Thursday, January 20, 2022

672. පුවක් එෂැණිං - 65 - මැංචෝසන් චාරිකා...




සමාවෙන්න..මේකනම් ඇත්තටම "පුවක් එෂැණිං..." නෙවෙයි "දවස් හත අටකට  පස්සෙ පුවක් එෂැණිං..." වෙන්න ඕන..කොහොම හරි කමක් නෑ "බෙට ලේට් දෑන් නෙවර්..." කියලත් තියන හින්ද ඔන්න ඔහෙ දාල දැම්ම..

ගරු ජනාධිපති තුමා පසුගිය දින සහපිරිවරින්  මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටසේ සංචාරය කළේය..

ජානාපෙති මාජ්ජිය පොකාසක කිං සිලී මහතා මේ උත්කර්සවත් අවස්තාව පිලිබඳව මෙසේ ප්‍රකාස කලේය. 

"අපේ රට මේ මොහොතේ දහසකුත් ආර්තික ප්‍රස්න වලට මූන දීලයි තියෙන්නෙ...බොහොම ඉක්මනට රට බංකොලොත් වෙයි කියල ආර්තිම විසේ සඥයො කියනව..එහෙම වෙලාවක ආර්තිකය ගොගදැමීමේ කටයුත්ත තනිවම කරට අරගෙන ඉන්න එතුමා මොහොතකට ඒ කටයුතු අතෑරල මේ වගෙ අදි වේගී මාර්ගයෙ සංචාරය කලේ පොදු මහජනයාට මේ අසීරු අවස්තාවෙ තමන්ගෙ ස්‍රී රූපය දැකල හිත් සනසාගන්ට අවස්තාවක් ලබාදෙන්ට..කොටින්ම කිව්වොත් දිනපතාම එතුමා උදේ පාන්දර ඇහැරිච්චි ගමන් කරන වියායාම වත් නොකරයි ඔන්න මේ ගමන ආවෙ..ආය ඉතිම් වෙන අහවල් කතාද?..ඒ අතින් බලන්න එතුමා කොපමණ ජනහිතකාමී නායකයෙක්ද කියල..එතුමාවන් නායකයින් ජාතී ජාතී වාසනාවන්.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර අදිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති කම්බිදැල් වැටේ එල්ලී එතුමා දැකබලාගැනීමට වාසනාව ලබාගත් මීරිගම කුරුප්පු ආරච්චිලාගේ සාන්ත  බස්තියම් ගොවි මහතා මෙසේ පැවසීය..

"මයෙ කුඹුර මේ පාර විනාසයි..ගන්න දෙයක් නෑ..ඒත් කමක් නෑ...එතුමාගේ හිනා කටක් දකින්න ලැබුන එක මයෙ පූරුවෙ වාසනාවක්..දැක්ක නේද අත වනාගෙන ගිය අපූරුව..තේජවන්තකොම දෙකංසෙං බේරෙනව...ගෑස් පෝලිමේ හිටිය ලොකු කොල්ලයි කිරිපිටි පෝලිමේ හිරිය බාල කෙල්ලයි දෙන්නම එතුමා සම්පරාප්ත වෙනව කියන ආරංචියට ගෑස්, කිරිපිටි යකාට ගියාවෙ කියල දුවගෙන ආව එතුමා දැකබලාගන්ට.."

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ගරු ජනාපෙතිතුමාට මහජනයා හූ කිව් බව පසුගියදා සමාජ මාද්දිය ඔස්සේ පැතිර ගිය නමුත් ඒ ගල් පැලෙන බොරුවක් බවත් මාජනයා අතර එතුමාට ඇති ගරුත්වය, පිලිගැනීම සහ ආදරය තඹ අලුක්කාල් මංචාඩි කළඳකින් හෝ අඩුවී නොමැතිබව කිසිදු බලකිරිමකින් තොරව ඇඳිවත පවා අහිමිව....සමාවන්න ඇඳිවත පිටින් දිවවිත් එතුමාට තම ගහුරවය පුදකිරීමට අදිවේගී මාර්ගය දෙපස පුල පුලා බලාහුන් මහා උන සන්නිපාතය....සමාවන්න මහා ජන සන්නිපාතය ප්‍රබල සාක්සියක් වන බවත් ජනාදිපති මාජ්ජිය අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

ඉදිරියට අදිවේගී මාර්ග ඉදිකරනවිට එහි දෙපස සෑම මීටර් පන්සීයෙන් පන්සීයට එකවර පුද්ගලයින් දහසකට අපහසුවකින් තොරව ජනාපෙතිතුමා නැරඹීම සඳහා රැස්විය හැකි ආවරණය කරන ලද වේදිකා  ඉදිකිරීමට තම අවදානය යොමුවී ඇතැයි මහාමාර්ග ඇමටිටුමා ප්‍රවුර්ති සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය..

එම සෑම ජනාපෙති නැරබුං වේදිකාවක සිට අනෙක්පස ඉදිකරන වේදිකාව දක්වා පහසුවෙන් පිවිසිය හැකි පරිදි අදිවේගී මාර්ගය ඉහලින් ගුවන් පාලමක් ඉදිකිරීමටද තමා අදහස් කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. 

මෙමඟින් අටිගරු ජනාපතිතුමාට යන  ගමනේදී වැඳ ආචාරකොට වහා ගුවන් පාලමෙන් අනිත් පස වේදිකාවට පිවිස ජනාපෙතිතුමා ආපසු එන ගමනේදි නැවත දෙවන වරටත් වැඳ ආචාර කිරීමට මහජනයාට ඉඩ ලැබෙන බවද එටුමා හැඟීම්බරව ප්‍රකාස කලේය. 

"අපි මේ වැඩ පිලිවෙල  කොහොම හරි කරනව..මම ඉන්නකල් මේ අහිංසක මිනිස්සු එතුමාට වඳින්ට පුදන්ට තියන උනන්දුව හින්ද කම්බි වැටවල් අස්සෙං රිංගන්ට ගිහිල්ල අතපය හූරගන්ට නෙවෙයි මයිලකටවත් හානියක් වෙන්ට මම ඉඩ තියන්නෙ නෑ...." එතුමා තව දුරටත් පැවසූයේ දෙනෙතේ නැඟෙන කඳුලු පිසදමමිනි..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

එලෙසම මීරිගම ජනතාව විසින් තමන් වෙත පලකරන ලද ආදර භක්තියට උපහාරයක් ලෙසින් ගම සමඟ පිළිසඳර වැඩසටහන යලි ඇරඹූ වහාම එහි පළමු වැඩ සටහන් හතම මීරිගම අවට ජනතාව සමඟ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙසද එතුමා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇත.

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර ජනාපෙතිතුමාට නිතර පාර දෙපස පොදි කන මහජනයාට අත වැනීමට සිදුවීමෙන් එතුමාගේ සුරතෙහි ආබාධ හටගැනීමේ අවදානමක් පවතින බව ජොස්තර සංගොමේ සබාපති පාදඩඩෙණිය මහතා පෙන්වා දී ඇත. ඊට පිළියමක් වශයෙන් බොත්තමක් තද කලවිට යාන්ත්‍රික අතක් එලියටවිත් මහජනයාට අත වනන තාක්සණයක් අඩංගු රථයක් නිපදවා සිරී ලම්කාවට එවීමට රේන්ජ් රෝවර් කොම්පැනියට ඇනවුම් කීරිමට අවස්ය කටයුතු කෙරෙමින් පවතින බව ජනාපෙති මාජ්ජිය පොරකාසක මහතා පැවසීය..

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...

****************************************

මේ අතර නාගධාතු සාමග්‍රී දර්ම සංග සබාව පසුගියදා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ මහජනතාවට අත වනමින් අදිවේගී මාර්ගයේ එතුමා කල මේ සංචාරයට උපහාර ලෙස "අදිවේගීමාර්ගාදීස්වර හස්ත මෝචන ගවුරාවාබිදාන" නම්බුනාමය එතුමා වෙත පිලිගැන්වීමට තමන් අදහස් කරන බවයි...

ටං...ටිං...ටුං... ආර්.ආර්. ඒ. විරුවා......එම්.බී.පී. සැමදා...


18 comments:

  1. යන උන්දලටත් අපි ටටා පාර නෙව දාන්නෙ. ඒ හින්ද සෑර්ට යන්ට කියල මිනිස්සු ටටා පාරවල් දැම්මවත්ද

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියෙනවා නෙවෙන්නං බොලේ!

      Delete
    2. නමියගෙ වීදිය,

      බොලේ හැබෑට..ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට.. :)

      Delete
  2. වනන්න අතක් හරි ඉතුරු උනේ .......


    හස්ත මෝචන කියන එකේ වෙන මොකක්හරි සැඟවුනු අර්ථයක් තියෙනව වගේ දැනෙනව මට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නටත් හිතෙන ඒවා....

      Delete
    2. ප්‍රසන්න,

      ආය එතන ඇති හැංගිච්ච කෙහෙම්මලක් නෑ බොල.... :)

      Delete
  3. මේවා දැකල............
    පන පලයන් ලබන සුමානේ
    https://www.youtube.com/watch?v=iMpIAaT-5eo

    ReplyDelete
    Replies
    1. Earn with PM,

      පණ පලයං පෙරේදා කියලත් මම අහල තියනව...

      Delete
  4. සාපේක්ෂව අඩු ආත්ම අභිමානයක් (self esteem) තියෙන, ඒවගේම තමන්ගෙ දක්ෂතා හෝ හැකියාවන් මත self esteem එක ඇති කරගන්නවා වෙනුවට බාහිර සාධක (උදා. දෙදාස් පන්සීය ඉතිහාසය) මත විතරක් යැපෙන ජනතාව බහුතරයක් ඉන්න රටක දේශපාලකයින්ට මිනිස්සුන්ගෙ හැගීම් manipulate කරන්න හරිම ලේසියි. සෑර් කෙනෙක් ටටා කිව්වොත්, පිට තට්ටු කරලා කොහොමද ඇහුවොත්, ළමයෙක් වඩා ගත්තොත් තමන්ගෙ තත්වෙ ඉහල ගියා කියල හිතන්නෙ.

    හුඟක් දෙනෙක් දැකලා ඇති යූටියුබ් වල ඕස්ට්‍රලියාවේ අගමැති ScoMo මහතා ඔයවගේ යම් රාජකාරි වැඩ වගයක් ඉවර කරලා මාධ්‍ය වාර්තාකාරයින්ට යම් update එකක් දෙනවා. වැඩිය හිතන්නෙ නැතුව ඒගොල්ලො ඔක්කොම ඒවෙලාවෙ ඉන්නෙ ඒ ලඟ ගෙදරක lawn එකේ. ගෙදර අයිති කාරයා ටීවී එකේ නිව්ස් බලද්දි දකින්න ඇති රටේ අගමැති සහ මාධ්‍ය වාර්තාකරයින් ටික ඔහු එලියට ඇවිල්ලා කියනවා කරුනාකර මගේ lawn එකෙන් ඉවත් වෙන්න, මම ඊයෙ තමයි ඔතන බීජ පැල කලේ කියලා ලංකාවේ එහෙම වුනානම් ගෙදර අයිති කාරයින්, බල්ලො පූසො ඇතුලු අසල්වැසි ජනතාවම ඇවිල්ලා වැඳ වැටෙයි සැර්ට. සංස්කෘතිය, ආගන්තුක සත්කාරය වගේ වචන දාල සාධාරණීය කලත් එතන තියෙන්නෙ නිවට කම.

    ReplyDelete
    Replies
    1. Lotus,

      අපේ ඔය තියන බයාදුකම මට හිතෙන්නෙ අවුරුදු 2500 ඉඳලම පැවත එන එකක්...

      Delete
  5. ඒක දැක්කහම මටත් හිතුන ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියල. බොරු ලියල පව් සිද්ධ කරගන්ට එපා ඕන්
    😆

    ReplyDelete
    Replies
    1. Ajith,

      අන්න ඒකනෙ..එංගලන්තෙ කොයින්ද ඔය වගෙ ආතල්..අර පොඩි සොමියක් ගත්තයි කියල බොරිසව මරාගෙන කන්න හදනව..කැචයි හොන්ජේ...

      Delete
  6. මම වැඩ කරපු සයිට් එකකට, ඒ පැත්තෙන් යන ගමන් වර්තමාන අගමැති (ඒ කාලේ ජනාධිපති) ඇවිත් ගියා ඉතාම පොඩි වෙලාවකට.
    ඒ වෙලාවේ සයිට් එකේ කට්ටිය හැසිරුණු හැටි මතක් වුණා මේ ෆොටෝ එක දැක්කම. හම දිලිසෙන හැටි, ප්‍රතාපවත් බව දැකල කට්ටියගෙ බඩත් පිරිලා තිබුණ.
    මේ කාලෙත් කෑම මිල අධිකයි නේ. ඒ නිසා හොඳයි. :)

    ReplyDelete
    Replies
    1. ඒක් මානවී,

      ඔව්වැයෙ හැටි ඔහොම තමයි..ඔය මළ විකාර හින්ද තමයි දේසපාලුවො ඇඳගන්නෙ..හැබැයි දැන් තත්වෙ ටික ටික වෙනස් වෙනව..

      මේ ඊයෙ පෙරේද දැක්කද ගොඩහෑවා ගොයිය බස් එකකට නැඟල මිනිස්සු ඉංග්‍රීසියෙනුයි සිංහලනුයි දෙකෙම්ම බනිනව..

      එතනනම් බණින්නෙ ආණ්ඩුවෙ වැරදි ගැන කියල නෙවෙයි..මේ තමුසෙ ගොන් පාට් දාල බස් එකට නැඟල බස් එක පරක්කු කරන්ට එපා අයිසෙ කියල..

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...