Monday, March 7, 2011
පිපි මල්මතින් පියමං කලෝ............2
පිපි මල්මතින් පියමං කලෝ............1
සමරෙටත් ඔන්න ටිකක් තද උනා, " වතුර නැතුව කොහොමද සර් වැඩ කරන්නෙ " සමරේ ඇහුවා,
" ඇයි බං අර අතන තියෙන්නෙ වතුර පයිප්පයක්, ගහපං හෝස් එකක් ඒකට, ඇරපං කරාමෙ, ඔය එන්නෙ වතුර, ඊට පස්සෙ පටං ගනිං වැඩ "
" පයිප්පයක් නං තියෙනව තමයි සර්, ඒ උනාට......." සමරෙ දෙපැත්තට ඇද්දා,
" ඇයි මොකෝ?..... ඒ උනාට මොකද?.....ඒකෙං එන්නෙ වතුර නෙවෙයිද? මී පැණිද?
" හප්පොච්චියෝ......ඒ වැඩේ නම් කීයට වත් කරන්ඩ බැහැ සර්, මේ ගෙදර අයිති මහත්තය පොලීසියෙ හිටපු හෙණ ලොක්කෙක්, මහ මරු මුස් මනුස්සයා, මුලින්ම වැඩ පටන් ගත්තු දවසෙ අපි හැමෝන්ටම කතා කරල කිව්වා, මේ මම කියන එක හොඳට අහ ගනිල්ලා, මගේ ගෙදරින් වතුර ගැනීම, මල් පැල වලට අලාභහානි කිරීම, තණකොල පෑගීම සම්පූර්ණයෙන්ම තහනම්, වෙඩි තියන එක තියනවා, අහු උන එකාට ආයෙ කිසිම සමාවක් නැහැ, මගෙ ආයෙ වචන දෙකක් නැහැ කියලා ඒ වෙලාවෙ තුවක්කුවකුත් අතේ තිබ්බ සර්, අපොයි අපිට නම් බැහැ වතුර අර ගන්ඩ ගිහිල්ල වෙඩි පාරවල් කන්ඩ " කියලා සමරේ බැගෑපත් උනා,
මිගාර එක්ක කොහෙද ඒ සෙල්ලං, මිනිහා හිතුවෙම මුං ටික වැඩ නොකර ඉන්ඩ පෙරලන පොතක් තමයි මේක කියලා,
ඔය මිගාරයගෙ වයිෆ්ගෙ මාම කෙනෙක් ඇවිල්ල පැන්සන් පලච්ච පොලිස් ඉස්පෑට්ටර කෙනෙක්,ඉතිං මිනිහ දන්න ලොකුම පොලිස් කාරය තමයි ඉස්පෑට්ටර, ඒ නිසා මිගාර කීයටවත් බය උනෙත් නැහැ, සත පහකට ගනං ගත්තෙත් නැහැ සමරෙගෙ කතාව,
" අනේ නිකං පලයං සමරෙ යන්ඩ, අපි නොදන්න පොලිස් ලොක්කො, උඹ දැන ගනිං අපෙ නෝනගෙ මාම ඉස්පෑට්ටර කෙනෙක්, අපි දෙන්න එකටයි අඩියක් ගහන්නෙත්, පොලිස් ලොක්කො? බම්බුව, මේ පැංසොං ගිය සාජං කෙනෙක්ද කොහෙද, එව්ව ඇරිච්චාවෙ, වැඩ පටං ගනිං ඉතිං කිව්වහම අහල "
" මේ මම දැං එක පාරක් කිව්වනෙ, මට නම් බැහැ, එහෙනම් සර්ම වතුර අරං දෙන්න,අපි කෝකටත් විනාඩි පාළහක් විතර බලල වෙඩි පාරක් ආවෙ නැත්නම් කෝකටත් සූදානං සරීරේ කියලා ගේට්ටුව කිට්ටුව තියන වැඩක් කරන්නම් " බැරිම තැන සමරේ කිව්වා,
" අනේ බං උබල වගෙ බය ගුල්ලො ජාතියක්, වෙඩි තියන්ඩ, හුහ්, එහෙම කොහෙද වෙඩි තියන්නෙ? බලමු එහෙනම් වෙඩි තියල "
මිගාර හෝස් එහෙකුත් ඇදගෙන ගියා කෙලිම්ම කඟවේනා වගේ පයිප්පෙ ගාවට, මූට දැං උන්න මලා පේන්නෙ නැති ගානට තද වෙලා නිසා කෙලිම්ම ආයෙ ඉද්ද ගැහුව වගෙ ගියේ පයිප්පෙ ගාවට, අර පොඩි කාලෙ ජ්‍යාමිතියෙදි කලේ ලක්ෂ්‍යයන් දෙකක් අතර කෙටිම දුර සෑමවිටම සරල රේඛාවකි කියල පාඩමක්, අන්න ඒ පාඩම අනුගමනය කරමින් තමයි ඔන්න ගියේ,
ඒ කිව්වෙ සරල රේඛාවට අහු වෙච්ච බාර්බටං,ඩේලියා, එක්සෝරා, ගාඩීනියා, මෙකී නොකී සියලු කුසුම් ගොමු තලා බිඳගෙන පොඩි කරගෙන තමයි මිගාර පයිප්පෙ ලඟට ලඟා උනේ,අර සිංදුවක් අහල ඇති නෙවද " පිපි මල් මතින් පියමං කලෝ ..............." හරියටම අන්න ඒ සිංදුවට හදාපු විෂුවල් එකක් වගේ,
සමරේ ප්‍රධාන ගෝල පිරිස දැන් බලා ඉන්නව කටවලුත් ඇරිල හුස්ම ගන්ඩත් අමතක වෙලා, සමරෙට බුදු ෂුවර් අද නම් මෙතන එකෙක් දෙන්නෙක් වල පල්ලට ගිහිං තමයි මේ කෙලිය ඉවර වෙන්නෙ කියලා,
ඔය පයිප්පෙ ගාවම තිබ්බලු පොලිස් ලොක්ක තායිලන්තෙං ගෙනාපු බොහෝම දුර්ලභ Bamboo Bush එකක්,
ඒ කිව්වෙ මේ උණ පඳුරක්, ඕකෙ අතු හින්දා හෝස් එක ගහන්ඩ බාධාවෙලා මිගාර කරල තියෙන වැඩේ ඕකෙ අතු ඔක්කොම අඹරවලා කඩල දාල, ඊට පස්සෙ කිසි ගින්නක් නැතුව බටෙත් ගහල, කරාමත් ඇරල කිව්වලු " ඔන්න හරි දැං වැඩ පටං ගනිල්ල, උඹල හිතුවෙ මාව අන්දවන්න නේද? එව්ව කොහෙද මේ මිගාර එක්ක "
ආ, අර පිපි මල් මතිං පිය මං කරපු සීන් එකට තව හේතුවක් උනේ ඔය කාලෙ මිගාර භාවිතා කලා අති දරුණු සඟක්, සඟ දන්නව නේ? සඟ = Sun glasses,
මිගාරගෙ අයියා ඒ දවස්වල් ඉඳල තියෙන්නෙ ජපානෙ, එහෙ හිම වැටෙන කාලෙ Glare එකට දාන බොහොම අඳුරු Sun glass එකක් තමයි ඒක, අයියා ආපු වෙලාවෙ මිගාර මේක ඉල්ලගෙන, ඕක දැම්මම මෙලෝ දෙයක් පෙනෙන්නෙ නැහැ, හරියට අර පොඩි කාලෙ හැංගි මුත්තං කරන්ඩ රෙදි පටියකිං ඇස් බැන්ද වගෙයි,ඕක දාගෙන ගිහිල්ල මිගාරට වෙච්ච අකර තැබ්බ ගැන කතා අනන්තයි, අප්‍රමාණයි, පොලේ බටු මිරිස් පාගගෙන ඒ උඩින් ගිහිල්ල එව්වට අලාභ ගෙවන්ඩ උනු එව්වා, කැළණි පෙරහැර කාලෙ පේව්මන්ට් එකේ විකුනන්ඩ තිබ්බ මැටි අලි ගොඩක් උඩින් ගිහින් අන්තිමට පොලීසිය දක්වා ඒ කචල් එක දිග්ගැහිච්චි හැටි වගෙ තවත් එව්ව තියෙනව, එව්ව ඔක්කොම කියන්ඩ බැහැ මෙතන,
කොහොම හරි Bottom Line එක තමයි මේ සඟ නිසා මිගාර පයිප්පෙ ලඟට ගියේ අර ලොක්කගෙ සුපිපුනු සුගන්ධවත් නේක වර්ණයෙන් සමලංකෘත වූ කුසුම් උයන හරි මැදින්,
හරි, දැන් ඉතිං වතුරත් තියෙනවා, අඩු පාඩුවක් නැහැ, කොල්ලො වැඩ, ඒත් බඩේ ගින්දරෙං තමයි, ඇයි උං දන්නවනෙ අර ලොක්කගෙ තරම, වැඩ කරනව කියන්නෙ තනි ඇහෙන් තමයි වැඩ, අනික් ඇහැ කොයි වෙලෙත් ගෙදර බැල්කනියෙ, මොකද හේතුව, උදේම අර පොලිස් ලොක්ක කරන්නෙ මූණ කට හෝදල කාරිය සඳලු තලයට ඇවිල්ල Deck Chair එහෙක දිගාවෙල දවසෙ පත්තර බලන එකයි,
අද ඉතිං හැමෝම බොහොම උනන්දුවෙං බලා ඉන්නෙ සඳලු තලය දිහා, හරියට සිරී පාදෙ මහ මලුවෙ ඉර සේවය බලන්ඩ පොදි කන බැතිමත්තු සූරිය දිවිය රාජයා මතු වෙනකල් නොඉවසිල්ලෙං බලා ඉන්නව වගේ,
ඉතිං ගෝලයො කොයි වෙලාවෙත් ගෙදර පැත්ත බල බල වැඩ කරන එකත් මිගාරට ඇල්ලුවෙ නැහැ " මොනවද බං, උඹල කොයි වෙලාවෙත් ඒ පැත්තමනෙ බලන්නෙ, කචල් එකක් ආවොත් මම බලාගන්නම්, උඹල බය නැතුව වැඩ කරහල්ල" මිගාරත් කෝකටත් ගේ දිහාව හොරැහිං බලන ගමන් කිව්වා,
" සර් නං කියයි, වෙඩි තිබ්බම අතිං අල්ලල නවත්තන්ඩයැ" සමරෙ ආයෙ සඳලුතලේ දිහාව බලන ගමන් කිව්වා,
මෙවුන් මෙච්චරම බයේ ගැහි ගැහි ඉන්න නිසා මිගාරටත් දැන් ඔන්න ටිකක් බයක් වාගෙ හිතුනා, හෙමිහිට කිට්ටු කලා සමරෙ ඉන්න අහට,
"ඈ, සමරෙ අයියා, ඔය ලොක්ක ගාව ඇත්තටම තුවක්කුවක් තියනවද? උඹට බුදු ෂුවර් ද?"
" මොනවද මේ අහන්නෙ හැබෑටම?, පහුගිය සුමානෙත් මේ ගේට්ටුව ඉස්සරහ මිනිහෙක් බීගෙන කුණුහරුප කිය කිය ගියා කියල වෙඩි තිබ්බ නෙව"
මතු සම්බන්ධයි,
Subscribe to:
Post Comments (Atom)
හපොයි... මොනව වෙන්ඩ ඇතිද අර මනුස්සය දැන ගත්තම එයාගෙ දුර්ලභ ගණයෙ මල් පැල ටික තලල දාල කියල...!
ReplyDeleteමට කියවන්ඩත් බයයි...ඊලඟ කොටස
හප්පේ, කතාන්දරේට වඩා ආස හිතෙනවා නෙව මේ කර්තෘ තුමාගේ උපැහැරණ වලට.
ReplyDelete"...කෙලිම්ම ආයෙ ඉද්ද ගැහුව වගෙ ගියේ පයිප්පෙ ගාවට, අර පොඩි කාලෙ ජ්‍යාමිතියෙදි කලේ ලක්ෂ්‍යයන් දෙකක් අතර කෙටිම දුර සෑමවිටම සරල රේඛාවකි කියල පාඩමක්, අන්න ඒ පාඩම අනුගමනය කරමින් තමයි ඔන්න ගියේ..."
"...මිගාර පයිප්පෙ ලඟට ගියේ අර ලොක්කගෙ සුපිපුනු සුගන්ධවත් නේක වර්ණයෙන් සමලංකෘත වූ කුසුම් උයන හරි මැදින්..."
රවි අයියගෙ අකුරුත් එක්කලා කතන්දරේ සිතුවම් පෙළත් හිතේ මැවෙනවා, මේ ඇත්තමයි.
ඔන්න දැං කතාව බොහොම දරුණු අවධියක් පහුකරමින් යන්නේ. ඊලඟ කොටසෙ අපි කාට කාටත් ගිණිඅවි සහ ගිණිකෙළි බලාගන්ට පුළුවන් වෙන හැඩයි.
ReplyDeleteපට්ට ලියලාතියන්වා හෙ හෙ...
ReplyDeleteඉතිරු කෑල්ලබල්ලා උසාවි යන්නවෙයිද ..ඈහින් දුටු ශාක්ශි දෙන්න ....
හික්..පට්ටා තමා....
ReplyDeleteමල් පැල වලට බුදු සරනයි
මාත් මේ වගේම කථාවක් අහලා තියෙනවා.බලමු බලමු මේ ඒකමද කියලා. :D
ReplyDeleteනම තමා රවි අය්යෙ ඔක්කොටම වඩා මරු...
ReplyDelete"පිපි මල්මතින් පියමං කලෝ" කිව්වම මම කියවන්න ආවෙ ලව් ස්ටොරියක්...
hansakinkini,
ReplyDeleteඋඹ නඟේ ඔහොම කියනවා, මම මේ ඊලඟ කොටස ලියන්ඩ බයේ ඉන්නෙ, මෙතනින් නවත්තන්ඩත් මට හිතිලා තියෙන්නෙ, ඒ තරමට බයයි ඔන්න, අම්මප ඇත්ත
සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteස්තූතියි නංගි, ඔයාකාරවම උඹෙ හිතේ මැවෙනවනං ලියහං මිගාර ගිය ආකාරෙ ගැන කවිපෙලක්, මොකෝ කියන්නෙ?
චේජනා කියලා තියෙන්නේ නම් ඇත්තමයි ඔය නමින් ලියන්න තිබුනේ ආදර කතාවක්. අනෙක මම මුලින්ම කීවා කට්ටිය අර මල් ටික පාගලා පොඩි කරන්න යනබව. ඒ පොලිස් නිලදාරියා වලව්ව පැත්තේ යන, එනවා තමා.
ReplyDeleteඔයාගේ ආදර කතා හරි ලස්සනයි අනේ.
ඈ බං රවි අයියෙ, උඹැහැත් දැං අර කට කහන දුමියා වගේ මඩ කතා ලියන්න පට්ටාං ගත්තැයි.. ටක්කෙටම ඊළග කොටසෙ තියෙන්නෙ තුන්වෙනි ලෝක යුද්ධෙ පටං ගත්ත හැටි වෙන්ට ඕන..
ReplyDeleteඅනෙ අප්පොච්චියේ කරන්ඩ පුළුහං වැඩක්ද මං අහන්නේ... අනේ මන්දා, අභියෝගයක් හන්දා බැහැයි කියන්ඩත් නිකං මොකද්ද වගේ... හුම්, බලමුකො එහෙනං... ඕං හිතිච්ච විදිහට ලියැව්වා, අඩුපාඩු ඇත්තං හිනාවෙනාවා හෙම නෙවෙයි ඕං!
ReplyDeleteහෝස් බටෙත් අතිං රැගෙන
කඟවේනෙක් වගේ යසට
එක හුස්මට දුං දාගෙන
ගියා වතුර අරං දෙන්ට
අනේ අපොයි මල් පැල ටික
පෙනුනේ නෑ කළු දෑසට
ගණං පොතේ ජ්‍යාමිතියට
කදිමට ගැලපේ ගිය මග
බාර්බටංද ඩේලියාද
එක්සෝරද ගාඩිනියද
මෙකී නොකී මල් කොළ පැල
තලා පෙලා පොඩි කරගෙන
අඩිය තියා හනි හනිකට
ගියා වතුර පයිප්පයට
ලඟින් තිබූ බට පඳුරට
දුන්නලු අතු වීසි වෙන්න
හෝස් බටය පයිප්පයට
ගසා රටක් දිනු විලසට
පටං ගන්න වැඩ හනිකට
අණ කළාලු ගෝලයින්ට
බලං උන්නු ගෝල පිරිස
කට ඇරගෙන වී බිරාන්ත
වෙඩි හඬ දැන් දැන් ඇසේය
දුවන්න උන්නලු බලාන
සොඳුරු සිතෙන් පාර අහගෙන ඔන්න මමත් ආවා... :) තවම එකින් එක කියවනවා...
ReplyDeleteඅර කිව්වත් වගේ බය හිතෙනවා ඊලඟ කොටස කියවන්න එන්නත්:-)
ReplyDeleteතව ටිකකින් මිගාර සෙනෙවියා සහ පොලිස් තුමා අතර දරුණු සටනක් ඇති වෙන්නයි යන්නෙ.
ReplyDeletenawammawatha,
ReplyDeleteහෙහ්, හෙහ්, බලං ඉඳහංකො, නවම් මල්ලියේ, බලං ඉඳහංකෝ,
ඉලංදාරියා,
ReplyDeleteඑව්ව කියන්න බෑ,කොල්ලො, එව්ව කියන්න බෑ,
රත්ගමයා,
ReplyDeleteඅයිබෝං කිව්වා මලේ, කොයිබක හරි ඈඳිගනින් හත් අට පොලක් බලාල,ඉකේයියා කියල හිතුනෙ නැත?
Randil,
ReplyDeleteපිස්සු නම් කෙළින්න එපා, ඒ කතාව වෙනයි, මේ කතාව වෙනයි, පුලුවන් නම් මට ගම රට එන එකත් නැති කරහං,
චේජනා,
ReplyDeleteඇද්ද උඹට,...... මට දුකත් හිතෙනවා..... පව් අප්පා, මදැයි ලව් ඉස්ටෝරියක් බලන්න ආවා,
Podi Kumarihami,
ReplyDeleteමේ නම හරියන්නෙ නැහැනෙ, ආදර කතාවකට, මල් පාගගෙන යනව කියන්නෙ හරිම දරුණු වැඩක් නෙව, එහෙම අයගෙ ආදර කතා හරියන්නෙ නැහැ, අර සිංදුවෙ තියෙන්නෙත්.....පිපි මල් මතින් පියමං....කලෝ......දිනුවේද කවදා....ප්‍රේමයෙන් කියලනෙ, ඒ කියන්නෙ මල් පාගාගෙන ගියොත් බඩුම තමයි, ප්‍රේමයෙන් පරාජිත වෙනවා....ඒකෙ ආයෙ දෙකක් නැහැ,
ස්තූතියි, පොඩ්ඩි ප්‍රශංසාවට, ආදර කතාවක් දෙකක් ලියන්ඩ කල්පනාවකුත් නම් තියෙනවා තමයි................
Buratheno,
ReplyDeleteවෙල්කම්, මලේ වෙල්ම වෙල්කම්, ඉතිං..........ඉතිං, කොහොමෙයි මේ දවස්වල වාසදේස කාරිය හේම...........
මඩමත් නෙවෙයි මලේ, ඔය මම ලිව්වෙ මිගාරය කොරපුවයිං බොහෝම ඩිංගිත්තයි, එව්වත් බොහෝම ඩයිලියුට් කොරල, නැත්නම් එහෙම මහ ජංජාලයක් තමයි වෙන්නෙ,
සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteඅම්මප නඟෙ මේ ඇත්තයි,
උඹත් එක්ක නම් බැහැමයි,
මම කිව්වේ විහිලුවටයි,
හැරෙන තැපෑලෙන් කවි එයි,
අම්මප උඹලට මොකවත්ම කියන්ඩ බයයි නෙව, කියන එව්ව ඔක්කොම සිරා ගන්නවනෙ,
ස්තූතියි නඟේ, හරි, මේකටත් ලියහං බලන්න පද හතරක්, ඔන්න හපනි නම්,
Beetle,
ReplyDeleteසාදරයෙන් පිළිගනිමි,බීට්ල්,සොඳුරු තමයි පාර කිව්වෙ නේද?
nimanthi,
ReplyDeleteහරි, හරි, .....එන්ඩ බැරි තරමට බයයි වගෙ නම් ඉතිං මොනව කරන්නද?, මෙහෙ එන්නම ඕන නැහැ, මම ඉතුරු කොටස මන්දාකිණියෙ දාන්නම්, හෙහ්,..... හෙහ්, එහෙම හොඳයි නෙවද?
පිණිබිඳු,
ReplyDeleteහරියටම හරි,
කවි තරඟෙට කැඳෙව්වාට ස්තූතියි
ReplyDeleteඇස් රතු නොවෙනා විහිළුත් බොහොම අගෙයි
සිරා අරන් කවි ලිව්වේ කවුරුන්දැයි
ලියන්නට කීව හන්දා මං ලිව්වයි
මහා තේජස් වළව්වේ ගරු
කවිකාර නිලමේය මේ විරු
ඒ මහෝත්තම කිවිඳු සමගින
තරඟ කරනට බියය මේ දරු
හැරෙන තැපෑලෙන්ම ඕං ආයෙත් එව්වා, පද හතරට පද අටක්ම. :D :D :D
වලව්වෙ ඉඳං කවි කිව්වා උදේ හිට,
ReplyDeleteආවේ ගෙදර සැනසිල්ලේ ඉන්නටය,
කවිකාරියක් ඇවිදින් ඇත තරඟයට,
ඇදගෙන නෑවෙ මමමයි මක් කරන්නද?
හැරෙන තැපෑලෙන් කවි ලියනා ලඳට,
මේ ටික කියන්නේ හදපිරි සතුටින්ය,
ආයෙම චැලේන්ජ් නැත ඒවා කම්මුතුය,
සාම ගිවිසුමක් ගැන අදහස මොකද?
අයියණ්ඩියේ ගරුතර මහ කිවිඳු රජ
ReplyDeleteමා නොතරම්ය ඔබ හා කරනට තරඟ
කවි පද බැන්දෙ සිත සතුටින් පුරුද්දට
අහිතක් නැතේ නොදැනිම තරඟෙට ආව
සාමෙට තමයි කවදත් මගෙ මනාපය
තරඟ කරන්නට නෑ වැඩි ආසාව
තරඟය නිමා විය දෙපිළම ජය ලැබුව
එහෙනම් ඔන්න ගිවිසුම අත්සන් තැබුව
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteගිවිසුම ලිව්වෙ කවියෙන්මයි ඒක හොඳයි,
අත්සන් කලෙත් කවි කිය කිය යසම යසයි,
හැරෙන තැපෑලෙන් කවි කීමත් හොඳමයි,
ලඟදිම මගේ රස්සාවට දෙවි පිහිටයි,
හුදෙක්ම විහිලුවටයි, ඕං, ඈ?