"මොන යුවතියද හලෝ? තමුසෙගෙ සිත්ගත් යුවතියන් කීදෙනෙක්ය කියල ඉන්නවද? අහවල් යුවතිය ගැනද ඔය කියන්නෙ?"
"හරි හරි ඉතිං කලබල නැතුව ඉන්නවාකො කියන්ට. අර කොටුවෙ ඉඳල නුවර යන කෝච්චියෙදි මට මුණ ගැහුනු යුවතිය? අර එයාගෙ අම්ම ටොයිලට් එකට ගිහිල්ල වතුර නැතුව...?"
"ආ..හරි..හරි..ඒ යුවතිය ගැනද මේ කියන්නෙ? ඉතිං එයා ගැන මොකද?"
"නෑ මම මේ කියන්ට ආවෙ ඒ කතාව ඉවරයක් කලෙත් නෑනෙ මම"
"ආ..ඒක නං ගණං ගන්ට එපා..ඔහේ ඉතිං කවද්ද කතන්දරයක් එක දිගට ලියල ඉවර කලේ? ව්‍යාතිරේකයක් වෙන්නෙ එහෙම ඉවර කලොත් තමයි"
"හරි හරි මම වරද පිළිගන්නව.ඒත් එහෙම වෙන්ට හේතු කියන්ටත් එපාය"
"ඔහේ ඉතිං හේතු නං කියයි දාහක්. අර කිතුල් ගහට ගිය මනුස්සයටත්...නෑ මේ බැඳුංකර වංචාවට අතේ කෝට් වෙච්චි මහේන්ද්‍රනුත් අර කියල තියෙන්නෙ රට ආර්ථික අවපාතෙන් ගොඩගන්ට සද් බාවයෙනුයි ඒ මගඩිය කලේ කියල"
"මේ ඕන එකකට ඒ මනුස්සය ඇදල ගන්ට එපා හරිද?..මහේන්ද්‍රන්…..මහේන්ද්‍රන්….මහේන්ද්‍රන්..බැඳුංකර….බැඳුංකර….බැඳුංකර.... මට කියන්ට දෙනවකො විස්තරේ"
"හරි කියනව කියනව"
"මෙහෙමයි ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නෙ. ඔන්න මං එක කතාවක් එක දිගටම ලියල ඉවර කරන්ට කියල එක හිත් හිතාගෙන අදිස්ටාන පූර්වකව දෙයියම්පල්ල බුදුම්පල්ල කිව්වොත් කිව්ව ඔන්න කියල ඉන්නකොට අනපේක්සිත නොහොත් නොසිතූ වීරූ මොකක් හරි දෙයක් සිද්ද වෙලා ඒ මම හිතාගෙන හිටපු ක්‍රියා පටිපාටිය එහෙම්මම බිඳ වැටෙනව"
"අනේ මේ..... නිකං විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මොනවද ඔය අනපේක්සිත සිද්දි? එකක් කියනව බලන්ට අපිටත් දැනගන්ට"
"හරි ඉන්නවකො කියන්ට. වෙන මොකවත් ඕන නෑ. මේ අද වෙච්චි දේ බලනව"
"අද? අද මොකද්ද වුනේ?"
"මම ඔන්න ඊයේ රෑ දෙගොඩහරිය වෙනකල් ලිව්ව අර දුම්රියේ හමුවූ ඒ සොඳුරු යුවතියගෙ කතන්දරේ. ලියල ඉවරයක් කරල එක දිගටම දාන්ටයි හිතාගෙන හිටියෙ. ඉවරයක් වෙලා යන්ට. ඔය විනිස්චය කාරවරු එක දිගටම නඩු අහල ඉවරයක්ම කරල දාන්ට තීරණය කරන්නෙ අන්න ඒ විදිහට. බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිපතිට විරුද්ධව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 16 වන දින සිට නොකඩවා විභාගයට ගැනීමට මූල්‍ය වංචා පිළිබඳ මහාධිකරණ විනිසුරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද තීරණය කළේය. ඒ සඳහා අපක්ෂපාතී අති විශේෂ ජූරි සභාව වශයෙන් අතිගරු අධිනීතීඥ රනිල් වික්‍රමසිංහ (පා.ම.) අතිගරු අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.) අතිගරු ආචාර්ය හර්ෂ ද සිල්වා (පා.ම.) සහ අතිගරු සුජීව සේනසිංහ (පා.ම.) යන මහත්වරුන් කටයුතු කරනු ඇත."
"ඔය ඉතිං ඕකනෙ කියන්නෙ. දැං කවුද අර ඇම්ඩගෙ මැක්ක වගෙ ආයම මහේන්ද්‍රන්ව ඇදල ගත්තෙ."
"හරි හරි සොරි සොරි...ඉතිං වෙච්චි වැඩේ මේකයි. අර දුම්රියේ හමුවූ ඇය ගැන ලිය ලිය ඉන්නකොට මගෙ යාලුවෙක් කතා කලා. මචං දන්නවද වැඩක්? ....කියන්නෙ නැතුව දන්නෙ කොහොමද බං?.... හරි, හරි අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වෙලා.....නෑහ්? උදේ මම දැක්ක ජයවර්ධන පුර හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලාය කියල.......ඔව්..දැන් ටිකකට කලින් නැතිවෙලා තියෙන්නෙ."
"හප්පා. එහෙමද? "
"ඔව්නෙ. ඉතිං මම මේ කියන්ට ආවෙ මේකයි. ඉතිං අද අර යුවතිය ගැන පෝස්ට් එක පබ්ලිෂ් කිරිල්ල පැත්තක තියල මාස්ටර් ගැන සමරු සටහනක් ලියන්ටම වෙනව. හ්ම්ම්ම්….."
"ඔව්..ඔව්...එහෙම වෙන්ටම එපාය..හරි එහෙනං අද මාස්ටර් ගැන ලියමුකො."
ඉතිං ඔය ඉහත සංවාදය පැවැත්වුනෙ මගෙම උඩුහිතයි යටිහිතයි අතර. අමරදේව මාස්ටර්ගෙත් එහෙම උඩුහිත සහ යටිහිත අතර පැවැත්වෙන කතාබහක් ගැන කියවෙන ගීතයක් තියනව. ඒ ගීතයෙ උඩුහිත වික්ටර්... යටිහිත අමරදේව.
තද කළු පාටින් නොහොත් බෝල්ඩ් තියෙන්නෙ යටිහිත නොහොත් අමරදේව....
ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුනු මොහොතක
ඔබේම දෙනෙතින් මා ඔබ දුටුවා
ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ
ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග
ගායනය - අමරදේව සහ වික්ටර්
මින්දද හීසර ගැන මම ලියල ඇති ඉසේ කෙස් ගානට. හෙහ්,හෙහ්, ඔලුවෙත් දැන් තියෙන්නෙ කෙස් ගස් හතර පහයි හින්ද බොරුමත් නෙවෙයි ඒ කතාව. ඒත් මේ වෙලාවෙ ආයම නොලියම බෑ.
සිංදුවක් කියන්නෙ මොන වගේ දෙයක්ද කියල යම්තමට අවබෝධයක් ලැබෙන වයසට එනකොට ඒ කියන්නෙ වයස අවුරුදු එකොළහක් දොළහක් වගෙ වෙනකොට සිංදුවක් අහන්ට අපිට තිබ්බ එකම ක්‍රමය ලක්ෂපාන බැටරි කෑලි හයක් දාපු ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක විතරයි.
මම මේ කියන්නෙ අපි කෑගල්ලෙ ජීවත් වුනු කාලෙ ගැන. දවල් දවසෙ මම කොයිම වෙලාවකවත් ගෙදර නෑ. එක්කො අහල පහල ගෙදරක යාලුවො එක්ක ක්‍රිකට් ගහන්ට ගිහිල්ල නැත්නම් අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව. ඒ හින්ද සිංදුවක් කණට ඇහෙන්නෙ හවස හයෙං පස්සෙ වගෙ තමයි.
හවස හයට ප්‍රවෘත්ති අහන්ට ක්‍රියාත්මක කරන රේඩියෝ එක ඊට පස්සෙ රෑ එකොළහට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියල නිදාගන්ට යනකනුත් සමාන්‍යයෙන් එක දිගටම කතා කලා, සිංදු කිව්ව, කතන්දර කිව්ව.
ඔය සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැනත් පොඩි අතුරු කතාවක් තියනව. ඒ ඕක කියන්නෙ කවුද කියල අපි යාලුවො අතර ලොකු විවාදයක් තිබ්බ. මට හිතුනෙම අමරදේව මාස්ටර් කියල. ඒත් මගෙ යාලුවො බහුතරයක් කිව්වෙ සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති එහෙම කිව්ව සිරිල් රාජපක්ෂ කියල. ටං ටංට ටං, ටංට ටං ටං ටානා, බඩ පැත්ත සුදුවෙන්ට කිරිමැට්ට ගෑවා, මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. මෙන්න මධ්‍යාහ්න ප්‍රවෘත්ති..ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්....
ඉතිං මට කියන්ට ඕන කලේ ඔය කාලෙ අපිට සිංදු ඇහුනෙ ඔය රෑ රේඩියෝ එක දාල තිබ්බ කාල වකවානුවෙ විතරයි. එව්වයිනුත් හිතේ ඇඳුනෙ සිංදු බොහොම ස්වල්පයයි. අමරදේව මාස්ටර්ගෙ සන්නාලියනේ, වික්ටර්ගෙ පොඩි කුමාරිහාමියේ, ටී.එම්ගෙ රත්තරන් නෙත් දෙකින් සහ ජීවිතේ අමධාරා ..ඔන්න ඔය වගෙ එව්ව.
ඒ කාලෙත් තාලෙකට සිංදුවක් කියන්ට පුලුවන් එකාට හොඳ පිළිගැනීමක් තිබ්බ එක පලෝලෙ කොල්ලො කෙල්ලො අතර. ඒත් වැඩේ තිබ්බෙ ඔය සිංදුවල වචන හරියටම දැනගන්න එක. යූ ටියුබ්, අයි ටියුබ්, රෙඩ් ටියුබ් තියා කැසට් එකක්වත් නොතිබිච්චි අපිට සිංදුවක වචන ලියාගන්ට තිබ්බ එකම ක්‍රමේ ඇවිල්ල රේඩියෝ එකේ සිංදුව ප්‍රචාරය වෙන වෙලාවට දනිපනිගාල කඩදාසියකුයි පැන්සලකුයි අරගෙන ලියාගන්න එක. ඒත් ඒක කොහොමටවත්ම ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩක් නෙවෙයිනෙ.
කොහොමහරි ඔය කාලෙ මගෙ ප්‍රියතම ගීතයක් වෙලා තිබුනෙ අමරදේව මාස්ටර්ගෙ මින්දද හී සර වැදී සැලෙන හද....ඒකෙ මින්දද හීසර වැදී සැලෙන හද, නංවන දුක්ගී ඔබට ඇසෙනවද? කියන මුල් පද විතරයි මම කොලේක ලියාගෙන පාඩම් කරගෙන තිබුනෙ.
ඉතිං කොයි වෙලෙත් ඕක කිය කිය මම එහෙ මෙහෙ ගියා. දවසක් අප්පච්චි ඇහුව "කොයි වෙලෙත් ඕක කිව්වට දන්නවද මින්දද කියන්නෙ කවුද?" කියල. මම ඉතිං "දන්නෙ නැතය" කියල කිව්ව. ඒ පාර අප්පච්චි මට මින්දද කියන්නෙ කවුද? මින්දදට එහෙම කියන්නෙ ඇයි එතකොට අපේ සාහිත්‍යයෙ මින්දදගෙ කාර්ය භාරය ග්‍රීක සාහිත්‍යයෙ කරන්නෙ ඊරෝස්ය, රෝම කාලෙ වෙනකොට ඒ වැඩේ බාරගත්තෙ කියුපිඩ්ය යනාදී වශයෙන් සියලු විස්තර කියල දුන්න.
කුමාර කරුණාරත්න ලියපු තුන් ඈඳුතු ආදර කතාවක් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනා. ඇතුගල්පුර පසුබිම් කොටගෙන ලියැවුනු පාසල් ප්‍රේමයක් තේමා කරගත් සිතට සිතක්, අතුරු මිතුරු සහ ඔබයි මමයි ඒ පොත් තුන.
එයින් එක පොතක තියනව පාසලේ වාරාවසාන ප්‍රසංගයේදි කථා නායකයා මින්දද හී සර ගීතය ගායනා කරන අවස්ථාවක්. ඒ ගීතය සම්පූර්ණයෙන්ම ඒ පොතේ පළකරලත් තිබ්බ. ඉතිං මගේ ප්‍රියතම ගීතය සම්පූර්ණයෙන්ම වචනත් සහිතව පලකරල තියනව දැක්කම මට පුදුම සන්තෝසයක්. වහාම සම්පූර්ණ ගීතයම පිටපත් කරගෙන මම විවේකීව ඉන්න වෙලාවට ගායනා කලා. ඉතිං කොහොම හරි මට ඔය ගීතය බොහොම ඉක්මනට කටපාඩම් වුනා. මම කලින් ලියපු මගෙ අතීත මතක කීප තැනකත් මම මේ ගීතය ගැන කියල ඇති. අදටත් මගෙ ප්‍රියතම ගීතයක් මින්දද හීසර....
මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
තුරඟකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා
ගී පද - මඩවල එස්. රත්නායක
ගායනය - ඩබ්.ඩී. අමරදේව
දෙපාරක් ඒ ලෙවල් කරල අසාර්ථක උනහම මම කාර්මික විද්‍යාලයට බැඳුන. ඒ 1982/83 අධ්‍යයන වර්ෂයට. මම කලේ ආධුනික සැලසුම් ශිල්පය. එක් අවුරුදු/දිවා/පූර්ණ කාලීන එහෙමයි ඒ පාඨමාලාවෙ වර්ගීකරණය.
ගමක කියල එක තැනක ජීවත් නොවුනු හින්ද ඒ වගේම අප්පච්චිගෙ රැකියා ස්ථාන මාරුවීම් අනුව තැන්තැන්වලට යන්ට වුන හින්ද සහ එහෙම ගියත් අපේ අසල්වැසියො වුනේ තවත් අපි වගේම රජයේ සේවකයො හින්ද කුඩා අවධියේ ඉඳල අවිච්ඡින්නව පැවත එන මිතුරො මට හිටියෙ නෑ.
ඊට පස්සෙ ඉස්කෝලෙදි ආශ්‍රය කරපු යාලුවො උනත් ඉස්කෝලෙං අයිං උනහම සම්බන්ධතා බිඳිල ගියා. පාසල් අවධියෙන් පස්සෙ මම කොළඹ අත හැරල අනුරාධපුරේට ආවයින් ඒ සම්බන්ධතා බිඳ වැටීම පරිපූර්ණ වුනා.
ඒ හින්ද අදටත් මගෙ ඉන්න පරණම හිත මිතුරො කාර්මික විද්‍යාලයෙදි මුණගැහුණු අය. අර මම කලින් කීප පාරක් කිව්වෙ වසන්ත ජයනන්ද ගැන එහෙම. ඒ ටෙක් එකේ මගෙ යාලුවො තමයි.
ඉතිං කාර්මික විද්‍යාලෙ දවල් කෑමට ඒ කාලෙ පැය එකහමාරක් දුන්න. බහුතරයක් මගෙ යාලුවො කෑම අරං එනව. මගෙ ගෙදර තිබ්බෙ කාර්මික විද්‍යාලෙ ඉඳල පයිං ගියත් විනාඩි දහයක වගෙ දුර.
ඒ කාලෙ මට තිබ්බ ආර්.එම්.අයි. පුෂ් බයිසිකලයක්. ඕකෙ නැග්ගම ආය මොනවද විනාඩි හතරෙන් පහෙන් මම ගෙදර. ඒ විනාඩි හතර පහෙනුත් විනාඩි දෙකක් විතරම ගියෙ රේල් පාර උඩිං බයිසිකලේ උස්සං එන්ට වෙන හින්ද.
" කෝ අත්තම්මෙ මට බත් බෙදුවද?"
එහෙම අහගෙනයි කුස්සිය පැත්තෙ බිලිං ගහට බයිසිකලේ හේත්තු කරල මම බිමට පනින්නෙ. දවල්ට ඒ දවස්වල ගෙදර ඉන්නෙ අපෙ අත්තම්ම විතරයි.
දණි පණි ගාල කෑවයිං නොකෑවයිං මම ආපහු බයිසිකලේට නඟිනව. ඒ අපෙ කුස්සිය පිටිපස්සෙ තිබ්බ පේර ගස් හතර පහෙං කඩාගත්තු පේර මල්ලකුත් බයිසිකල් හැඬල් එකේ එල්ලගෙන. ඒ ෂොපිං මලු ආපු අලුත. එව්වට ඒ කාලෙ කිව්වෙ සිරි සිරි මලු කියල.
"කොහෙද සුට්ටි පුතේ මේ ආපු පයිම්ම ආපහු යන්ට තනන්නෙ? කාපු බත්තැට හරහ වැටෙනකල් වත් ඉන්නෙ නැද්ද?"
කුස්සියෙ දොර ගාව තිබ්බ රම්ප ගහ යටට ඇවිල්ල අත්තම්ම ඉණට අත් දෙකත් තියාගෙන බෙරිහං දෙනව.
"මට වැඩක් තියනව අත්තම්මෙ" මම ගිණිකසය වගෙ බයිසිකලේ පදින ගමම්ම ආපහු හැරිල උරෙස්ස උඩිං කෑගහනව. ඒ වෙනකොටත් මම මිදුල මැද්දෑවෙ තිබ්බ ජෑම් ගහත් පහුකරල ගේට්ටුව කිට්ටුවටත් ඇවිල්ල.
ආ... සිරි සිරි මලු, එතනිං ගිහාම ස්ප්‍රයිට්, ෆැන්ටා වගේම හූරන ලොතරැයිය නොහොත් සංවර්ධන ලොතරැයි ආවෙත් ඒ කාලෙ. මට මතකයි අනුරාදපුරේ තැපැල් කන්තෝරුව ඉස්සරහ තිබ්බ හයි ලයිට් ස්ටුඩියෝ එක අයිනෙ පාර අද්දර තමයි මුලින්ම ඔය හූරන ලොතරැයි වෙළඳ කුටියක් පටන් ගත්තෙ. අප්පේ මුල්ම දවස්වල එතනට පිරිච්ච සෙනඟ කන්දරාව. එතනම ඉස්සරහ තිබ්බ බස් හෝල්ට් එකක්. බස් වල යන්ට බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඒකෙ ඉන්ට ඉඩක් නෑ ඔන්න කොටින්ම. අපිත් ඔතන පොර කාල සංවර්ධන අරං හූරනව.
ඉතිං පේර මල්ලත් හැඬල් එකේ එල්ලගෙන මම පදිනව පැදිල්ලක් ආපහු ටෙක් එකට. ආය මොනවද අර ජපානෙ ඒෂියන් ගේම්ස් වලට ගිහිල්ල පාසානිබූත වෙච්චි බොනිෆස් පෙරේරා ඒ කාලෙ ලංකා සවාරිය පදිනව වගෙ.
ඒ දණි පණිගාල ඩබල් එකේ ආපහු එන්නෙ අපේ කට්ටිය එක්ක එකතුවෙලා සිංදු කියන්ට. ක්ලාස් එකේ පිටිපස්සෙම පේලි දෙක තමයි අපේ ජල් සඝාර්.."ජල් සඝාර්" කියන්නෙ සත්‍යජිත් රායිගෙ සුප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒ වචන දෙකේ තේරුම සංගීත කාමරය කියන එක.
ජයනන්දට හොඳට සිංදු කියන්ට පුලුවන්. ඒ කාලෙම අපෙ පංතියෙ ඉගෙන ගත්තු කාලවර්ණ එහෙත් ප්‍රියමනාප යුවතියකට ජයනන්දගෙ උනන්දුවක් තිබ්බ. ඔය මම කියන කාලෙ වෙනකොට මනුස්සය තම ප්‍රේමය කෙලින්ම ප්‍රකාශ කරල තිබ්බෙ නෑ. ඒත් අපි හැමෝම වගෙ ඒ ගැන සහසුද්දෙම්ම දැනගෙන හිටියෙ. අදාල යුවතියටත් ජයේගෙ සෙනෙහස රහසක් වුනේ නෑ.
ඔය අප්‍රකාශිත එහෙත් කිසිවකුට රහසක් නොවන අපූර්ව ප්‍රේමය හින්ද ජයේගෙ වාරය ආවම මිනිහ අනිවාර්යයෙන් කියන ගීතයක් තිබ්බ.
"මේ ජයේ උඹ දැං කියපං සිංදුවක්. හැබැයි එකක් කියන්නං අර උඹෙ සුපුරුදු සිංදුව නම් ඔන්න බෑ" මම පාන්දරම ජයේට තර්ජනාංගුලිය ඔසවනව.
"අනේ බං…" ජයේ බැගෑපත් වෙනව.
"හ්ම්ම්ම්..හරි හරි අදට විතරක් එහෙනං කියපං…." වසන්ත අවසර දෙනව..
ජයේගෙ මූණෙ හිනා මලක් පිපෙනව...
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....
ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
මේ ඒ දිවා ආහාර විවේකයේදි නිතරම ගැයුණු තවත් ගීතයක්... බොල් වී අහුරු වෙල් සුළඟේ
ඔය බොල් වී අහුරු ගීතය ගැනත් තියනව අපූරු කතාවක්. මම ඔය ගීතය කියන්ට පටන්ගෙන දැනට අවුරුදු අවම වශයෙන් තිහක් තිස්පහක් වගෙ වත් වෙනව. ඒ කාල සීමාව ඇතුලත මධු පානෝත්සව, මිතුරු සුහද හමු ඔව්වයෙ ඔය කියන ගීතය කියන්ට ඇති නොගිණිය හැකි වාර ගානක්. ඒ හැම වෙලාවෙම මම කිව්වෙ "බොල්වී අහුරු මද සුළඟේ ගිය සේම දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම" කියල හෙහ්,හෙහ්,
ඒ අහගෙන හිටපු එක උඩුම්බූරුවෙක්වත් මට නිකමටවත් කිව්වෙ නෑනෙ "යකෝ උඹ ඔය කියන විදිහ වැරදියි. ඔතන කියන්නෙ බොල් වී අහුරු මද සුළඟේ නෙවෙයි බොල් වී අහුරු වෙල්සුළඟේ කියලනෙ" කියල. බොහෝවිට ඕක අහගෙන හිටපු එව්වොත් ඕක දන්නෙ නැතුව ඇති. ඉතිං මට ඔය වැරැද්ද දවසක් පෙන්නල දුන්නෙ මගෙ අතීසාර මිත්‍ර මානවිකාවක් වන අපේ ජානුස් ගොයිය. "මොකක්ද බං උඹ මේ මද සුලඟක් ගැන කියන්නෙ? එතන කියවෙන්නෙ කෙහෙම්මල් මද සුළඟේ කියල නෙවෙයි වෙල් සුළඟේ කියලනෙ" අන්න එහෙමයි ඒ අම්මණ්ඩි කිව්වෙ.
බොල්වී අහුරු වෙල් සුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ
මල්වර වියේ නුඹ ඉද හිට දුටු වේලේ
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ
ජානුසා ගැන කතාව ඇදිල ආපු හින්ද ඒ යෝදිත් කොණකට ගෑවිලා ඉන්න මාස්ටර්ගෙ තවත් අපූරු ගීතයක් ගැන කතා කරමු. මේ ගීතය ගැන ජානුස් එක පාරක් පෝස්ට් එකකුත් ලිව්ව. ඒක කියවල මම කමෙන්ට් එකක් දැම්ම මෙහෙම කියල
"මම අහලත් නෑ නෙව මීට කලින්…..හතර විළි ලැජ්ජාවට එකතු උනු පස්වෙනි එක ඕං, අමරදේවගෙ මෙච්චර ලස්සන සිංදුවක් අහල නෑ කිව්වම……මොකදෑ කොරන්නෙ ඉතිං……ඔටුවෙක්ගෙ වල්ගෙ වත් හපන්ඩයි තියෙන්නෙ……හෙහ්, හෙහ්,"
උන්දැ මගෙ ඒ කමෙන්ට් එකට කෝචොක් එකකුත් දැම්ම "යකෝ උඹෙ ඉහ නිකට පැහුණෙ නියඟෙටද?" ඔන්න ඔහොම මොකක්ද කියල හෙහ්,හෙහ්,
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
මිනිස් හඬින් තොර පාලු දිවයිනේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා
කණ කොක් සුද පමණයි බොල් අහසේ
ක්‍ෂිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන්
මුහුද හඬන හඬ සවනට නොනැඟේ
මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා…..!
සිත් සැණකෙළියේ සිතුවිලි සලෙලුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳි සැඟවේ සැඟවේ
පද රචනය - සුනිල් ආරියරත්න
පද රචනය - සුනිල් ආරියරත්න
1980 අවුරුද්දෙ සරසවිය චිත්‍රපට සම්මාන උළෙලට සමගාමීව කොටුවෙ රීගල් හෝල් එකේ එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙ හොඳම චිත්‍රපට දහය තෝරලා තිරගත කලා. ආරාධිත අමුත්තන්ට විතරයි නැරඹීමේ අවස්ථාව තිබ්බෙ. ඒත් පත්තරවල තිබ්බ දර්ශනය ආරම්භ කරන්නට විනාඩි පහළවකට ඉස්සෙල්ල හිස් අසුන් තිබ්බොත් සහන මිලකට ඒ චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මහජනයාටත් ලබා දෙන්ට කටයුතු සූදානම් කරල තියනවයි කියල.මමයි මගෙ යාලුවො දෙන්නෙකුයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නැරඹුවා පරසතුමල්, සත් සමුදුර සහ නිධානය.
ඒ අතරින් සත්සමුදුරේ මේ ගීතය අදටත් මගේ ප්‍රියතම ගීතයක්. සත් සමුදුරේ සිරිල් වික්‍රමගේ ධීවරයෙක්. නම ගුණදාස. ඔහුගේ මව දෙනවක හාමිනේ. තම එකම පුත්‍රයා මුහුදු ගිය එක රැයක මුහුද ප්‍රචණ්ඩව මාරාවේශ වෙනව. ඒ මහළු මව නිවස අසල වෙරලේ ගල් පරයකට බැරි මරගාතෙ ගොඩවෙලා ලන්තෑරුමක් හිසට ඉහළින් ඔසවාගෙන මරු විකල්ලෙන් දඟලන මහ මුහුද දිහා බලා ඉන්නව පුතා ආපහු එනකල්. ඒ වෙලාවෙ පසුබිමින් ඇහෙනව මාස්ටර්ගෙ ගැඹුරු එහෙත් ළයාන්විත හඬ...
මිනිත්තු හතකට ආසන්න කාලයක් ගැයෙන වැයෙන මෙම ගීතය දීර්ඝතම සිංහල ගීතය කියල මම කොහෙ හරි කියෙව්ව මතකයි.
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ
සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුළාවේ
ගලන සිතුවිලි
මුළාවේ
ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
(ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ
බුර පුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි
(ගිල ගනියි)
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - මහගම සේකර
තනු - සෝමදාස ඇල්විටිගල
සත් සමුදුර චිත්‍රපටියෙන්
මට බාල තියා වැඩිමහල්වත් සහෝදරයෙක් නෑ. ඒ හින්ද මල්ලිල ඉන්න අයියල මල්ලිලව අතින් අල්ලගෙන පාරෙ එක්ක යනකොට හිච්චි එකා සන්දියෙ මගෙ හිතට දැනුනෙ කියාගන්ට බැරි දුකක්.පස්සෙ කාලයත් එක්ක වියයුතු ලෙසම ඒ දුක ක්‍රමයෙන් තුනීවෙලා ගියාට අමරදේව මාස්ටර්ගෙ මේ ගීතයට මගේ ඇති දැඩි කැමැත්තට ඒ බාල සහෝදරයෙක් නැති අඩුවත් හේතු වෙන්න ඇති.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා…
ගායනය – ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
තනුව – රෝහණ වීරසිංහ
බලා වැළපෙමි සොයාගනු බැරි හන්තාන සිහිනේ........අමරදේව සමඟ උමාරියා සිංහවංශ
"පසුබිම පේරාදෙණිය සරසවිය. යුගය සිංහල නාට්‍ය කලාව, සාහිත්‍ය කලාව, පේරාදෙණිය සරසවි බිම ඇසුරෙහි උත්කර්ෂයට නැංවෙන හැටේ දශකයෙ අග භාගය. එය හන්තානය මෙන්ම පේරාදෙණිය සරසවියෙ වලත් ප්‍රේමාන්විත යෞවන යෞවනියන්ගෙ හැගීම් හා සංවාදයේ යෙදුනු කාලයක්. මේ කාලයේදී සරසවියට එන සාහිත කලාවන් පරිශීලනය කළ තරුණ සිසුවියක් ඒ වනවිට මැදිවියත් ඉක්‌මවමින් සිටිනා යුගයේ ප්‍රභාෂ්වර සාහිත්‍යක්‌කාර සරසවි ඇදුරුවරයා පිළිබද ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ මොහොත වනවිට සිය විවාහ දිවියෙන් පැරද සිටිනා මේ ඇදුරිඳු හා තරුණ සිසුවිය අතර උපදින සංවාදය තමයි මේ පදපෙළට නිමිත්ත වන්නෙ" මෙහෙම කියන්නෙ මේ ගීතයේ පද රචකයා ජානක සිරිවර්ධන.
පද පෙළෙහි වන විචිත්‍රත්වය සියක් වරක් තීව්‍ර වන්නේ මේ කතා නිමිත්ත හෙළිවන විටය. නව යෞවනියගේ ප්‍රේමාන්විත ආයාචනය ඇසේ. ඇය සිය හදවතේ ඇදගත් මහා පුරුෂයා දකින්නේ නෙළාගනු නොහැකි සිහිනය ලෙසය. හන්තානයේ පිපුණ සිහිනය ලෙසය. ජීවිතාවබෝධය රහිත මේ ප්‍රේමාන්විත යුවතියගේ ආයාචනය ඇදුරිඳු ඉවසන්නේ උපේක්‌ෂාවෙනි. හෙතෙම ඇයට ප්‍රේමයේ වේදනාවෙන් උපන් කඳුළින් යථාවබෝධය උපදවාගෙන ජීවිතය ගෙත්තම් කරගන්නා ආකාරය පහදයි.
එහෙත් ඒ ගැඹුර වටහා ගන්නට මේ ප්‍රේමනීය යුවතිය නොපෙළඹෙන්නීය. ඇය ජීවත්වන්නේ මිණි මිණි පොදෙහි තෙමෙමින් දුහුල් මලින් ගැවසි පේරාදෙණිය සරසවියේ එළිමහන් රගමඩල මත ඔහුගේ දෑතේ උණුහුමට තුරුලු වීමේ සිහිනය තුළය. ඒ සිහිනයේ මිහිර වියපත් ඇදුරිඳුගේ චිත්තයෙහි ආලෝක පුංජයක් දල්වයි. මේ මොහොත වනවිට ඔහු සිය පියඹගෙන් වෙන්වීමේ කම්පනයෙන් මිදී නැත. බිසෝතෙම වැදි රජ හා පලාගිය මොහොතේ සිට අඳුරු වූ රගහල වැනි සිය අඳුරු හදගැබ තුළට නොවඩින්නට ඔහු ඇය පොළඹවයි.
එහෙත් ඇය තරුවක් වූ ඔහුගෙන් පෙම් ගී අසමින් අමාවක ඝනඳුරේ ගිලී ඔහු හදවතට සද වඩිනතුරු ඉන්නට ප්‍රාර්ථනා කරයි. මේ ප්‍රේමාන්විත සංවාදය කෙළවර ඇදුරුතෙම සද දිය සදිසි ඒ ප්‍රේමයේ ගිලී කිමිදී යයි. හේ ඇයට ඒ මොහොතේ මුල්ම වරට සොඳුරිය ලෙස අමතනු ඇසේ.
(උපුටා ගැනීම දිවයින මීවිත.......)
බලා වැළපෙමි...
නෙළාගනු බැරි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ...
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ...
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ...
හඬ මාධූර්යය - විශාරද අමරදේවයන් සමගින් උමාරියා
සත්සර - අරුණ ගුණවර්ධන
ගේය පද - ජනක සිරිවර්ධන
මහවන මැද කල්ප ගණනක් බවුන් වැඩීමෙහි නිරතව හුන් සෘෂිවරුන්ගේ පවා සිල් බිඳීමට යුවතියකගේ පා සළඹක් හඬනා රාවය සමත්වේ. මේ කුමරියක පා සළඹ සැළුනා....
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක
එරන්දතිය කියන්නෙ මිනිස් කතක් නෙවෙයි ඇය වනාහී නාලොව නාරජුගේ දියණිය. එරන්දතිය අපට හමුවන්නේ විධුර ජාතකයෙදි. මේ එරන්දතියගෙ රූ සිරි ගැන කියන්නේ අමරදේව සහ අමිතා වැදිසිංහ.
අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරඟන පිරිවරිනා....
එරන්දතිය එනවා......
සිතක උපන් දොළ සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා....
එරන්දතිය එනවා.......
කෝමල ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා..
එරන්දතිය එනවා.....
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැලූම් නෙළාලා
පාද කිකිණි සොලවා...
එරන්දතිය එනවා.......
පණ්ඩිත් අමරදේව - අමිතා වැදිසිංහ
සුනිල් සරත් පෙරේරා / වික්ටර් දළුගම
වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ චිත්‍රපටයෙන්...
මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ
කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ
අපට උරුම නැත නාඩන් හදවත
අපට උරුම නැත නාඩන් හදවත
තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා
තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා
ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ
මග සොයනා ගමනේ
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ
අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ
අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා අපිත් කිරට හැඬුවා
අපිත් කිරට හැඬුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
ගායනය : පණ්ඩිත් අමරදේවයන්
මේ වනාහී මහළු වියට කෙමෙන් එළඹෙන පෙම්වතුන් යුවලකගේ සංවේගජනක අන්දරයයි. එක් නරකෙසක් දැක රජකම අත්හැර තපසට ගිය මඛාදේව රජුලෙස ඔහුට ඇය අත්හැරිය හැකිද?
කොළොම් තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
පෙරුම්පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා
කුමන අරුමද නර කෙසක් නැගිලා
ගී පද : ලුෂන් බුලත්සිංහල
තනුව : ගුණදාස කපුගේ
ගායනය : ඩබ්.ඩී. අමරදේව
මේ නෙතු දෑලවරින් කතා කරන බමර පැටික්කිගේ කතාවයි...
බමර පැටික්‌කී
තුනු සිරි විලේ නටන බමර පැටික්‌කී
ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්‌කී
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙතු දෑලවරින් කියන කතාවේ
මත් සලෙළ සමේ මහිම උදාවේ
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි
තනුව : වික්ටර් රත්නායක
ගායනය : අමරදේව
ජීවිතං අනියතං මරණං නියතං. මෙලොව උපත ලද අප සියල්ලෝම උපන් මොහොතේ පටන් මරණය හිස මත තබාගෙන සිටින්නෝය. මරණය වනාහී කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි.
එසේ හෙයින් හෙළයේ මහා ගාන්ධර්වයාණනි, ඔබ ඒ සනාතන ධර්මය හොඳින් වටහාගෙන සිටි බවට මට සැකයක් නැත. ඔබ අප වෙනුවෙන් කල සදාතනික අනේකවූ රමණීය කලානිර්මාණ රැස වෙනුවෙන් අපගේ බැතිබර ගෞරව පූර්වක ස්තූතිය පිළිගනු මැනව!
සුබ ගමන් මහතාණනි!
මමද ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව ඔබට මහත් සේ පෙම්කල බවද ඒ සමඟම පැවසීමටද ගරු මහතාණනි මට අවසර!!!
මමද ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව ඔබට මහත් සේ පෙම්කල බවද ඒ සමඟම පැවසීමටද ගරු මහතාණනි මට අවසර!!!
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාඳුනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක් ගීයක් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
පද රචනය - මහගම සේකර
සංගීතය හා ගායනය - ඩබ්.ඞී. අමරදේව
අමරදේවයන් දිගු ගමණක් ගියා මිස මළේ නැත. ඔබට සුබගමන් අමරදේවයනි
ReplyDeleteකොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති සින්දු මචන්. වක්කඩ ළඟ එක ඊයෙත් ඇහුව.
ReplyDelete/ගල මතුපිට මල පිපෙන්න
Deleteමල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....
// සංගීතය වෙනස් කරමින් එන මේ කොටස මාර ලස්සනයි.
අජිත්,
Deleteඇත්තම ඇත්ත...ඔබ හා සපුරා එකඟයි...
මාස්ටර් මියගිහින් කියලා අහපුගමන් මට මතක්වුනේ රවී අයියවයි, මින්දද හී සරයි, අර චමරියේ ඉන්නකොට කවුද පන්නන් ආපු ගෑණු ළමයෙක්ට පැණි පෙරපු කතාවයි.
ReplyDeleteකවුරු මොන විදිහට කිවුවත් මාස්‍ටර්'ලා මියගියේ තමන්ගේ අතින් ලෝකෙට වෙන්නඕනේ යුතුකම ඉශ්ඨකරලා
කටුසු,
Deleteබලාපං උඹ මගේ ඒ නොහැඟවූ ආදරය ඒ වගේම ගුණේ අයියගෙයි රමණි අක්කගෙයි ඒ සනාතන සෙනෙහස තනිකරම දෙකේ කොළේට දාලනෙ කතා කරන්නෙ.
ඒ දෙන්නගෙ නොසිදෙන සෙනෙහස පන්නං ආපු ගෑණු ළමයෙකුට සමාන කලා. මගෙ නොහැඟවූ ආදරය ඒ පන්නං ආපු ගෑණු ළමයට මම පැණි හැලුවයි කියල නෝන්ඩි කලා.
අම්මාපල් මට එන කේන්තියක්....:)
මම දවස් දෙකකට කලින් ඔය වක්කඩ ළඟ සිංදුව මගේ ෆෝන් එකට දා ගත්තා කාර් එකේ යන ගමන් අහන්න. ඇත්තටම අමරදේවගේ සිංදු තව ගොඩක් තියෙනවා මම නම් අහල නැති.
ReplyDeleteබොල්වී අහුරු වෙල් සුළඟේ ගිය සේම.
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
අනෝතත්ත විල නෙළුම නෙළාලා
මිට කලින් අහල තිබුනේ නෑ.. (තාම ඇහුවෙත් නෑ.. ගෙදර ගිහින් අහන්න ඉන්නේ)
ඊයේ අමරදේව මාස්ටර් ගේ මරණය ගැන ඇහුවම මට නම් දුකක් දැනුනේ නෑ.. සාර්ථකව නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් බලල ඉවර වුණා වගේ හැඟීමක් තිබුනේ... ඒ කියන්නේ තව ටිකක් තිබුනානම් හොඳයි. හැබැයි ඉතින් කමක් නෑ වගේ හැඟීමක්..
මේක ඇහුවද පැතුම් - මේ මහා කන්ද
Deletehttps://www.youtube.com/watch?v=EJYkhWspbzM
බොල් වී අහුරු ගීතය මේ ලඟදි දෙරණෙ මා නොවන මා එකේදි චාමර වීරසිංහ කිව්වා, ඒකත් හරිම ලස්සණයි. මමත් ඒ ගීතය ඇහුවෙ එදාමයි.
DeletePathum,
Delete/ ඊයේ අමරදේව මාස්ටර් ගේ මරණය ගැන ඇහුවම මට නම් දුකක් දැනුනේ නෑ.. සාර්ථකව නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් බලල ඉවර වුණා වගේ හැඟීමක් තිබුනේ... ඒ කියන්නේ තව ටිකක් තිබුනානම් හොඳයි. හැබැයි ඉතින් කමක් නෑ වගේ හැඟීමක්../
හරියටම හරි මල්ලි. මටත් එහෙමම තමයි හිතුනෙ. ඒ මිනිස්සු තමන්ගෙ උපන් හැකියාවෙන් උපරිම සේවයක් රටට කලා. සදාකාලිකව පවතින කලා නිර්මාණ ගණනාවක් රසිකයින්ට දායාද කලා. ඊට පස්සෙ මිය ගියා. දුක්වෙන්න දෙයක් නෑ. සතුටු වෙන්නයි ඕන.
මම මැරිච්ච දවසට මම හිතාගෙන ඉන්නෙ කිසිම කෙනෙකුට අඬන්න තහනම් කියල නියෝගයක් පණවන්න. එන ඔක්කෝටම මඟුල් ගෙදර වගෙ කන්න බොන්න (මධුපානයද ඇතුළුව) දෙන්න ඕන හිතේ හැටියට.
මගෙ යාලුවො කාල බීල නටල මළගෙදර දෙකක් කරනවනං මට ඊට වඩා සතුටක් නෑ.මිනිය උස්සල උඩ දාල He is a jollygood fellow....කියල නටල...:)
For he's a jolly good fellow, for he's a jolly good fellow
For he's a jolly good fellow, and so say all of us
And so say all of us, and so say all of us
අජිත්,
Deleteඅමරදේව මාස්ටර්ගෙ ඔබ මා සමඟ අතිනත ගන්නා දවස,ආදර හැඟුම්,ඉපිද මැරේ යලි ඉපිදේ, මළහිරු බසිනා හැන්දෑ යාමේ සහ බමරකු ආවයි ගීත මම හිතලම මේ පෝස්ට් එකෙන් අයින් කලා මම ඒ ගීත ගැන ලියන්ට ඉන්න හින්ද මගෙ හද බැඳි ගී ඉදිරි සටහන්වල ...:)
රවි අයියෙ , ඇත්තටම උඹ මලාම අපි කරන්නෙ ඔය ටිකම තමයි. හැබැයි අපි මිනිය උස්සල he is a jollygood fellow කියල මිනිය උස්සන් නටන්න නම් බැරි වෙයි. ..... ඇයි යකෝ කොළඹ ඉදං පැණිදෙනියට එද්දි අපිට කෙලින් හිටගන්න පුළුවන් තත්වෙක ඉන්ඩ පුළුවන් ද ?
Deleteරවියෝ....මම දැනටමත් ඉල්ලලා තියෙන දෙයක් තමයි ගෙදරින්...මතකය ඕන්නම් ඉතිරිකරගෙන ඉතුරු ඒවා ඔක්කොම කොහේ හරි වළලලා දාලා සියල්ල අමතක කරන්න කියලා. කිසිවෙකුටවත් දන්වන්න ඕනවත් දෙයක් නෙමේ. එය ඒතරම්ම නිහඬව සිදුවිය යුතු දෙයක් බව මගේ මතයයි.
Deleteකම්මල,
Deleteඉතිං එහෙම කියල උඹ දැන් මොකද මට කියන්නෙ?
මිනිය කොළඹට එවන්ට ඇරේජ්මන්ට් එකක් දාන්ට කියලද උඹලට බලන්ට හර්ස් එක පස්සෙං බෝතල් බයිට් එහෙම පුරවගෙන තව වෑන් එකකුත් එක්ක.
රවි..මේ වගේ බ්ලොග් එකක තමයි රසවත් චැට් එකක් දාන්න පුලුවන්. ඒ නිසා තමයි මම බොරු වදනක් දාලා, ශේප් එකේ මාරුවෙන්නේ. මචං රසවත් මාතෘකාවක්. මම ටවුමට දුවලා එන්නම්. එතකම් ලියපන්. රවීලා හිතන විදිහ ගැන වයසකයෙක් හැටියට මම රස විඳිනවා. දැන් මම හිතන්නේ මම අමරදේව වූවා නම් මොනවා වෙයිද කියලා. මෙලෝ දෙයක් ගැන ආපහු හිතන්නේ නැතිව, ලබපු ජනප්‍රියත්වයෙන් පොර වෙලා දේශනා දිදී ඉඳියි. අන්න අමරදේව වෙනස් වුන වැදගත්කම. මම පොඩි ආතල්ම ආතල් එකක ඉන්නේ. ටවුමට ගිහිල්ලා එන්නං.
Deleteඅරූ,
Deleteලංකාවෙ වගෙ ඔහෙත් ටවුං කියල වෙනම තියනවද බං?...හෙහ්,හෙහ්,
PS - උඹ ටවුමට යනව කිව්වම මතක් වුනේ පරණ ෆිල්ම් එකක් " බණ්ඩා නගරයට පැමිණීම"...:)
මචං රවී.....මම ජීවත්වෙන්නේ ගමක නොහොත් තාමත් විලේජ් එකක. විලේජ් එකක එවුන් ඊට එහා තියෙන කලබල පරිසරයට කියන්නේ ටවුම කියලා. මහා කලබලකාරි නගර වලට කියන්නේ සිටි කියලා. සිටි එක නම් මහා වාතයක් බං. ලන්ඩන්, බර්මිංහැම්. මැන්චෙස්ටර් වගේ සිටීස් මාර වාත බං. හරි කලබලයි. කේම්බ්‍රිජ් සිටි එක එහෙම නැහැ. මම විලේජ් එකට පෙම් කරන්නෙමි. දවසක හමුවෙමු....හමුවී හිනැහෙමු !!!
Deleteමටත් තියෙනවා මාස්ටර් ගැන මේ වගේම ගීත කතාවක්.. :'( පුළුවන් උනොත් ලියන්නම්..
ReplyDeleteපිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා
සිතක නැගී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක ...//
කදුළු වලට පෙරළුනා
කදුළු වලට පෙරළුනා
කඳුළු වලට පෙරළුනා
දෑස අඳුර කැටි වුනා
පිපුණු කුසුම පරවූවා
පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා
පිපුණු කුසුම පරවූවා.....
කළ්‍යාණ,
Delete"පිපුණු කුසුම පරවූවා" ගීතයත් සත් සමුදුර චිත්‍රපටයේ එන ගීතයක් පද රචනය සත් සමුදුරේ අධ්‍යක්ෂ සිරි ගුණසිංහ
ඔබට සුබ ගමන් ගාන්ධර්වයානනි...
ReplyDeleteනියමයි රවී අයියා..
ReplyDeleteකොච්චර නව පරපුරේ සින්දු අහන එකෙකුට උනත් අමරදේව මාස්ටර්ගෙ සින්දු වලට කැමැත්තක් ඇති කරගන්න එක වලක්වන්න බෑ. ඔය වගේම තව ගායකයෙක් තමයි ටී.එම්. ජයරත්නත්.
අනික අමරදේවගෙ ඇති නිහතමානීත්වය ගැන හොඳම උදාහරණ තමයි ඔය සමහර ප්‍රබුද්ධයැයි කියාගන්න අය අලුත් ගායකයින්ට පස් පඩංගුවෙ බනිද්දි රූකාන්තල වගේ අය එක්ක එකට සින්දු කියපු එක වගේම පේරාදෙනිය කැම්පස් එකේදි කැම්පස් කොල්ලො තමංගෙ සින්දුව වෙනස් කරල කියපු විදිහ රසවිඳිමින් තමන්ම ඉදිරිපත් කිරීම.
ප්‍රසන්න,
Deleteඔව් බං අර පෙර දිනයක මා පෙම්කල යුවතිය තවකෙකු දක්කනවා...ඒක නේද? ඒ වීඩියෝ එක හොයාගන්ට බැලුවා. හරිගියේ නෑ.
රවී.... මේ තියෙන්නේ එහෙම එකක්. අපි ඔමාන් ඉන්න කාලෙත් එහෙම ශෝ එකකදි ලොකු මහත්තයා කිව්වා. මට පිස්සු හැදෙන මතකයක් ඒ ගැන තියෙනවා.
Deleteඅරූ,
Deleteබොහොම ස්තූතියි මචං..අර මම හොයපු වීඩියෝ ක්ලිප් එකත් එතනම තිබ්බා...:)
පෙරදිනයක මා පෙම්කල හැතිරිය තවෙකෙකු දක්කනවා, මගේම කළිසම ගජේට ඇඳගෙන ඌ තව මොඩ් වෙනවා
This is another version of the same song...:)
Deleteපෙර දිනයක මා පෙම් පෙම් කල යුවතිය
රටකජු විකුණනවා
මගේම ලියුමෙන් ගොටුවක් ගහගෙන
ඈමට කජු දෙනවා
රටකජු කනවද
ලියුම බලනවද
මගෙ සිත ලතවෙනවා
මගේම ලියුමේ
මොනවා බලන්නද
මම රටකජු කනවා
රට කජු කනකොට මගේම ලියුමේ
සටහන් මතුවෙනවා
අත් වැල් බැදගෙන රටකජු කන හැටි
එහි සදහන් වෙනවා
රට කජු වගේම අපෙ ආදරයත්
පොතු පොතු ගැලවෙනවා
ආදරයයි කජ්ජයි එක වාගේ
මට දැන් වැටහෙනවා
එක වතාවක් වික්ටර් රත්නායක,රෝහණ වීරසිංහ සමගින් සුනිල් එදිරිසිංහ සහභාගී වෙච්චි ප්‍රසංගයකදී සුනිල් එදිරිසිංහ කිව්වා ඔය විදියට සින්දුවල පද වෙනස් කරලා ගයනා කරන එක ගැන මෙහෙම
Delete"අපේ සින්දු වල පද වෙනස් කරලා කිව්වම මක් වෙනවාද වික්ටර් අයියේ අපේ අමරදේව මහත්තයාගේ සින්දු වලත් පද වෙනස් කරලා කියන කොට"කියලා මේ පහත පද දෙක කිව්වා.
පෙර දිනයක මා-පෙම් කල හැතිරිය තවකෙකු දක්වනවා
මගේම කලිසම ඌගේ වගේ ඌ ඇඳගෙන යනවා
බොහෝ දෙනෙක් දන්නේ නැහැ අමරදේව විප්ලවකාරී සංගීතඥයකු බව. ගැටවරයෝ චිත්‍රපටියේදී එතෙක් සිංහල ගීතයක නොතිබුණු විප්ලවීය වෙනසක් වන, 'ඈත ගව ගණන් දුරින්' ගීතයට සංගීතය සැපයුවේ අමර්දේවයි. එහි තියනවා, 'ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජෙනික්' කියලා යෙදුමක්. (මහගම සේකර ලිව්වේ) එයට සංස්කෘතික පොලිස්කාරයන්ගෙන් විවේචන එල්ලවුනත් අමරදේව හෙල්ලුනේවත් නැහැ.
ReplyDelete'බමරෙකු ආවයි නිරිතදිගේයා' ගීතයේ තනුව අපේ කොහොඹා කංකාරියෙන් ගත්ත එකක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. වැඩි දෙනෙක් කියන්නේ, ඔහු ඉන්දියානු සංගීත ක්‍රමය ගෙනාවා කියලයි. ඔහු ඉන්දීය, බෙංගාලි, කර්ණාටක, බටහිර, දේශීය, කියන සියලුම සංගීතය දැනසිටි අතර, ඒ සියල්ල තුලින් උකහාගත් ඥානයෙන් නිර්මාණ කල බවත් විවේචන කරන සමහරු දන්නේ නැහැ.
කරදිය මුද්‍රා නාට්‍යය අපි 1960 දශකයේ දැකීමෙන් පසු තමයි අමරදේව හඳුනාගත්තේ. අද එහි ප්‍රතිනිර්මාණයක් නැතිවීම ලොකු අඩුවක්.
ඉපිද මැරේ යළි ඉපිදේ - නොතිර සසර සාගරේ
අමරදේව ශූරීන් ගැන මේ දිනවල බ්ලොග් ලිපි ගොඩක් ලියවෙලා තිබෙන නිසාත්, මා, මේ දිනවල ගමේ පන්සලේ කඨින පිංකම සඳහා වෙහෙසෙමින් සිටින නිසාත්, ප්‍රමාදවී ලිපියක් ලියම්දෝ නොලියම්දෝ කියන දෙගිඩියාවෙන් ඉන්නවා.
[බමරෙකු ආවයි නිරිතදිගේයා] කියන එකේ තේරුම මොකක් ද
Deleteනිරිත දිගේ කියන්නේ නිරිත දිශාව ද ?
කටින් පින්කම් ...
Deleteවිචාරක අමරදේවගේ ගීත වල පැරණි ඉන්දියානු ගීත වල ආභාෂය ලිව්වා නම්.
Deleteඅන්න පෙනේද පිරුණු මිනිහෙක්ගෙ කොමෙන්ටුවක්.මේවගේ දේවල් ගැන කිසිම දැනීමක් නැතුව තමුන්ගෙ හිස්කම බුකියෙ බ්ලොග් පුරා හලන බේබදු නුගත්තු මැරුණු මනුස්සයට නිගා කරනව
Deleteවිචා......සටහනක් ලියන්න.
DeletePathum,
Deleteමේ නිරිත කේස් එක මොකක්ද කියල හොයද්දි මෙහෙම අර්ථ විවරණයක් නම් හම්බවුනා. කොපමණ නිවැරදිදැයි නම් නොදනිමි.
/ මේක කාන්තාවක්ගෙ අත්දැකිමක් වුනත් අමරදේව මහත්තය ගායනා කලා කියල, අර්ථයේ හරි වෙනයම් තැනක හරි කිසිම අඩුවක් වෙලා නැහැ.
නක්ෂත්‍රය පිළිගන්න සමහර ඈයො කියන විදියට නිරිත දිසාව කියන්නෙ නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වෙන දිසාව.මේ කාන්තාව කියන බඹර ඇවිල්ල තියෙන්නෙත් නිරිත දිසාවෙන් තමයි.මේ කියන්නෙ කවුරුත් නෙමෙයි කළු කුමාරය ගැන තමයි.
කළු කුමාර උපත ගැන එක එක විදිහෙ කතා තියනව.කොහොම උනත් මෙයා කරන්නෙ ස්ත්‍රීන්ව ලෙඩ කරන එක. විවාහය ප්‍රමාද වුන අය වගේම ස්වාමියාගෙන් නිසි සැලකිල්ලක් නැති ස්ත්‍රීන් ගැන විශේෂයෙන් මෙයා සැලකිලිමත් වෙනව. කාන්තාවන්ව අධික රාගයෙන් මත් කරල ලෙඩ කරනව.මේක කරන්නෙ බලහත්කාරකමින් උනත් ඊට පස්සෙ කළු කුමාරයගෙ උණුසුම නැතුවම බැරි වෙනවා.හැම වෙලාවෙම කල්පනාව මෙයා ගැනම තමයි.මේක ස්ත්‍රීන්ට විතරක් හැදෙන එක්තරා විදියක මානසික ව්‍යාධියක්.
මේ සින්දුවෙ ඉන්න කාන්තාවටත් එහෙම දෙයක් වෙලා. හැබැයි ඒ බලහත්කාරකම වෙලා තියෙන්නෙ හැබැහින්මයි. තමන් රැකගත්ත සියළුම සියළුම දේවල් මොහොතකින් නැති වෙලා. ඒ වුනාට දැන් ඒ රසය අමතක කරන්න බැරිවෙලා.ඒකයි, හද පෑරූවයි මියුරු රසේයා කියල කිව්වෙ.
දැන් ඒ වැරැද්ද කරපු කෙනාව හොයනව.හැංගිලා ඉන්න තැනකින් එන්න කියල කියනව.තවමත් තමං ගැන හිතමින්ම ලඟ පාතක කෝහේ හරි ඉන්නවද කියල අහනව.ආවෙ නැත්නම් තමන්ගෙ ලෝකෙම අඳුරුයි කියනව.
කොහේ ගියත්,වෙනයම් හොඳ කටයුත්තකට ගියත් කමත් නැහැ.එන්න කියනව.ලෝකයාට පෙනෙන නිසා දහවල් කාලෙ එන්න අමාරුනම් හිරු නැති රාත්‍රී කාලෙ එන්න කියනව.
මානසික හැලහැප්පීම් ගැන, සින්දුවලට පද හසුරවන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.හැබැයි මේක ලේසියෙන් ජය ගත්ත කෙනෙක් තමයි මඩවල එස් රත්නායක මහත්තය.කැලේ ගහක මල් පිපිලා සින්දුවත් ඒ වගේම එකක් තමයි.
පන්ඩිත් අමරදේවයන්,තමන්ගෙ ගායනයට වඩා ඉහලින් මේකෙ නාද සිත්තම කරල තියනව කියල මට හිතෙනව./
අතරමග
විචා,
Deleteබොහොම ස්තූතියි ඔබේ කරුණු ඉදිරිපත්කිරීමට
රවී අයියේ, මම කවදාවත් හිතපු නැති විදියේ තේරුමක් නේ ඒ සිංදුවට තියෙන්නේ.. බොහොම ස්තුතියි ලොක්කා..
Deleteනිරිත කේස් එකේ අර්ථය ඇහුවමයි. ස්තූතියි රවී. අපි විශ්ව විද්‍යාලේ කාලේ ඕක වෙනුවට කියපු සින්දුවක් මතකයි (ඇවිදින් කෑවයි ...). කොහෙන් හරි අවුලන්. මේ වේලාවේ ලියන එක ටිකක් අවලස්සන නිසා ඊලඟ ලිපියට වත් දාන්නම්.
Deleteපැතුම් සහ අජිත්,
Deleteඔය සමහර ගීත වලට තියනව රචකයම කිව්වෙ නැත්තං මෙලෝ යකෙකුට හිතාගන්ට බැරි තේරුං..
සුනිල් එදිරිසිංහගෙ පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන් ගීතය අහල තියනව නේද?ඒකෙ රචකයා (මට මතක විදිහට සුනිල් ආර්. ගමගේ වෙන්න ඕන, අර මහ රජාණනේ ප්‍රශස්තිය ලිව්වෙ) දවසක් කියල තිබ්බ ඒකෙ තේරුම.
එතන කියවෙනව කියන්නෙ විවාහාපේක්ෂිත තරුණියකගෙ කතාවක්.පුර පෝය හඳ කියන්නෙ යෝජිත මනමාලයා. තාරකා ළඳුන් කියන්නෙ විවාහපේක්ෂිත තරුණිය. නීල වලාව කියන්නෙ මඟුල් කපුවා...හෙහ්..හෙහ්,
//අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව.//
ReplyDeleteහප්පේ ඉතිං...
ප්‍රසන්න,
Deleteමොකද හප්පේ ඉතිං????
සිනිඳු සුදු මුතු තලාවේ සින්දුව දැන් අහල ඉවර කළා. ඒකෙ මැදක් හරියට එනකොට ඒ සංගීතයත් එක්ක මතක්වෙන්නෙ සුනාමිය තමයි.
ReplyDeleteප්‍රසන්න,
Deleteසිනිඳු සුදු මුතු තලාවේ කියන්නෙ මල්ලි සංගීතය අවස්ථානුකූලව යොදා ගැනීම උපරිම මට්ටමින් කරපු ගීතයක්. සෝමදාස ඇල්විටිගලගෙ සංගීතය කියල වැඩක් නෑ.
ඇස් දෙක පියාගෙන ගීතය අහනකොට සැඩ සුලඟින් මුහුද කැළඹුනු වෙලාවක වෙරෙළේ ගල්පරයක් උඩ ඉඳගෙන ඉන්නව වගෙ හැඟීමක් එනව ඉබේටම.
"තොටමුන බඩ සිටි රුවන් මලී"
ReplyDeletehttps://www.youtube.com/watch?v=o2EZb9tMcyg
වසන්තයේ මල් පොකුරු නෙලා....
https://www.youtube.com/watch?v=qRp8BX1Z10E
හුටා බඩ නෙවෙයි බං බද බද.බඩ කපං මැරෙන්න වෙන්නෙ
DeleteX-Porter,
Deleteබඩ තමයි බං හරි වචනෙ...හෙහ්,හෙහ්
බඩ කියන්නෙ ලඟ අසළ කියන තේරුම. ගඟබඩ, ඔයබඩ, මුහුදුබඩ අන්න ඒ විදිහට. එතකොට තොටමුණබඩ සිටි රුවන්මලී කියන්නෙ තොටමුණ අසළ සිටි රුවන්මලී කියන එක.
එක එක පැත්තේ උච්චාරන විධි නේහ් ගංබද ලලනි සුකොමාලි කියන්නෙ.
DeleteX- Porter,
Deleteඋඹ හරි, බද කියලත් කියනව. ගම්බද, නගරබද ටවුන්බද...:)
අමරදේවයන්ගේ සිංදු අහන්න ඕන කෙනෙක් කැමතියි. ඒ සරළ තනු, තේරුම හිතට දැනෙන සිංදු නිසා.
ReplyDeleteඒ වගේ මිනිසුන් ඉපදෙන්නේ බොහොම කලාතුරකින්. එතුමාණන්ට නිවන් සුව!!
මරු ලිපියක් රවී. හොඳම ගීත එකතුවක් වගේ.
ReplyDeleteThanks Ian...:)
Deleteරන්දිල් මහත්මියගෙන් ඉල්ලීමක්. මෙම බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැමූ විට ඔබතුමියට එමේල් මඟින් ඇලර්ට් ලැබීමට සලසා ඇති ඊමේල් අකවුන්ට් එක ක්‍රියා නොකිරීම නිසා කමෙන්ට් කරන කෙනාට ඊමේල් එනවා. එක කමෙන්ට් එකකට ඊමේල් දෙක තුනක් එනවා. කරුණාකර එම ඇලර්ට් එක නවත්වා දමන්න එසේ නැත්නම් එහි ඇති ඊමේල් ඩිලීට් කර දමන්න. බොහොම ස්තූතියි.
ReplyDeleteDelivery to the following recipient failed permanently:
DeleterandiXXX@gmail.com
Technical details of permanent failure:
Google tried to deliver your message, but it was rejected by the server for the recipient domain gmail.com by gmail-smtp-in.l.google.com. [2607:f8b0:4002:c06::1b].
The error that the other server returned was:
452-4.2.2 The email account that you tried to reach is over quota. Please direct
45.2.2 the recipient to
4.2.2 https://support.google.com/mail/?p=OverQuotaTemp d136si6439626ybh.45 - gsmtp
අමරදේවයන්ගේ මා දුටු වැදගත්ම ලක්ශනය තමයි..තමන් දන්නා දේ පමනක් කිරීම, ඒ වෙනුවෙන් දැක්වූ නිවැරදි මගපෙන්වීම සහ එය අන් අය හා බෙදාගැනීමට දැක්වූ දායකත්වය. අපට කලින් ඔබ වෙන්වී යෑම ගැන ඇත්තේ සාංකාවක්. ඒත් එය කෙදිනක හෝ සිදුවන බව නියතයි.
ReplyDeleteමම සිංදු අහන්න පටන් ගන්න කාලෙ 1988 විතර තාත්තගෙ ප්‍රියතම ගායකය වෙච්ච අමරදේව මහත්මයගෙ ඒ කාලෙ වෙනකම් ගායනා කල සියලුම සිංදු වල එකතුවක් තිබ්බ. ඒ අහපු පලවෙනි සිංදු වලින්ම මගේ හිතේ තැන්පත් වෙච්ච සිංදු දෙකක් තමයි, බොල් වී අහුරු වෙල් සුළගේ ගියසේම සහ මාවවුලන් රෑ පුරාම රංචු ගැහීලා කියන සිංදු දෙක. අදටත් මගෙ ආසම සිංදුත් මේ දෙක. කොච්චර ආස උනත් මාවවුලන් රෑ පුරාම කියන සිංදුව අහන්න බෑ මට ඇඩෙනව.
ReplyDeleteමේ ගීතයන් දෙකම මගෙත් ෆේවරිට්. උමාරියා සමග ගැයු ගීතය අමරදේව යුග මෙහෙවරේ අති විශිෂ්ඨ සන්ධිස්තානයක්. මම හිතන්නේ උමාරියාට ඒ වාසනාව තිබුනා මෙවන් ලෙජන්ඩ් කෙනෙක් එක්ක ගීතයක් කරන්න. උමාරියා තමන් පිලිබඳ නිවැරදිව තක්සේරු කරගනීවියැයි මට හිතෙනවා.
Deleteඇත්තටම අරූ අයියෙ මම සිංදුව අහල නෑ. අද අහන්න ඉන්නෙ. මම තාම පරණ තැටි අහන එකෙක්
Deleteඋමාරියා එක්ක කියපු සිංදුව ඇත්තටම ලස්සනයි..
Deleteමේ වෙලාවෙ මතක්වෙන්නෙ චෙෆාකි කියපු කතාවක්.අමරදේවයන් දවසක් කීවාලු 'සංගීතයේ ශෝකී රසය කියා දෙයක් නැත'...දන්න කෙනෙක් සම්පූර්ණ කරලා දෙන්න.
ReplyDeleteදර්ශනයක් ඇතිව සංගීතය හැසිරවූවෙක් එතුමා.
නිවන් සුව ලැබේවා..!
ජයවේවා..!!
////සංගීතයේ ශෝකී රසය කියා දෙයක් නැත'..//////
Deleteඅනේ මන්දා අමරදේව එහෙම දෙයක් කිව්වද කියලා. සංගීතයේ පමනක් නෙමේ ඕන තැනක තියෙනවා ශෝකි රසයක්. ඒ රසය ඉතා ඉහලින් ගායනා කරපු අයත් ඉන්නවා. ලියපු අයත් ඉන්නවා. කවි, විරුදු, රූකඩ, නාඩගම් කාටුන් චිත්‍ර, පත්‍ර අතරත් එලියට ඇවිල්ලා තියෙනවා. ශෝකි රසය කියලා රාගයක් තියෙනවාද මන්දා. අනේ මන්දා රසයම ශෝකයද්ද, ශෝකය රසයක්ද කියන එක, පටලවගෙනද කියලා. නහයෙන් අඬන ප්‍රේම හිඟන්නන්ට වඩා , ප්‍රෙමයේ ශෝකී අවස්තාවන් අමරදේව පවා ඉතා සංයමයෙන් ගායනා කරලා තියෙනවා.
සරත්චන්ද්‍ර පොතක්ම ලිවුවනේද ශෝකයත් රසයක්ද කියල
Deleteරවී තුමාගේ ලිපිය කියෙව්වමයි මට මතක් වුනේ ඉඳල හිටලා සිංහල සින්දුවක් අහන අපි කොයි තරම් අමරදේවලා එක්ක බැඳිලා ඉඳලද කියලා. ඒක නිකම් හරියට අමරදේව කල්ට් එකක් වගේ. ඒත් මේ තරම් කාලයක් එහෙම දැනිලා තිබුනේ නෑ.
ReplyDeleteඔබට බොහෝම ස්තූතියි රවී තමන් පොරක් කියලා පෙන්වන්න අමරදේව මාස්ටර් ගැන වල් පල් ලියන බහුතරයක් මැද්දේ මේ වගේ රහ ලිපියක් ලීවට.
හැමදාමත් දැනෙන හඩක් සහ ගායනයක්
ReplyDeleteමේ සටහන එක්ක රවීයියා පල කර තිබෙන ගීත වලින් අසා නොතිබුනේ "ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා,බමර පැටික්‌කී" සහා රවීයියාත් අසා නොතිබූ "පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන" කියන ගීත පමණයි.එව්වාත් අද ඇසුවා.
ReplyDeleteඇත්තටම මේ ගීතවල අමරදේවයන්ගේ හඬ වගේම ඒ හඬටම ලියවෙච්චි ගී පද කොයි තරම් අපුරුද?එවැනි පද මාලා.අපුරු සංගීතයන්.හදවතට කතා කරවන ගායනයන් අසන්න ලැබීමත් සතුටක්.
සොඳුරු ගාන්ධර්වයාණේනි "ස්වර්ණ විමානෙට එහා ලෝකයට" ඔබට සුබ ගමන්.