකට ඒ හැටි කැමැත්තක් නෑ…"
"එහෙමද? "
"ඒකනෙ..අනික අයිසෙ ප්‍රස්න අහන්ට කොල්ලො කට්ටියක් වෙනම සූදානං කරල තියනව.. සුම්බර එහෙම ඔලුවෙ ඔතල..ආතල්ම වැඩේ කියන්න් උං ප්‍රස්න අහන්නෙ විසාල පලු ගහක් උඩ හදපු අට්ටාලයක් උඩට නැඟල.."
මේ අයිෂේ .... මටත් ලැජ්ජයි......
ReplyDeleteඅපේ මාමගේ නමත් නන්දසේන.... ලොල් ........
Lalith,
Deleteහාපෝ..වහාම මාමගෙ නම මාරුකරගන්න කියන්න...
උතුම්වූ ශ්‍රී ලංකා ජනරජයටත් මහ ජනතාවටත් කෙරෙන කාරුණික දැනුම් දීමයි..
*************************************
නන්දසේන වන මම මෙතෙක් එම නම වැරදීමකින් භාවිතා කල අතර මෙතෙක් පටන් XXXXX නමින් හැඳින්වෙන සහ එනමින් සියලු ලිපිලේඛනයන්හි අත්සන් තබන බවටද මෙයින් දැනුම් දෙමි..
මෙයට විශ්වාසී...
හැත්තෑ ගණංවල දිනමිණ පත්තරේ අන්තිම පිටුවට කලින් පිටුවෙ..චිත්‍රපට පෙන්නන හෝල්වල විස්තර එහෙම තිබුනු පිටුවෙ වම් පැත්තෙ තමයි ඔය වගෙ දැන්වීම් පළවුනේ..මට මතකයි මම ඔව්ව අපෙ අත්තම්මට ඇහෙන්ඩ හයියං කියවනව "අත්තම්මෙ මෙන්න අහගන්ටකො මේක.." කියල....උන්දැ බණිනව පස් පඩංගුවෙ..හෙහ්...හෙහ්..
අපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
Deletehttps://ceyloncybernet.blogspot.com/
ඒක නොවෙයි, මේක බලන්නකො....
ReplyDeleteඅළුත් සිංහල වවනයක් රූපවාහිනි නාලිකාවක දැන්වීමකින් දෝ කොහෙදෝ දැක්කා. රෝමාන්තික! ඒ කියන්නේ රෝමයේ කෙළවර? වෙන්ඩ බැහැ... රෝම ගහක කෙළවර.... ම් ම් ම්... වෙන්ඩත් පුළුවන්, නොවෙන්ඩත් පුළුවන්. රෝම කූපයේ මුල. කොහොමටවත් වෙන්ඩ බැහැ. මේ කාලයේ මුල ගැන හොයන, මුල ගැන දන්න, මුල ගැන කියන මුල්වත් නැති කොට. ඒ වචනය ඉංග්‍රීසි අකුරෙන් ලියනකොට පොඩි හුරු බවක් දැනුනා. romantica.... ආ මේ කියන්නේ ‘රෝමෑන්ටික’ කියන එක වෙන්න ඇති. අර ‘ටික’ කියලා ඉවර කළොත් ඒක නිකන් ටිකක් වගේ නිසා ‘තික’ කියලා වෙනස් කරන්න ඇති. හැබැයි හොඳම නම් ‘රොමාන්තිත’ කිව්වහම. දැන් වැඩියෙන් තැන තියෙන්නේ ‘තිත’ .... හා බොරුද?
අපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
Deletehttps://ceyloncybernet.blogspot.com/
කලබල එපා ජැටි දුන්නා යැයි කියලා
ReplyDeleteකටහඬ ලැබුණු වික්ටර් ඇත කට ඇරලා
පංචායුධත් නියමෙට ගහනවා බයිලා
බෝන් අගේන්වත් වෙමුනේ මේ 'අපිලා'
අපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
Deletehttps://ceyloncybernet.blogspot.com/
heh
ReplyDeleteඅපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
Deletehttps://ceyloncybernet.blogspot.com/
මම නම් හිතා සිටියේ ඔය 'රෝමයේ අන්තය' 'රෝමාන්තය' කියලා. අර කලකට පෙර වීණා ගායනා කළා වගේ.!
ReplyDeleteඅපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
Deletehttps://ceyloncybernet.blogspot.com/
ජැටියක් කළ හදියක් කියල තමයි කියන්න තියෙන්නේ 69 ලක්ෂය සතුට්න් සිටීවා.
ReplyDeleteවිචාරක දියණිය
අර ඉංගිරිස් ටීචර් ගෙ කතාවක් උනේ ඔය මඩුවෙ ද? ඒක මට ගිය සතියේ කෝල් කරපු වෙලාවක තමයි යාලුවෙක් කිවුවෙ. මේ ඒ මඩුව ද? නැත්නම් වෙනත් මඩුවක් ද?
ReplyDeleteකවුරුහරි අනිත් අයව රවට්ටන්න හිතාගෙන drama කරන එක එකක්. ඔක්කොම ඒ drama එකට රැවටෙන එක තව එකක්. අන්තිමට රැවටිලිකාරයා ගැන නෙමෙයි ඇත්තටම කලකිරීමක් ඇති වෙන්නෙ, රැවටෙන mass එක ගැන. වැරැද්ද පෙන්නලා දෙන කෙනා වැරදි කාරයා වෙනව, රවට්ටන අයයි රැවටෙන අයයි සුදනෝ වෙනව.
අපෙ බ්ලොග් එකටත් ගිහින් බලන්න.හොදයිනම් follow කරන්න. බොහොම ස්තුතී..
ReplyDeletehttps://ceyloncybernet.blogspot.com/