පාදක තොරතුර:
1985 මාර්තු 5 වෙනිදා අපේ අම්මාට මල්ලි ලැබුණේ. ඊට කලින් 1982 මං ඉපදුනේ සිසේරියන් සැත්කමකින්. ඒ නිසා මල්ලිත් ඒ විදිහට සැත්කමකින් උපද්දවන්න තමයි වෛද්‍ය සැලසුම වෙලා තිබුණේ. ඒත් මල්ලි ඉපදුණු දවසේ පෝය හෝ වෙනයම් රජයේ නිවාඩු දිනයක් හෝ වෛද්‍යවරයාගේ පුද්ගලික නිවාඩුවක් හෝ නිසා ඊට පහුවදාට සැත්කම කරන්න තීන්දු කරලා තිබුණා වුනත් ඒ කියූ නිවාඩු දවසේ අම්මාට අමාරු වෙලා. කාර්යය මණ්ඩලයට කතා කළා ම ඇවිත් බලලා තව කල් වේලා ඇති බව පවසා තිබෙනවා. ඒත් ටික වේලාවකින් අම්මා හුන් ඇදේදීම අම්මාට මල්ලි ව ලැබෙනවා. ඒ සිදුවීමත් එක්කම මල්ලිට අපද්‍රව්‍ය පෙවෙනවා. එයා නිල් වෙනවා. එයාව හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනවා. එයා අසනීපෙන් ඉන්දැද්දි ම අපි එයාට නමක් තබනවා. 'දීඝායූ මධුශංඛ'. වීදුරු කුටීරයේ ප්‍රතිකාර ලබමින් ඉන්න මල්ලි දින කිහිපයකින් මෙලොව හැර යනවා. මට එයාව දකින්න ලැබුණේ නැහැ. එයාව ගෙදර ගෙනාවේ නැහැ. ඒත් අම්මා මල්ලිගේ හැඩරුව විටින් විට අපට කියලා තියෙනවා. මේ සිදුවිම සිදු වුණේ කාසල් වීදියේ කාන්තා රෝහලේදී. අවුරුදු 32ක් ගතවීත් අදටත් බොරැල්ල කනත්ත ගාවින් යද්දි මේ කොතන හරි මල්ලි ඉන්නවානේ කියලා මට හිතෙනවා.

මල්ලි අද හිටියා නම් මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ එයා කවදාවත් මං ලඟ නොහිටපු නිසා. මට නැතිවුණේ මොකක්ද කියලා මං නොදන්න නිසා. ඒත් මට වෙලාවකට හිතෙනවා සමහරවිට මං මේ වෙනකොට නැන්දා කෙනෙක් වෙලා ඉන්න තිබුණා. මොන වගේ නෑනා කෙනෙක් මට ලැබෙන්න තියෙන්න ඇත්ද? මල්ලි මොන වගේ මාමා කෙනෙක් වෙන්න තිබුණද? ඔය වගේ දේවල් මට හිතෙනවා. ඒ සේරම දේවල් වලට වඩා මට අම්මායි තාත්තායි ගැන දුක හිතෙනවා. මල්ලි ලැබෙන්න ඉද්දි අපි හිටියේ රද්දොලුගම නිවාස සංකීර්ණයේ. එහේ ඉඳන් කෝච්චිවල බස් වල සෙනග ගොඩේ හිරවෙලා තෙරපිලා ගමන් කරලා කොළඹ රස්සාවට එන ගමන් තමයි අම්මා මාස 9ක් මල්ලිව රැක ගත්තේ. එහෙම රැකගත්ත දරුවා නිරපරාදේ නැති වුණාම ඒක අම්මාට කොහොම දැනෙන්න ඇතිද කියලා මට හිතෙනවා. ඊට පස්සේ කිරි එරෙද්දි අම්මා රස්සාවටත් යන්න ඇති. ඈ හිතේ හයිය ඇති ලලනාවක්. නමුත් අම්මාට දැනුත් මල්ලිව මතක් වුණාම ඇස්වල ඇතිවන හිස්බව අම්මාගේ හිත පෙන්වන කණ්නාඩියක් වගේ.
මල්ලි ලැබෙද්දි තාත්තාට වයස අවුරුදු 29යි. අම්මාට පොරොන්දු වුණු පරිදි ම තාත්තා මල්ලි සම්බන්ධ ව අදාළ කටයුතු ඉටු කරලා තිබුණා. එක නිවාඩුවක් නිසා, එකම එක නිවාඩුවක් නිසා අපේ අම්මාටයි තාත්තාටයි එයාලාට ලැබුණු දරුවා, එයාලාට ලැබුණු එකම පිරිමි දරුවා අහිමි වුණා. ඒක දෛවයේ උරුමය වෙන්න ඇති. ඒත්...
ආ සැනින් ඇදී යන්න වෙනතක
කුමක් විය හැකිද තිබූ සැලසුම?
හදවතේ බෝ දැනෙන අඟලක
හිදී නුඹ නෙත් පියා නිහඬව
නළල මැද්දේ හීන් කෙහෙරොද
එහෙමමයි අම්මා කියූ විලසම
අපි හැමෝට ම වැඩිය බුහුටිව
උපන් නුඹ පා බිමින් නොතියම
කුමක් විය හැකිද තිබූ සැලසුම
ආ සැනින් ඇදී යන්න වෙනතක
ඒ එදාටත් වඩා වැඩියෙන්
දැනෙනවා අද ඒ අඟල තෙරපී
බිම නොතියූ පා හදේ තිය තිය
දැනුත් නුඹ මේ කොහේ යනවද?
ටොකු කන්න වුව හිත හදාගෙන
පුංචි අක්කෙක් ඇඳ හදාගෙන
ගෙදර හිටියා මග බලාගෙන
මල්ලියේ උඹ ගියේ නොදැනද?
කාලෙකින් ආවෙ මේ පැත්තෙ, සංවේදී කතාන්දරයක් සහ පද පෙළක්...
ReplyDeleteසමහර දේවල් අපට උරුම නැහැ, ඒ දේවල් මොහොතකට රැදුනත් අයිති වෙන්නෙත් නැහැ, මේ කියන දේත් ඒ වගේ තමයි, එයා වැඩිහිටියෙක් වෙලා කොයි වගේ පුද්ගලයෙක් වෙයිද කියන්න කවුරුත් දන්නෙත් නැහැ...අපි හැමදාමත් නොලැබුන දේ වෙනුවෙන් දුක් වෙනවා...අයිති නැති දේ හොයනවා...තියන නරක දේවල් වලට සාප කරනවා...බොහෝ සැලසුම් බුදු දහමට අනුව නම් කර්මානුරූපීයි...
++++++++++
ReplyDeleteඅති සංවේදී ලිපියක් ඔබට ඔබෙසහොදරයා නැතිවීම කෙබඳු දැයි මට හොඳට දැනෙනවා. මගේ පියාගේ පවුලේ 8 වන දරුවා මෙලොව හැරගොස් තිබුණා ඉපදෙනවිටම. එමෙන්ම 1980 දශකයේ සොඛ්‍ය සේවය පිලිබඳ මගේ පැහැදීමක් නෑ. මගේ හොඳා යාලුවාගේ අම්මා අවිස්සාවේල්ල ඉස්පිරිතාලේ නැතිඋනා එයාගේ නංගි ලැබෙන්න ගිහිල්ලා අම්මයි ලමයි හොඳින් හිටියත් එකපාරටම අම්ම නැතිවුණා. එයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න ඒ සිදුවීමට පුලුවන් උණා.
ReplyDeleteවිචාරක දියණිය
සංවේදී සටහනක්.
ReplyDeleteයම් දෙයක් නොලැබී යාමට තියෙනවනං මොනයම් හෝ කරුණක් හෝ ඒකට හේතු වෙන්න පුලුවන්.
මම අයියා කෙනෙක් උනේ 1971.... හරියටම දින 21 කට පස්සෙ ඒ පදවිය මට අහිමිඋනා.. සෞඛ්‍ය පහසුකම් නැති පිටිසර ගමක කටු මැටි බිත්ති හතරක් මැද්දෑවෙ තිබුණු පුන්චි පෙට්ටියත්..තාත්ත තනියම ඒ පෙට්ටිය කරේ තියන් ගිය හැටිත්..එවකට හත් හැවිරිදි කොලුවෙකුව හුන් මගේ මතක ගබඩාවෙ චායාවක්ව තියෙනව..
ReplyDelete++++++++++
ReplyDelete1980 ට පෙර කාලයේ බොහෝ පවුල් වල සාමාජිකයන් අඩු වයසෙන්ම මිය ගිහිං තිබෙනවා නේද? කැරලි කොලහලත් එයට පාලන්න ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දුර්වල කමට අමතරව.
ReplyDelete1980 න් පස්සේ බොහෝ දෙනෙක් අඩු වයසෙන් මිය ගියේ කැරලි කෝලාහල නිසා.
2010 න් පස්සේ ශ්‍රී ලංකාවේ සිදුවන මරණ බොහෝ සිදුවන්නේ රිය අනතුරු නිසා.
යක්ෂයා සැරිසරන මේ අඳුරු ලෝකේ ඉන්නවාට වඩා දෙව්මව් තුරුලට ගිය උදවිය වාසනාවන්තයි. ඔයාගේ සහෝදරයා දැන් දෙව්ලොව ඇති. එම නිසා දුක්වෙන්නට එපා මිතුරිය.
කණගාටුයි..
ReplyDeleteඅම්මාට වේදනාව කොපමණ විය හැකිද?
මාස නමයක් දරාගෙන ඉදලා, සියල්ල බිඳවැටෙද්දී..
නිමක් නොපෙනෙන ඈත අහසේ
ReplyDeleteපුංචි තරුවක් වෙන්න ඇරයුම්
ලදින් නොකියම යන්න වූයේ
සමා වුව මැන පුංචි අක්කේ...
:-(
ReplyDelete++++++++++++
ReplyDeleteඔහ..
ReplyDeleteබුකියේ කියෙව්ව. ඇත්තටම දුකයි.
ReplyDelete