![]() |
"දිඹුලාගල වතුර මල" කියලා ගූගල් සර්ච් කලාම ආවෙ මේක.. එදා තිබ්බ වතුර මලම වැඩි දියුණු කරලද නැත්තං අලුත්ම එකක්ද කියල හිතාගන්න නම් බෑ ළමයි.... |
හරි ආයම සුමනෙගෙ කතාව අද එතැන් සිට...
අර මං කියපු බැකෝ ඔපරේටර් සමරයා මම හිටපු ක්වාටර්ස් එක පිටිපස්සෙං කටුකම්බි වැටේ පොටවල් දෙකක් උස්සල ගැටගහල කපොල්ලක් හදාගෙන තිබ්බ එතනිං පැනල ගම්මැද්දෙ තිබ්බ කසියා වාඩියකට යන්ට..
**************************
මගේ සටහන - කසියා දන්නවනෙ නේද? කසිප්පු, සුදුවා, හැලි අරක්කු, සීනි කරිඤ්ඤං කියල කියන්නෙත් එව්වටම තමයි..තව තියනව හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල කියල නම් කීපයකුත්..හැබැයි ඒ නම් කවුරුත් පාවිච්චි කරනව නම් මට ඇහිලා නෑ..
ඔය නම් මම අහුල ගත්තෙ සිසිර කුමාර මානික්ක ආරච්චි මහත්මයගෙ පොතකිං..ඉස්කෝලෙ පුස්තකාලෙං මම අරං ආවෙ...මට දැං පොතේ නම හරියටම මතක නෑ..මනෝසීල, මනෝජාජ්ජේ නැත්තං සිරි ලංකා ඉල්ලංකා වෙන්න ඇති..
කොහොම හරි මම ඔය නම් තිබ්බ පොත් කියෙව්වෙ අවුරුදු නමයක් දහයක් වගෙ කාලෙදි..ඒ කාලෙ ඉතිං ඔව්වගෙ බරක් පතලක් නොදැන මම ගෙදර එහාට මෙහාට යමිං එමිං ගමන "හිටපං මචං, සඟ ටොප්, ගල් බමුණා, මනෝසීල.." කියල කෑගහගෙන යනවා...මුලිං හිටපං මචං හෙමීට පටංගෙන වචනෙං වචනෙ ටික ටික සද්දෙ වැඩි කරල අන්තිමට මනෝසීල කෑල්ල කියන්නෙ යටිගිරියෙං..
දවසක් අප්පච්චි ඕක ඇහිල මට කතාකරල ඇහුවා "මොනවද කියලද ඔය කෑගහන්නෙ? කොහෙන්ද ඔය නම් ඉගෙන ගත්තෙ?" කියල..මම ඉතිං පොත ගෙනත් දුන්නා..අප්පච්චි පොත කියවල බලල කිව්වා "ආයම ඔය නම් කෑගහල කියන්ට එහෙම එපා.." කියල..ඒ ඇර "මොනවද මේ කියවන පොත්? ඔව්ව කියවන්ට එහෙම එපා..."..කියල සත්තමක් එහෙම දැම්මෙ නෑ..අපේ අප්පච්චි එහෙමයි..කිසිම දේකට තහංචි දාන්නෙ නෑ..
ආය මට අවුරුදු 14 වගෙ කාලෙ අප්පච්චිගෙ ඇඳයට තිබ්බ පරණ පොත් පෙට්ටියක තිබිල හම්බ උනා පරණ කාවො කාච්ච ඉංග්‍රීසි පොතක්..පිටු හැටක විතර ...නම ඇවිල්ල "Sex Before Six" මුලපිටුවෙ තිබ්බෙ බාගෙට හෙලුවෙං ඉන්නෙ කෙල්ලෙක්ගෙ රූපයක්..කතාව තිබ්බෙ හස්බන්ඩ් වැඩට ගියාම වයිෆ් වටේම ඉන්න පිරිමි එක්ක ලිංගික කාය කර්මයෙ යෙදෙන විදිහ විස්තර කරල..ඔය American Pulp Fiction කියන්නෙ අන්න ඒ ජාතියෙ පොතක්..
මගෙත් ඉතිං පස්පොල කලුවෙන කාලෙනෙ..(අර කොහාටද කිරි උණනව කියන්නෙත් ඒ තේරුමෙන්ම තමයි) පස්පොල කලුවෙන කතාව දන්නව නේද? ඔය කතාව මම අහුල ගත්තෙ කෑගල්ලෙ සෙන්ට් මේරීස් එකේ 7,8,9 පන්ති වලට අපිට ගණිතය උගන්නපු පුංචි නිළමේ සර්ගෙං.."ඔය ඔය ඉතිං පස්පොල වේගෙන එනකොට ඉන්ට බෑ..ඉන්ටම බෑ..." එහෙමයි ඒ සර් කියන්නෙ..පස්පොල කලු වෙනවයි කියන්නෙ යොවුන් වියට පැමිණෙනවා කියන එක..කලුවෙන පස්පොල තමයි උඩු තොල, කිහිලි දෙක, පපුව සහ කිරිපල්ල..
ඉතිං මගෙත් පස්පොල කලුවෙන කාලෙ හින්ද මම කරන්නෙ අප්පච්චි ඔෆිස් ගියාම අර පොත අරගෙන කියවල හෙමීට ආපහු පෙට්ටියට දාල තියන එක..කොහොමහරි අප්පච්චිට වැඩේ අහුවෙන්ට ඇති..ඔන්න දවසක් මම යවුමට ගිහිල්ල එනකොට ඒ පොත තියනව මගෙ මේසෙ උඩ..ඒ කියන්නෙ අප්පච්චි එහෙම තමයි මට නොකියා කිව්වෙ "තමුසෙගෙ වයසෙ හැටියට මේ වගෙ පොත් කියවන එකේ අවුලක් නෑ..කියවහං.." කියල..අන්න මල් තියල වඳින්ට ඕන අප්පච්චිල..හෙහ්..හෙහ්..
මගේ සටහන අවසානයි...හරි කසියා ගැන කියන්ට ගිහිල්ල මදැයි තලපු පඳුරු කැටිය..දන්නවනෙ එහෙම තමයි මගේ රචනා ශෛලිය නොහොත් ආඛ්‍යානය..ඒක අලුත් ෂානරයක්..මගෙ චිරාත් කාලීන පාඨකයො නම් සක්සුදක්සේ දන්නවනෙ..
සෝ මයි ඩියර් ගයිස් ඇන්ඩ් ගෑල්ස්..නව් ආෆ්ටර් දැට් ලිටිල් ඉන්ටලූඩ් ඔෆ් බීටිං අරවුන්ඩ් ද බුෂ් ලෙට්ස් ගෙට් බෑක් ටු ද මේන් ස්ටෝරි..මයික්‍රෆෝනය සුමනේට නැවතත්..
**************************************
ඉතිං සමරේ එදත් සුපුරුදුලෙස කසියා වාඩියට යන්ට අපේ ගෙදර පිටිපස්සෙං වැට පනින්ට ඇවිල්ල මම මිදුලෙ ඉන්නව දැකල මා ගාවට ආවා..ආ..මේක මේ ඉන්ටරෙස්ටිං ටිට්බිට් එකක්..සමරේ සෙට් උනා ඔය කසිප්පු වාඩිය කරපු එකාගෙ නංගිත් එක්ක..ඒ කරල දිඹුලාගලම බින්න බැස්සා..ඕකගෙ ගම දකුණෙ මේ වළස්මුල්ල පැත්තෙ....
"සර්..මම මේ සර්ව හම්බ වෙන්නමයි හිටියෙ.." සමරේ මා ලඟට ආවෙ එහෙම කියාගෙන..
ඒ කාලෙ මම බැඳපු අලුතනෙ අපේ භාර්යා තොමෝත් මා එක්ක ක්වාටර්ස් එකේමයි හිටියෙ..ඔය සමරයා කසියා ගහල හීනියට සිංදුවකුත් කියාගෙන ආපහු රෑ යාමෙ ඔතනිං වැට පැනල උංගෙ ඩෝමිටරි එකට යන එකට එයයිගෙ ඒ හැටි මනාපයක් තිබ්බෙ නෑ..
"මොන ජාතියෙ මිනිස්සුද දන්නෙ නෑනෙ ඔවුං..අනික බීලත් එක්ක.." එයයි එහෙමයි කිව්වෙ..
"නෑ..නෑ..බයවෙන්න එපා..උං ඔය කෑව බිව්වට හිත හොඳ කොල්ලො..උංගෙං වචනෙකිංවත් වැරැද්දක් වෙන්නෙ නෑ.." මම එහෙම කිව්වා..
පස්සෙ ඉතිං එයාටම තේරුණා කතාව් ඇත්ත කියලා..මේ වෙලාවෙ එතුමී කුස්සියෙ දොරෙං ඔලුව දාල බැලුවා..
"ආ සමරක්කොඩි ප්ලේන්ටියක්වත් හදන්න බොනවැයි?"
"එපා නෝනා..මේ වෙලාවට ඉතිං තේ බොන්න බෑ...." සමරේ ඔලුව පාත් කරල හිනාඋනා..
"හරි හරි බං මොකටද මාව හම්බ වෙන්න උන්නයි කිව්වෙ?"..මම ඇහුවා..
"මම අද මරු වැඩක් කලානෙ සර් "
"ඒ මොකද්ද බං ඒ මරු වැඩේ?"
"මම අර දිඹුලාගල පන්සලේ තියෙන්නෙ අර වතුර මල....."
"ඔව් ඉතිං?.."
" මම බැකෝ එක අරං ගිහිල්ල ඒක කඩල දැම්මනෙ.."
"ඈ? බොට අමු කැවිලද සමරේ? " මගෙ කටත් එක්ක ඇරුනා..යකෝ මූ දීයා කන්ට එපාය..
"නෑ..නෑ සර්..අහන්ටකො විස්තරේ..බීඑම් මහත්තයයි මට කිව්වෙ.."
" බීඑම් මහත්තය උඹට කිව්ව සමරේ ගිහිල්ල පන්සලේ වතුර මල කඩල දාන්ටෙයි කියල..ඒකද උඹ කියන්නෙ? "
"ඔව් සර්..නැතුව ඉතිං මයෙ හිතු මනාපෙට දිඹුලාගල පන්සලේ වතුර මල කඩල දාන්ට මගෙ ඔලුවෙ අමාරුවක් තියනවය?"
"ඒකත් ඇත්ත බලාගෙන ගියාම..ඉතිං වතුර මල කඩල දාල උඹ මොකෝ කලේ?"
" බීඑම් මහත්තය මට කිව්වා සමරේ එතන වට අඩි හතලිහක් වගෙ වෙන්ට වලකුත් හාරපංය කියල.."
"ඉතිං උඹ ඒකත් කලාද?"
" නැතුව? අපෙ ලොක්කනෙ එයා..එයා කිව්වම නොකර කොහොමද? "
මේ මනුස්සයට මොන යකෙක් වැහිලද මන්දා..ඒත් මොනව උනත් මූ ඉස්සරහ බීඑම්ව නෝන්ඩි කරන්ට බෑනෙ..
"හරි හරි බං..බීඑම් මහත්තය එහෙම කිව්වනං මොකක් හරි හොඳ හේතුවක් ඇතුවනෙ එහෙම කියන්ට ඇත්තෙ..මම හෙට බීඑම් මහත්තයාගෙංම අහන්නංකො.."
පහුවදා උදේම මම බයික් එකේ ගියා බං දිඹුලාගල පන්සලට..ඊයෙ රෑ සමරක්කොඩියා කිව්වෙ ඇත්තක්මද කියල සහසුද්දෙං දැනගන්ට එපාය බීඑම් ලොක්කා මුණගැහෙන්ට යන්ට ඉස්සෙල්ල..
යකෝ පන්සලට ගියාම මගෙ ඉහමොල රත් වුනා කියහංකො..මම එහෙම්මම බයික් එකේ ඉඳගෙනම කටත් බාගෙට ඇරගෙන බලා හිටිය මෙතන කරල තියෙන විනාසෙ දිහා..වතුර මලක් කියල හොයාගන්ටත් නෑ..ඒකෙ කොන්ක්‍රීට් කෑලි පැත්තක ගොඩ ගහල තිබ්බා..වතුර මල තිබිච්ච තැන සද්දන්ත කුලේ අලි පස්දෙනෙක් විතර එක පාර නාවන්ට පුලුවං තරමේ දඩ වලක්..වලක් කියන්නෙ පතහක්..
මොනව උනත් සමරයගෙ ගණං හිලව් නං හරියටම හරි....බීඑම් වට අඩි හතලිහක වලක් කපන්ඩෙයි කියලනෙ කිව්වයි කිව්වෙ..ඒ ගාන හරි..ඕනෙම නම් අඩි පහක හයක වගෙ දෝසයක් ඇති.,,ප්ලස් ඕ මයිනස්...ගැඹුරත් අඩි පහක් විතර ..පතහෙ දැනටම අඩි දෙකක් විතර වතුර පිරිල..කලිං තිබ්බ වතුර මලට වතුර අරං තිබ්බෙ කන්ද මුදුනෙ ඉඳං බට දාල..ඒ බට අරූ කඩල දැම්මට වතුර පාර තාම වැඩනෙ..
සමරක්කොඩියා ඊයෙ රෑ අරෙම කිව්වට මම හිතුවෙ නෑ මූ මෙහෙව් විනාසයක් කරල ඇතිය කියල..මම ඉතිං එහෙම්මම බයික් එක උඩ ඉඳගෙන කටත් ඇරගෙන බලා ඉන්දැද්දි දිඹුලාගල හාමුදුරුවො ආවාස ගෙයි ඇතුලෙ ඉඳල මිදුලට බැස්සෙ නැතැයි..මම ඉතිං හත් අට ගමනක් පන්සලට ඇවිල්ල එතකොට හාමුදුරුවො අපේ ඔෆිස් එකේ ඔය තියන පිංකම් වලට එහෙම ඇවිල්ල හාමුදුරුවො මාව හොඳටම අඳුනනව..
"ආ..මහත්තය..සමාවෙන්න ඕන..මට නමනම් අමතකයි මේ වෙලාවෙ.."
"මම සුමනසිරි අපෙ හමුදුරුවනේ.." මම බයික් එකෙං බැහැල හාමුදුරුවන්ට වැන්දා..
"හරි හරි සුමනසිරි මහත්තයා...ඔබතුමා මේ පාන්දරම ආවෙ වැඩ පටංගන්ටද? "
"ඒ කිව්වෙ අපෙ හාමුදුරුවනේ? මට තේරුනේ නෑනෙ.."
"නෑ මම මේ ඇහැව්වෙ අලුතෙං වතුර මලක් හදන එකේ වැඩ පටංගන්ටද යන්නෙ උදේ පාන්දරම කියලයි.."
"වතුර මලක්? කවුද වතුර මලක් හදන්නෙ? "
"ඇයි බීඑම් මහත්තයා නෙවෙයිද මහත්තයව එව්වෙ? කිව්වෙ නැද්ද විස්තරේ?"
"මොන විස්තරේද හාමුදුරුවනේ? "
"ඊයෙ බීඑම් මහත්තයා ආවනෙ මාව මුණ ගැහෙන්ට..ඒ ඇවිල්ල මොනවද එයා ගානෙ කෙරෙන්ට ඕන කියල ඇහුවම මම අනන්ත කිව්ව මොකවත් එහෙමට ඕනකමක් නෑ කියල..ඒ ගමන එයාමයි කිව්වෙ මෙතන කලිං තිබ්බ වතුර මල කඩල අයිං කරල විසාලෙට හොඳ වතුර මලක් එයයි ගානෙ හදවල දෙන්නංය කියල..මම ඒ ගමන කමක් නැතිය කිව්ව..පස්සෙ බීඑම් මහත්තය ගිහිල්ල පැයක් ගියෙ නෑ ඔය ඩෝසරයක් ඇවිදිල්ල අර තිබ්බ වතුර මල කඩල බිඳල දාල මෙතන මේ අලි වලකුත් හාරලා ගියා.."
"අප්පට සිරි.." මට හාමුදුරුවො ඉන්නව කියලවත් මතක නැතුව එහෙම කියවුනා කියපංකො..." මේ අපේ බීඑම් මහත්තය එහෙම පොරොන්දු උනාද?"
" නැතුව එහෙනං..මම ඒත් උන්දැට කිව්ව ගොයියෝ තව සති දෙහෙකිං වෙසක් පෝය..ඊට කලිං මේ වැඩේ එකලාසයක් වෙලා තියෙන්ට ඕන කියල.."
"හරි හරි අපේ හාමුදුරුවනෙ..බීඑම් ම්හත්තයා එහෙම කිව්වනම් ඒ මොකක් හරි වැඩ පිලිවෙලක් එතුමාගෙ හිතේ ඇති..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බවෙලා කතා කරන්නංකො මේ ගැන.."
"හරි මහත්තය ගිහිල්ල කතා කරන්නකො..හැබැයි සති දෙකයි ඔන්න ඈ..නැත්තං දන්නවනෙ මේ දිඹුලාගම සරණංකර කියන්නෙ කවුද කියල..යැංකි ඩිකී එවපු මැරයටත් කුඩෙං ගහල පන්න ගත්තු මිනිහෙක් මම.." හාමුදුරුවො එහෙම කිව්වෙ දබරැඟිල්ලත් උරුක් කරල..
"හරි අපේ හාමුදුරුවනේ..මම ගිහිල්ල බීඑම් මහත්තය හම්බ වෙන්නංකො.." මම හාමුදුරුවන්ට වැඳල විගහට එතනිං ආව එන්ට..
ඒ වෙනකොට වෙලාව උදේ හතටත් නෑ..අටට තමයි ඔෆිස් ටයිම්,,මේ වෙලාවෙ බීඑම් ලොක්කා ඇත්තෙ ක්වාටර්ස් එකේ..මගෙ ක්වාටර්ස් එකේ ඉඳල තව ගෙවල් හතරකට එහායිං බීඑම් ලොක්කා හිටියෙ..මම ගෙදර පෝටිකෝව යට බයික් එක නවත්තනකොටම මම එනකල් බලාඋන්නා වාගෙ බීඑම් මහත්තයා දොර ඇරගෙන ආවා..ටී ෂර්ට් එකකුයි ෂෝටකුයි ගහගෙන..
"ආ සුමනෙ ගුඩ් මෝනිං...මම මේ මගෙ උදේ එක්සසයිස් එකට දුවනවනෙ හැමදාම....ඉතිං දැං තමයි මේ දුවල ආවෙ.."
බීඑම් මහත්තයා එතනම පෝටිකෝවෙ එක්සසයිස් කරන්ට ගත්තා..වන් ටූ අප් කියල උඩ පැනල බිත්තියෙ ගහල තිබ්බ ලී පටියක් අල්ලනව...වන් ටූ ඩවුන් කියල නැමිල බිම අල්ලනව..ඒ ගමනුත් කතාව..
"සුමනෙ දන්නවද අද මම වන් කිලෝ මීටර් කම්ප්ලීට් කලා මිනිත්තු හයකින් විතර..යූ නෝ දැට්ස් නොට් බෑඩ් ෆෝ මයි ඒජ්.."
" ම්හ්ම්..වන් කිලෝ මීටර් නෙවෙයි ගම හරහා දිවීම ප්‍රැක්ටිස් කලානම් තමයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙන්නෙ හාමුදුරුවො පන්නං එනකොට ආත බූත කඩාගෙන දුවන්ට.." මම සුටු පුටු ගාලා කට ඇතුලෙම එහෙම කිව්වා..
"සුමනෙ මොකවත් කිව්වද? " බීඑම් මහත්තයා නැඟිටලා කෙලිං උනා..
"නෑ නෑ මම මොකවත් කිව්වෙ නෑ..ඒක නෙවෙයි බීඑම් මහත්තයා මම මේ එන්නෙ දිඹුලාගල පංසලට ගිහිල්ලා..."
"රායිට් වෙරි ගුඩ්.." බීඑම් මහත්තයා අන්තිම පාරට උඩ පැනලා අර ලී පටිය අල්ලලා අප්පුඩියකුත් ගැහුවා.."කොහොමද අපේ ඩෝසර් කොල්ලා වැඩේ නියමෙට කරලද? "
"වැඩේ නම් කරල තියනව ආය ටොප් ක්ලාස් එකට..වලක් හාරල තියනව අලි පස් හය දෙනෙක් නෑව්වැහැකි එක පාරට.."
"අන්න හරි බිගර් ද බෙටර්..වැඩේ විසාල වෙන තරමට තමයි හොඳ..අපේ නම පවතින්නෙ එතකොටනෙ.."
"නම නම් පවතියි තමයි මටත් හිතෙන්නෙ.." මම එහෙම කිව්වා නෙවෙයි ඇත්තම කිව්වොත් කියවුනා...
"ඇත්තටම බං දැං අවුරුදු හතළිහක් ගිහිල්ලත් අපි තවම ඒක ගැන කතාකරනවනෙ..ඒ කියන්නෙ බීඑම් මහත්තයා එදා කියපු නම පවතින කතාව සහතික ඇත්ත.." සුමනෙ ඒ ටික කිව්වෙ වර්තමානෙට ඒ කිව්වෙ අළුවිහාරෙට ඇවිල්ල අපි දෙන්නට..ඒ කිව්වෙ සේපාලටයි මටයි..
මතු සම්බන්ධයි ඈ...
දැන් නං රජෝ ඊළඟ ටික දැනගන්න
ReplyDeleteනෑ ඉවසිල්ල තුන්වැන්නත් කියවන්න
හැදුවද වතුර මල දෙසතියකින් ඔන්න
වැරදුණ හැඩයි වැඩ - වුණිදෝ ගම කන්න
නිමල්,
Deleteබොට වාගෙ කවි ලියන්ට බෑ බොල මට...
පමුණූගම නිමල,
පමුණූගම නිමල,
පමුණූගම නිමල,
පමුණූගම නිමල,
පමුණූගම නිමල,
උඹෙ XXXX XXX
(අංගම්මන සුමන ආශ්‍රයෙනී)
අර සිසිර කුමාර මාණික්කාරච්චි මහත්තයගෙ පොත 'සාගරයක් මැද අමන රටක් ඇත' කියන එකද?
ReplyDeleteකෞශල්‍ය,
Deleteහරියට මතක නෑ කොල්ලෝ..මානික්ක ලොක්කගෙ පොත් ඔක්කොම වගේ මම කියවලා තියනව..කෝකෙද කියල ෂුවර් නෑ.. :(
හෙක්.. ඔය කරල තියෙන්නෙ සමරය වැඩේ තිතටම.
ReplyDeleteකසිය ගැන අහගන්න ඕනනං හිස් අහසෙ සඳරුව තමයි හොඳම පොර.
මුල්ලපටස් කියන්නෙත් ඔය සබ්ජෙක්ට් එකටම තමයි.
https://hisahasa.blogspot.com/2010/11/blog-post_18.html
ප්‍රසන්න,
Deleteඒ පෝස්ට් එක ආයම කියෙව්වා..අපරාදෙ බං..ඕකට අහවල් දෙයක් උනාද මන්දා..ඒ කාලෙම මට මතක විදිහට බ්ලොග් ලියල අඳුන ගත්තු කවුද මන්දා ඕකව දේසපාලනේට ඇදල ගත්ත වගේ යම්තං මතකයි..
මුල්ල පටස් නම ආවෙ පස්සෙ කාලෙක..කසියා මහා පරිමාණ ව්‍යාපාරයක් වෙලා ට්‍රාන්ස්පෝට් කරන්ඩ ලේසියට පොලිතීන් පැකට් වල දාල එන්ඩ ගත්තට පස්සෙ..
එතකොට බොන්ට කලිං එක මුල්ලක් පාදගෙන අතිං හරි කටෙම්ම හරි කඩල දානවා.එතකොට එන පටස් සද්දෙං තමයි ඔය නම ආවෙ..
අවුලක් නෑ මල ටිකක් ලොකුවට හැදුවම පංසලට එන ඇත්තන්ට නාගෙනම ගියෑකිනෙ ඔය පැත්තෙ වතුරත් හිඟ එකේ.
ReplyDeleteප්‍රසන්න,
Deleteබීඑම් ලොක්කට එහෙම කියන්ට මතක් වෙන්ට නැතුව ඇති.. :)
1. යනු කී හෙයින් ?
ReplyDelete2. සාගරයක් මැද අමන රටක් ඇත?
ප්‍රා,
Deleteමතක නෑ..ප්‍රා..මානික්ක ආරච්චිගෙ පොත් හතර පහක ඵ්ඪ්F මගේ ගාව තිබ්බ..වෙලාවක හොයල බලන්ට ඕන..
අර ෆොටෝ එකේ තියෙන වතුර මල දැක්කම දිඹුලාගල ගිහින් ඒකට පැනල නාල එන්න හිතෙනවනෙ
ReplyDeleteපැතුමා,
Deleteඔව් බං මාර ආතල් එකක් ගත්තෑකි.. :)
ඔය සඟ ටොප් වචනේ මම ඉස්කෝලේ යන කාලේ අහල තියෙනවා . එහෙම කියන්න හේතුව මොකක් වෙන්න පුළුවන් ද
ReplyDeletePathum,
ReplyDeleteසඟ ටොප් කියල සර්ච් පාරක් දැම්මම මෙන්න යකෝ නමෝ විත්තියෙම්ම ආවෙ අපේ අභාවප්‍රාප්ත විචාරක තුමා ලියපු පෝස්ට් එකක් කියහල්ලකො..අවුරුදු දහයකට විතර කලිං පත්තර මල්ලි දුන්නු පාටියක් ගැන..ඒකෙ බොන්ඩ තිබ්බෙ මෙව්වලු..මේ ඔක්කොම කසියා වර්ග..
සීනි කරිඤ්ඤං
සඟ ටොප්
දෙහි සුදි
අල හොදි
හිටපං මචං
ගහපං මචං
බැටරි සුදිය
බොකු දිරාස්