පිපුණු මලෙක පෙති මත ඉසි පිණි කඳුලු,
රැඳුනු වත කමල දෙ අදර රත ලපලු,
ලිහුනු මුහුල සඟවයි නෙක හද මියුරු,
නැඟුනු සඳ ඇයයි සහසක් නෙතු පොබයූ,
පවර නුවරක පසිඳු වූයේ නුඹ රුසිරූ,
කවර අරුමෙද මසිත් මත් කල අයුරූ,
දවන සිත් නුඹය නෙතු යුග කල මුකුලු,
හමන නළ නුඹ පමණි මා සිත් සැනැහූ,
අකල් නුබ ගැබට පෑයූ ඒ සඳය,
සිහිල් දිය බිඳක් වූයෙත් ඒ නුඹය,
ලිහිල් මේ කුලක තැවරුනු රන් පැහැය,
විසල් දිවි මඟද එලිකල තරු කැකුල,
දිලෙන තරුවකි පැතිරි අහසක නිම්නැති,
දුරක හිඳ නෙතු අයාගත් වන සිටිනෙමි,
පිපුනු කුසුමකි දසත විහිදෙන සුවඳැති,
විඳිනු මිස කිසිදාක මට හිමි වනු නැති,
ලස්සන කවි පෙලක්. පින්තූරේ දැක්කාම පුදුම තනිකමක් සහ දුකක් හිතට දැනෙන්නේ. මේ සඳ හා තරුවෙන් කියවෙන්නේ මොකක්ද කියලා විසඳ ගන්න තාම උත්සාහ කරනවා. කොහොම උනත් ලස්සනම තරුවට කියපු අන්තිම කවිය...
ReplyDeleteබිරිඳයි දුවවයි දෙන්න ගැනම මේකෙන් කියවෙනව වගේ...
ReplyDeleteහරිම ලස්සනයි...
ReplyDeleteසඳෙහි සිසිල ගත වෙලෙනා යාමයක..
ReplyDeleteදැනේ ඇගේ හද සිසිල මා සිහිනයක...
අහසේ දිලෙන රන් වන් තරු දෙකක..
දිස්නෙ නොමැත මට වෙන කිසි ඇස් දෙකක..
ජය වේවා!!
ReplyDeletePodi Kumarihami,
ReplyDelete/ මේ සඳ හා තරුවෙන් කියවෙන්නේ මොකක්ද කියලා විසඳ ගන්න තාම උත්සාහ කරනවා./
හරි, හරි, හදිස්සියක් නැහැනෙ, විසඳගත්තු වෙලාවක අපටත් කියන්නකො හොඳේ, හෙහ්, හෙහ්,
hare,
ReplyDeleteම්ම්ම්..... එහෙම දේකුත් පේනව වගේ නම් තමා.........
නිම්ශා,
ReplyDeleteස්තූතියි නංගි, බොහොමත්ම ස්තූතියි,
priyantha,
ReplyDeleteසිහිලස වෙලී සුවපත්වන යාමයක,
හදට ඇතුලුවිය ඈ රුව නොදැනීම,
සැමදා උරුම කඳුලකි මට නෙතු ගාව,
තනිකම හැර නොයයි සෙවනැල්ලක් සේම,
රත්ගමයා,
ReplyDeleteඔබටත් එසේම වේවා,
නොදැනම ඇතුළු වූ රුව වෙත සිත බැඳින...
ReplyDeleteනොහැකිය මකන්නට ඒරුව සිත නිවන...
එනමුදු දකින්නට ඇගෙ රුව මන බඳින..
පින් කර නැතිද දෙනුවන් ඉකි බිඳින...
priyantha,
ReplyDeleteහදතුලට නොදැනීම ඇතුලු වූ රුවක් විය,
කෙලෙස නෙතුගැටේ දැයි නොදන්නෙමි කිසිදාක,
දිවිය මතු හමුනොවුනහොත් පතන ඒ දසුන,
සුසුම සහ කඳුල ඉරණමයි මා හට උරුම,
හදතුල රැඳුනු රුව කිසිදා යයි නොමැකි...
ReplyDeleteමතකය සිහිනයකි එනමුදු ඇත සුරැකි...
තෙපලූ වදන් අමතක කරනට නොහැකි...
ආලය සැඟවුවද එය පපුවට බරකි....
දුකම කොයිතරම් සතුටක් දෝ.. විරහව රසයක් කියල තියෙන්නෙ නිකන් යැ. ඉස්සර මං ඔය විරාවට හරිම ආසා කලා. කොච්චරද කියනවනං කෙල්ලෙක් එක්ක යාළුවෙලා කවද හරි මාව දාල ගියාම ඒ දුක විඳගන්න හැටිත් ප්ලෑන් කරල තිබුනෙ [අනේ මං හරි මෝඩයි නේද? ]
ReplyDeleteවිල්තෙර සුපිපි නිලුපුල් මුකුලිත වීය,
ReplyDeleteසෙනෙහස සිඳුනෙ කතරට වට වැසි සේය,
තිමිරය වෙලෙනුයේ හිරු නැඟෙනා තුරුය,
සිහිනය මිය ගියේ හිමිදිරියට පෙරය,
nawammawatha,
ReplyDeleteඅඩේ, පිස්සුම තමයි, මම හිතුවෙ මම විතරයි ඔහොම පිස්සු කෙලින්නෙ කියල,
අම්මප, මමත් ඔහොමම කලා නෙව එකදාස් නමසිය බර ගණන්වල, ගොලු හදවත එහෙම කියලවනෙ ඒ කාලෙ හිටියෙ,මම උඹටත් ටිකක් එහා ගියා,
ඒ කිව්වෙ මම හිටිය කෙල්ල තරහ වෙන කල්, ම්හු..... එහෙම පාටක් නැහැ, ඒ පාර මම කෙලින්ම ඇහුව ඔයාට බැරිද මාත් එක්ක තරහ වෙන්න කියල, මොන?, බෑම කිව්වනෙ, ෂෙහ්, බලහංකො ඉතිං....., මේ යස්සනී මගෙ ආතල් එක කෑවනෙ,
ඉතිං මොකදෑ කොරන්නෙ, මගෙ සැලසුම් ඔක්කොම වතුරෙ,කෙල්ලො කියන ජාතිය ඔහොම්මමනෙ, මෙලොව දෙයක් අපිට කැමති විදිහට කරන්නෙ දෙන්නෙ නැහැනෙව,
Welcome to the club, nawam, welcome,
මම කාලෙකින් ආවේ ලස්සන කවි පෙලක් බලල යන්න . ඇත්තටම ලස්සනයි
ReplyDeleteආආඅ,........සඳරු මලේ,
ReplyDeleteඉතිං, ඉතිං.......... බැනර් කපල, පෝස්ටර් ඉරල එහෙම ඉවරෙයි?
හෙට අයිය දින්නොත් බඩේ බත් තමයි .....නැද්ද?
බොහොම ස්තූතියි මලේ, අගය කිරීමට,
බිදෙන විසිරෙන විටෙක දුක දෙන
ReplyDeleteතරු සිහින දහසක්
දකින නෙත ඇත කඳුළු බිඳ බිඳ
එකතු වී සයුරක්
හිතක සැනසුම පතා වෙන්වෙන
අයදුමයි බලවත්
නොදිලි එකමෙක පුංචි තරුවක
මියදුම ද එය වෙත්
සොඳුරු සිත,
ReplyDeleteනැඟෙන රළ මත බිඳෙන පෙණබිඳු,
පැවසුයේ කවියක්,
පිපෙන කොඳමල් කැකුලු මත රැඳි,
පිණිකඳුලු සහසක්,
නළල කෙටු ඉරණමය බලගතු,
නොමැත කිසි රහසක්,
උරුම මට තනිකමයි සැමදා,
නොවේ එහි වෙනසක්,
සුපිපි කුසුමේ සුවඳ විඳ සොඳ
ReplyDeleteනෙලාගන්නට සිතෙන්නට පෙර
සිනාසී මෙත් සිතින් සමුගෙන
බලන් හිස පිපි මුදුන් මල්කඩ
දිලෙන තරුවේ මුදු එළිය ලැබ
හිරු රැසින් ගත දැවෙන්නට පෙර
යොමා දෙනුවන් පසක් කළ මැන
දෙපා මුල දිලිසෙනා තරු යුග
සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteනළ මුදු සුවඳ විඳ සැනැසෙමි,
මල් පිපි නෙලනු තැත් නොකරමි,
තරු මල් දිලෙනු නෙත ගැටුනද,
හද ඉකි බිඳින හඬ පමණකි,
තදින් තට්‍ටු කරල ඇහුවොත්, ඔය වගේ දුකක් ගොඩ දෙනෙකුගෙ හදවතේ තියෙන එක තියෙනවාමයි.......
ReplyDeletehttp://aluthkolla.blogspot.com