![]() |
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි..... |
1. ඥාණක්කාට ගෙනයාමට සවේ ලවා ගෙන්වාගත් ඉතා අගනා කිතුල්පැණි බෝතලය ජනාපෙටි මංදිරේට අරක්ගෙන සිටිනා අපතයෙක් එතුමාගේ කුස්සියේදීම උණුකොට හකුරු සාදා ප්ලේන්ටී පානය කොට ඇති බැවින් සවේ ලවා තවත් කිතුල් පැණි බෝතලයක් ගෙන්වාගෙන ඥාණක්කට ගෙන ගොස් දී ඉල්ලා අස්වීමට සිතා සිටින නිසා........
Note - අරගලය දින කටුනායක එයා පෝට් එක දෙසට අධි වේගයෙන් ගිය රථ පෙලක් පිළිබඳව ඒ ජනාපෙතිතුමා පලායන බවට ආරංචි පැතිරගිය නමුදු ඒ වනාහි සවේ පිටරට සිට ආපසු පැමිණෙන විට ඔහු කැඳවාගෙන ඒමට ගිය රථ පෙලක් බවට දැන් සනාථවී ඇත. සවේ එසේ හදිසියේ ආපසු ආවේ "අනේ සවේ කොල්ලො..අර උඹ ගෙනත් දුන්නෙ අපූරු කිතුල් පැණි බෝතලයක්..මං මේ හිතා හිටියෙ ඒක ඥාණාට දෙන්ට කියල... කොහෙද බං බලපංකො අර මගෙ ගෙට රිංගං ඉන්න පිස්සු යක්කු ඒක උණු කරල හකුරු හදලනෙ. ඒ හින්ද බොල කොලුවො ඉන්න තැනකිං විගැහිං ආපහු ඇවිල්ල මට තව කිතුල් පැණි බෝතලයක් ගෙනැති දීහන්කො හොඳ එකා වගෙ..ඒක ඥාණාට ගිහිං දීල තමයි මම ඉල්ලා අස්වෙන්නෙ.." යනුවෙන් අටිඝරු ජනාපෙටිතුම ඉතා හැඟීම්බරව කල බැගෑපත් ඉල්ලීම නිසා බවද සැළවේ..
2. එතුමා ඉතා සාර්ථක ලෙස පැවැත්වූ සහ එමෙන්ම රට පුරා හුදී ජන පහන් සංවේගය ඉතාමත් දරුණු ලෙස දිනාගත් ගම සමඟ පිළිසඳරවල් 69කදී හඳුනා ගත් ගැටළු ක්‍රමවත්ව ලැයිස්තු ගත කොට පයිල් 69ක් සාදා අලුතින් පත්වන ජනාපෙතිතුමාට බාරදෙනු පිනිස සකස් කිරීමට දින හතරක් ගතවන නිසා.....
3. එතුමාට තම පාලනකාලයේදී රටක් වටිනා මහාර්ග උපදෙස් මාලාවක් ලබාදුන් එතුමාගේ සංග උපදේසක සබාව වහාම රැස්කොට සැඟවී සිටින තැනින් සූම් තාක්සනයෙන් සම්බන්දවී තමන් ඉල්ලා අස්වන බව පවසා ඔවුන්ගේ ආසීර්වාදය ලබා ගැනීම සිණිස......
4. තම නිල නිවස ජර්මන් අරගලකරුවන් විසින් අත්පත් කරගත් අවස්ථාවේදී අටිගරු හිට්ලර් මහතා කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කලේද යන්න පිළිබඳව වේඬරුවේ හාන්දුරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට.....
5. ජනාපෙති පදවියේ දිව්රුම්දී අත්සන් කොට පෙට්ටියට දමා වැසූ පෑන අස්ථාන ගතවී ඇත. එම පෑන ඇමරිකාවේ වෙසෙන මනෝජ් පුතාට අයත් වූවකි. "තාත්තෙ ඉල්ලා අස්වෙලා මෙහෙ එන එකනම් අවුලක් නෑ..ලබන අවුරුද්දෙ විතර දුවත් මොන්ටිසෝරි දාන්නයි අපි හිතගෙන ඉන්නෙ..එතකොට තාත්තට පුලුවන් නෙව දුව මොන්ටිසෝරියට එක්ක යන එක එක්ක එන එක කරන්න..හැබැයි තාත්තෙ අර ජනාපෙති පදවියෙ දිව්රුම්දීල අත්සන් කරපු පෑන නම් අරන් එන්න හොඳද? ඒක මට සෑහෙන්න වටිනවා" කියා මනෝජ් පුතා ටැලිපෝන් කොට පැවසූ බැවින් කෙසේ හෝ එම පෑන සොයා ගැනීමට යම් කාලයක් අවශ්‍ය බැවින්......
6. ජනාපෙති පදවියේ දිව්රුම් දීම රුවන්මැලි සෑය අබියස කල පරිද්දෙන් ඉල්ලා අස්වීමේ ලියුමට අත්සන් තැබීමද රුවන්මැලි සෑය අබියසම උත්සවාකාරයෙන් පැවත්විය යුතු බව අටිගරු මහා සන්ගරට්නේ ඉල්ලා සිටින නිසා එම උත්සවය සංවිධානය කිරීමට දින කිහිපයක් අවශ්‍ය නිසා....
Note - මේ අවස්තාවේදීම රුවන්මැලි සෑයේ දේවතා කොටුවේ වැඩ සිටින සිය මෑණියන්ගේ ආශිර්වාද ලබාගැනීමට එතුමා බලාපොරොත්තුවේ.. "අනේ මද්දු පුතේ උඹ කරගත්තු නස්පැත්තියක්..." යනුවෙන් දේවතාවිය විස්සෝපවේද යන්න පිළිබඳව විද්වතුන් අතර එකඟතාවයක් නැත....
7. තමන් රට පාලනය කල වසර දෙකහමාර තුල දැක්වූ අවංක සහ අනර්ඝ සහයෝගය වෙනුවෙන් පාදඩේ මහතා, අතන මෙතන රතන හිමි, ජේසුමන මහතා, ජේසුන්දර මහතා, කබ්බරාල් මහතා ඇතුළු කාරියසූර බුජ්ජිමත් මහත්වරුන්ට හිතාදර ඉස්තූතිය පලකොට සමුගැනීම උදෙසා සිංහල බාසාවේ මෙතෙක් භාවිතා නොවූ අසභ්‍ය වදන් නිපදවීමට පත්කල කමිටුවට ඒ කාර්යය උදෙසා යම් කාලයක් ලබාදිය යුතු බැවින්.....
8. හිටපු ජනාපෙති මයින්ද රාජපස්ස මහතා යහපාලන සමයේ විපක්ෂයේ සිටියදී තෙල් මිල රු. 5/= කින් ඉහල දැමීමට විරෝධය පලකරනු සඳහා පාර්ලිමේන්තුවට බයිසිකලයක් පැදගෙන පැමිණියේය. ඒ බයිසිකලය දැන් ඇත්තේ අටිඝරු ජනාපෙතිතුමාගේ මිරිහාන නිවසේය. "ලොකු මල්ලි..මේ...උඹ අස්වෙලා යනවනං අර බයිසිකලේ මට ගෙනල්ල දීල පලයං ..14 වෙනිද මට තියනව ඒකෙ නැඟල පාර්ලිමේන්තු යන්ට.." හි.ජ.කු.පා.ම. මයින්ද අයියා ජනාපෙතිතුමා අමතා එසේ පැවසූ බැවින් එම බයිසිකලය සොයා මයින්ද මහතාට බාරදීමට යම් කාලයක් අවශ්‍ය වීම...
9. පසුගිය දිනවලදී රටපුරා මහත් ආන්දෝලනයකට තුඩුදුන් රසදිය රික්තය මඟින් විදුලිය නිපදවීමේ ක්‍රමය සොයාගත් ඒ හෙල විරු තරුණයා තම සැඟව සිටින බංකරයට කැඳවා ඔහුට "සිරි ලම්කා රසදිය විබූසන" ගෞරව නාමය සහ පදක්කම පිරිනැමීම සඳහා...
10. ජනාපෙති මන්දිරය සහ කාර්යාලය දැන් මහජනයාට විවෘත බැවින් අවසන් වරට ඒවා දැකබලා ගැනීම සඳහා සවේ ද සමඟ කොටු සරමක්, මේස් බැනියමක් සහ ජටාවක් ඇඳ මැදමුලනේ ගැමියන් දෙදෙනෙකු මෙන් වෙස් වලාගෙන එහි ඇතුලුවී සිරි නැරඹීම උදෙසා...





