Tuesday, April 4, 2023

685. බෝ මලුවේ මල් සුවඳක පැටලී.....

මට එතකොට වයස 10 හෝ එකොළහක් වගේ ඇති...කෑගල්ලෙ අපි හිටියෙ අප්පච්චිට හම්බවෙච්චි කච්චේරි නිල නිවාසවල..කච්චේරිය පහුකරල පොඩ්ඩක් උඩහට යනකොට හම්බවෙනව තානායම..නැත්තං කවුරුත් කියන විදිහට රෙට්ටවුස් එක..එතනින්  පාර දෙකට බෙදෙනව..වම් පැත්තෙ පාර කුරුඳුහින්න හරහා නිල්වක්කට..ඒ පාරෙ ගියහම සියඹලාපිටිය පැත්තෙන් ආපහු කෑගල්ල ටවුමට එන්නත් පුලුවෙනි..දැං ඔය කීල්ස් එක තියෙන්නෙ අන්න එතනින් තමයි කොළඹ - නුවට පාරට වැටෙන්නෙ..ඕපන් යුනිවකුටි එක එහෙම තියෙන්නෙත් 

ඒ කාලෙ..මම ඔය කියන කාලෙ කීල්ස්, ඕපන් යුනිවකුටි මොකවත්ම තිබුනෙ නෑ..දැන් කීල්ස් එක තියන තැන තිබ්බෙ විසාල කුඹුරු යායක්..එතනම උඩහින් තිබ්බෙ මිරන්ඩාස් රටබීම හල..ඒකෙ යට තට්ටුවෙ තිබ්බෙ බේකරියක්..ඒ කාලෙ සමගි පෙරමුණු ආණ්ඩුවෙ ආහාර සලාක ක්‍රමය හින්ද පාන් එහෙමත් දුන්නෙ කාඩ් එකට..අපේ පවුලෙ අම්මයි අප්පච්චියි මායි නංගිල දෙන්නයි ඔක්කොම පස් දෙනයි..ඊගාවට Extended Family නොහොත් විස්තීර්ණ පවුලේ සාමාජිකයින් හැටියට හිටිය අම්මගෙ අම්මා නොහොත් මගේ අත්තම්මා සහ අම්මගෙ වැඩිමහලු සහෝදරයෙක් අවිවාහක..නම හීන් බණ්ඩා අතපත්තු..අම්මගෙ මුල් නම අතපත්තු...

ඉතිං පවුලේ සාමාජිකයින් ගණන අනුව අපිට සතියට දවස් තුනක්ද කොහෙද පාන් රාත්තල් 4 වගෙ ගාණක් හම්බ උනා..තඩි වේවැල් කූඩෙත් කරේ තියාගෙන (ඔය මම කියන්නෙ සිලි සිලි බෑග් බාවිතාවට එන්ට අවුරුදු දහයක් පහලොවක් තරම කලියෙං අතීතයක් ගැන..හොඳෙයි?) මම තමයි පොලීසිය ගාවින් කන්ද බැහැගෙන ඇවිල්ල පාං අරං යන්නෙ..කාඩ් එකේ අදාල දිනේ  පාං කඩේ පාන් දෙන මනුස්සය ලව්ව කතිරෙකිං කප්පවගෙන පාන් රාත්තල් 4 අරගෙන ආපහු මම ගෙදර යන්නෙ ආය නෑ කේරලේ ආක්‍රමණය කරල සොලීන් විසිදාහකුත් අල්ලගෙන ආපහු ලක්බිමට සැපත්වන ගජබාහු නරේන්ද්‍රයා වාගෙ..ඔන්න කොටිම්ම..

හරි හරි..ට්‍රැක් පැන්නා නොහොත් පඳුරු තැලුව ඔය මදැයි..ආපහු එමු කතාවට..යලි මග වෙත..යලි මග වෙත කියන්නෙ ගුණදාස අමරසේකර තමංගෙ  ජීවිත කතාව ලියපු  (සොයං ලිකිත චරිතාපදාන එව්වට කියන්නෙ)..පොත් 12 හෝ 13 කින් සමන්විත සීරිස් එකේ එක පොතක්..ගමනක මුල තමයි මුල්ම කතාව..මා ගාව තියනව සෙට් එකම කූරියර් කරල ගෙන්නගෙන... තවම කියවන්ට නම් බැරි උනා..කොහෙද මේ එකක් කියලය වැඩ..

හරි හරි ආපහු ප්‍රස්තුතයට..මම කලින් කිව්වනෙ අපි ඒ දවස්වල හිටියෙ නගොල්ලෙ ආණ්ඩුවෙ ක්වාටර්ස්වලය කියල..ඒ කාලෙ කෑගල්ල මන්ත්‍රී ඒ වගේම නාවික සහ සංචාරක ඇමති කළුගල්ල ලොක්කගෙ ගෙදර තිබ්බෙත් ඔය අපි හිටපු කිට්ටුවම..

මිනිහට තිබ්බෙ ලා නිල් පාට හෝල්ඩන් හරි හම්බර් හරි කාර් එකක්..අප්පටසිරි පාරෙන් එකයි ඒ කාර් එක..කලුගල්ල උන්නැහැගෙ ගෙදරට යන පටු පාරෙ යද්දි එහෙම ඔය කාර් එක ඉස්සරහට ආවොත් අපිට වෙන්නෙ පාර දෙපැත්තෙ ඉලුක් මානා එහෙම තලාගෙන කැලේ පනින්ට..

ඔය කළුගල්ල ලොක්කගෙ ගෙදරට යන පාර කිට්ටුවම තිබ්බ ඒ කාලෙ කෑගල්ලෙ ෂ්වෙප්ස් බීම ඒජන්ට්ගෙ ගෙදර..Schweppes  බීම මතකද? ටොනික් වෝටර්, සෝඩා එතකොට ඔරේන්ජ් ජූස් එහෙම තිබ්බ..හැබැයි මම දන්න විදිහට ඒ බීම ඒ කාලෙ මාකට් එකේ තිබ්බෙ නෑ..සාමාන්‍ය මිනිස්සුන්ට ගන්ට තිබ්බෙ අලියා බීම සහ සිංහයා බීම ( පියෝ බෙවරේජස් ) විතරයි..මම හිතන්නෙ ඔය ෂ්වෙප්ස් බීම දැම්මෙ රෙස්ට් හවුස් හෝටල් වගෙ එව්වට විතරයි..

හරි හරි ඉතිං කතාව මේකයි..ඔය ෂ්වෙප්ස් ගබඩාව ඉස්සරහ තිබ්බ එයාලගෙ ලොරි පාක් කරන්ඩ සෑහෙන ඉඩක් වෙන කරල..ඔක්කොම තිබ්බෙ ඔස්ටින් ලොරි..අර ඉස්සරහ මූන දත් විලිස්සගෙන හිනාවෙනව වගෙ තියෙන්නෙ...අන්න ඒ ලොරි..

ඔය ලොරි පාක් කලේ එයාලගෙ ගෙදර ඉස්සරහ පාර අයිනෙ අක්කර කාලක විතර ලොකු ඉඩං කෑල්ලක..උදේම ලොරි ඩිලිවරි යන හින්ද දවල් දවසෙ ඒ කෑල්ල හිස්..ක්‍රිකට් ගහන්ට මරු පොට් එක..අපි ඔය අහල පහල කොල්ලො කුරුට්ටො ඔතන තමයි ක්‍රිකට් ගහන්නෙ..ෂ්වෙප්ස් ගෙදර අයගෙං බාධාවක් තිබ්බෙත් නෑ..අනික ගෙදර ටිකක් විතර ඉඩමෙ පස්සට වෙන්ට තිබ්බ හින්ද ජනෙල් දොරවල් වලට එහෙම අලාබ හානි වෙන්ට තියන හැකියාවත් අවමයි..

******************************************

හරි කතාව ඉවර නෑ..ඒත් අදට මෙතෙකින් නවත්වන්න වෙනව..ඒ මොකද කිව්වොත් හෙට තියනව අර මධ්‍යකාලීන බ්ලොග් කරුවන්ගෙද කාගෙද මන්දා සුවඳ හමුවක්..

දැං ඔය වස්සප් ගූප් එක හදාගෙන සුවඳ හමු 3ක්ම තිබ්බනෙ..මම දෙකකට සාබාගි උනා..ඕකෙ පරමාර්තය උනේ බොලොග් ලිවීම නඟා සිටුවීම නොහොත්  ලාංකේය වියුණු කලාවේ පුනර්ජීවනය..ඒ කියන්නෙ ආයමත් පාරක් බ්ලොග් ලිවීම පස්ස පැත්තට පැස්ටෝල් ගහල හරි නග්ගවලා  ගන්න එක..

ඉතිං මගෙ කල්පනාවෙ හැටියට ඕකට කොරන්ට ඕන සුවඳ හමු තිය තිය කාල බීල නාන එක නෙවෙයි..යකෝ බ්ලොග් ලිවිල්ල නග්ගා හිටුවන්ඩ නම් තියෙන්නෙ බ්ලොග් ලියන එක..සරලයි සුගමයි..

එහෙම කිව්වට ඉතිං ඔය පොඩි සොමියක් ගන්න එකෙත් කිසිම වැරැද්දක් නෑ..ඒකත් කෙරෙන්න ඕන..

ඒ හින්ද මම හිතුව අවවාදයට වඩා අදර්ශය උතුම්ය කියලත් කියල තියන හින්ද හෙට බක් පෝදා සුහද හමුවට කලිං මොනවම හරි ලියල දාන්ට ඕනය කියල..ඒ ගමන තමයි මේ ටික ලිව්වෙ..තව කොටසක් ලියන්ට තියනව හොඳේ ළමයි? 

හරි එහෙනම්  දෙකහමාරෙ කෝච්චිය අල්ල ගන්ට තියනව හක්බෙල්ලාවක යන්ට..හෙට එහෙදි හමුවෙමු!

12 comments:

  1. හා එහෙනම් ගිහින් ඇවිත් ඉතුරු ටික ලියන්ටකෝ..

    ReplyDelete
    Replies
    1. Lalith,

      Thanks Lalith, will do..will do..

      Delete
  2. ඉක්මනටම ලියමි කිව්වත් එයා මෙයා
    එකෙන් නැවතිලානේ, නැහැ ආයෙ ලියා
    ලියපු අයත් වේගය අඩු කරපු නියා-
    වකිය මට පෙනෙන්නේ, රවි මහත්තයා!

    ReplyDelete
    Replies
    1. Nidi,

      නිදි,

      එහෙමෙහෙ පතබෑවුනු තැන් රිදෙන නිසා,
      ඊයෙ නිදාගත්තෙමි ආ විගස මෙයා,
      අදනම් ලියන එක ලියනව නොමැත සමා,
      කමු බොමු නාමු ඒ එක්කම ලියමු බොගා,

      Delete
  3. දැං සුවඳ හමුව ඉවරයිනෙ. කවදෑ ඊගාව කොටහ ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      ප්‍රසන්න,

      දැම්මෙ ලියන්ට පටන් ගත්ත...කොකස යාවජීව සබාපතිතුමා ඔබ හමුවීම බොහෝම සතුටක්..

      Delete
  4. අර්ර්ර්ර්රෙහ්! වාහ්! වාහ් ‌මෙරෙ භයියාහ්!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      යකෝ ඔපිස් වෙලාව නේද? රාජකාරිය කරල ඉඳහං ඉස්සෙල්ල...

      Delete
  5. //පාරෙන් එකයි ඒ කාර් එක// හෙහ් හේ 😂
    ආ.ද.ර්.ශ උතුම් කියල... ඔහේ කොහොමෙයි හරියටම කියන්නෙ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...