Tuesday, July 17, 2018

596. The Story Of My Marriage - 76 - I Felt As If My Soul Has Taken Leave Of My Body And Floating Away………..

An Artist's Depiction of The Soul Leaving The Body
 - Google Images

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව."

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය...." මම බිම බලාගෙන කිව්ව.

ඩයනා එක පාරට නිකං පුදුම උනා වගෙ ඇස් බැමිත් රැලිකරගෙන මා දිහා හැරිල බලනව මම යම්තමට ඇස් කොණින් වගෙ දැක්ක

"ම්හ්ම්….." මම උගුර පෑදුව. "හරියටම කිව්වොත් එයාමත් නෙවෙයි. එයාගෙ පවුලෙ උදවිය තමයි ප්‍රශ්ණෙ...කමක් නෑ....මම දන්නව පැය දෙකකින් ඒ වගෙ ප්‍රශ්ණෙකට පිළිතුරු හොයන එක කොහොමත් ලේසි නෑ. ඒ හින්ද මම යන්නම්... ඔය දෙන්නටම බොහොම ස්තූතියි."

"මේ ළමයව තව මිනිත්තු පහළවකින් මගෙ කුටියට එවන්න…." ගුරුජී ඩයනා දිහාට හැරිල එහෙම කියල  බොහොම ශාන්ත විලාසයකින් භෝජන ශාලාවෙන් පිටවෙලා යන්ට ගියා.

ගුරුජීගෙ කුටිය පිහිටල තිබ්බෙ අතරින් පතර කහපාට මල් පිපුනු මල්ගොමු අතරින් විහිදගිය, ප්‍රධාන ගොඩනැඟිල්ලෙ ඉඳල භෝජන ශාලාව දක්වා පැතිරුනු පෙත්මඟ තරම්ම පළල් නොවුනු, මට හිතුනු විදිහට බොහෝවිට සක්මන් මළුවක් විය හැකි ගඩොලින් නිමවුනු කුඩා අඩිපාරක කෙළවර. 

ඩයනා මට ගුරුජීගෙ කුටිය පෙන්නල ආපහු යන්ට ගියා. "හරියටම මිනිත්තු පහළවකින් කුටියෙ දොරට තට්ටු කරන්න….." ඈ යන්ට කලින් හිනා වෙලා එහෙම කිව්ව. 

"බොහොමත්ම ස්තූතියි ඔබ මට කල උපකාර වලට…." මම ඇයට සිනහවකින් සමුදුන්න.

මම ඒ අසළම තිබුණු සුවිසල් නුග ගසක සෙවණේ මිනිත්තු පහළවක කාල සීමාව ගත කරල හරියටම නියමිත වෙලාවට ගුරුජීගෙ කුටියෙ ද්වාරය ඉදිරිපිට හිටගත්තා.

මම කුටියෙ ද්වාරයට තට්ටු කරන්නට සුරත ඔසවනවාත් සමඟම ද්වාරය විවර වෙලා ගුරුජී එළිපත්ත මත පෙනීසිටියා.

"එන්න ක්‍රිෂ්…." ගුරුජී මන්දස්මිතියකින් සැරසුනු මුවගින් යුතුව මාව පිළිගත්ත. "එන්න ඇතුළට……"

ඔහු ගිහිල්ල ඒ කුඩා කුටියේ පසෙක තිබූ සයනයක් මත හිඳගත්ත. අවශ්‍ය පරිදි ආසනයක් ලෙසද භාවිතා කල හැකි ශක්තිමත් දැවයෙන් තැනූ එවන් සයනයන් මම බොහෝවිට ආශ්‍රම අරභයා ලියවුනු ප්‍රවෘත්ති පත්‍ර ලිපිවල දැකල තියනව.

මම ගුරුජී ඉදිරියේ පොළව මත එලා තිබූ කළාලය මත දෙපා නවා හිඳගත්ත. කුටිය තුල වෙනත් කිසිදු අසුනක් නොතිබුනු නිසා සහ ගුරුජී සයනය මත හිඳගත් තැනට හරියටම ඉදිරියෙන් කළාලය එලා තිබූ නිසා ඒ මා වෙනුවෙන් පැනවූ අසුන බව වටහා ගැනීමට මට අසීරුවූයේ නැහැ.

මා ඉදිරියේ සයනය මත එරමිණිය ගොතා හිඳහුන් ගුරුජීගේ දෑස් කෙමෙන් පියවුනා. 

ගුරුජීගේ මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලාහුන් මගේ සිතට නැඟුනේ මෙලෙස කුඩා කුටියක් තුල සාධුවරයෙකු ඉදිරිපිට හිඳ ඔහුගේ මුහුණ දෙස බලා සිටින්නට අද උදෑසන අනන්‍යා ඇගේ කාර්යාලය අසල බස්සවා ඇගෙන් සමුගන්නාවිට මගේ තුන්සිතකවත් කිසිදු අදහසක් නොතිබුනු බවය.

ඒ අවස්ථාවේදී මසිත තුලවූ එකම අපේක්ෂාව වූයේ සවස කතිකාකොටගත් පරිදි කෝපි පානය උදෙසා අනන්‍යා හමුවනතෙක් පොන්ඩිචෙරියෙහි සුපතල ප්‍රංශ අවන්හල් පීරීම පමණයි. මෙසේ ගුරුජී කෙනෙකු හමුවන්නට මට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තෙන්ම තිබුනේ නැහැ. දෛවයක් පිළිබඳව මගෙ ඒ හැටි විශ්වාසයක් නොතිබුනත් මේ සිද්ධියනම් එහෙම එකක් වෙන්න ඕන කියල මගෙ හිත මට කිව්ව.

"මෙහෙම මෙතනට එන්ට සිද්ධ වුනු එක ඔබට මහත් විශ්මයක් වෙන්න ඕන එකත් එකටම. ඒත් මම හිතන්නෙ අප හමුවුනේ දෛවෝපගතවයි." ගුරුජී එක පාරටම එහෙම කිව්වම මම විශ්මය පත්වුනා.

"ඔබතුමා අනුන්ගෙ හිත් කියවන්නත් දන්නවද?" ඒ ප්‍රශ්ණය මගෙ මුවෙන් පිටවුනේ ඉබේටමයි.

"නැහැ, ඇත්තම කිව්වොත් හිතම නෙවෙයි. මම කියවන්නෙ මිනිස්සු. නිවැරදිව මිනිස්සු කියවන්නට ඉගෙන ගත්තොත් ඔබට කවදාවත් වරදින්නෙ නැහැ. හරි අපි ඔබේ ප්‍රශ්ණෙට එමු. ඔබේ හිතේ බොහොම විශාල දෙගිඩියාවක්, තැවුලක් තියන බව ඔබේ මුහුණේ ඉරියව් වලින් මට ඉතාම පැහැදිලියි."

එහෙම කියල ගුරුජී තම දිගු සුදු රැවුල ඉහළ සිට පහළට අත ගාමින් මා දෙස නිහඬව බලා සිටියා. මම අඩක් පහතට යොමුවූ දෙනෙතින් යුතුව ඔහු ඉදිරියේ හිඳගෙන සිටියා මිස කිසිවක් පැවසුවේ නැහැ.

"ඔබ ඔබට ඇති ප්‍රශ්ණය නොපවසන්නේ නම් එය විසඳා ගැනීමට මම ඔබට උපකාර වන්නේ කෙසේද? කරුණාකර ඔබේ ප්‍රශ්ණය පවසන්න දරුවා.." නිහඬත්වයෙන් ගතවූ මිනිත්තුවක පමණ කාලයකින් අනතුරුව ගුරුජී ශාන්ත ස්වරයකින් මා අමතා එසේ පැවසූවා.

"ගුරුජී ......" දිගු සුසුමකින් අනතුරුව මම කතාකලා. 

"මගෙ පෙම්වතිය දෙමළ. මම පන්ජාබි. අපි දෙන්නගෙ පවුල් දෙකේම වැඩිහිටියො ඒ කියන්නෙ දෙපැත්තෙම දෙමව්පියො අපේ විවාහයට විරුද්ධයි. අපි දෙන්නම ඒ කිව්වෙ මමයි මගෙ ගෑණු ළමයයි දෙන්නම අපිට පුලුවන් උපරිම විදිහට උත්සාහ කරනව මේ විරුද්ධත්වය නැතිකරගන්ට. ඒත් ඒ උත්සාහය සාර්ථක වෙන බවක් පේන්න නෑ. ඔය හින්ද මම ඉන්නෙ බොහොම හිතේ අසහනයෙන්. හිත් වේදනාවෙන්."

"හ්ම්ම්ම්.. එහෙමද?....හරි එහෙනම් දැන් ඇස් දෙක වහගන්න. වහගෙන ඔබගෙ මේ ප්‍රශ්ණය ගැන ඔබගෙ හිතට එන ඕනම දෙයක් කියන්න. කිසිම දෙයක් හිතේ නතර කරගන්න, ගිලගන්න එපා. හිතට එන ඔක්කොම ඒ විදිහටම කියන්න."

"මම ඇයට ආදරෙයි…….." මම කිව්වා. 

"මමයි එයයි එකට ඉන්නකොට අපි දෙන්නම බොහොම සතුටෙන් ඉන්නෙ. ඉතින් අපි දෙන්නට ජීවිත කාලෙම එහෙම එකට ඉන්න පුලුවන්නම් අපි දෙන්නට හරිම සතුටින් ඉන්න පුලුවන් වෙයි. ඒත් ගුරුජී…….."

"ඔව්..දිහටම කියාගෙන යන්න..නවත්වන්න එපා…"

"ඒත් ගුරුජී අපේ ඒ සතුට හින්ද ජීවිතේ අපිට බොහොම සමීපව ඉන්න අය අසතුටු වෙනවනම් අපි අපේ සතුට ගැන විතරක් හිතන එක හරිද? මට ඔය ගැටළුව හිතට බොහොම වද දෙනව ගුරුජී රැයක් දවාලක් නැතුව…"

මම තවත් දිගටම කතා කරගෙන ගියා. මගෙ හිතට ආපු හැඟීම්....මෙච්චර කාලයක් තිස්සෙ කාටවත් කියාගන්න බැරුව හිතේ අහුමුළුවල හංගගෙන හිටපු හැඟීම්.....ගඟක් මහ වැස්සකට පස්සෙ දෙගොඩ තලා ගලා යනව වගෙ මගෙ කටින් පිටවෙලා ගුරුජීගෙ කුඩා කුටියෙ අවකාශය පුරාවට පැතිරුනා. මමම කතාකරගෙන ගියා මිසක ගුරුජී කිසිම දෙයක් කිව්වෙ නෑ. යන්තමට හ්ම්ම්ම් සද්දයක්වත් නෑ. මම ඇස් වහගෙන හිටපු හින්ද ගුරුජී තවමත් මා ඉස්සරහ ඉඳගෙන ඉන්නවද නැත්නම් හෙමිහිට කිසිම සද්දයක් බද්දයක් නෑහෙන විදිහට නැඟිටල කොහෙවත් යන්ට ගිහිල්ලද කියල මම දන්නෙ නම් නෑ. ඒත් මම දිගටම කියවගෙන ගියා....

"ඉතිං මොනව උනත් අන්තිමට මට කියන්ට තියෙන්නෙ මම ඇයට ආදරෙයි. ඇයත් මට ඒ වගේම ආදරෙයි. කොටින්ම ඇය තමයි මගේ අනාගතය…." මම එහෙම කියල කතාව පටන්ගත්ත වගේම දිගු සුසුමක් හෙලල කතාව ඉවර කලා.

කතාව ඉවර කලත් මම ඇස් ඇරියෙ නෑ. එහෙමම ඇස් වහගෙනම සෙමෙන් හුස්ම ඉහල පහල දමමින් සිත සන්සුන් කරගන්නට උත්සාහ කලා.

"එච්චරද ක්‍රිෂ්?........ කතාව ඉවරද?" ගුරුජීගෙ කටහඬ මට ඇහුනා. 

"එහෙමයි ගුරුජී මට කියන්ට තියෙන්නෙ ඔච්චරයි…" මම ඇස් නෑරම කිව්වා.

"ඔබට සහතිකද ඔය ඔබගේ ගැහැණු ළමයගෙ ප්‍රශ්ණය විතරයි ඔබගේ සිතට වද දෙන්නෙ කියල?"

"මට පැහැදිලි නෑ….මොකක්ද ඔබ මේ කියන්න හදන්නෙ?"

"මට පේනව දරුවා ඔබ තුල ඔබ සිත තුල කාලාන්තරයක් තිස්සෙ නොවිසඳුනු ප්‍රශ්ණයක් තිබෙන බව. ඒ ප්‍රශ්ණය හින්ද ඔබ බලවත් සිත් තැවුලකින් ඉන්නෙ. බලවත් වේදනාවකින් ඉන්නෙ. ඔබගේ අනාගතය ගොඩ නඟා ගැනීමට පළමු දරුවා ඔබ ඔබේ අතීතයේ නොවිසඳුනු ගැටළු විසඳාගත යුතුයි අනිවාර්යයෙන්ම. ඒක තමයි එකම විසඳුම. වෙන ක්‍රමයක් නෑ."

"මොකක් ගැනද ගුරුජී ඔබතුමා මේ කියන්නෙ?"

මගේ ස්වරය යම් තරමකට උච්ච වුනා නම් ඒ මම හිතල මතල කල දෙයක් නෙවෙයි. ඉබේටමයි. එහෙම අහන ගමන්ම මම ඇස් ඇරියා. ගුරුජී තවම මා ඉදිරියේ එරමිණියා ගොතාගත්වනම හිඳ සිටියා. ඔහුගේ ඇස් තවමත් පියවෙලා.

"ආයෙමත් ඇස් වහගන්න දරුවා…" ගුරුජී තම දෑස් නෑරම කිව්වා.

"එහෙමයි…" මම එහෙම කියල ආයම දෑස් වහගත්තා.

"හරි දැන් මට කියන්න. රාත්‍රියේදී ඔබට නින්දට පිවිසීමේ අපහසුවක් තිබෙනවා නේද?"

මම කිසිවක් නොපවසා නිහඬව සිටියා.

"මම අසන ප්‍රශ්ණවලට ඔබ පිලිතුරු නොදෙන්නේනම් මට ඔබට උපකාර කිරීමට අපහසුයි දරුවා. ඔබට රාත්‍රියේ නින්ද යන්නේ සයනයට පිවිස බොහෝ වේලාවක් ගතවීමෙන් පසුවයි නේද?"

"එහෙමයි."

"මට කියන්න එලෙස නින්දට යාමට අපහසුවන්නේ ඔබට තිබෙන ප්‍රශ්ණ නිසා නේද?"

"එහෙමයි."

"මට කියන්න මොනවද ඒ ප්‍රශ්ණ?"

"එකක් කියල නෙවෙයි ගුරුජී. මගේ රැකියාව සම්බන්ධ ප්‍රශ්ණයක් තිබෙනවා. ඇත්තම කිව්වොත් මම දැනට කරන රැකියාව කරන්නෙ කිසිම උනන්දුවකින් නෙවෙයි. නොකර බැරිකමට. ඊලඟට මම කිව්වෙ අර මගෙ ගැහැණු ළමය,අනන්‍යා සම්බන්ධ ප්‍රශ්ණය. ඒ කිව්වෙ අපේ අනාගතය ගැන කිසිම ස්ථිරතාවයක් නැති එකේ ප්‍රශ්ණය. ඊලඟට මගෙ පියා..."

මම ඒ අන්තිම වචන කීපය කිව්වෙ බොහොම හෙමිහිට. ඇහෙන නෑහෙන ගාණට.

දැඩි නිහඬතාවයකින් හාත්පස පිරීගිය මිනිත්තුවක් පමණ ගතවුනා. ඊට පස්සෙ ගුරුජී කථාකලා.

"ඔබේ පියා …...හ්ම්ම්ම්…..ඔබේ පියා ගැන මට කියන්න…"

"ඒ ප්‍රශ්ණෙ බොහොම සංකීර්ණයි ගුරුජී" මම හෙමිහිට කිව්වා. 

"හ්ම්ම්ම්..සංකීර්ණයි...ඒ වගේම ඔබේ හිතට දැඩි බරක්... එහෙම නේද?"

මම දිග සුසුමක් හෙලුවා. 

"අත ඇරල දාන්න…." ගුරුජී එක පාරටම කිව්වා.

"මට බෑ. මට ඒක කොහොමවත්ම කරන්න බැරිවෙයි. කොටින්ම මම ඒ ගැන කතා කරන්න වත් කැමති නෑ…" මම කියාගෙන කියාගෙන ගියා. 

"මෙච්චර දවසක් ඒ ගැන කතා කලේ නැත්නම් අද අපි ඒ ගැන කතා කරමු."

"මට බෑ….." මම ආයෙමත් කිව්වා.

"ක්‍රිෂ්, මම මේ අහගෙන ඉන්නෙ....."

ගුරුජී එහෙම කියල උඩුකය නවල ඉස්සරහට පහත්වෙලා ඔහුගේ සුරතේ අත්ල මගේ හිස් මුදුනත තිබ්බා. මගෙ හිසට සහ අනුක්‍රමයෙන් මුලු ගතටමත් විශ්මයජනක සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මාව අමුතුම ලෝකෙකට පාවෙලා යනව වගෙ මට දැනෙන්න ගත්තා. 

හරියටම මට හිතුනෙ මගේ ආත්මය මගේ සිරුර අතහැරල ඉන් පිටතට ඇවිල්ල හිතුමතේ කුරුළු පිහාටුවක් වගේ පාවෙලා යනව කියල. ඒත් මා ඉදිරියේ තිබෙන දුෂ්කර කාර්යය ගැන මට හොඳ වැටහීමක් තිබ්බා.

"ගුරුජී මට කොහෙත්ම මේක කරන්න බෑ. කරුණාකරල මා ලවා මේ වැඩේ කරවන්න උත්සාහ කරන්න එපා."

මම ගුරුජීගෙන් එහෙම බැගෑපත්ව ඉල්ලා හිටියෙ ගුරුජී මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? සහ ඒ කාර්යය ඉටුකිරීමේදී මට විඳින්නට වෙන වේදනාව ගැන මට හොඳ අවබෝධයක් තිබුනු හින්දයි. 

"ක්‍රිෂ්...මම අහගෙන ඉන්නෙ... දැන් කරුණාකරල පටන් ගන්න….."

ගුරුජී අනුකම්පා විරහිත එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම කිව්ව.

ඉතින්...ඉතින්....ඉතින්...මම මගේ කතාව කියන්න පටන් ගත්තා……

25 comments:

  1. http://myweb.usf.edu/~liottan/theegyptiansoul.html

    ReplyDelete
    Replies
    1. Thanks Pra, I am very interested in out of body experiences.....

      Would you believe that I know a friend of a friend of a friend of mine here who seldom stays in his mortal body but goes out roaming everywhere he wishes some times for hours on end?

      Very often you can see him lying on his bed in some kind of a deep trance with a note written in large letters resting on his chest.

      "Gone out for a while. Will be back in about 2 hours. Sorry for the inconvenience"

      Delete
    2. How many wives? girl friends?

      Delete
  2. මම හිතන්නෙ ගුරු ජී පැය දෙකෙන් වැඩේ සෙටල් කරල දෙයි වගේ මේ යන හැටියට.

    (මම කිවුවෙ ඔහෙට ප්‍රංශෙ කන්න ගියානං හොඳයි කියල හිතෙයි කියල) හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඔව්..ඔව්..කියන්නත් බෑ තමයි...ගුරුජිය වැඩ කාරය...

      Delete
  3. Replies
    1. ඔහෙගෙ කොමෙන්ට් එක අහසෙන් ද එන්නෙ.

      Delete
    2. මේකා මේ කසුනා....අනේ යස අගේට හිටි කොලුව.

      මේ වැඩි දවසක් නෑ අවුරුදු දෙකක් ඇති ඕනනං..අර මාවවුලෙක් පාත්වෙනව වගෙ බස බස ගාල තටු ගහල අහසෙං ඇවිල්ල හිට අපූරු කොමෙන්ට් එහෙම දදා හිටිය.

      අර යෝදි තනිකර මේ අහින්සකයගෙ ඔලුව නරක් කලා..ඔලුව නරක් කලා...ඔලුව නරක් කලා...සන්දුක්කාරේ!

      Delete
  4. Super episode. Thank you ravi. Have sent you an email.

    ReplyDelete
    Replies
    1. Ian,

      Thanks Boss..Saw your e-mail...Simply amazing...Will try to do something...:)

      Delete
  5. මේ එපිසෝඩ් එකම භාවනාවක් වගෙයි. ඔබතුමා ඒකට බොහොම ගැලපෙන භාෂාවකින් මේක ලියනව. බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. බත් කටවල් හතරක් ගිලින්නත් මදි

    ReplyDelete
    Replies
    1. මලිර සුරා,

      මොකෝ බං මේ මලිර?...ඇම්මැල්ලාර් එක අයින් කලාද?

      තොට බත් කවන්නද බොල ඌරුමීයො මම කතා ලියන්නෙ? ඈ?

      Delete
  7. කොටස් දෙකක්ම මිස් වෙලා නොවැ...

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      අහ් එහෙමෙයි? එහෙනම් කියවන්නකො...:)

      Delete
  8. ගුරු ජී සිරා නේ. ඔය වගේ සික් ගුරු ජි කෙනෙක් හම්බ වුනා මටත් දවසක් . කීව දේවල් කියන්න නම් බැහැ . තේ එකක් දීල යැව්වා :)

    ReplyDelete
    Replies
    1. අජිත්,

      තමන් ඉතා දැඩිව ඔය වගෙ එව්ව අවිශ්වාස කරනව උනත් ඔය අනාවැකි වගේ එව්ව අහන්නෙ නැතුව ඉන්න එක තමයි වඩාම හොඳ..කොහොම උනත් අපේ යටිහිතේ පතුලෙම පතුලෙ උනත් මඩ යට හැංගිලා ඔය විස්වාසෙ තවමත් තියනවනෙ කොච්චර නෑ කිව්වත්...

      අනික ඕපන් මයින්ඩඩ් කිව්වම ඔව්ව ගැන අවිස්වාස කරන්නත් බෑනෙ.

      "I neither believe nor unbelieve until proven to my satisfaction one way or the other...." That should be a good philosophy when dealing with this type of things I think...:)

      Delete
    2. ඒ කීව දේවල් මතක නැහැ බන්. මම අවිශ්වාස කරන්නෙත් නැහැ විශ්වාස කරන්නෙත් නැහැ ඔහේ ඉන්නවා මිසක්.
      හොඳයි මල්ලිලා මෙන්න මේක චෙක් කරන්නකෝ.
      උන් දෙනව ෆ්‍රී රිපෝර්ට් එකක් නම ගැන . දෙයියෝ අදහන බුවාලා ටිකක්. මට හිතෙන්නේ ගූගල් කරලා මිනිස්සුන්ගේ විස්තර හොයා ගන්නවා කියල.
      https://www.kabalarians.com/cfm/freenamereport.cfm

      Delete
  9. මේක පට්ට.. කොච්චර පට්ට ද කියනවනම් මටත් භාවනා කරල ගුරු ජී කෙනෙක් වෙන්න හිතුනා.. :).. හිනාවෙන්නේ? සිරාවට හලෝ කියුවේ..

    ReplyDelete
    Replies
    1. Kalyana,

      හරි හරි ගුරුජී කෙනෙක් වෙන්ට බැරිය....ඊට කලින් හොයල බලපන් අර මොකද උඹලගෙ ලොක්ක අඬන්නෙ කියල...

      මම දැක්ක දෙතුන් තැනකම පොර එක්ක ඉන්ටවීව් එකක්..මනුස්සය කියනව අනේ මම මෙච්චර දුක් මහන්සියෙන් ගොඩ නඟපු කම්පනි එක මේ ෆෝසස් වලින් අයිං වෙච්චි එවුං වගයක් ඇවිල්ල විනාස කරනව කියල...පව්..දුකයි ඒ කතාව ඇහුවම...

      Delete
  10. දැන් සුමාන දෙකකට විතර උඩදි අපි ගිය ගෙදරක පොත් රාක්කේ මේ පොත තිබ්බා. එතකොට අයියාගේ කතාව නැවතිලා තිබ්බේ අනන්‍යාව බස්සලා ක්‍රිෂ් යන්න හිතාගෙන හිටපු පැත්තට යන්නෙ නැතුව ආශ්‍රමේ පැත්තට හැරුණු තැනින්. ඔතන මොකක් හරි ලොකු දෙයක් වෙන බව දැනිලා තිබ්බ හින්දා මං පොත අතට අරගෙන එතන ඉඳන් කියවන්න ගත්තා. පැංචාගේ පස්සෙන් දුව දුව අයියා මේ කොටස් දෙකෙන් කියපු ටිකයි මෙතනින් එහාට ක්‍රිෂ් පරණ කතාව කියන ටිකයි කියවගත්තා. මේ හරිය අයියා කොහොම ලියයිද කියලා මං බල බල හිටියේ. හිතුවා වගේම හරිම decent විදිහට ලියලා. Thank you! :)

    /* ගුරුජී අනුකම්පා විරහිත එහෙත් ඉතාම සෞම්‍ය ස්වරයකින් එහෙම කිව්ව. */

    හප්පා, මෙන්න මේක තමයි ඉවසන්නම බැරි. මේ විදිහට වැඩක් කිව්වහම කොච්චර බැරි වුණත් බැහැයි කියන්නම බෑනේ මක් කරලවත්. :(

    ReplyDelete
  11. මේ මගුල ඇති බං

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...