සචිනි හෙමිහිට දෑස් හැරියාය. අජන්ත ඇඳේම පසෙක හිඳගෙන බිමට නැවී සපත්තුවල ලේස් ගැටගසයි. අඩවන් දෑස් අතුරින් පෙනෙන ඔහුගේ උදෑසන රැවුල කැපූ මුහුණේ නැවුම් බව සචිනිගේ හිතට එක්කලේ නොරිස්සුම් සහගත හැඟීමකි. " කොන්ද පණ නැති සෙවලයා " ඈ සෙමින් මිමිණුවාය.
"සචිනි, ඔයා මොනවත් කිව්වද? "අජන්ත එකෙණෙහිම ඈ දෙස හැරෙමින් ඇසුවේය.
ඔහුට පිළිතුරු දීමෙන් වැළකීමට ඈ කලේ දෑස් තදින් පියාගෙන නිසොල්මන් වීමය.
ඈ දෙස ටික වෙලාවක් බලාසිටි අජන්ත ඇගේ උරහිසින් අල්ලා සෙලවීමට මෙන් දකුණත දිගුකලද නැවත මොහොතක් කල්පනාවේ නිමග්නව සිට ඇඳෙන් නැඟිට සිට ගත්තේය. මොහොතක් ඈ දෙස බලා සිට සෙමින් කාමරයෙන් පිටවිය.
අජන්ත පිටවී ගිය පසුවද සචිනි ඇඳේම වැතිරී සිටියේ ඇඳෙන් නැඟිටීමට පවා නොසිතෙන අන්දමේ කෙඩෙත්තු ගතියක් ගතටද වඩා සිතට දැනුනු බැවිනි.
මාස තුනක්......ඔව්, අදට මාස තුනක්.....එක්වරම තුන්මාසෙ දානෙ දෙන චාරිත්රාය ඇගේ සිහියට නැඟුනේ මන්දැයි ඇයටද සිතාගත නොහැකිය.
අද කියන්නෙ සචිනි විවාහ වෙලා තුන්මස් සංවත්සරය.....අජන්ත එක්ක අජන්තගෙ ගෙදරට ඇවිදින් අදට මාස තුනයි හරියටම,
මේ මාස තුනක කාල පරාසයෙ වෙච්චි දේවල්................ඒව එක දවසක් නෙවෙයි.........හැමදාම එකින් එක සිද්ද වෙච්ච එව්ව.
උදාහරණෙකින් කිව්වොත් සතුරු බලකොටුවක් එක ප්ර.හාරයකින් බිඳ වැටෙන්නෙ නෑ. නොකඩවා දිගටම ප්රනහාර එල්ල වෙන කොට තමයි අන්තිමට එක වෙලාවක ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්නෙ. ඒ උපමාව සැර වැඩියි කියල හිතේනම් මෙහෙම කියමු. උඩම අත්තේ අපූරුවට පිපිල තියෙන අරලිය මලක් ගන හිතමු. කවුරු හරි ඔය මල බිම දාගන්ට හිතල ගල් ගහනව. එකක් දෙකක් තුනක් හතරකින් බේරිල ඉන්ට මලට පුලුවන් වෙයි. ඒත් නොනවත්වා ගල් ගැහුවොත් අනිවාර්යයෙන්ම එක වෙලාවක ගල් පාර වැදිල මල් කැකුල බිමට වැටෙනව වැටෙනවමයි.ආයෙ ඒකෙ දෙකක් එහෙම නෑ.
අජන්තගෙ ගෙදරට ඇවිත් දෙවෙනි දවස: සචිනි හවස නාල ටී ෂර්ට් එකක් සමඟ සැහැල්ලු කලිසමක් ඇඳල කාමරෙන් එලියට ගියා. අජන්තගෙ අම්ම සාලෙ පත්තරේ බලමින් හිටියා.පත්තරේ පහත් කොට උකුල මත තබා ඇය සචිනි දෙස නොපහන් දෑසින් බලා සිටි අන්දම සචිනි දැක්කෙ නැත්තෙ ඈ එතකොටත් අම්මව පහුකරගෙන සාලෙ දොරටුව කිට්ටුවටම ගිහිල්ල හිටපු හින්දයි.
මිදුලෙ අරලිය ගහ යට බංකුවෙ වාඩි වෙලා සචිනි රත් පැහැගත් සැඳෑ අහසෙ පාවෙන වලාකුලු වලට පහතින් කපුටන් කැදලි වලට පියාඹනව බලාන හිටියා.
ටික වෙලාවකින් අජන්ත හෙමිහිට ඇවිල්ල සචිනි ඉඳගෙන හිටපු බංකුවෙම ඉඳගත්ත.
“ අන්න බලන්න අනේ අර රතු වලාකුලේ හැඩේ හරියටම මොකක් වගෙයිද කියල කියන්ට පුලුවන්නම්.. හා, “ සචිනි කිව්වෙ වමතින් ඒ වලාකුල අජන්තට පෙන්නන ගමන් දකුණත අජන්තගෙ උරහිසේ තබමින්.
ප්රිශ්නෙ ඇහුනෙ නැති ගානට අජන්ත හෙමිහිට අජන්ත සචිනිගෙ අත උරහිසින් අයින් කලා. තාම අජන්ත ගේට්ටුව ලඟ මල් වැරූ කණාටු පිච්ච පඳුර දිහා බලාගෙන.
" ඇයි අනේ? " බැරිම තැන සචිනි ඇහුවෙ බැගෑපත්ව,
අජන්ත කතා කලා. ඒත් තවම අර කොහෙදෝ දිහා බලාගෙන.
" පුතේ කවුරුහරි තමන්ගෙ හදවතට කිට්ටු කෙනෙක් මොනවහරි කියනකොට, ඇස් දිහා බලාගෙන එහෙම නොකරනව කියන්නෙ එක්කො ඒ කියන්නෙ බොරුවක්, එහෙමත් නැත්නම් ඒ කියන්නෙ අසාධාරණ කතාවක් කියල එයා දන්නව."
එහෙම දවසක් කිව්වෙ සචිනිගෙ අප්පච්චි. අප්පච්චි යමක් ආවට ගියාට කියන්නෙ නැහැ කියල සචිනි හොඳින්ම දැනගෙන හිටිය.හරි ඒක මොකක් හරි උනාවෙ. බලමු දැන් මොනවද මේ අජන්තට මගෙ ඇස් දිහා බලාගෙන කියන්ට බැරි කාරණාව? සචිනි එහෙම හිතුවා.
" සචිනි ඔය කලිසම් මීට පස්සෙ අඳින්න එපා........." හෙමිහිට කිව්වට ඒ හඬේ තිබුණු අණ කිරීම සචිනිට එක පාරට තේරුණා.ඒ එක්කම................සචිනි දිහාවට හැරුණු අජන්ත ......" හොඳේ ළමයො " කියල කිව්වෙ නම් යන්තම් හිනාවෙන ගමන්.සචිනිට නම් හිනා ගියේම නෑ. අජන්තගෙ මූණ දිහාම එක එල්ලේ බලාගෙන හිටියෙ හරියට හදිසියෙම අජන්තගෙ කන් දෙකෙන් දුම් පිටවෙන්ට පටන් ගත්ත වගේ.
“ මොකද ළමයො මගෙ මූණෙ පෙරහැරක් යනවද? “ වෙනදනම් සචිනි ඒ වගෙ කතාවකට කොක් හඬලා හිනා වෙල විතරක් ඉන්නෙ නෑ, මොනවහරි ආපහු කියනවත් එක්ක. ඒත් ඒ බඳින්ට ඉස්සර නෙව.
ඒත් අද මොනවත් කැපෙන පිළිතුරක් දෙන්ටවත් හිනහවෙන්ටවත් සචිනිට හිතුනෙ නෑ. ගෙදරදි අම්ම එහෙම ඔය වගෙ දෙයක් කිව්ව නම් බලාගන්ට තිබ්බ. ඒත් මේ වෙලාවෙ සචිනි කලේ මොකවත්ම නොකිය ඉර බැහැගෙන ගිහිල්ල හතර වටෙන් අඳුර ගලාගෙන ඇවිල්ල ලෝකෙම වැහිල යන හැටි ඔහේ බලාගෙන ඉන්න එක විතරයි.
එදා නිදාගන්න ඉස්සර සචිනි කලිසම්...... ඔක්කොම.... හයක්........ නවල අල්මාරියෙ යටම තට්ටුවෙ පතුලෙම තැන්පත් කලා.කමක් නෑ......කලිසම් නම් මොකක්ද?.......සචිනි හිත හදා ගත්තා.
ජීවිතේ තවදුරටත් ගලාගෙන ගියා.........එකම වෙනසක් උනේ කලිසම් ඇඳිල්ල නැවතුනා, ගෙදරට අඳින්ඩ හොඳ නැත්නම් ගෙදරින් එළියට බහිද්දි කොහෙත්ම හොඳ නෑනෙ.....ඒ නිසා අල්මාරිය මුල්ලෙ හැංගිලා හිටපු ස්කර්ට් හතර පහ එළියට වැඩම කළා.
ඔන්න සති දෙක තුනකින් සැප්තැම්බර් මාසය උදා උනා......අන්තර් ජාතික පොත් ප්රනදර්ශනය.......සචිනි සැප්තැම්බර් වෙනකල් ඇඟිලි ගැන ගැන උන්නෙ......පහුගිය හැම අවුරුද්දෙම යාලුවො...... අනෝජා........ප්රකභා......මිහිරි......චේතනා......එක්ක ගිහිල්ල දෑත පුරා පොත් බදාගෙන ආපු හැටි මතක් වෙනකොටත් කියන්ට බැරි තරම් සතුටක් හිත පුරහම පිරිලා ගියා.
පොත් ප්ර දර්ශනේ අන්තිම සති අන්තය හෙටයි කියල......රෑ නින්දට යන්ඩ කලින්......
“ අජන්ත “
“ ම්ම්....”
“ හෙට අපි යමුද International Book Fair එකට, “
“ අනේ .....ළමයො හෙට නම් බෑ. මට මේ සුමානෙම වැඩ ගොඩ ගැහිල තිබ්බ. හරිම අමාරුයි ඇඟට, අනික කොටින්ම හෙටත් මම වැඩ,.”
“ මම එහෙනම් අනෝජත් එක්ක යන්නද? “
“ හ්ම්ම්..........” අජන්ත නිදිමතේම කෙඳිරි ගෑවා.
මතු සම්බන්ධයි..........
හ්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteපොත් ....
වෙන මොකුත් කියන්න බෑ වගේ ඉතුරු ටිකත් ඉක්මනටම කිය වන්නට බලා සිටිමි
ලස්සන කතාවක් දිග ඇරෙන්ට යනබව තේරෙනවා. ඇයි අනේ මිනිස්සු බැන්දට පස්සේ එයාලගේ මහ ගෙවල්වල ඉන්නේ? දෙන්නත් එක්ක ගිහින් චූටි කූඩුවක් හදා ගන්නේ නැතිව???
ReplyDeleteලස්සනම කෑල්ල: 'කොන්ද පන නැති සෙවලයා'..:)
හ්ම්ම්... ලස්සන කතාවක් වගේ.... :)
ReplyDeleteවෙනස් විදිහේ කතාවක් වගෙයි පේන්නේ.
ReplyDeleteලියන්නකෝ...දිගටම.
ආදරේ ප්‍රාර්ථනා ගොඩ ගහගෙන බැන්දත් අන්තිමට ඉතුරු වෙන යථාර්ථය මේකද මන්දා.
ReplyDeleteබඳින්නත් එපා වෙනවා වගේ :ඩි
ReplyDeleteරවී අයියාගෙන් ආයෙමත් හිතට වදින කතාවක ආරම්භය. අම්මප කෑලි කඩන එක තමයි ඉවසන්න බැරි.
ReplyDeleteහ්ම්ම්... ගොඩක් වෙලාවට කිරිල්ලිත් එක්ක මවු කූඩුවට පදිචියට ආවම වෙන දෙයක් තමයි මේ.......
මෙගා එකක් අදින්න වගේ රවී හදන්නෙ. බලමුකො...
ReplyDelete@ Anonymous,
ReplyDeleteහරි, ඉක්මනට දාන්නම්.......
@ Podi Kumarihami,
ReplyDelete/ ඇයි අනේ මිනිස්සු බැන්දට පස්සේ එයාලගේ මහ ගෙවල්වල ඉන්නේ? දෙන්නත් එක්ක ගිහින් චූටි කූඩුවක් හදා ගන්නේ නැතිව??? /
අපොයි,ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්ට වෙනම පෝස්ට් එකක් ලියන්ටම වෙනවා....
කෙටියෙන් කිව්වොත්....ආර්ථික ප්‍රශ්න, මව්පියන් අතහැර යාමට නොහැකියාව,ඔන්න ඔයවගෙ එව්ව තමයි ඉතින්......
/ ලස්සනම කෑල්ල: 'කොන්ද පන නැති සෙවලයා'..:) /
පොඩ්ඩිට අල්ලල ගියා නේද ඒ කෑල්ල, ........... හෙහ්.....හෙහ්,
@ හසී,
ReplyDeleteලස්සන කතාවක් වගේ?.... මොනවද වගේ?.....එක්කො ලස්සනයි එක්කො නෑ....ආයෙ වගේ.....
විහිලුවට හසී, හොඳේ,
ස්තූතියි හසී,
@ නිල් අහස,
ReplyDeleteවෙනස් කියල හිතෙනවද? මේවගේ දේවල් මම අපේ මිතුරන්ගෙ නෑදෑයන්ගෙ ඒ වගේම අසල්වාසීන් අතර අනන්ත දැකල තියෙනව.
ස්තූතියි නිල්, හැමදාමත් ඇවිල්ල ඔබ කරන දිරි ගැන්වීමට,
@ පිණිබිඳු,
ReplyDeleteඑහෙමම සර්ව අශුභවාදී වෙන්නත් එපා නංගි, හොඳින් තේරුම් ගැනීම තමයි එකම ප්‍රතිකර්මය. ඒත් අවාසනාව කියන්නෙ ඒකම තමයි අමාරුම දේත්,
ස්තූතියි නංගි, ඔයාටත්
@ dishanrajapaksha,
ReplyDeleteඅපොයි, දෙයියනේ.....කතාවක් කියවල බඳින්නත් එපා උනාය.....අනේ, එහෙම කරන්න එපා......බඳින්න.....බඳින්න...
@ nawammawatha,
ReplyDelete/ අම්මප කෑලි කඩන එක තමයි ඉවසන්න බැරි. /
කතාව දිග වැඩිඋනා නෙව මලයො, මොකෑ කොරන්නෙ ඉතිං?....හෙහ්, හෙහ්,
/ හ්ම්ම්... ගොඩක් වෙලාවට කිරිල්ලිත් එක්ක මවු කූඩුවට පදිචියට ආවම වෙන දෙයක් තමයි මේ....... /
ඇත්ත තමයි කතාව, බොහොමයක් වෙලාවට වෙන්නෙ කොල්ල අන්තිම අසරණ තත්වෙට වැටෙන එක තමයි.
@ Outsider,
ReplyDeleteඅනේ නෑ, අවුට්, තව කොටස් උපරිම දෙකයි...නැත්නම් තුනයි......එල්ලාම් මුඩිංජි.....කලාස්.
රවී අයියගේ තවත් ලස්සන කතාවක ආරම්භය වගේ . අමුතුම තාලේ කතාවක් වේවි . බලමු . කතාව යන හැටියකට තමයි අදහසක් දෙන්න වෙන්නේ . කොහොමත් ඉතින් රවී අයියා මෙතෙක් ලියාපු හැම කතාවක් වගේම සුපර්නේ .
ReplyDeleteප්‍රධාන චරිතේ කාන්තාවක් වීම තමා ටිකක් දුක ..කමක් නෑ බලමු ඒ දුක කතාවේ අවසානයටත් තියේවිද කියලා .!
හදිස්සියක් නෑ හෙමීට ලියාගෙන යන්ඩ රවී . එතකොටයි කතාවේ රස වැඩි! දැනටමත් කතාවට මම ලයික් ..
@ හිස් අහස,
ReplyDelete/ ප්‍රධාන චරිතේ කාන්තාවක් වීම තමා ටිකක් දුක /
හෙහ්....හෙහ්, උඹ තමයි මලේ දවසකටවත් මිනිහ, අම්මප එතකොට උඹ කැමතිම නෑ ප්‍රධාන චරිතෙ ඉස්තිරියාවක් වීම ගැන.....හෙහ්......හෙහ්, බොට බොහොම දුකයි ඒ ගැන නේද?......ඔව්ව ගණං ගන්න එපා මල්ලි, උන්දැලත් ආස ඇතිනෙව කාලෙකිං ප්‍රධාන චරිතයක් රඟපාන්න......එහෙම හිතලමයි මම ඔය බබලතෙක් ප්‍රධාන චරිතෙට දැම්මෙ.......මේ ඇත්තමයි.....උඹේ මේසෙ යට තියෙන වැලගෙඩියෙ වහල ඉන්න කෝඳුරුවො රංචුව පල්ල මේ ඇත්තමයි.
ස්තූතියි, සඳරු, උඹ වගෙ දක්ෂයෙක්ගෙ අගය කිරීම මට ලොකු හයියක්. අනික මම දන්නවා උඹ කියන්නෙ ආයෙ අනං මනං නෑ බොක්කෙංම කියල....හෙහ්, හෙහ්
/*... උඩම අත්තේ අපූරුවට පිපිල තියෙන අරලිය මලක් ගන හිතමු. කවුරු හරි ඔය මල බිම දාගන්ට හිතල ගල් ගහනව. එකක් දෙකක් තුනක් හතරකින් බේරිල ඉන්ට මලට පුලුවන් වෙයි. ඒත් නොනවත්වා ගල් ගැහුවොත් අනිවාර්යයෙන්ම එක වෙලාවක ගල් පාර වැදිල මල් කැකුල බිමට වැටෙනව වැටෙනවමයි.ආයෙ ඒකෙ දෙකක් එහෙම නෑ. ...*/
ReplyDeleteඅනේ ඇයි අරලිය මල් වලට මෙහෙම කරන්නේ? කාටද අරලිය මල් දැක්කම ගල් ගහන්න හිතෙන්නේ? :(
ලස්සන කතාව රවි අයියේ. කතාව ඉවර උනාම කතාව ගැන අදහස් දක්වන්නම්කෝ.
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteඑහෙම අරලිය මල් වලට ගල් ගහන, අතපය තියාගෙන ඉන්න බැරි එවුනුත් ඉන්නව නංගි අපි අතරෙම............හෙහ්, හෙහ්,
ස්තූතියි නංගි, ඔබ හැමදාමත් කරන අගය කිරීමට.
araadanawa weda karanawa wgeee
ReplyDeletehari hari digatama yamu
හිහ් .. හිහ් ... නියමයි ......
ReplyDeleteනියම ස්ටෝරිය අලුත බඳින්න ඉන්න කෙල්ලන්ට, කොල්ලන්ට එල ..........
ඔක්කොම කියවන්න ආස හිතෙනවා. කියවල ලියමු
ReplyDelete