Wednesday, November 11, 2020

660. සුබ ගමන් ඩබ්.ඩී….....

කොපි කරල පොත් ලිවිල්ල ගැන හෙණ හාහෝවක් යන මේ දවස්වලම ඩබ්.ඩී. ආරියසිංහ මහත්තය මිය ගිය එක නම් අපූරුම Coincidence එකක් නොහොත් සමපාතයක්...

මට මතක විදිහට අනූගණං වල මුල් කාලෙ වගෙ ඩබ්.ඩී. ආරියසිංහ කියල ගායකයෙක් අමරදේව මාස්ටර්ගෙ ගීත සී.ඩී. එකක් නිකුත් කරල බොහොම කෙටි කාලයකින් ජනප්‍රිය වුනා. සන් ෆ්ලවර් සංගීත කණ්ඩායම තමයි ඒ ගීතවලට සංගීතය සැපයුවෙ…

ඒ කාලෙ ඔය සන් ෆ්ලවර් සමඟ කියල සී.ඩී. ගහන රැල්ලක් ආවනෙ..සන් ෆ්ලවර් සමඟ ගුණදාස කපුගේ..සන් ෆ්ලවර් සමඟ දයාරත්න රණතුංග කියල එහෙම. සන් ෆ්ලවර් සමඟ ඩබ්.ඩී. ආරියසිංහ කියල තමයි අමරදේවගෙ ගීත අඩංගු සී.ඩී. එක නිකුත් වුනේ...

අමරදේව ලොක්ක එක්ක දාගත්ත මොකක්ද වලියකට පලිගනු වස් කේමදාස ගොයිය තමයි කියනව ඩබ්.ඩී.ආරියසිංහ ලව්ව අමරදේවගෙ සිංදු කියෙව්වෙ කියලත් කියනව...මොකද ඒ කියපු ගීත ඔක්කොගෙම සංගීතය කේමදාසගෙ. 

ආරියසිංහ ඒ කාලෙ පොඩි කොල්ලනෙ. නැඟී එන ගායකය..කේමදාස මිනිහට මෙහෙම කියන්ට ඇති..

"අයිසෙ තමුසෙ බය නැතුව ඔය සිංදු කියනව..මමනෙ කියන්නෙ..ඔව්වයෙ මියුසික් මගේ.."

"සර්..මට බය නඩුවක්වත් වැටුනොත් කියල..." ආරියසිංහ එහෙම කියන්ට ඇති...

"නඩුවක් වැටුනොත් මම උසාවියට ගිහිල්ල උත්තර බඳින්නං..."

කොහොමහරි ආරියසිංහ ඒ සිංදු ටිකත් කිව්ව..නඩුවක්  වැටුනෙත් නෑ හැබැයි...සමහරවිට අමරදේව කේමදාසගෙ හැටි දන්න හින්ද ඔන්න ඔහෙ ඕන මඟුලක් කර ගත්තාවෙ කියල නිකං ඉන්න ඇති. 

නැත්නම් නීති උපදෙස් ගත්තම දැනගන්ට ලැබෙන්ට ඇති ගීතයක අයිතිය තියෙන්නෙ ගායකයටද, තනුව නිර්මාණය කරපු සංගීතවේදිහටද එහෙමත් නැත්නම් ගීතය ලියපු පද රචකයටද කියන එක ගැන පැහැදිලි නිර්වචනයක් නැතය කියල..කොහොම හරි ඔය ආරියසිංහ කියපු අමරදේවගෙ ගීත හින්ද ගීතයේ අයිතිය ගැන පුලුල් කතිකාවතක් ඇරඹුනා. මට මතකයක් නම් නෑ අන්තිමට මොකක්ද තීරණය වුනේ කියල.. 

බලාගෙන යනකොට කේමදාස ලොක්කගෙ ඉත්තෙක් වෙලා තියෙන්නෙ ආරියසිංහ...

කේමදාසත් ආය නෑ නයා වගෙ මිනිහෙක් බලාගෙන යනකොට..ඒත් ඉතිං අනික් අතට අමරදේව ගොයිය කේමදාසට මොකක් කරලද ඔය විරසකේ පටං ගත්තෙ කියල හරියකට නොදැන එක පාරටම කේමදාසගෙ ඇඟට ගොඩවෙන එකත් වැරදියි..අමරදේව කියල නෑ ඉතිං ඔක්කොම මිනිස්සුනෙ..

කේමදාසට තව චෝදනා තියනව. මිනිහගෙ පිරිනිවන් මංගල්‍යය දයානන්ද ගුණවර්ධනගෙන් කොල්ල කාපු එකක්ය කියල. කේමදාසගෙ සිවිල් බලයට බයේ දයානන්ද ගුනවර්ධන සද්ද නැතුව හිටියලු..

ගොඩක් මිනිස්සු කපුගේට එතකොට දයාරත්න රණතුංගට එහෙම පස් පඩංගුවෙ බැන්න එහෙම සිංදු කියල එව්ව හෑල්ලු කලාය කියල. කපුගේ මළාට පස්සෙ දවසක මම දැක්ක පත්තරේක ලියල තිබ්බ කපුගේ ඔච්චර කාලයක් සිංදු කියල ලක්ෂ සංඛ්‍යාත රසිකයින් අමන්දානන්දයට පත් කලත් සන් ෆ්ලවර් එක්ක සී.ඩී. එකක් කරල ලැබුණු මුදලින් තමයි යන්තමට ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් හදාගත්තෙ කියල..හරි ඒ කතාව මේ කතාවට අදාල නෑ..මම ඔය නිකමට වගෙ කියල දැම්මෙ.

අද කියන්න යන්නෙ ඩබ්.ඩී.ආරියසිංහ ගැන. ඒ මනුස්සය අමරදේවගෙ සිංදු කියල නමක් හදාගත්තට පස්සෙ බොහොම අපූරු ගීත කීපයක්ම කිව්ව. ඉස්සෙල්ලම මා ළඟටම තව ලංවෙලා..මම සෑහෙන කාලයක් ඒ ගීතයෙ තනුව මගෙ ෆෝන් එකේ රිඟිං ටෝන් එකට දාගෙන හිටිය. එදා මෙදා තුර මම සිංදුවක තනුවක් රිඟිං ටෝන් එක විදිහට දාගෙන හිටියෙ එච්චරමයි.අනික මම දන්න විදිහට ඒ ගීතයට තැනුනු වීඩියෝ එක තමයි ලංකාවෙ ගීතයක් වෙනුවෙන්ම තැනුනු මුල්ම වීඩියෝ එක...වීඩියෝ එකේ ඉන්නෙ සේමිණි ඉද්දමල්ගොඩ සහ රොජර් සෙනෙවිරත්න...


මා ළඟටම තව ළංවෙලා
හිඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතැපෙන නින්දේ
නූපුර හෝ ප්‍රියේ
පා සුළඟිල්ලේ අදනම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා....

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනුදා දුටු කින්නර පෙම් සිහිනේ
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳු බලාන උන්නවේ....

කල්පකාල යුග අප අතරින් ගෙවිලා

අපි යමු මේ රෑ අනාගතය සොයලා

නළමුදු සුවඳේ නිදන මලේ..

මට මල් රොනවුල් සුවඳ දැනේ ලදුනේ....


Song : W D Ariyasinghe 
Lyricist : Ajantha Ranasinghe 
Music : Tissasiri Perera 




මේ ආරියසිංහගෙ තවත් අපූරු ගීයක්...


වළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ..

අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ..

දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ..
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ..

දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනාගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ..

තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමි හිඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ..
මටද ආදරේ..
නුඹට ආදරේ..

පද: වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර

තනු: නවරත්න ගමගේ

හඬ: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා




මේකත් අර කලින් එව්ව වගේම සිත දැහැන්ගතවෙන ගීතයක්...


තිසර තුඩට තුඩ නඟන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා


කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල 
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට 
ඉඩහරින්න රාධා

නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි 
සඳුන් කල්ක තවරා

ගායනය | ඩබ්ලිව් ඩී ආරියසිංහ 
සංගීතය | විශාරද ගුණදාස කපුගේ 
පද රචනය | රත්න ශ්‍රි විජේසිංහ 


20 comments:

  1. මට මතක විදියට සන්ෆ්ලවර් ඒක කරන්න කලින් ඔරිජිනල් මියුසික්ම රිමික්ස් කරපු ඇල්බම් ඒක් ආවා.. ඊට පස්සේ නේද
    සන්ෆල්වර් ඒක්ක සින්ග් කළේ? කපුගේ සන්ෆ්ලවර් ඒක්ක කරපු ඇල්බම් ඒකේ සල්ලි හරි කොටසක් හරි සුගතපාල සිල්වා මහත්තයට දුන්න කියලත් අහලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. Kush,

      /මට මතක විදියට සන්ෆ්ලවර් ඒක කරන්න කලින් ඔරිජිනල් මියුසික්ම රිමික්ස් කරපු ඇල්බම් ඒක් ආවා.. ඊට පස්සේ නේද සන්ෆල්වර් ඒක්ක සින්ග් කළේ? /

      මේ FB එකේ මේ පෝස්ට් එකට සුමිත් කළණසිරි දාපු කමෙන්ට් එකක්...

      / කේමදාස මාස්ටර් හා අමරදේව මාස්ටර් අතර අමනාපයක් නිසා කේමදාස මාස්ටර් එයා සංගීතය කරපු අමරදේව ගායනා කල සිංදු ගණනාවක් නැවත ඩබ්.ඩී. ආරියසිංහ ලවා ගායනා කෙරෙව්වා. ඒ සිංදු තමයි සන්ෆ්ලවර් එක්ක රීමේක් කරේ. ඔය ප්‍රශ්නෙත් එක්ක සිංදුවක අයිතිය කාටද කියන එක ගැනත් හෙන කතාවක් ඇතිඋනා. එක්කො කේමදාසගේ බලවත්කම නිසා නැත්නම් අමරදේව ගේ හොඳකම නිසා ඒවා දුරදිග ඇදුනේ නෑ./

      මේ සුසන්ත ආරියරත්නගෙ කමෙන්ට් එකක්...

      /මම දන්න තරමින් කේමදාස මාස්ටර් අමරදේවටයි ආරාධනා කරලා තියෙන්නෙ ඔහුගේ තනු තියන කැසට් එකක් කරමු කියලා. නමුත් අමරදේවයන් අකමැති වුනාම අමරසිරි පීරිස්ට ආරාධනා කරලා තියනවා. ඔහුත් අකමැති වුනාමයි ආරියසිංහට ආරාධනා කරලා තියෙන්නෙ./

      /කපුගේ සන්ෆ්ලවර් ඒක්ක කරපු ඇල්බම් ඒකේ සල්ලි හරි කොටසක් හරි සුගතපාල සිල්වා මහත්තයට දුන්න කියලත් අහලා තියෙනවා../

      හරි හරි කුෂ් මටත් එහෙම කතාවකුත් මතකයි වගේ..හැබැයි සුගතපාල ලොක්කා (සොඳුරු ආඥාදායකයා) ඒ මුදල ස්තූති පූර්වකව ප්‍රතික්ෂේප කළාය කියල කතාවකුත් මතකයි...

      Delete
  2. කේමදාස මහත්තයාට කේන්ති යනවා වගේම අමරදේව මහත්තයාටත් හොඳට කේන්ති යනවා. ඒ නිසා විරසකයක් ඇති වීම පුදුමයක් නොවෙයි. මම එතුමන්ට කේන්ති ගිහිං ඉන්නවා දැකලා තියනවා. ඒක අසාමාන්‍ය කේන්තියක්. 1990 දශකයේ මුල, අමරදේව මහත්තයාගේ සංගීත ප්‍රසංගයක් (මෙල්බර්න් හි ෆ්‍රැන්ක්ස්ටන් නගර ශාලවේ) අතරතුර ඇතිවූ එක්තරා සිද්ධියකදී එතුමන්ට කේන්ති ගිහිල්ලා (එය කිසිසේත්ම කේන්ති ගත යුතු දෙයක් නොවුනත්) වෙවුලන්න පටං ගත්තා. පස්සේ ප්‍රසංගය ටික වෙලාවකට නවත්වලා, එතුමන්ව වේදිකාවෙන් පිටුපසට අරං ගිහිල්ලා කේන්තිය නිවලා ආපහු ගෙනැවිත් තමයි ප්‍රසංගය කලේ.
    W .D . ආරියසිංහ මහතාට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. sam,

      අප්පට සිරි..අමරෙ මාස්ටර්ට එහෙම කේන්ති යනවද?...:)

      ඉතිං අමරෙ ලොක්ක ස්ටේජ් එක පිටිපස්සට වෙලා කේන්තිය නිවාගන්නකල් ප්‍රේක්ෂකයො ෂේප් කරල තියාගත්තෙ කොහොමද? මෙහෙම නිවේදනයක් කළාද?

      "තම සවන් සනහාගනුවස් අද දින මෙහි රැස්වූ සුවහසක් සහෘද ගීත ලෝලීනි,හෙළයේ මහා ගාන්ධර්වයාණන් අධික ලෙස කෝපාවිෂ්ඨව වේදිකාව පසුපස එහා මෙහා සක්මන් කරමින් පසුවන්නේය.ඔහුගේ කෝපාග්නිය නිවී සිත සන්සුන්වූ වහාම අප මේ ප්‍රසංගය නැවත අරඹන්නෙමු.එතෙක් නිසොල්මන්ව පසුවෙමින් අපහට ඔබගේ සහයෝගය දක්වන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු..ටං ටිං ටුං "

      Delete
  3. ඇති යන්තං මුන්දැට පුවක් ගෝනිය පැත්තකිං තියන්ඩ හිතුණා! :P

    මට මයෙ සිත්තරාව මුළිංම මුණගැහුනු කාලේ එයාගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙලා තිබුණේ ඔය සින්දුව තමයි. මම එතුමාගේ කැමතිම ගීතය 'නන් සුරන් බැතියෙන් පිදූ...' ගීතය. එතුමන්ට අමා මහ නිවන් සුව!

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      /ඇති යන්තං මුන්දැට පුවක් ගෝනිය පැත්තකිං තියන්ඩ හිතුණා! :P /

      හෙහ්..හෙහ්..පුවක් ගෝනිය..ඒක නියමයි...:)

      /මට මයෙ සිත්තරාව මුළිංම මුණගැහුනු කාලේ එයාගෙ ෆෝන් එකේ රිං ටෝන් එක වෙලා තිබුණේ ඔය සින්දුව තමයි. /

      ආන්න දැක්කද? විශිෂ්ඨ රසඥතාවයක් තියෙන මිනිස්සු එහෙම තමයි...:)

      /මම එතුමාගේ කැමතිම ගීතය 'නන් සුරන් බැතියෙන් පිදූ...' ගීතය./

      අඩේ බොලේ ඒ ගීතය කියන්නෙ බණ්ඩාර අතාවුද නෙව...:(

      Delete
  4. මතකද රවිට හුගක් ඉස්සර මං කිව්ව මට වීරයො නෑ කියල. මං ආස කලාකාරයින්ගෙ නිර්මාණ හා ක්‍රීඩකයින්ගෙ ක්‍රීඩාකිරීම් වලට මිසක් ඒ පුද්ගලයන්ට නෙමෙයි.

    සුනිල් ශාන්තගෙ තැටි සීරීම්, මහගම සේකරට වුන දේවල් ගැනත් කතා තියනව නේද?

    ReplyDelete
    Replies
    1. //මං ආස කලාකාරයින්ගෙ නිර්මාණ හා ක්‍රීඩකයින්ගෙ ක්‍රීඩාකිරීම් වලට මිසක් ඒ පුද්ගලයන්ට නෙමෙයි//

      සහතික ඇත්ත

      Delete
    2. Pra,

      ඔව් ඔය ගැන ප්‍රා කිව්ව මට මතකයි...ඒත් ඔය කවුද ගායකයෙක් හෝ ගායිකාවක් ගැන මම කළකිරුනයි කියල ලියපු වෙලාවක තමයි ප්‍රා එහෙම කිව්වෙ..ගායකයෙක් නෙවෙයි බොහෝවිට මම කියන්න ඇත්තෙ ජැක්සන් ඇන්තනි ගැන වෙන්න ඕන...

      ප්‍රා කියන එක සහතික ඇත්ත උනාට මට තවමත් එහෙම පුද්ගලයාගෙන් වියුක්තව කෘතිය රස විඳින්න බැහැනෙ...හොඳ උදාහරණයක් කියන්නංකො....

      මේ කෝවිඩ් කේස් එකට එහෙම ඉස්සර ජනවාරි මාසෙ වගෙ මම නුවර ගුණසේන එකට ගිය වෙලාවෙ ජැක්සන්ගෙ "කන්ද උඩ ගින්දර" නවකථාව ඊට දවස් දෙකකට කලින් නිකුත්වෙලා විකුනන්ට දාල තිබ්බ. දස්කොන්-ප්‍රමිලා කථා පුවතට මම ඉතාම කැමති වුනත් ජැක්සන්ගෙ නම දැක්කම මට ඒ පොත ගන්ට හිතුනෙ නෑ.පොත අතට අරගෙන පිටු දෙක තුනක් කියවල ආපහු තියල ආව...:)

      Delete
  5. මං දන්න තරමින් කේමදාස අමරදේව මහත්තයගෙ සිංදු වික්කෙ වෙන හේතුවකට...ඇත්තටම මේ සිද්දියට කෙලින්ම සම්බන්ධ කෙනෙක් මට ඒක කිව්වෙ. නමුත් ඔහු දැන් ජීවතුන් අතර නැති හිංද නම කියන එක හරි නෑ...

    ReplyDelete
    Replies
    1. කට්ටකාඩුවේ ලොක්කා,

      එහෙම සීන් එහෙකුත් තියනවද? ඔව්වයෙ හැටි එහෙම තමයි..ඔව්ව ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියනව...හෙහ්..හෙහ්...

      Delete
  6. මතු භවයෙදිත් හිමි වේවා අමර සර - නිදුකින් නිවී සැනසේවා නිවන් පුර!

    ReplyDelete
  7. මට මතක විදියට මා ළඟ තිබුණු ආරියසිංහ අමරදේව ගීත ගයන කැසට් එකට සන්ෆලවර්ස්ලා සම්බන්ධයක් නෑ!

    ReplyDelete
    Replies
    1. රසික,

      එහෙම තමයි මම හිතන්නෙ වෙලා තියෙන්නෙ..කලින් කේමදාසයි ආරියසිංහයි සී.ඩී. එකක් ගහල ඊට පස්සෙ ආරියසිංහ ආයෙම සන් ෆ්ලවර්ල එක්ක වෙනම සී.ඩී. එකක් ගහල...

      Delete
  8. අමරදේව ගොඩක් වෙලාවට කවුරු තමන්ගේ ගීතවලින් හම්බ කරගත්තත් ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ . යන ගමනේ උපරිම තැනට ගියාට පස්සේ ආයේ මොනවා කියලා පරෙස්සම් කරන්නද ?
    කළා කාරයෝ විනාශ වෙන්නේ මත්පැන නිසා සහ මුදල් ඉතුරු කරන්නේ නැති නිසා . මුලදී පුළුවන් තරම් හම්බ කරලා පුළුවන් තරම් වියදම් කරනවා . ඊට පස්සේ හිඟාකන තත්වයට පත්වෙනවා . සමහරු උපයන්නේ නැහැ කලාව දේවත්වයෙන් සලකනවා කියලා . හොඳ සහ නරක ප්‍රතිපත්තිවල අවුල් නිසා තමයි මෙහෙම වෙන්නේ .

    ReplyDelete
  9. This article discusses the importance of this blog for business promotion. Promoting a blog is just like promoting any other website and can be difficult to do if you are not sure what needs to be done, but with the right tips and tricks, this doesn't have to be. Hopefully, you find this article on this blog helpful and decide to visit the site below to see just what they are talking about.Buy snapchat account

    ReplyDelete
  10. This article discusses the importance of this blog for business promotion. Buy Instagram pva accounts

    ReplyDelete
  11. Outstanding blog appreciating your endless efforts in coming up with an extraordinary content.Thank you.
    buy bulk instagram accounts

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...