Friday, July 22, 2022

680. පුවක් එෂැණිං - 72 - අද අළුයම් කාලයේ ගෝටාගෝගමට එල්ලවූ හමුදා ප්‍රහාරය පිළිබඳව ගරු ජනාපෙති තුමාගේ විසේස ප්‍රකාසය.....

 


විසේසයෙන් කියන්ට උවමනයි මේ අරගලේ කස්ටියට පෑගිල ගෝල් පේස් එකේ වටිනා තණකොල මැරිල යනව..එව්ව බොහොම වටින තණකොල..වර්ග අඩියක් දාස් ගානක් වෙනව..

එතකොට මේ කාලෙට ගෝල් පේස් වෙරලට එනව බොහොම දුර්ලබ කැස්බෑවො ජාතියක් බිත්තර දාන්ට... අර පිට කලු කඳ සුදු කට රතු දාර කැස්බෑවද මොකාද කියල..උං රෑට එනකොට ගෝල් පේස් එකේ ලයිට් දාල කානිවල් එකක් වගෙ තියන කොට උං බයවෙලා ආපහු මූදට යනව..ඒ හින්ද ඒ සත්තු වඳ වෙලා යන්ට පුලුවෙනි..මට අන්තර් ජාතික රතු දත්ත පොතේ කට්ටිය ඒ ගැන පැමිණිලි කලා..

ඊගාවට මේ අරගල කරුවං කෑගහන සද්දෙට ශැන්ග්රිලා එකේ වහලෙ ඉන්න නීල කොබෙයියො බය වෙලා කූඩු අතෑරල යනව..ඔය ගොල්ලො දන්නවද ලංකාවට එන ටුවරිස්ට්ලගෙන් සීයට අනූවක් එන්නෙ ඒ නීල කොබෙයියො බලන්ට..හෝටල් වලින් එතකොට සංචාරක අධිකාරියෙන් මට ඒ ගැන පැමිණිලි ආව.

ඊගාවට තව එකක් තියනව..ජනාදිපති කාර්යාලෙ ඉස්සරහ දොරටුව මේ අරගල කාරයො වහගෙන ඉන්න හින්ද ඇතුලට යන අයට පිටවෙලා එන අයට යන්ට එන්ට වෙන්නෙ පිටිපස්සෙ දොරෙං..ඒ පිටිපස්සෙ දොරටුව ඉස්සරහම තියනව විසාල නයි කූඹි ගුලක්..එතනින් යන එන කොට නයි කූඹි කකුල් දිගේ නැඟල කනවයි කියල මට ජනාදිපති කාර්යාලෙ ස්ටාෆ් එකෙන් පැමිණිලි ආව..විසේසයෙන්ම කාන්තා පක්සයෙන්..

ඒ වගේම අපි දැං පෙට්‍රල් ඩීසල් එහෙම ඇති තරං ගෙනල්ල තියනව..එතකොට පෝලිම් වල ඉන්න ජනතාවගෙන් මට පැමිණිලි එනව මේ අරගල කාරයො කාර්, බස්, මෝටර් සයිකල් ගිහිල්ල පෝලිම් වල තියල අහකවෙලා ගෝල්පේස් එකට ඇවිල්ල අරගල කරනවය..එතකොට තෙල් ආවත් පිටිපස්සෙ ඉන්න අයට ඉස්සරහට යන්ට බෑය කියල...

ඔන්න ඔය සියලුම කාරනා හිතල බලල තමයි මම මේ තීරනය ගත්තෙ..

අරගලකරුවන් ඔක්කොගෙම්ම මම ඉල්ලා සිටිනව සාමකාමීව ගෙවල් වලට වෙලා දම්මපදේ කියවන්නයි කියල..

තෑම් කියු..

18 comments:

  1. රනිල් පටි රෝල් කරගත්ත නේද?

    ReplyDelete
    Replies
    1. Ian,

      මට තාම හරියකට හිතාගන්න බෑ මේ මනුස්සය මෙහෙම දෙයක් කලේ ඇයි කියල...මට හිතෙන දේ ලියන්නම් හෙට.. :)

      Delete

    2. ගෝටාගෝගම ප්‍රහාරය...
      *****************************
      රනිලා අර ඊයෙ පාන්දර නටපු නාඩගම මොකක්ද කියල මම හිතන්නෙ හැමෝටම ප්‍රශ්නයක්..ඊයෙ හවස 2 වෙනකොට අරගලකාරයො එතනින් අයින් වෙනවයි කියල තියෙද්දිත් ඇයි මේ යකා මේ විදිහෙ දෙයක් කලේ?

      මම හිතන්නෙ මෙහෙමයි..මූ මේක කලේ උගෙ අනාගත දේශපාලන බල ව්‍යාපෘතිය ගැන කල්පනා කරල. පොරට ඕන වුනේ රටටම පෙන්නන්ට මම ඇවිල්ල නලව නලව ඉන්න කෙනෙක් නෙවෙයි මට හිතුනොත් නිරායුද මිනිස්සුන්ට උනත් ගහන්ට අත පය කඩන්ට සූදානම් මිනිහෙක්ය කියල..

      රටටම කොහොම වෙතත් පොරට ඕක පෙන්නන්ට ඕන කලේ මම හිතන විදිහට පොහොට්ටුවෙ අපේක්ෂා භංගත්වයට පත්වෙලා ඉන්න හිටපු මැති ඇමතිවරුන්ට..උදාහරන ගත්තොත් ඔය ජොනියා, රත්තරං එතකොට මහින්දානන්ද එහෙම ඉන්නෙ කොහොමත් හිත හොඳිං නෙවෙයි. උං ආය දෙකක් නෑ හිතනව ඇත්තෙ ගෝටගෙ ගොං අයිඩියාස් ක්‍රියාත්මක කරන්න ගිහිල්ල අන්තිමට උංව බිල්ලට දුන්න කියලනෙ..එකෙකුටවත් ඇමතිකමුත් නෑනෙ..

      අනික උං කොහොමත් මැර බලයට කැමති මිනිස්සු..මතකනෙ ජොනිය කිව්ව අර කපුටු තට්ටෙ කතාව..අනික උංගෙ ගෙවල් ගිනි තියල උං ඉන්නෙ මාරාවේස වෙලා.. ඒ හින්ද රනිල්ට මුං බිලීබාගන්ට ලේසියි..දැං පොහොට්ටුවට හරි නායකයෙක් නෑ..මයිනා වයසයි..බැසිලට ආයෙ පාර්ලිමේන්තු එන්න බෑ......නාමලය කිසි කෙනෙක් ගනං ගන්නෙ නෑ...ඒ හින්ද එවුං ඉන්නෙ එල්ලෙන්ට බල්ලෙක් හොය හොය ඉන්න මැක්කො වගෙ..රනිල එක්ක එකතුවෙන්ට උංට පුලුවන්නම් උං බොහොම කැමති වෙයි..රනිලත් ආය ප්‍රතිපත්තියක් තියන මිනිහෙක්ය? 2024 ජනාදිපතිවරනෙ දිනන්ට පුලුවන්නම් ඕනම හාල්පාරුවෙක් එක්ක එකතු වෙයි...

      අවුරුදු 45 ක් දේසපාලනේ කරල රනිල අන්තිමට ජනාදිපති උනේ වෙන කාගෙවත් ධුර කාලෙක අඩුව පුරවල අවුරුදු 2 1/2 කිං ගෙදර යන්ට කියල හිතනවනම් බොලාගෙ ඔලු වලට හොඳ ඉසකුඩිච්චියක් දාගනිල්ල.. මිනිහ අනිවාර්යයෙන් 2024 ආපහු ඉල්ලනව..

      වජිර, සාගල , අකිල එක්ක චන්දයක් දිනන්න බැරි බවත් රනිල දන්නව..ටෙලිෆෝන් එකෙනුත් මම හිතන්නෙ එහෙමට කට්ටියක් එන එකක් නෑ..මේ පජාති වැඩෙන් පස්සෙ කොහොමත් එන්ට හිටපු අයත් ආයම පාරක් හිතල බලයි..ඒ හින්ද රනිලගෙ බෙස්ට් ඔප්ෂන් එක පොහොට්ටුවෙ මැරයො අල්ලගෙන උංගෙ චන්ද පදනමෙන් දිනන එක..ඔය ජොනියල රත්තරංල සත පහක වැඩක් නැති අපතයො උනාට ඔවුන්ට මිනිස්සු චන්දෙ දෙනව..එවුං සල්ලි විසි කරල ඒ චන්ද පදනම හදාගෙන තියෙන්නෙ...

      මේ කරපු විකාරෙ හින්ද ජාත්‍යන්තරෙන් සෑහෙන ප්‍රස්න එන්න පුලුවන්ය කියලත් රනිල දන්නව..ඕක නොදැන ඉන්ට මොකෝ පොර බබෙක්ය? ඒත් මට හිතෙන්නෙ ඒ රිස්ක් එක මැනේජබල් රිස්ක් එකක්ය කියල උපකල්පනය කරලයි මිනිහ මෙහෙම කලේ..

      තව අතුරු කාරනයකුත් තියනව..පොරට ඕන හමුදාවයි අරගල කරුවනුයි අතර ගැටීමක් ඇති කරන්ට..ඒකනෙ අර දිවුරුම් දීල යන ගමං වාහනෙං බැහැල පොඩි acting පාරක් දැම්මෙ ආමි කාරයො ලඟට ගිහිල්ල..මොනව උනත් මම උඹලගෙ පැත්තෙය කියන පනිවිඩයයි ඒකෙන් දුන්නෙ..ඉස්සරහට පොර දන්නව තත්වය බොහොම ආමරු වෙනව..ඒ හින්ද ආමි එකේ ටෝටල් බැකිං එක අත්‍යාවශ්‍යයයි කියලත් රනිල් දන්නව..

      Delete
    3. විය නොහැක්කක් නොමැත කියනවනෙ. මේ scenario එකම වුනා වෙන්න පුලුවන්.

      "ඒ හින්ද රනිලගෙ බෙස්ට් ඔප්ෂන් එක පොහොට්ටුවෙ මැරයො අල්ලගෙන උංගෙ චන්ද පදනමෙන් දිනන එක" : "විලි නරිස්" චන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් එනකම් ගෙදර හිටපු කාලෙ ඕව ඇනලයිස් කරගන්න ඇති. නමුත් මේකනම් සුලුවෙන් හෝ ඇත්ත ලංකාව යන්නෙ හිටියටත් වඩා අතිශය බයානක තත්වෙකට.

      "ඒත් මට හිතෙන්නෙ ඒ රිස්ක් එක මැනේජබල් රිස්ක් එකක්ය කියල උපකල්පනය කරලයි මිනිහ මෙහෙම කලේ..": If this was the case, this is a serious miscalculation on his part.

      මොනවා වුනත් පොසිටිව්ලි හිතමු -අරගලය කාලෙ යම් තරමකින් හෝ අවදිවුනු මිනිස්සු දිගටම එහෙම ඉඳියි හා ඊටත් වඩා බුද්ධිමත්ව කටයුතු කරයි කියලා. ඒ වගේම පලාගිය ජනාදිපති තුමාට විදේශ රටවලින් ආපු විරෝදය ලංකාවෙ මිනිස්සු කල්පනා කරලා (strategically) capitalise කරගනියි කියලා.

      Delete
    4. පලි ගන්න (බේරේ වැවේ වැඩේට) දුන්න වැඩක් කියල නේ දැන් කියන්නේ. අර ගුටි කාපු කොල්ලෝ කියන්නේ STF පිටි පස්සේ ගාඩ් එක දෙද්දී ආමි කාරයෝ වගේ ඇඳගත්ත උන් ටිකක ගැහුවා කියල. රනිල් ගේ චන්ද පොරොන්දුවක් චන්දය දුන් 134 ජනතාවට

      Delete
    5. ලෝටස්,

      ඔව්..ඔබ කියන දේට එකඟ විය හැකියි...

      Delete
    6. අජිත්,

      ඔව් බොහෝ විට පොහොට්ටුවෙ ගෙවල් විනාස වෙච්චි පණ බයේ තැන් තැන්වල හැංගිලා හිටපු මන්ත්‍රීලට උංගෙ චන්දෙ ගන්න දුන්නු පොරොන්දුවක් වෙන්න ඇති...ඒකයි බුවා ආය කල් මරන්නෙ නැතුව දිව් රුම් දුන්න ගමං ගේම දුන්නෙ...

      අනික එහෙම උනාම ඉස්සරහට පොහොට්ටු අපතයින්ගෙ සපෝට් එක ගන්නත් ලේසියිනෙ "අඩේ මූ මරු බඩුව කියන දේ කරනවනෙ..අපේ මයිනල කපුටල ගොට්ටලටත් ඕකනෙ කරන්න තිබ්බෙ..කොහෙද කොන්ද පන නැති එවුන්නෙ.." අර පුත්තලං බූරුවා, කසිප්පු ජොනී එහෙම අනිවා එහෙම හිතනව.....

      Delete
  2. 'දම්මපදේ' අලුත්ම version එක නොමිලේ බෙදා දෙනවලු !

    ReplyDelete
  3. තෑම් කියු.....Ranil......තෑම් කියු....post ekata..

    ReplyDelete
  4. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් සාමකාමීව පෙනී ඉන්නයි, වැරදි ක්‍රම වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නයි නිදහස තියෙන්න ඕන. එතකොට තමයි පුරවැසියෝ මානසිකව යම්කිසි අස්වැසිල්ලක් ලබන්නෙ. ආයුධ වලින් මිනිස්සුන්ව පාලනය කරන්න ගියාම ඒ පීඩනය හමුවේ මිනිස්සු මානසික රෝගීන් වෙනව. එහෙම මානසික රෝගී වුණු, හෙටක් ගැන බලාපොරොත්තු නැති, negative, depressed, anxious තරුණ පරම්පරාවකට, මහන්සිවෙලා වැඩ කරලා රටක් දියුණු කරන්න පුළුවන්කමක් නෑ. එතකොට ප්‍රතිපත්ති වල වටිනාකමක් තියන ටික දෙනා පීඩනය දරාගන්න බැරිව වෙන රටවලට යාවි, අනිත් ටික කාගෙහරි පස්සෙන් ගිහින් ලේසියෙන් කරන්න පුළුවන් රැකියාවක් හොයන් ඔහේ ඉඳීවි, ඉතුරු ටික බොරදියේ මාළු බාන ඩීල් කාරයෝ හෝ හොරු වේවි. රටට යහපතක් වෙන්නේ නැහැ එතකොට.

    හැබැයි අරගලකරුවන්ට වෙඩි තියන්න ගත්තොත් නම් ඊළඟට ජනාධිපතිවරණයක් එනකම් (ව්‍යවස්ථාව වෙනස් කරගත්තේ නැති උනොත්) ඉවසීමෙන් ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්න ඕන. අපේ රටේ තරුණ පිරිමි පරපුර හැමදාම නොයෙක් හේතු නිසා මරණයට පත් උනා. යටත්විජිතවාදයට විරුද්ධව හෝ, අසාධාරණයට විරුද්ධව හෝ, රට බේරගන්න හෝ, තමන්ගේ පංතිය ගැන තියන කැක්කුම නිසා හෝ, තමන්ගේ පීඩිත සුළු ජාතිය ගැන ඇතිවුණු පීඩනයට විරුද්ධව හෝ, හැමදාම වෙඩි කෑවේ ඒ වෙනුවෙන් එලියට බැහැපු තරුණයෝ. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් තරුණ පරපුර අවුරුදු ගානක් තිස්සේ මේ විදියට මැරෙන එක රටකට හරිම නරකයි.

    ReplyDelete
    Replies
    1. //එහෙම මානසික රෝගී වුණු, හෙටක් ගැන බලාපොරොත්තු නැති, negative, depressed, anxious තරුණ පරම්පරාවකට, මහන්සිවෙලා වැඩ කරලා රටක් දියුණු කරන්න පුළුවන්කමක් නෑ.// - පාලනයට ඒ වගේ උන්දලා ටිකක් ලේසි නෙව

      Delete
  5. දම්මපතේ කියවන්න මොකුත් පානයක් දෙන්න බැරිද දන්නෑ.

    ReplyDelete
  6. දම්මපදයක් එවපල්ලා කවුරුහරි

    ReplyDelete
    Replies
    1. Ajith,

      chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://lbdfi.org/wp-content/uploads/2014/09/Dhammapada-English-page.pdf

      Delete
  7. රනිල් කියවන්න නිර්දේශ කරන්නෙ දම්මපදේ විතරද

    ReplyDelete
  8. විසේසයෙන් කියන්ට උවමනයි, මූ මේ කොරන්නෙ, පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙ, මහින්ද රාජපක්ස උන්නැහැට ජනමතය සකස් කරගන්ට ඇහැකිවෙන විදිහට වැඩ කොළා වාගේ, ගෝටාබයට ආපහු බයක් හැකක් නැතුව මේ ලංකාද්දීපෙට පයගහන්ට පුලුවං වෙන්ට මෙහෙ ජනමතය හැඩ ගස්වන්ට වැඩ කටයුතු කරන එකයි කියන එක. අනික සාමකාමීව ගෙවල්වොලට ගිහං දම්මපදේ කියවන්ට බැයිනං නෙට්ෆ්ලික්ස් බලන්ටෙයි කියලත් කියන්ට උවමනයි.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...