Inspired By - පොඩ්ඩිගෙන් ආදරණීය ඔබට
කසාද බැඳල සතියකුත් ගියා ඔන්න.......මෙච්චර දවස් නෑදෑයන්ගෙ යාලුවන්ගෙ ගෙවල් වලින්ම තමයි කෑවෙ බිව්වෙ, අද මම බැන්දට පස්සෙ මුලින්ම රස්සාවට යන දවස,
එයා මා එක්කලා යාලුවෙන කොටම කියාපු දෙයක් තමයි " ඔන්න මට උයන්ඩ නම් බෑ " මම එතකොට කිව්වෙ " අපොයි, ඒකට කමක් නෑ, මට උයන්ට පුලුවනි යස අගේට" කියල....
උදේම මම වැඩට යන්ට ලෑස්ති උනා,
" මේ අද මම දවල්ට කන්ට මොනව හරි ගෙනෙන්නම්......ඔයා මොනවටද කැමති කියන්නකො"
" අනේ එපා අනේ......මම අද උයන්නම්......"
" ඈ......ෂුවර්ද?........ඔයාට පුලුවන්ද?"
" බලන්ටකො පුලුවන්ද බැරිද කියල.......කලින් එන්න හොඳේ......"
මමත් ඔන්න කලින්ම ආපහු ආව.....ගෙදරට ඇතුල් වෙනකොටම එයා ආපි ඉස්සරහට දුවගෙන, ඒ කරල මගෙ පපුවෙ මූණ හංගගෙන අඩන්ට තියාගත්තෙ නැද්ද?
" මේ මොකද අනේ?......අඬන්ට එපා ඉතිං, කියන්ටකො උනේ මොකක්ද කියල,"
" අනේ ඔයා මට බනින්නෙ නෑ නේද?"
" නෑ....නෑ.....නෑ..... ඉතිං කියන්නකො...." මම කෝකටත් ඕනම දෙකට සූදානමින් පපුව පුරහම හුස්මක් කාරිය අරගෙන ඇහුව.
" මගේ අතිං බත රොස් උනා........"
" හරි, හරි, එන්නකො, මෙතනින් මා ළඟින් ඉඳගන්නකො......හරි දැන් කියන්න හොඳ ළමය වගෙ කොහොමද බත රොස් උනේ කියල,"
" ඔයා ඔය මා එක්ක තරහින් නෙවෙයි නේද?"
" පිස්සුද ළමයො, බත රොස් උනාට මම මොකටද ඉයා එක්ක තරහ වෙන්නෙ, අපි කඩෙන් මොනව හරි ගෙනත් කමු, ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..."
" ඔයා හරීම හොඳයි අනේ.......ඔයා මම හිතුවටත් වැඩිය හොඳ කෙනෙක්......බත රොස් උනේ කොහොමද දන්නවද?.......මම ඔයාගෙ අර අලුත් කළිසම අයන් කර කර හිටියෙ......ඒ අතරෙ බත ඉතුරුවා.......මම ඒක බලන්ට ගියේ අයන් එක කළිසම උඩ තියෙද්දි.......කළිසම පිච්චෙන කොට මම ආපහු එතනට දුවගෙන ආව....එතකොට තමා බත......"
" ඈ....මොකක් කිව්ව.......මගෙ අලුත් කලිසම......ඒක පිච්චුන?"
" ඔන්න ඔන්න අනේ ඔයාට තරහ යන්ඩයි එන්නෙ.......මට බයයි......"
දෙතුන් වරක් හොඳින් පපුව පුරා හුස්ම ඉහලට ගෙන හැකි තරම් වේලා රඳවාගෙන සිට සෙමින් පහළ හෙලන්න.
ආතතිය වළක්වා ගැනීමේ නොවරදින ප්‍රතිකර්මය මට සිහිපත් විය.....
" නෑ, නෑ, මට තරහ යන්නෙ නෑ, ඔයා කියන්නකො........."
" ඉතින් ආයෙ කියන්ඩ දෙයක් නෑ මෙයා.......කලිසම පිච්චුනා එච්චරයි,"
" හරි, හරි,කලිසම පිච්චුනා....ඒක ඉවරයිනෙ.......දැන් කොහොමද කලිසම පිච්චුනේ?.......ඔයා මොකද මේ හදිස්සියෙ ඒක අයන් කරන්ඩ ගියේ?"
" කලිසම අයන් කලේ ඒක තෙමිල තිබ්බ හින්දනෙ ළමයො......ඒකවත් තේරෙන්නෙ නැද්ද?"
"හරි දැන් මට කියන්න මගෙ අලුත් කලිසම තෙමුනෙ කොහොමද? "
" ඒක තෙමුනෙ නෑ.....මම ඒක තෙමුවා....."
" කරුණාකරල මට කියනවද ඒකට හේතුව?" මම කිව්වෙ බොහොමත්ම ඉවසීමෙන්.
" ඔන්න ඔයාට තරහ ගියා............" එයා කිව්වෙ යටි තොල අඟල් දෙකක් විතර එල්ලගෙන.......
රවී......ආයෙම පපුව පුරවල හොඳ හුස්මක් ගන්න........මම මටම කියාගෙන ඒ විදිහටම කලා........
" හරි, හරි, මම තරහ ගන්නෙ නෑ......ඉතින් කියන්නකො, ඇයි කලිසම තෙමුවෙ?"
" ඇයි අනේ ගින්නක් නිවන්ට පහසුම ක්‍රමය තෙත රෙද්දකින් වහන එකය කියල ඔයා දන්නෙ නැද්ද?'
" මොකක්?.......ගින්නක්,"
ඔන්න මගෙ බ්ලඩ් ප්‍රෙෂර් එක ආයෙම වැඩිවීගෙන එනව. අනිවා දැන්නම් 220/130. ආයෙ ඒකෙ දෙකක් නෑ.
පපුව පුරවල හුස්මක්.....හරි......හැකි තරම් කල් හුස්ම රඳවාගෙන සිට, සෙමින් පිට කරන්න........මෙසේ අවම වශයෙන් තෙවරක් කරන්න......හරි ප්‍රෙෂර් නෝමල්.....
මම එයාගෙ අත් දෙක අල්ල ගත්ත.....වචනෙන් වචනෙ හෙමිහිට උච්චාරණය කලා
" හරි....දැන්....කියන්න......ගිනි..... ගත්තෙ....... කොහෙද?"
" අනේ ඔන්න ඔයා ආයෙම තරහ වෙලා....."
" මේ මගෙ..........." මම කටට ආපු වචන සැට් එක ආයෙම ගිල ගත්ත.
නැවත ආතතිය වැළක්වීමේ ක්‍රියාදාමය.....මතකයිනෙ.....ආයෙම කියන්ට ඕන නැහැනෙ......
" නෑ...නෑ....තරහ ගියේ නෑ....ඉතින් කියන්න.....කොහෙද ගිනි ගත්තෙ?"
" මම උදේ මුලු හෙදරම අතුගෑව. ඒ කරල මකුළු දැල් පුච්චද්දි තමයි ගිනි ගත්තෙ,"
" මකුළු දැල් පුච්චද්දි?......ඒ මොකටද මකුළු දැල් පුච්චන්නෙ?"
" ඇයි අනේ මොනවද ඔයා දන්නෙ?මකුළු දැල් පිච්චුවම ආයෙම බැඳෙන්නෙ නෑ කවදාවත්.....අපෙ අම්ම මට කියල දුන්නෙ....."
හ්ම්ම්ම්ම්ම්ම්, අම්මත් නැතෑ ඉතිං දුව වගේම........මේ ටික මම හිතුව විතරයි.
" හරි හරි එව්ව ඇරිච්චාවෙකො, දැන් ගිනි ගත්තෙ කොහෙද කියන්නකො....."
" ඔයාගෙ පුස්තකාලෙ........" මගෙ පපුවට තුරුළු වෙන ගමන් එයා කිව්ව.
මගෙ පපුව එහෙම්මම නැවතුනා වගෙයි මට දැනුනෙ.......ප්‍රෙෂර් එක මැන්න නම් අනිවාර්යයෙන් ප්‍රෙෂර් මනින මීටර් එක පුපුරනව.............
විනාඩි එක පාළහක් විතර ගියා මට පියවි සිහියට එන්ට......ඒ මුළු කාලෙම එයා හිටියෙ මගෙ පපුවෙ මූණ හංගගෙන........
අන්තිමට මම දිගම දිග සුසුමක් පහලට හෙලල පපුවෙ බර හෑල්ලු කර කර ගෙන එහෙම ඇහුව......." පොත් කීයක් විතර පිච්චුනාද?"
" ඔක්කොම පිච්චුනා අනේ........." එයා කිව්වෙ ඇහෙන නෑහෙන හඬින්
"කමක් නෑ.....පොත් නම් ආයෙම ගන්ට බැරිය....ඒ වගේද මේ වාගෙ කෙල්ලෙක්......කෝටියකින් හොයාගන්ට බැහැ නෙව......" මම දිගම හුස්මක් ආයෙමත් පිටකරල හිත හදා ගත්ත.
True Love never dies, even when she sets fire to your library and you are being an incorrigible bibliophile - Author known

හප්පුච්චියේ, කලිසමයි බත් හැලියයි විතරක් නං මදෑ නේද? ඒකද දැන් පොත් ටික ඔක්කොම දේස දීපන්කරේ තියන් ඉන්නේ? :D
ReplyDeleteආදරේ ගින්නෙන් දවා අළු කරන්න පුළුවන්ද?
ReplyDeleteඇත්තම ඇත්ත ආදරේ ගැන කතාවක්. ලස්සනයි අයියා ලියා තියන විධිය.
කසාද බැඳල සතියකුත් ගියා ඔන්න.......මෙච්චර දවස් නෑදෑයන්ගෙ යාලුවන්ගෙ ගෙවල් වලින්ම තමයි කෑවෙ බිව්වෙ, අද මම බැන්දට පස්සෙ මුලින්ම රස්සාවට යන දවස,
ReplyDeleteහරි හොඳයි රවී තුමෝ, මට කියන්න ඇහැකිද, අද මෙහෙම දෙයක් වුනා නං ඔබ දෙදෙනාගේ හැසිරීම් මොන අයුරින් සිදු වේද? මට අදහස් දෙකක් තියෙනවා. මං කියන්නද ඒ දෙක.
1. අනේ මන්දා චන්ද්‍රා ඔයාට ඔච්චරටම කල්පනාවක් නැද්ද? මොනවද මේ කරන පිස්සු වැඩ. මගේ ජීවිතෙත් හරි ඔය පොත් කන්දරාවත් හරි................
(සමහරවිට ඊට පස්සේ) !@$$%^&*(වෙන්නත් පුළුවනි)
2. මොන මංගල්ලයක්ද? කොයි වෙලේ බැලුවත් පොත අතේ. මේ නෝනා කෙනෙක් ඉන්නවා කියලා කල්පනාවක්වත් තියේද? තේ එක ආසාවෙන් හදලා ගෙනැත් දුන්නත් ඇල්වෙලා, ඇල්මැරිලා, ඒක ඇතුලේ කූඹිත් මැරුණට පස්සේ තමයි තේ එක දිහා බලන්නේ, දැන් ඉතිං බලාගනියිනේ පොත්........... ආයේ එහෙම මේ පැත්ත පලාතේ පුස්තකාල හදන්න හිතනවා එහෙම නෙමෙයි හරිද? ඔන්න මං නොකිව්වැයි කියන්න එපා, ඔය වැඩේ ඉවර නං අර කාමරේ තියෙන අළුටික අස් කරලා දාන්ට...........
:D :D :D
හාපෝ උඹටත් නපුරු හීන පේන්න ගත්තද රවි අයියේ
ReplyDeleteඅනේ අම්මෝ.. කාලා හමාරයි කිව්වලු. දැන් ඉතින් හෙට පිච්චිච්ච කලිසමත් ඇඳගෙන, ඉතිරි වෙලා තියෙන පොතක පිටුවකින් බැඳපු රොස් වෙච්ච බත් පාර්සලයකුත් අරං ඔෆිස් යන එකයි ඇත්තේ ..
ReplyDeleteඔන්න ඕකට තමයි කියන්නේ 'ඇත්තම ඇත්ත ආදරේ' කියලා.
ReplyDeleteපොඩ්ඩි වගේම තවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දැනගත්ත හැටියේ පොඩ්ඩි හෙලපු සැනසුම් සුසුම් ඔයාලාටත් දැනුනානම්....හ්ම්ම්ම්......:D
ඔක්කොම ගිනිගත්තත් ආදරේ ගිනිගන්නෙ නැතිව බේරුනා ඇතිනෙ රවි අයියේ....
ReplyDeleteඅනේ අපොයි රවී අයියට (....අන්කල් ද දන්නෙත් නෑ හික් හික්) වෙච්ච දෙයක්! පුස්තකාලේ ද ආදරේ ද වටින්නේ හා??? කියමු බලන්න!!!
ReplyDeleteමල් හතයි තව එකයි.. උඹ බුදුවෙන්ටෝනැ රවි අයියෙ, දෙයියංපා.. ලෙසටම ලියලා තියෙනවා.. කියන්ට වදන් නෑ බොල.. :D
ReplyDeleteමදැයි! පුස්තකාලෙම පිච්චුන ගින්දර නිවන්න අරගෙනත් බේරිච්ච කලිසම අයන් එකට පිච්චුන එකනෙ වැඩේ! කලිසමේ කරුමෙද, ඒකෙ අයිතිකාරයගෙ කරුමෙද මන්දා. හරි ෂෝක් කතාව රවි අයියේ.
ReplyDeleteඒක නෙවෙයි, අජන්තට නිවාඩු දීලද? එයාට කියන්න විගහට කතාන්දරේ කියන්න කියලා.
RanDil ගේ අදහස් දෙක පට්ට... :D
ReplyDeleteබඳිනවනම් මෙන්න ගෑණු.කොහොමද මුලු ස්ටෝටියම ගානට කියපු හැටි.
ReplyDeleteඅම්මෝ ඔයින් ගියා මදැයි . හිනා වෙලා පන යනවා . ඊළඟ දවසේ ගේම පුච්චන්න ඉඩ තියෙනවා ඔය යන රේට් එකට .ඔන්න ළමයි බඳින්න කලින් රයිස් කුකර් එකක් අරන් තියන්න අත්‍යවශය භාණ්ඩ යටතේ කලිසමයි පොත් ටිකයි බේර ගන්න ඕන නම් .
ReplyDeleteගොං ගෑනු ගැනකියවෙන ආදර්ශමත් කතාවකි...
ReplyDeleteරවි අයියේ බය කරන්න එපා බං ! . ඔහොම කතා ලීවාම අපි කොහොමද බං හිත හදාගෙන කසාදයක් කරගන්නේ . අපරාදේ බං මම මේක බැලුවේ . මම කසාද නොබැඳ සදාකල් තනිවෙනවා බං .. ඒක සැපයි .
ReplyDeleteඅනේ බං මේම බය කරන්න එපා !!
කසාද ගිවිතෙත් හරියට ගිණි ගොඩක් මැද ඉන්නවා වගේනෙ.......පුරුදු වෙන්නත් එක්ක ඔය හොදා....
ReplyDelete@indi,
ReplyDeleteගොන් ගෑනු හහ්???? මේ වගේ අය හිටියේ නැත්නම් මේ කතාව ලියවෙන්නෙත් නෑ. රචකයා Inspire වෙන්නෙත් නෑ හොඳේ...:)
menna aththama aththa adare.....m wage twat kenek....lassanata liyala tyenwa... ela...
ReplyDeleteඅන්න බලන්න කොටස් වශයෙන් මහා විනාසයක් විස්තර කරන අපූරුව.
ReplyDeleteමයෙ පොත් රාක්කෙ ගිණිගත්තනම් ආයෙ දෙකක් නෑ මං $%&#^%(&@(&?>%#^
@ RanDil,
ReplyDelete/ ඒකද දැන් පොත් ටික ඔක්කොම දේස දීපන්කරේ තියන් ඉන්නේ? /
අන්න හරි, ඔය තේරිලා තියෙන්නෙ රහස.......හෙහ්, හෙහ්,....අනික මම දැන් ගන්නෙත් ඔක්කොම Fire Proof පොත්....
/ හරි හොඳයි රවී තුමෝ, මට කියන්න ඇහැකිද, අද මෙහෙම දෙයක් වුනා නං ඔබ දෙදෙනාගේ හැසිරීම් මොන අයුරින් සිදු වේද? මට අදහස් දෙකක් තියෙනවා. මං කියන්නද ඒ දෙක. /
1. මොකක්ද මේ කරපු වැඩේ හැබෑටම?......ඔච්චරම අවසිහියෙන් කොහොමෙයි වැඩ කොරන්නෙ?......මට නම් හිතෙන්නෙම මේක හිතලම කරපු වැඩක්........ඔයා කොහොමත් මගෙ පොත් කියවිල්ලට කැමැත්තකින් නෙවෙයි නෙව හිටියෙ එදා ඉඳම්ම......ඔයා ඉතින් පොතක් අතිං අල්ලන්නෙ මම කියව කියව ඉන්න පොතක් උදුරල වීසි කරන්ටම විතරයිනෙ,අනික් වැඩේ......මම ඒ දවස්වල ඉඳල ඔයට ලියපු කවි ඔක්කොම මම ෆයිල් කරල ඔය පොත් අස්සෙම තමයි තිබුනෙ....දැන් ඔන්න ඒ ටිකත් ඉවරයි.........
2. අනේ ඇත්තටම මේ වැඩේ කොහොම උනාද කියල මට හිතා ගන්න වත් බෑ. එක පාරටම ඇවිලිල ගිය හැටි.........මෙයා හිතනවද දන්නෙ නෑ මම මේක හිතලම කලයි කියල.........එහෙම හිතුවත් ඒකෙ වැරැද්දකුත් නෑ.එදා ඉඳම්ම මගෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නැහැ නෙව මේ පොත් කියවිල්ලට.....ඇයි දෙයියෝ සාක්කි, ඕනම දේක තියෙන්ඩ එපාය ක්‍රමයක්.......මේක, අලුත් පොතක් ගෙනාවොත් මේ මිනිහට කන්ඩ බොන්ඩ ඕනත් නෑ.........ඕක කියවල ඉවර වෙනකල් ඉන්නෙ බාගෙට ඔල්මොරොන්දන් වෙලා වගෙ, ........පොත් ඔක්කොම පිච්චුනය කියල මම කිව්වෙ බොරුවටනෙ.......පස්සෙ මෙයාගෙ වැඩ පිළිවෙල බලල හිමීට කියනව පොත් පිච්චුනෙ ටිකයි හුඟක් හරිය මම බේරගත්තය කියල........හෙට උදේ මෙයා වැඩට ගියපු ගමන්ම බලන්ට ඕන අර මට ලියපු කවි ෆයිල් එක තියනවද කියල............
@ priyantha,
ReplyDelete/ ආදරේ ගින්නෙන් දවා අළු කරන්න පුළුවන්ද? /
මොන පිස්සුද ප්‍රියන්ත මල්ලි, එහෙම කොහොමද?
ආදරේ දවා හළු කලමුත් අළු මතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියා මෙන් නැවත පෙර හුන් පරිදිම ඉපදේ.
ඔබේ පැසසුමට ස්තූතියි මල්ලි,
@ නිශ්,
ReplyDeleteඇත්තම තමයි මල්ලි, ඕක තමයි මට නම් හිතාගන්ට පුළුවන් නපුරුම හීනය.......
@ sameerausa,
ReplyDeleteමේ දවස්වල වැඩ වරුව නිසා බත් පාර්සලයක් නම් ඕන වෙන්නෙ නැතෝ......
@ Podi Kumarihami,
ReplyDelete/ ඔන්න ඕකට තමයි කියන්නේ 'ඇත්තම ඇත්ත ආදරේ' කියලා. /
හා,...එහෙමෙයි?......ඒකටෙයි ඔය ඇත්තම ඇත්ත ආදරේය කියල කියන්නෙ?.........හෙහ්, හෙහ්,
අම්මප පොඩ්ඩියෙ, උඹත් දන්න දේවල්........
එතකොට මගෙ කාලාන්තරයක් තිස්සෙ එකතු කොර ගත්තු පොත් ටික ගිණි තියන එක තමයි ඇත්තම ඇත්ත ආදරේ කියල කියන්නෙ........හෙහ්......මරු,
පොටෝ එකක් එවන්ට බැරිද පොඩ්ඩියෙ ඔය මූණු පොඩ්ඩ ටිකක් බලාගන්ට.......D...D...D
/ පොඩ්ඩි වගේම තවත් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දැනගත්ත හැටියේ පොඩ්ඩි හෙලපු සැනසුම් සුසුම් ඔයාලාටත් දැනුනානම්....හ්ම්ම්ම්......:D /
මමත් එහෙමමයි, හැබැයි එකම වෙනස මම හෙලුවෙ සැනසුම් සුසුමක් නම් නෙවෙයි...........මම මෙච්චර කාලයක් තිස්සෙ හිතාගෙන හිටියෙ මේ මොඩල් එකේ අම්මණ්ඩිල ඉන්නෙ මුන්දැ විතරමයි කියල........හෙහ්, හෙහ්,අර කතාවටත් කියන්නෙ....The God broke the mould after making her......so there are no more like her in this world.....she is unique.....A one and only, අන්න ඒ කොලිටි එකේ එක්කෙනෙක්......දැන් බලනකොට පොඩ්ඩිත් ඒ මෝල්ඩ් එකේමලු.......දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ......ඉතිං මොකදෑ මං කොරන්නෙ?
@ neetha,
ReplyDeleteඒ මදෑ, නීතො, හොඳටම...... නේද?.......හෙහ්, හෙහ්,
@ Maneka,
ReplyDeleteඔන්න ඔහෙ ඕන එකක් කියාපං බං......ඒකෙ ප්‍රශ්නයක් නෑ......හෙහ්, හෙහ්,
වටින්නෙ නම් ආදරේ තමයි.......ඒත් ආදරේ කරද්දි නිකමට වගෙ කියවන්ට පොතක් දෙකකුත් තිබුන නම් තමයි ආදරේ සර්ව සම්පූර්ණ වෙන්නෙ.......දැන් තේරුණය ඔය ළමයට?
@ Buratheno,
ReplyDelete/ උඹ බුදුවෙන්ටෝනැ රවි අයියෙ, /
බෝසතාණෝ නියත විවරණ ලැබුවෙ අම්ම දවස් හතක් කරතියාගෙන මහ මූදෙ පීනල අම්මගෙ ජීවිතේ බේරගත්තයින් පස්සෙ...."පුතේ, උඹ මතු බුදු වේවා" කියල, ඒ අතින් මම වාසනා වන්තයි.බොහොම ලේසියෙන් එක කතාවක් ලියල මට බූර මල්ලි දුන්න නෙව නියත විවරණ.....තැන්ක්යූ....මලේ තෑන්ක්යූ.....
එකල්හි ''ගින්නෙන් පන්නරය ලද ආදරය" නම්වූ අන්දරයක් රචනා කොට අන්තර් ජාලය නම්වූ විද්යුත් දත්ත රැස්කුරුවෙහි පළකල පිනින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබාගත යුතුවූ නියත විවරණය, බිරිතානි දේසයෙහි වෙසෙනා බුරතීනෝ නමින් දනන් තුඩ තුඩ රැව් දෙනා කීර්ති නාමයක් හිමිවූ ඒ කෙළෙඹි පුත්‍රයානෝ විසින් එකෙනෙහිම මවෙත ප්‍රදානය කිරීමට යෙදුනු වග සියලු දෙනා මෙයින් දැනගත යුත්තේය..............සිද්ධි රස්තු.
ස්තූතියි මල්ලි ඔබේ පැසසුමට.....
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteකොහෙද බොල ගිහිං හිටියෙ? ලෝං ටයිම් නෝ සී......හෙහ්, හෙහ්,
හරි, හරි, අජන්ත මේ දවස් වල කතාව ලියනව.....විජහට දාන්නම්......ස්තූතියි නංගි ප්‍රශංසාවට....
@ කස්සා,
ReplyDeleteසාදරයෙන් පිළිගනිමි කස්සා, ඉතිං.......ස්තූතියි ප්‍රතිචාරයට....
@ Bindi,
ReplyDeleteස්තූතියි බින්දි,
මේ ටිකේම ඉස්පාසුවක් නෑ අප්ප......නෙළුම් විල පැත්ත පළාතේ එන්න බැරිඋනා අනේ......වෙරිම වෙරි සොරි වෙන්ඩ ඕන හද පතුලෙන්ම.....හරිය?
@ indi,
ReplyDeleteහෙහ්...හෙහ්. එහෙමයි නේද?
@ හිස් අහස,
ReplyDelete/ රවි අයියේ බය කරන්න එපා බං ! . ඔහොම කතා ලීවාම අපි කොහොමද බං හිත හදාගෙන කසාදයක් කරගන්නේ /
අඩේ....බුදු මලේ.....බය වෙන්න එපා බං.....ඔහොම කට්ටිය ඉතාම දුර්ලභයි. මට මෙතෙක් කාලෙකට ඔය මොඩල් එකෙන් හම්බවෙලා තියෙන්නෙ ඔය අපෙ හාමිනේ විතරමයි.....ඒ නිසා බිය නොවන් මළනුවනි, කිසිසේත්ම බිය නොවනු මැන.
@ රතු මුහුද,
ReplyDeleteඇත්තම තමයි කතාව, උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර ....හෙහ්, හෙහ්
ඔබත් පිළිගනිමි සාදරයෙන් රතු මුහුද......
@ Anonymous,
ReplyDelete/ m wage twat kenek /
Happo, oyath poth gini thiyana ekkenekda?
@ nawammawatha,
ReplyDeleteමහා විනාසයක්ම තමා නවම්.....හෙහ්, හෙහ්,
/ මයෙ පොත් රාක්කෙ ගිණිගත්තනම් ආයෙ දෙකක් නෑ මං $%&#^%(&@(&?>%#^ /
අනේ නිකං ඉඳහං නවං, අපි නොදන්න නවම්මාවත කිව්වලු.....හෙහ්, හෙහ්,
$%&#^%(&@(&?>%#^ = අනේ මයෙ චූටි මැණිකෙ..... අඬන්ට එපා රත්තරනේ, ඔය පොත් ඔක්කොම හද්ද පරණ එව්ව අනේ....මම කොහොමටත් ඔය ටික ගිනි තියල දාන්ට තමයි හිටියෙ......මෙහෙ එන්ටකො බලන්ට...මේ බලන්ට ගින්දර රස්නෙට ඔයාගෙ මූණත් රතුවෙල.....අනේ පව් දෙයියනේ....මට දුකේ බැරුවා......
දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ !
ReplyDeleteවටා පිටාව මොනවා වුනත් යුග දිවිය කියන යානය කලින් කීමට බැරි (unpredicable) වල ගොඩැලි, බම්ප්, වැනි අනේක තත්වයන් යටතේ ඇති මගක ගමන් කරන්න වෙනවා. ඒ ගමනේ දී ලොකු ෂොක් ඇබ්සෝබර් වල අවැසිය ඉතා සරළව, කියවන හිත්වලට කාවදින්න ඉදිරිපත් කර මේ රචනය සුපිරියි. එය දෙසුම් ගොඩකින් කරන්න බැරි අදහසක් දෙනවා. ජය!
ReplyDelete@ ගල්මල්-Coral
ReplyDeleteඇත්තම කතාව ඩීන්, ෂොක් ඇබ්සෝබර් නම් කොච්චර තිබ්බත් වැඩියක් නම් වෙන්නෙ නෑ........හෙහ්, හෙහ්,
ස්තූතියි ඔබේ සුපුරුදු දිරිගැන්වීමට.......
හයියෝ හප්පුච්චියේ....මෙහෙම මහත්තයෙක් මටත් ලැබුනොත් මාත් යන්තම් බේරෙනවා...
ReplyDeleteඒත් පුස්තකාලේ.....කාගෙ පුස්තකාලය උනත් මගෙ පපුවත් මොහොතකට නතර උනා...
@ සොඳුරු සිත,
ReplyDeleteස්තූතියි නංගි, ඇත්ත තමයි පුස්තකාලෙ නෙවෙයි පොතක් ගිනිගන්නව කියන එක පපුව ගිනිගත්ත වගෙ තමයි,