Monday, October 26, 2020

658. පුවක් එෂැණිං - 57 - ක්‍රොස් ඕවර් ආතල්.......


Et tu Diana?

                                                                
මේ දවස්වල ඤූස් අහනකොට නිකං පිස්සු වගේ අප්පා..මගෙ ඔලුව නිකං අන්දොස් වෙලා තියෙන්නෙ...කොරෝනයි 20 යි දෙක ක්‍රොස් ඕවර් වෙලා තියෙන්නෙ..අර එක පාරක් දෙවෙනි ඉණිමයි සංගීතෙයි ක්‍රොස් ඕවර් එපිසෝඩ් එකක් ගියේ මතකද? අන්න ඒ වගේ...ඒ කියන්නෙ දැං මෙහෙමයි...මේ මයෙ ඔලුවට ආපු පුරස්න කන්දරාව...

1. ඩයනා කුමාරියි, සීසරුයි දෙන්නත් 20 වෙනි සංසෝදනේට පක්සයිද? 


2. ඇන්ටනි පොකුර ඇවිල්ල බ්‍රැන්ඩික්ස් පොකුරෙ ඥාතී පොකුරක්ද නැත්තං ආශ්‍රිත පොකුරක්ද? 


3. සාර්ව අතපය බැඳල මෝර ටැංකියට දැම්මෙ කවුද? 


4. මාක් ඇන්ටනි ඩයනට ඇන්නෙ වප්පිහියකිංද නැත්තං මන්න පිහියකිංද? 


5. සීසර් ලොක්ක මැරුං කෑවෙ 20 වෙනි සංසෝදනේට පක්සව කතා කරපු හින්දද?


6. අනික් එක මේ 20 වෙනි සංසෝදනේට සහ පිහි ඇනුංවලට අර ක්ලියෝපැට්රා අම්මණ්ඩිගෙ මොනම සම්බන්දයක්වත් නැද්ද?


7. එතකොට ඩයනා කුමාරි කියන විදිහට අර බුරූටස් ගොයිය සියඹලා ගෙනල්ලම නැද්ද?


8. හරි බුරූටා සියඹල ගෙනාවෙම නැහැයි කියමුකො. ඒත් අර අලි සබිරි පොලු ගහල කඩපු සියඹලා ගෝනියට අහවල් දෙයක් උනාද?


9. ගුල්ලේ ඇණවන්සයා අඹ කැඩුවෙ අලි සබිරියා සියඹල කඩන්ට ඉස්සෙල්ලද? ඊට පස්සෙද?


10. මුරුත්තෙට්ටුවා එතකොට මැදගොඩයා එහෙම කහකඩ වනල ගියපු දෙහිගහ තියෙන්නෙ ඔය සියඹල ගහ කිට්ටුවද නැත්තං අඹ ගහ කිට්ටුවද?


11. මැකලං රංජිත්ගෙ හාවක් හූවක් නැත්තෙ සීසර්ට පිහියෙං අනිනව බලන්ට ගිහිල්ල වත්ද?


12. වංකණ රත්වෙන්ට සොට් එකක් වැදුනම පංචායුදේ තැලෙන්ට පුලුවන්ද?


13. යටට අඳින්නෙ නැතුව ඉන්න වෙලාවක  සංවේදී උනොත් එහෙම මහ ජංජාලයක් නෙවද? 


14. සාර්ට තුනෙං දෙකත් හම්බ උනා..20ත් කොහොම හරි ගොඩ දාගත්ත..දැං ඉතිං කියාපු විදිහටම මේ යෝදය හෙටම රට හදන්ට පටං ගත්තම අපිට නිදාගන්ට වෙන එකක් නැතිවෙයිද  ඒ සද්ද බද්ද වලට?. ඒහින්ද හෙටම රට හැදිල්ල පටන්ගන්නෙ නැතුව අපිට නිදාගන්ට දවස් දෙකක් තුනක් විතර දෙන්ට බැයිද ලොක්කා..ප්ලීස්?


අනේ මන්දල්ලෑ අප්පා..ඔලුව විකාරවෙනව මෙව්වට උත්තර හොයන්ට ගියාම..අඩුගානෙ දෙකක් තුනක් විතරවත් ලඟ ලඟ  නවා ගන්නෙ නැතුව නං බැරිවෙන සයිස් එකක් තියෙන්නෙ...හ්ම්ම්ම්...

3 comments:

  1. මේ පෝස්ට් එක තනිකරම රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් ඊනියා, ඩයස්පෝරා, අධිරාජ්‍යවාදී, දේශද්‍රෝහී, පරගැති (දැනට මතක ඔච්චරයි) පළකරපු එකක්. වං කණට වැදුන ෂොට් එකෙන් පංචායුධේ තැලුනා කියන එක තනිකර අසත්‍ය ප්‍රචාරයක්. තැලුනේ පංචායුධේ නොවෙයි, සුරයයි. ඒ හැර, යට ඇඳුම් ඇඳලා ද කියලා අහන එක හරිම අසභ්‍යයි. හෙළයෝ වනන්නේ හෙළුවෙන් බව දැන දැනම එහෙම අහපු එකට මගේ විරෝධය!

    ලෝකයේ කොවිඩ් මර්ධනය අතින් ලංකාව දෙවෙනි තැනට පත්වෙලා තියන එකටත් මේ වගේ නොහොබිනා කතන්දර කොපමණ කියනවාද? ඒක ගණිකාවකගෙන් ලැබුන චරිත සහතිකයක් වගේ කියලා අවමන් කරන එක කොච්චර නරකද?

    කොවිඩ් 19, සමාජ පැතිරීමක් කොහෙත්ම නැති බව හැමෝටම පෙනෙද්දී , යාන්තමට වගේ බස්නාහිර පලාතෙයි, දකුණු පලාතෙයි, නැගෙනහිරයි, උතුරයි, උතුරුමැදයි, මධ්‍යම පළාත් වලයි, වයඹයි, සබරගමුවෙයි, ඌවෙයි විතරක් තියෙද්දී මේ විදියට රජය අපහසුතාවයට පත් කරන එක සම්පුර්නයෙන්ම වැරදියි.

    අන්තිමට කියන්න තියෙන්නේ, හදිසියේ වත් ඇඳිරි නීතිය දැම්මොත්, ළඟ ළඟ දෙකක් නවා ගන්න නොවෙයි, පණු අමාරුවට තේ හැන්දක් බොන්නවත් බඩු නැතිවෙයි. ඊට කලින් ස්ටොක් කර ගන්න.

    ReplyDelete
  2. Friends, Romans, countrymen, lend me your ears;
    I come to bury Caesar, not to praise him.
    The evil that men do lives after them;
    The good is oft interred with their bones;........

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...