ඇය : මේ ඒක නෙමෙයි, මං තනියෙම එනකොට බයික් එකේ පැච් එකක් ගියොත් මොකද කරන්නේ ?
ඔහු : කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ වහාම හදිසි ඇමතුම් අංශය අමතන්න. ඔයා කොහේ හිටියත් විනාඩි 20ක් ඇතුලත වාර්තා කරලා ඇති.
එසේ පවසමින් ඔහු සිනහා වෙයි. ඇයටත් සිනහා පහළ වෙලා. ඒ සිනහවෙන්ම,
ඇය: හ්ම්.......... එතකොට මට කරන්න තියෙන්නේ බයික් එක නවත්තලා ලඟ පාත තියෙන පේස්ට්‍රි ෂොප් එකකට ගිහින් මොනවා හරි කාලා ඉන්න නේද?
ඔහු: ඔව්නේ. මං එනකම් ටික වෙලාවක් ඉන්න වෙනවානේ.
ඇය: ම්ම්... එතකොට පැච් එකක් ගියොත් ලඟපාත කෙනෙක්ගෙන් වින්කලයක් ගැරැජ් එකක් තියෙන තැන නෙමෙයි, පේස්ට්‍රි ෂෝප් එකක් තියෙන තැන තමයි අහන්න ඕනේ නේද?
නිමේෂයක් ගතවුනා. ඔහුත් ඇයත් පෙරටත් වඩා සිනහා වෙන්නවුනා.
කියවන ඔබට ඒ සිදුවීම කෙසේ දැනුනාදැයි නොදනිමි. ඒත් ඒ අප ජීවිතයේ තවත් එක් සොඳුරු නිමේෂයකි.
**********************************************
ඇය: මේ, ලබන ආත්මේ මං බකින්හැම් පැලස් එකේ තමයි ඉපදෙන්න හිතාගෙන ඉන්නේ.
ඔන්න ඔහුට කොක්හඬලන්නට කාරණයක්,
ඔහු: හාකෝ, ඒකත් නරක නැහැ අදහස
ඇය: ම්ම්.......... මං බකිංහැම් පැලස් එකේ ඉපැදෙනවා. ඔයා ඊට අල්ලපු පැලස් එකේ ඉපදෙන්න. එහෙම හොඳයි නේද?
ඔහු: ඔව් ඔව්......... මොකද නරක.......... වෙල් ප්ලෑන්ඩ්...............
ඇය: මේ ඒක නෙමෙයි, ඔයා මොකද කියන්නේ, ඔයා කැමති රජ වෙන්නද? වල්ලභ කුමාරයා වෙන්නද?
ඔහු: ??? මොකක් කිව්වා? ඒ කවුද?
ඇය: මෙහෙමයි. රජතුමාගේ වයිෆ් බිසව, රැජණගේ හස්බන්ඩ් වල්ලභ කුමාරයා, දැන් පිලිප් ආදිපාදතුමා ඉන්නේ....... ආන් එයා එළිසබෙත් රැජණගේ වල්ලභ කුමාරයා. දැන් තේරුනාද අහපු එක?
ඔහු: ආහ්......... හරි හරි දැන් මතක් වුනා. ඔන්න ඔහේ ඔයා කැමති එකක්. ඔය කොයික වුනත් එකයිනේ නේද?
ඇය: ඒකත් හැබෑව, ලෝකෙටම රැජණ වුනත් ගෙදරට වයිෆ්නේ නේද?
ඔහු: ආ............ ඒ කියන්නේ මට නෝ ඔප්ෂන්ස්, වල්ලභ කුමාරයාම තමයි නේද?
ඒ සිනාවෙන්ම අපි ගම්පහ නගරයට සේන්දු වූයෙමු.

ඔබගෙ සෙවනේ
රැඳෙන සහනේ
වේවා සදා වාසනාවන් ...
ඔබගේ සරණේ
නොනිමි සෙනෙහේ
සසර සරණ තුරුම වාසනා ...

පසුගිය වසරේ මාර්තු 10 වෙනිදා මම ඔහු ගැන තරමක් දීර්ඝ ලිපියක් ලියමින් බොහෝ දේ සටහන් කරන්නට යෙදුනෙමි. මට මතක ඇති ආකාරයට මවිසින් නිදහස් සිතුවිලි බ්ලොගර් වෙතට ගෙන ආ පසුව වැඩිම දෙනෙක් අදහස් පළ කල පළමු ලිපිය එයයි. අද මම මේ ලිපිය ලියන විට එම ලිපිය නොබලන්නට සිතුවෙමි. එම ලිපියේ බලපෑම මෙම ලිපියට නොලැබන පරිද්දෙන් ලිවීමට මා හට අවැසි විය.
තිසරණ සරණයි දෙවි රැකවරණයි ඔහු එදා සේම අදත් හැමදා සිටි මාගේ ප්‍රියයාමය. මේ දිවිගමන නිමවනදා වනතුරුත් එයින් ඔබ්බටත් ඔහු එසේම සිටිවී. එසේම සිටීවා!!!
ඉඳින් දීර්ඝ ලිපියක් ලියා කියවන ඔබ වෙහෙසට පත් නොකරමි. මෙවන් ලිපියක් අදටත් වඩා සතුටින් ලබන වසරේදී ලියන්නට මා හට හැකි වේවා! යන ප්‍රාර්ථනයත් සමගින් නවතිමි.
(පිංතූරය ලබා දීම වෙනුවෙන් සයිබර්යායේ පදිංචි කෙහෙල්කොටුවෙ චූටිමහත්තයාට ස්තුතියි)

ඔබ පතාන පැතුම් එලෙසම ඉටු වේවා!!!
ReplyDeleteඅර වල්ලභ කාතව නම් මීට පෙර අසා ඇත :D
වල්ලභ කුමාරයාම වේවා හැම ආත්මයකම!!! “අනුපානේ“ මතකද?
ReplyDelete@වැප්,
ReplyDeleteස්තුතියි මිත්‍රයෝ.......... :)
තව කී දෙනෙක් එයිද දන්නේ නැහැ ඔය කථාව දන්නවා කියලා, ඔය කථාව වුනු දවසට පස්සේ දවසේ දෙතුන් දෙනෙකුට කිව්වානේ.......
:D
@තනෝජා අක්කා,
ReplyDeleteඅනුපානේ නේද? අනුපාන දාන්න ගිහිල්ලා ගුටි කන්න වෙයිද දන්නේ නැහැ....
(බොරුවට ඒක කිව්වේ, අනුපානේ ගානට භාවිතා කරන්නේ...... ගානට :D )
ඔබේ පැතුම් ඉටුවේවා.....!
ReplyDeleteරන්දිල් රැජිනටයි වල්ලභ කුමාරයාටයි චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඕං නවම්ගෙන් සුභපැතුම් !
ReplyDeleteඒක නෙමෙයි බකිංහැම් පැලස් එකේ ඉන්නකොටත් දෙන්නම එකතුවෙලා බ්ලොග් එකක් ලියනවැයි ?
Small things are the most important in a Love,
ReplyDeleteජීවිතේ හැමදාම මතක තියෙන්නෙ ඔන්න ඔය වගෙ සුලු එහෙත් ඉතා වැදගත් සිද්ධීන් තමයි රන්දිල්,
ඔබටත්, වාසනාටත්, මගේ හෘදයාංගම සුබ පැතුම්!
ප්‍රාර්තනා කරනවා පැතුම් ඉටුවෙන්න කියලා............
ReplyDeleteජීවිතෙ සුන්දරයි.........
ස්තුතියි හසියෝ... !!!
ReplyDeleteස්තුතියි නවම්......
ReplyDeleteහප්පේ මගේ මහත්තයා බ්ලොග් ලියන්නේ නැහැ අනේ... එයා මං ලියන එව්වා කියවනවා විතරයි.. :)
ස්තුතියි රවී......
ReplyDeleteඒක නම් සහතික ඇත්ත. ස්තුතියි නැවතත්...
ස්තුතියි නිෂ්............
ReplyDeleteපතනා සියලු පෑතුමන් මලක් විකසිත වන පරිද්දෙන් ඉටුවෙවා සදා ජය
ReplyDeleteස්තුතියි ඉලං මලේ.... :)
ReplyDeleteසියලු පැතුම් එලෙසම ඉටුවේවා...!!!
ReplyDelete(අර පැච් එකත් පේස්ට්‍රි ෂොප් එක ළඟදිම වේවා...)
අනේ වාසනාවන්..........
ReplyDeleteකොල්ලත් ආසයි කූඩුවක් හදාගන්ට අප්පා........ දෙන්ට බැරිද පොඩි උපදෙස් ටිකක්?
ස්තුතියි ප්‍රියන්ත අයියා... ආ පැච් එක නේද? ඒකත් එසේම වේවා !!!
ReplyDeleteඅළුත් කොල්ලා ට කියන්න තියෙන්නේ හප්පේ දෙන්නම්කෝ උපදෙස් ඕනෑ තරම්....... හැබැයි අය කරනවා....... මොකද කියන්නේ...
ReplyDeleteගොඩ සීයයි ගොඩ සීයයි...........
@ රන්දි - හරි...:-bd රුපියල්ද නැත්තම් වෙන සල්ලියක්ද??
ReplyDeleteඩොලර් ඩොලර්............... හි හි
ReplyDeleteමේ ඔයාලගේ කුටුම්භයද..? ලස්සනයි..ජය වේවා..!
ReplyDelete