ජීවිතේ අග්ගිස්සට එනකොට ලාබාල වයසෙ මහා ලොකු සීරියස් දේවල් කියල වර්ගීකරණය කරල ගහ මරාගන්ට ගිය එව්ව කිසිම වැදගැම්මකට නැතිදේවල්ය කියල හිතෙන එක මම හිතන්නෙ බොහොමත්ම ස්වාබාවික දෙයක්.ඒ තමයි ජීවිතේ හැටි. ඒ වගේම ලාබාල වයසෙදිම ජීවිතේ සිරා අරගෙන අර පිටි මුට්ට කරේ තියාගෙන සයිඩ් සයිඩ් කියල පිටකොටුවෙ හතරවෙනි පස්වෙනි හරස්වීදිවල එහාට මෙහාට දුවන නාට්ටාමිල වගෙ ජීවිතේ කරගහගෙන ඉන්ට ගියොත් නම් ඒකත් එක විදිහට මහ පාරුවේ පුවක්....නොහොත් පූරුවේ පවක්...
ඔය වගෙ කස්ටිය ගැන මයෙ තියනව අද්දැකීං එකසිය ගානට. අපේ පොරක් එක පාරක් පාලොස්සකට සිල් අරං ඉන්දැද්දි සිල් රෙදි පිටිං උස්සගෙන ජීප් එකේ දාගෙන ආවෙ හදිස්සි රාජකාරියකට. ඒ අපේ බොස්ගෙ ඕඩර් එකක්. අහල ඇතිනෙ අර කතාව ..එළුවට කියපු එක...බෑ කියල බෑ මල්ලි ..මේක බොස්ගෙ ඕඩර් එකක්..හෙහ්, හෙහ්, අන්න එහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ... තේරුනා නෙවද?
රයිට්..ජීවිතේ දසක පහක් ගෙව්වම මදි නොකියන්ට අත්දැකීං සම්බාරයක් එකතු වෙනව. ජීවිතේ දිහාවෙ උපේක්සා සහගතව බලන්ට මැදිහත් සිතින් යුතුව ජීවිතය විඳින්නට පුලුවං වෙන්නෙ ඔන්න එතකොට.
නොයෙක් තැන්වල කරග්ගහල හැමජාතියකම මිනිස්සු එක්ක ආස්සරේ කරල විසි එක්වන සියවසේ පස් වන අවුරුද්දෙ මම එක් උනා කොළඹ කිට්ටුව මධ්‍යම පරිමාණ ඉඳිකිරීම් සමාගමක සේවයට.ඇත්තම කිව්වොත් මගෙ රාජකාරි ජීවිතේ මට මුණ ගැහුණු අන්තිම හොඳ බොස්ල වගේම අන්තිම හොඳ පැරලල් ස්ටාෆ් එකත් හිටියෙ මේ කොම්පැණියෙ.ආය මොනවද ගෙදර වගෙ තමයි. පැය දෙක තුනක් මහන්සි උනාම ඔන්න එනව දුං උගුරක් ගහන්ට මනාපයක්, අවශ්‍යතාවයක්..ආය මොනවද අල්ලපු කාමරේට යන එක විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ අපේ ආයතනයෙ අධ්‍යක්ෂ තුමෙක්.බොස් ගහමු සිගරට් එකක්... කියන එක විතරයි තියෙන්නෙ. මේ ඒ ගැන වෙනම ලියන්නං ආය දවසක...
ආයෙම දවසක මම මරණාසන්න උනා. හාට් ඇටෑක්...විනාඩි පහලවක් ඇතුලත ළඟම තිබ්බ හොඳම ඉස්පිරිතාලෙට මාව ඇතුලත් කරල ඒ සියලුම කෙරෙන්න ඕන කටයුතු කලේ අපේ ඔය කොම්පැණිය. කොම්පැනිය කියන්නෙ ඒකෙ අයිතිකාර මහත්තුරු සහ කාර්ය මණ්ඩලය. හොස්පිට්ල් බිල සම්පූර්ණයෙන් ගෙව්වෙත් ඒ ගොල්ලො.ඊට හරියටම මාස තුනකට පස්සෙ මට විදේශ රැකියාවක් ලැබිල ඒ මහාර්ඝ මිනිසුන් සමූහයෙන් වෙන් වෙන්නට සිද්ද උනත් මගෙ හදවතින් නම් කිසිදිනක ඔවුන් අමතකව යන්නෙ නෑ.
ඔය වෙලාවෙ මම මේ කිව්වෙ මරණාසන්න වෙලාවෙදි මගේ අත්දැකීම් ලිව්වොත් එහෙම ඔය ඔය පොත් පත්තරවල තියන එව්ව කැලේ..හෙහ්, හෙහ්...අඳුරු බිංගෙයක් ඇතුලෙං ඔන්න මම ගියා පාවෙලා..එක පාරටම නිල්/කහ පාට දීප්තිමත් ආලෝකයක් තියන බොහොම අද්බූත ඉස්තානෙකට මාව යැවුන. එතනදි වෙච්චි ඔක්කොම කියන්ට එහෙම ගියොත් අද මේක අහවරක් කොරන්න වෙන්නෙ නෑ. ප්‍රදාන සිද්දි විතරක් දැනට කියන්නං..
එතනදි මට හම්බ උනා අපේ මියගිය සුප්‍රසිද්ද රජවරු වගේම ඉතිහාසගත පුරුෂයින් සහ කාන්තාවන්...විජය, කුවේණි, දුටුගැමුණු, රන්මැණිකා, සාලිය, අශෝකමාලා,අනුලා, දස්කොන්, ප්‍රමිලා,ඇහැලේපොල කුමාරිහාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ....ඔය කස්ටිය පෝලිමේ ආවෙ මාව හම්බ වෙන්න. හැමෝටම කියන්න තිබ්බෙ එකම කතාවක්..
" එම්බා සුර්‍රයාභිධාන මහා පුරුෂය, ඉතිහාසයෙහි අප පිළිබඳව ලියැවී ඇත්තේ සත්‍ය වශයෙන්ම සිදුවූව නොව ඉතිහාසය ග්‍රන්ථකරණය කල යම් යම් පුද්ගලයින්ගේ සිතැඟි අනුව ඔවුනට අවශ්‍යදේය. එබැවින් සත්‍ය ඉතිහාසය දුහුණන් දැනුම් උදෙසා යළි ලිවීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වර්තමානයෙහි ප්‍රබලව නැඟී එයි. එබැවින් අප අතර ඒ පිළිබඳවූ කතිකාවතකට අනතුරුව ඉතිහාසය ප්‍රතිශෝධනය කොට ලිවීමේ කර්තව්‍යයට ඉතාම සුදුසු වන්නෝ තොප බව සනිටුහන් කොට ඒ පිළිබඳව දැනුවත් කිරීම උදෙසා තොප මෙහි කැඳවූයෙමු. සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න අප තොපට පවසන්නෙමු. තොප යලි මනුලොව ගොස් ඒ සත්‍ය සිද්ධීන් දුහුණන් දැනුම් උදෙසා ලියා පළකරනු මැන සූර්යාභිධානයෙනි!!! "
රයිට්..ඔන්න ඉතින් එයාල ඔක්කොම පිළිවෙලට ඇවිල්ල හිට මා එක්ක එයාලට වෙච්චි දේවල් අකුරක් නෑර කිව්ව.ඒ කිව්ව විදිහට තමයි මම ඔය විජය-කුවේණි කතාව , එතකොට සාලිය කුමාරයගෙ කතාව එහෙම ලිව්වෙ..තව ඉස්සරහට අනික් විස්තරත් ලියන්නංකො....හෙහ්, හෙහ්,
ඉතිං ඔය මම කියන උක්ත කාලෙ අපි නැවතිල හිටියෙ පිට කෝට්ටෙ. ඒත් අපේ අධ්‍යක්ෂ තුමෙක්ගෙ ගෙදර පිටිපස්සෙ හදාපු නවාතැනක. එහෙ චමරියෙ උයන්නෙ රෑට විතරයි.උදේට සහ දවල්ට පිටිං. ඉතිං අපි කරන්නෙ දවල්ට කොහෙං හරි කෑම එකක් ගෙන්න ගන්න එක.
අපෙ අල්ලපු කාමරේ බොස් දොලහ කිට්ටු වෙනකොට මගෙ කාමරේට ඔලුව දානව..
" රවි... දවල්ට මොනවද ගෙන්නන්නෙ? මස් ද මාලුද? බිත්තරද? එලවළුද?.."
" ඕන එකක් බොස් ...මම ඇවිල්ල සර්ව භක්ෂක... පරිණාමයෙ ඉහලට එනකොට මිනිස්සු සර්ව භක්ෂක උනානෙ. ආයම ශාක භක්ෂක වෙනවයි කියන්නෙ පරිණාමයෙ ආපස්සට යනව කියන එක. මට එහෙම වෙන්ට ඕන නෑ.."
" හරි හරි...රන්ජිත්..රවීට එහෙනං එලවළු කෑම එකක්.."
ලොක්ක එතනම ඉඳල කෑගහනව...හෙහ්, හෙහ්,අන්න එහෙමයි අපේ බොස්ල...:)
එක දවසක් දහයට වගෙ මේනක කියල අපෙ පල්ලෙහා තට්ටුවෙ වැඩ කරන යාලුවෙක්..ආ..ඊට කලින් කියන්ට එපාය..අපෙ කාර්යාලෙ තට්ටු දෙකයි..උඩ තට්ටුවෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අමතරව මම..දන්නවනෙ වැදගත් උදවිය ...පල්ලෙහා ඔය ඒ හැටි වැදගත් රාජකාරියක් නොකරන උදවිය...අපි ඉතිං ඒ කිව්වෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මම පඩිපෙලෙන් බැහැල පහලට එන්නෙ හරියට අර දෙව්ලොවින් බැස එන සක් දෙවිඳු විලසින...
" මතුමහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්, ආදරයේ පියගැටපෙල පාර කියාවී.."
ඔය ලිෆ්ට් එක කැඩිච්ච දවසක දාඩිය දාගෙන පඩිපෙල දිගේ පාතට බහින ගමං කෙල්ලෙක් පල්ලෙහා ඉන්න කොල්ලට කියාපු සිංදුවක්..
රයිට්.... මේනකය ඇවිල්ල මගෙ කාමරේට ඔළුව දැම්ම..
" ඒයි මචං..උඹ නෙළුං කොලේ බත් කාල තියනවද?.."
" නෑනෙ බොලේ..නෙළුං කොලේ බත් ගැන අහල තිබ්බට කාල නෑ...මාර රහයිලු නේද? ඕකෙ නියම රහ එන්ට බත් එක කාල නෙළුං කොලෙත් කන්ට ඕන ඒ එක්කම.."
" ඈ??? මම අහල නෑනෙ එහෙම කතාවක්.." මේනකයගෙ ඇස් උඩ ගියා..
" හරි, හරි,ඒක පැත්තක දාපං...දැං මොකෝ මේ හිටපු ගමං නෙළුං කොලයක් මතක් උනේ? "
" මචං බයිසිකලේක පොරක් ඇවිල්ල ඉන්නව නෙළුං කොලේ ඔතපු බත් අරගෙන..උඹට ඕනද?..."
" අම්මට උඩු ඕනදත් කියල අහනව..යමං යමං…"
මම මේනකයත් එක්ක මතුමහලින් බැස්ස. ඔන්න අපේ ඉස්සරහ මිදුලෙ ඉන්නව නෙළුං බත් මෑන්ස්..The Lotus Rice Man......පල්ලෙහ තට්ටුවෙ ඉන්න ඔක්කොමල ඒ මනුස්සයව වට කරගෙන...මම කලිනුත් කිව්වනෙ පල්ලෙහ තට්ටුවෙ ඉන්නෙ ඔය ඒ හැටි වැඩක් නැති කට්ටිය කියල..විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට. ඉතිං නෙලුං බත් මෑන් ආහම මෙයයි නෑවිදිං ඉඳියිද? එතනට ඇවිල්ල අර මනුස්සයගෙං අහනව දාහක් ප්‍රස්න...
" මේ ඔය නෙළුං කොල කොහෙද තියෙන්නෙ?.."
" ඔව්ව කඩන්ට වතුරෙ කිමිදෙනවද? "
" කිඹුල්ලු නැද්ද?..."
" උදේ පාන්දරම වතුර හීතල නැද්ද?..."
ඔව්වට උත්තර දීලම නෙලුං මෑන්ට අන්තිමට මල පැන්න.
" මේ නෝන..බත් එකක් ගන්නවද නැද්ද? "
" ආ..නෑ..නෑ..මම ගෙදරිං බත් එකක් ගෙනාව.." එවුන්දැ ඔන්න යංතං පැත්තකට උනා..
මම එතකල් බොහොම ගාම්බීරව පැත්තකට වෙලා හිටිය. අපි නෑනෙ ඔය අනවශ්‍ය කතා..ඔන්න මම ආව ඉදිරියට..
" හ්ම්ම්ම්. මට දෙන්න නෙළුං බත් එකක්….."
" හැබැයි මහත්තය ගාන ටිකක් වැඩියි…"
මිනිහ ගානක් කිව්ව. මට හරියටම කීයද කියල නම් මතක නෑ. ඒත් ඒ දවස්වල දවල් බත් එහෙම ගොයිං රේට්ස් වලට වැඩිය රුපියල් දහයක් විතර වැඩියි කියල නම් මතකයි.
" ආ. ඒකට කමක් නෑ..නෙළුං කොලේ බත් කන්ට හැමදාම හම්බ වෙනවය... නැද්ද? "
" අන්න මහත්තයට යමක් කමක් තේරෙනව…" නෙළුං බත් කරු මුව පුරා සිනාසුනේය
අවට රැස්ව සිටියෝද හිස් සිරස්ව ඉහලට පහලට සෙමෙන් වනා මගේ අදහස අනුමත කළෝය.
එසඳ මවිසින් මිලදී ගන්නාලද්දාවූ ඒ සියපත පතක බැඳි බත අපගේ සගයින්ගෙන් සැදුම්ලත් පෙරහරක් මඟින් වැඩමවූයේ දිවා අහර විවේකය එලඹෙනතෙක් ඛාද්‍ය ශාලාවෙහි ඉතා ප්‍රවේශමෙන් වඩා හිඳුවන ලද්දාහුය.
" සිවා..මේ මගෙ නෙළුං කොලේ බත් එක මෙතන තියනවා.හරිද? උඹ හොඳට බලාගනිං ඒක…. ඇහුනද? "
කාර්ය මණ්ඩලය උදෙසා තේ කෝපි යනාදිය පිළියෙල කිරීමෙහි යෙදෙන තලතුනා සේවකයා අමතා මම අණ කලෙමි.එසඳ උක්ත යුවතියගේ මුවෙහි සෝපහාස මන්දස්මිතියෙක් නැඟෙනු දුටු මම ඇය බැණවීමි.
" මොකද හිනා වෙන්නෙ? "
" නෑ, නෑ..මිස්ට රවී මම හිනාඋනේ නෑ.." එසේ පැවසූ ඇය එතෙකුදු නොමැකි මන්දස්මිතිය ද රඳවාගත් වනම එතැනින් නික්ම ගියාය.
අවසන සියල්ලන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් මොහොත එනම් දිවා ආහාර විවේකය උදාවිය.අවස්ථාවෙහි අගය තව දුරටත් උද්දිපනය කරනු උදෙසාම මම දිවා ආහාරය ගන්නා සුපුරුදු වේලාව මඳක් පසුවන තෙක් රාජකාරියෙහි යෙදී උන්නෙමි.ඇය මගේ කාමරයට හිස පෙව්වාය.
" මිස්ට රවී අර නෙලුං කොලේ බත් එක කන්නෙ නැද්ද? " මම හිස ඔසවා ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි.
" මට තව වැඩ තියනව. ඕ ගොල්ලො කන්න මම එනකල් ඉන්න එපා.."
" නෑ..නෑ..අපි කාල ගොඩක් වෙල.කට්ටිය ඔක්කොම පෑන්ට්‍රි එකේ බලා ඉන්නව මිස්ට රවීගෙ නෙළුං කොලේ බත් එක බලන්න…"
" ඒ මොකෝ? ඇයි මීට කලිං දැකල නැද්ද නෙළුං කොලවල බත්? "
" නෑනෙ . අපි කවුරුවත් දැකල නෑනෙ…"
" හ්ම්ම්..ඒකත් එහෙමද? හරි, යංකො එහෙනං…." මම ඇය සමඟ පහත මාලයට ගියෙමි.
ඔන්න අන්තිමට කෑම මේසෙ වටේ ඉඳගෙන කට්ටිය බලාපොරොත්තු සහගතව ඉන්න අතරෙ මම අති ගෞරවනීය නෙළුං කොලේ බත් එක විවෘත කලා. ඔතල තිබ්බ පත්තර කොලේ දිග ඇරිය කියමුකො. මම එක පාරක් බත් එක දිහා බැලුව. ඊට පස්සෙ ඔලුව උස්සල වටේ බලං ඉන්න එවුංගෙ මූණු දිහාවෙ බැලුව. උං ඔක්කොම තොල් හපාගෙන හිනාව තද කරගෙන ඉන්නව.
" මේ මොනවද? මේ නෙළුං කොළයැ?..තේක්ක කොළ දෙකක්නෙ...හිහ්...හිහ්...හී...." යුවතිය හිරකරගෙන හුන් සිනහව අවසන පුපුරාගියේය.
එවුනුත් ඒ මොහොත බලාපොරොත්තුවෙං හිටිය වගෙ ඔක්කොමල එකට හිනාවෙන්ට ගත්ත.
" ඔය නෙලුං විල් ගාව හරියටවත් තියනව තේක්ක ගස්. එව්වයිං වැටිච්ච තේක්ක කොල වතුර උඩ පාවෙනව බොහොම වෙලාවට. එතකොට ඒ තේක්ක කොලයි නෙලුං කොලයි මාරුවෙන එක ඒ හැටි ගනං ගන්ට දෙයක් නෙවෙයි. "
මම ජීවිතයේ පළමු වරට එදින ඇස ගැටුණු යලි කිසිදු දිනෙක හමුවෙතැයි අපේක්ෂා කල නොහැකි සියපත පත බත් වෙළෙඳා වෙනුවෙන් විත්ති වාචකය ඉදිරිපත් කළෙමි.
" හාකො…. අපි එහෙමවත් හිතමුකො …" ඇය සිනහසෙමින්ම නැඟිට කෑම කාමරයෙන් පිටව ගියාය.
ප.ලි - ඊට සති දෙකකට විතර පස්සෙ දවසක..ඒත් දහයට විතර..ආයෙම මේනකය ආව කඩාගෙන මගෙ කාමරේට
" ඒයි මචං අන්න අර නෙළුං කොලේ බත් කාරය යනව පාරෙ, වරෙං උගෙං අහන්ට මොකද්ද එදා අර කරපු කැත වැඩේ කියල.."
" අනේ ඕන නෑ බං..ඔන්න ඔහෙ අල්ලල දාපං...ඔව්ව මොනවද?..."
ප.ප. ලි - පහත මාලයෙහි එදවස වැඩ හුන් ඒ යුවතියගේ ජන්මදිනය සැප්තැම්බර් 19 දිනට යෙදී තිබිණි. මේ ඇය වෙනුවෙන් අවදි වූ මගේ මතක සටහන් සහසක් අතුරින් එකකි.ඇය කවුරුදැයි නොදන්නා වූ පාඨකයින් වෙනුවෙන් ඇය හඳුන්වාදීමට මට අවසර..... ඇය වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි මගේ සමහවුල්කාරිනිය වන රන්දිලාභිධාන ඒ සුවිශේෂී වූ මානවිකාවයි!!!
සුබ උපන් දිනයක්..රන්දිල් !!!!!!