Lady Of Justice - යුක්තියේ කන්‍යාව |
මේ දවස්වල පත්තර නැත්තං ප්‍රවෘත්ති වෙබ් අඩවි කියවනකොට ඔලුව නරක් වෙනව. තියෙන්නෙම මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාස, අන්තවාදී අදහස්, දාමරික කම් ගැන ප්‍රවෘත්ති එහෙම නැත්තං ඒ වාගෙ තිරශ්චීන හැඟීම් ප්‍රකෝප කරන්ට රටේ යමක් කමක් කරන්ට පුලුවන් ඒ වගේම පිළිගැනීමක් තියෙන පුද්ගලයින් කරන නිර්ලජ්ජී උත්සාහයන් ගැන තොරතුරු. එක්කො සිවුරු පොරවගත්තු තක්කඩි දෙතුන් දෙනෙක් එකතුවෙලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියයි පට්ට හොරු අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය වහාම ඒක නවත්වන්ටෙයි කියල. නැත්තං උපවාසයක් කරයි අරක කරපං මේක කරපං කියල බලකරල.
ඒ අස්සෙ මරා ගොයිය ජපානෙ ගිලිල්ල එවුන්දැ එක ඩොලර් එකක්වත් හොරකම් කලාය කියල ඔප්පු කලොත් උගුරු දණ්ඩ කපාගෙන මැරෙනවයි කියල ඉන්ටර් නැෂනල් චැලේන්ජ් එකකුත් දීල තියනව.
මරා ජපානෙ ගිහිල්ල එහෙම චැලෙන්ජ් දෙනව. හොර මැරකම් ඔප්පු කරන්ට දෙය්යනේ කියල පරීක්ෂණයක් කරන්ට එපාය. එහෙම පරීක්ෂණයක් පටන්ගත්තු ගමම්ම මරාගෙ ගෝල බාලයොයි සිවුරු පොරවගත්තු තක්කඩි රැලයි පාරට බහිනව දේශපාලන පළිගැනීම් වහම නවතනු කියල. කාටද ඉතිං මෙව්ව කියන්නෙ? මගේ සෝක් මටම සෝක්.
කාලයක් හුම් කියන්නෙ නැතුව කටවහගෙන හිටපු අර ජාතියේ පචායුදේ නොහොත් මිස්ටර් මෝඩවංසත් කියල තිබ්බ පොසොන් පෝය දවසෙ ගම්මංපිලයි රාමසාන් කාලෙ මුසම්මිලුයි පොලිසියෙන් අල්ලපු එක වැරදියි කියල. ඒ තර්කය අනුව සැකකරුවෙක් අල්ලන්ට පුලුවන් යම් ආගමික වැදගත් කමක් නැති දිනේකදිම විතරයි.
එහෙම ඇරෙන්ට මිනිහගෙ අගසව්වා මුසම්මිල් කරපු නීලකාස හොරකම ගැන පචායුදේ වචනයක්වත් කියල තිබ්බෙ නෑ. එක අතකට අහවල් දෙයක් කියල කියනටද? සාක්ෂි ඇතුවම බඩු අහුවෙලා තියෙද්දි.
මන්ත්‍රීල ඇමතිල පැත්තක තියමුකො. එවුං උපංගෙයි හොරු කියල අපි ඔක්කොමල දන්නවනෙ කිසිම සැක සංකාවකින් තොරව. නඩුකාරයොත් ඒ පාර මේ මඩ වලට බැහැල. ඉස්සර නඩුකාරයින්ට අපේ ගම්මු කියල තියෙන්නෙ කෝටුවෙ රජ්ජුරුවො කියල. එතන කෝටුව කිව්වෙ උසාවියට ( Courts )
අන්න ඒ ආකාර ගෞරවයකින් නඩුකාරයින්ට සලකල තියෙන්නෙ.ඒත් ඒ වගෙ ගෞරවනීය ස්ථානයක තිබුනු විනිශ්චයකාර ධුරයේ අභිමානය දෙකේ කොළේටම වැටුනෙ මරාගෙ ගජ යාලුව, මහා බෞද්ධ මහෝපාසක සිල්වා අගවිනිසුරු ධුරයට නම් කිරීමත් එක්කල.
සුනාමි සල්ලි යටි මඩි ගහපු නඩුවෙං මහින්ද වැරදිකාරය වෙන්ට තියෙද්දි හිතාමතාම මහින්දව බේරගන්ට වැරදි තීන්දුවක් දුන්නය. මම ඒ ගැන දැන් කණගාටු වෙනවය කියල ඔය අසමජ්ජාතිය මේ පහුගිය කාලෙ ප්‍රසිද්දියෙම කිව්වනෙ.
ඊට පස්සෙ අර සුපිරිම් කෝට් නඩුකාරයෙක් තමන්ගෙ ගෙදර මෙහෙකාරිය දූෂණය කරල අහුවුනා. එතකොට තමන් ඉදිරියේ විනිශ්චය වෙන නඩුවකින් වාසියක් අරන් දෙන්ට අල්ලස් ගත්තු දිසා විනිසුරුවෙක් අවුරුදු තුන හතරකට වගෙ ඉස්සර අත් අඩංගුවට පත්වුනා. තව ඔය වගෙ නොයෙක් දේවල් හින්ද නඩුකාරයො ගැනත් මහජනයා අතර තිබ්බ ගෞරවනිය විශ්වාසය බිඳ වැටෙමින් තිබ්බෙ.
ඊගාවට මේ ඊයෙ පෙරේද මහේස්ත්‍රාත් කෙනෙක් බලපත්‍ර නැතුව අලි පැටියෙක් ලඟ තියාගෙන හිටපු කේස් එක. නඩුකාරයො කියන ජාතිය කොච්චර තක්කඩිද කියල කියනවනං උඩුවේ චීවරදාරියව ඒ වැරැද්දටම රිමාන්ඩ් කලාට තව වෙනකල් අර මහේස්ත්‍රාත් අලි හොරාව කූඩුවකට දාන්ට බැරිවුනානෙ. නඩුකාරයො විස්සක්ද විසිපහක්ද කොහෙද අත්සං කරල ලියුමකුත් දුන්නලු ඒ තමංගෙ සහෝදර අලි හොරාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතය කියල.
අර කතාව අහල තියනවනෙ නේද? "ඔන්න ඔහොමයි ලතා අක්කෙ මේ දවස්වල පුලුකුණාවෙ තත්වෙ" අන්න ඒ වගෙ ඔන්න ඔහොමයි මේ දවස්වල ලංකාවෙ නඩුකාරයින්ගෙ සාධාරණත්වය.
ඒ අතර මේ වැඩි දවසක් නෙවෙයි ඊයෙ අහන්ට ලැබුනා මේ වගෙ අප්‍රසන්න සිද්ධීන් අටෝරාසියක් අතර සිත පහන් කරවන බොහොම අපූරු සිදුවීමක් ගැන. ඒත් නඩු තීන්දුවක් ගැන.
අසඩක් දන්නව නේද? හුණු වටයෙ කතාවෙ විනිසුරු ධුරයට පත්වෙන බේබද්දා, හොරා සහ පාදඩයා. නීතියෙන් නියම කරපු රාමුව ඇතුලෙ ඉඳගෙනම බොහොම මානුෂිකව ඒ වගේම සුනම්‍යව (Flexible) චූදිතයින් ගැන සානුකම්පිතව සළකා බලා තීන්දු දුන්නු විනිසුරුවරයෙක් හැටියට අසඩක් ප්‍රසිද්ධයි.
අසඩක් දන්නව නේද? හුණු වටයෙ කතාවෙ විනිසුරු ධුරයට පත්වෙන බේබද්දා, හොරා සහ පාදඩයා. නීතියෙන් නියම කරපු රාමුව ඇතුලෙ ඉඳගෙනම බොහොම මානුෂිකව ඒ වගේම සුනම්‍යව (Flexible) චූදිතයින් ගැන සානුකම්පිතව සළකා බලා තීන්දු දුන්නු විනිසුරුවරයෙක් හැටියට අසඩක් ප්‍රසිද්ධයි.
"විනිශ්චයකාරයා හැමවිටම හොරෙක්, මෙවර හොරෙක්ම විනිශ්චය කාරයෙක් වෙලා" අසඩක් එහෙම කියන්නෙ විනිශ්චයකාර පදවියට පත් වෙච්ච තමන් ගැනමයි.
"මානුෂිකත්වයේ සුළඟට නිදහසේ හමන්ට දෙන්ට ඕන. එතකොටයි නීතියේ සළුපිලි ඈත් මෑත් වෙලා යුක්තිය සාධාරණත්වය ඉස්මතු වෙන්නෙ" අසඩක් එක වෙලාවක එහෙමත් කියනව.
ඉතින් මම අර කලින් කියපු සිද්ධිය ඒ කිව්වෙ නිරුදක කතරක සිහිල් දියකඳුරක් හමුවුනා වගෙ මගෙ හිත ආහ්ලාදයෙන් පිරවූ සිද්ධිය ඇවිල්ලා බාල වයස්කාර දැරියක පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක තීන්දුව දෙමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය කල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය මෙහෙමයි.
මාපිය සෙනහස අහිමි වන වැඩිවියට පත් ගැහැණු දරුවන් තෙවැනි පාර්ශවයකින් සෙනෙහස පැතීම ස්වභාවික බවත් පේ‍්‍රමය හා ලිංගිකත්වය අතර වෙනස තේරුම් ගැනිමට වත්මන් තරුණ පරපුරට නිසි මඟපෙන්වීමක් නොතිබීම කණගාටුවක් බවත් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ප‍්‍රකාශ කළාය.
බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් විනිසුරුවරිය මේ බව කීවාය.
"මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවෙන් ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇත්තේ වයස අවුරුදු 18 සම්පුර්ණ වීමෙන් අනතුරුව තමා කැමැති අයකු සමඟ විවාහ වීමේ අයිතිය ශ‍්‍රි ලාංකික පුරවැසියන්ට ඇති බවයි.
එය නීතියයි. එය සංස්කෘතිය නොවේ. මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ කෘතීන් මත පිහිටා බැලූවොත් යෞවන ප්‍රේමය සම්බන්ධයෙන් නීතිය කවරාකාරයෙන් බලපාන්නේ ද යන්න ඉතාමත් අලංකාරව විග‍්‍රහ කර ඇත. මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ නවකතා මෙන්ම කරුණාසේන ජයලත්ගේ ‘ගොලූ හදවත’, ‘ගැහැණු ළමයි’ වැනි කෘතීන් ගත්තද මෙම යෞවන ප්‍රේමය සහ නීතියේ අණදීම අතර තිබෙන දුරස්ථභාවය සළකා බලා ඇත. අප සංස්කෘතියේ ගුරුවරයා සහ ගෝලයා අතර ආදරය හෙළා දැක්ක ද මාර්ටින් වික‍්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නව කථාවේ නන්දාට අධ්‍යාපනය ලබාදීමට එන පියල් අතර ප්‍රේම සම්බන්ධය සිත්ගන්නාසුළු ආකාරයට විග‍්‍රහ කර ඇත.
යෞවනයේ ප්‍රේමය අන් සියල්ල බැද දමා ඇත. මෙම නඩුවේ වින්දිත දැරියගේ මව ඇයට වයස අවුරුදු 3 ක් පමණ වන විට ඇගේ පියා අතැහර දමා ගොස් ඇත. පසුව දැරිය රැකබලා ගෙන ඇත්තේ ඇගේ පියාගේ දෙමවිපියන් විසිනි.
දැරියගේ පියා ද පසු කලක වෙනත් විවාහයක් සිදු කරගෙන වෙනත් ස්ථානයක පදිංචියට ගොස් තිබේ. පසුව දැරිය හැදෙන්නේ වැඩෙන්නේ පියාගේ වැඩිහිටියන් අතරය. මෙහිදි විවාහක දෙපළක් වෙන්වීම නිතිය පිළිගනී. නමුත් වයස අවුරුදු 3 ක දැරියට එම නීතියේ පිළිගැනීම තේරුම් ගැනීමට නොහැකිය. ඇයට තේරෙන්නේ ඇයට මව් සෙනහස අහිමිවීම පමණය. එතැන් සිට ඇය සොයා යන්නේ ඇයට අහිමි මව් සෙනෙහසය.
ඇගේ යටි සිතේ තදින්ම කාවැදි ඇත්තේ එයයි. තම පියා වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බිරිද නැති අඩුව ඔහු පිරිමසා ගෙන ඇතත් එය තේරුම් ගැනීමට ඇගේ මනසට ශක්තියක් නැත. ඒ අනුව පියා දෙවැනි විවහයක් සිදු කර ගැනිම ඇය දකින්නේ පියා තමන්ට විශාල අඩුපාඩුවක් සිදු කළ බවකි. මෙම තත්ත්වය මත මවගෙත් පියාගෙත් සෙනෙහස අහිමි ආදරය දැරිය තෙවැනි පාර්ශවයකින් සෙනහස පැතීම ස්වභාවිකය.
කලක් ගතවී ඇය වැඩිවියට පත් වන විට ඇය රැක බලා ගත් ඇගේ ආචිචි සහ සීයා හිරිහැරයක් වන තත්වයකට පත් වෙයි. මන්ද යෞවන ප්‍රේමය තේරුම් ගැනිමට එම වයෝවෘද්ධ දෙපළට නොහැකිවීම නිසා දැරිය ප්‍රේමවන්තයකු සමඟ කතා කළ පමණින් ඇයට බැණ තර්ජනය කිරිමය. එම තත්ත්වය මත ඇයට එම නිවස අපායක් වූවා විය හැකියි.
ඒ බව දැරිය පොලිසියට ඇති ප‍්‍රකාශයෙන් තහවුරු වී ඇත. තම ප්‍රේමවන්තයා සමඟ කතා කළ පමණින් ඇයට තර්ජනය කිරීම හේතුවෙන් තම ප්‍රේමවන්තයා සමඟ පලා යාමට දැරිය පෙළඹීම ස්වාභාවිකය.
මවගෙත් පියාගෙත් ආචිචිගෙත් සීයාගෙත් සෙනෙහස රැකවරණය නොලද තැන ඇය ඇගේ ප්‍රේමවන්තයා වීරයකු සේ සළකා කටයුතු කර ඇත. මෙහිදි නීතියේ සීමාව සහ එහි දැඩි බව පිළිබඳව ඇයට අවබෝධයක් තිබී නැත. මෙම නඩුවට අදාල විත්තිකරු බේකරි රැකියවක් කරන ඉතාමත් අපහසුවෙන් ජීවත්වන 19 හැවිරිදි අයෙකි. එහෙත් ඔහුගේ අරමුණ වී ඇත්තේ ඉදිරි අනාගතය යහපත් කර ගැනිමය.
ඒ අනුව සළකා බැලීමේදි මෙම දැරිය රැගෙන ගිය විත්තිකරුට දඩුවම් නියම කිරිමේදි දැරිය එදා සිටි මානසිකත්වය සහ ඇගේ දෙමව්පියන් ඇයට කර ඇති විනාශය සළකා බැලිය යුතුය. ඇගේ මව පියාගෙන් වෙන් වුවද ඇයට සිය මවගේ වගකීම ඉටු කළ යුතුව තිබිණි.
ඇගේ මව විදේශ ගතව ඇති අතර ඒ තුළින් දියණියකට මවකගේ සෙනහෙස අහිමි කර ඇත. යෞවන වියේදි තමාට ඇති වන ගැටලූ කතා කිරීමට ඇයට කෙනෙකු නැත. යෞවන ප්‍රේමය ඇගේ පියාගේ පියා විසින් දැක ඇත්තේ විශාල අපරාධයක් ලෙසය. මෙම නඩුවේ විත්තිකරු ඔහුට එරෙහිව ඇති සියලූ චෝදනා වලට වරද පිළිගෙන ඇත.
ඒ අනුව ඔහුට නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතුව ඇත. එම දඩුවම් නියම කිරිමේදි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද 17/13 දරණ නඩුවේ හරය කෙරෙහි සැළකිල්ල දක්වමි.
එයින් අදහස් කර ඇත්තේ ව්‍යාවස්ථාදායකය විසින් දඩුවම් නියම කිරිමේදි අවම සහ උපරිම දඩුවම් නියම කර ඇති විටෙක වුවද එම නඩුවේ කරුණු සළකා බලා ද ලිහිල් දඩුවම් නියම කිරීමේ අයිතිය නඩුව විභාග කරන විනිසුරුවරයා සතු බවයි. විත්තිකරු මේ වන විට බේකරි රැකියාවෙන් ඉවත්ව යුද හමුදාවට බැදි පුහුණුව ලබමින් සිටින බවද කියයි. එම තත්ත්වය මත ඉදිරි අනාගතය රටට වැඩදායි පුද්ලයකු වශයෙන් ජීවත්විමට ඔහුට අවස්ථාව ලබාදිය යුතුය.
ඒ අනුව වයස අවුරුදු 21 වැනි වියෙහි පසු වන ඔහුට මා විසින් සක‍්‍රිය සිර දඩුවමක් නියම කළහොත් ඔහු රටට බරක් වන පුද්ගලයෙක් වනු නොඅනුමානය. ඒ අනුව විත්තිකරුට සියලූ චෝදනා වලට අත් හිටවූ සිර දඩුවම් සහ රජයේ ගාස්තු නියම කරමි."
ඔහුට දෙවසර සිරදඩුවමක් නියම කළ විනිසුරුවරිය දසවසරකට දඬුවම අත්හිටුවාය. රුපියල් 2500 ක් රජයේ ගාස්තු ගෙවන ලෙස නියම කැරිණි.
ලංකාදීප අන්තර්ජාල පුවත්පත
ලංකාදීප අන්තර්ජාල පුවත්පත
ඔබට බොහෝසේ ස්තූතියි ගරු විනිසුරුතුමියනි!
පලි - මෙතන හැබැයි මෙහෙම පැත්තකුත් තියනව. හැමදාම උසාවිවල නඩු අහල මේ විදිහට කරුණු කාරණා සානුකම්පිතව සලකා බලල තීන්දු දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ වගේම විනිසුරුවරුන්ට/වරියන්ට පැවරෙන වගකීමත් ඒකයි. එතකොට එක් විනිසුරුවරියක් මෙහෙම තීන්දුවක් දීම පත්තරවලට විශේෂ පුවතක් වීම සහ මේ ගැන ඒ ගරු විනිසුරුතුමියට ස්තූතිය ප්‍රකාශ කරල බ්ලොග් සටහනක් ලිවිය යුතුයි කියල මට හිතුන එක......මේ ගැන සලකල බලද්දි මොකද හිතෙන්නෙ? ඇයි එහෙම වෙන්නෙ? කොහෙද නැත්නම් කාගෙද වැරැද්ද?
ඔය අවසානෙට කියපු වගේ අවස්ථාවල බොහෝවිට කාන්තාවට වාසිදායක ලෙස තීන්දු දෙනවා..සමබර ලෙස සලකා බැලීඹට වඩා වෙන්නේ විනිසුරු බයස් වෙලා තීරණ දෙන එක.. කොතැනදී වුනත් කාන්තාව අසරණය කියලා එයාලට පක්ෂව තීන්දු දෙන එක වැරදියි. ඒකෙන් කාන්තාවෝ තවත් දරුනු වෙන්න ඉඩ තියෙනවා..
ReplyDeleteඔය කතාව වැරදියි. කොළඹ තත්වය වෙනස් වුනාට එතනින් ඈතට යන්න යන්න තත්වය හරි වෙනස්.පාසලේ 9-10 පන්ති පහුකරපු ගමන් විවාහ වෙන තරුණියන් බොහෝමයි.ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.දුප්පත්කම නිසා ඇතිවන ප්‍රශ්න හේතුකොටගන. ඔවුන්ව තවත් නඩත්තු කිරීමට පවුලට ඇති නොහැකියාව. ඔවුන්ගෙත් හීන තියනවා. ඒත් ඒ හීන හැබෑකරන්න ඔවුන්ගේ මවුපියන්ට බෑ. ඒ නිසා ඔවුන් ඒ හීන හැබෑ කරගන්න යන්නේ වෙනත් කෙනෙකුගේ ඇස්වලින්. ගොඩක්වෙලාවට ඒ හීන බොඳවෙනවා කියන එක ඇත්ත.ඒත් දුප්පත්කමට , නොදැනුවත්කමට පිලියම්නොකර ඔවුන් තවත් මඋරන්ඩුවෙයි කියලා බාලිකා නිවාසවලට ගාල් කිරීම කොච්චර සාධාරණද?
Delete:d
Deleteඔය අනුරාධපුර විනිසුරුවරිය බොහෝම සාධාරණයි කියන මතය ප්‍රදේශය පුරාම පැතිරිලා තියනවා.ඔය විනිසුරුවරියම තමන්ගේ දියනිය දූශනය කරපු පියෙකුට එවැනි අපරාද වලට මෑත ඉතිහාසයේ දේශීය අදිකරනයකින් දුන්න ලොකුම දඬුවමත් ලබාදුන්නා.
ReplyDeleteමොනව වුනත් විනිසුරුවරිය දීල තියෙන්නෙ බුද්ධිමත් තීන්දුවක්.
ReplyDeleteමේ විනිසුරුවරිය මිනිස්සුත් එක්ක පොළොවෙ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් කියන එක බොහෝම පැහැදිලිව පේනවා. ඔය පැතිවල බාල වයස් විවාහ කියන්නේ බහුලව තියෙන දෙයක්.. එ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ තේරෙන්නේ නැති බක පන්ඩිතයෝ දාහක් දේ කියයි.. එහෙම එකේ දෙමව්පියන්ගෙන්වත් නැති සරණක් මේ වගේ කෙන්ක්ගෙන් ලැබෙනවා කියන්නේ. දෙවියන් බුදුන්ගෙන් වත් ලැබෙන්නේ නැති දෙයක්..
ReplyDeleteවිශේෂයෙන් අපේ සමාජයේ පහල ස්ථර වල තිබෙන ස්වරූපය පිළිබඳව යථාවබෝධයෙන් ක්‍රියාකර ඇති මේ විනිසුරුතුමියට මගේ උත්තමාචාරය.
ReplyDeleteඔන්න බැසිල් මහත්තයට එහෙම නඩු දානවා නෙවෙයි. අපි කක පුපාගෙන මැරෙනවා.
පුළුල් දැක්මක් සහිත වටිනා තීන්දුවක්
ReplyDeleteඅහන්නත් සන්තෝසයි. අනේ වාසනාවන්!
ReplyDeleteලංකාවේ එක එක ජාතීන්ට එක එක විදිහේ අයිතිවාසිකම් හිමිවෙන විදිහට තියන එක එක නීති පද්ධති වලිනුත්, නීතිය ක්‍රියාත්මක වන රටාව ගැන මෙලෝ විශ්වාසයක් පැහැදීමක් නැතිව ඉන්න හුදීජනයා වන අපිට බොහොම සතුටුදායක තීරනයක් මේක.ඒ කියන්නෙ මොලේ තියන විනිසුරු තීරණයක් දකින එක මෙච්චරටම දුලබ වෙලාද? සාමාන්‍යයෙන් වෙන්න ඕනෙ දෙයක් උනාට දැන් කලාතුරකින් වෙන බුද්ධිමත් හැසිරීමක් දැක්කම අපිට කඳුළු එන තරම් සතුටු හිතෙනවා.
ReplyDeleteඒ විනිසුරුවරියට ආචාරය.
ජයවේවා..!!
දවස් කීපයකට කලින් මමත් ඔය නිව්ස් එක දැකල ඔය ලිපිය කියෙව්වා. ඇත්තටම එතුමිය බොහොම පැහැදිලිව කරුණු කාරනා එකින් එක විග්‍රහ කරනවා. සතුටුවෙන්න පුළුවන් තීරණයක්. මොකද පුද්ගලයෙක් බන්ධනාගාර ගත කරන එකේ අරමුණ ඔහු නැවත පුනරුත්තාපනය කරල චරිත ශෝධනයක් කරල යහපත් පුරවැසියෙක් ලෙස සමාජයට නිදහස් කිරීම විය යුතුයි. ඒත් සැබෑ ලෙසම බන්ධනාගාරවල එහෙම තත්ත්වයක් තියෙනවද? සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගතවන සමහර අය එළියට එන්නෙ දරුණු අපරාධකරුවන් එක්ක සම්බන්ධතා ඇතිකරගෙන තව තවත් අපරාධ කිරීමේ අරමුණෙන්. අනික මුලින් කිවූ අරමුණු ඉටුකරගැනීමටත් බාධාවන තරමට බන්ධනාගාර පද්ධතියට දරාගැනීමට නොහැකි තරම් වන සිරකරුවන් ප්‍රමාණය. ඔවුන් නඩත්තු කිරීමට වැයවන්නෙ මහජන මුදල්. (දරුණුගනයේ අපරාධකරුවන්, මහපරිමාණ මහජන මුදල් වංචාකරුවන් වගේ අය ගැන නෙවි මම මේ කිවුවෙ, ඔවුන් සැබෑ ලෙසම සිටිය යුත්තෙ බන්ධනාගාරවල තමයි-ඔය ලස්සෙට කොඩිය දාගෙන ජයට එළියෙ ඉන්න සමහරුත් ඇතුළුව)
ReplyDeleteයථාර්තය අවබෝධ කරගෙන, නිවැරදි කරුණු තර්කානුකුලව කල්පනා කරල, නීතිය රකින්න තරම් කොන්දක් එතුමිය සතුව ඇති එක ගැන සතුටුයි...
ReplyDeleteනිතිය නිවැරදිව අර්ථ නිරුපණය කිරීමට (legal interpretation) ඇත්තටම විනුසුරුවරයෙකුට හැකියාව තියෙනවා.. නමුත් බොහෝ විනිසුරුවරුන් 'මාන්නය' හා පොළොවේ පය ගහල ජිවත් නොවෙන කම නිසා (සමහර දොස්තරලටත් මේ ලෙඩේ තියෙනවා- ලෙඩාගේ අමාරුව මොකක් උනත් බෙහෙත් දෙන්නේ එය හිතන ලෙඩේට) වගේම නඩු ගැන දක්වන අල්ප උනන්දුව නිසා නිවැරදිව තීන්දු දෙන්න, නිතිය අර්ථනිරුපනය කරන්න වෙහෙසෙන්නේ නෑ. මේ විනිසුරුවරිය ඊට වෙනස් කෙනෙක්; රාජකාරිය ඇල්මෙන් කරන කෙනෙක් වග පේනවා..
ReplyDeleteස්තුතියි ඇයට! කිව්වා වගේම මෙහෙම ඒවා 'විශේෂ' වීම ගැන කණගාටුවට පත් වෙනවා..
තීන්දුව අගය කොට සලකමි. ඉතින් ඊට පස්සේ ගැහැණු ළමයාට මක් වේද. ඇයට නිසි රැකවරණයක් ලැබේද.
ReplyDeleteඅහිංසක කොල්ලෙක්ගෙ ජීවිතය කාලකන්නි කිරීමට දායක නොවීම ගැන එම විනිසුරුවරියට මගේ ආචාරය.
ReplyDeleteමොනව දේක උනත් තීන්දුව දෙනකොට පොතේ තියන දේම ඒ විදියට කරන්න යනවට වඩා ඒකට මුල්උන හේතු හොයල බලන්නෙ කී දෙනාද.
Hmmm
ReplyDeleteමුන්දැ නඩුකාරය උනානම් අර කොල්ලට මොනා කරයිද ?
Deleteඔබට බොහෝසේ ස්තූතියි ගරු විනිසුරුතුමියනි
ReplyDelete+++++++
//මේ ගැන සලකල බලද්දි මොකද හිතෙන්නෙ?
අඩේ මාටින් ලුතර් කියපු එක රිවස් වෙන කොට අපි හොල්මංද පොල්කොළ වෙන ගානටම ඇවිල්ලා.
//ඇයි එහෙම වෙන්නෙ?
දැන් තියන විදියට වඩා යහපතක් කරන්න පුළුවන් කියල මිනිස්සු තේරුම් නොගන්න එක.ඔය වැඩේට ජන මාධ්‍යවලට ලොකු වගකීමක් තියනවා
තමන්ගේ රාජකාරිය හරියට කරනවානං.
//කොහෙද නැත්නම් කාගෙද වැරැද්ද?
වැරද්ද රිලා මහජනයා බොල ඒ කියන්නේ අපි ඩෝ අපි.
මහජනයා කෙලින් නං පත්තර වලට පිස්සු කෙලින්න බෑ,ආයතන වලට පිස්සු කෙලින්න බෑ,
මන්ත්‍රී වරුන්ට පිස්සු කෙලින්න බෑ.
නැති බැරිකම නිවටකම නිසා දණින් වැටුනම දෙකට නවල තමයි අරින්නේ.
දක්ෂතම පෙරකදෝරුවාව තෝරන තරඟ දවසකට කොච්චර නම් තියනවද, සාධාරණය මොකක් වුනත්.
ReplyDeleteපරිකල්පන ශක්තියක් තියන හිතන්ඩ පුලුවන් විනිසුරුවරුන් / විනිසුරුවරියන් ඉන්නවා නම් හොඳයි ඉතිං.