Monday, July 11, 2022

679. පුවක් එෂැණිං - 71 - අටිඝරු ජනාපෙතිතුමා ඉල්ලා අස්වීමට 13වන දින තෙක් කල්ගැනීම..


සමුගෙන යන්න මගෙන් තව මොහොතයි.....

අටි ඝරු ජනාපෙටි තුමා ඉල්ලා අස්වීමට 13 වන දින තෙක් කාලය ලබා ගත්තේ මක්නිසාද? යන ප්‍රශ්ණය පිලිබඳව ටටුඩට් විඩ්වටුන් ප්‍රකාස කරන අදහස් කිහිපයක් පහත දැක්වේ. ඒ පිළිබඳව ඔබගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි....

1. ඥාණක්කාට ගෙනයාමට සවේ ලවා ගෙන්වාගත් ඉතා අගනා කිතුල්පැණි බෝතලය ජනාපෙටි මංදිරේට අරක්ගෙන සිටිනා අපතයෙක් එතුමාගේ කුස්සියේදීම උණුකොට හකුරු සාදා ප්ලේන්ටී පානය කොට ඇති බැවින් සවේ ලවා තවත් කිතුල් පැණි බෝතලයක් ගෙන්වාගෙන ඥාණක්කට ගෙන ගොස් දී ඉල්ලා අස්වීමට සිතා සිටින නිසා........

Note - අරගලය දින කටුනායක එයා පෝට් එක දෙසට අධි වේගයෙන් ගිය රථ පෙලක් පිළිබඳව ඒ ජනාපෙතිතුමා පලායන බවට ආරංචි පැතිරගිය නමුදු ඒ වනාහි සවේ පිටරට සිට ආපසු පැමිණෙන විට ඔහු කැඳවාගෙන ඒමට ගිය රථ පෙලක් බවට දැන් සනාථවී ඇත. සවේ එසේ හදිසියේ ආපසු ආවේ "අනේ සවේ කොල්ලො..අර උඹ ගෙනත් දුන්නෙ අපූරු කිතුල් පැණි බෝතලයක්..මං මේ හිතා හිටියෙ ඒක ඥාණාට දෙන්ට කියල... කොහෙද බං බලපංකො අර මගෙ ගෙට රිංගං ඉන්න පිස්සු යක්කු ඒක උණු කරල හකුරු හදලනෙ. ඒ හින්ද බොල කොලුවො ඉන්න තැනකිං විගැහිං ආපහු ඇවිල්ල මට තව කිතුල් පැණි බෝතලයක් ගෙනැති දීහන්කො හොඳ එකා වගෙ..ඒක  ඥාණාට ගිහිං දීල තමයි මම ඉල්ලා අස්වෙන්නෙ.." යනුවෙන් අටිඝරු ජනාපෙටිතුම ඉතා හැඟීම්බරව කල බැගෑපත් ඉල්ලීම නිසා බවද සැළවේ..

2. එතුමා ඉතා සාර්ථක ලෙස පැවැත්වූ සහ එමෙන්ම රට පුරා හුදී ජන පහන් සංවේගය ඉතාමත් දරුණු ලෙස දිනාගත් ගම සමඟ පිළිසඳරවල් 69කදී හඳුනා ගත් ගැටළු ක්‍රමවත්ව ලැයිස්තු ගත කොට පයිල් 69ක් සාදා අලුතින් පත්වන ජනාපෙතිතුමාට බාරදෙනු පිනිස සකස් කිරීමට දින හතරක් ගතවන නිසා.....

3. එතුමාට තම පාලනකාලයේදී රටක් වටිනා මහාර්ග උපදෙස් මාලාවක් ලබාදුන් එතුමාගේ සංග උපදේසක සබාව වහාම රැස්කොට සැඟවී සිටින තැනින් සූම් තාක්සනයෙන් සම්බන්දවී තමන් ඉල්ලා අස්වන බව පවසා ඔවුන්ගේ ආසීර්වාදය ලබා ගැනීම සිණිස......

4. තම නිල නිවස ජර්මන් අරගලකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී අටිගරු හිට්ලර් මහතා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කලේද යන්න පිළිබඳව වේඬරුවේ හාන්දුරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට.....

5. ජනාපෙති පදවියේ දිව්රුම්දී අත්සන් කොට පෙට්ටියට දමා වැසූ පෑන අස්ථාන ගතවී ඇත. එම පෑන ඇමරිකාවේ වෙසෙන මනෝජ් පුතාට අයත් වූවකි. "තාත්තෙ ඉල්ලා අස්වෙලා මෙහෙ එන එකනම් අවුලක් නෑ..ලබන අවුරුද්දෙ විතර දුවත් මොන්ටිසෝරි දාන්නයි අපි හිතගෙන ඉන්නෙ..එතකොට තාත්තට පුලුවන් නෙව දුව මොන්ටිසෝරියට එක්ක යන එක එක්ක එන එක කරන්න..හැබැයි තාත්තෙ අර ජනාපෙති පදවියෙ දිව්රුම්දීල අත්සන් කරපු පෑන නම් අරන් එන්න හොඳද? ඒක මට සෑහෙන්න වටිනවා" කියා මනෝජ් පුතා ටැලිපෝන් කොට පැවසූ බැවින් කෙසේ හෝ එම පෑන සොයා ගැනීමට යම් කාලයක් අවශ්‍ය බැවින්......

6. ජනාපෙති පදවියේ දිව්රුම් දීම රුවන්මැලි සෑය අබියස කල පරිද්දෙන් ඉල්ලා අස්වීමේ ලියුමට අත්සන් තැබීමද රුවන්මැලි සෑය අබියසම උත්සවාකාරයෙන් පැවත්විය යුතු බව අටිගරු මහා සන්ගරට්නේ ඉල්ලා සිටින නිසා එම උත්සවය සංවිධානය කිරීමට දින කිහිපයක් අවශ්‍ය නිසා....

Note - මේ අවස්තාවේදීම රුවන්මැලි සෑයේ දේවතා කොටුවේ වැඩ සිටින සිය මෑණියන්ගේ ආශිර්වාද ලබාගැනීමට එතුමා බලාපොරොත්තුවේ.. "අනේ මද්දු පුතේ උඹ කරගත්තු නස්පැත්තියක්..."  යනුවෙන් දේවතාවිය විස්සෝපවේද යන්න පිළිබඳව විද්වතුන් අතර එකඟතාවයක් නැත....

7. තමන් රට පාලනය කල වසර දෙකහමාර තුල දැක්වූ අවංක සහ අනර්ඝ සහයෝගය වෙනුවෙන් පාදඩේ මහතා, අතන මෙතන රතන හිමි, ජේසුමන මහතා, ජේසුන්දර මහතා, කබ්බරාල් මහතා ඇතුළු කාරියසූර බුජ්ජිමත් මහත්වරුන්ට හිතාදර ඉස්තූතිය පලකොට සමුගැනීම උදෙසා සිංහල බාසාවේ මෙතෙක් භාවිතා නොවූ අසභ්‍ය වදන් නිපදවීමට පත්කල කමිටුවට ඒ කාර්යය උදෙසා යම් කාලයක් ලබාදිය යුතු බැවින්.....

8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...

9. පසුගිය දිනවලදී රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් රසදිය රික්තය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රමය සොයාගත් ඒ හෙල විරු තරුණයා තම සැඟව සිටින බංකරයට කැඳවා  ඔහුට "සිරි ලම්කා රසදිය විබූසන" ගෞරව නාමය සහ පදක්කම පිරිනැමීම සඳහා...

10. ජනාපෙති මන්දිරය සහ කාර්යාලය දැන් මහජනයාට විවෘත බැවින් අවසන් වරට ඒවා දැකබලා ගැනීම සඳහා සවේ ද සමඟ කොටු සරමක්, මේස් බැනියමක් සහ ජටාවක් ඇඳ  මැදමුලනේ ගැමියන් දෙදෙනෙකු මෙන් වෙස් වලාගෙන එහි ඇතුලුවී සිරි නැරඹීම උදෙසා...



17 comments:

  1. මමනං හිතන්නෙ මේ ඊයෙ ඉඳල බුකියෙ හිරකූඩුවකුයි, කුරුසෙකුයි, සෝෆා එකකුයි ගැන යන පෝස්ට් වල තිබ්බ කාමරේ කොහෙද මෙච්චරකල් තිබුනෙ කියල හොයාගන්න කල් ඕන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      තව එකක් මතක් වෙලා දැන් දැම්ම..:)

      8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...

      Delete
    2. අනේ මල්ලි මට ජීවිත කාලෙම දේශපාලනයෙන් හම්බකරගත්ත වස්තුවකට තියෙන්නෙ ඔය බයිසිකලේ විතරයි යන්න කලින් මට ඕක ගෙනත් දිලා යන්න හොඳේ කියන්න ඇති

      Delete
  2. 10 සිට 13 දක්වා කාලයේදී රට සමුර්දිමත්, නවීන, කාබනික, ආරක්සිත, ඔරකලාත්මක, දේසප්‍රේමී, කාර්යක්ෂම, ඥානාන්විත රටක් කිරීම සඳහා.
    (කෝ, එපැයි කියනවනෙ ඔයගොල්ල)

    ReplyDelete
    Replies
    1. Pra,

      තව එකක් මතක් වෙලා දැන් දැම්ම..:)

      8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...


      Delete
    2. බොරු නෙමෙයිනෙ. ඔය දැං හිටු කියල ගෑෂ්, තෙල් එහෙම එන්නෙ.

      Delete
  3. දැන් නම් එතුමාට ලොකු වැඩකුත් නැති එකේ රවිගෙ පෝස්ට් එහෙම බලලා හිහ් හිහ් හිහ්.. කියලා හිනාවෙලා මනස සැහැල්ලු කරගන්නවා ඇති. එසේ මෙසේ රාජකාරි නෙවෙයිනෙ කලින් තිබුනෙ. හරිත විප්ලවේ, ඔරැකල්කරනය. එතනින් ගියාම තෙල් නැව් වලට පාර කීම වගේම.

    BTW, re: point no 1, ඥානක්කි has vehemently denied any association/relationship with the dearly beloved.

    ReplyDelete
    Replies
    1. Lotus,

      11. මේ දිනවල බ්ලොග් වල පලවන තමාගේ ඉල්ලා අස්වීමට කල්ගැනීම පිළිබඳ උපහාසාත්මක ලියවිලි කියවා රස විඳීම පිණිස...

      Delete
  4. 69 න් 13 ක් අඩු කලාම 56 නිසා අඩුම ගන්නේ බණ්ඩාරනායක ලේබලයක් ගසාගෙන වත් අයින් වෙන්න. නැත්නම් ලංකාවේ අසාර්ථකම ජනාධිපති කියල ටැග් එක වදින නිසා

    ReplyDelete
    Replies
    1. Ajith,

      බොලා බොරිසා නම් යන්තම් එලව ගත්ත නේද? ඇත්තම කියනවනම් මේ යක්කු කරල ට්‍රහියන දේවල් එක්ක බැලුවම බොරිසා හතර පෝයට සිල් ගන්න උපාසක මහත්තයෙක්..

      I would miss his hairstyle...Same as our former Attoney General Dappula.. :)

      Delete
    2. ඌ දුන්න පත්වීම් වගයක් අවුල්. නැත්නම් පොර ආර්ථිකය මැනේජ් කරගෙන ආව. හැබැයි බ්රෙක්සිට් එක අවුල්. මෙහෙ වැඩ කරන්න මිනිස්සු නැහැ. අනිත් එක රුසියාවේ සීන් එකේදී මු ඕවර් ගියා කියල පක්ෂේ උන්ම කැමති නැහැ. මුන් බිස්නස් මයින්ඩඩ් පොරවල් නේ. රුස්ස ගෙන් සම්පුර්ණයෙන් අයින් වෙලා බිපී එකට බිල්යන් ගානක් පාඩුයි. ඕව ඔක්කොම කනේක්ටඩ්

      Delete
  5. තොයිලය ඉවර නැහැ අයිලය පදිනු පෙනේ
    තව බිලි අරං යන්නද මේ පහු වෙන්නේ
    පළමු පුරවැසියො මෙච්චර බලු වෙන්නේ
    ගිනස් පොතට යන්නටවද සැරසෙන්නේ?

    ReplyDelete
    Replies
    1. Nimal,

      ස්තුතියි නිදි...:)

      Delete
    2. ආ..ඒක නෙවෙයි..ජනාපෙති මන්දිරේ බලන්ට ගියේ නැද්ද? මේ වීක් එන්ඩ් එකේ මම එන්නං..මොකෝ කියන්නෙ? යමුද දෙන්නත් එක්ක..පූල් එකේ නාල එහෙම එන්ට...

      Delete
  6. ජනාපයිතුමා දැං කොහෙ ඇද්ද මේ වෙලාවෙ? ඇමරිකන් වීසත් රිජෙක්ටඩ් ය කියන්නෙ...

    ReplyDelete
  7. එටුමා තමුන්ගේ පදක් කක්ක ගහන අත්කොට කමිසෙ හොයනවා Ravi තුමෝ... ඒක නැතුව මිසක්ක අයින් වෙන්න හිත නෑයි කියන්නෙ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...