පහුගිය දවස් වල ලිව්ව ඒවා
82. මායි මගේ අම්මායි - මගේ දතයි
81.මායි මගේ අම්මායි - මග යද්දි වුනු දේවල් සහ තවත් දේවල්
80. මායි මගේ අම්මායි - විභාගත් පාස් කලා
79. මායි මගේ අම්මායි - මිලදී ගත් පැන්සල් පෙට්ටිය
කලින් පෝස්ට් එකකට කොමෙන්ට් කරන ගමන් බුද්ධි සිහිකරලා තිබුනා යමක්. ඒ ගැනත් යමක් නොලිව්වොත් ඒක මේ ලිපි පෙලට අඩු පාඩුවක්.
දන්නවානේ ඉතිං අම්මලා, මේ අපි ගොඩක් අයගේ අම්මලා අත දිගෑරලා ගුටි දෙන්න හොඳට දක්ෂ ව හිටපු අය කියලා තමයි මට හිතෙන්නේ. අපේ අම්මා නං ඒ අතින් ඉහලින්ම හිටියා. පචාන් පචාන් පචාන් සද්දෙට ගුටි කාලා, ඊටත් වඩා සද්දේට අඬද්දී, ඊටත් වඩා ගුටි කාපු කෙනෙක් හැටියට මට ඒක ස්ථිරයෙන්ම කියන්න පුළුවන්.
අපේ අම්මා කවදාවත් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගහලා නැහැ. බොහොම සන්සුන්, ඒත් තීරණාත්මකයි ඒ හඬ.
"ලොකු දුව මෙහෙට වරේරේරේන්. මාව ලඟට ගෙන්නන්න එපා. ගෙන්නුවොත් දන්නවානේ."
කුස්සියේ භාගේ දොරට අත තියලා, ඊට උඩින් පැනලා දිව්වාට මොකද, ඒ වෙලාවට නං කාන්දමට ඇදෙන යකඩේ වගේ තමයි අපි ඇදිලා යන්නේ. බිත්තිය දිගේ ඇදීගෙන, පැද්දි පැද්දී...........නහයෙන් අඬ අඬා.......... ඒත් ඉතිං අනේ පව් !!!! ලඟටම ගිහින් ගුටි කනවා.
"අනේ අම්මේ......... අමේ අම්මේ..........ආයේ කරන්නේ නැහැ..........." කිය කියා ගියාත් අම්මා නෙමෙයි නවතින්නේ, අතේ එකතු කරන් ඉන්න ගුටි ටික හිතේ හැටියට බෙදා හැරලාම තමයි අම්මා නවතින්නේ.
ඉතිං මෙහෙම ගුටි කන්න මං මොනවද කරපු වැරදි. (නංගිලා දෙන්නාටත් ඔය සෙතේම තමයි. ඒත් ඉතිං මගේ මාතෘකාව මායි මගේ අම්මායි නේ)
* අම්මලා වැඩට යනකම් ඉඳලා අහල පහළ ගෙවල් වලට ගිහින් ඒ ළමයි එක්ක සෙල්ලමට යෑම.
අම්මා මේ වැඩේට කොහොමවත්ම කැමති වුනේ නැහැ. ඒ දවස් වල මට එපා වෙලා හිටියා වුනාට දැන් වැටහෙනවා ඇයි ඇය ඒ ගමන් වැලැක්වුයේ යන්න. එහෙම ගෙදරකට ගිය වෙලාවක ඕනෑම විදිහේ අනතුරක් වෙන්න පුළුවන්නේ. මිනිස්සුන්ව විශ්වාස කරන්නේ කොහොමද?
වරක් ඔය වගේ අම්මලා එන බව දැක කැලේ පාරෙන් ගෙදර ඇවිත් අල්මාරිය එහා පැත්තේ තිබෙන පැදුර ඇතුලට වෙලා හැංගිලා හිටියාට හරි ගියේ නැහැ. පුංචි නැන්දා කිව්වා සියලුම විස්තරේ අකුරක් නෑර. එදා මාව බේරගන්න තාත්තාටවත් බැරි වුනානේ. මං දාන ගැලවිජ්ජා උපක්‍රම දැකලා අම්මාට යන්න ආපු හිනාව තදකරගෙන ඇය මට කොහොම ගැහැව්වද මන්දා................
* නංගිලා දෙදෙනාට ඒකාධිපති පාලනයක් බලපැවැත්වීමට උත්සහ දැරීම
ඉතිං මං අක්කානේ. ඒ දෙන්නාගේ කොණ්ඩයෙන් ඔසවා විසි කිරීමට, අතට අහු වෙන දේ වලින් ගැසීමට, ඔවුන්ගේ දේ අසා බැලීමෙන් තොරව භාවිතා කිරීමට අක්කා කෙනෙකු වශයෙන් ඇති මගේ අයිතිය සලකා කටයුතු කරන්න ගිය හැම වෙලේම අම්මාගේ ගුටි පූජාවෙන් පුද ලබන්නට මට සිද්ධ වුනා.
* නියපොතු කෑම
ඔය වැඩේ නං ඉතිං අම්මා කොච්චර තරවටු කරලත්, ගහලත් නවත්තා ගන්න නං බැරි වුනා. දැනුත් මේ නියපොත්තක් කකා ඉඳලා වතුර ටිකක් බිව්වා විතරයි.
*වැඩිහිටි අයගේ කථා මැදට පැන මගේ අදහස් පෑම
ඉතිං හද්දෙයියනේ එයාලා මහා මෝඩ කථා කියනකොට මං දන්න දේ කියන්නේ නැතුව ඉන්නේ කොහොමද?
*හොරකම් කිරීම
පුංචිකාලේ අම්මා කැටේට දාන්න සල්ලි දුන්නහම ඒ සල්ලි ටිකක් දාලා ටිකක් තියාගෙන හිටියා මං කඩෙන් කිරිටොපි කන්න. වැඩේ අහුවුනා. දුන්නා මට ගිය ආත්මේ යම් කිසි හොරකමක් කලා නං ඒකට දඬුවම් හැටියටත්, ආයේ අනාගතයේ කිසිම දිනෙක හොරකම් කරනවා තබා ඒ ගැන හිතන්න හිතෙන්නේ නැති වෙන්නටත් ප්‍රමාණවත් තරමේ ගුටි සංග්‍රහයක්. අදටත් බස් එකේ කොන්දොස්තරටවත් රුපියලක් හිඟ නොතියන මානසිකත්වය ඇති වුනේ ඒ සංග්‍රහ වල ප්‍රතිඵල හැටියට වෙන්න ඇති.
*පාඩම් උගන්වනවිට කිහිපවරක් උගන්වාත් වටහා නොගත් විට.
සමහර ගණන් තියෙනවා කොච්චර කියලා දුන්නත් නොතේරෙන. ඒ වෙලාවට නං අම්මාගේ මහන්සිය, විඩාව වගේ දේවල් එක්ක කේන්තිය එකතු වෙලා මගේ ඔළුව හිල්වෙන තරමේ ටොකු බවට පත් වෙනවා..........
ඉතිං ඔය වගේ දේවල් වලට කාපු ගුටි ප්‍රමාණේ මෙතෙකැයි කියන්න බැහැ. ඔය වැඩේ නතර වුනෙත් මං කරපු දෙයකින්මයි. අම්මා මට අවුරුදු 15 දී විතර දවසක් නංගියි මායි අතර ඇතිවුනු රණ්ඩුවකට, (මට මතක විදිහට වැරැද්දත් නංගීගේ) මට විතරක් දඬුවම් කලා. මටත් හිතා ගන්න බැරි විදිහට, එච්චර කල් හැම දඬුවම ම ඉවසපු මට ඒක දරා ගන්න බැරි වුනා.
"අම්මේ.... තව ගහන්න මට, තව ගහන්න.... ඇයි අම්මා බලං ඉන්නේ තව ගහන්න" කියමින් මම ඇගේ ඇඟේ එල්ලුනු බව මතකයි. ඒ වගේම අම්මා පුදුමයෙන් මං දිහා බලන් හිටපු හැටිත් මතකයි.
එදායින් පසු මගේ අම්මා මට ගැහැව්වේ නැහැ. මම එයින් පසු අම්මාගෙන් ගුටි කන වැඩ නොකලාද, කෙමෙන් කෙමෙන් තරුණ වියට පත්වන දරුවකුගේ මානසික ස්වභාවය ඇය වටහා ගත්තාද යන්න පැහැදිලි නොවුනත්, අම්මා වරින් වර ඔය සිද්ධිය අරඹයා කී දෙයක් නං මට මතකයි.
"අම්මෝ මෙයා එදා කියපු හැටියට මට පුදුම හිතුනා. බයත් හිතුනා. මයේ අම්මේ එදායින් පස්සේ හිතා ගත්තා ආයේම ගහන්නේ නැහැ, දැන් මෙයා පොඩි නැහැ. දැන් ගහලා බැනලා හදන වයස පැනලා නේද කියලා මට මතක් වුනෙත් ඔය වැඩේ වුනු දවසේ තමයි"

dan kale hadena kellanta 2k nodi bee..hadanna..hmm
ReplyDeleteමාත් ඔයා කිව්ව සමහර කාරණා වලට අම්මගෙන් ගුටි කාලා තියෙනවා
ReplyDelete1. නංගිට තර්ජනය කරලා පාට් දාන්න ගියහම
2. නියපොතු හපනකොට
3. මටත් ගණිතය විද්‍යාව දෙකම කියල දුන්නේ අම්ම . ඔය සමහර ගාණක් දෙකක් වැරදුනහම අනිනව ඔලුව හිල් වෙන්න
මාත් අන්තිමට අර ඔයා කිව්ව විදියට මට ඇතිවෙන්න ගහන්න කියලා නොහෙල්ල්ලී හිටිය එක දවසක් . ඒ උසස්පෙලට පාඩම් කරන කාලෙ .එදා අම්ම ගොඩක් බයවුණා .ඊට පස්සෙ ගැහුවේ නෑ
අම්මට විරුද්ධව ගහපු පලවෙනි කැරැල්ල තමයි අම්ම මැත්ස් කරන්න කියල බල කරද්දී මම මට ඕනෙ විෂයන් කිරීම . මම ඉතින් කියනදේ නොඅහ උපවාස එහෙමත් කරලා මගේ කැරැල්ල දිනුවා විබාගෙත් ගොඩ . මට ලොකු තරහක් තිබුණා කොහොමටත් අම්ම එක්ක ඔය කාලෙ . අර ගනන් හදනකොට ඔලුව හිල් වෙන්න දීපු ටොකු වලට . එකේ වලිය තමයි දැම්මෙ පස්සේ හි හී .
එයිනුත් පස්සේ ඉතින් අපි දෙන්නා ඔනේ තරම් වලි දාගෙන තියෙනවා මම අම්මට එරෙහිව කැරලිත් ගහල තියෙනවා මේ වෙනකන්ම . ඒක ඉතින් දෙමවුපියො දරුවො අතර පරම්පරා ගැටුමනේ .ඒත් කොහේ හරි දුරක ගියොත් කාට කතාකරන්නත් ඉස්සෙල්ල අම්මට කතා නොකලොත් මගේ හිතට හරි මදි . ඒක හැමදාම එහෙමයි .
ම්ම්ම්ම්ම් ම්හු...... අම්මගෙන් ඔහොම ගුටි කාලා නැ. මොකද අපේ අම්මා ප්‍රාථමික අංශයේ ගුරුවරියක් නිසා නිකමටවත් වැරදිලාවත් ළමයින්ට ගහනවා මං තවමත් දැකලා නැ. හැබැයි ඕන තරම් දැකලා තියනවා අනිත් අයගෙන් ගුටි කන වෙන පන්ති වල ළමයි පවා අපේ අම්මගේ සාරි පොටේ එල්ලිලා ඉන්නවා. සැර දානවා. අඩිරූලත් උස්සනවා. හැබැයි ගහන්නැ.
ReplyDeleteඅයියයි මායි රන්ඩු දාන් කෑගහද්දි අම්මා එනවා. ඒත් ඉතින් අම්මා ආවම කිසි රණ්ඩුවක් නෑ. මායි අයියයි කිරි පැණි අම්මගෙන්ම මොකටද ආවේ අහනවා වගේ තමා. ඉතින් කොහේ ගහන්නද. අම්මා හැරිලා යනවා. හික්ස්........
හැබෑටම මං අම්මගෙනුයි තාත්තගෙනුයි ගුටි කාලා නෑනේ. මං මේ කම්පනා කොලේ වැරදිලාවත් ඉස්කෝලෙදිවත් ගුටියක් කාලා නෑනේ......... බැනුම් නම් අහලා තියේ........ ආයෙම මතක් කරලා බලන්න ඕනා...........
හරි චණ්ඩියෙක් නේ. බයේ බැහැ. අදමයි මේ පැත්තේ ආවෙත්. ආයි නම් එන්නේම එන්නේම නැහැ :))
ReplyDeleteලිපි කියවපු, කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. පසුගිය සෙනසුරාදා අම්මාගේ උපන්දිනය යෙදුනා. කාලෙකට පස්සේ කිසිම උත්සවයක් නැතුව එය ගෙවුනා. එයට හේතු වුනේ අම්මා රෝහල් ගතව සිටීමයි. පසුදින ඇය නිවසට පැමිණි අතර ඊයේ රාත්‍රියේ අපගේ නිවසේ ඒ වෙනුවෙන් පුංචි සාදයක් පැවැත්වුවා. ලබන අවුරුද්දේත් මෙවැනි මතක සිහි කරමින් ලිපියක් දෙකක් ලියන්නට බලාපොරොත්තුවෙමින් මෙම ලිපි පෙළ අවසන් කරන්නට හිතුවා.
ReplyDelete