මායි ඇයයි උපන්නේ එකම දවසේ. ඒත් ඇය මට වඩා බොහොම වැඩිමහල්. කොච්චර වැඩිමහල්ද කිව්වොත් අවුරුදු 31ක් ම මට වඩා වැඩිමහල්. ඉතිං ඒ වෙන කවුරුවත් නොවෙයි. ඇය මගේ අම්මා!!! මං ඉපදුනු දවසේ මගේ අම්මා අම්මා කෙනෙක් ලෙසින් ඉපදුනා. අම්මා අම්මා කෙනෙක් වුනු දවසේ මං ඉපැදුනා. ඉතිං අපි දෙන්නාම එකම දවසේ එකම මොහොතේ ඉපැදුනා.
ඉතිං මගේ අම්මා, මගේ අම්මාගේ අම්මාගේ කුසින් මෙලොව ඉපදිලා, ලබන සෙනසුරාදාට අවුරුදු 60ක් වෙනවා. ඒ අවුරුදු 60 බොහොම හැල හැප්පීම් බහුල වුනු යුගයක්. පුංචි කාලේ ඉඳන්ම ගෙදර බර කරට අරං ආව ඇයට පවුල් ජීවිතයේදීත් වැඩි බර කරට අරගන්න වුනා යැයි කිව්වොත් මං හරි. 1980 දි විවාහ දිවියට ඇතුළු වෙද්දී ඇයට අවුරුදු 29ක් වුනා. එයින් වසර දෙකකට පසුව මං ඉපැදුනා. තවත් වසර තුනකට පසුව මගේ මල්ලී. ඒත් ඔහු ඉපැදි දින තුනකින් අපව අත්හැර ගියා. එයින් වසරකට පසුව ලොකු නංගී. තවත් වසර දෙකකට පසුව චූටි නංගී. එයින් වසර දෙකකට පසුව තාත්තාගේ රැකියාව අහිමි වුනා. ඔන්න ඇගේ ජීවිතයේ මං දකින විදිහට තීරණාත්මක දේවල්. එවිට ඇගේ වයස අවුරුදු 39ක්. මට වයස අවුරුදු 8යි. නංගිලා දෙන්නාට අවුරුදු 4ක් සහ 2ක් වුනා.
රජයේ රැකියාවක නියුතු අම්මා අපිව ගොඩ නගන්න තාත්තා එක්ක හරි හරියට කටයුතු කෙරුවා. බොහොම විට ඇය ඇයට ඇඳුම් මිලදී ගත්තේම නැහැ. තාත්තා ගෙනැවිත් දුන්න මොකක් හෝ ඇඳගෙන ඇය රැකියාවට ගියා. අපට සුදු ගවුමේ ඉඳන් හැම ඇඳුමම ඇය සියතින්ම මසා නිම කරදුන්නා. වතුර මෝටර නැති යුගයේ ඒ ඇඳුම් සෝදා වේලා පිළයෙල කර දුන්නේ ඇය ඇගේ දෑතින් බඹතුනක් විතර ඇති ලිඳෙන් වතුර ඇදගෙනයි. ඒ විතරක් නොවේ. අපව නෑවීම, ගේ දොර වැඩකටයුතු ආදියට අවශ්‍ය වතුරත් ඇය සපයා ගත්තේ ඒ ලිඳෙනුයි. තාත්තාත් ඇයට සහයෝගය දුන්නා. දෙන්නා අතර රණ්ඩු සරුවල්ද නොතිබුනා නොවෙයි. තිබුනා. ඒත් අපේ ජීවිත ගලාගෙන ගියා. උදේ රැයින් අවදිවෙලා අම්මා අපට කෑම වේල් දෙකක් සකසා දුන්නා. අපි ඒවත් රැගෙන පාසල් ගියා. හවස පාසල් ඇරී අම්මාගේ කන්තෝරුවට. එයින් අනතුරුව අම්මා සමග දුම්රියෙන් ගෙදරට.
අපේ පාසල් වැඩ කටයුතු, ගෙදර වැඩ ආදිය සඳහා ඇයට යොමුවීමට කාලයක් නොතිබුනු තරම්. ඒත් පුළුවන් හැටියට ඇය ඒ කටයුතු කලා. මං දකින විදිහට ඇය අපේ කාලේ වීරවරියක්. පොඩ්ඩක් සැරයි තමයි. ඒත් ඇය වීරවරියක්.
මං හිතාගෙන ඉන්නේ ලබන සෙනසුරාදා වනතුරු හැමදාමත් අම්මා ගැන ලියැවිල්ලක් ලියන්නයි. මෙ ලියැවිල්ල මං හිතපු ආකාරයෙන් මට ලියා ගන්න බැරි වුනා. අම්මා අසනීපයෙන් ඉන්න නිසා මගේ හිත යම් පමණකට නොසන්සුන්. මං දැන් යා යුතු වෙනවා. මගේ අම්මාට සුවය පතන්න ඔබ හැම එකතු වන බව විශ්වාසයි.

සුවය ලැබෙවා !
ReplyDeleteඔයාගේ අම්මට උදාවන උපන්දිනය නිරෝගී, වාසනාවන්ත, දීර්ඝායුෂ ලැබෙන, සිත නිවී සැනහෙන, එකක් වේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteරන්,
ReplyDeleteඅම්මල ගැන කියන්න නම් වචන ප්‍රමාණවත් නැතිබවයි මගේ අවංක හැඟීම. මෙවර ලංකාවට ගිය වෙලේ මගේ අම්ම මා කුඩා කාලයේ සිදුවීම් මහ ගොඩක් රස කරමින් මා සහ මගේ බිරිඳ සමඟ පැවසුවා....ඈ ඒ පැවසුවේ අපමණ චමත්කාරයක් විඳිමින් බව කිසිම සැකයක් නෑ.
අනික් හැමකෙනෙකු වගේම අම්මලගෙත් දහසක් වැරදි තියෙන්ට පුළුවෙනි. පුදුමයක් නෙවෙයිනෙ. අම්මල කියන්නෙත් පෘථග්ජන මිනිස්සුනෙ. ඒත් ඒ හැමදේම නිශේධ වීමට අවශ්‍ය එකම එක කාරණයක් විතරයි. " මොනව උනත් ඒ මගේ අම්මා" - After all she is my mother, nothing matters anymore
ඔබගේ මවට ඉක්මන් සුවය පතන්නෙමි හදවතින්ම රන්,
අක්කාගේ අම්මාට ඉක්මන් සුවයත්, නිරෝගී බවෙන් හා සැනසුමෙන් පිරි දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteරන්දි අක්කා ටිකක් කලබලෙන් ලියපු ලිපියක් වගේ. අම්මට ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි....!!!!
ReplyDeleteඅම්මාට ඉක්මන් සුවය පතනවා . මගේ අම්මා සිහිවුනා
ReplyDeleteරන්දිල් නංගී ඔබේ මවට ඉක්මන් සුවය හා දීර්ගායුෂ පතනවා.
ReplyDeleteඅම්මාට ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteඅම්මාට ඉක්මන් සුවය වගේම දිර්ඝායුෂ පතනවා...
ReplyDeleteඅම්මාට ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteඔබ සැමට ම ස්තුතියි. අම්මාට කරන්නට තිබුණු පරීක්ෂණය ලබන සෙනසුරාදාට කල් දැමුනා. ඒ සඳහා ලබන සිකුරාදා දිනයේ ඇය රෝහල් ගත වෙනවා. බොහොම ස්තුතියි ඔබ සැමට අපේ අම්මාට සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න එක් වුනාට.
ReplyDelete