සචිනි කියන්නෙ දහසක් සිහින පොදි බැඳගෙන පතිකුළයට ආපු අපේ කාළයේ යුවතියක්. සචිනි කියපු මෙතෙක් කතාව මෙහෙමයි.
පහුවදා සචිනි උදෙන්ම කෝල් එකක් දීල අනෝජ ගෙන්න ගත්ත. නවය වෙනකොට අනෝජ ආව, එයාගෙ රතු පාට හොන්ඩා සිවික් එකේ. අනෝගෙ කට දන්න නිසා කාරෙක ගේට්ටුව ලඟ නවත්තල අනෝ බහින්ඩත් ඉස්සර සචිනි “ අම්මෙ, මම පොත් ප්දර්ශනේ බලන්ට යනවා “ කියල එළියට බැස්ස. ගේට්ටුව වහන ගමන් සචිනි දැක්ක අම්ම දොරකඩ හිටගෙන බලාගෙන ඉන්නව. ඒ මූණෙ හැඟීම් හරිහැටි තේරුම් ගන්න තරම් දුර වැඩි උනාට, මූණ එච්චර හොඳ නැති බව නම් සචිනිට ඉවෙන් වාගෙ තේරුණා.
දොර ඇරෙගෙන ඉස්සරහ සීට් එකේ ඉඳගත්තම, අනෝ කටත් ඇරගෙන බලාඉන්නව දැකල සචිනිට බකස් ගාල හිනාවක් පැන්න.
“ මොකෝ බං, මේ මහසෝන දැක්ක වාගෙ, හිහ්....හිහ්, “
“ මහසෝනෙක් නම් මන්දා, උඹ හරියට අර පරණ සිංහල ෆිල්ම් වල ඉන්න කුල කාන්තාවක් වගේ මට නම් පේන්නෙ, නාලිය නොදක්වා.....සළු ඇඳ ඔන්න ඔහෙ කොහාටද දක්වා කියල ඔය තියෙන්නෙ......”
සචිනි හඬනගා සිනාසුනාය. මෙසේ හිතේ හැටියට අවසන් වරට සිනාසුනේ කවදාදැයි සිහියට නගා ගැනීමට උත්සාහ කල ඇය එකෙනෙහිම නිහඬ වූවාය.
“ මොකද බං? “ අනෝජා ඇය දෙස විමසුම් ඇසින් බැලූයේ නළලද රැලි කොටගෙනය.
“ නෑ...මේ උඹ අර නාලිය කියල කිව්වට මට හිනා ගියේ. ඒක නාභිය වෙන්න ඕනෙ හරි වචනෙ, “
“ මේ....නිකම් බොරු කරන්න හදන්න එපා මට.....උඹ හොඳටම දන්නව මම ඇහුවෙ හිනා උනේ ඇයි කියල නෙවෙයි......මම ඇහුවෙ එක පාරටම හිනාව නැවැත්තුවෙ ඇයි කියල. “
අනෝජාගේ විමසුම් බැල්ම තව දුරටත් දරාගත නොහැකි වූ සචිනි කව්ළුවෙන් පිටත බලාගත්තාය.
නිහඬව තවත් මොහොතක් සචිනි දෙස බලා සිටි අනෝජා ගියරය මාරුකොට රථය සෙමින් පාරට ගත්තාය.
පොත් ප්රදර්ශන භූමිය තුල සවස්වන තුරු කාලය ගත කල ඔවුහු දිවා ආහාරයද එහිම වූ ආපනශාලාවෙන් ගෙන, ආපසු එන විට සවස හතර පමණ වී තිබිණි.
අතරමඟ සිසිල් බීම හලක් අසල රථය නතර කල අනෝජා සිසිල් බීම බෝතල් දෙකක් ද රැගෙන පැමිණියාය. ඔවුහු මොහොතක් නිහඬව සිසිල් බීම තොලගෑහ.
“ සචී, මොකක් හරි ප්රශ්නයක් තියනව නම් මට කියාපං, “
සමීපම මිතුරියට අසත්යයක් පැවසීමට දිව නොනැමෙන නිසාම දෝ සචිනි සෙමින් මෙසේ පැවසුවේ ඉවත බලාගෙනමය.
“ ම්ම්, එහෙමමත් නැහැ අනූ, උඹට කියන්ඩ ඕන එකක් නම් මම නොකිය ඉන්නෙ නැහැනෙ. උඹ ඒක දන්නවනෙ “
“ හරි ...okay, let's leave it like that, උඹට ඕනම දේකට මම ඉන්නව කියල විතරක් මතක තියා ගනිං “
" Thanks, Ano, I know that, You don't have to tell me "
දෑසට නැඟි කඳුලු වලකා ගත නොහුනු ඇය වහා ඉවත බලා ගත්තාය.
මිළදී ගත් පොත් බහාලූ මලුද තුරුළු කොටගෙන ඇය නිවසට ඇතුලු වන විට අජන්තගේ අම්මා සාලයේ හිඳ සුපුරුදු ලෙස පුවත් පතක් කියවමින් සිටි අතර හිස ඔසවා ඈ දෙස බැලුවා විනා කිසිවකුදු පැවසුවේ නැත.
ගමන් වෙහෙස නිසාම ඇඳෙහි ඇලවුනු වහාම ඇය නොදැනුවත්වම නින්දට පිවිසියාය. ඇය අවදිවන විට අඳුර වැටී තිබුනු අතර අජන්ත කාර්යාලයේ සිට පැමිණ ඇති බව බිත්තිය අසලවූ ඔහුගේ පාවහන් යුගල සාක්ෂි සැපයීය.
" ශෙහ්......මට නින්ද ගියානෙ හොඳටම....." තමන්ටම කියාගනිමින් සචිනි නිදන කාමරයෙන් පිට වූයේ අවුල් වූ හිස දෑතින්ම සකසමිනි.
අජන්ත මිදුලේ අරලිය ගහ යට බංකුවේ අසුන්ගෙන එදා ලෙසම ඈත අඳුර දෙස බලා සිටිනු දුටු ඇගේ සිතට බියකුදු නොවූවද එහෙත් ඒ හා සමාන හැඟීමක් පිවිසියේ නිරායාසයෙනි.
සෙමින් බංකුව වෙත ගිය එහි කෙළවරක හිඳගත්තාය. ඇය ගැන කිසිදු තැකීමක් නොකොට අජන්ත අඳුර දෙසම බලාසිටිනු තවත් ඉවසිය නොහැකි වූ සඳ ඇය ළය මත බැඳගත් දෑතින් යුතුව බංකුවේ ඇන්දට හොඳින් බරවී ඔහු දෙස නෙත් කොනින් බලමින් කටහඬ අවදි කලාය.
" දැන් මොකද වෙලා තියෙන්නෙ? "
" ඒක අහන ලස්සන?....අද කොහෙද ඔයා ගියේ? " එක් වරම ඈ දෙසට හැරුණු ඔහු හඬෙහි වූ නොරිස්සුම සැඟවීමට කිසිදු උත්සාහයක් නොගෙනම ඇසීය.
" මම.... ගියෙ.... පොත්.... ප්රදර්ශනේට, ඇයි.... අජන්ත.... මම... ඊයෙ... ඔයාට කිව්වෙ? " සන්සුන් වීමට දැඩි උත්සාහයක් දරමින් ඈ සෙමින් වදනින් වදන උච්චාරණය කලාය.
" ඊයෙ මට කිව්වද? "
" මොකද නැත්තෙ ?, ඔයාට වැඩ වැඩියි කිව්වම, මම ඇහුවේ එහෙනම් අනෝජත් එක්ක යන්නද? කියල ඔයාමනෙ හා කියල කිව්වෙ, "
" එහෙම උනාට ඔයාට............."
පැවසිය යුතුදේ පවසාගත නොහැකිව මෙන් ඔහු ඈ දෙස මොහොතක් හැරී බලා, නැවත ඉවත බලා ගත්තේය.
අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කරන තෙක් ඔහු දෙස ටික වෙලාවක් බලා සිටි ඈ ඔහුගේ එවැනි බලාපොරොත්තුවක් නැති බව දැනුනු කල්හි, නැවී බිම වැටුනු රතු අරලියා මලක් අහුලාගෙන එහි පෙති එකිනෙක කඩමින් ඔහු දෙස නොබලාම කතා කලාය
" අජන්ත......මේ විදිහට අපේ ජීවිත වලට......." එතනින් ඔබ්බට කෙසේ වැකිය ගලපාගතයුතුද යන්න සිතා ගත නොහැකිවූ ඇය කෙමෙන් තෙත් වන දෑස තදින් පියාගෙන යටි තොල විකා ගත්තාය.
මෙවර අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කරනතෙක් බලාසිටීමට සිදුවූයේ අජන්තටය.
එහෙත් සචිනි ඒ අසම්පූර්ණ වැකිය සම්පූර්ණ කිරීමට උත්සාහයක් නොගෙනම ඉවත බලාගෙන දෑසට නැඟෙනා කඳුලු වළකා ලීමට දැඩි උත්සාහයක් ගත්තාය.
වවුලන් තටු ගසන හඬින් පමනක් නිහඬතාවය බිඳීගිය කල්පයක් සේ දැනුනු මිනිත්තු පහක පමණ කාල පරාසයකට පසු සචිනි තීරණයකට එලඹියාය. " කමක් නෑ, මට ඊට වඩා වටිනව හිතේ සතුට, " තමාටම කොඳුරාගත් ඇය අජන්තට සමීපව, ඔහුගේ උරහිස මත හිස තබා සිහින් හඬින් මෙසේ පැවසුවාය.
" කමක් නෑ. අජන්ත මගෙන් වරදක් උනා නම් සමාවෙන්න.අපි ඒක අමතක කරල දාමු "
මතු සම්බන්ධයි...........

පිරිමිය ගැහැණිය කියල වෙනසක් නෑ. කවුරු උනත් විවාහ ජීවිතයකදි කැප කිරීම් කරන්න වෙනවා. ඒත් ජීවිතේ අපි සතුටු වෙන හැම දෙයක්ම අත් අරින්න වෙන එක නම් අසාධාරණයි.
ReplyDeleteසචිනි ඔච්චර සාධාරණ වෙලා වැඩක් නෑ. මොන කෙහෙල්මලකටද? (අපොයි වැරදුනා කෙහෙල්මලට එහෙම කියන එකත් අසාධාරණයි ) අජන්තට යහතින් එයාගේ අම්මලත් එක්ක ඉන්ට කියලා සචිනි එයාලගේ අම්මලා ලඟට ගියා නම් අහවරයි.
ReplyDeleteඅපොයි මෙහෙමත් ලංකාවේ පිරිමි පරාන...
ගැහැණියකටම කැප කිරීම් කරන්න වෙන එක හරිම අසාධාරණයි..අනික් එක විවාහ වුණාය කියලා ඒ මනුස්සයා ඩමියක් වෙන්නෙ නෑ නේ..මනුස්සයටයි ගෙදර අයටයි ඕන ඕන විදිහට නටවන්න..
ReplyDeleteකමෙන්ට් දාලා තියෙන්නේ කාන්තාවෝ විතරයිද ? ඇත්තටම මටත් මේකට කමෙනට් කරන්න හිතුනේ නෑ .
ReplyDeleteමම කවදාහරි දවසක වැරදීමකින් කසාද බැන්දොත් . මම දවස පුරාම වෙහෙස වෙලා වැඩ ඇරිලා එනකොට හාමිනේ .කුසීත කමට දොයියං හිටියොත් මට ජුංඩක් කේන්ති යනවා ..
කාන්තාවෝ මට ගහන්න පොලු අරං ආවොත් රවී මාව බේරගන්න ඕන හරිද
ඕවට නේ දෙය්යනේ අර හැට හතරක් දීල තියෙන්නේ ගැණුන්ට. හැබැයි නැන්දම්මලත් එක්ක ඉන්න නම් එකසිය විසි අටක් ඕන තමයි. අපොයි පොඩ්ඩි එහෙම කුද ගහගන්න කියල යන්න බැහැ ඕන වෙලාවට . එතකොට තමන්ගේ අම්මල වුනත් පාච්චල් කරනවා . ''ඉන් ලොස් ලත් එක්ක අවුරුදු හතක් ඉඳලා ෆුල් එක්ස් පිරියන්ස් '' ඇතුව කියන්නේ. මගේ වාසනාවට අපේ උන්ද ම තමයි මට කිව්වේ අපේ අම්මලත් එක්ක ලේසි නැහැ කියල . මට තිබ්බ ප්‍රශ්නේ පුතයි අම්මලයි අතර සාමය පවත්වාගෙන යනඑක. අනික නිසි සන්නිවේදනයක් අවශ්‍යයි. නැන්දම්මව වශී කර ගන්න ක්‍රම සහ විදි ඉගෙන ගන්න . ඇන්කර් බටර් තියෙන්නේ ළමයෝ ඕවට තමයි. හොඳම දේ බැන්දට පස්සේ වෙනම ඉන්න එක තමයි.
ReplyDeleteහැබැයි අර සඳරු කිව්ව වගේ ලොකු බැරිඅමාරුවකදී හැර මනුස්සය ගෙදර එද්දී දොය්ය ගෙන හරි ටි වී බල බල හරි ඉන්න එක ටිකක් හරි මදි තමයි. විවාහය කියන්නේ අතුරේ යනවා වගේ වැඩක් . අනික තමයි පොත් වලට පිස්සු වැටුන කෙනෙක් පොත් ගැන මෙලෝ ආසාවක් නැති මිනිහෙක් බැන්දොත් ලෙඩේ. පොඩ්ඩක් හරි අදහස් ලඟින් යන කෙනෙ ක් හොයාගන්න ඕන. යෝජිත විවාහෙකදී නම් ඔව්ව ඔක්කොම බලන්න බැහැ තමයි.
කලිසම් කියද්දී මතක් වුනේ මගේ නෑනා කලිසම් නාදින කෙනෙක් . මමත් මුලදී ඇන්දේ නැහැ . දවසක් මන් මාමණ්ඩි ට කිව්වා කැම්පස් යද්දී නම් කලිසම් අඳින්න වෙනවා . ඒක හරිම පහසු ඇඳුමක් කියල. අය්යෝ කමක් නැහැ ළමයෝ කිව්වා. හැබැයි එයාල ඉගෙන ගත්තු මිනිස්සු නිසාද දන්නේ නැහැ . මෝඩ පහේ නැන්දම්මෙක් හරි මාමෙක් හරි කොහොම වෙයිද මන්දා .
මේ සචිනිත් හරිද මන්දා . උදේටත් නිදි හවසටත් නිදි. විවාහ ජීවිතේදී ඔයිට වඩා සක්‍රිය එන්න ඕන . එතකොටයි තමන්ට කියල හඬක් නගන්න පුළුවන්. මේක කතාවක් නොව නේද රවී
දැන් මං මේ ගැන මොනා හරි කියන්ට ඕනද..??
ReplyDeleteදැන්නම් නැන්දම්මල ලේලිල මරාගන්නව අඩුයි. මොකද ගැහැණිය පවුල තුළ ගොඩක් තැන්වල පිරිමියා මත යැපෙන්නෙක් නොවන නිසා. ඉතින් නැන්දම්මලාගෙ බලය අඩුවෙලා.
ReplyDeleteකාලෙකට පස්සෙ වෙලාවක් හම්බ වෙලා අයියගෙ ලිපි ටික කියවගෙන කියවගෙන යනව...
ReplyDeleteමම කතාව ඇසුරින් විවාහ ජීවිතය ගැන කමෙන්ට් කරන්න යන්නෙ නෑ...
මොකද අපි මේ කතාවෙ චරිත විවේචනය කරන්න අපි දන්නෙ රවී අයිය අපිට කියන දේවල් විතරයි....මට ඒ මදි...
සැබෑ ජීවිතේ එහෙමම නෙවෙයි නෙ..නැන්දම්ම ලේලි අතරෙ
පුංචි පුංචි සිද්ධි ගණනාවක් එකතු වෙලා හැදිච්ච තරහවල්,තීරණ ගැනීම්, කට ඉස්සර කරගැනීම් එකතු වුණාම තමයි නුරුස්සන්න පටන් ගන්නෙ එකිනෙකාව... අපි පිළියම් හොයන්න ඕනෙ අන්න ඒ නුරුස්සන ගතිය ඇති නොවෙන්න වගබලා ගන්න එකයි....
මම අත් දැකල තියෙන්නෙ නම් එකම පිළියමයි මේකට... කෙලින් කතා කරන එක, දෙන්නගෙන් කවුරු වුනත් තරන දේ අනිත් කෙනාට හරි යන්නෙ නැත්තං, කියපු දේකිං හිත රිදුනනං.. ඒක ඒ වෙලාවෙ කතා කරන්ඩ ඕනෙ.. හිතේ තියං නොඉඳ....
හැබැයි එමෙහ කරන්ඩ වෙන්නෙ ඒකට දෙන්නම සූදානම් නම් විතරයි
@ පිණිබිඳු,
ReplyDeleteඔයා හරි නංගි, එකඟයි, ඒත් ඔය කැප කිරීම් වල සීමාව කොතනද කියන එක තමයි විසඳ ගන්ට අමාරුම ප්‍රශ්නෙ.
@ Podi Kumarihami,
ReplyDeleteහුරේ, ඔන්න ආව අපේ කාන්තා සෙන්පතිනිය......හෙහ්, හෙහ්, ජයවේවා......ජයම වේවා.....හෙහ්, හෙහ්,
Lara Croft වගේ තමයි. මැද්දට පැන්න. හතර අතට වෙඩි තියාගෙන තියාගෙන ගියා. පුරස්නෙ කම්මුතුයි.....හෙහ්, හෙහ්,
අන්න සචිනි. ඇහුනැයි ඔය ළමයට? ඔච්චර ඉවසන්න එපාය කියන්නෙ......ගෙදරම යන්ඩලු දමල ගහල....මොකෝ කියන්නෙ? ලබන එපිසෝඩ් එකේ පොඩ්ඩිගෙ අවවාදෙ පරිදි කටයුතු කළොත් මොකද? ....හෙහ්, හෙහ්,
@ මකුලු පැංචි,
ReplyDeleteසීයට දෙසීයක් එකඟයි, සීයට දෙසීයක් එකඟයි.
@ හිස් අහස,
ReplyDelete/ ඇත්තටම මටත් මේකට කමෙනට් කරන්න හිතුනේ නෑ ./
ඒ මොකෝ මලේ ඒ හැබෑටම? සචිනි ගැන උපන්න බලවත් අනුකම්පාවෙන් හදවත බර වෙලා ගියාය? එහෙමත් නැත්නම් නිකම් මේ...මේ හීන්වට ලැජ්ජාවක් වගෙ හිතුනයි?.....හෙහ්, හෙහ්,
හරි එහෙම හිතුනම කියමුකො. ඒත් කමෙන්ට් එකක් දැම්මෙ මොකෝ?...හෙහ්, හෙහ්,
රවි ගොයියා පව්නේ කියල හිතුනද?.......
/ මම දවස පුරාම වෙහෙස වෙලා වැඩ ඇරිලා එනකොට හාමිනේ .කුසීත කමට දොයියං හිටියොත් මට ජුංඩක් කේන්ති යනවා ../
ඒ ඉතිං පුරුද්දක් විදිහට හැමදාම නිදාගෙන හිටියොත් නෙව. මෙතන එහෙම එකක් උනේ නම් නෑ සඳරු.....
/ කාන්තාවෝ මට ගහන්න පොලු අරං ආවොත් රවී මාව බේරගන්න ඕන හරිද /
හරි බං හරි, දෙන්නම දුවමු මල්ලි, දනිහ නිකටේ.........විලුඹ තට්ටමේ...හෙහ්, හෙහ්.
බය වෙන්න එපා බං, එහෙම මෝඩ කාන්තාවො දැන් නෑ.....
@ Bindi,
ReplyDelete/ මේ සචිනිත් හරිද මන්දා . උදේටත් නිදි හවසටත් නිදි. විවාහ ජීවිතේදී ඔයිට වඩා සක්‍රිය එන්න ඕන /
හපොයි, බින්දි, වරදවා වටහාගෙන තියෙන්නෙ. මම මේ කිව්වෙ මේ කතාවට අදාළ දවස් දෙකක් ගැන විතරයි. හැමදාම ඒ ළමය උදෙයි හවසයි දෙකේම නිදාගෙන හිටියෙ නම් නෑ.අනික් කාරණේ සචිනිට මහන්සියටයි නොදැනිම එදා නින්ද ගියේ.....අනික අජන්තට කේන්ති ගිහිල්ල තිබ්බෙ නිදාහිටියයි කියන කාරණේටත් නම් නෙවෙයි.
/ මේක කතාවක් නොව නේද රවී /
මෙහෙම කියන්නද බින්දි........
" ජීවිතේ ගමනේ බොහෝ දුර ගෙවා පැමිණීමේදී කියැවූ, ඇසින් දුටු, කණින් ඇසූ, නොයෙක් මෙවන් සිද්ධීන් ආශ්‍රයෙන්, පති කුළයට පැමිණෙන යුවතියන් විඳිනා අනේක විධ සිත් වේදනාවන්ගෙන් බිඳක් සටහන් කිරිමට ගත් වෑයමකි."
නො එසේනම් සරලව කිවහොත්.......සත්‍යය ඇසුරෙන් නිර්මාණය කළ ප්‍රබන්ධයකි.
@ Buratheno,
ReplyDeleteඅපොයි, ඕන නෑ මල්ලි, ඒ ප්‍රශ්නෙන්ම හිතා ගත්තෑකි උඹ කියන්න යන දේ......හෙහ්, හෙහ්,
@ Outsider,
ReplyDeleteඔබේ කතාව ඇත්ත. රැකියාවක් කරනව නම් මේ වාගෙ දේවල් වෙන්ට තියන අවස්ථාව අඩුයි තමයි.
@ hansakinkini,
ReplyDelete/ මොකද අපි මේ කතාවෙ චරිත විවේචනය කරන්න අපි දන්නෙ රවී අයිය අපිට කියන දේවල් විතරයි....මට ඒ මදි.../
ම්ම්ම්.....චරිත විවේචනයක්....... එහෙම දෙයක් අවශ්‍යමද නංගි?
මට හිතෙන්නෙ මෙහෙමයි. අපි ජීවිතේ ගනන් ගතයුතු දේවල්, නොසලකා හැරිය යුතු දේවල් තීරනය කරන්නෙ අපි ජීවිතය දකින විදිහ සහ අපේ ආකල්ප අනුව. ඒ වගේම අපි තවත් කෙනෙක් විවේචනය කරන්නෙත්, අන්න ඒ අපේ ආකල්ප මත පිහිටල. එතකොට අනිවාර්යයෙන්ම පැන නඟින ප්‍රශ්නෙ තමයි, ඒ විවේචනය කොපමණ දුරට සාධාරණද කියන එක.
මට මේකට කමෙන්ට් නොකරන්න හිතුනේ කතාවට අනුව කාන්තාවට පිරිමියා අතින් චූටි අසාධාරණයක් වෙන බව දැනුනත් මට පිරිමියාට එරෙහිව කමෙන්ට් කරන්න නොහිතෙන නිසා ..
ReplyDeleteඒක නිසා මම කියන්නේ අජාත් පවු සචීත් පවු . ඒ දෙන්නටම තියෙන්නේ දැහැමෙන් සෙමෙන් ඩිවෝස් වෙන්න .
සචීට වෙන කොල්ලෙක් හම්බ වේවා !!
@ පොඩ්ඩි
ReplyDeleteඅපි මොකට කලබල වෙනවද පොඩි ...මේ පුරුෂ පරාණ අරහේ බඳින ගැණු ළමයට තියෙන්න ඕන ගති ලක්ෂණ අටෝ රාශියක් තියෙන ලිස්ට් හදනවා . මෙහෙ කාන්තා පක්ෂය ගැන කරුණාවෙන් හිතන රවී වගේ පිරිමි. ..ඒ අස්සේ දුකා යශෝදරා වගේ ගුණයහපත් බිරියකගේ අගය කියා දෙනවා .
ඇත්ත රවී ..ඔයාකරයේ සිද්ධි විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. ඔන්න එහෙනම් මන් කෙලින්ම කියන්නද . ඊයේ නොකියා කියූ දෙය. අජන්ත කියන්නේ කොන්ද පන නැති පිරිමියෙක් .සචිනිට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ . එහෙම නැත්නම් ගැලපෙනවා වගේ පෙන්නලා දැන් බැටළු හම ගලවල දාල.
ඔය නිදා ගන්න කතාව කිව්වම මතක් වුනේ . මන් ලොක්කි ලැබෙන්න සතියක් කලින් දොස්තර හම්බවුනා . ඊට කලින් දා කාමරය අස් කළා . පරණ පත්තර කොළ ගිනි තියල මකුළුදැල් කඩල [මට දුවිලි ආසත්මිකයි. නහය වහන් ඕව කලේ]. අපරාදේ කියන්න බැහැ. නැන්දම්මා මට ළඟ ඉඳන් කතන්දර කියා කියා හිටියා.
පහුවදා හවස මට උණ. අමාරුවට නිදා ගත්තා . කළුවර වැටුනම ඇහැරිලා කුස්සියට යද්දී මෙන්න නැන්දම්මාගේ මුණ . මන් ඉතින් පැහැදිලි කළා මගේ අසනීපය. එතකොට තමයි මුණ හරි ගිහින් දඩි බිඩි ගාල කට්ටිය කලබල වුනේ.ඔන්න එදා රෑම හදිසි සැත්කමක් කරලා කෙල්ල ඉපදුනා.
මගෙත් වරද . මට ඇඟට අමාරුයි කියල නිදා ගත්තනම් හරි . මන් මේ කතාව කිව්වේ යහපත් සන්නිවේදනයක අවශ්‍යතාව පෙන්වන්න . ඔය වගේ පුංචි සිද්ධි දිහා අද නම් මට හිතල හිනා වෙන්න හැකි. ඔව්වට දමල ගහල යන්න ගියොත් දවස් 365 න් වැඩි හරිය අම්මලාගේ ගෙදර තමයි.
විවාහ ජිවිතය කියන්නේ -ඉවසිම- කියන එකයි.. මම අහලා තියෙන්නේ. ඕනවට වඩා සංවේදි උනොත්...ජිවිතේ එපා වෙන්නත් පුලුවන්.
ReplyDelete@Bindi,
ReplyDeleteඔයා කියන දේට 100%ක් එකගයි.. අජන්ත කියන්නෙ කොන්ද පණ නැති පිරිමියෙක්, ඒකෙ ආයෙ දෙකක් නෑ..
හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා.. අජන්තව ඒ තත්ත්වෙට පත්කරන්නෙ කවුද..?? එයාගෙම අම්මා..!! දැන් ඔයාගෙ සීන් එකේදි වුනත් මූණ කළු කරගත්තෙ කවුද මුලින්ම..?? නැන්දම්මා..!! ඉතිං ගෑනියෙකුගෙ දුකක් වේදනාවක් අදුරගන්න තවත් ගෑනියෙකුට බැරිනං, ඒ ගැන කණු කුණු ගාලා පිරිමියාගෙ හිතත් බිදවන්නෙ ගෑනියෙක්ම නං ඇයි ඒ ගැන පිරිමියාට බනින්නෙ..??
@පොකු,
ඔයා හරිම ඉක්මන් නෙ.. මේ වගේ පොඩි දේටත් දමලා ගහලා අම්මලා ගාවට යනවනං බින්දි කියනවා වගේ දවස් 365න් 300ක් විතරම අම්මලා එක්ක තමා ඉන්න වෙන්නෙ.. :)
සම්පුර්ණ ඇත්ත බුරා . හැබැයි මගේ නැන්දම්මා එක්ක කතා කරලා බේරුමක් කර ගන්න පුළුවන් කම තියෙනවා . දැන් නම් දුවට වඩා මට මොලේ ඇති බවත් ඇයගේ පිලිගැනීම. අනේ ඒ අහින්සකි දොස්තර කෙනෙක් වුනත් ඔන්න නැන්දම්මට බයේ ඉන්නවා . ඒ නැන්දම්මා නම් හරිම සම්ප්‍රධායික කෙනෙක්. මගේ නෑනා මදුරුවෙක්වත් නොමරන තරම් අහිංසකයි. අපි නම් ඉතින් මය ඉඳහිට මදුරුවෙක් කාරිය මරනවනේ .
ReplyDeleteකතාව නම් ඇත්තටම ලස්සනයි අයියා. මම කමෙන්ට් කරන්නෙ නැතුව දිහටම කියවනව කියල හිතාගෙන හිටියෙ මම අකමැති මාතෘකාවක් නිසා. ඒත් මේකෙ කමෙන්ට් දැක්කම මටත් දෙයක් අහන්න හිතුන. කතාව ගැන නෙමෙයි අයියෙ, කමෙන්ට් ගැන මේ කියන්නෙ හොඳද.
ReplyDeleteඅපි මේක ප්‍රබන්ධයක් කියන එක අමතක කරල කතා කරමුකෝ. දැන් අයිය බින්දි අක්කට කියල තියනව මේ කිව්වෙ දවස් දෙකක් ගැන විතරයි, ඒ දවස් දෙකෙන් වුන දේවල් වලින් සචිනි ගැන වැරදි වැටහීමක් ගන්න එපාලු. ඒ වුනාට අයිය හදන්නෙ ඒ දවස් දෙකේ විස්තර කියල අජන්ත වැරදියි කියල පෙන්නන්න. දෙන්නට දෙවිදියකට සලකන එක හරි නෑ නේද? ඒ දවස් දෙකෙන් අජන්ත වැරදියි කියල පෙන්නනව නම් සචිනිගෙත් වැරදි තියනව කියල කියන්න වෙනව.
කතාව ගැන කතා කලොත්, අයිය කියල තියන දේවල් වල හැටියට අජන්ත වැරදියි තමා. හැබැයි ඒ පොත් ප්‍රදර්ශනය බලන්න ගිය එකට බැනපු එකට විතරයි. අම්මල තාත්තල ඉස්සරහ කොට කලිසම් අඳින්න එපා කියපු එකේ වැරද්දක් මම නම් දකින්නෙ නෑ. එහෙම කියපු එකත් වැරදියි කියන්න අයිය උත්සහ කරල තියනව. ඒක ඉතින් අයියගෙ මතය වෙන්න ඇති.
@ Kasun,
ReplyDelete/ අපි මේක ප්‍රබන්ධයක් කියන එක අමතක කරල කතා කරමුකෝ. දැන් අයිය බින්දි අක්කට කියල තියනව මේ කිව්වෙ දවස් දෙකක් ගැන විතරයි, ඒ දවස් දෙකෙන් වුන දේවල් වලින් සචිනි ගැන වැරදි වැටහීමක් ගන්න එපාලු. ඒ වුනාට අයිය හදන්නෙ ඒ දවස් දෙකේ විස්තර කියල අජන්ත වැරදියි කියල පෙන්නන්න. දෙන්නට දෙවිදියකට සලකන එක හරි නෑ නේද? ඒ දවස් දෙකෙන් අජන්ත වැරදියි කියල පෙන්නනව නම් සචිනිගෙත් වැරදි තියනව කියල කියන්න වෙනව. /
මෙතන වැඩේ මේකයි...මල්ලි, ඒ දවස් දෙකේ සචිනිගෙයි අජන්තගෙයි හැසිරීම් අපිට සමාන කරන්න පුලුවන්ද? සචිනි කලේ මහන්සියටත් එක්ක හවසක ටිකක් නිදාගත්ත එක...ඒකත් දන්නෙම නැතුව.....අපි හැමෝටම ඒ වගෙ දේවල් වෙනව නේද? අනික එහෙම පොඩ්ඩක් නින්ද ගියාය කියල ඒක ඉදිරියට බලපාන ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?.....ඒත් අජන්ත.......ඔය මම කියන දවස් දෙක අරන් බැලුවොත් පලවෙනි දවසෙ අජන්ත කලිසම් ඇඳීම ගැන විරුද්ධ උනා. දෙවෙනි දවසෙ අර ප්‍රදර්ශනේ බලන්ට ගිය එක ගැන දොස් කිව්ව. ඒ දෙකම අසාධාරනයි වගේම ඉදිරියට බල පානවයි කියල හිතෙන්නෙ නැද්ද?
/ අම්මල තාත්තල ඉස්සරහ කොට කලිසම් අඳින්න එපා කියපු එකේ වැරද්දක් මම නම් දකින්නෙ නෑ. එහෙම කියපු එකත් වැරදියි කියන්න අයිය උත්සහ කරල තියනව. ඒක ඉතින් අයියගෙ මතය වෙන්න ඇති. /
අපොයි මල්ලියේ, සචිනි ඇන්දෙ කොට කලිසම් නම් නෙවෙයි. සැහැල්ලු කලිසමක් කියන එකෙන් මම අදහස් කලේ බැගී ට්‍රවුසර් එකක් කියන එක. දිග කලිසමක්.........
හරි අයියේ පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් ඇවිත් නින්ද ගිය එකට මොනවත් කියන්න බෑ තමයි. මහන්සියට එහෙම වෙනවනෙ. ඒත් කතාව පටන් ගන්න වෙලාවෙ අජන්ත වැඩට යන්න ලේස්ති වෙලා සපත්තුත් දානකොට තමයි සචිනි ඇහැරෙන්නෙ. ඒක වැරදියි නේද?
ReplyDelete"අපොයි මල්ලියේ, සචිනි ඇන්දෙ කොට කලිසම් නම් නෙවෙයි. සැහැල්ලු කලිසමක් කියන එකෙන් මම අදහස් කලේ බැගී ට්‍රවුසර් එකක් කියන එක. දිග කලිසමක්........."
ඒකත් එහෙමද? එහෙනම් ඉතින් ඒකට විරුද්ද වුන එක වැරදියි තමයි. හැබැයි අයිය කතාව වෙනස් කලා වත්ද? මට මතක නම් කොට කලිසමක් කියල තිබුන කියල. හරි කමක් නෑ, මම ඒක ඉල්ලා අස්කර ගන්නම්කො.
මම ආයෙත් කියන්නෙ අයියෙ, අයිය කතාව ලියන විදිය ගොඩක් ලස්සනයි. කතාවෙන් දෙන පනිවිඩේ ගැනයි, කමෙන්ට් ගැනයි මම කතා කලේ.
@ Kasun,
ReplyDelete/ ඒත් කතාව පටන් ගන්න වෙලාවෙ අජන්ත වැඩට යන්න ලේස්ති වෙලා සපත්තුත් දානකොට තමයි සචිනි ඇහැරෙන්නෙ. ඒක වැරදියි නේද? /
ඒ දවසට කලින් දවසෙ වෙච්ච දේ ගැන මම ඉස්සරහට කියන්නම්. ඒක නිසයි සචිනි එහෙම උදේ නැගිටින්නෙ නැතුව හිටියෙ.....එහෙම දේවල් කරනවනෙ ගෑණු උදවිය...........හෙහ්, හෙහ්,
/ මම ආයෙත් කියන්නෙ අයියෙ, අයිය කතාව ලියන විදිය ගොඩක් ලස්සනයි. කතාවෙන් දෙන පනිවිඩේ ගැනයි, කමෙන්ට් ගැනයි මම කතා කලේ. /
කසුන් මල්ලි, කිසිම ප්‍රශ්නයක් ඇත්තේම නැත. ඔබේ අවංක අදහස් ප්‍රකාශ කිරීමට ඔබට පූර්ණ අයිතියක් ඇත.එසේම මෙසේ ඔබගේ අදහස් නොසඟවා ප්‍රකාශ කිරීම සත්‍ය වශයෙන්ම මට මහත් ධෛර්යයක් සේම තව තවත් ලිවීමට උත්තේජකයක් වන බවද එකහෙලාම පවසමි.
මවිසින් ගොඩ නැඟූ චරිත සැබෑ ලොවෙහි ජීවත් වන්නවුන් ලෙස සලකා ඔබ ඒ පිළිබඳව දැක්වූ විචාරය සහ ඒ පිළිබඳව සංවාදයකට එලඹීම මම මහත් සේ අගය කොට සලකන අතර නැවත කථාවක් ගොඩ නැඟීමේදී චරිත නිර්මාණය කලයුතු අයුරු ගැන මට අගනා පාඩමක්ද ඔබ කියා දුන්නෙහිය.
ආයෙම වරක්, බොහොම ස්තූතියි කසුන්, බොහොමත්ම ස්තූතියි
අන්තිමටම යමු.. පහුවෙලා ආවම ඕකයි වාසිය. කුතුහලය අඩුයි එත් ලියන්නා එක්ක තරහත් අඩුයිනේ..
ReplyDelete