Monday, December 6, 2021

671. පුවක් එෂැණිං - 64 - පාතාල මරණ.....



පාතාලයො ආවුද හංගපු තැං පෙන්නන්ට පොලිස්සිය එක්කං ගිහිල්ල එක පාට්ටම සැඟවූ ආවුදයක් අරගෙන පොලීසියට වෙඩි තියන්ට හදනව..එතකොට තම ආත්මාරක්සාව  වෙනුවෙං පොලිස්සිය පෙරලා වෙඩි තියල පාතාලය වෙඩි කාල නහිනව..පොලිස් නිලදාරීං දෙන්නෙකුට නැත්තං තුන්දෙනෙකුට  සුලු තුවාල සිද්ද වෙනව....අනාදිමත් කාලෙක ඉඳල පොලිස්සිය පාතාල සාමාජිකයො (පොලීසියමයි එහෙම කියන්නෙ..) මරල දාන්නෙ ඔන්න ඔය කියන ක්‍රියා පටිපාටිය අනුව..

මේ ඊයෙ පෙරෙයිදත් එහෙම සිද්දියක් උනා..මෙතන මේ වැඩේ උනේ නීතිඥ සංගමේ සබාපතිතුමා මෙහෙම දෙයක් අහවල් දවසෙ වෙන්ට යනවයි කියල නම් ගම් විස්තර ඇතුවම පොලිස්පති ගොයියට දැනුම් දීලත් තියෙද්දි..ඒ කියන්නෙ පොලීසිය රටේ නීතිය සදාචාරය කියන එව්ව තඹ සතේකට ගණං ගන්නෙ නෑ කියන එක නෙවෙයි නං වෙන අහවල් දෙයක්ද?

අවි පෙන්වීමට ගොස් පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කල පාතාලයා පොලිස් වෙඩි පහරින් මරුට...මෙච්චර සම්මාන දිනපු නාට්ටිය කාරයො, නවකතා කාරයො ඉන්නව පොහොට්ටුව පස්සෙ වැටිල..යකෝ ඔය එදා ඉඳං පට්ට ගහන අවි පෙන්නන සීන් එක අතෑරල දාල මොකක් හරි වෙන ප්ලොට් එකක් ලියාගනිල්ලකො උංට කියල.. 

ඒ නැතත්  අර මේ ඊයෙ පෙරෙයිද ගත්තු කින්සීලියයි සුදේවයිත් ඉන්නවනෙ..මූදු මංකොල්ලකාරයො හරි කවුරු හරි එවුංට මිලියං ගනං පඩි ගෙවනව ඇතිනෙ. ඒ ගන්න පඩියට හරියන්ටවත් උං දෙන්න ලව්ව මොකක් හරි මිනිස්සු විස්වාස කරන ප්ලොට් එකක් ලියවා  ගනිල්ල බාං රට්ටු හිනස්සන්නෙ නැතුව..එහෙම බැයිනං ඉඳහල්ල මම දෙන්නං ඔරිජිනල් සීන්ස් දෙකතුනක් ..සත පහක්වත් එපා...රට වෙනුවෙං

1. ආවුද සඟවා තිබූ තැන් පෙන්නීමට ගිය පාතාලයා පොලිස් වෙඩි පහරින් මරුට..

ඊයේ රාත්‍රී සඟවා තිබූ ආයුද පෙන්නීමට ගිය පාතාලයකු එක්වරම රට රකින අපේ විරුවා ගීතය මහ හඬින් ගායනා කිරීමට පටන් ගත්තේය. 

රාත්‍රියේ කරන මෙහෙයුම්වලදී සෑම අයුරකින්ම ජන ජීවිතයට බාදා එල්ල නොවනසේ ක්‍රියාකල යුතුයැයි පොලීසිය බාර ඇමතිවරයා තදින්ම උපදෙස් දී ඇති බැවින් පාතාලයාගේ ගායනයෙන් අවට ගම් වාසීන්ගේ නින්දට විය හැකි බාධාව අවම කිරීම උදෙසා දැඩි අකමැත්තෙන් හෝ පාතාලයාට වෙඩි තැබීමට පොලීසියට සිදුවිය. ඒ වෙඩි පහරින් පාතාලයා මිය ගියේය.

2. තවත් පාතාලයෙක්  මරුට..

ඊයේ රාත්‍රී ආයුද පෙන්නීමට පාතාලයෙක් පොලීසිය සමඟ ගියේය. යන අතරමඟදී අසල නිවෙසක දෙවෙනි ඉණිම ටෙලි නාට්ටියේ තේමා ගීතය ප්‍රචාරය වනු ඇසුණු පාතාලය දෙවෙනි ඉණිම තමාගේ ප්‍රියතම ටෙලි නාට්ටිය බැවින් එම නිවසේ ඇර තිබූ ජනේලයක් අසලට ගොස් දෙවෙනි ඉණිම බැලීමට පොලීසියෙන් අවසර ඉල්ලා සිටියේය. 

ඕනෑම දරුනු අපරාදකරුවෙකුට මානුසිකව සැලකිය යුතු බවට පොලීසිය බාර ඇමටිතුමා සියලුම පොලිස් ස්තාන වලට පැමින පෞද්ගලිකව උපදෙස් දී තුබුනු බැවින් පොලිස් නිලදාරීහු ඒ ඉල්ලීමට ඉඩදී පාතාලයා දෙවෙනි ඉනිම බලා ආපසු පැමිනෙන තෙක් වත්ත මායිමේ තිබූ කොට්ටම්බා ගහක් යට ඉඳගෙන සිටියෝය. 

එදින කතාංගයෙහි අනුහස් ආක්සාට ආදරය කරන බව ප්‍රකාස කරන දර්සනය ප්‍රචාරය වූ අතර එය බලා මහත්සේ සිත්තැවුලට පත් පාතාලයා "අයියෝ අර ලිහිනිට දැං මොකද වෙන්නේ? මට ඉඳලා වැඩක් නෑ.."  කියා මහ හඬින් කෑගහමින් පොලිස් නිලදාරියකු අත තිබූ තුවක්කුව උදුරාගෙන එයින් තම පපුවට වෙඩි තබාගත්තේය. පාතාලයා  ඔන් ද ස්පොට් එතනම මිය යන ලදී.

3. ආයුද ගබඩාවක් සොයා යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාලයෙකු මරුට..

අද අලුයම රහස් ආයුද ගබඩාවක් පෙන්වා දීමට පොලීසිය කැටුව ගිය පාතාලයෙක් අතරමඟ වූ දූරියන් ගසක් යටින් ගමන් කරද්දී එක්වරම දූරියන් ගස සොලවා පොලිස් නිලදාරීන්ගේ හිස් මතට දූරියන් ගෙඩි පතිත කරවා ඔවුන් අකර්මන්ය කොට පලායාමට උත්සාහයක් දැරීය. 

එහිදී පොලිස් නිලදාරීන් පතිතවන දූරියන් ගෙඩි වලින් තම හිස් ආරක්සා කරගැනීමට එහා මෙහා පනිමින් "කරුනාකර ඔය වැඩේ නවත්වනු මැන..." කියා  හත් වරක්ම පාතාලයාට ආයාචනා කල නමුත් පාතාලයා ඒ කිසිවක් කනකට නොගෙන දිගටම දූරියන් ගස සෙලවීමෙහි නිරතවූ වැවින් අවසානයේ දැඩිම දැඩි අකමැත්තෙම් හෝ  පොලිස් නිලදාරීන්ට සිදුවූයේ පාතාලයාට වෙඩි තබා මරා දැමීමටයි. 

කොහොමද ඒ ප්ලොට් තුන? ආතල් සහ ආයිස් කුණ්ඩියා නේද? 

මොනව උනත් ඔය හැමදාම ගහන එකවරම පොලිස් නිලදාරීන්ට වෙඩි තැබීමට තැත් කිරීමේ පරණ තැටියට වඩා මෙහෙම සීන් එකක් කිව්වොත් මිනිස්සු උනත් විස්වාස කරයි..නැද්ද මං අහන්නෙ?.. 

31 comments:

  1. දූරියං එක පට්ට.. 😂😂😂😂

    ළිහිණි කෙලීට මොනවත් කීනව හේම නෙවී ඕං... අපි ඒක බලන්නැතුවට ළිහිණි කෙලී දිහ බලං ඉන්නෙ.. හුහ්

    ReplyDelete
    Replies
    1. Mahesh,

      මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙයිද කියල බැණ බැණ බලනව... :)

      Delete
    2. ඇත්තෙන්ම රවී තුමා ටීවි බලන්න කැමැත්ත අඩුයි වගේම ඔය සෙප්පඩ නාඩගං වලටත් ලොකු මනාපයක් නෑ. ඉතිං ටීවී නොබැලෙන තරං. ඒකෙ ලොකුම පාඩුව තමයි ප්‍රවෘත්ති වත් බලන්න තියෙන අවස්ථාව අහිමි වීම
      😥😥

      Delete
    3. Mahesh,

      ගෙදරට වෙලා අලස සුවය විඳිමින් විවේකීව ඉන්න එකේ වාසිය මල්ලි අන්න ඒක තමයි.දිනපතා ටෙලි චිත්‍රපට අටක්, සිරස ප්‍රවෘත්ති, ලක්සපති, වොයිස් ශ්‍රී ලංකා ඔය ඔක්කොම මම බලනව...

      Delete
    4. // මම නම් බලනවා බං...මේ කෙහෙම්මල කවදා ඉවරවෙයිද කියල බැණ බැණ බලනව //

      දැන් බොට තේරෙනව නේ ද බොගෙ අර 'විමලෙගෙ වාංපතුල් කතා', එතකොට අර 'ගෑල්ලමයා කොස් කපන කතාව' එහෙම කියවනකොට බොගෙ පාඨකයින්ට දැනුන හැඟීම?

      Delete
  2. දෙවෙනි ඉණිමේ දූ දියං - දූරියන් නං ඉස්තරං
    ඔන්න ඔය වගෙ - අයිඩියාවල් දෙන්න තව තව ඇති පදං
    එහෙව් එව්වා අල්ල ගන්නත් - තියෙන්නෝනැනෙ ඕනැකං
    ලජ්ජ නැතිකම ලොකුයි - යටයයි ඒ වෙලාවට මුදලිකං

    ReplyDelete
  3. ඔය දෙවෙනි ඉනිමග වගේ ඒව බලපුවාමනං ඕනිම තද හිතක් තියෙන එකෙකුට උනත් සුයිසයිඩ් කරගන්න හිතෙනව තමා.

    ReplyDelete
  4. මට හිතෙන්නේ මෙතැනදී නඩු තීන්දු දෙන අයත් ලැජ්ජා වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. Earn with PM,

      ඒකත් ඇත්ත..ඒත් අනික් අතට මොන තරම් විකාර කතාවක් උනත් සාක්ෂි අනුව නඩුකාරයට පිළිගන්න වෙනව මම හිතන්නෙ..

      Delete
  5. 2/3 ක බලයක් තියෙන එකේ ඔය නීති වෙනස් කරන්න බැරි කම ගැන Government එක ඊටත් වඩා ලැජ්ජා වෙන්න ඕනි.

    ReplyDelete
  6. ගොරකත් දඩමස් කරන මිනිස්සු ඉන්න රටක හෙට ආයුධ පෙන්නන්න යන්නේ ඔබ හෝ මම විය හැකියි.

    "අන්තිමේදී ඔවුන් මා කරා ආහ. එහෙත් එවිට මා වෙනුවෙන් හඩ නගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය."

    ReplyDelete
    Replies
    1. E.P.M.,

      ඉතිං මොකද? මේ මැරෙන්නෙ පාතාලයො කියල වගේ වගක් නැතුව ඉන්න අයට නැත්නම් මේ නීති විරෝධී ඝාතන අනුමත කරන අයට වෙන්නෙත් ඒ ටිකම තමයි..:)

      Delete
  7. First they came for the socialists, and I did not speak out—
    Because I was not a socialist.

    Then they came for the trade unionists, and I did not speak out—
    Because I was not a trade unionist.

    Then they came for the Jews, and I did not speak out—
    Because I was not a Jew.

    Then they came for me—and there was no one left to speak for me.

    A longer version by the Holocaust Memorial Day Trust, a charity established by the British government, is as follows:

    First they came for the Communists
    And I did not speak out
    Because I was not a Communist

    Then they came for the Socialists
    And I did not speak out
    Because I was not a Socialist

    Then they came for the trade unionists
    And I did not speak out
    Because I was not a trade unionist

    Then they came for the Jews
    And I did not speak out
    Because I was not a Jew

    Then they came for me
    And there was no one left
    To speak out for me

    Author
    Martin Niemöller

    source
    https://en.wikipedia.org/wiki/First_they_came_...

    ReplyDelete
    Replies
    1. අගමැති සමඟ උපයමු,

      Fr. Martin Niemoller's immortal write up...

      පළමුව ඔවුහු සමාජවාදීහු ඝාතනය කළෝය..
      මම නිහඬව සිටියෙමි..
      ඒ මම සමාජවාදියකු නොවන බැවිනි..

      Delete
  8. අයියාගේ පුවක් කතාවකට මං මේ මෙච්චර හිනාවුණාමයිද කොහෙද! :D :D :D

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      සන්තෝසයි..සන්තෝසයි... :)

      Delete
  9. තේ එකක් බොන ගමන් මේක කියවන්න ගිහින් තේ එක ඔන් ද ස්පොට් එතනම ඉස්පොල්ලෙ යන ලදී.

    ඔය විරුවා වගේ තව සිංදුවක් තියෙනවා, 'කලාකාරයො' ටිකක් පොහොට්ටු උස්සගෙන එකපාරටම දියසෙන් කියලා කෑගහන. ඒකත් හොඳ ආදේශකයක්.

    ReplyDelete
    Replies
    1. Lotus,

      හරි හරි අර වේරලියද්ද ප්‍රමුඛ දිවුල්ගනේ, පාලිත සිල්වා, කුසුම් රේණු, කුමාරි මුණසිංහ එහෙම කියන එක..

      සුදත්ත තිලක්සිරි තමයි ඒකෙ අධ්‍යක්ෂ..මිනිහ මේ ලඟදි කියල තිබ්බ එහෙම එකක් කරපු එක ගැන මිනිහ පශ්චත්තාප වෙනවයි කියල..

      වැඩේ ඉතිං දැං ඒකට බොහොම ප්‍රමාද වැඩියි.. :(

      Delete
    2. සුදත්ත තිලක්සිරි තමයි ඒකෙ අධ්‍යක්ෂ..මිනිහ මේ ලඟදි කියල තිබ්බ එහෙම එකක් කරපු එක ගැන මිනිහ පශ්චත්තාප වෙනවයි කියල..///
      පොරගෙ ලෙඩේ නිට්ටාවටම සනීප වෙන්න වැදුණ වෙන්න බැයිද 😂😂😂😂

      Delete
  10. ඔයත් දෙවෙනි ඉනිම බලනවා වගේ 🤗🤗

    ReplyDelete
  11. පුවත් නම් අන්ට පුවත්..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...