Wednesday, April 26, 2023

687. වික්ටෝරියා වේල්ලෙ වක්‍ර හැඩයට හේතුභූත වූ කරුණු කාරණා මතු පරපුරේ දැනගැනීම උදෙසා මෙසේ සටහන් කර තබම්හ..



Copied from a Face Book post by Samira Salinda Perera

/මේ ඔබ දකින්නේ කඩිනම් මහවැලි ව්යාපෘතිය යටතේ ඉදි කර ඇති වික්ටෝරියා වේල්ලයි. මෙහි ගුවන් ඡායාරූපය දකින ඔබට පේනෙවා මෙහි සිතාමතාම අතිමහත් මුදල් නාස්තියක් සිදු කර ඇති බව.

වැඩි ගඩොල්, සිමෙන්ති හා කම්බි මෙන්ම අමතර වැඩ දින යොදා ගැනීමෙන් පහසුවෙන් සෘජුව ඉදිකිරීමට හැකිව තිබූ බැම්ම වක්රාකාරව නිමකිරීමෙන් සිඳුවූ ජනතා මුදල් නාස්තිය අතිමහත්.

එමෙන්ම බැම්ම සෘජුව සෑදුවානම් ජලාශයේ ජල ධාරිතාවද වැඩිකර ගැනීමට හැකිව තිබු අතර එයින් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවූ විදුලිබල ශක්තියද කියා නිම කලනොහැකියි. දේශපාලකයන් සහ විශේෂඥයන් ජනතාව නොමග හැරිමේ රුසියන් බවට මීට වඩා සාධක කුමටද? මෙවැනි නාස්තියන් දකින විට අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ පෙරමග දුටු සුනිල් ශාන්ත වැනි කලාකරුවන් නිර්මාණය කල මෙම ගීතයයි.

වළාකුළින් බැස සමන් කුළත් වැඳ එලො බලා යනවා...
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා.../

End of copied post...

කාලෙන් කාලෙට මේ වික්ටෝරියා වේල්ලෙ වක්ර හැඩය විවේචනය කරන පෝස්ට් එක එලියට එනව..ඇත්තටම ඒ වේල්ල එහෙම හදපු එක වංචාවක් කරන්න වත් මෝඩකමටවත් කරපු දෙයක් නෙවෙයි..බොහොම ශාස්ත්රීය සහ තර්කානුකූල කරුණු හතක් මත පදනම් වෙලා ගත්තු තීරණයක් ඒ...

අනික අවුරුදු පාළහක් මහවැලියෙ වැඩ කරපු කෙනෙක් හැටියට මෙහෙම අබූත චෝදනා ඇහෙනකොට පපුව වාවන්නෙ නෑ..ඒ හින්ද මම කල්පනා කලා ඇත්තටම උනේ මොකක්ද කියල පැහැදිලි කිරීමක් කරන්ට..

හරි අපි ඒ කරුණු එකින් එක සළකලා බලමු...

1. දැං ඔය වේල්ල හදල වතුර පිරෙව්වම ඕකෙ ලූල්ලු, තෙප්පිලි කොරලි එහෙම බෝ වෙනවනෙ..වේල්ල තනි කෙලින් තිබ්බනං උං වේගෙං පීනගෙන ඇවිල්ල කෙලින්ම වේල්ලෙ වැදිල මැරෙනව..දැං වේල්ල වක්රාකාරව හදල තියන හින්ද වෙන්නෙ පීනගෙන ඇවිල්ල වැදුනට ලිස්සල පැත්තකට විසි වෙනව මිසක මැරෙන්නෙ නෑ..

2. ඔය වික්ටෝරියා වේල්ලට ආධාර දුන්නෙ එංගලන්තෙන්..වික්ටෝරියා කියන්නෙ අර පහුගියදා මැරිච්චි එළිසබෙත් අක්කගෙ සීයගෙ ආච්චි..ඉතිං එළිසබෙත් අක්කට ඕන උනා වික්ටෝරියා සිහිවෙන්ඩත් එක්ක ඔය වේල්ල V අකුරක හැඩේට හදන්ට..ඒ කාලෙ ලංකාවෙ ජනාපති ඇවිල්ල හිට ජේ.ආර්. ලොක්ක..උන්දැට ඕන උනා ඕක උන්දැගෙ නහයෙ හැඩේට හදන්ට..මිනිහගෙ නාහෙ හරි ෆේමස්නෙ..සීසර්ගෙත් නහය ඔය වගේ කියලත් කියනව..ගම්පොල පහුකරල නුවර එළියෙ යද්දි ලබුකැලේ වෙද මුල්ල හරියෙදි පේනව ජේ.ආර්.ගෙ නහයෙ හැඩේට පිහිටපු කන්දක්..ඒකට කියන්නෙත් පප්පගෙ නාහෙ කන්ද කියල.. හරි ඉතිං කොහොම හරි තමන්ට ඕන ඕන හැඩ වලට වේලි හදන්ට බෑනෙ..ඉංජිනේරු විද්යාව කියල එකකුත් තියනවනෙ..අන්තිමට කලේ ඉංජිනේරුවොත් එක්කත් කතා කරල පොඩි කොම්ප්රොමයිස් එකකට ආව..ඒ කියන්නෙ V අකුරත් නැතුව නාහෙත් නැතුව ඒ අතරමැද ඩිසයින් එකක් විදිහට ඔය දැං හදල තියෙන හැඩේ තෝරගත්ත..

3. ඔය වේල්ල කෙලින් එහෙම නැත්නම් සෘජු රේඛාවක් විදිහට හැදුවනම් දිග වෙන්නෙ උපරිම මීටර් 250 ක් විතර..එහෙම උනානම් පස්සෙ කාලෙක මහවැලි අධිකාරියට අලුත් අවුරුදු උත්සව එහෙම වේල්ල උඩ තියනකොට මීටර් 400 තරඟයක් එහෙම පවත්වන්ට අසීරු වෙනව.. ඔය වේල්ල වක්රාකාරව හදන්ට ඒකත් එක හේතුවක්..දැං ඒකෙ දිග මීටර් 500ක්..ඒ කියන්නෙ මීටර් 400 ධාවන තරඟයක් එහෙම බොහොම පසසුවෙන් පවත්වන්ට ඇහැකි වේල්ල උඩ...අන්න බලන්න අපේ මිනිස්සු කොච්චර අනාගතය ගැන හිතනවද කියල...

4. දැං ඔය මහවැලියෙ වැඩ කරන කට්ටිය නිතරම වගෙ පොඩි ආතල් එහෙම ගන්නව..රාජකාරි වෙලාවෙත් ඉතිං ඔය වැස්සක් වගෙ ආහම හීතල යන්ටත් එක්ක මොනව හරි ලාවට කරනව..එහෙම වෙලා ටිකක් වගෙ වැඩි උනහම කෙලිං ඇවිදින්ට බෑනෙ..ඉතිං ඔබ්වියස්ලි වේල්ල කෙලිං හදල තිබ්බනං එහෙම ඕකෙ ඇවිදින්ට ගිහිල්ල ඕකුං කෙලිම්ම දෙරි ගහනව විට්ටෝරියා ජලාසෙට..ආන්න එහෙම අහස පොලව නුහූලන අපරාදයක් වලක්ව ගන්ටත් එක්ක තමයි ඔය වේල්ල වක්රාකාරව හැදුවෙ..

5. පස්වෙනි කාරණේ මේකයි...දැං ඔය ඕනම ඉදිකිරීමක් පටංගන්ට කලිං එස්ටිමේට් එකක් නොහොත් ඇස්තමේන්තුවක් හදනවනෙ..ඒක කරන්නෙ ඉංජිනේරුවො නැත්නම් කොන්ටිටි සර්වේයර්ස්ල..රටේ හැම වේල්ලක්ම තනි කෙලින් හැදුවනම් එව්වට යන කොන්ක්රීට් ප්රමාණය හොයන එක වෙරි සිම්පල්..දිග x පළල x උස = පරිමාව..ඒත් මේ වගෙ වක්ර හැඩයෙ වේල්ලක් හැදුවම ඒකෙ පරිමාව හොයන එක ටිකක් සංකීර්ණයි..ආන්න එහෙම ඒ විෂයය ඉගෙන ගන්න ශිෂ්ය / ශිෂ්යාවන්ගෙ දැනුම සහ හැකියාව වර්ධනය කිරීමත් වික්ටෝරියා වේල්ල වක්රාකාරව හදන්ට තීරණය කරන්ට එක හේතුවක් උනා..

6. දැං රෑට ඔය වේල්ල දිගටම ෆ්ලෑෂ් ලයිට්ස් ඔන් කරල තියනවනෙ..ඔන්න වේල්ල දෙපැත්තෙම දිගටම ලයිට්ස් පත්තුවෙනකොට රෑ පානෙ ඔන්න හිතමු සිඩ්නි වල ඉඳල කටුනායකට ප්ලේන් එක බාන්ට යන පයිලට් කෙනෙක් වැරදිලා හිතන්ට පුලුවන් අඩේ මේ ලයිට් පේන්නෙ මේක තමයි කටුනායක රන්වේ එක කියල..එහෙම හිතල කොහොමද වේල්ල උඩට එයාක්රාෆ්ට් එක බෑවනම් එහෙම? මල ජංජාලයයි නේද? දැං වේල්ල වක්රාකාර හින්ද පයිලට්ලට එහෙම පැටලෙන්නෙ නෑ..ලෝකෙ කොහෙවත් වක්රාකාර රන්වේස් නැහැනෙ..මේක විහිලුවක් කියල හිතන්ට එපා..1974 අවුරුද්දෙ අර ඉන්දුනීසියාවෙ ඉඳල මක්කම වන්දනාවෙ යන්ට ගිහිල්ල සප්ත කන්යා කඳුවැටියෙ හැප්පිල ජීවිත 170ක්ද කොහෙද නැති උන ඇක්ස්ඩන්ට් එකේදිත් ඒ පයිලට් ලක්ෂපාන ජලාශයෙ ලයිට් දැකල ඒ කටුනායක කියල හිතල ප්ලේන් එක පාත් කලාය කියල ඒ කාලෙ පත්තර වල හිටං පලවුනා..හොඳද? (මේ මාටිනෙයාර් DC 8 ඇක්සිඩන්ට් සීන් එක මේක කියවන 90% ක් නම් දන්නෙ නෑ..ඒක ෂුවර්... 60 දශකයෙ ඉපදිච්චි අපි වගෙ නාකි ලොක්කො තමයි ඕක දන්නෙ..අර ඇන්ටන් ජෝන්ස් ඒ කාලෙ ඔය ගැන සින්දුවක් එහෙමත් කිව්ව..ආසයි බයයි ඒ බෝට්ටුවෙ නමයි..යලි නොම එන්නට ගිය ගමනයි..)

7. හත්වෙනි කාරනේ තමයි වැදගත්ම කාරනේ..ඔය වික්ටෝරියා වේල්ල වෘත්තයක චාපයක හැඩේටනෙ හදල තියෙන්නෙ..ඔය වෘත්තය සම්පූර්ණ කලොත් ඕකෙ කේන්ද්රයෙ තමයි දළඳා මාලිගාව පිහිටන්නෙ...කොහෙද ඔය සන්නසක කියල තිබ්බලු ඒ විදිහට මාලිගාව කේන්ද්ර වෙන විදිහට වටේටම වේලි හැදුවොත් රට බලා ඉද්දි සරුසාර වෙලා සශ්රීක වෙනවයි කියල..ජේ.ආර්. එහෙම වටේටම වේලි හදවන්ට තමයි හිටියෙ..කොහෙද ඊට කලිං ඒ මනුස්සයට ගෙදර යන්ට උනානෙ..අර ව්යවස්ථාව සංශෝධනය කරල තුන්වෙනි පාරටත් ජනාපෙති කමට ඉල්ලන්ට මිනිහ ට්රයි කලේ ඔය ප්රොෆසි එක සම්පූර්ණ කරන්ට..කොහෙද ඒකට එයාට චාන්ස් එකක් ආවෙ නෑනෙ..සම්ටයිම්ස් ඔය දෙකක් දාල සකෘදාගාමී තත්වයට පත්වෙලා ඉන්න වෙලාවට මට හිතෙනව යකෝ ඒ වැඩේ සම්පූර්න කරගන්ට බැරි වෙච්චි හින්දද දන්නෑ අපේ රට අද මේ තත්වයට පත්වෙලා තියෙන්නෙ කියල..

හරිනෙ එහෙනං..හැමෝන්ටම කොක් සුදක්සේ පැහැදිලියි නෙවද? වික්ටෝරියා වේල්ල වක්රාකාරයට හැදුවෙ වංචාවකටවත් ගැහිල්ලකටවත් නැත්නම් මෝඩ කමටවත් නෙවෙයි..ඔන්න ඔය කියපු කාරණා හත හින්ද..ඒ හින්ද කරුනාකරල මීට පස්සෙවත් මේ වගෙ කිසිම තේරුමක් නැති පෝස්ට් ලියල දාන්ට එපල්ල..

ඔබ සැමට ගෞරවයෙන්.... බුදු සරණයි!!!

පලි -

ආ අර හයවෙනි කාරණේදි මම කිව්ව සිංදුව පොඩ්ඩක් ප්රින්ටින් මිස්ටේක් එකක් උනා.."ආසයි බයයි..." සිංදුව ඇන්ටා කිව්වෙ ඔය ගුවන් අනතුර ගැන නෙවෙයි..නිල්වලා ගඟේ වෙසක් බලන්න ගිහිල්ල බෝට්ටුව පෙරලිලා වෙච්චි ඛේදවාචකයක් ගැන. ඒක උනේ මට මතක විදිහට 78 වගේ...

ගුවන් අනතුර ගැන එතුමා කිව්වෙ "කන්දෙ හැපුන මහ වනන්තරේ DC8 ගුවන් යන්තරේ..." සිංදුව..මට වෙලාවකට හිතෙනව අද මේ වෙන මිනීමැරුම්, අපරාද, අනතුරු වල හැටියට ජෝන්ස් මහත්තය අද හිටියනං එහෙම හැමදාම සිංදු හත අටක් පටිගත කරන්න ගිහිල්ල ඒ මහන්සියටම වල කජ්ජ ගහයි කියල..

පලි -

ආ..තව වැදගත්ම කතාවක් කියන්ට අමතක උනානෙ..ඔය වික්ටෝරියා වේල්ලෙ හැඩේ ඔහොම වෙන්ට ඇත්තම හේතු රාජ්‍ය රහසක් විදිහට ආරක්සා කරන්නෙයි කියල ඒ කාලෙ ආණ්ඩුවෙ ඉහලම තැන් වලින් නියෝගයක් ආව..Victoria's Secret කියලයි ඒ නියෝගයෙ මාතෘකාව තිබ්බෙ...

20 comments:

  1. What is the strongest dam shape?

    Arches
    Arches are one of the strongest shapes to support a force and a dam constructed in a concave manner will benefit from the strength of the 'arch' within it.

    ReplyDelete
  2. රවී කියල තියෙන හේතු නිසාම එක්සත් රාජධානියේ ඉදිකර ඇති මේ ආකාරයේ වේලි </a?

    ReplyDelete
  3. ආතතියට ඔරොත්තු නොදෙන වානේ , වානේ යෙදු කොන්ක්‍රීට නැති කාලයේ පවා සැදු ඉපැරණි රෝම පාලම් දිහා බලන්න. මේ ඔක්කොම ආරුක්කු පාලම් arach bridges. ආරුක්කු පාලමක බල සියල්ලම පාහේ තෙරපුම් හැටියට තමයි ක්‍රියා කරන්නේ. ඉපැරණි කාලයේ ආතතියට ඔරොත්තු දෙන දේවල දැනං හිටියේ නැති උනාට අධික තෙරපුමට compression ඔරොත්තු දෙන ගල්, කළු ගල් ඕන තරම් තිබ්බා.

    ශක්තිමත් පාදමක් ලාබා දිය හැකි ඕනෑම ස්ථානයක , ආරුක්කු හැඩය තමයි හොදම ස්ථායි ඉදිකිරීම. දැන් සිරස් අතට ඉදිකර ඇති ආරුක්කු පාලම වෙනිවට තිරස් අතට හරවා පැත්ත පෙරලා හිතන්න. එතකොට වික්ටෝරියා වේල්ල ඔබට ලැබෙවි. සිරස් බලයන් වෙනිවට වතුර නිස ලැබෙන තිරස් බල වලට මෙය ඔරොත්තු දෙන ඉතා ශක්තිමත් මෙන්ම , අමුද්‍රවය උපරිම ලෙස අඩු කල ඉදිකිරිමක් බව තේරේවි

    ReplyDelete
    Replies
    1. Dot,

      හොඳ පැහැදිලි කිරීමක්..ස්තූතියි බොහෝමත්ම..

      Delete
  4. අන්ජනං දේවි ඇවිදිල්ලා රහසේ
    කියා දුන්නු දේ ලියලා රවි සතොසේ
    හැංගුණු රහස් එළියට දානවට මෙසේ
    තැන්කියු රවී, තව ලියනවදෝ පස්සේ

    ReplyDelete
    Replies
    1. Nimal,

      ලියමු ලියමු තව පස්සේ,
      ලියමු ලියමු තව පස්සේ,
      ලියමු ලියමු තව පස්සේ,
      ලියමු ලියමු තව පස්සේ,

      PS - අංගම්මන සුමන වගෙ කවියක් මේක හොඳද? :)

      Delete
  5. னයි කයිද චූංපාං කිවුවලු. එතකොට වික්ටෝරියාස් සීක්‍රට් එකෙන් ආරක්ෂා කරන්නෙ රජාගෙ අහවල් එකද.

    ReplyDelete
    Replies
    1. සොරි, රජාගෙ නෙමෙයි රැජිනගෙ ලෙස නිවැරදි විය යුතුයැ.

      Delete
    2. Prasanna,

      අපේ රටේ නම් රැජිනගෙ අහවල් එක ආරක්සා කලේ මනිමේඛලාව...

      මුව මුක්තා ලතා පිපි හංසාන්ගනා
      විල් නෙළුමාසනෙන් ආ ළඳේ
      නුඹ භාග්‍යා සරෝජාවියේ
      ස්වර්ණා වර්ණා පැහැයෙන් දිළේ

      මා හද ප්‍රේමාංගනේ
      රෑ නුඹ රහසින් ළඳේ
      බඳ මණිමේඛලාව මුදා
      අනුරා නෙත් නගන් නොනිදා

      ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
      තනි වෙන්න යං පෙම් රසෝජාවේ
      රූ සිරු කල්‍යාණියේ
      මා සැතපෙන්නම් ප්‍රි‍යේ
      තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
      මනසානන්ද මන්දෝදරී

      රූ සිරු කල්‍යාණියේ
      මා සැතපෙන්නම් ප්‍රි‍යේ
      තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
      මනසානන්ද මන්දෝදරී

      හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
      හා හා ගයන් සෞම්‍ය සංගීතේ
      ඒ හිරු නොනගීවා
      රෑ තව දිගු වේවා
      ඔබෙ නළලේ සඳුන් තිලකේ
      අද ඉහිරේද දෙතොලින් මගේ

      ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා
      පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ මහතා
      සංගිතය - ආනන්ද පෙරේරා මහතා

      https://www.youtube.com/watch?v=dKboYO11kKM

      Delete
  6. Victoria's Secret... කියන්නෙ එකේ රහස දන්නෙ නැතූ තා පොඩ්ඩෙන් මැරෙන්නෙ 😂

    ReplyDelete
    Replies
    1. Namiya,

      අන්න ඒකනෙ කියන්නෙ...ඔය ඉඳල හිටල අපිව හම්බවෙච්චි වෙලාවට බොන්ඩ පොටෝ ගන්ඩම දඟලන්නෙ නැතුව ඔය වගෙ වැදගත් කාරණා කාරණා අපෙං අහල ඉගෙන ගනිල්ල..

      Delete
  7. ආාාාාන්න හරි.... ටිපිකල් රවි ලියවිලි.

    ටිපිකල් කියල මං කියන්නෙ, හේතු දෙකක් උඩ
    1. ඔය වගේ ඇත්ත ම ඇත්ත හේතු දැක්වීමක් කියවන්න වෙන්නෙ ඉතිං රවි අයියගෙම්ම තමා.
    2. අනික, අර රවි අයිය ගිනිගත්හේනෙ බස් හෝල්ට් එකේ තාම, හක්බෙල්ලාවක යන ගමං. උන්දැ ට හක්බෙල්ලාවක යන්ඩ තව මාස කීයක් යයි ද?

    ReplyDelete
    Replies
    1. Dracky,

      /අනික, අර රවි අයිය ගිනිගත්හේනෙ බස් හෝල්ට් එකේ තාම, හක්බෙල්ලාවක යන ගමං. උන්දැ ට හක්බෙල්ලාවක යන්ඩ තව මාස කීයක් යයි ද?/

      හරි හරි බං ඉවසල ඉඳහං...දැං බලපන් උබලගෙං වැඩක් කරගන්ඩ ඔපිස් එකට එන අසරණ අහිංසක මහජනතාව ඉවසන ඉවසිල්ල ගැන ටිකක් හිතල බලපං..ආං ඒ වගෙ ඉවසන්ඩ පුරුදු වෙයං..

      Delete
  8. ටිපිකල් රවි ලියවිලි x 2... බ්ලොග් හමුව පාට් 2 ඉක්මනින් ලියන්න ...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...