සැමි ගැන ලියවිල්ල මදකට පැත්තකින් තබන්නට සිදුව තිබේ. ඒ වෙනත් දැයක් පිළිබඳව ලිවීමට සිදුව ඇති නිසාවෙනි.
දැනටමත් යම් තරමකට ප්‍රමාද වී ඇත. එහෙත් සම්පූර්ණයෙන් ප්‍රමාද නැත. එබැවින් සැමි ගැන ලියවිල්ල පසුව ලියන අටියෙන් අද දින මේ ලියැවිල්ල ලියන්නට සිතුවෙමි.
***********************************************************************************
ඇය................................
අමුතුම කෙනෙකි.
හමන සුළඟ සමග ද සිනාසෙයි. නිතැතින් දුටුවන් මුව සිනා උපදවයි.
කෙනෙකුගේ දෙදෙනෙකුගේ සුව නින්දට බාධා ඇති කලද කිසිවෙකු ඈ හා අමනාප නොවන්නේමය.
ඇය....................................
බොහෝ දෙනෙකු අළුතින් ඉපැද්දුවාය.
බොහෝ දෙනෙකුට උසස්වීම් පිරිනැමුවාය.
සමහරෙක් නැවත ඉපැදුනෙත් ඈ නිසාවෙනි.
එබැවින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නීය.
ඇය...............................
මාවත් දෙකක් එක්වූ තැන බිහි වූවාය. ඒ මාවත් වාසී සියලු ම දෙනා පියවරකින් ඉදිරියෙන් තැබුවාය.
ඇය...............................
අවශ්‍යයෙන්ම දෙදෙනෙකුගේ ජීවිතය වී හමාරය. ඒ දෙදෙනාගේ මුළු මහත් අනාගතයම ද වී හමාරය.
ඒ දෙදෙනා නම් අප දෙදෙනාය.
ඇය නම් .........................ඔව් ඔබ අනුමානය නිවැරදිය සබඳ.
පසුගිය මාර්තු 07 වන දිනට සවැනි මස සම්පූර්ණ කල අපේ සිඟිති දියැණියයි ඇය................
********************************************************************************
පසු ලිවීම
හුදෙක්,
බිරිඳක් සැමියෙක් පමණක් වූ අප දෙදෙන මව්පියන් ලෙසින් ඉපැද්දුවේ ඇයයි.
අම්මා තාත්තා යන තනතුරේ සිටි අප මව්පියන් හට මිත්තණියන් මුත්තණුවන් යන තනතුරු පිරිනැමුවේ ඇයයි.
අපගේ සොයුරු සොයුරියන් පමණක් වූ ඔවුන් හට වඩා වගකීම් සහිත වූ උසස් තනතුරු පිරිනැමුවේද ඇයයි.
එබැවින් ඇය අප සියලු දෙන මිටින් ගෙන පියවරකින් ඉදිරියෙන් තැබුවා නොවන්නේද?
ඉදින් ඇය එසේ මෙසේ කෙනෙක් නොවන්නේමය.
අනේ... හරි හුරතල් කෙලි පැටියෙක්..! අම්මා වගේ නේ???
ReplyDeleteසිරිමා බෝ මැඩ...
ReplyDeleteමුනිඳුන් වැඩ සිට...
දස මර සේනා දිනූ බෙලෙන්...
ජයපැන් කරඬුව දෝත දරා...
හිඳින්න දූ කුමරී...
දූ සිඟිත්තට අපෙනුත් සුබ පැතුම්. කෙල්ල අම්මා වගේ කියලයි මට නම් හිතෙන්නේ.
ReplyDeleteහිතට දැනෙන මේ සංවේදී ආදරණීය සටහන් දකිද්දි මට හිතෙන්නෙ අක්කා ආදරය නිසා ලේඛිකාවක් වෙච්ච කෙනෙක් කියලයි.
කෙලි පැටියට දිගු ගමණකට ආසිරි..!
ReplyDeleteඔබ නිවස සිරිනිවසක් කළ පුංචි දියණියට තවත් සියවසකට මගෙන් දිගාසිරි!!
ReplyDelete"ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ
ReplyDeleteයසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ
සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා"
කෙලි පැටියට වාසනාවන්ත හෙටක්
මට වාසනාවන්
ReplyDeleteමගෙ ජීවිතේ වන්
පොඩි දූ කුමාරී
ඔය පුංචි දෑසින්
කිරි පුසුඹ දෝතින්
සුරතල් වූ ටිකිරි මුවේ
විදහා බලාලා අම්මා කියාලා
හිනැහෙන්න ඕනී දුවේ
අක්කේ,
ReplyDeleteඔයා නම් මං ගැන අහලවත් නැතුව ඇති.
ඒත් මේ කෙලි පොඩ්ඩිට සුබාසිරි දෙන්න මේ මලයටත් ඉඩ දෙන්න ..
ප.ලි.
ReplyDeleteමං මේක කියෙව්වේ කොහේදිද කියල නම් මට මතක නෑ...
ඒත් ගැහැණියක් උතුම් වු මව් පදවිය දක්වා ඔසවා තබන එක ගැන කියවෙන මේ කව මට කවදාවත් අමතක වෙන්නෙ නැති තරම්
“මලක් පිපුණු බැවින්
මගේ නව ලිපිනය
වල නොවේ විල ...“
ඔබත් ඒ උතුම් පදවිය තෙක් ඔසවා තබපු පුංචි රන්ලිමා ට මං මගේ මුළු හිතින්ම ආශිර්වාද කරනවා...
දියණිය නිසා ඔබ වසනාවන්ත මවක් වුනු බැව් කල උදාන කතාවෙන්ම දැනේ. වාසනා වේවා. ජය සතුට සම්පත නිරෝගී සුව පිරි හෙට දවසකට සුභ පැතුම්
ReplyDelete@ මම, මලී, හෙලයා, මධුර, චතුරංග,
ReplyDeleteස්තුතියි ඔබ සැමට
@ පැඟිරා & දයියා,
ReplyDeleteබොහොම පිං ඒ වගේ අපේ දූට ආශිර්වාද කලාට. සැම දූ දරුවන් හට එසේම ආශිර්වාද වේවා!!!
@ sansarasidu,
ReplyDeleteමම ඔයාව කියවලා තියෙනවා තිස්ස අයියාගේ දුකා අයියාගේ ලිපිවල කොමෙන්ට්ස් වල. ස්තුතියි සුභ පැතුමට මල්ලී.
@ මනුසත්,
"වාසනා වේවා. ජය සතුට සම්පත නිරෝගී සුව පිරි හෙට දවසකට සුභ පැතුම්"
වාසනා වෙලා ගොඩක් කල් මනුසත්. දූගේ තාත්තිගේ නම වාසනා. :-)
ස්තුතියි සුභ පැතුමට
@ රවේන්,
ReplyDeleteමල්ලී යම් තරම් දුරකට නිවැරදියි. හැබැයි පාසල් යන කාලේ ඉඳන්ම මට යම් තරමකට ලිවීමේ හැකියාව තිබුනා මම හිතන්නේ. ඒත් මේ ආදරය මගේ හැකියාව වඩා මුවහත් කලා කිව්වොත් හරි මම හිතන්නේ. අනෙක් අතට මෙතෙක් කල් කඩදාසි කොල වලට සීමා වුනු ඒ දේවල් මේ විදිහට ඔබ සැම සමග බෙදා ගන්න උපකාරි වුනු බ්ලොග් ඒ හැකියාව ඔපමට්ටම් කලා වගෙයි.
ස්තුතියි සුභ පැතුමට මල්ලී
මම චූටි නංගියාට සුභ පතනවා ජය වෙවා කියලා.
ReplyDeleteහැමෝගෙම ලෝකෙට වාසනාව අරන් ආපු චූටි දුවගෙ ලෝකයත් හැමදාමත් වාසනාවෙන් පිරේවා!!!!
ReplyDeleteකොට්ටප්පරි රතනසාර...! මට දිටම පැඟිරා කියන්නද යන්නේ... ජිල්මාට් එකක් දාලා කැම්පස් එකේදී එම කාඩ් එකෙන්ම ගැලවුනා... බේරිල්ලක් නැතිගානයි... මේ පිරිමි ලමයි කොච්චර හොඳද අප්පා...!
ReplyDeleteකොට්ටප්පරි රතනසාර...! ??????
ReplyDeleteඒ මොකද්ද පැඟි අයියේ ඒ?????????
@ මධූ & මිහිරි,
ReplyDeleteස්තුතියි ඔබ දෙපලටත්
කෙලි පැටික්කි හරිම හුරතල් අක්කෙ....... සුබ පතනවා අනාගතේට.... අක්කගෙයි අයියගෙයි ආදරේ ගැන කියවල මේ ලිපිය කියවද්දි හිතුන පුංචි එකී හරි වාසනාවන්තයි කියල......
ReplyDelete@ විශ්මි,
ReplyDeleteමටත් එහෙම හිතෙනවා නංගී. කෙල්ල "වාසනා"වන්තයි. "වාසනා"ගේ දූ වීමම "වාසනා"වක්.
අර "සබඳ පබිලිස්" ටෙලි නාට්‍යයේ ජයලත් මනෝරත්නගේ කටේ නිතරම තියෙන්නේ... "කොට්ටප්පරි රතනසාර'... අපේ මාමා කෙනෙක් ගේ කටේත් තිබුනා ඔයිට සමාන දෙයක් "හුටප්පරි ජාලං - දහ දෙනෙකුට තුවාලයි"...
ReplyDeleteමාර කෑලි නේ...?
ඒ පාර ඒකත් කොට කරල...
අනේ අම්මාපල්ල - හහ් "පැඟි අයියා"
@ පැඟී අයියේ,
ReplyDeleteමමත් බැලුවා ඒ කථාව. ඒ වුනාට ඒ වචනේ මතක නැහැ.
ගණන් ගන්න එපා අනේ. නරකද හුදී ජන පහන් සංවේගය උදෙසා ඔයාම ඒ නම දාගත්තා නම්. :-)
කෙනෙක් සම්පූර්න වෙන්න කසාදයක් කර ගන්න ඕන කියන එක ඇත්තක් කියලා හිතෙනවා ලිපිය කියෙව්වම
ReplyDeleteakke mamath suba pathanawa chuti nangiyata.ජය සතුට සම්පත නිරෝගී සුව ඇති වෙවා අපේ චූටියට
ReplyDelete@ Aruna & Priyantha,
ReplyDeleteThanks for visiting my site and wishing our baby
සිතුවිලි අතරින් කුමක් ලියන්නද
ReplyDeleteආදරය පිරි ඔබගෙ බ්ලොගේ
තවත් සොහොවුරෙක් එනතෙක් නොව සදාකාලිකවම චූටි පැංචිට මේ ආදරය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@ තනෝජා අක්කි,
ReplyDeleteඔව් අක්කි, ඒ නිසාම දුට අවුරුදු 4ක් වත් වෙනකම් මල්ලි බබෙක් හරි නංගි බබෙක් හරි එන්නේ නැහැ කිව්වාලු
අහා වාසනා රන්දිල් නංගිට ලබා දුන්නු වාසනාව. අනේ වාසනාවන්.
ReplyDeleteකෙල්ල නම් හරිම ශෝයි අප්පා.
මේ අපේ විරුල් කොල්ල ට අර තනෝජාත් කියනවා ඉක්මනට නංගි බබෙක් දෙන්න කියලා . ..
ඔයාලගේ මේ පින්තූර දැක්කාම දෙමුද කියලත් හිතෙනවා ඒත් අර අවුරුදු 4ක් යනකම් මේ කෙලි පැටික්කිට මල්ලියෙක් ගේන්න එපා කියලා ඔයාට කියපු කෙනා අපිටත් කිව්වා ඒ කතාවම.
හික් හික්
@ සතුටා,
ReplyDeleteඇට් ලාස්ට් යූ කේම්. ථ-)
අයියන්ඩිගේ කොමෙන්ටුව නැතුව හරි නැතුව හිටියේ.
දැන් හරි.
ane samaweyan nangiye . . . . pahugiya tike ambaanaka wada . .
ReplyDeleteDear Randil,
ReplyDeleteJust teach her to be sensitive to pain & suffering of others.
Just teach her to fill her heart with love always for every one.
My Best Wishes,
By the way, I just saw that "Lunch Packet in Kottamba Kola " Post.
Wede Kathai Honde
@ සතුටා,
ReplyDeleteදන්නවා දන්නවා මේ දවස් වල බිසි කියලා. ඇයි ඉතිං මඩේ දම දමා හෝද හෝද නේ ඉන්නේ නේද? ථ-)
@ RAVI,
sure I will teach her things you mentioned.
;-D
Kottamba kole lunch packet gena kiwwata eka katada une kiyala mamanam ehema kiwwe nehe. Dan nam hebei kattiya dena gani man hitanne katada une kiyala. :-D
http://randil.myblog.lk/2009/05/04/%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%BB%E0%B7%90%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%AD/
ReplyDeleteමෙන්න කොට්ටම්බා කොලේ බත් පැකට් එකේ කතන්දරේ.
මේක හැබැයි අපේ office එකේ නෙමේ වුනේ. මෙතන ඉන්න කාටවත්මත් නෙමෙයි වුනේ. :D
වාසනා වේවා! ලස්සනට ලියල තියෙනවා අදහස. :-)
ReplyDelete@ ශාකුන්තල,
ReplyDeleteස්තුතියි මල්ලී