Friday, July 29, 2011

30. මගේ කතාව - 1 - හන්තාන කඳුවැටියට ඇසළ සඳ පෑයූ රාත්රියක.........




හතරයි විස්සෙ සෙංකඩගල මැණිකෙ කොටුවෙන් පිටත් උනේ විනාඩි දහයක් පරක්කු වෙලා.අන්තිම මොහොතෙ දුවගෙන ආපු මම යන්තමට දොරෙන් ඇතුල්වුනා විතරයි. ඒ තරමට සෙනඟ. ඔෆිස් ඇරෙන වෙලාව නෙව, හැමදාම මෙහෙම ඇති, ඒත් මිනිස්සු තෙරපෙන එක, තදබදය කිසිදෙයක් මට දැනුනෙවත් නෑ: මගෙ හිත ඇතුලෙ කලබලය ඒ ඔක්කොටම ලොකුයි.

වේයන්ගොඩදි සෙනඟ ටිකක් අඩු උනා, යන්තමට ඔන්න ඇතුලට ගියා. පොල්ගහවෙලදි මට සීට් එකක් ලැබුණා. ජනේලයක් ළඟ. දැන් හවස හයහමාරයි, අඳුර ඈතින් පෙනෙන කඳුවැටි මතින් ගලාහැලෙද්දි දුම් රිය හෙමිහිට කන්ද නඟින්ට පටන් ගත්ත.

පිටත අඳුර ගුලි ගැහෙන හැටි, මඟ දෙපස ගෙවල්වල් විදුලි එළි එක සීරුවට පසුපසට ඇදීයන හැටි මම ඔහේ හිස් බැල්මෙන් බලා හිටිය. ඒ එකක්වත් මගෙ හිතේ සටහන් උනේ නෑ.

මගෙ ජීවිතයම ඒ දැඩිවන අඳුර මත රඟදෙන නාටකයක් වගෙ මට මැවිලා පෙනුනා.

අහ්....ඒ ඔක්කොටම කලින් මම කව්ද කියන්ට එපාය......මම අජන්ත......ඔව්,
සචිනිගෙ කතාවෙ අජන්ත......ඒ අජන්තම තමයි,

වෙහෙසකරව කඩුගන්නාව කන්ද නැඟපු දුම් රිය එතන ඉඳන් පේරාදෙණියට එක හැල්මේ දිව්ව. මම බැස්ස පේරාදෙණියෙන්.

වේදිකාවට පය තියනකොටම "අජන්ත මල්ලි, මම මෙහේ................" රංජිත් අයියගෙ හඬ ඇහුනම මට ආවෙ දරන්ඩ බැරි තරම් සතුටක්.

රංජිත් අයිය මා එක්ක අපේ කම්පනි එකේ කොළඹ ප්ර්ධාන කාර්යා.ලයේ වැඩ කලා අවුරුදු ගණනක්.මගෙ හොඳම මිත්රයය. ඒ වගේම ජීවිතේ හැම වැදගත් දේකදිම මගෙ උපදේශකය. මගෙ ගුරුවරය.මාස හයකට විතර කලින් අපෙ කම්පනි එකේම නුවර කාර්යාඹලයට මාරුවෙලා ආව රංජිත් අයිය දැන් පැණිදෙනියෙ ගෙයක් හදාගෙන ජානකී අක්කත් එක්කල ඉන්නව දෙයියනේ කියල.පැණි දෙනිය කියන්නෙ පේරාදෙනිය ස්ටේෂන් එකේ ඉඳල පයින් යන දුර.විනාඩි දහයයි.

" මල්ලි ත්රීේ වීලර් එහෙක යමුද?" ...............රංජිත් අයිය ස්ටේෂන් එකෙන් එළියට එන ගමන් ඇහුව.

" අනේ මොකටද අයිය......ඒ හැටි දුරක් නෑනෙ.......කයියක් ගහගෙන පයින් යමු ඔන්න ඔහෙ.........." ගේ හදන වැඩ ගැන කතා බහේදි පේරාදෙණියෙ ස්ටේෂන් එකේ ඉඳල ගෙදරට පයින් ගියත් විනාඩි දහයයි කියල රංජිත් අයිය කලින් කියල තිබ්බ මට මතක තිබ්බ.

පැණිදෙණිය කඩ මණ්ඩියෙ කඩේකට රන්ජිත් අයිය ගොඩ උනා." මල්ලි, සෝඩ නේද?........" ඒ උත්තරයක් බලාපොරොත්තුව ඇහුව ප්රනශ්නයක් නෙවෙයි.

" ඉතින් අජන්ත මොකෝ තනියම කෝ සචිනි?"

පාළු පාරෙ අපේ පියවර හඬ විතරක් ඇසුණු මිනිත්තු කීපයකට පස්සෙ රන්ජිත් අයිය ඇහුව.

මම මේ ආපු ගමන ඇත්තටම හදිසි තීරණයක්. අද උදේ ඔෆිස් එකේදි හදිසියෙම ගත්තු තීරණයක්.පහුගිය දවස් තුනක් තිස්සෙ විඳපු වචනෙන් කියන්ඩ බැරි තරම් දුක් වේදනා කන්දරාවකට පස්සෙ හිත සැහැල්ලු කර ගන්ඩය කියල හිතලම තමයි රන්ජිත් අයියට මම කතා කලේ.

ටෙලිෆෝන් එක එහා කෙළවරෙන් රන්ජිත් අයියගෙ කටහඬ මට ඇහුනු ගමන් මගෙ හිතට ආවෙ පුදුම සහනයක්.

" අජන්ත මල්ලි ඉතින් කොහොමෙයි?....කොහොමද විවාහ ජීවිතේ එහෙම?......හෙහ්, හෙහ්, "

" මම මේ කතා කලේ අයියෙ අද හවස කෝච්චියෙ මම අයියලගෙ ගෙදර එනව කියන්න.හෙට පෝය නිවාඩුවනෙ."

" අඩේ අන්න නියමයි, කාලෙකින් අපිට නිදහසේ කතාකරන්නත් බැරිඋනා.....උඹේ වෙඩිං එකෙන් පස්සෙ මම හිතන්නෙ අපි හම්බ උනේම නෑ.......හැබැයි ඔය කෝච්චියෙ සෙනඟ මල්ලි, සචිනිට ලේසි වෙන එකක් නෑ....ඇයි ඉන්ටර්සිටි බස් එකක වරෙල්ලකො දෙන්නම......."

" මම විතරයි අයියෙ එන්නෙ..............." මම ඒ ටික කිව්වෙ බොහොම හෙමිහිට.....ඇහෙන නෑහෙන ගානට,

" හප්පා......ඒ මොකෝ මල්ලි?..........හරි, හරි, ඒකෙන් කමක් නෑ උඹ වරෙන්කො මම පේරදෙණිය ස්ටේෂන් එකට ඇවිත් ඉන්නම් "

ඔන්න ඔහොමයි දවල් වෙච්චි කතාව............

" හරි අජන්ත, අපි ගෙදරට ගිහිල්ලම කතා කරමු " රන්ජිත් අයිය මගේ නිහඬතාවය නිසාදෝ කිව්වෙ මගෙ උරහිසට අතකුත් තියන ගමන්.

ජානකී අක්ක ඇවිත් හිටිය පාරටම....හිනා කටකුත් පුරෝගෙන..........

" අප්පේ අජන්ත මල්ලි දැකපු කාලයක්....යමු යමු දැන් මහන්සිත් ඇතිනෙ, හිටගෙනම ඇවිල්ල,"

" නෑ අක්ක, මට පොල්ගහවෙලදි සීට් එකක් හම්බ උනා "

" මල්ලි තේ එකක් බොනවද?................" ජානකී අක්ක ප්රාශ්නෙ ඇහුවෙ රංජිත් අයියගෙන්...

" හරි හරි හදන්නකො තේ එකක්....කෝකටත්....... අජන්ත බාත් රූම් එක අතන...වොෂ් එකකුත් දාගන්න එහෙනම්...." රංජිත් අයිය අන්තිම කොටස කිව්වෙ මට.

රංජිත් අයිය ගෙදර හදල තිබ්බෙ පොඩි කඳුගැටේක. උඩ තට්ටුවෙ සඳලු තලේට හන්තාන කඳුවැටිය පේන්නෙ අතින් අල්ලන පුලුවන් ගානට.

හෙට ඇසළ පෝය........හඳ එළිය හන්තාන කඳුවැටිය පුරාම විහිදිලා.කඳු මුදුනෙ ටෙලි කොම් කුලුණු දෙකට පිටිපස්සෙන් හඳ පායල. අහසෙ තරු දෙක තුනක් විතරක් පේනව, ඒත් බොහොම මලානිකව.

ගේ පහලින් දිවෙන පරණ ගම්පල පාර පාලුවට ගිහිල්ල. ඊට සමාන්තරව තියෙන බදුල්ල කෝච්චි පාර පැහැදිලිව පේන්නෙ සඳ එළියට රේල් පීලි දිලිසෙන හින්ද.

" මල්ලි මොකෝ සිරි නරඹනවද?..........ලස්සනයි නේද? " රංජිත් අයිය ළඟටම එනකල් මට ඇහුනෙම නෑ.

" වරෙං, වරෙං........වැඩේ පටන් ගමු.....හෙහ්, හෙහ්, "

අපි ආගිය විස්තර කතා කර කර වැඩේ පටන් ගත්ත.හෙඩ් ඔෆිස් එකේ අලුත් විස්තර මම කිව්ව. නුවර අපේ යාලුවන්ගෙ අලුත්ම විස්තර රංජිත් අයිය කිව්ව.

ඔහොම ටිකෙන් ටික කතා කරල අන්තිමට වෙන කතා කල යුතු යාලුවන්ගෙ ඔෆිස් එකේ දේවල් නැති තැනට ඇවිල්ල අපි දෙන්නම නිහඬත්වයේ වෙලිල මිනිත්තු කීපයක් ගත උනා.

" රංජිත් අයියෙ......." මම නිහඬ තාවය බින්දා.

" අජන්ත......කියපං, මල්ලි ප්ර ශ්නයක් තියේනම්, ඒක මට කියන එක උඹෙ හිතට සහනයක් කියල උඹට හිතෙනවනම්, මගෙන් මොනවහරි උදව්වක් ඕන කියල උඹට හිතෙනවනම්, මට ඒ උදව්ව කරන්ඩ පුළුවන් කියල උඹට හිතෙනවනම් මට කියපං"

ජානකී අක්කත් ඇවිල්ල වාඩිඋනා........

මම අක්ක දිහා බලල හිනාවෙලා ආයෙම රංජිත් අයිය දිහාවට හැරුන.

" සචිනි මාව දාල ගියා අයියෙ" මම ඒ ටික කිව්වෙ පපුවෙන්ම එන වේදනාව දරාගෙන. ඒ කරල මම වීදුරුව පුරව ගත්ත.

මතු සම්බන්ධයි...............

39 comments:

  1. එහෙනම් අජන්තගෙ පැත්තෙනුත් කතාව අහලා ඉමුකො. මෙච්චර දවසක් අපිත් එයාට බැන්නා විතරයිනෙ. හොඳක් කිව්වෙ නෑනෙ. සමහර විට එයාගෙ පැත්තෙන් එයා සාධාරණ ඇති.

    ReplyDelete
  2. මට සචිනිගේ කතාව මග ඇරිල.. ඔක්කොටම කලින් ඒක කියවල එන්නම්...

    ඒත් එක දෙයක්... හැම ප්‍රශ්නෙටම උත්තරේ විදුරුව පුරවගන්න එක කියල ඇයි මිනිස්සු හිතන්නෙ..

    ReplyDelete
    Replies
    1. වීදුරුවක් පුවරගෙනම කල්පනා කරන්ට වටින පුරස්නයක්!!

      Delete
    2. ප්‍රියන්ත,

      අන්න මල්ලි උඹට තේරෙනව වැඩේ, දාපං පහක්...Cheers!!! හෙහ්,හෙහ්,

      Delete
  3. සචිනි ඉන්නකං දැනුනෙ නැතිවුනාට දැන් අජන්තට දැනෙනවා වගේ සචිනිගෙ අගේ.. ඕක ගැන කල්පනා කරන්න තිබුනෙ මීට කලින්, ප්‍රශ්නෙ දුරදිග යන්න කලින්..

    ReplyDelete
  4. සචිනිගෙ කතාවයි මගෙ කතාවයි දෙකම බැලුව.

    ReplyDelete
  5. //උඩ තට්ටුවෙ සඳලු තලේට හන්තාන කඳුවැටිය පේන්නෙ අතින් අල්ලන පුලුවන් ගානට. හෙට ඇසළ පෝය........හඳ එළිය හන්තාන කඳුවැටිය පුරාම විහිදිලා. කඳු මුදුනෙ ටෙලි කොම් කුලුණු දෙකට පිටිපස්සෙන් හඳ පායල. අහසෙ තරු දෙක තුනක් විතරක් පේනව, ඒත් බොහොම මලානිකව. ගේ පහලින් දිවෙන පරණ ගම්පල පාර පාලුවට ගිහිල්ල. ඊට සමාන්තරව තියෙන බදුල්ල කෝච්චි පාර පැහැදිලිව පේන්නෙ සඳ එළියට රේල් පීලි දිලිසෙන හින්ද.//

    රන්ජිත් ගෙදර හදලා තියෙන්නේ ලස්සන තැනකනේ. කවි ලියන්ට අපුරු තැනක්. කවි සංකල්පනා පහල වෙනවා වගේම කතා ගොතන්ටත් කදිම තැනක්. මට මැවිලා පෙනෙන්නේ මේ කතාව කියන කෙනාගේ ගෙදර කියලයි.

    අජන්තගේ කතාව අහලා ඉමු. දුකයි තමයි. ඒ උනාට ලස්සන කතාව.

    ReplyDelete
  6. මාත් නම් ආස නැහැ කොන්ද පණ නැති පිරිමින්ට.තරහා වෙන්න එහෙම එපා මෙහෙම කියනවට , කසාද බඳින්න කලින් බඳින කෙනා ගැන තේරුම් ගන්න ඕනනේ. ඒ නිසා සචිනි අජන්තව දාලා ගිය එක පුදුමයක් නෙවේ.

    ReplyDelete
  7. මමත් කාලයක් නුවර බෝඩිං වෙලා හිටියා . මගේ ඒ පරණ මතකය අලුත් වෙන රවී අයියගේ මේ මේ කතාව උදවු වුණා . දැන් ලංකාවේ නේද ඉන්නේ .?

    කෙල්ලගේ පැත්තෙන් කතාව බලනවාට වඩා කොලූගේ පැත්තෙන් කතාවට යන්න මම කැමතියි .රවී අයියා දෙපැත්තම හිතලා නියමෙට ලියලා තියනවා . ඉක්මනට ලියන්න .. නැත්තං අමතක වෙනවා ..

    ReplyDelete
  8. ආහ්, මම බලන් හිටියෙ රවි අයිය අජන්තගෙ කතාව අරගෙන එනකල්. තාම මුකුත් අදහසක් ගන්න බෑ නෙ. බලමුකො කියවල. කතාව නම් ගොඩක් ලස්සනයි.

    ReplyDelete
  9. හොදයි අපි අජන්තගේ කතාවත් අහලා ඉමුකෝ.
    දැනට නම් හිතෙන්නේ සචිනි හරි කියලයි.

    ReplyDelete
  10. වෙනද වගේම කතාව ලස්සනයි අයියෙ. අපි අජන්තගෙ කතාවත් අහල බලමුකො. තම මුකුත් කියන්න බෑ නෙ.

    ReplyDelete
  11. මල් හතයි.. ඕං නියම හරිය. ඒත් අපි කවුද කාගෙවත් ජීවිත හරිද වැරදිද කියන්න, අපේ ඒව වත් හරියට තේරුං නොගත්තකොට.......... ඒක හන්ද මං කට වහං ඉන්නං පිලේ ඇණ තියාගෙන ගෙට ගොඩනොවී.

    ReplyDelete
  12. කාලෙකට පසුව මේ පැත්තට ගොඩවුනේ.

    කතාවේ චේන් එක ඇද්ද වගේ වුනත්, කෝච්චියේ උඩරට පැත්තට එක්කන් ගිය එකත් ලොකු වෙනසක්. මේ දවස්වල මේ පැත්තේ කට්ට එතරම් සුපිරියි, එහෙත් එහෙම වෙන්න ඇති නේද රවී.

    ReplyDelete
  13. අහ්....ඒ ඔක්කොටම කලින් මම කව්ද කියන්ට එපාය......මම අජන්ත......ඔව්, සචිනිගෙ කතාවෙ අජන්ත......ඒ අජන්තම තමයි,
    ක කතාවේ ගලායාමට බාදාවක්..
    ඒ ටික අයින් කල නම් හොඳයි මගේ හිතේ.. දැන් ඉතින් අදහස් කියන්න හදිසි නොවී මන් බලන් ඉන්නම් ඉතිරිය එනකල්..

    ReplyDelete
  14. නොගැලපෙන විවාහයක් !

    ආදරේ ගැන පමණක්ම සිතා , සිය පවුල සහ බිරිඳගේ පවුල තුල අජන්ත-සචිනි යුගලයේ පෑහීම උන් දෙන්නා විසින්ම නොසිතා කරගන්නා ලද වෑරදි විවාහයක්...

    එහෙමයි මට හිතෙන්නේ....

    ReplyDelete
  15. @ පිණිබිඳු,

    අන්න හරි නංගි, වරදකරුය කියල සැකයකින් තොරව ඔප්පු වන තුරු කිසිවකු වරදකරුවකු නොවේ කියලත් කියමනක් තියනවනෙ...නේද?

    ReplyDelete
  16. @ sansarasidu,

    / ඒත් එක දෙයක්... හැම ප්‍රශ්නෙටම උත්තරේ විදුරුව පුරවගන්න එක කියල ඇයි මිනිස්සු හිතන්නෙ../

    අපොයි, මෙතන එහෙම දෙයක් කොහෙත්ම උනේ නැහැ මල්ලි, කාලෙකට පස්සෙ හිත මිත්‍රයො දෙන්නෙක් හමු උනහම පොඩි අඩියකට සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වැඩේ ප්‍රශ්න වලට පිළිතුරක්ය කියල වත්, හොඳ දෙයක් කියල කියන්ඩ වත් මම හීනෙකින් වත් හිතුවෙ නෑ,

    ReplyDelete
  17. @ Buratheno,

    මල්ලි හරි වෙන්නත් පුළුවන් මල්ලි, අපි බලමුකො අජන්ත මොනවද කියන්නෙ කියල...........හෙහ්, හෙහ්,

    ReplyDelete
  18. @ චේජනා,

    ස්තූතියි නංගි,

    ReplyDelete
  19. @ Podi Kumarihami,

    / මට මැවිලා පෙනෙන්නේ මේ කතාව කියන කෙනාගේ ගෙදර කියලයි. /

    අනෙ අම්මප මැඩම් සාස්තර කියන්ටත් දන්නව නෙව......හරියටම හරි,......ෂෙහ්, හඳ පායපු දවසට වැස්ස එහෙම නැත්නම් කියල වැඩක් නෑ........ඇස් දෙකෙන් දකින්ටම ඕනෙ.......

    බොහොමත්ම ස්තූතියි පොඩ්ඩි, හැමදාමත් ඔබේ අගය කිරීමට......

    ReplyDelete
  20. @ neetha,

    / කසාද බඳින්න කලින් බඳින කෙනා ගැන තේරුම් ගන්න ඕනනේ. /

    කතාව ඇත්ත නංගි, එහෙම තමයි කෙරෙන්න ඕන, ඒත් ඔය විදිහට නොකෙරෙන එක නෙව පුරස්නෙ.....කසාද බඳින්ට කලින් කොහොම වෙතත් බැඳල අවුරුදු 15,20 කිසිම ගැටුමක් නැතුව හිටපු පිරිමි එක පාරටම ගෑණු දාල යනව, ඒ වගේම ගෑණු පිරිමි දාල යනව.....ඔය වගෙ දේවල් අනන්ත සිද්ධ වෙනව.....මිනිස් හිත කියන එක මහ පුදුමාකාරයි නංගි.....

    ReplyDelete
  21. @ හිස් අහස,

    අප්පට සිරි, උඹ නුවරත් හිටියද මලේ?......

    මේ දවස්වල මම ගෙදර ඇවිල්ල ඉන්නෙ මල්ලි.....

    ස්තූතියි සඳරු......උඹ කැමති කොල්ලගෙ පැත්තෙන් කතාව කියනවට නේද?.......හරි, හරි, ප්‍රශ්නයක් නෑ.........අජන්තගෙ කතාව අහන්නකො එහෙනම්,

    ReplyDelete
  22. @ dinu89

    ස්තූතියි දිනූ, කියවලම බලන්නකො.......

    ReplyDelete
  23. @ නිල් අහස,

    ඉවසන්න...ඉවසන්න......අජන්තට කතාව කියන්න දෙන්න.....

    ReplyDelete
  24. @ කසුන්,

    ස්තූතියි කසුන්.........අන්න හරි.....කතාව බලලම ඉන්න...

    ReplyDelete
  25. @ nawammawatha,

    / ඒත් අපි කවුද කාගෙවත් ජීවිත හරිද වැරදිද කියන්න, අපේ ඒව වත් හරියට තේරුං නොගත්තකොට........../

    හරියටම හරි නවම්....." අනුන් විනිශ්චය කිරීමට පෙර තමන් විනිශ්චය කිරීමට උත්සාහ කරන්න" ......මෙහෙම කිව්වෙ කවුද දන්නවද?

    නඩු කාරය නඩු විබාගෙ අවසානෙ මෙහෙම ඇහුවලු විත්තිකාරයගෙන්...." යුෂ්මතා මෙම මංකොල්ලය සිදුකර ඇති බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වන බැවින් දඬුවම් නියම කිර්‍රිමට පෙර කිවයුතු යමක් තිබේද?"

    ඒ වෙලාවෙ අර විත්තිකාරය තමයි ඔහොම කියල තියෙන්නෙ,

    ReplyDelete
  26. @ ගල්මල්-Coral

    මම නම් තාවකාලිකව කට්ටෙන් බේරිලා..... ඩීන්....හෙහ්, හෙහ්,...... on vacation,

    ReplyDelete
  27. @ සරත් ලංකාප්‍රිය,

    ස්තූතියි සරත් ඔබේ අදහස් දැක්වීමට....

    ReplyDelete
  28. @ ජීවිතේ මල්,

    ස්තූතියි ජීවිතේ මල්,ඔබේ අදහස් දැක්වීමට........විවාහයක් නොගැලපීමට නොයෙක් හේතු තියෙන්න පුලුවන්.......

    ReplyDelete
  29. හරි ඔන්න අපි අජන්තටත් ඇහුම් කන් දෙමුකෝ. හරියට ''නිමල් හතුරුසිංහ '' ටත් කියන්න කතාවක් තිබුන වගේ අජන්තටත් ඇතිනේ කියන්න දේවල් . බැලුවම එයත් මනුස්ස පරානයක්නේ . දැන් අපේ ගල් මුල් වලට වෙච්ච තුවාල වලට බේත් දාගත්තේ පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන්ද ...නුවර මහා රෝහලෙන්ද . ප්‍රශ්නේ උග්‍ර වෙන්න කලින් රන්ජිත් අය්යව හම්බවෙන්න තිබ්බේ .

    ReplyDelete
  30. ඒ පාර ඔක්කොම මෙගා ලියන්ට පටන් අරන්නේ... ඉක්මනට දාන්ටකෝ ඉතුරු ටික!!!!!

    ReplyDelete
  31. සචිනිගේ කතාව කියවන කොට නම් අජන්ත එක්ක හරි තරහක් දැනුනේ. ඒත් බලද්දී අජන්ත ත් සචිනි නැතුව දුකෙන් නේ ඉන්නේ. බලමු එයාගේ පැත්තත් අහලා.
    ඉක්මනට ඉතුරු ටික ලියයි කියල හිතනවා.

    ReplyDelete
  32. @ Bindi,

    කතාව ඇත්ත......ඕනම කෙනෙකුට අවස්ථාවක් දෙන්න ඕන තමන්ගෙ පැත්තෙන් කථාව කියන්න....ඒක අපි පිළිගන්නවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.....

    ReplyDelete
  33. @ Maneka,

    දාන්නම්....දාන්නම්, මේ ටිකේ ටික වෙන්න බිසී අප්ප...ඒකයි,

    ReplyDelete
  34. @ අමා,

    ඒකනෙව.......එහෙම එක පාරට තිරණ ගන්න එපා....හොඳද?.....ඉතිරියත් ඉක්මනට ලියන්නම්.

    ReplyDelete
  35. නියමයි....අපි සචිනිගෙ කතාව කියවලා..සචිනිගෙ හිත දැක්කා...අජන්ත මහ නපුරෙක් අන්තවාදියෙක් කියලා අජන්තව හංවඩු ගැහුවා...ඇත්තෙන්ම විය යුත්තේ මෙයයි...අපි කිසිවක් කීවට පෙරම දෙපාරශවයම දැකිය යුතුයි...එය වචන දෙක තුනකින් කීවාට වඩා කතන්දර දෙකකින් කීවාම හරිම තදින් හිතට වැදුනා...

    ReplyDelete
  36. @ මකුළු පැංචි,

    ස්තූතියි මකුළු........බොහොමත්ම ස්තූතියි....

    ReplyDelete
  37. රවි මේ කතා ලියන විදිහ නම් මරේ මරු.

    මම හිතන්නෙ මේක ලිව්වෙ රවි

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...