එම පුවත කණවැකුනු සැනින් විස්මයෙන් ඇලලී ආහ්ලාදයෙන් ඔල්මොරොම්දම් වී ගිය කණිජ තෙල් බාර ඇමැටිටුමා ද වරාය බාර ඇමැටි තුමාද එසැණින් වරාය බලා දිවගිය බව ටටු ඩට් ආරම්චි මාර්ග සඳහන් කරයි..ඔවුන් සමඟ රාජ්ය නැටුම් කණ්ඩායමද වරාය බලා ගොස් ඇත්තේ මනරම් නර්තනයක යෙදී ඩීසල් නෞකාව පිලිගැනීමටය..
ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...
****************************************
මේ අතර අගමැටි මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නුදුරු දිනයක එම ඩීසල් නෞකාවේ කපිතාන් වරයාහට සී ලම්කා ඩීසල් බූසණ (1 වෙනි පංතිය) ගෞරව නාමයද නෞකාවෙහි සෙසු කාර්ය මණ්ඩලයට සී ලම්කා ඩීසල් සූරී (2 වන පංතිය) ගෞරව නාමයද පිරිනැමීමට කටයුතු කරන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දුන් බවයි...
ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...
****************************************
සී ලම්කා ඛනිජ තෙල් සම්ස්තාවේ ප්‍රසම්පාදන අන්සය පහත සඳහන් නිවේදනය නිකුත් කොට ඇත.
ඉන්ධන නෞකාවක් කොළඹ වරායට ළඟාවූ විට එම ඉන්ධන තොගය සහ එහි කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා මඟුල් බෙර වාදන සහිතව දේශීය නර්තන පැවැත්වීම සඳහා රජයේ ලියාපදිංචි කලායතනයන්ගෙන් මිළ ගණන් කැඳවනු ලැබේ.
ඔබ ඉදිරිපත් කිරීමට අපේක්ෂාකරන නර්තනයෙහි විස්තර සහ සහභාගී කරවීමට අපේක්ෂා කරන නර්තන ශිල්පීන් සංඛ්‍යාව සඳහන් කොට ඔබගේ ප්‍රසම්පාදන අයදුම්පත් ඛණිජතෙල් සංස්ථාවේ පසුපස කසළ රැස්කරන ස්ථානය අසළ තබාඇති ප්‍රසම්පාදන පෙට්ටියට දැමීමට කාරුණික වන්න.
ප්‍රසම්පාදන අයදුම්පතෙහි දෙවන කොටසෙහි වරායෙන් පිටත්වන ඉන්ධන රැගත් බවුසර ඉදිරියෙන් ජංගම රථයක සිට නර්තන ඉදිරිපත් කිරීම උදෙසා මිළගණන් කැඳවා ඇත.
මෙම ඩීසල් බවුසර වරායෙන් පිටත්වී කොළඹ නගරය පුරා වීදි සංචාරය කොට ඉක්බිති ඛනිජ තෙල් සංස්ථා ගබඩා සංකීර්ණයට ඇතුල් වීමට අදහස් කරනු ලැබේ. එම නර්තන සේවා සැපයීම වෙනුවෙන්ද ඔබට වෙනම මිළගණන් ඉදිරිපත් කල හැක...
ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...
****************************************
"කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකුටම ඩීසල් රැගෙන ආ නෞකාවක් පිළිගැනීම සඳහා වරායට යාමට කාලය තිබීම ගරු ජනාපෙතිතුමාගේ ගතවූ දෙවසරක පාලන කාලය තුල රටේ අනෙකුත් සියලුම ප්‍රස්න විසඳා අවසන්බවට ලැබුනු හොඳම සහතිකයක්නොවන්නේද?" යනුවෙන් පෝට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මේ අතර දිගට හරහට පෝස්ට් පලකරමින් ප්‍රස්න කරති..
ජනාපෙතිතුමා පේල් පේල් පේල් කියා කඩාකප්පල්කාරීන් කොතෙක් හඬ නැඟුවද එතුමා ඉහලිම්ම පාස් බවට මේ වනාහී ඇස් පනාපිට සාක්සි බවද ඔවුහු සඳහන් කරති..
ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...
****************************************
මේ අතර ඉදිරියේදී ඉන්දියාවෙන් ණයට නොකඩවා ඩීසල් නෞකා කොළඹ වරායට පැමිනීමට නියමිත බැවින් එම නෞකා පිළිගැනීම සඳහා "ඩීසල් නෞකා පිළිගැනීමේ සහ ඉන්දීය තානාපති සමඟ ඡායාරූප වලට පෙනී සිටීමේ කටයුතු භාර රාජ්‍ය ඇමති" යනුවෙන් ධුරයක් පිහිටුවා ඒ සඳහා ඉතාම සුදුසු වියත් මඟෙහි සාමාජිකයෙක් විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුව තෝරා පත්කිරීමට අටිගරු ජනාපෙති තුමාගේ අටිගරු අවදානම යොමුවී ඇතැයි අටිගරු ජනාපෙති මාද්දිය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේවා තමයි හැම රජයක්ම පත්කරගත් මහජනය අපේක්ෂා කරේ.. ජයින් ජයම වේවා ඇමටි හුටන්ලට
ReplyDeleteනමියගෙ වීදිය...
Deleteමේ මොනව කියනවද? :)
හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteප්‍රා,
Deleteහොහ්..හොහ්...
අස්පයො තෝරා ගන්නයි කියලා
ReplyDeleteබූරුවො ඉස්සරහටමත් දාලා
තියෙද්දි උන්ටම මනාපෙ දීලා
පුදුම වෙන්නෙ ඇයි මෙව්වා දැකලා
රටේ ඉන්න පුරවැස්සන් විදිහට
ගැළපෙන පාලකයන් පත් වෙනකොට
මෙව්වගෙ විගඩම් දිගට නැටෙනකොට
සිකෙන් පුනාසෙමු- පණ යන තරමට!
නිදි,
Deleteහැමදාම වගෙ අපූරු කවිය..:)
දැං රට සාමාන්‍ය තත්වෙට පත්වේගන එනවයි කියන්න ඔය තියෙන්නෙ සාක්කි.
ReplyDelete(දෙයියෝ සාක්කි)
ප්‍රසන්න,
Deleteහෙහ්..හෙහ්..පොඩි නෝන්ඩියකුත් දැම්ම නේද හීන් නූලෙන්..:)
'සී ලම්කා ඩීසල් බූසණ', 'සී ලම්කා ඩීසල් සූරී', හය්යෝ... හැබැයි හරි ලස්සන නම් ලඟදි සමහරුන්ට දීපු ගෞරවනාම එක්ක බලද්දි.
ReplyDeleteමං හිතුවා සල්ගාදු මීටිම ගැනත් පුවක් එෂැණිං එකක් දෙයි කියලා රවි.
ලෝටස්,
Deleteසල්ගාදු මීටිම ගැන ලියන්නත් හදල ඒ ටිකේ ටිකක් කාර්යබහුල වුන නිසා වැඩේ මඟ ඇරුන.. :(