සචිනිගේ කතාව - 1
සචිනිගේ කතාව - 2
සචිනිගේ කතාව - 3
ජීවිතේ පහුවදා ඉඳල ආයෙම සුපුරුදු විදිහට හැලහොල්මනක් නැතුව ගලාගෙන ගියා. එහෙම කියන එකත් එක අතකට වැරදියි. මතුපිටින් නිසංසලේ ගලා යනව වගෙ බැලූ බැල්මට පේන දිය පාරක ඇතුලෙ මොන තරම් දිය සුලි වගෙ එව්ව තියෙන්ඩ පුලුවන්ද? ඇහැට නොපෙනි........... ජීවිතෙත් ඊට කිසිම වෙනසක් නෑ.අළුයට ගිනි පුපුරු වගෙ කොයි වෙලාවෙ මතු වෙයිද කියන සැකය සචිනිගෙ හිත ඇතුලෙ හොල්මන් කලා.
මේ කාලෙ ඇතුලත සචිනි දැඩි උත්සාහයක් ගත්ත තමන්ට මුහුණ දෙන්නට සිදුවුනු ප්රශ්න දිහා යථාර්තවාදීව බලන්ට. ඒ කියන්නෙ පක්ෂග්රාහී නොවී.ප්රශ්නෙ කොටස් කාරයන් වන අජන්ත සහ සචිනිගෙ ඇහින් නැතුව අපක්ෂපාතී තුන්වැන්නෙකුගෙ ඇහින්.ප්‍රශ්නයක් විසඳගන්ට කොහොම වෙතත් ප්රශ්නය තේරුම්ගන්ට හුඟක්ම වැදගත් ඒ ක්රම වේදය සචිනිට කියල දුන්නෙත් අප්පච්චි.
" මයෙ පුතේ, මොකක් හරි ප්රශ්නයක් තේරුම් ගන්න හොඳම ක්රමය තමයි ප්රශ්නයට සම්බන්ධයක් කොහෙත්ම නැති තුන්වැන්නෙකුගෙ ඇහින් ප්රශ්නය දිහා බලන්ට ඉගෙන ගන්ට.ඒකෙන් ඇත්තටම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්ට පුලුවන්. ඒත් අඩුම ගානෙ ප්රශ්නෙ ඇත්ත ඇති සැටියේ තේරුම් ගන්ට වත් ලැබෙනවනෙ. ඒකත් ලොකු දෙයක්. මොකද? පුතා හොඳට හිතේ තියාගන්ට ප්රශ්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගත්තයි කියන්නෙ සීයට පණහක් ප්රශ්නෙ විසඳිලා" ඔන්න ඔහොමයි අප්පච්චිගෙ වචන වලින්ම. ඔහොම අප්පච්චි කිව්වෙ ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරියකගෙන් සචිනිට වෙච්ච අසාධාරණයක් ගැන සචිනි බොහොම කලකිරිල හිටපු වෙලාවක.අප්පච්චි එහෙම කිව්වෙ සචිනිව දකුණු අතින් වැළඳගෙන වමතින් හිස පිරිමදින ගමන්.සචිනි ඒ වෙලාවෙ ඉකිගගහ හැඬුව නම් තමා.ඒත් ජීවිතේටම අමතක නොවන පාඩමක් ඒ වෙලාවෙ අප්පච්චිගෙන් ඉගෙන ගත්තෙ.ඊට පස්සෙ කවදාවත් සචිනි නෙවෙයි කිසිම ප්රශ්නෙකදි ආවේගශීලී උනේ.
ඉතින් සචිනි කලේ ඒ විදිහට කරපු එකයි. තුන්වැන්නෙක් මේ ප්රශ්නෙ දිහාවෙ බලන විදිහට බලන්ට උත්සාහ කරපු එක.
තුන්වැන්නෙකුට නම් ඇත්තටම සචිනිගෙ හිතේ පොදිකන සිතුම් තේරුම් කරල දෙන එකත් එච්චර ලේසිවෙන එකක් නෑ. සචිනිට එහෙම හිතුනා. ඇත්තටම විවාහ වුනු යුවතියකට මුහුණ දෙන්න සිදුවන ප්‍රශ්න හැටියට මේවත් ප්‍රශ්නද කියල හැමෝටම හිතෙයි නේද?මම කොහොමද මගෙ හිතේ වේදනාව තව කෙනෙකුට තෙරුම් කරල දෙන්නෙ?
විවාහය කියන්නත් ජීවිතේ අනික් හැමදෙයක් වගේම සාමූහික වගකීමක්ය කියන එක සචිනිට අමුතුවෙන් කියාදෙන්න ඕන කමක් තිබුනෙ නෑ. ඒ වගේ ම යම් කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න ඕනය කියලත් ඈ නොදැන හිටියම නෙවෙයි.ඒත් ඇත්තටම සචිනිට විසඳ ගන්න බැරිවුනු ගැටළුව තමයි මේ කැපකිරීම් වල අවසානය කොතනද කියන එක.
මේ කැපකිරීම් වල අවසානය කියන්නෙ මට මාවම අහිමි වෙන එකද? එහෙම නැත්නම් අන්තිමට සචිනි වෙනුවට නන්නාඳුනන යුවතියක් ඉතිරි වෙයිද? මේ විදිහට හිතන එකත් එක අතකට සචිනිට මහම කරදරයක් උනා. ඒත් දෙයියනේ මොනව කරන්නද? හිතට හිතෙන හිතුවිලිය කියන එව්ව වලක්වන්නෙ කොහොමද?
අජන්ත ආයෙම ඒ කිසිම දෙයක් ගැන සචිනි එක්ක වචනයක් වත් කතා කලේ නෑ.ඒ ගැනත් එක අතකට සචිනි සතුටු උනාට ආයෙම කතාකරල තමන්ගෙ අවංක අදහස් ප්‍රකාශ කරල මොකක් හරි තීරණයකට එන එක මෙහෙම කසාය බීපු ගොලුවො වගෙ ඉන්නවට වඩා හොඳයයි කියලත් වෙලාවකට නොහිතුනාමත් නෙවෙයි.
ඔය අතරෙ දවසක අම්මයි අප්පච්චියි ආව ඉරිදාවක. දවල්ට කාල එහෙම ඉවර වෙලා හවස් වෙන්ඩ කිට්ටු කරලයි ඒ දෙන්න ගියේ.
අම්මනම් බොහොම සතුටෙන් අජන්තලගෙ අම්ම එක්ක තොර තෝංචියක් නැතුව කතා කලාට අප්පච්චි කීප වතාවක් සචිනිගෙ ඇස් දිහා එක එල්ලේ බලල යමක් තේරුම් ගන්න උත්සාහ කරනව කියල සචිනිට හොඳින්ම තේරුම් ගිය නිසා සචිනි පුලුවන් හැම වෙලාවෙම අප්පච්චිගෙ ඇස් මඟ ඇරියා.
අන්තිමට දෙන්න යන්න පිටත් වුනාම සචිනිත් ඒ එක්කම ගේට්ටුව ළඟට ගියා.ගේට්ටුව ගාවදි අප්පච්චි ආපහු හැරිල සචිනිගෙ අත්දෙක අල්ලගෙන මෙහෙම කිව්ව " මයෙ පුතේ, පුතාට මොනවත් ප්රශ්නයක් තියනවද කියල මම අහන්නෙ නෑ. ඒත් හැම ප්රශ්නෙකටම විසඳුමක් තියෙනව කියන එක විතරක් අමතක කරන්න එපා.අනික ජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර නොවෙනව වගේම අපි හිතන තරම් අසුන්දරත් නෑ. අන්න ඒ ටික අමතක කරන්න එපා. ඒ වගේම මයෙ පුතාට මම ඉන්නව. ඒකත් හිතේ තියාගන්න"
“ මොනවද මේ කියන්නෙ, මට නම් තේරෙන්නෙ නෑ. ඔයා මේ මොනව කියනවද කියල. දුවට මොනවද තියන ප්රශ්න? අජන්ත කොච්චර හොඳ ළමයෙක්ද?, සුන්දරත් නෑලු අසුන්දරත් නෑලු, අනේ මන්ද, ඔයා ඔය ඔයාගෙ පොත් වල ලියන එව්ව කියල මේ ළමයගෙ ඔලුව නරක් කරන්න එපා. මට නම් තේරෙන්නෙ නෑ මොනව කියනවද කියල ’’ අම්ම කියාගෙන කියාගෙන ගියා. අම්මගෙ හැටි එහෙම තමයි.
“ ඔයාට නොතේරුනාට කමක් නෑ. මම ඒ ටික කිව්වෙ ඔයාට නෙවෙයි ’’ අප්පච්චි සුපුරුදු නිවුණු හඬින් කිව්ව.
“ නෑ අප්පච්චි,, එහෙම මොකවත් නෑ “ සචිනි කිව්වෙ කඳුළු උනන්නට තැත් කරන දෑස් කීප වරක් තදින් අතැඟිලි වලින් පිරිමදිමින්.
අප්පච්චි ආයෙම පාරක් සචිනි දිහා බලල දෙතුන් පාරක් හිස දෙපසට වනල සුසුමක් හෙලුව.අප්පච්චි ගේට්ටුවෙන් පිටවුනු ගමන්ම සචිනි ගේට්ටුව වහල ආපහු හැරුන.
ඔන්න.....ඊයෙ දවස.......
අප්පච්චිගෙ ලිවීමේ හැකියාව සචිනිටත් පිහිටල තිබ්බ. ඒත් ඒ කවි ලියන්ට.
වයස පහලව වගෙ කාලෙම ඈ ලියාපු පෙම් කවියක් මුල් වරට පත්තරේක පළවුනා. ඒක ඉස්කෝලෙ මහත් ආන්දෝලනයක් උනාට, සචිනි සත පහකටවත් ගනන් ගත්තෙ නෑ. අම්ම නම් කිව්වෙ " මොනවද ළමයො, මේ ලියල තියෙන විකාර?" කියල විතරයි.
සචිනිට ගොඩක්ම වැදගත් උනෙ අප්පච්චි කියන්නෙ මොකක්ද ? කියන එකයි,
හැබැයි අප්පච්චි මොනවත්ම කිව්වෙ නෑ, ආඩම්බරෙන් වගෙ මද සිනහවකුත් දෙතොල රඳවාගෙන සචිනි දිහා ටික වෙලාවක් බලන් ඉඳල දකුණතේ මහපට ඇඟිල්ල උස්සල අනික් ඇඟිලි හතර නවාගෙන සචිනි දිහාට දිගු කලා. ඊට වැඩි දෙයක් සචිනිට ඕන උනෙත් නැහැ.ඒ ටික මදෑ ඕනවටත් වැඩිය.
ඉතින් සචිනි ජීවිතේ හැම සිදුවීමක්ම..... සතුටක්... දුකක්...... එහෙම නැත්නම් හිතට නොසෑහෙන ආවේගයක් ආපු හැම වෙලේම කලේ හිතේ තෙරපෙන පොදිකන හැඟීම් අකුරු බවට හරවල..... ඒ අකුරු පද බවටත්....... ඊටත් පස්සෙ පද පදවැල් බවටත් හරවල........ පදවැල් සුදු කඩදාසි මතට හෙමින් සැරේ අමුනපු එක. ඒක ඇත්තටම හිත නිදහස් කරන විරේකයක් වගෙ සචිනිට.
ඔය යන්ත්ර සූත්ර වල තියෙනව පීඩන යාමන කපාටය ( Pressure releasing valve ) කියල එකක්. ඔරොත්තු නොදෙන තරමට පීඩනය ඉහළ ගියහම ඉබේම ඒ කපාටය විවෘත වෙලා වැඩි පීඩනය නිදහස් කරනව. නැත්නම් අනිවාර්යයෙන් යන්ත්රය පුපුරල විනාශ වෙලා යනවා.
සචිනිගෙ මේ පීඩන යාමන කපාටය උනේ කවි ලිවීම.
හිතේ පිරිල ඉතිරිලා යන හැඟීම් කොලේකටවත් වත් කලොත් හිතට ටිකක් හරි සැනසුමක් ඒවිය කියල හිතල, සචිනි මේසෙ ඉඳගත්ත, දවල්ට කාල අස් පස් කරල දාල එහෙම.
ඇරල තිබුනු කව්ළුවෙන් පෙනෙන අඹ ගහේ කොල අතර සුළඟ රහස් කිය කිය සක්මන් කරනව විඩෙන් විඩේ. ඔලුව උස්සල ඒ දිහා බලන අතරෙම සචිනිගෙ හිත එළියට පැන්න අකුරු වෙලා....... අකුරු එකිනෙකා පස්සෙ දුවල පේළි හැදුන......... පේළි එකින් එක පිළිවෙලට හරි බරි ගැහිල සුදු කොලේ උඩ හරහ වැටිල තැන්පත් උනා.
සෙනෙහස අමාදිය පතමින් පැමිණියෙමි,
සඳවත සිහිල විඳිනට නිති පැතූයෙමි,
විහඟුන් ගයන ගී පද මැද නඳුනුයනේ,
ඔබ සුරතේ වෙලී ඇවිදිමි සිතූයෙමී,
සිහිලස සිඳීගිය කතරකි නෙත ගැටුනේ,
සඳවත දකින්නට නැත මේ අමාවකේ,
විහඟුන් නඳුනුයන් අත්හැර පළාගියේ,
සුරතින් ඔබේ මා අතැඟිලි ලිහීගියේ,
ජීවිත ගමන සිත් රිදවන කල මෙලෙස,
කෙලෙසක එකම මඟ යන්නෙද අප දෙදෙන,
විකසිත වුනේ කුසුමක් මුකුලිත වෙන්ට,
සෙනෙහස කුමක්දැයි සොයනෙමි මම තවම,
හවස සචිනි අම්ම එක්ක ඉවුම් පිහුම් වැඩ එහෙම අහවරයක් කරල, කාමරේට යනකොට අජන්ත මේසෙට හේත්තු වෙලා, සචිනි දවල් අකුරු කරපු සිතුවිලි පෙල කියවනව.
සචිනි කාමරේට ඇතුල් වෙනකොට ඔලුව උස්සල බැලුවට යන්තමට හිනාවක්වත් ඒ මුහුණෙ තිබුනෙ නම් නැහැ......... ආයෙම කවිපෙල කියවන්න ගත්ත........
සචිනි ගිහිල්ල ඇඳේ ඉඳගත්ත. කතාබහක් නැති නිශ්ශබ්දව ගෙවුනු සෑහෙන වෙලාවකට පස්සෙ අජන්ත ඇවිල්ල සචිනිගෙන් ඈත්ව ඇඳේ පල්ලෙහා කෙළවරේ ඉඳගත්ත.
“ අර මොනවද අර ලියල තියෙන්නෙ? “
අජන්ත ඇහුවෙ ඔලුවෙන් මේසෙ දිහාව පෙන්නනමින්.
“ කවි......... ‘’ සචිනි හිතාමතාමයි කෙටියෙන් උත්තර දුන්නෙ......
“ කවි කියල මටත් පේනව, මොකටද ඒව ලිව්වෙ කියලයි මම අහන්නෙ, “
“ කවි ලියන්ට ඉතිං මට හේතුවක් ඕනම නෑ, අජන්ත....... මට හිතුන මම ලිව්ව,......අනික මම ඒ දවස්වල ඉඳම්ම කවි ලිව්ව කියල ඔයත් දන්නවනෙ “
“ ඒක හරි, මම අහන්නෙ මේ අද ලියල තියෙන කවි ගැන........හරි එව්වයින් වැඩක් නෑ...........මම කෙලින්ම කියන්නම්කො...... මම කැමති නෑ ඔයා මීට පස්සෙ කවි ලියනවට,......”
“ .................................... “
සචිනි ගේ නිශ්ශබ්දතාවය ඉවසන්ඩ බැරුවද කොහෙද අජන්ත ආයෙම කතාකලා.
“ මම කියපු දේ ඇහුනද? “
“ ඇහුනා “
“ ඉතිං? “
“ මම මේ ඒ ගැන තාම හිතනවා,........නෑ.........ආයෙ හිතන්නෙ මොනවද? මට ඒක කරන්න බෑ අජන්ත.........කවි ලියන එක මට විනෝදයක්........සැනසීමක්........ඒ ඔක්කොටම වඩා ජීවිතේ පීඩනය පිට කරන, සැහැල්ලු කරන ක්රමයක්.......ඇත්තටම විරේකයක්,”
කැප කිරීම් කියන එකෙත් සීමාවක් තියෙන්න ඕන ; එහෙම නොකිව්වට සචිනි එහෙම හිතා ගත්ත.
“ එහෙමද?.......ඒකද ඔයාගෙ අන්තිම තීරණය? “ අජන්ත ඇහුවෙ වචන වලින් දමා ගසමින්.
“ ඔව්.......” සචිනිත් දෙවරක් නොහිතාම උත්තර දුන්න.
“ හරි......බලමුකො......” අජන්ත එක පාරටම නැඟිට්ට. සචිනි දිහාවෙ ටික වෙලාවක් බලා හිටිය. සචිනිත් අජන්තගෙ මූණ දිහාවෙම බලා හිටිය එක එල්ලේම.
“ Shit “ දත්මිටි කාගෙන එහෙම කිව්ව අජන්ත කාමරෙන් පිට උනා.
සචිනි එහෙම්මම හිටිය ගොඩාක් වෙලාවක්. එක ඉරියව්වෙම....එහෙමම ඉඳල කොන්ද කැක්කුම් අල්ලනකොට එහෙම්මම කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කරල ඒකට හේත්තූනා.
එදා රෑට සචිනි කෑවෙ නෑ.....” පුතේ අර ළමය..........” .කියල අම්ම අහනව ඇහුන. අජන්ත මොනවද හෙමිහිට කියනව ඇහුන මිසක් කිව්වෙ මොනවද කියල සචිනිට ඇහුණෙ නෑ.
මහ විසාල හිස් බවකින් ජීවිතේම පිරිල ගිහිල්ලය කියන හිතුවිල්ල බර ගල් ගෙඩියක් වගේ ඔලුව, හිත.......මුලු සරීරය පුරාම හිරවෙලා වගෙයි සචිනිට දැනුනෙ.
රෑ මැදියමේ සචිනිට ඇහැරෙනකොට අජන්ත අනික් පැත්ත හැරිල නිදි. බඩගින්නක් තිබුනත් වතුර වීදුරුවක් බීල ආපහු නිදාගත්ත සචිනි.
ඒ ඔන්න ඊයෙ......වෙච්ච දේවල්,
මේ අද..........අජන්ත පිටත් වෙලා ගියාට පස්සෙ, සචිනි හුඟක් වෙලා ඇඳේම ඉඳගෙන කල්පනා කලා.
යථාර්ත වාදීව...........අපක්ෂපාතව, සාධාරණව............තුන් මසක විවාහ ජීවිතයේ සිද්ධ වුනු හැම දෙයක්ම හිතල...........
අවසන ඈ සියලුම සිද්ධීන් අපක්ෂපාතව ගැඹුරින් කල්පනා කොට තීරණයකට එළඹියාය.................මෙම තීරණය කිසිසේත් පහසුවෙන් ගන්නා ලද තීරණයක් නොවූ අතර මෙම තීරණය හේතු කොටගෙන ඇගේ ඉදිරි අනාගතය කුමන අයුරක් වේද යන්න පවා අවිනිශ්චිත වූවද, ඒ කුමන තත්වයකට වුවද නොබියව මුහුන දෙන්නෙමැයි යන දැඩි අදිටනින් යුත්ව සචිනි තීරණයක් ගත්තාය.
In Life more often than not, you have to take decisions that may in all probability alter your life forever; drastically and irreversibly. In retrospect you may regret that decision everyday for the rest of your life...............
But you can do nothing whatsoever about it...........it’s your destiny; you have to accept whatever there in store for you with a smile on your face......A smile that may really be full of pain............
But you can do nothing whatsoever about it...........it’s your destiny; you have to accept whatever there in store for you with a smile on your face......A smile that may really be full of pain............
අනේ මන්දා
ReplyDeleteරන්දිකා මේකෙ ෆොන්ට් වල පාට වෙනස් කරනවද කියවන්න අමාරුයි....
ReplyDeleteආදරේ කරලා විවාහ වෙන්නෙ දෙන්නගෙම කැප කිරීම් බලාපොරොත්තුවෙන්. ඒත් මේ තරම්ම ගැහැණියම ඇයි කැප වෙන්න ඕනෙ පවුල් ජීවිතය වෙනුවෙන් පිරිමියා ගල් වෙලා ඉඳිද්දි. ඕනෙ මගුලක් කියලා දමලා ගහල යන්නත් බෑ. අයියෝ... මට නම් බැරුවා ඕවා ඉවසගෙන ඉන්න.
ReplyDeleteදැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්වැනියෙක් හොයාගන්න එක තමා ලොකු ප්‍රශ්නේ. හිතවත් කෙනෙක් වෙන්නත්, පැත්තක් නොගන්න කෙනෙක් වෙන්නත් එපායැ.
ReplyDeleteහැබැයි පොඩ්ඩි නම් ඔය විදියට තත්පරයක්වත් ඉඳී කියලා කියලා හිතන්ට බෑ. අර හොඳ අප්පච්චිට ආව වෙලාවේ එයාට කියනවා අජන්තත්, එයාලගේ වැඩිහිටියොත් එක්කත් සාකච්චා කරන්ට කියලා.
අර කීවත් වගේ "කොන්ද පන නැති සෙවලයෙක්ම" නේන්නම්.හැබෑට කොහොමද පිරිමි මේ විදියට වෙනස්වෙන්නේ???
එහෙම නැත්නම් මේ උපුටලා දක්වලා තියෙන්නේ පිරිමින්ගේ සැබෑ තත්වයද?...:D
නොබැදත් බෑ..බැදලත් බෑ.......
ReplyDeleteඅයියෝ..උභතෝකෝටිකයි...!!!
මුල් හරියෙ අකුරු වැරැදීම් වැඩිවෙලා තියෙන්නෙ රවී නරක දෙයක් පානය කරලද අද ලිව්වෙ.
ReplyDeleteදැන් කතාව ඉවරවෙන්න ඕනි සචිනි අකුලගෙන යන සීන් එකකින් තමයි. නැත්නම් ගතියක් නෑ,
ඔන්න රවි අයියෙ දැන් නම් කට පුරවල අජන්තට බනින්න පුලුවන්. මාත් මිනිහට බැන්න කියන්න. :P
ReplyDeleteඅය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔයා එක පොයින්ට් එකක් වත් දෙන්නේ නැහැ . අදත් මුන්දට දෙකක් කියන්න සිද්ධ වෙනවනේ . හැබැයි සචිනිටත් මේ දිගේ කන්න ඕන නැහැ වගේ . ඇයි අප්පේ අර කවි ටික අහුවෙන්නම තිබ්බේ . දැන් නම් මටත් කියන්න වෙන්නේ ළඟදීම රවී මුන් දෙන්නව වෙන් කරනවා
ReplyDeletegrant me the serenity to accept the things I cannot change... the courage to change the things I can.. and the wisdom to know the difference
ReplyDelete-Reinhold Niebuhr
කැප කිරීම, ඉවසීම දෙදෙනාගෙන්ම දෙදෙනාටම පමණයි එකම විසඳුම
අජන්තට වෙන කෙල්ලක් ඇති ! ඒකයි පොර ඔහොම හැසිරෙන්නේ . මොනවා කරන්නද අජන්තගෙත් වරදක් එකපාරටම කියන්න බෑ මිනිහගේ හිතෙත් මොනවගේ ප්‍රශ්න තියනවාද කියලා මම නොදනිමි ..
ReplyDeleteමේක කතාවක් කියලා හිතෙන්නේ නැති තරමයි . රවීගේ ලිවීමේ හැකියාව තමයි ඒ ..
මම බලාගෙන ඉන්නේ ඉතිරි කොටස එනතුරු
@ ශානු,
ReplyDeleteඇත්ත,........ මම කියන්නෙත් අනේ මන්දා කියල තමයි......හෙහ්, හෙහ්,
@ පිණිබිඳු,
ReplyDeleteහෆොයි නඟේ, Don't Kalabala, .................මෙහෙම වෙන්නෙමත් නෑ ඉතිං ජීවිතේ...... මේක Extreame Case එකක්ය කියල හිතාගන්නකො.
@ Podi Kumarihami,
ReplyDelete/ දැන් ඉතින් මේ අපක්ෂපාතී තුන්වැනියෙක් හොයාගන්න එක තමා ලොකු ප්‍රශ්නේ /
අප්පොච්චියේ....... Don't Misunderskirt..........මම කිව්වෙ තුන්වෙනියෙක් හොයාගන්නව කියල නෙවෙයි, තුන්වැන්නෙකුගෙ ඇහින් ප්‍රශ්නෙ දිහා බලනවයි කියලයි.
/ එහෙම නැත්නම් මේ උපුටලා දක්වලා තියෙන්නේ පිරිමින්ගේ සැබෑ තත්වයද?...:D /
හෙහ්...හෙහ්......පිරිමින්ගෙ හැබෑ තත්වෙ දැනගන්ටම ඕනද?......එකම ක්‍රමයයි මම දන්න විදිහට නං තියෙන්නෙ....... බැඳලම බලාපං පොඩ්ඩියේ......බැඳලම බලාපං,
@ නිල් අහස,
ReplyDelete/ නොබැදත් බෑ..බැදලත් බෑ.......අයියෝ..උභතෝකෝටිකයි...!!! /
චතුෂ්කෝටික තර්කන ක්‍රමවේදය තමයි බොලේ විසඳුමක් හොයාගන්ට තියෙන එකම ක්‍රමේ..........හෙහ්, හෙහ්,
@ ''' Outsider "'
ReplyDelete/ මුල් හරියෙ අකුරු වැරැදීම් වැඩිවෙලා තියෙන්නෙ රවී නරක දෙයක් පානය කරලද අද ලිව්වෙ. /
අපොයි නැතෝ......යුනිකෝඩ් වල ලියල කොපි ඇන්ඩ් පේස්ට් කරන කොට අකුරු එහෙමෙහෙ පනිනව, අපි තියපු තැන්වල ඉන්නෙ නෑ. උන්ට ඕන තැන්වල උන් ඉන්නෙ. මේ පාර ආයෙම බලල හදන්ට බැරි උනා........ස්තූතියි පිටස්.......ඔන්න හැදුවා.
/ දැන් කතාව ඉවරවෙන්න ඕනි සචිනි අකුලගෙන යන සීන් එකකින් තමයි. නැත්නම් ගතියක් නෑ, /
හෙහ්....හෙහ්.....එහෙමයි වෙන්ඩ ඕන නේද?........
@ Kasun,
ReplyDeleteමල්ලි, බණින්ඩ ඉස්සර එයාගෙ කතාවත් අහල හිටියොත් නරකද?
@ Bindi,
ReplyDelete/ අය්යෝ රවී අපිට අජන්තට අනුකම්පා කරන්න ඔයා එක පොයින්ට් එකක් වත් දෙන්නේ නැහැ .අදත් මුන්දට දෙකක් කියන්න සිද්ධ වෙනවනේ . /
කලබල නොවී ඉන්නකො බින්දි......කලබලේට තීන්දු දෙන්න යන්න එපා.......හෙහ්, හෙහ්, දැනට මේ පැමිණිල්ලට විතරනෙ ඔයාල ඇහුංකං දුන්නෙ......හරි විත්ති වාචකය කියල එකකුත් තියනවනෙ.....ඒකත් අහලම තීන්දුව ගන්න.
@ malithi,
ReplyDeleteඔය කියමන ජීවිතේ ගැන පොදුවෙ වගේම විවාහය ගැන හිතුවමත් වලංගුයි.හැබැයි එකක්......ඒ උනාට එකම ප්‍රශ්නෙ ඔය විදිහට හැඩ ගැහෙන එක එච්චරම ලේසි නැති එක තමයි......
ස්තූතියි මලිති,
@ හිස් අහස,
ReplyDelete/ මම බලාගෙන ඉන්නේ ඉතිරි කොටස එනතුරු /
අනේ....මලේ....සචිනි එයාගෙ කතාව කියල ඉවරයි.......ආයෙ ඉතිරි කොටසක් නෑ.....ඒත් අජන්තටත් එයයිගෙ කතාව කියන්න අපි ඉඩ දෙන්න ඕනනෙ.....නැත්නම් ඒක අසාධාරණයි නෙව,ඒ නිසා අජන්තගෙ කතාවෙන් තමයි ඉතිරි හරිය දැනගන්න වෙන්නෙ,
හ්ම්ම්.... එහෙනම් අජන්තගෙ කතාව අහල බලමුකො.
ReplyDeleteකතාවෙ ඉතිරි කොටස පරක්කු මොකෝ රවි අයියේ? කතාව ඉවර වෙනකල් අදහසක් දක්වන්නෙ නෑ කියලා හිතං හිටියට අර කවි පෙළ දැක්කම මට හිතුනා, අජන්ත ඒ කවි පෙළ දැකලා කේන්ති ගන්නෙ නැතුව මෙන්න මෙහෙම උත්තරයක් ලියලා තිබ්බනං කොච්චර ආදරණීය වෙයිද කියලා. ඒ ඉතිං මට හිතිච්ච හැටිනේ. අයියා කියාගෙන යන කතාවේ ඊට වඩා වෙනස් දෙයක් ඇති. මෙන්න අජන්ත ලිව්වනං හොඳයි කියලා මට හිතිච්ච පිළිතුරු කවි ටික.
ReplyDeleteඔබ පතනා සෙනෙහස් දිය අම දහර
සඳවත සිහිල කන්කළු ගී විහඟ නද
ලැබ දෙමි සොඳුරියේ ඔබ හට නොපමාව
කල් දෙනු මැනැවි ඉවසා මොහොතකට මට
දිය සිඳි කෙම් බිමකි නිරුදක කතර නොවේ
මිහිකත වසා ගත් සඳ ඔබ අතැර නොයේ
විහඟුන් ගොළු වෙලා අප සිතු දත් විලසේ
හැම දේ විසඳෙනා කාලය දුරක නොවේ
ජීවන ගමන ගඟුලකි ගලනා පෙරට
බාධක පවුරු ඇත නොයෙකුත් එහි විසිර
අතිනත බැඳන් සෙනෙහස් පහුරෙන් එක්ව
යමි කැන්දාන විකසිත කුසුමක් විලස
@ Kasun,
ReplyDeleteඅන්න එහෙම ඉවසල ඉන්නකො පොඩ්ඩක්.......හෙහ්, හෙහ්,
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteඅනේ බොලේ, බුදු නඟේ,මේ දවස්වල ටිකක් විතර ෆුල් බිසී නෙව......හැකි විගස අජන්ත කතාව කියයි හොඳේ........
ඒ කියන්නෙ ඉතුරු කොටස මාසෙකින් පස්සෙ තමා................:)
ReplyDelete"මයෙ පුතේ, මොකක් හරි ප්රශ්නයක් තේරුම් ගන්න හොඳම ක්රමය තමයි ප්රශ්නයට සම්බන්ධයක් කොහෙත්ම නැති තුන්වැන්නෙකුගෙ ඇහින් ප්රශ්නය දිහා බලන්ට ඉගෙන ගන්ට.ඒකෙන් ඇත්තටම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්ට පුලුවන්. ඒත් අඩුම ගානෙ ප්රශ්නෙ ඇත්ත ඇති සැටියේ තේරුම් ගන්ට වත් ලැබෙනවනෙ. ඒකත් ලොකු දෙයක්. මොකද? පුතා හොඳට හිතේ තියාගන්ට ප්රශ්නෙ මොකක්ද කියල හරියටම තේරුම් ගත්තයි කියන්නෙ සීයට පණහක් ප්රශ්නෙ විසඳිලා" ඔන්න ඔහොමයි අප්පච්චිගෙ වචන වලින්ම."
ReplyDeleteමේ අදහස් නම් ඕනෑම දරුවෙකුට තාත්ත කියන්න ඕන ඒවා..
රැඩිකල් , සාම්ප්‍රදාය වෙනුවට හැකියාවන්ගෙන් පිරිපුන් ගැහැනුන් කෙරේ එකී ආකර්ෂණය නිසාවෙන්ම ආසක්ත වන බොහෝ පිරිමි, එම මහාර්ඝ වස්තුව අන් අතකට ගිලිහි යා නොදී තම අතේම රඳවාගනු , එය මිණක් මෙන් කොහේවත් ලේසියෙන් නොදකින දිස්නය දෙනු , ආදරයෙන් ඉවසන ආදරවන්තයාම , සැමියෙක් වූ කල්හි , ගෙට වී දරුමල්ලන් සදා උන් හා තමාගේ ජීවිතය පමණක් සිතන සාම්ප්‍රදායික ස්ත්‍රීයක් අනාගත බිරිඳ ලෙස සිතෙන් මවාගෙන ජීවත් වන්නෝය....
ReplyDeleteඒත් එවන් ටිපිකල් බිරිඳකගේ විවිධත්වයක් නැති හෙයින් , උන්ට 'ආදරය කරන්නට' මැලි වන්නෝය... ඒ ආදරේ කියා වහ වැටෙන්නට දෙයක් ඒ සාමාන්‍ය ලඳුන්ගේ නැති නිසාය.... අර කී ලඳුන් මාහැඟියෝය...
බැන්දට පස්සෙ මන් හදා ගන්නම් , ඔක්කොම ශේප් වෙයි පස්සෙ, ඔය දැඟලිල්ල නිදහස් බව අඩු වෙයි, මෙකී නොකී විකාර කල්පිත ප්‍රාර්ථනා මත්තේ සැබෑව පුරුෂාධිපත්‍යයෙන් යට ගසා, අවසන ඔහු කරනුයේ දෙපාර්ශවයටම වරදකි....
සහෝ... මේක නම් පු දු ම ම විදියට සමීප සිද්දියක් !!!!!!!
මම පලමු කොටස් 4 කියවා අවසන් කොටස නොකියවා මේ කොමෙන්ටුව ලියන්නේ... බලමු අවසන් කොටසත් :)
ගොයියෝ කතාව මල් හතයි. අර "ජිවිතේ මල්" ගෙ කොමෙන්ට් එකත් මල් හතයි. ඔය වගේ, රැඩිකල්, විසේකාර මගේ හොඳම මිතුරියක් හිටියා. අපි අතර, වචනයෙන් ප්‍රකාශ නොකල "මෙව්ව" එකකුත් ලාවට තිබ්බා. මගේ නංගිතුමියගේ තර්ජන හමුවේ ඒක උපදින්නත් කලින්න්ම මලා. එයා මට කීවා" අපි වගේ අයට ආදරේ කරන්න, හැමෝම කැමතියි, හැබැයි බඳින්න කැමති නෑ, අපි සදාකාලිකවම පෙම්වතියෝවිතරයි" කියලා.
ReplyDeleteජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර නොවෙනව වගේම අපි හිතන තරම් අසුන්දරත් නෑ.
ReplyDeleteසහතික ඇත්ත..
සචිනිගේ කතාව එක හුසුමට කියෙව්වා..(කිව්වට හුස්ම කිහිපයක් ගත්තා)
ඇත්තටම මට කෂාද බඳින්න බය හිතුනානේ මේක බලලා, අජන්ත වගේ හස්බන්ඩෙක් හම්බ උනොත් සුදු හංසි කවි ලියලත් හමාරයි අර කියන්නැහේ කවිය කියන්නේ විරේකයක් නෙව
ඒ උනත් ඔය වගේ සිද්දීන් කිහිපයක් නිසා අවසානේ ගත්ත තිරනේ බරපතල වැඩිද මන්දා.. මම සචිනි උනානනම් අම්බානක අඬයි.. ඒ හැර වෙන කිසි දෙයක් කරන එකක් නැහැ