Saturday, January 7, 2023

683. පුවක් එෂැණිං - 73 - තනතුරෙන් පළවා හරින ලද හිටපු ජනාපෙති ඇන්.ජී.රාජපස්ස මහතාගේ ඩුබායි සංචාරය.....


රහස් බෙහෙත මුසු කල කිරි කොටියාට
පෙවීමේ අති උත්කර්සවත් අවස්තාව...


තනතුරෙන් පළවා හරින ලද හිටපු ජනාපෙති ඇන්.ජී.රාජපස්ස මහතා හදිසියේම සතියක පමණ සංචාරයක් සඳහා ඩුබායි බලා ගියේ පහත සඳහන් කුමන හේතුවක් නිසාදැයි ඔබ සිතන්නේද? 

1. ජනාපෙති පදවිය දැරූ වසර දෙකක පමණ කාලසීමාව තුල රටපුරා පැවැත්වූ "ගම සමඟ පිළිසඳර" වැඩ සටහන් මාලාවට ඔහු තදින්ම ප්‍රියකරන නිසා ඩුබායි නගරය අසල කාන්තාර ප්‍රදේශයක ඉඳිකොල සෙවිලිකල කූඩාරමක් අටවා ඩුබායිහි රැකියාවන්හි යෙදෙන සිරි ලාම්කිකයින් සිකුරාදා දිනයක එහි රැස් කරවා "ඩුබායි සමඟ පිළිසඳර" යන නමින් වැඩ සටහනක් පැවැත්වීමට ඇති හැකියාව පිලිබඳව සොයා බැලීම උදෙසා..

2. කුඩාකල සිටම භයානක සතුන් සුරතල් කිරීමෙහිලා දැඩි රුචියක් දක්වන නිසා (එතුමෝ කොළඹ නගරයේ පාරවල් දෙපස ගල් අල්ලන ලේකම් පදවිය දැරූ අවදියේ මෝරුන් සුරතලේට ඇති දැඩි කලෝය...) ඩුබායිහි සත්තු වත්තක සිටින පිඹුරන්, කොටියන් සහ වලසුන් සුරතල් කොට සිත් තැවුල් පහකර ගැනීම උදෙසා..

3. තම අදූරදර්සී ආර්තික පිලිවෙත් නිසා දැඩි ඩොලර් හිඟයකට මුහුන දී සිටින ලංකාවට උපකාරයක් ලෙස සංචාරකයින් ගෙන්වා ගැනීමට මිරිහානේ නිවසේ පෞද්ගලික සත්තු වත්තක් දැමීම සඳහා ඩුබායි සත්තු වත්තෙන් සතුන් ලබා ගැනීමට එහි හිමිකරුවන් සමඟ සාකච්චා කිරීම සඳහා..

4. තමන්ට ලබා ඇති ඒරාස්ටක අපලය දුරුකර ගැනීම සඳහා විදේස රටක සිටින කොටියෙකුට ඉතා බලගතු රහස් බෙහෙතක් මිශ්‍ර කල කිරි තම අතින්ම පෙවිය යුතු බවට ඥාණා මෑනියන් දුන් උපදෙස් අනුව එසේ කිරීම සඳහා..

5. දැනට ආගිය අතක් නැති කාබනික පෝර විසේසඥ ජොස්තර පාදඩදෙනිය මහතා මේ දිනවල ඩුබායිහි නිවාඩුවක් ගත කරන බව විස්වාස කටයුතු ආරංචි යක් ලැබුනු බැවින් ඩුබායි බලා ගොස් ජොස්තර මහතාගේ වම් කන තදින් පිරිමැද " මොකද්ද යකෝ මට මේ කරපු අපරාදෙ?" යයි විමසීම සඳහා..

18 comments:

  1. 4 වෙන්ට පුලුහං. නැහ්නං අනිවා 5 තමා. ඒක සුවර් 😂

    ReplyDelete
  2. මට හිතෙන්නේ මේ ප්‍රශ්නය පළමුවන ප්‍රශ්න පත්‍රයේ 'බහු වරණ' (multiple choice) ප්‍රශ්නයකට ලැබෙන තනි පිළිතුරකට වඩා ගැඹුරෙන් සිතීමට අවශ්‍ය නිසා, අදාළ විෂයයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 'ව්‍යුහ ගත රචනා' (structured essays) කොටසට ඇතුලත් කළ යුතු වැදගත් ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      ඒ ලෙවල් දෙවෙනි ප්‍රශ්න පත්‍රයෙ දෙවෙනි කොටසෙ තිබ්බ ප්‍රශ්න වලට කිවෙ රචනා ප්‍රශ්න කියල නේද දයා මහත්මයා? මට දැන් හරියට මතක නෑ.. :(

      Delete
  3. මෙහෙම කල්පනාවල් ඇති වෙන ඔළුව
    තියාගත යුතුය පරෙස්සමක් ඇතුව
    රෑ ජාමේ එළියට යන්නේ නැතුව
    හිටියොත් අගෙයි පින්නට අහුවෙන්නැතුව!

    ReplyDelete
    Replies
    1. නිදි,

      පින්නට අහුවෙන්ට විදියක් නම් නෑ බං රෑ තිස්සෙ තාප්ප වල චිත්‍ර අඳින කොල්ලොත් දැන් නෑනෙ...ඒ කාලෙ නම් උංට කිඹුල බනිස් මාලු පාං එහෙම ගිහිං දෙන්ට ගියා පින්න හින්ද ඔලුවෙ බූල් තුවායකිං සුම්බරයක් එහෙමත් බැඳගෙන.. :)

      Delete
    2. හරි හරි රවී, ඔච්චර විස්තර මොකටෙයි?

      Delete
  4. ඔය වැඩකට නැති උන් ගැන වැඩක් නෑ.. අතීත කතාවක් ලියන්නකො

    ReplyDelete
    Replies
    1. Kush,

      හරි හරි මේ ලියනව මේ ලියනව... :)

      Delete
  5. Replies
    1. Prasanna,

      මොකද්ද බං හැක් උනේ? :)

      Delete
  6. ඔය වැඩකට නැති උන් ගැන වැඩක් නෑ.. අතීත කතාවක් ලියන්නකො 2

    ReplyDelete
    Replies
    1. Ian,

      හරි හරි මේ ලියනව මේ ලියනව... / 2 :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...