කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1 මෙතැනින් බලන්න.
" අනේ මම දන්නෙ නැහැ, උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරහං" අම්මා නැඟිටල බත බෙදාපු මඩක්කුවත් ඇන්න ගෙට ගියා,මම එහෙම්මම පිලේ දිගෑදිලා හඳ එලිය පිලට එනකල්ම කල්පනාවෙ ගිලිල හිටියා,
ඔය කතාව සිද්ද උනේ සුමානෙකට විතර උඩදි,
මෙදා පාර චුට්ටි මැණිකෙ ගමට ආවෙ සෑහෙන කාලෙකිං, මෙයිට කලියෙන් උනත් මම නිතරෝම නොයෙක් වැඩ පල වලට වලව්වෙ ගැවසෙන නිසා චුට්ටි මැණිකෙ මා ගැනත් මම චුට්ටි මැණිකෙ ගැනත් දැනගෙන හිටියා,
ඒත් ඒ දැනඇඳුනුංකම සීමා උනා, එයාට කරගන්ඩ ඕන දෙයක් ගැන මට කියන එකට,
"ජයසේන, තැපැල් කන්තෝරුවෙ මට පාර්සලයක් ඇති, ඒක අරන් එනවද? "
ආ, මට කියන්ඩ බැරි උනානෙ මයෙ නම ජයසේන, යාලුවො ඔක්කොම කිව්වෙ ජයේ කියල,
"ජයසේන මට මේ පොත් ටික මෙතන රාක්කෙ අහුරන්ඩ උදව් වෙනවද?"
ඔන්න ඔය වාගෙ, මම ඉතිං ඒ කියන දේ කලා, එච්චරයි,
චුට්ටි මැණිකෙ වැඩිපුර කියවන්නෙ ඉංග්‍රීසි පොත්, ඒ සමහරක සිංහල පරිවර්තන මම කියවල තියෙනවනම් අපි ඒ පොත් වල තියෙන චරිත, සිද්ධීන් ගැන සාකච්ඡා කලා, විවේචනය කලා,
මේ පාර හැබැයි මම චුට්ටි මැණිකෙගෙ වෙනසක් දැක්ක, ඒ කිව්වෙ මට ඒක හරියටම කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මට කතාකලේ ජයසේන කියල නෙවෙයි ජයා කියල,මයෙ ඇස් දිහාව බලාන කතා කරන කොට එයාගෙ ඇස් දෙකෙත් මහ අමුත්තක් මම දුටුව, මට ඒක මෙහෙමයි කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මොකක්දෝ මට නොතේරෙන මහ අමුතු දෙයක්,
රෑ වැහි ගැබ්බර වෙලා තියෙන ආකාහෙ හීන්වට විදිලි කෙටිල්ලක් එහෙම දැකල ඇතිනෙ, චූටි මැණිකෙගෙ ඇස් නිකම් අන්න ඒ වගේය කියලමයි මට හිතුනෙ, අරම විදිලි කොටන කොට අපි බලා ඉන්ඩ බැරුව ගිනිකණ වැටෙන්ඩ කලියෙන් ඇස් පියාගන්නව වගෙ චූටි මැණිකෙගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලෙ බලා ඉන්ඩ බයේ ඒ වගෙ වෙලාවට මම අහක බලා ගත්තා,
සති දෙහෙකට විතර කලින් මම ප්‍රාදේශීය සබා පුස්තකාලෙන් ගත්ත මාකේස් ගෙ "කොළරා කාලේ ආලේ" පොත, මේ දවස් වල මගේ හිතේ වැඩ කලේම ඒකෙ චරිත,ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්ටීනෝ අරීසා,ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් තමන්ට පිටුපාල වෙන කසාදයක් කර ගත්තු,තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් බලා හිටපු හැටි පොතේ කියවෙන සිද්ධිය මට අදහාගන්නත් බැරි තරමට චමත්කාරයක් ගෙනාවා,
පුදුම වැඩේ කියන්නෙ චූටි මැණිකෙත් මේ ලඟදි ඒකෙ ඉංග්‍රීසි පොත කියවල තිබුනා, ඉතිං අපි සෑහෙන වෙලාවක් ඔය ගැන වාද කල, එයාගෙ මතය උනේ ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් බලා හිටිය එක මහ මෝඩ වැඩක්ය, එහෙම දේවල් සැබෑලෝකෙ වෙන්නෙ නැතිය කියන එක,මම කිව්වෙ ඒ වගෙ සිදුවීමක් ඇත්තටම වෙන්ඩ පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි වැදගත් එහෙම කරනවනම් ඒ ආදරය වෙනුවෙන්ම කරන කැපකිරීමක්, ඒකෙන් සැබෑ ආදරයේ චමත්කාරය පෙන්නුම් කරනවය කියල,
මේ ගැන වාද කරන අතරෙ මම චූටි මැණිකෙගෙ ඇස්වල විදිලි කෙටිල්ල හොඳටම දැක්කා, ඒත් ඒ එක්කම ඇතිවුනු නුහුරු අමුතුම හැඟීමකුයි මොකක්දෝ බයක් වගෙ ගතියකුයි නිසා මම කොයිම වෙලාවක වත් ඒ විදිලි කෙටිල්ලට කෙලින් මුහුණ දෙන්න නොදී මග අරින්නමයි උත්සාහ කලේ,
මේ වාද වලදි මගේ කරුණු ඔප්පු කරන්න මම පොතේ ඡේද ගනන් කියෙව්වා චූටි මැණිකෙට ඇහෙන්ඩ, සමහර වෙලාවට මම සෑහෙන වෙලාවක් පොතෙන් කොටසක් චූටි මැණිකෙට ඇහෙන්ඩ කියවල "ඉතින් මෙන්න මේකෙන් ඔප්පු වෙනව නේද මම කියන කරුණු?" කියල ඔලුව උස්සල අහනකොට චූටි මැණිකෙ මගෙ මූණ දිහාම එක එල්ලේ බලා ඉඳල එක පාරට නින්දෙන් ඇහැරල වගෙ "මොකක්ද ජයේ කිව්වෙ ?" කියල අහල ඇස් නටවල හිනා වෙනවා,
" අහගෙන හිටියෙ නැද්ද? මම ආයෙත් කියන්ඩද?" මම ඇහුවම "එපා, එපා, ෆ්ලොරෙන්ටීනෝ ල අදට ඇති, යමු ටිකක් මිදුලට" චුට්ටි මැණිකෙ මාවත් ඇදගෙන යනවා මිදුලෙ සේපාලිකා ගහ යට තිබුනු බංකුවට,
"ජයේට ඕන විදිහකට ඔයා හිතාගන්න, හැබැයි ෆ්ලොරෙන්ටීනෝ කියන්නෙ මෝඩයෙක්, මගේ අදහස ඒකයි, ඔයත් කැමතිද ෆ්ලොරෙන්ටීනෝ කෙනෙක් වෙන්න?" මගෙ දෑසට එබීගෙනයි චුට්ටි මැණිකෙ අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ,
මම මොකවත්ම නොකියා පොත වහල දාල, බිම වැටිල තිබ්බ සේපාලිකා මල් හෙමිහිට එහෙ මෙහෙ හුලඟට පැද්දෙනව බලාගෙන හිනාඋනා,
"පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මෙයාගෙන් වචනයක් ගන්න, හරි ඒක දැන් ඇති, මට ආරංචියක් ආව ලස්සනට කවි ලියනව කියල, ඇත්තද? "ඒ පාර තව එකක්,
හොඳ වෙලාවට ඒ වෙලාවෙ චූටි මැණිකෙගෙ යාලුවෙක් ආව නිසා, අපේ කතාව එහෙම්මම නැවතුනා,
ඊට පහුවදා තමයි ඔන්න මේ වැඩේ සිද්ධ උනේ,
මම යනකොට වලව්වට චූටි මැණිකෙ එලි පෙහෙලියෙ පේන්ඩ හිටියෙ නැහැ, ඉතිං වෙනද පුරුදු විදිහට මම කුස්සියටම ගියා,
ඔය වෙලාවෙ මම හිටියෙ මුලුතැන්ගෙයි බංකුව උඩ, බිත්තියට හේත්තුවෙලා, වලව්වෙ ඉවුම් පිහුම් කරන කමලාවතී අක්ක ඩිංගකට කලියෙං ලිපට පොල්ලෙල්ලක් දාල "ජයසේන ළමයො, ඉඳහං මම ඉඟුරු අලයක් හාරං එඤ්ඤං තේකට දාන්ඩ" කියාගෙන මහ කොස් රුප්පාව යට දහයියා ගොඩ පැත්තට ගියා, මම හෙමීට කවියක් මුමුණ මුමුණ ලිපේ ගින්දර දිහා බලා හිටියා,
" සිහිල් සුලඟක් වෙලා ආවට මගේ සරතැස නිවා ලන්නට, ඔබගෙ පහසින් නිවුණු.................." අපූරු සුවඳක් මයෙ නහයෙන් ඇතුල් වෙලා පපුව පුරාම පැතුරුනා,
දෙයියෝ, චුට්ටි මැණිකෙ මං ගාවාට එනකල්ම දැක්කෙ නැහැ නෙව,
ඉස්සරෝම මම දැක්කෙ සුදුපාට සෙරෙප්පු දෙක, ඊට පස්සෙ රෝස පාට සායම් ගාපු දිග ඇඟිලි, එතනින් මගෙ ඇස් දෙක ඉහළට ගිහින් අන්තිමට නතර උනේ විදිලි කොටන ඇස් දෙක ලඟ,චුට්ටි මැණිකෙ ඇහිපිය වේගෙන් ගැහුවා, විදිලි එලිය දෙතුන් පාරක් ඇතිවෙලා නැති වෙලා ගියා, ගිණිකන වැටෙනවට බයේ මීමින්නො බිම බලා ගන්නව වගේ මම ආයෙම බිම බලා ගත්තා,
මෙන්න චුට්ටි මැණිකෙ ඉඳගනිපි මම හිටිය බංකුවෙම, මම හිමීට එහා කොණටම උනා,
" මොකෝ ජයේ, මම ඔයයිව ගිලින්නෙ නෑ "
චුට්ටි මැණිකෙ හිනා උනා,කුස්සියෙ අඳුර දුරුවෙලා ඉර හතක් පෑව්ව කියල මට හිතුනා,
-මතු සම්බන්ධයි-
Monday, February 14, 2011
Thursday, February 10, 2011
කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1
ඊයෙ රෑත් මම කන්ඩ ගත්තු බත් පත එහෙම්මම තියල අත හෝද ගත්තා, මට මෙහෙම වෙලා දැං දවස් ගානක් වෙනවා, කන්ඩ ගත්තත් පිරියක් නැහැ, වතුර පොදක් වත් ගිරියෙං පල්ලෙහාට යවා ගන්නෙ බොහොම අමාරුවෙං,
අද පාළොස්සක දා නෙව, හඳ වෙන පාළොස්සකට වගේම අම්බුලුවාව කන්ද උඩිං පායල තිබ්බ, පංසල පැත්තෙං ගංටාර සද්දෙත් ඇහෙනව, වෙනද නං අම්මයි මායි මේ වෙලාවට පංසලේ,
බන ඉවරවෙලා අපි දෙන්න එන ගමං මම හඳ දිහාවෙ බලාගෙන කවි ගොතනව, එව්ව හෙමිහිට කියන කොට මයෙ අම්ම කට කොණකිං හිනාවීගෙන මයෙ දිහා බලනව,
ඔහොම ගෙදරට එන ටිකට මම කවි පහ හයක් හදල, ආපු ගමං මයෙ කොපි පොත අරං එව්ව ලියා තියනව, ඊට පස්සෙ අම්ම බෙදල දුන්නු බත් එකත් ඇන්න පිළට වෙලා ආයෙම හඳ දිහා බලාන තමා බත් ටික කන්නෙ,
ටිකකිං උන්දැත් ඒ කියැව්වෙ අපෙ අම්ම,මඩක්කුවට බත බෙදාන මා ලඟම ඇවිත් ඉඳගන්නව, මං ඉතිං කන ගමං එදා දවසෙ වෙච්චි ඔක්කොම උන්දැට කියනව,ඔහොම තමා අපි දෙන්නෙගෙ ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවිල ගියෙ, කාටවත් කරදරයක් නැහැ, අපිට කායෙංවත් කරදරේකුත් නැහැ,
මම ඉතිං ඔය අපෙ පරම්පරා කුඹුරු කෑල්ල වැඩ කරගෙන, අම්මවත් බලාගෙන හිටියා, කවියක් කියන එක තමයි මගෙ එකම විනෝදෙ උනේ,
ඒ ඇරුනම පොඩි කාලෙ ඉඳම්ම අතට අහුවෙන ඕන පොතක් කියවන එකත් මගෙ දිනචරියාවෙ එක කොටසක්, දවසකට අඩු ගනනෙ පොතක පිටු දහයක් පාලොහක්කත් කියෙව්වෙ නැත්නම් මට නිකම් බඩට කෑවෙ නැහැ වගේ අඩුවක් දැනෙන්නෙ,
අම්ම බත් එක බෙදාගන පිලට එනකොට මම හඳ දිහා අනිමිසලෝචනේ,
"මොකදැ පුතේ, උඹ අදත් බත් කටක් වත් කෑවෙ නැහැ නෙවද?"
මම උන්දැ දිහා බලල හිනා උනා,
"හිනැහෙන්ඩ එපා බං, ඇත්ත කියහං මොකෝ බොට වෙලා ඇත්තෙ?
"බලාපං උඹෙ හැටි, හිටියයිං බාගයයි,කන්නෙ නැහැ බොන්නෙ නැහැ මොකක්ද කියාපං මේකෙ තේරුම හැබෑටම?"
"වළව්වෙ චුට්ටි මැණිකෙ මයෙත්තෙක්ක අමනාප වෙලානෙ අම්මෙ" මම අම්මයෙ දෙපතුල් ගාව වැටිල හඳ දිහාවෙ බලාගෙනම කිව්ව,
"මං නිකමට හිතුව ඕක, දැං කීපදොහොකිං වලව්ව පැත්තෙ නොගිය කොට, " අම්ම මයෙ ඔලුව අතගාන ගමං කිව්ව, "මොකදෑ හැබෑට උනේ, ඒ ඇත්ති හොඳ ගුණ යහපත් දැරිවි වෙච්චි, උඹ මොනව හරි නොහොබිනා වැඩක් කරන්ඩ ඇති එකත් එකටම "
"ඕං ඉතිං මයෙ අම්මත් කියන එක, මම එහෙම දෙයක් හීනෙකිං වත් කරයි කියල අම්ම හිතනවැයි "මම හුරතල් උනා
"උඹෙ වෙලාව මේ දවස් වල හොඳ නැතුව ඇති කියල මට නිකමට හිතුන පුතේ, මම ඒ පාර අද උදේ ගුරුන්නාන්සෙ ගාවට උඹේ වේලපත්කඩේ අරං ගියා, උඹට බොහොම අපලය, කාලෙ බොහොම නරකය කියාල තමයි කියැව්වෙ"
මම මොකවත් කියැව්වෙ නැහැ, මම ඔව්වයෙ ඒ හැටි විස්සාසයක් නැති බව අපෙ අම්මත් හොඳාකාරවම දන්නවා,
ඉතිං ඔක්කොටම ඉස්සර චුට්ටි මැණිකෙ ගැන කියාල ඉන්ඩ එපාය, මට ඒක අමතකම උනු හැටි හැබෑටම අම්මපල්ල,
චුට්ටි මැණිකෙ කියැව්වෙ අපේ වලව්වෙ බාල දෝණි, ඔන්න ඔය ඒ ඇත්තිට අපූරු නමක් නං තියෙනව, ඒත් හැමෝම පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ චුට්ටි මැණිකෙය කියාල,
අනේ අම්මප, ඇස් වහක් කට වහක් නැහැ හරිම සීදේවි පාටයි, ඒ වගේම තමයි ගුන යහපත්කමත්,
"හැබෑට මොකෝ දැං ඔය උඹත් එක්ක චුට්ටි මැණිකෙ අමනාප වෙන්ඩ හේතුව? "අම්ම ඇහැව්ව
"අනේ මම දන්නෙ නැහැ, අපෙ අම්මෙ,"
අම්ම හීං සැරේ ඉස අත ගාද්දි මට නින්ද යාගෙන ආවා, පොඩි කාලෙ ඉඳම්ම මම ඔහොමයි, අම්ම ඔලුව අත ගාද්දි මට නින්ද යනව, අදෙයි කියාල වෙනසක් නැහැ
"නැගිටහං, මේකට මට උත්තරයක් දීල හිටිං, චුට්ටි මැණිකෙ විරසක වෙන්ඩ හේතුව කියහං හංගන්නෙ නැතුව"අම්ම සැර උනා
"අනේ, අම්මෙ මයෙ අතිං එහෙමට වරදක් උනේ නම් නැහැ නෙව"මම කෙඳිරි ගෑවා, ඒ උනාට මම සහසුද්දෙංම දන්නව ඇත්ත නොකිය අම්මයෙං ගැලවිල්ලක් නැතෙයි කියාල, මම නැත්නම් කවුදෑ දන්නෙ උන්දැගෙ හැටිට සොබාව,
"අනේ, නිකා ඉඳහං මම දන්නව නෙව උඹේ කෙරුවාව, ඉතිං කියහං හොඳ එකා වගෙ, තවත් හංගන්නෙ නැතුව"
දැන්නං බේරුමක්ම නැහැ, ඇත්තම කියන්ඩ වෙනව, එක අතකට මොනවට බයක් හැකක් වෙන්ඩයැ ආයෙ මම වැරැද්දක් කොරල ඇති එකක්ය,
"මට දවසක් වලව්වෙදි කවි කියන්නෙයි කිව්ව එයා ගැන "
අම්මත් එක පාරටම ඇස් ලොකු කොරාන මා දිහා බලාන හිටියා ටික වෙලාවක්, මොකොවත්ම ඇහුවෙ නැහැ, ඒත් මම දන්නව උන්දැ මයෙන් මම කියැව්වෙ මොනවදැයි කියන උත්තරේ බලාපොරොත්තු වෙනව කියල,
"මම බැහැ කියල ආව එන්ඩ, ඊට පස්සෙ තමයි චූටි මැණිකෙ මා එක්ක අමනාප උනේ," මම මිදුලෙ කණමැදිරියො නටන දිහා බලාගෙන කිව්වා,
" ඒ දැරිවි යස ගුණ යහපත් දැරිවි,අරම කියාපුත් එකේ උඹට කවියක් දෙකක් කියන්ඩ නෙව තිබ්බෙ මයෙ පුතේ " අම්ම ඇහෙන නෑහෙන අඬින් කියැව්වා,
ඊට පස්සෙ කිසිම කතා බහක් නැතුව සෑහෙන වෙලාවක් අම්මයි මායි දෙන්නම මිදුලට පාත් වෙච්ච හඳ එලිය දිහාවෙ බලං හිටියා,

Tuesday, January 18, 2011
ඔබ ලෝක විනාශය ඇති කරයි (ද?) [Chaos Theory - ව්‍යාකූලතා න්‍යාය]
ඉදිරි අඩ හෝරාව ඔබ ගත කරන ආකාරය අනුව ලෝකය විනාශ වනවා ද නැද්ද යන්න තීරණය විය හැක, so, what's your decision?, take your time because so much depends on it,
මෙහෙම කිව්වොත් ඇත්තටම බයක් හිතෙනව නේද? ඒ උනාට ඇත්තටම එහෙම දෙයක් වෙන්ඩත්, ඒ කියන්නෙ මම මේ කියන්ඩ යන කතාව ඇත්ත වෙන්ඩත්, හොඳටම ඉඩ තියෙනවා,
Chaos Theory කියල එකක් අහල තියෙනවද?, සිංහලෙන් නම් ව්‍යාකූලතා න්‍යායය, වර්තමානයේ නව දැනුම උදෙසා කෙරෙන පර්යේෂණ අතර වැදගත්ම තැනක් ගන්නෙ මේ ව්‍යාකූලතා න්‍යාය ගැන කෙරෙන සොයා බැලීම්,
http://en.wikipedia.org/wiki/Chaos_theory
The flapping of a single butterfly's wing today produces a tiny change inthe state of the atmosphere. Over a period of time, what the atmosphere actually does diverges from what it would have done. So, in a month's time, a tornado that would have devastated the Indonesian coast doesn't happen. Or maybe one that wasn't going to happen, does. (Ian Stewart, Does God Play Dice? The Mathematics of Chaos, pg. 141)
මේ විදිහට තමයි ව්‍යාකූලතා න්‍යාය ගැන සරලව පැහැදිලි කරන්නෙ, ඒ කියන්නෙ අපි හිතමු කොහෙ හරි, ගාල්ලෙ කියමුකො,සමණලයෙක්ගෙ තටු සැලීම නිසා අවකාශයේ ඇතිවන ඉතාම කුඩා වෙනස නැත්නම් බලපෑම කාලයත් සමඟ ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ල මාසෙකට පස්සෙ ඉන්දුනීසියාවෙ ඇතිවිය හැකි කුණාටුවක් ඇතිවෙන්නෙ නැහැ, අනික් අතට ඒ බලපෑම නිසාම කුණාටුවක් ඇතිවෙන්ඩත් පුලුවන්,
ජීවිතෙත් ඔයාල හැමෝටම මම හිතන්නෙ ඔය වාගෙ අත්දැකීම් ඇති, ඒ සිදුවීම් ගැන අපි එහෙම නොහිතුවට මේ කාරණය හිතේ තියාගෙන ආයෙම පාරක් කල්පනා කලාම එක මොහොතක සුලු සිද්ධියක් නිසා අපේ ජීවිතේ කොපමණ වෙනසක් වෙන්ඩ පුලුවන්ද, වෙලා තියනවද, එහෙමත් නැත්නම් වෙන්ඩ ඉඩ තිබුනු වෙනස් කමක් උනේ නැද්ද කියලා හිතෙනව නේද?
සමහර විට, විවාහයක් දෙදරා යන්න, දරුවො දෙමව්පියො සදාකාලිකව ඈත් කරවන්ඩ, සහෝදර සහෝදරියො ජන්ම වෛරක්කාරයො වෙන්ඩ එක සුලු වචනයක්, එක සිද්ධියක් හොඳටම සෑහෙනවා, මම මේ කියන්නෙ ඒ සුලු වචනෙ නැත්නම් සිදුවීමම නෙවෙයි ඒකට හේතු කාරක වෙන්නෙ, ඒක තමයි මූලාරම්භය, අර මුලින් කිව්ව සමණලයගෙ පියාපත් සැලීම තමයි මෙතන එක නොසිතා කිය වෙච්ච වචනයක්, නැත්නම් අහඹු සිද්ධියක්,ඒක වර්ධනය වෙලා අන්තිමට කවුරුවත් හීනෙකින් වත් නොසිතපු මහා කුණාටුවක් වෙන්ඩ හොඳටම ඉඩ තියෙනවා,
හරි, දැං එමු ප්‍රධාන මාතෘකාවට, ඒ කිව්වෙ ඔබ නිසා ලෝක විනාශය සිද්ධ වෙන්නෙ හෝ නොවෙන්නෙ කොහොමද කියන එකට,
ඒක වෙන්නෙ එහෙම නැත්නම් ඒක වෙනව කියල මම හිතන්නෙ මෙන්න මෙහෙමයි,
දැං ඔයාල මේ ලිපිය කියවනවනෙ කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන, හරි? ඔන්න එනව ඔයාලගෙන් මොනව හරි කටයුත්තක් කරව ගන්න කවුරුහරි,ගනුදෙනු කරුවෙක් කියමු, මේ වෙලාවෙ ඔයාලට විකල්ප දෙකක් තියනවා, එකක් ඒ වැඩේ කරල දීල ඒ මනුස්සය පිටත් කරන එක, දෙක, මේ ලිපිය කියවල ඉවර වෙලාම ඉන්නව කියල හිතල අරයට කියනව "මම මේ වැඩේ ඉවර වෙනකල් විනාඩි විස්සක් විතර කරුණාකරල ඉන්නවද?" කියල,
ඔබ තෝරාගත්තෙ විකල්ප අංක දෙක කියමු, ඉතින් අර පුද්ගලයා විනාඩි විස්සක් නිකම් ඉන්න වෙලාවෙ තේ එකක් බීල එතහැකි කියල හිතල යනව පාරෙන් එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එකට,මේ මනුස්සය වෙන කල්පනාවක් පිට පාර පනින්ඩ ගිහින්, වේගෙන් ආපු ත්‍රී වීල් එකක් මෙයාව බේරන්ඩ පැත්තකට කපල, පෙරලෙනව පාර අයිනෙ,
මේ ත්‍රී වීල් එකේ ඒ වෙලාවෙ යන ගැහැණු ලමයෙකුට තුවාල වෙනවා, මේ ළමයා මේ යන්නෙ තමන්ගෙ පෙම්වතා හමුවෙන්ඩ, පෙම්වතාය කිව්වට මේ ඒ දෙන්නගෙ ප්‍රථම හමුවීම, මේ අනතුර නිසා අර හමුවීම කෙරෙන්නෙ නැහැ, අර පිරිමි ළමයා බලා ඉඳල යනව යන්ඩ, අනතුර වෙලාවෙ ගෑණු ළමයගෙ මොබයිල් ෆෝන් එක නැතිවෙන නිසා ආයෙ අර පිරිමි ළමයට කතාකරන්ඩවත් ක්‍රමයක් නැතිවෙනවා,
ඔන්න මේ ඇක්සිඩන්ට් එක නිසාවෙන් ඒ පටන් ගන්න ගිය ප්‍රේම සම්බන්ධය එහෙම්ම ඇණහිටිනවා,අර කියන්නෙ "ඇරඹුමම කඳුලක් වෙලා" කියල, අන්න ඒ සීන් එක, දැන් මතකයේ තබා ගතයුතු වැදගත්ම කාරණේ, මේ සිද්ධීන් දාමයටම හේතු වුනේ ඔබ ගත් තීරණය කියන එක, හරිද?
ඉතින් මේ ගැහැණු ළමයා වෙන කසාදයක් එහෙම කරගෙන දරුමල්ලො හදල කරල පස්සෙ මැරිල යනවා, වැදගත්දේ තමයි අර එදා අනතුර නොවී අර හමුවීම සැලසුම් කල පරිදි කෙරිල ඒ දෙන්න විවාහ උනා නම් මුලින්ම ලැබෙන්ඩ තිබ්බෙ පිරිමි දරුවෙක්, මේ දරුවා බොහොම ඥාණවන්තයෙක්,බුද්ධිමතෙක්,
තව අවුරුදු හරියටම පණහකින් විද්‍යාඥයො හොයාගන්නව අපේ සූර්යයා ඇතුලෙ සිද්ධවෙන න්‍යාෂ්ඨික ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය එකවරම සිය දහස් ගුණයකින් වැඩි වෙලා වසර දෙකක් ඇතුලත සූර්යයා පිපිරී විනාශ වෙනවාය කියලා, ඒ එක්කම ඉතිං අනිවාර්යයෙන් පෘථිවියත් විනාශ වෙන එක කියන්ඩ දෙයක් නෙවෙයිනෙ නේද? අපෙ පැරණි සාහිත්‍යයෙ කල්ප විනාසෙදි ඉර හතක් පායනව කියන්නෙත් මේ වැඩේටම තමයි ඔන්න,
මේ මහ විනාශෙ වළක්වන ප්‍රතිකර්මය හොයාගන්ඩ තරම් බුද්ධියක් තියෙන්නෙ අර මම කලින් කියපු දරුවට, ( දරුව කිව්වට මේ කාලෙ වෙනකොට වයස පණහකට කිට්ටු වෙලා ) විතරයි,ඉතිං ඔයා ගත්තු තීරණය නිසා ඒ දරුවට උපදින්ඩ වත් අවස්ථාවක් ලැබුනෙ නැහැ නෙව, මේ නිසා අනිවාර්යයෙන් වෙන දේ තමයි මුලු මිනිස් වර්ගයාත් එක්කම පෘථිවිය විනාශ වෙලා යන එක,

දැන් තේරුනා නේද ඔයා හින්ද මුලු පෘථිවියම විනාශ වෙන්නෙ කොහොමදැයි කියාල,
ඒ කියන්නෙ අර මනුස්සයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නනම් ලෝක විනාශය වැළැක්වෙනව කියන එකයි,
හැබැයි, අනික් අතට මෙහෙම දෙයක් වෙන්ඩත් පුලුවන්,
ඔයා ලෝක විනාසෙ වළක්වන්ඩ කියල හිතාගෙන අර මනුස්සයගෙ වැඩේ වහාම කරල දුන්නයි කියල හිතමු, එතකොට ඒ මනුස්සය පාරට යන වෙලාවට අර ත්‍රී වීල් එක එතනින් පාස් වෙල ඉවරයි, අර ගැහැණු ළමයයි, පිරිමි ළමයයි කතා කර ගත්තු විදිහට හම්බවෙනවා, දෙන්න පස්සෙ විවාහ වෙනවා, දරුවත් හම්බ වෙනවා, හැබැයි එකම වෙනස තමා, මේ පාර අර අසාමාන්‍ය බුද්ධිය පිහිටන්නෙ මේ දරුවට නෙවෙයි, අර ඇක්සිඩන්ට් එක උනොත් මේ ළමය වෙන කෙනෙක් බඳිනවනෙ, අන්න ඒ විවාහයෙන් උපදින දරුවට තමයි මේ බුද්ධිය පිහිටන්නෙ, ඉතින් මේ අවස්ථාවෙත් අනිවාර්ය ප්‍රථිපලය තමයි ලෝක විනාශය,
ඉතින් අන්තිමට කියන්ඩ තියෙන්නෙ, අනේ මන්දා,සමහරවිට ඔබ නිසා ලෝකෙ විනාශ වෙන්ඩත් පුලුවන්, විනාශයෙන් ගැලවෙන්ඩත් පුලුවන් කියන එක තමයි,
මෙහෙම කිව්වොත් ඇත්තටම බයක් හිතෙනව නේද? ඒ උනාට ඇත්තටම එහෙම දෙයක් වෙන්ඩත්, ඒ කියන්නෙ මම මේ කියන්ඩ යන කතාව ඇත්ත වෙන්ඩත්, හොඳටම ඉඩ තියෙනවා,
Chaos Theory කියල එකක් අහල තියෙනවද?, සිංහලෙන් නම් ව්‍යාකූලතා න්‍යායය, වර්තමානයේ නව දැනුම උදෙසා කෙරෙන පර්යේෂණ අතර වැදගත්ම තැනක් ගන්නෙ මේ ව්‍යාකූලතා න්‍යාය ගැන කෙරෙන සොයා බැලීම්,
http://en.wikipedia.org/wiki/Chaos_theory
The flapping of a single butterfly's wing today produces a tiny change in
මේ විදිහට තමයි ව්‍යාකූලතා න්‍යාය ගැන සරලව පැහැදිලි කරන්නෙ, ඒ කියන්නෙ අපි හිතමු කොහෙ හරි, ගාල්ලෙ කියමුකො,සමණලයෙක්ගෙ තටු සැලීම නිසා අවකාශයේ ඇතිවන ඉතාම කුඩා වෙනස නැත්නම් බලපෑම කාලයත් සමඟ ටිකින් ටික වර්ධනය වෙලා ගිහිල්ල මාසෙකට පස්සෙ ඉන්දුනීසියාවෙ ඇතිවිය හැකි කුණාටුවක් ඇතිවෙන්නෙ නැහැ, අනික් අතට ඒ බලපෑම නිසාම කුණාටුවක් ඇතිවෙන්ඩත් පුලුවන්,
ජීවිතෙත් ඔයාල හැමෝටම මම හිතන්නෙ ඔය වාගෙ අත්දැකීම් ඇති, ඒ සිදුවීම් ගැන අපි එහෙම නොහිතුවට මේ කාරණය හිතේ තියාගෙන ආයෙම පාරක් කල්පනා කලාම එක මොහොතක සුලු සිද්ධියක් නිසා අපේ ජීවිතේ කොපමණ වෙනසක් වෙන්ඩ පුලුවන්ද, වෙලා තියනවද, එහෙමත් නැත්නම් වෙන්ඩ ඉඩ තිබුනු වෙනස් කමක් උනේ නැද්ද කියලා හිතෙනව නේද?
සමහර විට, විවාහයක් දෙදරා යන්න, දරුවො දෙමව්පියො සදාකාලිකව ඈත් කරවන්ඩ, සහෝදර සහෝදරියො ජන්ම වෛරක්කාරයො වෙන්ඩ එක සුලු වචනයක්, එක සිද්ධියක් හොඳටම සෑහෙනවා, මම මේ කියන්නෙ ඒ සුලු වචනෙ නැත්නම් සිදුවීමම නෙවෙයි ඒකට හේතු කාරක වෙන්නෙ, ඒක තමයි මූලාරම්භය, අර මුලින් කිව්ව සමණලයගෙ පියාපත් සැලීම තමයි මෙතන එක නොසිතා කිය වෙච්ච වචනයක්, නැත්නම් අහඹු සිද්ධියක්,ඒක වර්ධනය වෙලා අන්තිමට කවුරුවත් හීනෙකින් වත් නොසිතපු මහා කුණාටුවක් වෙන්ඩ හොඳටම ඉඩ තියෙනවා,
හරි, දැං එමු ප්‍රධාන මාතෘකාවට, ඒ කිව්වෙ ඔබ නිසා ලෝක විනාශය සිද්ධ වෙන්නෙ හෝ නොවෙන්නෙ කොහොමද කියන එකට,
ඒක වෙන්නෙ එහෙම නැත්නම් ඒක වෙනව කියල මම හිතන්නෙ මෙන්න මෙහෙමයි,
දැං ඔයාල මේ ලිපිය කියවනවනෙ කම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන, හරි? ඔන්න එනව ඔයාලගෙන් මොනව හරි කටයුත්තක් කරව ගන්න කවුරුහරි,ගනුදෙනු කරුවෙක් කියමු, මේ වෙලාවෙ ඔයාලට විකල්ප දෙකක් තියනවා, එකක් ඒ වැඩේ කරල දීල ඒ මනුස්සය පිටත් කරන එක, දෙක, මේ ලිපිය කියවල ඉවර වෙලාම ඉන්නව කියල හිතල අරයට කියනව "මම මේ වැඩේ ඉවර වෙනකල් විනාඩි විස්සක් විතර කරුණාකරල ඉන්නවද?" කියල,
ඔබ තෝරාගත්තෙ විකල්ප අංක දෙක කියමු, ඉතින් අර පුද්ගලයා විනාඩි විස්සක් නිකම් ඉන්න වෙලාවෙ තේ එකක් බීල එතහැකි කියල හිතල යනව පාරෙන් එහා පැත්තෙ තියන රෙස්ටුරන්ට් එකට,මේ මනුස්සය වෙන කල්පනාවක් පිට පාර පනින්ඩ ගිහින්, වේගෙන් ආපු ත්‍රී වීල් එකක් මෙයාව බේරන්ඩ පැත්තකට කපල, පෙරලෙනව පාර අයිනෙ,
මේ ත්‍රී වීල් එකේ ඒ වෙලාවෙ යන ගැහැණු ලමයෙකුට තුවාල වෙනවා, මේ ළමයා මේ යන්නෙ තමන්ගෙ පෙම්වතා හමුවෙන්ඩ, පෙම්වතාය කිව්වට මේ ඒ දෙන්නගෙ ප්‍රථම හමුවීම, මේ අනතුර නිසා අර හමුවීම කෙරෙන්නෙ නැහැ, අර පිරිමි ළමයා බලා ඉඳල යනව යන්ඩ, අනතුර වෙලාවෙ ගෑණු ළමයගෙ මොබයිල් ෆෝන් එක නැතිවෙන නිසා ආයෙ අර පිරිමි ළමයට කතාකරන්ඩවත් ක්‍රමයක් නැතිවෙනවා,
ඔන්න මේ ඇක්සිඩන්ට් එක නිසාවෙන් ඒ පටන් ගන්න ගිය ප්‍රේම සම්බන්ධය එහෙම්ම ඇණහිටිනවා,අර කියන්නෙ "ඇරඹුමම කඳුලක් වෙලා" කියල, අන්න ඒ සීන් එක, දැන් මතකයේ තබා ගතයුතු වැදගත්ම කාරණේ, මේ සිද්ධීන් දාමයටම හේතු වුනේ ඔබ ගත් තීරණය කියන එක, හරිද?
ඉතින් මේ ගැහැණු ළමයා වෙන කසාදයක් එහෙම කරගෙන දරුමල්ලො හදල කරල පස්සෙ මැරිල යනවා, වැදගත්දේ තමයි අර එදා අනතුර නොවී අර හමුවීම සැලසුම් කල පරිදි කෙරිල ඒ දෙන්න විවාහ උනා නම් මුලින්ම ලැබෙන්ඩ තිබ්බෙ පිරිමි දරුවෙක්, මේ දරුවා බොහොම ඥාණවන්තයෙක්,බුද්ධිමතෙක්,
තව අවුරුදු හරියටම පණහකින් විද්‍යාඥයො හොයාගන්නව අපේ සූර්යයා ඇතුලෙ සිද්ධවෙන න්‍යාෂ්ඨික ප්‍රතික්‍රියාව සිදුවීමේ වේගය එකවරම සිය දහස් ගුණයකින් වැඩි වෙලා වසර දෙකක් ඇතුලත සූර්යයා පිපිරී විනාශ වෙනවාය කියලා, ඒ එක්කම ඉතිං අනිවාර්යයෙන් පෘථිවියත් විනාශ වෙන එක කියන්ඩ දෙයක් නෙවෙයිනෙ නේද? අපෙ පැරණි සාහිත්‍යයෙ කල්ප විනාසෙදි ඉර හතක් පායනව කියන්නෙත් මේ වැඩේටම තමයි ඔන්න,
මේ මහ විනාශෙ වළක්වන ප්‍රතිකර්මය හොයාගන්ඩ තරම් බුද්ධියක් තියෙන්නෙ අර මම කලින් කියපු දරුවට, ( දරුව කිව්වට මේ කාලෙ වෙනකොට වයස පණහකට කිට්ටු වෙලා ) විතරයි,ඉතිං ඔයා ගත්තු තීරණය නිසා ඒ දරුවට උපදින්ඩ වත් අවස්ථාවක් ලැබුනෙ නැහැ නෙව, මේ නිසා අනිවාර්යයෙන් වෙන දේ තමයි මුලු මිනිස් වර්ගයාත් එක්කම පෘථිවිය විනාශ වෙලා යන එක,

දැන් තේරුනා නේද ඔයා හින්ද මුලු පෘථිවියම විනාශ වෙන්නෙ කොහොමදැයි කියාල,
ඒ කියන්නෙ අර මනුස්සයගෙ වැඩේ ඒ වෙලාවෙම කරල දුන්නනම් ලෝක විනාශය වැළැක්වෙනව කියන එකයි,
හැබැයි, අනික් අතට මෙහෙම දෙයක් වෙන්ඩත් පුලුවන්,
ඔයා ලෝක විනාසෙ වළක්වන්ඩ කියල හිතාගෙන අර මනුස්සයගෙ වැඩේ වහාම කරල දුන්නයි කියල හිතමු, එතකොට ඒ මනුස්සය පාරට යන වෙලාවට අර ත්‍රී වීල් එක එතනින් පාස් වෙල ඉවරයි, අර ගැහැණු ළමයයි, පිරිමි ළමයයි කතා කර ගත්තු විදිහට හම්බවෙනවා, දෙන්න පස්සෙ විවාහ වෙනවා, දරුවත් හම්බ වෙනවා, හැබැයි එකම වෙනස තමා, මේ පාර අර අසාමාන්‍ය බුද්ධිය පිහිටන්නෙ මේ දරුවට නෙවෙයි, අර ඇක්සිඩන්ට් එක උනොත් මේ ළමය වෙන කෙනෙක් බඳිනවනෙ, අන්න ඒ විවාහයෙන් උපදින දරුවට තමයි මේ බුද්ධිය පිහිටන්නෙ, ඉතින් මේ අවස්ථාවෙත් අනිවාර්ය ප්‍රථිපලය තමයි ලෝක විනාශය,
ඉතින් අන්තිමට කියන්ඩ තියෙන්නෙ, අනේ මන්දා,සමහරවිට ඔබ නිසා ලෝකෙ විනාශ වෙන්ඩත් පුලුවන්, විනාශයෙන් ගැලවෙන්ඩත් පුලුවන් කියන එක තමයි,
Thursday, December 30, 2010
අතීතාවර්ජන නොහොත් මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක් - 2
මම එයාගෙ උපන්දිනේට වෙනුවෙන් ලියාපු, ප්‍රථම හමුවීමෙ කතාව මතකද? නැත්නම් ආයෙම බලල එන්න,
මුලින් ලියනකොට මගෙ හිතේ තිබුනෙ නැහැ තව දුරටත් කතාව ලියන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම් නිසා මට හිතුන අඩු ගනනෙ තව එක කොටසක්වත් ලියන්ඩ ඕනය කියල,අනික සමාවෙන්ඩ ඕන, අවුරුද්දෙ අන්තිමේ වැඩ රාජකාරි බොහොමයක් යෙදීම කරණ කොටගෙන මේ වැඩේ මෙච්චර පමාවීම ගැන,
දැං එයා බැහැල ගියා නෙව,
මම ඉතිං ඒ දිහාවෙ බලං හිටියය කියලත් කිව්වනෙ,වැඩි වෙලා බලන් ඉන්ඩ උනේ නැහැ, මොකද බස් එක ඇද්දුවා,
ඉම්පස්සෙ මම ඉතිං බකමූණට ඇවිත් ඒ තිබ්බ රාජකාරි ටිකත් අහවර කරගෙන එහෙම දවල්ටත් කඩේකින් කාල ගියා තව කිලෝ මීටර් දොලහක් වගෙ එහා තියෙන අත්තනකඩවලට, ඔන්න ඔය අත්තනකඩවල තමයි මම නැවතිල හිටියෙ,අභාවයට ගිය රජයේ ගොවිපොලක නිල නිවාසයක ඒ දවස්වල හිටිය මමයි තව මගෙ අතිජාත මිත්‍රයයි,
දැන්නම් වැඩේ හරියන්නෙ නැහැ, කතාවෙ කස්ටිය වැඩිවේගන එන්නෙ, ඒ නිසා මොනව හරි නමක් දෙන්ඩ වෙනව, මිත්‍රයගෙ නම සුමනෙ,ගෙවල් අලුවිහාරෙමයි, අලුවිහාරෙමයි කිව්වෙ මතකනෙ අර... අර.... අරය බස් එකට නැග්ගයි කියල මම කිව්වෙ අලුවිහාරෙන්නෙ, අන්න ඒ නිසා,
මම සතියම එක දිගට නැවතිල රාජකාරි කලාට, අලුවිහාරෙ ලඟ නිසාවෙන් සුමනෙ සාමාන්‍යයෙන් දවසක් ඇර දවසක් වාගෙ හවස ගෙදර ගිහිල්ල පහුවදා උදේ ආපහු ආවා,
සුමනෙ විවාහක, දෙදරු පියෙක්,මට වඩා අවුරුදු පහක් වගෙ විතර වැඩිමල්,ඒ වගේම ඉතාම හොඳ මනුස්සකම් වලින් පිරුනු මනුස්සයෙක්, එක අතකට ඒ කාරණේ විශේෂයෙන් කියන්ඩත් දෙයක්ය, මම වගේම තමා මගෙ යාලුවොත්,
සුමනෙ මට ගෑණු දරුවෙක්ව සෙට් කරන්ඩ බොහොම උනන්දුවෙන් කටයුතු කලා ඔය කාලෙදි, හැමදාම ගෙදර ඉඳං ආවොත් මට බේරුමක් නැහැ,ආපු ගමං පටං ගන්නව, රවී, මචං අද බස් එකේදි හම්බ උනා ලස්සන ටීචර් කෙනෙක්ය, මම කතා කර කර ආවෙය, අහවල් ඉස්කොලෙ උගන්නන්නෙය, ගෙවල් අහවල් දිහාය,මොකෝ කියන්නෙ? කියල,
මම ඉතිං කියවමින් ඉන්න පොත පැත්තක තියල හිනා වෙනව, එච්චරයි, ආයෙම පොත බලන්ඩ පටං ගන්නව," ඔහොම ඉඳහංකො, පොත් බල බල, උඹට තේරෙයි වැඩිකල් නොයා," කියල සුමනෙ නැඟිටල යනව, මම ආයෙත් හිනාවෙනව, ආයෙමත් පොත බලන්ඩ පටං ගන්නව, සුමනෙ කොච්චර උනත් උත්සාහය අත ඇරියෙත් නැහැ, මම හිනාවෙන එකයි, පොත බලන එකයි අත ඇරියෙත් නැහැ,
එදා හවස තුනට වගෙ තමයි සුමනෙ ආවෙ, මොනවදෝ රාජකාරියකට ගිහිල්ල,ඇවිත් යමං නාමු කියල දෙන්නත් එක්කම ගියා, අපේ ක්වාටර්ස් එක ඉස්සරහිම්ම ගලාගෙන යන යෝධ ඇලට,නා කියාගෙන ඇවිල්ල එලියෙ තණකොල ගොල්ලෙ පුටු දෙහෙකුත් තියාගෙන ගැහැව්ව ප්ලේන්ටියක්, ප්ලේන්ටියක් කියන්නෙ ඇත්තටම කිව්වොත් ප්ලේන්ටී දෙකක්,
දැං මේ උදේ වෙච්චි සීන් එක කියන්ඩත් එපාය,අපිට උයන්ඩ හිටපු ගෝලයත් "එන්නම් මහත්තය,රෑට කෑම බෙදල තියෙන්නෙ" කියාගෙන යන්ඩ ගියා, ටික ටික කරුවලත් වැටෙනව, මම තේ කෝප්පෙ බිමින් තියල කකුල් එහෙම දිග ඇරල පුටුවෙ දිගා උනා,
" සුමනෙ, අද එද්දි බස් එකේදි කවුරුවත් ටීචර් කෙනෙක් හෙම මුණගැහුනෙ නැතෙයි? "
" නැහැනෙ, අද මම එනකොට ටිකක් පරක්කු උනා,ඒකෙ වැඩි හරියක් ආවෙ මේ මල ගෙදරක යන කට්ටියක්,ඒක නෙවෙයි, මේක කියාපං, මොකෝ, උඹ මේ කවදාවත් නැතුව ටීචර්ල ගැන අහන්නෙ?, මට නෝන්ඩිය දානවද? "
" අනේ නෑ, පිස්සුද?, මට උදේ බස් එකේදි ටීචර් කෙනෙක් හම්බ උනානෙ " මම නිකම් ගාණකට නැතුව වාගෙ කිව්වා,
පුටුවෙ දිගා වෙලා හිටපු සුමනෙ කෙලිං උනා,
" අප්පට සිරි, නෑ........., ඉතිං ඉතිං උඹ කතා කලාද?, කොහොමද හැඩ රුව?, උසද, මහතද, කලුද?, ගෙවල් කොහෙද? උගන්නනෙ කොහෙද?" ප්‍රශ්න වැලයි,
" ඉඳහං, ඉඳහං, කලබල වෙන්ඩ එපා " මම හිනාවෙවී කිව්වා,
" කලබල නොවී බැහැනෙ, මම කොච්චර කිව්වත් ඔය ගැන උඹ හිනාවෙවී හිටිය විතරනෙ, දැං උඹම කියනවනම් ඒ කියන්නෙ හිතට අල්ලල හින්ද නිසානෙ, හරි, කියාපන්කො විස්තරේ "
" හැඩරුව විස්තරේ කියනව නම් එච්චර සුදුමත් නැහැ,ටිකක් විතර උසයි,ඒ හැටි මහතකුත් නැහැ, ගෙවල් නම් දන්නෙ නැහැ, හැබැයි නැංගෙ අලුවිහාරෙං "
" අඩේ, අලුවිහාරෙද?, එහෙනම් ප්‍රශ්නයක් නැහැ, මම හොයා ගන්නං විස්තරේ, උඹ කිසි දේකට බය වෙන්ඩ එපා, " සුමනෙ ඉස්තිරසාර හඬින් කිව්වා,
බයක්?, මගෙ හිතේ මොනව හරි බයක් තියෙනවද? මම මගෙම්ම ඇහැව්වා, පිස්සුද මොන බයක්ද?, හිතෙං උත්තර හම්බ උනා,සුමනෙ ඉතිං හිත හොඳිං කියාපු එකනෙ, මම උත්තර බඳින්ඩ ගියේ නැහැ,
" කොහේද දැං ඔය කියන ළමය උගන්නන්නෙ? "
"අන්න අර, ............. ඉස්කෝලෙ "
" ඔය තියෙන්නෙ, ඉතිං මොනවද?, අපේ අසෝකයගෙ වයිෆ් උගන්නන්නෙත් ඔය ඉස්කෝලෙනෙ, "
"ඔව්, මම ඇහුවා, නෙලුම්ව දන්නවය කිව්වා,"
මම අර ගියපාර කිව්වෙ මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඒ ඉස්කෝලෙ උගන්නනවය කියල, ඒ දෙන්නා අසෝක සහ නෙලුම්,
" ඉතිං මොනවැයි කතා කලේ, මුල ඉඳං කියාපං විස්තරේ " සුමනෙ හරි බරි ගැහුනා,
" මුල ඉඳංම කිව්වෙ මම ගෙදරිං පිටත් උන වෙලේ ඉඳංද? "
" නෑ. උඹ ඊයෙ රෑට කාපු වෙලාවෙ ඉඳං " සුමනෙටත් වෙලාවකට ෂුවර් නැහැ මම මේ කියන එව්වා කියන්නෙ විහිලුවටද ඇත්තටමද කියල
මම ඉතිං, හතර වටිං අඳුර ගලා එද්දි, අත්තනකඩවල ගොවිපොලේ අපේ නිල නිවසේ ඉදිරිපස රූස්ස සියඹලා ගස යට තණබිස්සේ පුටුවක ඉඳගෙන, සුමනෙට සම්පූර්ණ විස්තරේ ( මේකට තවම ප්‍රේම කතාව කියල නම් කියන්ඩ බැහැනෙ ) මුල ඉඳං අකුරක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, නෑර කිව්වා,
'' හරි දැං මොකක්ද නම? ''
නම?, දෙයියෝ සාක්කි, නම අහගත්තෙ නැහැ නේද?, මම උඩ බිම බැලුවා,
'' නමනම් අහගන්ඩ වෙලාවක් තිබ්බෙ නැහැ සුමනෙ '' මම සුමනෙගෙන් සමාව ඉල්ලන ස්වරයකින් කිව්වා,
'' උඹත් මාර බඩුවක්නෙ බං, එයාට රාජකාරි කොරන විදිහ ගැන දේසනයක් දෙන්ඩ වෙලාව තිබ්බ, නම අහ ගන්ඩ තමයි වෙලාවක් නැති උනේ නේද? '' සුමනෙට තරහ ගොහින්ද මංදා, ඇත්තනෙ ඉතිං මයෙනෙ වැරැද්ද, අම්මප නමක් ගැන හාංකවිසියක් මතක් උනෙ නැති හැටි බලමුකො හැබැහැට,
'' හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, යමං, අසෝකයගෙ වයිෆ් හම්බ වෙලා වැඩි විස්තර සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කතා කරගමු '' සුමනෙ නැඟිට්ටා,
'' මේ දැම්මම? '' මම ඇහුවා, අසෝක ඉන්නෙ බකමූණෙ,කිලෝ මීටර් දොලහක් එහා, අනික මේ වෙනකොට සෑහෙන්ඩ කලුවර වැටිලා,
'' එහෙනං, ඔව්ව කල් දදා ඉන්ඩ ඕන නැහැ, අනික මේ වැඩේ සෙලිබ්‍රේට් කොරන්ඩත් එපාය, බකමූණෙන් එකක් ගේමු, නෙලුම් හම්බ වෙල විස්තරෙත් දැනගමු, යමං, යමං, ''
ඉතිං අපි දෙන්න සුමනෙගෙ බයික් එකේ ආව බකමූණට,
අපි ආපු පාර තියෙන්නෙ යෝධ ඇලේ බන්ඩ් එක දිගේ, ඒ පැත්ත ගැන දන්න කස්ටිය දන්නවා ඇති, ඉතිං හුළඟ බොහොම සැරයි, ඒ වගේම සීතල, ඉතිං මොකද කරන්නෙ කියල සීතලේම ආව බකමූණට,
මග දිගටම සුමනෙගෙං ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස්,
'' දැං අපි නෙලුම්ගෙං අහගමු විස්තරේ, බැඳලද, නම ගම, වාසගම, පවුලෙ විස්තර එහෙම, ඊට පස්සෙ වැඩේ හරි යන සයිස් එකක් නම් උඹ හෙට පලයං ගෙදර, ඒ කරල අනිද්දා ඒ බස් එක අල්ලල වරෙං, හරිනෙ, ''
'' පිස්සුද එහෙම කරන්ඩ බැහැ, හෙට ගෙදර ගියොත් අම්ම බලයි මොකෝ මේ කවදාවත් නැතුව සතියෙ මැද කියල, ඒක නම් මොනව හරි කිව්වැහැකිය කියමු, අනිද්ද ඒ බස් එකේ ආවොත් මෙහෙ එනකොට දොලහ වත් වෙනව, මට හෙට උදේ වැඩ වගේකුත් තියෙනව, ඔක්කටම වැඩිය එයා අනිද්දත් ඒ බස් එකේම එයිද කොහොමද දන්නෙ? '' මම කියවගෙන ගියා,
'' උඹ මුලිං අඬපු කාරණාවල නම් කිසිම වැදගැම්මක් නැහැ, එව්ව මොනව හරි කරගත්තෑකි, හැබැයි අන්තිමට කිව්ව කාරණේ නම් වැදගත්, හැමදාම එන්නෙ ඒ බස් එකේමද කියලනම් දැන ගන්ඩ වෙනවා ''
ඔන්න මේ වෙනකොට අසෝකලගෙ ගෙදරට ඇවිත්, මම බැහැල දොරට ගැහැව්වා,උන්ගෙ දොරට තට්ටු කලාට ඇහෙන්නෙ නැහැ, තඩි බාන්ඩම ඕනෙ
අසෝකය දොර ඇරිය," වරෙං, වරෙං, මොකෝ........, අඩේ සුමනෙත් ඉන්නෙ, මොකෝ බං මේ වෙලාවෙ, "
ඒ අස්සෙ නෙලුම් නංගි ආව කුස්සියෙ ඉඳල හිනාවීගෙන ,'' එන්ඩ අයිය ඇතුලට මොකද අසෝක, ගෙට එන්ඩ වත් කිව්වෙ නැද්ද? ''
තේ එකක් එහෙම ආයෙම බීල සුමනෙ බැස්ස අදාල කාරනාවට,
'' නඟෝ, අපෙ මේ රවීට අද බස් එකේදි හම්බ වෙල තියෙනව ඔයාලගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක්, ''
'' ආනේ ඒ රවි අයියද, චන්ද්‍රා අක්ක කිව්ව තමයි අසෝකගෙ ස්ටාෆ් එකේ එක්කෙනෙක් බස් එකේදි හම්බ උනාය කියල, මට හිතුනෙම නැහැ ඒ අයියය කියල '' නෙලුම් මගෙ කෝප්පෙ ගන්න ගමං කිව්වා,
අන්න හරි.... ඔය තියෙන්නෙ..... මෙච්චර වෙලා එයා එයා... කිය කියනෙ හිටියෙ, දැං ඔන්න නමක් තියෙනව............. චන්ද්‍රා, හ්ම්ම්ම්ම්... නමත් නරකම නැහැනෙ, සඳ.... සඳවතිය.......
'' මඟ දිගටම, පරක්කු වෙලා වැඩට යන එක ගැන දොස් කිය කිය ආවය කියල කිව්ව, අක්කට හොඳටම තරහ ගිහිල්ල හිටියෙ, '' නෙලුම් අසෝක ලඟිං ඉඳගන්න ගමං කිව්වා, හැබැයි කට පුරා හිනා වෙවී,
'' මට බැන්නද? '' මම හිනාවෙවී ඇහැව්වා,
'' ම්ම්ම්....., බැන්නෙමත් නැහැ, මෙහෙමයි කිව්වෙ, බලන්ඩකො අදමයි දැක්කෙ මගෙන් වැඩට යන වෙලාව ගැන ඇහුවනෙ කියල ''
'' ඒකනෙ බලන්ඩකො මේ මනුස්සය කරල තියෙන දේ එතන ආචාර ධර්ම ගැන දේශනයක් තියලනෙ,ඒක නෙවෙයි නංගි, චන්ද්‍රා බැඳලද? '' සුමනෙ කවදත් එහෙමයි අනම් මනම් වලට කැමති නැහැ, කෙලිම්ම වැදගත් කරුණු විතරයි,
'' නෑ, බැඳල නැහැ, අයියා, '' සුමනෙ ප්‍රශ්නෙ ඇහුවට නෙලුම් උත්තරේ දුන්නෙ මට,
හරි.... බැඳලත් නැහැ, මට දැනගන්ඩ ඕන උනේ එච්චරයි......
සුමනෙට තව ප්‍රශ්න වැලක් තියෙනව, " වයස කොහොමද?, මොකක්ද වාසගම?, ගෙවල් කොහෙද?, අම්ම තාත්ත ඉන්නවද?, පවුලෙ තව කීදෙනෙක්ද?............?...........? "
" අනේ අයියෙ ඒ මොකවත් මම නම් දන්නෙ නැහැ, නමයි බස් එකට නගින්නෙ අලුවිහාරෙන්ය කියලයි දන්නව,ආ.... තව රස..... බත් එකෙක් අරං එනව "නෙලුම් සමාව ඉල්ලනව වගෙ සුමනෙ දිහා බැලුවා,
( පස්සෙ මම දැන ගත්ත ඒ බත් එක උයන්නෙ අම්මය කියල, )
" මොනවද අප්ප, ඔයාගෙ හොඳ යාලුවලු, යාලුව ගැන කිසි දෙයක් දන්නෙ නැහැනෙ, " අසෝකට මේක නිකම් මදි කමක් වගෙ හිතිලද කොහෙද,
" අපි යාලුවො තමයි, ඒ උනාට හරියකට කතා කරන්ඩ හම්බ වෙන්නෙ දවල් කෑම වෙලාවෙ විතරයි, අනික ඒ වෙලාවෙ කනව මිසක් පවුල්වල විස්තර කතා කරන්ඩ වෙලාවක් නැහැ, " නෙලුම්ට තරහ ගිහිංද කොහෙද,
" හරි, හරි ඒකෙ ප්‍රශ්නයක් නැහැ, ඒ විස්තර පස්සෙ හොයා ගන්ඩ බැරිය, " මම නෙලුම්ගෙ සහායට ඉදිරිපත් උනා, මේ උන්දැ කෝකටත් ෂේප් එකේ තියා ගන්ඩම එපාය,
" හරි, මම හෙට අක්කගෙම්ම අහන්නංකො, රවි අයිය ඇහුවය කියලම ඇහුවට කමක් නැහැනෙ? "
" කමක් නැහැ, නංගි, ඒකට කමක් නැහැ, " මම නැඟිටින ගමන් කිව්වා,
අපි ඊට පස්සෙ ඒ දෙන්නගෙන් සමු අරං, බෝතලේකුත් අරගෙන ආපහු අත්තනකඩවලට ආවා,
පහුවදා කිව්ව වගේම නෙලුම් විස්තර හොයං ඇවිත් තිබුනා,ඉතිං මමත් එයත් එකම බස් එකේ යන්ඩත් පටං ගත්ත,ඉතිං ඔන්න ඔහොම කාලය සුපුරුදු ලෙස අපටද නොදැනීම ගෙවී ගිහිල්ල, තව කාලෙකට පස්සෙ අනිත් අවශ්‍ය කරන කටයුතුත් කරල, අපි දෙන්න එක වහලක් යටට ආව,
ඉතිං ඔන්න එදා ඉඳම්ම අද වෙනකල් එහෙම්මම තමයි,

එදා මා හද එකලු කල,
සඳ පහන් කැලුම් රැස,
එදා මා සිත වසඟ කල,
තරු කැලුම් ඔබ නෙත,
කාලය ද ගෙවිලාය මෙලෙසේ,
ඔබට මට නොකියාම රහසේ,
මගේ සෙනෙහස පිදුනු එදිනේ,
මිලින නොමවෙයි මතුද සසරේ,
මම හිතුවෙ මේ කතාව අර එයාගෙ උපන් දිනේ වෙනුවෙන් දාපු මුල් කොටසින් ඉවර කරන්ඩ, ඒත් ඔයාලගෙ ඉල්ලීම නිසා නොහිතූ විදිහට දිග්ගැස්සුනා නෙව, කමක් නැහැ, කතාව කියල මම ලබපු සංතෝසෙ කියවල මගෙ යාලුවොත් ලැබුවනම් මට ඒ ඉහටත් උඩිං ඇති,
Thursday, December 16, 2010
69. ජීවත් වෙන්න තිබෙන්නේ අවුරුදු 10යි !!! කිසිසේත්ම අපතේ යවන්න එපා........

අපි මිනිසුන් වෙමු. දැනට ගණනය කර ඇති අන්දමට මිනිසාගේ පරමායුෂ අවුරුදු 75-80ත් අතර පමණ වේ. කෙනෙකු තමන්ට අවුරුදු 25 දී විවාහ ජීවිතයට ඇතුලත් වූ ලෙසද, දෙදෙනාම අවුරුදු 75ක් ජීවත් වනු ඇති ලෙසද ගනිමු. එවිට විවාහ ජීවිතයේ පරමායුෂ අවුරුදු 50ක් පමණ වේ. කියවා ගැනීමේ පහසුව පිණිස පහත සඳහන් පරිදි දක්වන්නෙමි.
අවුරුදු 50 = (දළ වශයෙන්) දින 18300
අද කාලේ බොහොම දෙනෙක් පුරුෂ පක්ෂය සතියේ දින 7හිම රැකියාවක නියුතු වෙයි. එවැනි කෙනෙකු සැලකූ කල පවුලේ උදවිය සමග ගැවසෙන කාලය (මට අනුව නම් ජීවත් වෙන්න තිබෙන කාලය) දිනකට,
උදෑසන 5 සිට 7 දක්වා = පැය 2
හවස 7 සිට රෑ 10 දක්වා = පැය 3
ඒ කියන්නේ දවසටම පැය 5යි !!!
ඉතිං ඔය පැය 5 අර දින 18300න් වැඩි කලහම = පැය 91500
එයිනුත් සමහර දින වල අත්‍යාවශ්‍ය කාරණා වලට ගෙදරින් පිට ඉන්න වෙන දවස් ඕනේ තරම් තිබෙනු ඇත. එයට පැය 1500ක් වෙන් කලහොත් ඉතිරි පැය 90000යි.
පැය 90000 = දින 3750
දින 3750 = (දළ වශයෙන්) අවුරුදු 10 !!!
අවුරුදු 50ක පවුල් ජීවිතයෙන් පවුලේ උදවිය සමග ගැවසිලා තියෙන්නේ අවුරුදු 10යි !!!
ඉතිං අර උඩ හදපු පැය 5න් පැය 2ක් විතර රණ්ඩු කරන්න යොදා ගත්තහම..................
සතියට දවස් තුනක් පැය 2 ගානේ රණ්ඩු කලොත් පවුලේ උදවිය සමග සාමකාමීව ගත කරන කාලය අවුරුදු 50ට පැය 75000ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ට ම අවුරුදු 8යි !!!
හොඳයි නේද? ඉතිං ඊ ලඟ වතාවේ ඔබගේ සැමියා හෝ බිරිඳ සමඟ පැටලිල්ලක් ඇති වෙන්න අවස්ථාව උදා වෙනවිට ම මේ අවුරුදු 10 සිහියට ගන්න. මතක තබා ගන්න ඒ අවුරුදු 10 ඔබට හිමිවන්නේ ඔබ ඉහත අවශ්‍යතා සැපුරුවොත් පමණයි. ඒ කියන්නේ වයස අවුරුදු 25න් විවාහ වී දෙදෙනාම වයස අවුරුදු 75 වනතුරු ජීවත් වුනොත් පමණයි. ඔය කාලය එහා මෙහා වීමෙන් අර කාලය අවුරුදු 10ටත් වඩා අඩු වෙන්න පුළුවන් නේද?
මේ ගණනය කිරීම, දිනක් නිවසේ සිට කාර්යාල බලා එන අතරතුරේ මාත් මගේ සැමියාත් විසින් කරන ලද්දකි. ඒ ගණනයට පිං සිදු වන්නට පොඩි දෙයටත් මූණ එල්ලා ගැනීමේ මාගේ පුරුද්ද යම් දුරකට පහව ගොස් තිබේ යැයි දැන් දැන් මට සිතෙයි. විවාහ ජීවිතයේ ළදරු අවධියේදීම මෙවන් දෙයක් දැන ගැනීමට ලැබීම අපගේ වාසනාවක් යැයි මා හට සිතේ. එලෙසින්ම මේ ගණනය ඔබගේ ජීවිතයට කොතරම් දුරට අදාල දැයි මොහොතකට සිතා බලන්න.
මොනවා වුනත් ඉඳ හිටලා මාසයකට සැරයක් විතර උඩ කිව්ව කාරණා අමතක වුනාසේ කටයුතු කරන්නත් ඕනේ. එහෙම නොවුනොත් ජීවන ගඟ ගලා යන ආකාරය සෞන්දර්යාත්මක නොවේවි නේද?
****************************************************************************************
අද දින 28 වන උපන්දිනය සමරන මා දයාබර සැමියා හට උපහාරයක් ලෙසින් පළ කරන්නට යෙදුනෙමි.
සියක් ආයු ලැබ......... මගෙත් ආයු ගෙන......... මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!! කියලා කියන්නේ නැහැ.........
සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු.............. සංසාරෙන් අපි සමු ගන්නා දා ඒ ගමනත් අපි එකට යමු......... කියලා හැමදාමත් කියන්නම්...................
ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!

Subscribe to:
Posts (Atom)