Friday, June 1, 2018

ගෝඨාභය පෙරහැර


තාජුඩීන් ඝාතනය පිළිබඳව අත් අඩංගුවට ගැනුනු නියෝජ්‍ය
පොලිස්පති අනුර සේනානායක සමඟ ගෝඨාභය - 

ඡායාරූපය - සේන විදානගම (Colombo Telegraph)

විකල්ප වෙබ් අඩවියේ පළවූ සුනන්ද දේශප්‍රියගේ ලිපියකි.

පෙරහැර සුදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ ගම්මන්පිලද හොරනෑ පිඹිති. ගෝඨාභය රාපපක්ෂගේ ‘මුලුතැන්ගෙයි අැමැති මණ්ඩලය’ වන්නේ මෙවැනි පිරිස් නම් සිදුවන්නට යන්නේ කුමක්දැයි අටුවාටීකා ලිවීම අවශ්‍ය නැත.

මෙම වර්ධනය විසින් උග්‍ර රාජපක්ෂවාදියකු වන දයාන් ජයතිලක පවා යම් තරමකට තැති ගන්වා ඇති බව පසුගියදා ඔහු ඉංග්‍රිසි පුවත්පතකට ලියන ලද ලිපියකින් පෙනෙන්නට තිබුණි.

වැඩි දිනක් යෑමට පෙර මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් සිරගතවීමට නියමිත රාජපක්ෂවාදී සියළු දේශපාලකයින් මෙම පෙරහැරට සම්බන්ධවනු නොඅනුමානය.

මේ සියලු දෙනාගේ දේශපාලනයේ එක් මහා පොදු සාධකයක් තිබේ. එනම් මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් අවශ්‍ය නැතැයි යන්නය. එහිම දිඟුවක් වන්නේ එල්ටීටීඊය සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයෙහිදී දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදු නොවුනේය යන්නය. එනයින්ම පශ්චාත් යුද්ධ සංහිදියා වැඩ පිලවෙළක් අවශ්‍ය නොවන්නේය යන්නයි.

දෙවැනි මහා පොදු සාධකය නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ හුදු ආර්ථික සංවර්ධනයක් බවයි. එහිලා සිවිල් සහ දේශපාලන අයිතීන්ද ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතින්ද එතරම් සැළකිල්ලට ලක් නොකල යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සේ සැළකිය හැකි පසුගියදා ෂැංග්රිලා හෝටලයේ දී ඒ බව ඉතා පැහැදිළවම දැක්ක හැකි විය.

තෙවැනි මහාපොදු සාධකය වන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ මහම පිළිලය වන දේශපාලන පංතිය විසින් මහජන දේපළ ගසාකෑම සහ දූෂණ වංචා මගින් බඩවඩා ගැනීම තවදුරටත් එළෙසම පවත්වා ගෙන යෑමය.

සන්ඩේ ලීඩර් කතුවරයා ඝාතනය කිරීම ගැන විදෙස් ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවෙහි ‘ලසන්ත වික්‍රමතුංග කියන්නේ කවුද?’ යනුවෙන් අවඥා සහගත සැරවැර හඩින් පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ තවමත් ඉන්නේ එතැන බව ඔහුගේ ෂැංග්රිලා කතාවෙහි පේළී අතර කියැවෙන සැඟවූ අදහසය. වැළිකඩ රුඳවියන් ඝාතනය, ජේෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත කැඳවා වක්‍ර මරණ තර්ජනය කිරීම, සුදර්ඕලි පුවත්පතෙහි කර්තෘ විද්‍යාදරන් පැහැර ගෙන පහරදීම අමූලික චෝදනා මත සාධාරණය කිරීම වැනි වාර්තාගත මර්දන දේශපාලනයෙන් තමා මිදී ඇතැයි පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ කිසිදු උත්සාහයක් ගන්නේ නැත.

දේශපාලනඥයකු නොවූ ගෝඨභය රාජපක්ෂ තමන් වටා රැස්කරගෙන සිටින්නේද දේශපාලනඥයින්ට වඩා යුදවාදී පිරිස්ය. ඔහුගේ ෂැංග්රිලා කතාවෙන් පෙන්නුම් කැරැනේද එම නරැම මතවාදයයි. එහිි පුරවැසි අයිතීන් වෙනුවට ඇත්තේ ව්‍යාපාරික අයිතීන්ය. ඔහු වටා සිටින විදෙස්ගත සිංහල පිරිස් ද අන්තවාදී සහ අනෙකා යටපත් කිරීම සිය මතවාදය කර ගත් පිරිස්ය. අනෙක් අතට මෙරට දෙමළ දේශපාලනයෙහි වර්ධනය වෙමින් ඇති රැඩිකල් සහ සම්මුති විරෝධී එමෙන්ම එල්ටීටීඊ යුද්ධය උත්කර්ෂයට නංවන ප්‍රවණතා විසින් ද ගෝඨාභයගේ මර්දනයේ දේශපාලනයට ඉන්ධන සැපයෙයි.

පශ්චාත් යුද්ධ සමයෙහි මහින්ද රාජපක්ෂ නම් දේශපාලනඥයාට තෝරා ගැනීම් දෙකක් තිබුණි. එකක් නම් ධර්මාශෝක ගත් මඟයි. අනෙක දිගටම චන්ඩාශෝක මගෙහි ගමන් කිරීමයි. ඔහු තෝරා ගත්තේ මර්දනය මගින් පාලනය කිරීමේ දෙවන මාවතයි. ගෝඨාභය රාජපක්ෂ නම් හිටපු යුද සෙබලාගේ සහ ඇමෙරිකානු පුරවැසියාගේ සංකලනයට තෝරා ගැනීම් දෙකක් නැත. ඔහුට ඇත්තේ පිලිපීනයේ ජනප්‍රිය ජනඝාතක දුතර්තේගේ භූමිකාවෙහි ලාංකීය අනුකරණයක් පමණි.

රාජපක්ෂ පිළෙන් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ සිටිනු ඇත්තේ ගෝඨාභයට යටිනි. බැසිල් රාජපක්ෂට සමහර විට සිටිනු ඇත්තේ වැලිකඩ සිරගෙදරය. විරුද්ධවාදීන් සම්බන්ධයෙන් ගෝඨාභයගේ පිළිවෙත අනුකම්පා විරහිත ප්‍රහාරයයි. එබැවින් රාජපක්ෂ පවුල් ගසද දෙදරා යැවීමට ඉඩ නැතුවා නොවේ.

ගෝඨාභය පෙරහැර දැන් සිටම හැඩ ගැසෙන්නේ මෙම අනුමානයන් සැලකිල්ලට ගනිමිනි. ගෝඨාභය යටතේ බැඳුම්කර හොරු සිරගත කැරෙනු ඇතැයි උදාන වාක්‍ය ලියැවෙන්නේ ඒ අනුවය. ගෝඨාභය සෝදා පිරිසිදු කිරීම දැන් සිටම දේශපාලන ලොන්ඩරිකරුවන් විසින් පටන් ගෙන ඇත්තේ ද ඒ අනුවය. බේරුවල මුස්ලිම් ජනපිරිසක් සතුටින් ගෝඨාභය රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටීම මගින්ද පෙන්නුම් කැරෙන්නේ පෙරහැරේ යාමට ලක ලැහැස්තිවන අන්දමයි.

වළං කඩයට පැන ගත් ජනප්‍රවාදගත හරකා මෙන් දකින දකින සෑම තැනකටම ඇනීම දේශපාලනය කරගෙන ඇති ජනාධිපති සිරිසේන ද ගෝඨාභයගේ අනියම් උදව්කරුවකු බවට පත්ව තිබේ. බලයට පත්වී වසර තුන හමාරකට පසු දින සියයේ වැඩ පිළිවෙළ තමා දැන සිටියේවත් නැතැයි මුසා බස් තෙපළන එමෙන්ම ආණ්ඩුවේ කකුළෙන් ඇදීම සිය මූලික පියවර බවට පත් කරගෙන සිටින සිරිසේන ඇත්ත වශයෙන්ම නම් දැන් අනියමින් යෙදී සිටින්නේ රාජපක්ෂවරු යළි බලයට ගෙන ඒමෙහිය.

මෙම තීරුවෙහි මෙයට පෙරද ලියා ඇති පරිදි සිරිසේන මෙම තත්වයට පත් කරන ලද්දේ වික්‍රමසිංහ සහ සහචර කල්ලිය විසින් කරන ලද බැඳුම්කර වංචාව නිසාය. රනිල් වික්‍රමසිංහගේ යටිකූට්ටු දේශපාලනය විසින් ආණ්ඩුව පමණක් නොව යූඇන්පියමද දෙදරවා තිබේ. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රනිල් වික්‍රමසිංහ නම් එජාපයේ පැත්තක්ම ගැලවී යනවා නොඅනුමානය. ඔහු නීච පරාජයකට ලක්වන බව දැන්ම ලියා තැබිය හැකිය.

එසේ නමුත් මේ කිසිවක් නිසා සිරිසේනගේ වත්මන් පිස්සු කෙළීම සාධාරණ වන්නේ නැත. 2015 ජනවාරියෙහිදී මෙරට ජනයා සිරිසේන ජනාධිපතිබවට පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහට තඩි බාමින් කෙකර ගෑමට නොවේ. දින සියයේ වැඩ සටහනත් ඔහුගේ නොවේ නම් සිරිසේන විසින් කරන ලද කෙංගෙඩියක් නැත. අද මෙරට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් උදාවී ඇත්තේ දින සියයේ වැඩ සටහනට ස්තුති වන්නටය. දැන් සිරිසේන එයට තමාගේ සම්බන්ධයක් නැතැයි කියා තිබේ.

ජවිපෙ විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා විරුද්ධවීමට පොහොට්ටු පක්ෂය තීරණය කිිරීම විසින් පෙන්නුම් කැරෙන්නේ ගෝඨාභයගේ ජනාධිපති ඉලක්කය එකී දේශපාලනයේ කේන්ද්‍රය වීමට පටන්ගෙන ඇති බවයි. මහින්ද රාජපක්ෂ කැමැති වුවත් නැතත් දැනට පෙනෙන හැටියට නම් පොහොට්ටු අපේක්ෂකයා වනු ඇත්තේ ගෝඨාභයයි.

එය වැළැක්විය හැකි ප්‍රධානතම සාධකය ඇත්තේ ඇමෙරිකාව අතෙහිය. කවර හෝ ක්‍රමයකින් ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත්කර ගැනීම පමා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය පියවර ගතහොත් ගොඨා්භයගේ සිහිනය දෙදරා යනු ඇත. එනයින් අවසාන විග්‍රහයේදී ගෝඨාභය පෙරහැරේ තිරය එසවීම හෝ වැසීම ඇත්තේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය අතෙහිය.

රාජපක්ෂවරුන්ගේ ජනප්‍රිය දේශපාලනයේ පරම හතුරා වූ බටහිර දේශපාලනය මත ශ්‍රී ලංකාවේ යුදවාදී ජාතිකවාදී ජනප්‍රිය ඒකාධිපතියා වීමට පෙරුම්පුරන ගෝඨාභයගේ ඉරණම රැදී තිබීම කුමන නම් දේශපාලන උත්ප්‍රාසයක් ද?

ප.ලි. මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලම සිය නිජබිම බවට ඇමෙරිකාව පත්කරගෙන සිටීම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනයේ ඇත්ත යථාර්තයේ පිළිඹිමුවකි.

12 comments:

  1. මහත්මයා වැඩ කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අන්න ඒකනෙ කියන්නෙ..මෙච්චර කාලයක් මට චෝදනා කලේ රනිල්ගෙ මාධ්‍ය ඒකක්යෙ වැඩකරනවයි කියල. දැං කියන්නෙ බැසිලට වැඩ කරනව කියල.

      ඒ කියන්නෙ ගොට්ටගෙ කස්ටියත් දන්නව ඔක්කෝටම ඉස්සෙල්ල බැසිලට ගේම දීල ඉන්ට ඕනය කියල නේ?

      කොහොමද සහෝදර බැඳීම?

      ඔය යක්කු ඔක්කොම එකයි මහත්මයා අන්න ඒක තේරුම් ගන්න..සල්ලි වලට බලයට සහෝදරකම් නෙවෙයි අප්ප පුතා උනත් මරාගනියි. එහෙමට තන්නාසකාරයො...

      Delete
  2. "එහිම දිඟුවක් වන්නේ එල්ටීටීඊය සහ ශ්‍රී ලංකාණ්ඩුව අතර වූ යුද්ධයෙහිදී දෙමළ ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදු නොවුනේය යන්නය. එනයින්ම පශ්චාත් යුද්ධ සංහිදියා වැඩ පිලවෙළක් අවශ්‍ය නොවන්නේය යන්නයි."

    අවශ්‍ය නැහැ තමයි, එක පිම්පියෙක් ඉන්නවද කොටි මරපු සිංහල නිරායුධ මිනිස්සුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්න. මුළු රටේම බහුතර මිනිස්සු හිටපු පීඩනේ ගැන කතා කරන්න. රටට කරපු ආර්ථික හානිය ගැන කතා කරන්න...
    එහෙම එවුන් නැත්තන් මෙහෙම උන් සහ මෙහෙම ක්‍රියාවලියකුත් අවශ්‍ය නැහැ, මොන දෙමල මිනිහද නිරායුධ සිංහල මිනිස්සු මරපු එක ගැන වොරි වෙන්නේ. ඒ ගැන මෙච්චර පස්ස පැත්තේ අමාරුවෙන් හඬ නගන්නේ...
    වීසා එකට ඩොලර් වලට ඕනේ පක්කිලි වැඩක් කරන හිඟන සිංහල හැත්තට තමයි මේ ඔක්කොම අමාරුව තියෙන්නේ...

    රටේ දීර්ඝකාළීන යුද්ධයක් තිබ්බා, දැන් ඒක ඉවරයි, එච්චරයි. ඒ ඉවර වීම දරා ගන්න බැරි තුප්පහි හැත්ත තමයි බොරු සංහිඳියා නමක් ගාවගෙන කුණු ගොඩවල් අවුස්සල උන්ගේ ජීවිකාව හොයාගන්න දඟලන්නේ. උන් හරියට තුවාලේ හොඳ වෙනවට කැමති නැතුව මැස්සෝ වහල වන වෙන්න ඇරලා තියන් ඉන්න හිඟන්නෝ වගේ...
    මොකද උන්ට පැවැත්මක් නැති වෙනවා මොනවා හරි කුණු ගොඩක් නොතිබ්බොත්...

    මිනිස්සු අතරේ කාලයත් සමග ඉබේම සංහිඳියාවක් ඇතිවෙයි රටේ හැමෝටම එක හැන්දෙන් බෙදන දවසට...
    ඒකට කාලයක් අවශ්‍යයි, රටට නීතියක් සහ පිංගුත්තරයෝ නොවෙන නායකයෝත් විශේෂයෙන් අවශ්‍යයි...

    ReplyDelete
    Replies
    1. Lokka,

      /රටේ දීර්ඝකාළීන යුද්ධයක් තිබ්බා, දැන් ඒක ඉවරයි, එච්චරයි. ඒ ඉවර වීම දරා ගන්න බැරි තුප්පහි හැත්ත තමයි බොරු සංහිඳියා නමක් ගාවගෙන කුණු ගොඩවල් අවුස්සල උන්ගේ ජීවිකාව හොයාගන්න දඟලන්නේ. උන් හරියට තුවාලේ හොඳ වෙනවට කැමති නැතුව මැස්සෝ වහල වන වෙන්න ඇරලා තියන් ඉන්න හිඟන්නෝ වගේ...
      මොකද උන්ට පැවැත්මක් නැති වෙනවා මොනවා හරි කුණු ගොඩක් නොතිබ්බොත්.../

      ලෝකෙ හැටි එහෙම තමයි ලොක්කා, ඔහේ කැමතිඋනත් නැතත් ඒක එහෙමයි..ඔහෙලයෙ මහ බයියා කැමති උනත් නැතත් ඒක එහෙමයි..

      අපිට ඕන විදිහට හිතුමනාපෙ වැඩකරන්න තිබ්බ අවුරුදු පන්සීයකට දාහකට එහාදිනම්...අද එහෙම බෑ...විශේෂයෙන් අපි වගෙ අනුන්ගෙන් ණය අරගෙන ජීවත්වෙන රටකට එහෙම බෑ...

      අනික දන්නවද අපිට ඔය බටහිර රටවල් ෂේප් එකේ තියාගෙන එයාල කියන කියන විදිහට නටන්න වෙලා තියෙන්නෙ මොකක් හින්දද කියල..වෙන මොකවත් නෙවෙයි උඹලගෙ නීලකසයගෙ නාඩගං හින්ද..

      චීනගෙන් ගිනි පොලියට ණය අරගෙන එව්වයින් බාගෙට බාගයක් යටි මඩි ගැහැව්ව. ඉතුරු බාගෙනුත් කලේ වැඩිපුරම උන්දැගෙ නම දාගන්ට නිකං බොරු සෝබන වැඩ..

      මිනිහට මාරම හීනමානයක්නෙ තිබ්බෙ හැම මඟුලටම නම දාගන්ට..මරා වරාය , මරා එයාපෝටෙක..මරා රඟහල..එතකොට මිහින් ලංකා...එව්වට වියදම් කරල අන්තිමට රිස්ස යන්නෙ බොලා අපි ඔක්කොගෙම. රටේ ආදායමෙන් වැඩි ප්‍රමානයක් යන්නෙ චීනෙට ණය පොලිය ගෙවන්ට.....

      ඉතිං අඩු පොලියට ණය දෙනව තමයි බටහිර රටවල්. ඒත් එහෙම දෙන්නෙ එයාලගෙ කොන්දේසි අනුව වැඩ කලොත් තමයි. ඒ එක කොන්දේසියක් තමයි යුද අපරාද වුනානම් ඒ ගැන පරීක්ෂණ කරන එක.

      ඒ හින්ද බොලාගෙ මහ එකාගෙම වැරදි හින්ද මුලු රටම වැටිල තියන අගාධය ගැන නිකං අනුන්ට චෝදනාකරන්න එපා ලොක්කා...හරිය?...:)

      /මිනිස්සු අතරේ කාලයත් සමග ඉබේම සංහිඳියාවක් ඇතිවෙයි රටේ හැමෝටම එක හැන්දෙන් බෙදන දවසට.../

      හරි හරි කිව්වත් වාගෙ නීලකාසයයි ගොට්ටයිනම් හැමෝන්ටම එක හැන්දෙන් බෙදුව නේ? සිංහලය දෙමල කියල බැලුවෙ නෑ දෙගොල්ලම කෙලින්ම වැලිගම්පිටි යැව්ව...

      දෙමළ කට්ටිය බලමු..සිවරාම්..රවිරාජ්..එතකොට අර යාපනේ කොල්ලො දෙන්න...

      සිංහල අය...ලසන්ත...රතුපස්වල....පෝද්දල ජයන්ත යන්තම් බේරුනා...

      ආ කීත් නෝයාර්..නමෙන් නම් පේන්නෙ එයා බර්ගර් වගේ..

      හරි හරි එක හැන්දෙන් බෙදනකොට බර්ගර් කට්ටියත් අතෑරල නෑ නේද අපේ ගොට්ට මහත්තය? වෙරි ගුඩ්...වෙරි ගුඩ්...

      /රටට නීතියක් සහ පිංගුත්තරයෝ නොවෙන නායකයෝත් විශේෂයෙන් අවශ්‍යයි.../

      අම්මප ලොක්කා ෂුවර් නේද?...නීතියක් නම් ඕනමයි මාත් එකඟයි...

      1. රට බලන්ට ආපු සංචාරකයො මරල එවුංගෙ පෙම්වතියො දූෂණය කරන දේසපාලන ගෝල බාලයින්ට නීතිය පහුවදාම ක්‍රියාත්මක වියයුතුයි.

      2. රටට විපතක් වෙච්චි වෙලාවක ලැබුනු ආදාර තමන්ගෙ ගිනුමක දාගත්ත එවුං එල්ලිය යුතුයි.

      3. මල්වානෙ මාලිගා හදන්ට සල්ලි හම්බවුනේ කොහොමද කියල සෙවිය යුතුයි.

      4. කතරගම බංගලා හැදුවෙ කොහොමද කියලත් සෙවිය යුතුයි.

      5. අම්ම අප්පට සොහොන් ගෙවල් හදන්ට ආන්ඩුවෙ සල්ලි වියදම් කලේ කොහොමද කියලත් සෙවිය යුතුයි.

      තව තියනව ලොක්කා..දැනට ඇති නේ?

      ආ..පලි..පලි.....පිංගුත්තර කතාව ගැනත් යමක් කියන්න ඕනනෙ..

      රටක නායකයෙක් පිංගුත්තරයෙක් නොවියයුතු වගේම මහසෝනෙක් සහ රීරි යකෙකුත් නොවිය යුතුයි.

      ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනක් තොරගන්නෙයි කියල කිව්වොත් මම නම් තෝර ගන්නෙ පිංගුත්තරයා...:)

      Delete
    2. /// චීනගෙන් ගිනි පොලියට ණය අරගෙන එව්වයින් බාගෙට බාගයක් යටි මඩි ගැහැව්ව. ඉතුරු බාගෙනුත් කලේ වැඩිපුරම උන්දැගෙ නම දාගන්ට නිකං බොරු සෝබන වැඩ..

      මිනිහට මාරම හීනමානයක්නෙ තිබ්බෙ හැම මඟුලටම නම දාගන්ට..මරා වරාය , මරා එයාපෝටෙක..මරා රඟහල..එතකොට මිහින් ලංකා...එව්වට වියදම් කරල අන්තිමට රිස්ස යන්නෙ බොලා අපි ඔක්කොගෙම. රටේ ආදායමෙන් වැඩි ප්‍රමානයක් යන්නෙ චීනෙට ණය පොලිය ගෙවන්ට.....

      ඉතිං අඩු පොලියට ණය දෙනව තමයි බටහිර රටවල්. ඒත් එහෙම දෙන්නෙ එයාලගෙ කොන්දේසි අනුව වැඩ කලොත් තමයි. ඒ එක කොන්දේසියක් තමයි යුද අපරාද වුනානම් ඒ ගැන පරීක්ෂණ කරන එක.

      ඒ හින්ද බොලාගෙ මහ එකාගෙම වැරදි හින්ද මුලු රටම වැටිල තියන අගාධය ගැන නිකං අනුන්ට චෝදනාකරන්න එපා ලොක්කා...හරිය?...:) ///

      දැන් ඔය උඩහට යන හයිවේ එකට ණය ගත්තේ ඔය බටහිරෙන් වෙන්න ඇති නෙහ්...
      අනික චීන ගෙන ගන්න ණය ගිනි පොළියයි, බටහිර සහ ජපන් ආධාර පට්ට ලාබයි කියල කියන දත්ත පොඩ්ඩක් හොයල පෙන්නනවද...

      ඒ කාලේ කිලෝමීටරයක් හදන්න අච්චර ගියා මෙච්චර ගියා කියකිය කෑ ගහපු උඹල දැන් මීක් නැහැ, ඊටත් වඩා වැඩි ගණන් වලට හයවේ එකේ කිලෝමීටර එක හැදෙද්දී...
      කොට්ටාව කඩවත කොටසේ වැඩිපුර තියෙන්නේ Via duct සිස්ටම් එක, ඒක ගාන වැඩියි. ඒ වගේම කොළඹ ආසන්නයේ ඉඩම් පවර ගනිද්දී ගෙවන්න වෙන ගණන් පවා ගොඩක් ඉහළයි...

      එහෙම වෙලත් දැන් කිලෝමිටරේක ගාන වැඩි වෙන්නේ කොහොමද බං රවී අයියේ...

      මහින්දලා කරපු වැඩ වලින් කමිෂන් ගැහුවා කියල උඹල කියනවනේ. හරි ඒක එහෙම කලාය කියල උපකල්පනය කරමුකෝ (මොකද තාම එහෙම කිසිම දෙයක් අල්ලගෙන නැහැනේ) එහෙම යම් ප්‍රමාණයක් ගත්තනම් ඒ ප්‍රමාණයට වඩා වැඩි පාඩුවක් මහබැංකු හොරකම හරහා අවුරුදු 30 කදී වෙනවා...
      අනික ඒ ගත්තු ණය වෙනුවෙන් රටේ හදපු දෙයක් පිසිකලි පේන්න තියෙනවා...

      /// අම්මප ලොක්කා ෂුවර් නේද?...නීතියක් නම් ඕනමයි මාත් එකඟයි... ///
      කවදාවත් නීතියක් නැති වීම හොඳයි කියල කියන්නේ නැහැ...
      ඔය ලිස්ට් එක අඩු ගානේ අපි දන්න ඉතිහාසේ මුල ඉඳලවත් පිළිවෙලකට මරාගේ කාලය දක්වා දැම්මනම් තමයි ඔහේ මධ්‍යස්ථව හිතන අයෙක් බවත් අලි බෙට්ටක් පමණක් නොවෙන කෙනෙක් බව මේවා කියවන උදවියට පේන්නේ...

      0. මහවැලිය කරපු කාලේ පිඩැල්ලකින් රුපියල ගානේ ගහපු ඒවා
      0. මහවැලිය තදියම් කරගෙන සිදුකල පරිසර හානිය
      0. චීවරධාරියෙක් යොදවා විරුද්ධ දේශපාලකයෙකු වූ බණ්ඩාරනායක ව මරා දැමීම (එයාගේද මන්ද පිළිමයක් තියෙනවා ශ්‍රන්ග්‍රීලා හෝටලේ ඉස්ස‍ර. ඒක හැදුවේ ජනතාවගේ සල්ලි වලින්ද, මරපු එවුන් සතුටට උන්ගේ සල්ලිම වියදං කරලා හැදුවද දන්නෙත් නැහැ, නෙහ්...)
      0. 83 කළු ජුලිය, යාපනේ පුස්තකාලේ එහෙම ගිනි තියල ආතල් අරගෙන රට අවුරුදු 30 කට වඩා දීර්ඝකාලීන යුද්ධයකට ඇද දැමීම සහ ඒකෙන් බඩවියත රැක ගැනීමත් බරපතල මිනිස් සහ දේපොළ හානියක් රට ට සිදු කිරීම හරහා රටේ සංවර්ධනය බරපතළ ලෙස අවපාතයකට හෙලීම.
      0. තරුණ ජිවිත 60,000 කගේ පමණ ජිවිත නැති කර දැමීම සහ අදට සාපේක්ෂව බැලුවම ගීනිය නොහැකි දේපොළ හානියක් ඇති කරවන මට්ටමේ බරපතල අර්බුධයක් රට තුල නිර්මාණය කොට තමන්ගේ බලය රඳවා ගැනීම සහ එය නිර්ධය ලෙස මර්ධනය කිරීම, එමගින්ද රටේ රටේ සංවර්ධනය අඩාල කර දැමීම.
      0. 17 වසරේ සාප කාලය තුළ සාධාරණ ජන්ද නොපැවැත්වීම. ජන්ද පෙට්ටි මාරු කරන සිද්ධි එහෙම ඒ කාලේ හරි හරියට තිබුනා.
      0. සැටලයිට් පවා ඒ දිගුව අරගෙන ගියා
      0. දළදා මාලිගය ඉදිරිපිට වැව වටේ රේස් පැද කාරයක් හප්පා දළදා මාලිගාවේ ඉපැරණි වලාකුළු බැම්මේ කොටසක් කඩා දැමීම -90 මුල යුගයේ වගේද කොහෙද උනේ -හැබැයි දැන් ඔහෙලා අර නාමොලයට මඩ ගහන්න ඌ මාලිගාව වටේ රේස් පැද්දාය කියල කිව්වට, ඌ අඩු ගානේ රේස් පැද්දේ වැව වටේවත් නෙමෙයි නුවර ටවුමේ)
      අනික ඔහෙම හොඳට දන්නවා මාලිගාව වටේ රේස් පදින්න පාරක් නැති බව...

      http://www.sundaytimes.lk/130512/news/night-races-in-kandy-who-is-telling-the-truth-44393.html

      Delete
    3. 0. S.B. ගෙවල් හදපු හැටි
      0. කොටි ත්ර්ස්තයින්ගෙන් දළදා මාළිගාව, ගුවන් තොටුපොල, මහබැංකුව පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හරහා සිදු කරගත් පාඩුව සහ හානිය
      0. රූකාන්ත චන්ද්රඩලේඛා සිද්ධිය
      0. වයඹ ජන්දයේ භිෂණය -කාන්තාවක් නිරුවත් කර මහපාරේ ඇවිද්දවීම
      මේ ඒරියල් එකේ මට අමතක ගොඩක් දේවල් ඇති, උඹට උනත් පුළුවන් ඕනෙනම් සම්පුර්ණ කරන්න...

      6. මහ බැංකු මංකොල්ලය, මේක විස්තර කරන්න ඕනේ නැහැනේ.
      7. ජනතාවගේ ජන්ද අයිතිය උල්ලංගනය කරමින් ජන්ද නොපවත්වා සිටීම
      8. ජනතාව මත අධික බදු බරක් පැටවීම. කන බත්පතේ සිට 15% ක වැට් එකක් ගෙවා, ඉපයීම මත ගෙවන බද්දද ගෙවා, ඉන් පසුව අදායම් බදු ගෙවීමේ අනර්ඝ අවස්තාව පවා උදා කර දීම. 50,000 ට වඩා වැඩි අදායම් ලබන සැමට 5% ක අදායම් බදු ගෙවා සතුටු වීමට අවස්තාව උදා කරදීම.
      9. නායකයෙක් නොමැති නිසා රට අයාලේ යාම
      10. ආයෝජකයින් නොපැමිණීම, හාවා හඳ දකින්න වගේ එන එකාගෙනුත් අල්ලස් ගන්න ගිහින් කුජීත වීම සහ ආපසු යෑම
      11. වැස්ස සමග ඉහල යායුතු ආර්ථික වර්ධන වේගය සුළඟ සමග ගසාගෙන යාම
      12. අපේ සයිට් එක හදන්න වෙන් කරලා තිබ්බ බිලියන 27.25 මහ බැංකුවට අරගෙන හොරා කෑමට ලක් කරවීම.
      13. දැනට එයට වියදම්ව ඇති මුදලටත් වඩා බිලියන කිහිපයකට මිලදී ගැනීමට පැමිණි ගැනුම්කරුවන් දෙදෙනාගෙන් ඉල්ලු අධික කොමිස් මුදල් හමුවේ ඔවුන් එය අතහැර දමා යාම
      14. කෙහෙල් කොලේ කන එකාගේ පුතාගේ වැඩ
      15. දුවගේ බිස්නස්


      /// රටක නායකයෙක් පිංගුත්තරයෙක් නොවියයුතු වගේම මහසෝනෙක් සහ රීරි යකෙකුත් නොවිය යුතුයි. ///
      ඔහෙලගෙ පිංගුත්තරයෝ දෙන්නවනම් අපි ඔහෙලා ඔක්කොම දැන් හොඳටම දැක්කනේ. ඒත් ඉතින් තාම දැකලවත් නැති රීරි යක්කු මහසෝන්නු දිවා රෑ පේන්නේ මොකක්හරි මානසික ව්යා.ධියකටද කියලත් බලා ගනින් අයියේ...
      කාගේ උනත් ජීවිතයක්නේ...

      Delete
    4. දැං ඇති ලොක්කා...:)

      ආයම දවසක නීලකාසයගෙ හෝ අවියත් මඟ දමා ඇමරිකාවට පැනගිය වියත් මගේ නිර්මාතෘ ගොට්ටා මහත්තය ගෙ මගඩි ගැන ලියපු දවසක අපි දෙන්න තර්ක කරමු..හාද?

      Thanks for a very entertaining and enlightening discussion...

      "මිනිසෙකුගේ නිවහල් චින්තනයට බලවත්ම බාධාව වනුයේ යමෙකු කෙරෙහි ඇති අන්ධ භක්තියයි..."

      Delete
    5. ///ආයම දවසක නීලකාසයගෙ හෝ අවියත් මඟ දමා ඇමරිකාවට පැනගිය වියත් මගේ නිර්මාතෘ ගොට්ටා මහත්තය ගෙ මගඩි ගැන ලියපු දවසක අපි දෙන්න තර්ක කරමු..හාද?///
      ඒකෙන්ම කියවෙනවානේ ඔයත් වේලිච්ච අලි බෙට්ටක් බව...
      ඔහේල වගේ උදවිය රනිල්ට බැන්නත් බනින්නේ මුකුත් නිසා නෙවෙයි ඌ ඇවිත් හත්පොලේ ගාගෙන පක්ෂේ ගූ ගොඩක් බවට ඔප්පු කරවපු නිසා මිසක් වෙන අහවල් දෙයක් නිසා නෙමෙයි...

      /// "මිනිසෙකුගේ නිවහල් චින්තනයට බලවත්ම බාධාව වනුයේ යමෙකු කෙරෙහි ඇති අන්ධ භක්තියයි..." ///
      ඒක මෙතනට ගැලපෙනවද නැද්ද කියන එක ඔයාම කප්පනා කරලා බලන්න...
      ඉස්සර කිව්වා අපි මරා ගැන අන්ධ භක්තියෙන් ඉන්නවය කියලා, දැන් මෙතන ඇති මරෙක් නැහැනේ...
      ඒ නිසා ඔය කතාව මටනම් අදාලම නැහැ, ඔයාටනම් ඕක පොඩ්ඩක් සහසම්බන්ධ කරගතහැකි...

      ඔන්න unp වේලිච්ච අලි බෙටි නම් හාමු පරම්පරා වලට තියෙන ගැතිකම නිසා හරි, මහවැලියෙන් ඉඩම් කෑල්ලක් ලැබිච්ච නිසා හරි, ඒ කාලේ දුර්ලභ දෙයක් වෙච්ච රස්සාවක් කොටා ගන්න ලැබිච්ච නිසා හරි, ගං උදාවෙන් ගෙයක් ලැබිච්ච නිසා හරි (ඒවා රජයේ සල්ලි වලින් නෙමෙයි හැදුවේ ප්‍රේමදාස ලැවරියා විකුණලා හොයපු සල්ලි වලින්නේ) හෝ වෙනයම්ම මොකක් හරි තමුන්ට ලැබිච්ච කෙන්ගෙඩියක් නිසා හරි එහෙමත් නැත්තං ඉස්සර ගං පළාත්වල යමක් කමක් තිබ්බ පවුල් ලොකු කමට අර ඩඩ්ලි හාමු, අර හාමු මේ හාමුල වෙනුවෙන් Green blood කරගෙන දුප්පත් උන්ට හයිරන් දාගෙන උන්නට අපේ ලේ වල ඔහොම වෙනස් පාට වර්ග නැහැ...
      77 ජන්දේ දිනපු ගමන් ඒ වගේ unp තිරිසන්නු ගම්වල හැසිරිච්ච හැටි ඔහෙට අමතක වෙන්න විදිහක් නැහැ මේ වෙද්දී අල්සයිමර් වගේ තත්ත්වයක් නැත්තං...

      ඒ එක්කම ඊයේ මිස් වෙච්ච එකක් මේක, 83 කළු ජුලිය වෙලාවේ අපේ පැත්තේ අලි බෙටි අයියල සෙට් එකක් වත්තේ ලයිමට පැනල දෙමළුන්ට නෙලනවලු. ඒ අස්සේ කොටසක් ශ්‍රී ලංකා උන්ගේ ගෙවල්, කඩ මංකොල්ල කාල ඊට පස්සේ ගිනි තියනවලු. ලයිමට පැනපු සමහරු අත දරුවෝ වඩාගෙන යනවා වගේලු ඒ දෙමළ මිනිස්සුන්ගේ එළුවෝ, කුකුල්ලු උස්සගෙන ගිහින් තිබුනේ...
      ඒ අස්සේ එකෙක් මුන්ට කෙලවන්නම ඕනේ කියල හිතාගෙන ලයිමේ තිබුණු කෙහෙල් ගස්, ගස්ලබු ගස් වගේ ගස් එහෙමත් කපලා දාන්න පටන් ගත්තලු අලි බෙටි රෝගය උත්සන්නම වෙලා...
      එක ගස්ලබු ගහක් කපලා බිමට වැටෙද්දීම "බුදු අම්මෝ" කියල සද්දයක් ආවලු...
      බැලින්නම් ඒකෙ තියෙන ගෙඩි ටික කඩා ගන්නත් එක අලි බෙට්ටක් ගහට බඩගාල ඉඳලා...
      ඔන්න ඔහොමයි ඔයාලගේ පක්ෂේ සහ මිනිස්සුන්ගේ අතීතේ...

      රවී ලොක්ක රනිල්ට, රවීට (හොර රවී) මහ බැංකු හොරකමට බැන්නත් බනින්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, ඒක නිසා ඔහෙලගෙ පක්ෂෙට වෙච්ච අවනම්බුව සහ ඉදිරියට වෙන්න නියමිත පාඩුව නිසා. මොකද ඔය වගේම වැඩිය පෙන්නන්නේ නැතුව හිටියට උපතින්ම green blood කාරයෙක් වෙච්ච මගේ මාමණ්ඩිය මේ දවස් වල රනිල්ට බනින්නෙත් අම්ම මෝ නැතුව...
      අපි නොදන්න මොණරතැන්න...

      දැන් මේ ඉපදිලාවත් නැති බබෙක් ගැන බය වෙලානේ ඔයාලට කලිසමේ චු ගිහිල්ල බඩ එළියේ යන්න පටන් අරගෙන හතර අතේ ඒවා විසික් කරන්නේ, අර කතාවකට කිව්වා වගේ ප්‍රේමදාස මහත්තයා කොහෙද මන්දා රටකට ගිහින් කොමඩ් එකේ බොග දාන්න බැරුව කවරෙකට රුන්නාය කියපු විදිහට දෙවෙනි නැහැ...
      කවරේට දාල විසික් කරද්දී ෆෑන් එකේ පැටලිච්ච බොග කවරේ කමාරේ පුරාම බෝග ස්ප්‍රේ කළා වගේ තමයි මේ දවස් වල ටොයි පුතාලගේ හැසිරීම...
      ඔයාත් "අනේ මම මධ්‍යස්තයි" මෙයාල බලන්න මම රනිල්ටත් බැනල තියෙනවා කියල කියෙව්වට මේවා කියවන අපිට පේනවා ඇතුළේ ඉන්න ඇත්ත සතා කවුද කියන එක...

      ඒ එක්කම ජහපාලනේ ගේන්න කඩේ ගියාට මොන මොනාහරි කොටා බා ගන්න නොලැබුණු එකෙක් විදිහටත් මම ඔහේ ගැන හිතාගෙන ඉන්නවා... ;)
      එහෙම කොටා බා ගත්තු සමහරු දැන් ඉන්නේ මාරක නිහඬතාවයක, එහෙමත් නැත්තන් එයාල දැන් සමනළ සංධ්වනිය වගේ චරිත වලට පිවිසිලා, බලමුකෝ ඒකෙත් හැටි...

      Delete
  3. Replies
    1. Ano,

      Yeah but everybody should be aware of the danger looming ahead very ominously....

      Delete
  4. ගෝටා ඔය හිතන තරම් නරක් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. Pathum,

      වලංගු තර්කයක් පැතුම්.....අපිට අනාගතේ ගැන හරියටම කියන්න බෑනෙ.

      ඒත් අතීත කල්ක්‍රියාව සහ පැටිකිරිය (Pedigree) කියල දෙකක් තියනවනෙ.ඒ දෙක සලකල බලනකොට ගොට්ටට බලය ලැබුනොත් බොහොමත්ම භයානකයි කියල තමයි මට හිතෙන්නෙ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...