ජීවිතයේ මුල් වසර කිහිපය දෙමව්පියන් සමඟද මවගේ අභාවයෙන් මතු පියා සමඟ ඉතිරි කාලය ද ගෙවූ දඩයක්කාරයා අවසන මෙලොව තනි විය.එහෙත් මේ වන විට විසි වයස් ගෙවී ගොස් ජීවිතයේ දැනුම් තේරුම් ඇති අවධියකට සැපත්ව හුන් හෙතෙම නොබා ජීවිතයට මුහුණ දීමට ඉටා ගත්තේය. ගෙවුණු කාල සීමාව තුල මහ දඩයක්කාරයා ඔහු සතුව තිබූ පාරම්පරික ශිල්ප ශාස්ත්‍ර සියල්ල කිසිදු අඩුවකින් තොරව දඩයක්කාරයාට ඉගැන්වූයෙන් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බැලීමට ඒ දැනුම් සම්භාරය ඔහුට මහත්සේ උපකාරී විය. සතුන් හා සිතුවිලි හුවමාරු කර ගැනීමෙහි ලා ඔහු තුල වූ නිපුණත්වය සතකුගෙන් කිසිදු අනතුරක් කිසිසේත්ම නොවන බවට සහතික කරලීය.
ඔබ මම අප කිසිවෙකු වෙනුවෙන් නොනවතිනා කාලය දඩයක්කාරයා වෙනුවෙන් ද නොනවතින බව වෙසෙසින්මැ කිවයුත්තක් නොවේමය. කාලය සුපුරුදු ලෙස පියාපත් විදහා අසුරු සැණින් ඉගිල ගියේය.වාලිඹේ ගල මත්තෙන් සුපුරුදු ලෙස මුදුන් වූ මේ කුළු දියවී ඇදහැළුණු හත් දා වරුසාවෙන් හීන් ඇල පිටාර ගලා ගොස් ඇසට අසුවන මානය බොර පැහැති ජලයෙන් පිරීගිය වස්සාන සමයන් බොහෝ සංඛ්‍යාවක් ගෙවී ගියේය.
දඩයම් කිරීම ද ඔහුට ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක් වූ නමුදු දිවිරැකගැන්මට වෙනත් කිසිදු කර්මාන්තයක් නුහුරු වූ නිසාම ඔහුට සිතෙහි බලවත් අකමැත්ත යටපත් කොට එහි ලා යෙදීමටම සිදුවිය.
හීං ඇල අබියස අහස උසට පැතිර හාත්පස වසාගත් කුඹුක් වනස්පතිය සෙවනෙහි ගිණි මද්දහනේ වුවද පැවතියේ මඳ අඳුරකි.සඳ දෑකැත්ත ඈත කඳු වලල්ලෙන් උදාවීමට පළමු දඩයක්කාරයා මේ කුඹුක පාමුළ උස්ව වැඩී ඇති මුල් අතරෙහි ඇණ තබා ගන්නේ දිවි රැකගැන්මට අවශ්‍ය නිසාම කරනවා විනා සිතෙහි කිසිම කැමැත්තකින් තොරව ඔහු කරන එකම කාර්යය කිරීමටය. නිරාහාරව සිත කය දමනය කොට දින කිහිපයක් ගත කිරීම ඔහුට කිසිසේත්ම අපහසු කාර්යයක් නොවේ.එහෙත් භාවනාවෙහි යෙදී වුවද නිරාහාරව ගත කලහැකි කාලය ඉක්මනින් ගෙවීයයි.
අවසන ගෙපැල මුල්ලක හේත්තු කොට ඇති තුවක්කුව අතට ගන්නා ඔහු ඒ දෙස බලාගත්වනම මොහොතක් ගත කරනුයේ ඉන්පසු පෙට්ටගමෙහි පියන්පත හැර එතුලින් පතරොම් දෙකක් ගෙන ඉනෙහි දවටාගනියි. කාණු දෙකේ තුවක්කුවක් වුව ඔහුට දඩයමකට කිසි දිනෙක එක් පතරොමකට වඩා ඇවැසි නොවීය.ගිණි බිඳින සෑම විටම දඩයක්කාරයා දෙනෙත් තදින් පියාගනියි. එසේ වුවද දෙනෙත් විවරකොට ඇතිවාට ද වඩා තියුණුව දඩයම ඔහුගේ මනසට දිස්වේ. දඩයමට පෙර ඉලක්කය වූ සත්වයාගේ මනසට පිවිසීමට ඔහුගේ හැකියාව නිසා ඉලක්කය වැරදීමෙහි කිසිදු අවස්ථාවක් ද නැත.
තුවක්කු කඳ කෙලවර මානමෙහි තැවරූ හුණු ඇබින්ද ඔස්සේ ඉලක්කය ගෙන තම දෑස් දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනා මුව නාම්බා හෝ ගෝනාගේ සිතට පිවිස ඒ හා සමඟම උහු සිත තම සිත හා ඒකාත්මික වන තෙක් මොහොතක් ගතකරන දඩයක්කාරයා ඉන්පසු ඉතා සෙමින් දෙනෙත් පියා ගනියි.පියාගත් දෙනෙතින් යුතුව සෙමින් කිහිපවරක් හුස්ම ඉහල පහල හෙලනා ඔහුගේ මනැසින් දඩයමට ඉලක්කවූ සත්වයාගේ රුව මිහිදුමක ගිලී අතුරුදන් වන පරිද්දෙන් මැකීයන්නට ඇරඹෙනු හා සමඟම සෙමින් දකුණතෙහි දබරැඟිල්ල කොකා මත තදවෙයි. හාත්පස දෙදරවාගෙන නැඟෙන වෙඩි හඬින් බියපත් වන්නෝ කුඹුක් පතරෙහි ලැගවුන් වවුලෝම පමනක් නොවෙති.
නිශ්ශබ්ද වූ රාත්‍රියෙහි වාළිඹේ ගලද පසුකොට ඈත නිල් ගල කඳු වලල්ලෙහි වැදී ආපසු පැමිණ දෝංකාර දෙමින් වනය සිසාරා පැතිරෙන වෙඩි හඬ මැකී යනතෙක් තමන් යෙදී සිටි කුදුමහත් කටයුතු නවතා හිස් ඔසවා විදහාගත් කන් සොලවමින් හාත්පස නිරීක්ෂණයෙහි යෙදෙනා නිශාචරයෝ නැවත තමන් යෙදී උන් කාර්යයන්හි නිරත වෙති.
වෙඩි හඬෙහි දෝංකාරය කෙමෙන් මැකී ගොස් අවට පරිසරය සුපිරුදු නිහඬතාවයට, නැත..කිසිදිනෙක වනාන්තරයක් විශේෂයෙන් රාත්‍රි සමයෙහි වනාන්තරයක් නිහඬ නොවේ.සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වනයේ කුදු මහත් ශබ්ද වලට නිතැනින්ම අප සවන් හුරුවීමෙන් ශබ්ද නෑසී යාමය. තවත් නිවැරදිව කිවහොත් සවණට ඇසුණද සිතෙහි සනිටුහන් නොවීමය.දඩයක්කාරයා ඒ පාළු නිශ්ශබ්දතාවයෙහි ගිලී තවත් බොහෝ වේලාවක් ගතකල පසුවය දෑස හරිනුයේ. ඒ ද අනිවාර්යයෙන් කල යුතු අප්‍රසන්න කාර්යයක් කිරීමට බල කෙරුනු විටකදී අප ඒ හැකි තරම් වේලාවක් කල්දමමින් පොරොත්තු වන්නා සේය.
අවසන නැඟීසිට කුඹුක් ගසෙහි දැවැන්ත කඳට තුවක්කුව හේත්තු කරන හෙතෙම සෙමින් පියමනිමින් මියගිය සත්වයා වෙතට යන්නේ, ප්‍රාණය නිරුද්ධ ඒ විසල් දෑස දෙස මොහොතක් බලා සිට ඉඟතුරෙහි රැඳි කූරපයියෙහි නිතොර රැඳි තියුණු සැතක් සේ මුවහත් පිහියෙන් සීරුවෙන් ගෙල පෙදෙසෙහි සිට සම ඉවත් කිර්‍රිම අරඹයි.
බොහෝවිට පසු ගාත් වියලි කොල කිහිපයක ඔතා රැහැනකින් ගැටගසා කුහුඹුවන්ගෙන් බේරාගැනීම උදෙසා ගෙපැලෙහි වහලයේ එල්ලා තැබීමෙන් දඩයක්කාරයා අප්‍රසන්න වූ ඒ කර්තව්‍යය නිමා කරයි.ඉතිරි මස් ස්වල්පයක් ලුණු, සහ ගෙපැලෙහි ඉතිරිවී ඇති පහේ දමා පිසගන්නා ඔහු මැටි මඩක්කුවකට දමාගත් මස් කැබලි කිහිපයක්ද ගෙන පිලෙහි හිඳගන්නේ දෙපය දිගහැර පිල්කණ්ඩියෙන් පහතට එල්ලෙන සේය. කුස ගින්න බුර බුරා නැඟෙන නිසාම විනා එසේ නැතහොත් සතකුගේ මස් අනුභවය ඔහුට කිසිසේත්ම රුචිකර නොවිණි. කිසිදු රසයක හැඟීමකින් තොරව යාන්ත්‍රිකව මඩක්කුවෙහි වූ මස් ස්වල්පය ගිල දමන ඔහු ඉන් පසු වැළමිටින් නවා ඉහළට ඔසවාගත් දෑත මත රැඳවූ හිසින් යුතුව පිළ් කණ්ඩිය මතම නින්දට වැටෙයි.
මෙලෙස දඩයක්කාරයාගෙ ජීවිතය ගලා ගියේය. ජීවිතය පිළිබඳව කිසිදු ආශාවක් නොමැති වුවද හෙතෙම කිසි විටෙක දිවි නසා ගැන්මට නොසිතුවේය. ස්වභාව ධර්මයා ද විපරීත වූ හෙයින් ඔහු පැටි වියෙහිදී කලට ලැබුණු වැස්ස නියමිත කාලය බොහෝ පසුවීත් නොවැටිණි. වියලී හේබා ගිය තුරු ගොමු අතර ඉබාගාතේ ඇවිද ගිය දඩයක්කාරයා බොහෝවිට හත් අට දිනක් ගෙපැලට නොපැමිණ වනයේ ගත කලේය.වියළි සමයෙහි දිය සොයා ඒ මේ අත පිපාසිතව සරන සතුන් වනයෙහි දිය ස්වල්පයක් රැඳි කෙම් බිම් වෙත නිරායාසයෙන් රොක් වන බැවින්, එතැන්හි ඉතා පහසු දඩයමට ලොල්වූ සත්ව ඝාතකයින් බොහෝ දුර බැහැර සිට රොඳ බැඳ පැමිණෙන්නට වූයෙන් වන පෙත සිත් සනහන නිසලතාවය බිඳ වැටී ගියේය.
දිය මංකඩ අසල දඩමැසි බැඳ ඒ මතට වී රැක සිටිනා සත්ව ඝාතකයින්හට එරෙහිව දඩයක්කාරයා ගත් එකම ක්‍රියාමාර්ගය වනාහී අඳුරු වනයේ සෙවණැලි අතර සැඟව සිට පිපාසය සංසිදුවා ගැනීමට පැමිණෙන සතුනගේ සිතට පිවිස ඉදිරියේ ඇති අනතුර පිළිබඳව ඔවුන් දැනුවත් කොට ආපසු හැරී දිවි ගලවාගෙන පළායාමට පෙළඹවීමයි. මේ උත්සාහය සෑම විටම සාර්ථක වූයේ ද නොවේ. දැඩි පිපාසය ඉවසිය නොහැකි බහුතරයක් සත්වයෝ අනතුර නොතකා දිය කඩ වෙත පැමිණියෝ සත්ව ඝාතකයන්ට ගොදුරු වූවෝය.
වනය ගුගුරවමින් මෝසම් වැසි ඇද වැටුනු ඉක්බිති ජලයේ හිඟයක් නොවූයෙන් සත්ව ඝාතකයන්ගේ උවදුර ද පහව ගියේය.
රාත්‍රියෙහි තරු පිරි අහස යට තුරු හිස් කළඹවමින් හමා එන සිහිල් සුළඟ විඳිමින් වනයේ ඇවිදයන බොහෝවිට දඩයක්කාරයාට හමුවන එක් තවත් ඔහු වන්ම හුදකලාවූවෙක් විය.හේ තෙමේ ද දඩයක්කාරයෙක්ම වුයේ ඔවුන් නිතොර පොදු දඩමං ඔස්සේ දි මුහුණට මුහුණ හමු වූවෝය. අනපේක්ෂිතව මංපෙතෙහි එක් තියුණු නැම්මකින් එක් වනම ප්‍රාදුර්භූත වූ දිවියා දුටු දඩයක්කාරයා හිටි වනම සෙල් පිලිමයක් සේ නැවතුනේය.
තුරු පියස්සෙන් පෙරී ගැලූ සඳ එළිය නිශාචර සත්වයාගේ කළු පැහැ කුඩා තිත් ඉසුණු කසාවන් සම මත අඳුරු සෙවණැලි ඇති කලේ විඩාපත් වූ සිත්තරකු දිනය අවසානයෙහිදී නොසැලකිල්ලෙන් ඵලකය මත ඇඳි පින්සල් පහරවල් කිහිපයක් සිහි ගන්වමිනි.පෙත්මඟ මධ්‍යයේ පසුගාත් නවා හිඳගත් සත්වයා තම බොර පැහැ දෑස් දල්වා දඩයක්කාරයා දෙස නොසැලී බලා සිටියේය.
දෑස් ඉවතට ගත නොහැකිව ඒ දෑස් දෙස බලාසිටි දඩයක්කාරයාගෙ සිතට එක් වරම පැන නැඟියේ යම් කුකුසකි.
මහ දඩයක්කාරයා තම පුත්‍රයාහට දඩයම් කිරීමෙහිලා මුල් වරට පුහුණුවක් ලබාදුන් අවස්ථාව ඔබට මතක ඇතැයි මම සිතමි.හීං ඇලේ වක්කලම අබියස රූස්ස කෝං ගහ පාමුල දී එදා ඔහුට හමුවූ දිවියා ....මේ සඳ එළියෙන් නැහැවුනු රාත්‍රියෙහි උක්කුටිකයෙන් හිඳ නොසැලෙන දෑසින් තමා දෙස බලා සිටිනුයේ ඒ සත්වයාමද?
දෑස් පියා දිවියාගේ සිත තුලට පිවිසි ඔහු කිසිදු පැහැදිලි තොරතුරක් දැන ගැන්මට හෝ ස්ථිර අදහසක් ලබාගැන්මට උපකාරී වන සිතුවමක් මවා ගැන්මට අපොහොසත් විය. දිවියාගෙ සිත තුල වූයේ සඳ පහන් නොවුනු අඳුරු රැයක මලානික තරු එලියෙන් වරින් වර දක්නට ලැබෙන ඒ හා සමඟම අතුරුදන් වන අඳුරු සෙවණැලි රැසක් මෙන් වූ එකිනෙකට අසම්බන්ධිත සිතුවිලි සමූහයකි.
ඉතාම වයස්ගත වීම නිසාම මෘගයාගේ සිතෙහි හටගන්නා සිතුවිලි එකිනෙකට අසම්බන්ධ වූවා සේම කිසිදු නිශ්චිත අරමුණක් හා සබැඳුනෝ ද නොවූහ.
එකිනෙකා දෙස බොහෝ වේලාවක් බලා සිටි වයෝ වෘද්ධ මෘගයා සහ තරුණ මිනිසාගෙන් පළමුව විඩාපත් වූයේ මෘගයා විය හැක. එසේත් නැතහොත් මෙසේ එකිනෙකාගේ දෑස් දෙස කොතෙකුත් බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ඔහුට සිතුනා ද විය හැක. ඒ කෙසේ හෝ වේවා එකවරම දෑස් ඉවතට ගත් දිවියා වන බූටැඇව තුලට වැද අසුරු සැණින් අතුරුදන් විය.
ඒ අහඹු හමුවීමෙන් පසු බොහෝ කාලයක් ගෙවී යන්නට වූයේ නැත. එක් දිනෙක පිල් කණ්ඩිය මත නිදාහුන් දඩයක්කාරයා අළුයම එක් වරම අවදි වූයේ නිද්‍රාපිත සිතෙහි හටගත් යම් කැළඹිලි ස්වභාවක් හේතුවෙනි. දෑස් විවර කල වහාම නෙත ගැටුණු දසුනින් ත්‍රස්ත වී ගිය ඔහු එක්වරම කෙලින් වී පිල් කණ්ඩියට පිට දී හිඳ ගත්තේය. කළු කපා අඳුර දුරු කර ගලා එන උදෑසන ළහිරු එලියේ නැහැවෙමින් අත පොව්වන පමණ මානයේ උක්කුටිකයෙන් හිඳ ඔහු දෙස දෑස් නොපියා බලා සිටියේ මහළු දිවියාය.
මතු සම්බන්ධයි........
( ඡායාරූප Google Images වෙතිනි )
ඔබ මම අප කිසිවෙකු වෙනුවෙන් නොනවතිනා කාලය දඩයක්කාරයා වෙනුවෙන් ද නොනවතින බව වෙසෙසින්මැ කිවයුත්තක් නොවේමය. කාලය සුපුරුදු ලෙස පියාපත් විදහා අසුරු සැණින් ඉගිල ගියේය.වාලිඹේ ගල මත්තෙන් සුපුරුදු ලෙස මුදුන් වූ මේ කුළු දියවී ඇදහැළුණු හත් දා වරුසාවෙන් හීන් ඇල පිටාර ගලා ගොස් ඇසට අසුවන මානය බොර පැහැති ජලයෙන් පිරීගිය වස්සාන සමයන් බොහෝ සංඛ්‍යාවක් ගෙවී ගියේය.
දඩයම් කිරීම ද ඔහුට ඉතාමත් අප්‍රසන්න අත්දැකීමක් වූ නමුදු දිවිරැකගැන්මට වෙනත් කිසිදු කර්මාන්තයක් නුහුරු වූ නිසාම ඔහුට සිතෙහි බලවත් අකමැත්ත යටපත් කොට එහි ලා යෙදීමටම සිදුවිය.
හීං ඇල අබියස අහස උසට පැතිර හාත්පස වසාගත් කුඹුක් වනස්පතිය සෙවනෙහි ගිණි මද්දහනේ වුවද පැවතියේ මඳ අඳුරකි.සඳ දෑකැත්ත ඈත කඳු වලල්ලෙන් උදාවීමට පළමු දඩයක්කාරයා මේ කුඹුක පාමුළ උස්ව වැඩී ඇති මුල් අතරෙහි ඇණ තබා ගන්නේ දිවි රැකගැන්මට අවශ්‍ය නිසාම කරනවා විනා සිතෙහි කිසිම කැමැත්තකින් තොරව ඔහු කරන එකම කාර්යය කිරීමටය. නිරාහාරව සිත කය දමනය කොට දින කිහිපයක් ගත කිරීම ඔහුට කිසිසේත්ම අපහසු කාර්යයක් නොවේ.එහෙත් භාවනාවෙහි යෙදී වුවද නිරාහාරව ගත කලහැකි කාලය ඉක්මනින් ගෙවීයයි.
අවසන ගෙපැල මුල්ලක හේත්තු කොට ඇති තුවක්කුව අතට ගන්නා ඔහු ඒ දෙස බලාගත්වනම මොහොතක් ගත කරනුයේ ඉන්පසු පෙට්ටගමෙහි පියන්පත හැර එතුලින් පතරොම් දෙකක් ගෙන ඉනෙහි දවටාගනියි. කාණු දෙකේ තුවක්කුවක් වුව ඔහුට දඩයමකට කිසි දිනෙක එක් පතරොමකට වඩා ඇවැසි නොවීය.ගිණි බිඳින සෑම විටම දඩයක්කාරයා දෙනෙත් තදින් පියාගනියි. එසේ වුවද දෙනෙත් විවරකොට ඇතිවාට ද වඩා තියුණුව දඩයම ඔහුගේ මනසට දිස්වේ. දඩයමට පෙර ඉලක්කය වූ සත්වයාගේ මනසට පිවිසීමට ඔහුගේ හැකියාව නිසා ඉලක්කය වැරදීමෙහි කිසිදු අවස්ථාවක් ද නැත.
තුවක්කු කඳ කෙලවර මානමෙහි තැවරූ හුණු ඇබින්ද ඔස්සේ ඉලක්කය ගෙන තම දෑස් දෙසම ඇසිපිය නොහෙලා බලා සිටිනා මුව නාම්බා හෝ ගෝනාගේ සිතට පිවිස ඒ හා සමඟම උහු සිත තම සිත හා ඒකාත්මික වන තෙක් මොහොතක් ගතකරන දඩයක්කාරයා ඉන්පසු ඉතා සෙමින් දෙනෙත් පියා ගනියි.පියාගත් දෙනෙතින් යුතුව සෙමින් කිහිපවරක් හුස්ම ඉහල පහල හෙලනා ඔහුගේ මනැසින් දඩයමට ඉලක්කවූ සත්වයාගේ රුව මිහිදුමක ගිලී අතුරුදන් වන පරිද්දෙන් මැකීයන්නට ඇරඹෙනු හා සමඟම සෙමින් දකුණතෙහි දබරැඟිල්ල කොකා මත තදවෙයි. හාත්පස දෙදරවාගෙන නැඟෙන වෙඩි හඬින් බියපත් වන්නෝ කුඹුක් පතරෙහි ලැගවුන් වවුලෝම පමනක් නොවෙති.
නිශ්ශබ්ද වූ රාත්‍රියෙහි වාළිඹේ ගලද පසුකොට ඈත නිල් ගල කඳු වලල්ලෙහි වැදී ආපසු පැමිණ දෝංකාර දෙමින් වනය සිසාරා පැතිරෙන වෙඩි හඬ මැකී යනතෙක් තමන් යෙදී සිටි කුදුමහත් කටයුතු නවතා හිස් ඔසවා විදහාගත් කන් සොලවමින් හාත්පස නිරීක්ෂණයෙහි යෙදෙනා නිශාචරයෝ නැවත තමන් යෙදී උන් කාර්යයන්හි නිරත වෙති.
වෙඩි හඬෙහි දෝංකාරය කෙමෙන් මැකී ගොස් අවට පරිසරය සුපිරුදු නිහඬතාවයට, නැත..කිසිදිනෙක වනාන්තරයක් විශේෂයෙන් රාත්‍රි සමයෙහි වනාන්තරයක් නිහඬ නොවේ.සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වනයේ කුදු මහත් ශබ්ද වලට නිතැනින්ම අප සවන් හුරුවීමෙන් ශබ්ද නෑසී යාමය. තවත් නිවැරදිව කිවහොත් සවණට ඇසුණද සිතෙහි සනිටුහන් නොවීමය.දඩයක්කාරයා ඒ පාළු නිශ්ශබ්දතාවයෙහි ගිලී තවත් බොහෝ වේලාවක් ගතකල පසුවය දෑස හරිනුයේ. ඒ ද අනිවාර්යයෙන් කල යුතු අප්‍රසන්න කාර්යයක් කිරීමට බල කෙරුනු විටකදී අප ඒ හැකි තරම් වේලාවක් කල්දමමින් පොරොත්තු වන්නා සේය.
අවසන නැඟීසිට කුඹුක් ගසෙහි දැවැන්ත කඳට තුවක්කුව හේත්තු කරන හෙතෙම සෙමින් පියමනිමින් මියගිය සත්වයා වෙතට යන්නේ, ප්‍රාණය නිරුද්ධ ඒ විසල් දෑස දෙස මොහොතක් බලා සිට ඉඟතුරෙහි රැඳි කූරපයියෙහි නිතොර රැඳි තියුණු සැතක් සේ මුවහත් පිහියෙන් සීරුවෙන් ගෙල පෙදෙසෙහි සිට සම ඉවත් කිර්‍රිම අරඹයි.
බොහෝවිට පසු ගාත් වියලි කොල කිහිපයක ඔතා රැහැනකින් ගැටගසා කුහුඹුවන්ගෙන් බේරාගැනීම උදෙසා ගෙපැලෙහි වහලයේ එල්ලා තැබීමෙන් දඩයක්කාරයා අප්‍රසන්න වූ ඒ කර්තව්‍යය නිමා කරයි.ඉතිරි මස් ස්වල්පයක් ලුණු, සහ ගෙපැලෙහි ඉතිරිවී ඇති පහේ දමා පිසගන්නා ඔහු මැටි මඩක්කුවකට දමාගත් මස් කැබලි කිහිපයක්ද ගෙන පිලෙහි හිඳගන්නේ දෙපය දිගහැර පිල්කණ්ඩියෙන් පහතට එල්ලෙන සේය. කුස ගින්න බුර බුරා නැඟෙන නිසාම විනා එසේ නැතහොත් සතකුගේ මස් අනුභවය ඔහුට කිසිසේත්ම රුචිකර නොවිණි. කිසිදු රසයක හැඟීමකින් තොරව යාන්ත්‍රිකව මඩක්කුවෙහි වූ මස් ස්වල්පය ගිල දමන ඔහු ඉන් පසු වැළමිටින් නවා ඉහළට ඔසවාගත් දෑත මත රැඳවූ හිසින් යුතුව පිළ් කණ්ඩිය මතම නින්දට වැටෙයි.
මෙලෙස දඩයක්කාරයාගෙ ජීවිතය ගලා ගියේය. ජීවිතය පිළිබඳව කිසිදු ආශාවක් නොමැති වුවද හෙතෙම කිසි විටෙක දිවි නසා ගැන්මට නොසිතුවේය. ස්වභාව ධර්මයා ද විපරීත වූ හෙයින් ඔහු පැටි වියෙහිදී කලට ලැබුණු වැස්ස නියමිත කාලය බොහෝ පසුවීත් නොවැටිණි. වියලී හේබා ගිය තුරු ගොමු අතර ඉබාගාතේ ඇවිද ගිය දඩයක්කාරයා බොහෝවිට හත් අට දිනක් ගෙපැලට නොපැමිණ වනයේ ගත කලේය.වියළි සමයෙහි දිය සොයා ඒ මේ අත පිපාසිතව සරන සතුන් වනයෙහි දිය ස්වල්පයක් රැඳි කෙම් බිම් වෙත නිරායාසයෙන් රොක් වන බැවින්, එතැන්හි ඉතා පහසු දඩයමට ලොල්වූ සත්ව ඝාතකයින් බොහෝ දුර බැහැර සිට රොඳ බැඳ පැමිණෙන්නට වූයෙන් වන පෙත සිත් සනහන නිසලතාවය බිඳ වැටී ගියේය.
දිය මංකඩ අසල දඩමැසි බැඳ ඒ මතට වී රැක සිටිනා සත්ව ඝාතකයින්හට එරෙහිව දඩයක්කාරයා ගත් එකම ක්‍රියාමාර්ගය වනාහී අඳුරු වනයේ සෙවණැලි අතර සැඟව සිට පිපාසය සංසිදුවා ගැනීමට පැමිණෙන සතුනගේ සිතට පිවිස ඉදිරියේ ඇති අනතුර පිළිබඳව ඔවුන් දැනුවත් කොට ආපසු හැරී දිවි ගලවාගෙන පළායාමට පෙළඹවීමයි. මේ උත්සාහය සෑම විටම සාර්ථක වූයේ ද නොවේ. දැඩි පිපාසය ඉවසිය නොහැකි බහුතරයක් සත්වයෝ අනතුර නොතකා දිය කඩ වෙත පැමිණියෝ සත්ව ඝාතකයන්ට ගොදුරු වූවෝය.
වනය ගුගුරවමින් මෝසම් වැසි ඇද වැටුනු ඉක්බිති ජලයේ හිඟයක් නොවූයෙන් සත්ව ඝාතකයන්ගේ උවදුර ද පහව ගියේය.
රාත්‍රියෙහි තරු පිරි අහස යට තුරු හිස් කළඹවමින් හමා එන සිහිල් සුළඟ විඳිමින් වනයේ ඇවිදයන බොහෝවිට දඩයක්කාරයාට හමුවන එක් තවත් ඔහු වන්ම හුදකලාවූවෙක් විය.හේ තෙමේ ද දඩයක්කාරයෙක්ම වුයේ ඔවුන් නිතොර පොදු දඩමං ඔස්සේ දි මුහුණට මුහුණ හමු වූවෝය. අනපේක්ෂිතව මංපෙතෙහි එක් තියුණු නැම්මකින් එක් වනම ප්‍රාදුර්භූත වූ දිවියා දුටු දඩයක්කාරයා හිටි වනම සෙල් පිලිමයක් සේ නැවතුනේය.
තුරු පියස්සෙන් පෙරී ගැලූ සඳ එළිය නිශාචර සත්වයාගේ කළු පැහැ කුඩා තිත් ඉසුණු කසාවන් සම මත අඳුරු සෙවණැලි ඇති කලේ විඩාපත් වූ සිත්තරකු දිනය අවසානයෙහිදී නොසැලකිල්ලෙන් ඵලකය මත ඇඳි පින්සල් පහරවල් කිහිපයක් සිහි ගන්වමිනි.පෙත්මඟ මධ්‍යයේ පසුගාත් නවා හිඳගත් සත්වයා තම බොර පැහැ දෑස් දල්වා දඩයක්කාරයා දෙස නොසැලී බලා සිටියේය.
දෑස් ඉවතට ගත නොහැකිව ඒ දෑස් දෙස බලාසිටි දඩයක්කාරයාගෙ සිතට එක් වරම පැන නැඟියේ යම් කුකුසකි.
මහ දඩයක්කාරයා තම පුත්‍රයාහට දඩයම් කිරීමෙහිලා මුල් වරට පුහුණුවක් ලබාදුන් අවස්ථාව ඔබට මතක ඇතැයි මම සිතමි.හීං ඇලේ වක්කලම අබියස රූස්ස කෝං ගහ පාමුල දී එදා ඔහුට හමුවූ දිවියා ....මේ සඳ එළියෙන් නැහැවුනු රාත්‍රියෙහි උක්කුටිකයෙන් හිඳ නොසැලෙන දෑසින් තමා දෙස බලා සිටිනුයේ ඒ සත්වයාමද?
දෑස් පියා දිවියාගේ සිත තුලට පිවිසි ඔහු කිසිදු පැහැදිලි තොරතුරක් දැන ගැන්මට හෝ ස්ථිර අදහසක් ලබාගැන්මට උපකාරී වන සිතුවමක් මවා ගැන්මට අපොහොසත් විය. දිවියාගෙ සිත තුල වූයේ සඳ පහන් නොවුනු අඳුරු රැයක මලානික තරු එලියෙන් වරින් වර දක්නට ලැබෙන ඒ හා සමඟම අතුරුදන් වන අඳුරු සෙවණැලි රැසක් මෙන් වූ එකිනෙකට අසම්බන්ධිත සිතුවිලි සමූහයකි.
ඉතාම වයස්ගත වීම නිසාම මෘගයාගේ සිතෙහි හටගන්නා සිතුවිලි එකිනෙකට අසම්බන්ධ වූවා සේම කිසිදු නිශ්චිත අරමුණක් හා සබැඳුනෝ ද නොවූහ.
එකිනෙකා දෙස බොහෝ වේලාවක් බලා සිටි වයෝ වෘද්ධ මෘගයා සහ තරුණ මිනිසාගෙන් පළමුව විඩාපත් වූයේ මෘගයා විය හැක. එසේත් නැතහොත් මෙසේ එකිනෙකාගේ දෑස් දෙස කොතෙකුත් බලා සිටීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි ඔහුට සිතුනා ද විය හැක. ඒ කෙසේ හෝ වේවා එකවරම දෑස් ඉවතට ගත් දිවියා වන බූටැඇව තුලට වැද අසුරු සැණින් අතුරුදන් විය.
ඒ අහඹු හමුවීමෙන් පසු බොහෝ කාලයක් ගෙවී යන්නට වූයේ නැත. එක් දිනෙක පිල් කණ්ඩිය මත නිදාහුන් දඩයක්කාරයා අළුයම එක් වරම අවදි වූයේ නිද්‍රාපිත සිතෙහි හටගත් යම් කැළඹිලි ස්වභාවක් හේතුවෙනි. දෑස් විවර කල වහාම නෙත ගැටුණු දසුනින් ත්‍රස්ත වී ගිය ඔහු එක්වරම කෙලින් වී පිල් කණ්ඩියට පිට දී හිඳ ගත්තේය. කළු කපා අඳුර දුරු කර ගලා එන උදෑසන ළහිරු එලියේ නැහැවෙමින් අත පොව්වන පමණ මානයේ උක්කුටිකයෙන් හිඳ ඔහු දෙස දෑස් නොපියා බලා සිටියේ මහළු දිවියාය.
මතු සම්බන්ධයි........
( ඡායාරූප Google Images වෙතිනි )
අද කොටස මගේ හිතට ඇල්ලුවා. කතාවෙ අපි නොදන්න හරියක් එකතු කරන්නයි යන්නෙ අයියා. ඒක හොඳයි. නැත්තං මෙච්චර දවස් කතාව ගලාගෙන ගියේ කිසිම කුතුහලයක් නැතුව. :)
ReplyDeleteඒකනෙව සිත්තමී....මුලිම්ම කස්ටියම දන්නව නෙව වෙන දේ...මමයි වැඩේ වණ කරගත්තෙ නමෝ විත්තියෙම්ම, වෙන්නෙ මක්කද කියල ලබ්බ ගලේ ගැහුව වගෙ කිව්වනෙ...අර එක ගැටිස්සියක් ඇවිල්ල පේන්නෙ නැද්ද පල්ලෙහා පෙං කතාව කෝ කියල අහනව...මගෙම වරැද්ද...මගෙම වැරැද්ද..මක් කොරන්නෙයි දැං....වෙච්චි දේට එන්න සෙයියරදු කියල අර කවුදත් කිව්වලුනෙ...ඉඳහං විගැහින් ඉවරයක් කොරන්නංකො...
Deleteඉස්ම ඉස්තූතියි හොඳද?....:) :)
මමත් කැමතියි අද කොටසට . භාෂාව සංයමයෙන් හසුරවමින් මේ තරම් ලස්සනට ඇති ලියන්නට රවීගේ හැකියාව නම් පුදුමයි. නරකද මේ කතාව මුද්‍රණය කලොත් කවද හරි
ReplyDeleteබොහොම ස්තූතියි බින්දි....ඔබගේ පැසසුම හැමදාම මා දිරි ගන්වන්නක් බව කියන්නේ හද පිරි සතුටෙනි.
Deleteඅදහසටත් ස්තූතියි...බලමු නේද?......
You never know Madam, in life starnger things have happened to me...so never say never....Heh, heh,
සුපිරිම කොටසක් ,ඊගාව කොටසත් ලියමු ඉක්මනින්ම ....
ReplyDeleteස්තූතියි රොබින්...ඉන්නකො ලියන්නම් ඉක්මනට...මේ බේඩ්ඩේ පාටියකුත් තියනවනෙ ....හෙහ්, හෙහ්,
Deleteකෝ අනේ පෙම් කතාව? මම මේ ඒක එනකල් බලා ඉන්නේ....:)
ReplyDelete//තුරු පියස්සෙන් පෙරී ගැලූ සඳ එළිය නිශාචර සත්වයාගේ කළු පැහැ කුඩා තිත් ඉසුණු කසාවන් සම මත අඳුරු සෙවණැලි ඇති කලේ විඩාපත් වූ සිත්තරකු දිනය අවසානයෙහිදී නොසැලකිල්ලෙන් ඵලකය මත ඇඳි පින්සල් පහරවල් කිහිපයක් සිහි ගන්වමිනි.පෙත්මඟ මධ්‍යයේ පසුගාත් නවා හිඳගත් සත්වයා තම බොර පැහැ දෑස් දල්වා දඩයක්කාරයා දෙස නොසැලී බලා සිටියේය.//
ඔන්න මේ හරියෙදි හිතුනා දැන් තරුණ ලඳක්, දිය පාරකින් නාගෙන, කෙහෙරැලි මුදාගෙන මතුවෙයි කියලා....එයි කියලා කෝ ආවේ නෑ...
//දෑස් විවර කල වහාම නෙත ගැටුණු දසුනින් ත්‍රස්ත වී ගිය ඔහු එක්වරම කෙලින් වී පිල් කණ්ඩියට පිට දී හිඳ ගත්තේය.//
මෙතනදි හිතුනෙම යටිකය පමණක් වසාගත් මනහර, දඟකාරී යුවතියක එයි කියලා උම්හූ...ඒත් නෑ.
මොනාද අනේ අපිට සත්තු ගැන විතරක් අහලා වැඩක් නෑ...පෙම් කතාවක් ඕනි...:D
/ කෝ අනේ පෙම් කතාව? මම මේ ඒක එනකල් බලා ඉන්නේ....:) /
Deleteඔන්න ආව,ඔන්න ආව...ඔය ආවෙ උඩ දාගෙන....පෙං කතාව කෝ කියල අහගෙන....කොහෙ තියන පෙං කතාවක්ද බොල?...කොහෙ තියන පෙං කතාවක්ද?
මේක මේ පුල් සිරා, මයිල් කොයිල් කැටගරි එකේ වුර්තාන්තයක්....එකට ඔය සිල්ලර පෙං ජවනිකා ඔබන්ට බෑ...තේරුණාය?
මේකෙ හබැයි ඉස්සරහට තියනව සුට්ටි වැඩිහිටියන්ට පණමයි වර්ගයේ සුරුංගාරාත්මක ජවනිකාවක් දෙකක් නම් , උඹට කිව්වට මොකද?...හෙහ්, හෙහ්,
/ මෙතනදි හිතුනෙම යටිකය පමණක් වසාගත් මනහර, දඟකාරී යුවතියක එයි කියලා උම්හූ...ඒත් නෑ. /
ඒ මොකෝ අර යටි කය විතරක් වහගෙන ඉන්නෙ?....ඔය හද්ද කැලේ ආය කවුරු දකින්ටද?...හුළං ටිකක් කාරිය වදින්ටත් එක්කලා නරකෙයි.....හෙහ්, හෙහ්,
අඩේ මං ෆෝන් එකෙන් කමෙන්ට් එකක් දැම්මා.ඒකට මොකෑ වුනේ...???
ReplyDeleteමොනවා වුනත් අද කොටසනම් හොදයි.දිවිය කියන්නෙ කොහොමත් මගෙ ප්‍රියතම සතෙක්.
මෙන්න මෙහෙම මසාජ් එකක් නම් තිබ්බ ඉන්බොක්ස් එකේ, ඒක වෙන්න ඕන උඹේ කමෙන්ට් එක නිසුපො...හෙහ්, හෙහ්
Delete'' The message is not deliverd as the concerned account is overdrawn. Regret the inconvenience. ''
ඒ කියන්නෙ බොල හිංගලෙං කිව්වොත් උඹ ටැලිපෝං එකේ බිල ගෙවල නෑ...යකෝ...හොඳ ටැලිපෝං ගත්තට වැඩක් නෑ බං..වෙලාවට එව්වයෙ බිල ගෙවහං...අලිය ගත්ත..ඒත් හෙණ්ඩුව නෑ...වගේ තමයි...
අනේ මන්ද බං අයියෙ, මට නං මොකද්දෝ වෙලා ගියා අර දඩයක්කාරය පෙට්ටගමෙං පතුරං අරගත්ත කිව්වම... උඹ මට ගෝලු ගන්නෙ නැත්තං මං ඇත්තක් කියන්නං
ReplyDeleteමට නං හිතුණෙම එයැයි ලඟ තියෙන්ඩ තිබුණෙ බෙහෙත් කොටන තුවක්කුවක් කියල...
මං මේ අවංක ඇත්ත කියන්නෙ
තරහ අවසර ඕං ඒක නිර්දය ලෙස විවේචනය කිරීමක් වගේ පේනව නං එහෙම...
ඒ වුණාට මට ඒක දැක්කම නොකිය යන්ඩ හිත් දුන්නෙ නෑ...
මට අද දවසෙ කතාව ලස්සන වුණාට ඒක නිකං අර කරගම්පිටියෙ සුබෝධාරාමෙ තියෙන මාර පරාජෙ චිත්තරේ වගේ බං... අර මාර සේනාව තුවක්කු අරං යන්නෙ....
( රවී අයියගෙං රහසෙං: ඇත්ත කියාපං අයියෙ.. උඹ දන්නෙ නෑ නේද අර බෙහෙත් තුවක්කුවට කොටන අඩුවැඩිය?? ඒක නේද මේ පතුරං තුවක්කුවක් එබුවෙ මේ කතා පොජ්ජට??)
:D :D :D හපෝයි, මට අත් දෙකෙංම කට වහගත්තත් මේ හිනාව නවත්තගන්ඩ බෑනෙ බොලේ. (අනේ ඇත්තමයි අක්කේ, අක්කා අහරෙ අපිව අඬවන්න ලියනවා වාගෙම අපිව හිනස්සන්නත් හපනි.)
Deleteපතරොං නැතුව කොහොමෙයි අක්කේ, අර උඩිංම දාලා තියෙන්නේ දඩයක්කාරයා ඉලක්කෙ ගත්තු පින්තූරෙ. බලන්ටකෝ ඒ තුවක්කු බටේ අස්සෙං පතරොම ඉගිල්ලෙන වේගෙයි, තව මොන මොනවදෝයි පෙන්නලා තියෙන්නේ. ඒකනං මේ බේත් කොටන තුවක්කුවක් වෙන්ට බෑ. ;D
@ Januu,
Deleteඅම්මප..මොකක් හරි එකක් අල්ල ගන්නව නෙව..මොකක් එකක් අල්ල ගන්නව ...මොක කොරලවත් බෑ නෙව බේරෙන්ට....ඒ පාර බේත් කොටන මංගල්ලයක්...
යකෝ. ඔය දඩයක්කාරය හිටියෙ බොල එක්දාස් අටසිය ගනං වල නෙවෙයි...මේ බොහොම මෑතක...ආව මෙතන බේත් කෙටිල්ලක් ගහන්ට මේක අස්සෙ...
හරි, බැණ අඬගැහිල්ල ඇති...:) ....ඕක මේ ඉස්තිරියාවො එක්ක ඩීල් කරනකොට මම අනුගමනය කරන ප්‍රොසීඩියර් එක ...හෙහ්, හෙහ්, ඒ කිව්වෙ මෙහෙමයි...ඔය බබලත්තු ඇත්තක් කිව්වත් එක පාරටම පිළිගන්ට නරකයි...ගෝණි නැතුව යන්ට එන්නෙ කරේ උරේ...ගෝණි නැතුව...ගෝණි නැතුව..ඒ නිසා ඉස්සෙල්ල බබලතා ටිකක් හෙල්ලිල යන්ටත් එක්ක දෝස්මුරයක් දානව...ඊට පස්සෙ හෙමීට කියනව '' ඇත්ත තමයි අනේ ඔයා කියන එක '' කියල....කොහොමද මගෙ කෙරේම සහ විදි?...ඔව්ව බොල සතළොස් වසක පළපුරුද්දෙම්ම ආපුවා....පලපුරුද්දෙම්ම ආපුවා...හෙහ්, හෙහ්,
ඇත්තම කියනව නං ජනූ...බේත් කොටන තුවක්කුවක් ගැන තමයි මයෙ හිතේ තිබ්බෙ..වෙච්චි දේ මේං මේකයි...ඕකෙ වෙඩිල්ල කොටන්ඩ දාන අඩු වැඩිය ඔක්කොම මතක් වෙන්නෙ නෑනෙ බං...කොච්චර කාලෙකට ඉහතද?...වෙඩි ලුණු මතකයි..කළු බේත් මතකයි...තව ඊයං කෑලි දානව හත අටක් විතර...කීයක් දානවද කියල තීරණය වෙන්නෙ සතාගෙ ප්‍රමානෙ අනුව...
/ ( රවී අයියගෙං රහසෙං: ඇත්ත කියාපං අයියෙ.. උඹ දන්නෙ නෑ නේද අර බෙහෙත් තුවක්කුවට කොටන අඩුවැඩිය?? ඒක නේද මේ පතුරං තුවක්කුවක් එබුවෙ මේ කතා පොජ්ජට??) /
හුහ්, රහසෙං...අනෙ අම්මාපල්ල ඒක කිව්ව ලස්සන...රහසෙං..මේං මෙව්වට තමයි කියන්නෙ මගේ අරක්කු මටම තලනව කියල...එහෙමත් නැත්නම් ඌරයෙ මාළු ඌ පිටම තියල කපනව කියල..රහසෙං...මම කීවය කියල හිතාගනිං
/ කරගම්පිටියෙ සුබෝධාරාමෙ තියෙන මාර පරාජෙ චිත්තරේ වගේ බං... අර මාර සේනාව තුවක්කු අරං යන්නෙ.... /
ඇත්තමද බොල උඹ මේ කියන්නෙ?...අඩේ ඔච්චර කොළඹ හිටිය...මම ඔය විත්තියක් දැනං උන්නෙ නැහැ නෙව..සික්...දන්නවනං යන්ට තිව්ව බලාල වැඳ පුදා ගන්ට...
ඔය වගෙ තැනට නොගැලපෙන සීන්ස් එකක් ගැන සෝක් කතාවක් මතක් උනා....හෙහ්, හෙහ්,
මේක අපේ ලොක්කිගෙ ගමේ නාට්ටියක් පෙන්නද්දි වෙච්චි එකක්...
ඒකෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා කොල්ලගෙ අතටම අහු වෙනව...ඉතිං කොල්ල කොරන්නෙ ඉනෙං පිස්තෝලෙ ඇදල අරගෙන '' මම උඹව තියන්නෙ නෑ අද දුස්ට හැතිරි ඉඳා උඹට '' කියල වෙඩි තියනව...කෙල්ල '' බුදු අම්මෝ අයියෝ, අප්පෝ...'' කියල විලාප දීල මැරිල වැටෙනව..
ඔතන හරියටම ඉඳා උඹට කියල වෙඩි තියනකොටම ඉස්ටේජ් එක පිටිපස්සෙ එකෙක් සැට් කරල තිබ්බ රතිඤ්ඤයක් පත්තු කොරන්ට...ඔය රතිඤ්ඤය බාරකරු මයෙ බුදු පිටා....මූයි මායි ඉස්ටේජ් එක පිටිපස්සෙ කාලක් ක්‍රියාකරමින් ඔන්න හිටියෙ කියාපංකො...වැඩේ නැඟල ගියයි කියලත් කියාපංකො..හෙහ්, හෙහ්,අපි දන්නෙ නෑ නාට්ටියෙ මක්ක වෙනවද කියල...ආතල් ද බ්‍රේව්...හෙහ්, හෙහ්
ඒ අස්සෙ නාට්ටියෙ අදාල සීන් එකට ආව..කොල්ල පිස්තෝලෙ ඇදල අරං '' ඉඳා උඹට '' කියල වෙඩි තිබ්බ වගෙ ඇට් කොලා...කෝ?...ම්හු....වෙඩි සද්දයක් නෑ..නළුව මීටර් කාරය...ඌ යූස් යූස් කලා කිඩ්නිය..'' හ්ම්ම්.දුස්ට හැතිරී..තිගේ වෙලාවට මයෙ පිස්තෝලෙ පත්තු උනේ නෑ...අහෝ ලෝක පාලක දෙවියනි ඔබ වහන්සේලාත් මේ දුස්ට ඉස්ත්‍රීන්ට උපකාර කරන්නේ මන්ද?...අහෝ , අහෝ, අහෝ..'' කියල මහ හයියෙං කෑගහල එහෙම..මේ රචින්න ඉන් චාජ් ට ඇහෙන්ටයි මෙහෙම කෑගැහුවෙ...එහෙම ඇහිල මේ පාරවත් රචින්නෙ දායිද බලන්ට ..හෙහ්, හෙහ්,
ඒ කරල '' ඉඳා තී මෙවර නම් මගෙං ගැලවෙනව බොරු '' කියල ආයෙම පිස්තෝලෙ දික්කරල වෙඩි තිබ්බ වගෙ ඇට් කොලා. ම්හු..ඒ පාරත් නෑ වෙඩි සද්දයක්...
අහවල් වෙඩි සද්ද..ඉස්ටේජ් එක පිටිපස්සෙ රචින්න ඉන් චාජුයි මමයි පුල් ආතල්...කොත්තුවක් තිබ්බෙ බයිට් එකට...අරූ තව පොඩ්ඩෙං රචින්නෙත් ගන්නව බයිට් එකට ..යාන්තං මම දැකල ඒක බේර ගත්තෙ...
End of Part 1 of 2
@ Januu, - Part 2
Deleteදැං ආයෙම නාට්ටියට...දෙවෙනි පාරත් නෝ වෙඩි සද්ද...ඔන්න ටික ටික පෙරේක්සකය කනු කුනු ගාන්ට හිනා වෙන්ට පටං ගත්ත, නළුව හතර අතේ බලල දත් මිටි කාගෙන හෙමීට කිව්ව නිළියට..
'' මේ ඕයි, මම දැං වෙඩි තිබ්බනෙ..තමුසෙ වැටිල මැරෙනවකො..මා දිහා බලා ඉන්නෙ කන්ට වාගෙ. ''
ඔය නාට්ටි කොරද්දි පොඩි පොඩි ආතල් සීන් වෙනව අතට යටිං...නාට්ටියෙ අද්දියස්සය ඉන්නවනෙ..නාට්ටිය පුහුනුවීං පටන් ගද්දි අද්දියස්සයයි මේ කෙල්ලයි පෙරේමවන්තයො..ඒත් නාට්ටිය කරගෙන යද්දි අද්දියස්ස සැට් උනා ඇඳුං ආයිත්තං මහපු ගැටිස්සි එක්ක..ඕකට මේ නිලිය මල පැනල හිටියෙ..ඒකිත් බැලුව මේක හොඳ චාන්ස් එක නාට්ටිය කඩාකප්පල් කොරන්ට ...කියල ඒකිත් දත්මිටි කාගෙනම මෙහෙම කිව්ව.
'' මැරෙන්නෙ කොහොමද හලෝ..තමුසෙ වෙඩි තිබ්බෙ නෑනෙ , තිබ්බ නම් කෝ සද්දෙ?''
ඉතිං මොකද කරන්නෙ?..ඒත් නලුව මීටරේ කියල මම මුලිම්ම කිව්වනෙ...මිනිහට මතක් උනා ඉණේ තියනව කියල පිහියක්...
ඇදල ගත්ත පිහිය..
'' හෙහ්, තී මගෙන් බේරෙන්ට, පිස්තෝල ඕන නෑ මට තී මෙලොවින් තුරන් කරන්ට '' කියල පිස්තෝලෙ පැත්තක දාල ඇන්න කෙල්ලට පිහියෙං...නෑ, නෑ, බොලව් ඇන්නෙ නෑ...ඇන්න වගේ ඇට් කලා.
මේ අකරතැබ්බ ඔක්කොම වෙන අතරෙ නාට්ටියෙ අද්දියස්සය ඒ ලඟ තිබ්බ කමතෙ ( නාට්ටිය පෙන්නුවෙ කුඹුරක ) අලුතෙන් සැට් වෙච්චි අංගනාවි එක්ක පේම ජවනිකාවක්..
ඔන්න සහායකයෙක් දුවගෙන් ගිහිල්ල මූට කිව්ව සීන් එක,
අද්දියස්සය දනි පනි ගාල දුවගෙන ආව අපි ඉන්න තැනට...
'' මොකද යකෝ කොරන්නෙ?...මාව කන්ටද හදන්නෙ?...අරෙහෙ නාට්ටියෙ වෙඩි තියන සීන් එක ගිහිල්ලත් ඉවරයි..උඹල මෙතන කණමදයො වගෙ බොනව..''
රචින්න ඉන් චාජ් මයෙ යාලුවගෙ කටත් ඇරුන බාගෙට.. '' අනේ අයියෙ සොරි...කියන්ට එපාය කලින්...කෝ බං මේ රචින්නෙ?...'' කියල ඔන්න රචින්නෙ පත්තු කරල වීසි කලා,
ඩෝං...............
හරියටම ඒ මොහොතෙම තමයි ඉස්ටේජ් එකේ නලුව කෙල්ලට පිහියෙං ඇන්නෙ...
හූවක් ආවයි කියන්නෙ ආයෙ අහල පහල කඳු ඔක්කොම හෙල්ලිලා ගියා...
'' මොකද බං අර හූ කියන්නෙ? .... '' එහෙම ඇහුවෙ මයෙ යාලුව..රචින්න පොර,
'' කවුරු දන්නවද බං...සමහර විට නාට්ටිය නැඟලම යනව ඇති...පෙලක් උදවිය සන්තෝසෙටත් හූ කියනව නෙව..ඔය නරි හඳපානෙ හූ කියන්නෙ..අන්න ඒ වගෙ..මේ ඒකෙං ඇති වැඩක් නෑ..ගනිං ඔය බෝතලේ මෙහාට '' මම අත දික්කලා
End of Part 2 of 2
අපොයි බඩ පපුව රිදෙනවා හිනා වෙලා . ජනු මාත් දැනන් උන්නේ නැහැනේ ඔය පන්සල .
Deleteරවී අයිය එහෙම ලේසියෙං ගැලවෙයි මගෙන් බින්දි අක්කෙ...!!
Deleteමට කතාව කියවල මේ චිත්තරේ මතක් වෙච්ච ගමංම දුන්න අපේ අම්මට කෝල් එකක්.. ඇයි එයා ලඟ තියෙනවනෙ දැනට අවුරුදු පහළොවකට විතර කලිං ලේක් හවුසියෙං අච්චු ගහපු කැලණි විහාරෙ සහ බුද්ධ චරිතෙට අදාල සිදුවීම් නිරූපණය කෙරෙන චිත්‍ර තියෙන බුදු මග පොත...ඉස්තානෙ පොඩ්ඩක් සුවර් නැතුව හිටියෙ....
කෙලිංම වැඩේ කොම්පෝම් කරගෙනම තමා දැම්මෙ...
ඊලඟ වතාවෙ ගෙදර ගියාම අරන් ඇවිල්ල ස්කෑන් පාරක් දාල දාන්නංකො...
ආයෙ තුවක්කු අරගත්තු මාර සේනාව විතරක් නං මදැයි බිත්ති ඔරලෝසුත් තියෙනව ඒකෙ
@ සිත්තමී,
Delete/ D :D :D හපෝයි, මට අත් දෙකෙංම කට වහගත්තත් මේ හිනාව නවත්තගන්ඩ බෑනෙ බොලේ. /
ඔව්, ඔව්, ඔව්...උඹට හරි හිනා නේද?...ඈ බොල....උඹට හරි හිනා,
උඹත් දත මැදගෙන නෙව ඉන්නෙ හිනා වෙන්ට....හෙහ්, හෙහ්, ඉතිං මොකද ඒකෙ වැරැද්ද නැද්ද?....සිනාවී තාර වෙන්න....කියලත් තියනවනෙ..ඒ කියන්නෙ හැබැයි හිනා උනාම තාර වගෙ කළු වෙනවයි කියලද නම් මන්දා.
/ (අනේ ඇත්තමයි අක්කේ, අක්කා අහරෙ අපිව අඬවන්න ලියනවා වාගෙම අපිව හිනස්සන්නත් හපනි.) /
හප්පච්චියේ...ඒ අම්මණ්ඩි ඔය කෝකටත් හපනි නෙවෙන්නං....බැරි දෙයක් තියනවය ආය මේ ඉර හඳ යට ඔවුන්දැට...
ඒ වගේම තමා බෙලිකටු කොක්කනේ හොල්ලන්ට ගියාමත්..මං අර වංගියක් කියැව්වෙ....තල්ලත්තට බොරළු ගහන්නැහෙ තමා ඔන්න...උඹ දන්නවද අර අහිංසකය දැං වැඩිපුර ඉන්නවය කියන්නෙ මූද යට....තල්මස්සු මෝරුත් එක්ක ඉන්න එක සැපයි කියල හිතනව ඇති එකත් එකටම...එහෙම නැත්තං කං දෙකට නිවනක් තියෙන්නෙ මූද යට විතරක් නිසා වෙන්නත් ඇති..:)
@ බින්දි,
Deleteමොනව කියනවද බොලේ...හිනාවෙන එක නොම්බර එකේ වියායාමයක් නෙව...මූණට ඉස්සරෝම...ඊට පස්සෙ බඩට ..ඉම්පස්සෙ පෙණහළු වලට....
@ ජනූ,
Delete/ ආයෙ තුවක්කු අරගත්තු මාර සේනාව විතරක් නං මදැයි බිත්ති ඔරලෝසුත් තියෙනව ඒකෙ /
අඩේ බිත්ති ඔර්ලෝසුවකුත් තියනව?...නුවර යුගේ වෙන්ට බෑ එහෙනං...ඒ කාලෙ බිත්ති ඔර්ලෝසු තිබ්බෙ නෑ නේද?...අනික කොහෙද ඕක දැං එල්ලල තියෙන්නෙ?...අර ගිරිමේකලාගෙ නැට්ටෙ වෙන්ට ඕන එකත් එකටම...:) :)
ඒයි බොලේ මට ආව මෙහෙම අයිඩියාස් එකක්..දැං ඔය සිදුහත් තවුසගෙ සීලෙ බිඳින්ට අර මර දූවරු තිදෙනා නැටුවය කියනවනෙ නැටිල්ලක් සිරස ඩාංසිං ඉස්ටාර් වගෙ...ඒ වෙලාවෙ එවුන්ට ටයිම් වෙන් කරල තියෙන්ට ඇති...රම්‍යාට මෙච්චරයි, සුරම්‍යාට මෙච්චරයි, සුභාට මෙච්චරයි කියල..හරියට ඒ වෙලාව බලාගන්ට වෙන්ටෝන අලියගෙ නැට්ටෙ ඔය ඔරලෝසුව මාරය එල්ලුවෙ..
රම්‍යා.. සුරම්‍යා.. සුභා.. ???? ඒ කවුද බොල.?? මාරයගෙ අනියම් භාර්යාවන්ද.??
Delete@ Bura,
Deleteඅඩේ, ඉත්තේරුවෙම්ම සොරි හොඳද?...රම්‍යා, සුරම්‍යා, සුභා කියන්නෙ තුන් බෑ ජටිලයො නේද?..හපොයි වැරදීමක්...
@ රවී අයියා:
ReplyDelete/අඩේ ඔච්චර කොළඹ හිටිය...මම ඔය විත්තියක් දැනං උන්නෙ නැහැ නෙව..සික්...දන්නවනං යන්ට තිව්ව බලාල වැඳ පුදා ගන්ට.../
තුවක්කු අමෝරාගත්ත දස බිම්මරක් මාර සේනාව මැද්දෙ ගිරිමේඛලා ඇත් රාජයා මස්තකේ වසවර්ති මාරයවත් සිත්තං කොරල තියෙනව ආයෙ පණ පිහිටුවල....උත්කුරුස්ටයි අර උඹ කියන්නැහෙ...
උඹට කිව්වම මොකෝ අයියෙ අපේ අම්ම ටැලිපෝං එකෙං ඒ චිත්තරේ විස්තර කොළාම මයෙ නේත්තරා දෙකෙං සතුටු කඳුලු ගලාගෙන ගලාගෙන ගියා ආයෙ නෑ මා ඔය පිටාරගලන්නැහෙ...ආයෙ වංගියක ගෙදර ගියාම පොටෝ කෑල්ලක් අල්ලාන එන්නංකො
හෙහ්, හෙහ්, අම්මප උඹ කියනකොටත් සර්දාවෙං මගෙ කකුල් ගැහෙන්ට ගන්නව...දර්මසංවේගය කරන කොටගෙන ඇඟ හීතල වෙනව..රෝමෝද්ගමනය නිසාවෙන් මයිල් කෙලිං වෙනව...අම්මප ඔය මහා චිත්‍ර කර්මාන්තය ඊළඟ පාර බලන්ටම යන්ට ඕන....ස්තූතියි ජනූ විස්තරේ කිව්වට...
Deleteඔන්න තව කතාවක් මතක් උනා මාර පරාජය කියන කොට...මේක නම් ආය බොරු කියන්නෙ අහවල් දේකටද?...මම අහපු කතාවක්......හැබෑ බොරු ගැන නම් නොදනිමි....
වෙසක් කාලෙට තියනවනෙ රූකඩ නැටවිලි...අම්බලංගොඩ තමයි මේ වැඩේට පොරසිද්ද...සාමාන්‍යයෙන් කරන්නෙ එක රූකඩේට නටවන්ට එක රූකඩ ශිල්පියා ගානෙ ඉන්නව...ඒත් ඔන්න එක බොහොම දක්ස සිල්පියෙක් හිටිය මිනිහ තනියම අත් දෙකෙන්ම රූකඩ හතර පහම නටවනව...
ඔන්න එක පාරක් වෙසක් එකට මිනිහ බාර ගත්ත මාර පරාජය රූකඩ නැටවිල්ල....මිනිහ හැබෑම දක්සය...ඒත් පොඩ්ඩක් විතර සන්තර්පණය වෙන්ට ප්‍රියයි...දන්නවනෙ මම කියන්නෙ මොකක්ද කියල නේද?...එදත් ටිකක් අනුමත වෙලා තමයි වැඩේට බැස්සෙ....
ඔන්න ඉතිං පීකර් ගස් බැඳල බෙරිහං දෙනව...
රතී වයන්නී - රඟා රඟන්නී
තන්හා ගී ගයතේ
මෙකී ළඳුන් බඳු - ළඳුන් නටා නැත
කිසි දිනයක දියතේ
සවන සනහති - නයන පිනවති
ඉඟසුඟ නළවාලා
මනස කළඹති - අනඟ සැර දෙති
රඟදෙන මරදූලා
අපේ රූකඩ ශිල්පියත් දෑතිම්ම නූල් එහා මෙහාකර කර නටෝනව රූකඩ....දකුණු අතෙන් සිදුහත් තවුසා...වම් අතෙන් මර දූවරු තිදෙනා...
ඔන්න ටික වෙලාවකින් සිංදුවෙ සද්දෙත් යට කරගෙන මහා හූවක් ආපි..රූකඩ ශිල්පිය තක්බීර් උනා...ඇයි දෙයියෝ සාක්කි කවදාවත් වෙච්චි වැඩක්ය මේක?...නූල් නටෝන ගමම්ම ළඟ හිටපු ගෝලයට කිව්ව ඉස්ටේජ් එක ඉස්සරහට ගිහින් බලන්ටෙයි කියල මොකද මේ අවුල කියල
ගෝලයත් හෙමීට ගියා ඉස්සරහට...තාම හූව නැඟල යනව...
අප්පටසිරි ගජ...නැන්දට කජු මද...මොකෝ වෙලා ඇත්තෙ?..අපේ අති ගරු රූකඩ ශිල්පියට වමතයි දකුණයි මාරු වෙලා...අනුමත වෙලාත් නෙව හිටියෙ..
මර දූවරු තිදෙනා ඉන්නව භාවනානුයෝගීව බොහොම සාන්ත දාන්තව..සිදුහත් තාපසය අත පය උඩ දම දම නටනව.....
උඹේ දඩයක්කාරයා මම මුල ඉඳලා කියවලා නැති නිසා ඒ ගැන කියන්න තියෙන්නෙ උඹ භාෂාව යොදාගන්න හැටි තමයි. ඇත්තෙන්ම අපි එකම කාලෙ එක ඉස්කෝලෙට ගිහිල්ලත් උඹ මේ බහුශ්‍රැත භාෂාව කොහෙන් ඉගෙන ගත්තද කියලා මට හිතා ගන්න බෑ. සමහර විට උඹ උගන්නන වෙලාවට අහගෙන ඉන්න ඇති.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ජේ. ආර්. ලොක්ක සාහිත්‍යය, මම කියන්නෙ සිංහල විතරක් නෙවෙයි බටහිර සාහිත්‍යයත් එක්ක ...විශය නිර්දේශයෙන් ඉවත් කරපු එක ඔය මනුස්සය ලංකාවට කරපු අපරාද වලින් බරපතලම එක නොවුනත් බරපතලම කීපයෙන් එකක්...
Deleteහරි, දේශපාලනය ඒ ඇති...මම අහු උනෙ හෙන්රි...අර ජා.පො.අ. ස. විභාගෙ මතකද? අන්න ඒකට...76 ඒ විභාගෙ කලේ...ඊට පස්සෙ තිබ්බෙ ඒ ලෙවල් වෙනුවට H.N.C.E. කියල විභාගයක්...කිසි දවසක් ඒ විභාගෙ පැවැත්තුවෙ නම් නෑ...77 ජූලි වල සමගි පෙරමුණ පැරදිල ආපු එ.ජා. ප. ආණ්ඩුව ආයෙම කලින් තිබ්බ ක්‍රමයට ගියානෙ.
විශය නිර්දේශයට තිබ්බ සිංහල සාහිත්‍යය,එතකොට අපේ සංස්කෘතික උරුමය කියල අලුත්ම විශයයක්..ආය ව්‍යාපෘති වැඩ කියල සමාජ සේවා සම්බන්ධ ක්‍රියාකාරකමක්...ඇත්තටම මේ විශය නිර්දේශය කවුරු උනත් කරපු අගේ ඇති වැඩක්...ඒත් ඒකෙ ප්‍රතිඵල දැකගන්ට බැරි උනා අපිට අවාසනාවකට...
අපිට සිංහල සාහිත්‍යය කලේ අමරසිංහ සර්...හෙන් රි උඹට මතකද?
අපේ සංස්කෘතික උරුමය කලේ පුනහැල හාමුදුරුවො...හෙහ්, හෙහ්, තන්ඩර් බර්ඩ්...
ෂිහ්! හැන්රියත් එතකොට මෙරූන් ඇන්ඩ් සිල්වර් ද.?? මළකෙලියයි, ඒ කාලෙ ඉස්කෝලෙ අනිත් එවුන්ට එපා වෙලා තියෙන්ට ඇති.. ඇයි බොල එක වගේ පිස්සො දෙන්නෙක්ම එක පාර මෙහෙම ආස්සරේ කොරන්න ලැබෙන්නෙ නෑ නෙවැ ලේසියකට.. :P
Delete@ Bura,
Deleteපිස්සුද බූරො...ඒ කාලෙ මම හැන්රියව දන්නෙත් නෑ...අපි ඉස්කෝලෙ නම ගිය පොරවල් හරිය?....ඔය හැන්රිය වගේ දෙකයි පනහෙ එවුන් අපි ගනන් ගන්නවද පයිසෙකට?....හෙහ්, හෙහ්,
මට පුදුම ඌයි මායි දෙන්නම ඒ ඉස්කෝලෙට ගිහිල්ලත් ඒක තාම නිරුපද්‍රිතව තියන එක...
Amitha Abesekara wrote a really interesting column to The Sunday Island for so many years,
This is one of his unforgettable anecdotes....
After so many years leaving the school by the sea ( Amitha was a Thomian ), I met my former warden at a church gathering.
'' Sir, Do you remember me? ''
I asked rather nervously walking up to him ,
'' Remember you? Oh the good lord, I have been trying to forget you all these years ''
He said with a twinkle in his eyes,
දෙකයි පනගෙ උන්!! Grrrr!!!
ReplyDeleteමම උඹට වඩා කලින් අවුරුද්දෙ රවියා. අර NCGE වලට කලින් අන්තිම GCE OL කරපු බැච් එක. මේ රටේ උන් තාම කරන්නෙ ඒ සිලබස් එක බං. උඹලට වගෙ විද්‍යාව කියලා නැතුව, 8,9,10 පන්තිවලත් Chem Phy Bio කරපු අන්තිම බැච් එක. සිංහල කලේ තන්ඩරුයි නිල අල්ලන වීරයයි තමයි.
ඇත්තෙන්ම බුරා ඔය සමහරු කියනවා නේද "Birthday is nothing to celebrate, you are getting closer to the grave" වගෙ අදහසක් දෙන එකක්. මම නම් හිතන්නෙ "We should celebrate each birthday, simply because we survived another in a world full of dudes like Raviya" කියලා. :)
මම හිතන්නෙ අපි ඒ දවස්වල ඉඳන් අඳුනන්නෙ නැත්තෙ රටේ වාසනාව කියලා බං.
අඩේ බුරා උඹ මගෙ සිංහල බොලොක්කෙ පැත්තෙ ඇවිත්ම නෑ නේද?
ඔය යට තියෙන එක ඔබලා වරෙංකෝ ඒ පැත්තෙ. ඔය මොකක්ද ඔබන්නෙ? ඔය මට හිතෙන හැටි කියන link එක බං, උඹේ මොකවත් නෙවෙයි. :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හිටහංකො, මම සුබ නැකතක් බලලා ඒ පැත්තෙ ගොඩවදින්ට.. :)
Delete@ henry,
Deleteඅවුරුද්දක් නෙවෙයි මචං එහෙනං අවුරුදු දෙකක්...මම N.C.G.E. දෙවෙනි බැච් එකේ..
මම ඉස්කෝලෙට ආවෙ 77 අවුරුද්දෙ...මුලම අවුරුද්ද හිටියෙ උඹට මතකද කිත්‍යාකාර හේට්ටුවෙන් ඇතුල්වෙනකොට වම් පැත්තෙ තිබ්බ ටකරං වහපු පංති කාමර පේළිය...අන්න ඒකෙ...හප්පා, දවල් දොළහ එක වෙනකොට ඉන්ටම බෑ..රස්නෙ...අපි ඒකම තමයි 10 වෙනකොට එතනම තිබ්බ කානුවෙන් බඩගාල එහා වත්තට පැනල ඔය රියෝ එහෙම නැත්නම් සෙන්ට්‍රල් එම්පයර් පැත්තෙ යන්ට පුරුදු උනේ..
අඩේ NCGE අවුරුදු දෙකක් තිබ්බද? මම හිතුවෙ එක අවුරුද්දෙන්ම චක බ්ලාස් වෙලා ගියා කියලා.
Deleteඒ කානුවෙ ගප්පි විතරක් නෙවෙයි, ගෝල්ඩ් ෆිෂ්ලත් හිටියා බං. මම හිතන්නෙ මාලු ටැංකි හෝදලා දාන වතුරෙ තියෙන බිත්තර වලින් වෙන්න ඇති බෝ වෙල ඇත්තෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අම්මප කියාපං...යකෝ ගෝල්ඩ් ෆිෂුත් හිටියද?....සික්, කලිං කියන්ට එපාය...ලබන ආත්මෙදිවත් ඔතනිං පැනල යද්දි පොඩ්ඩක් හෝදිසි කොරල බලන්ටෝන...හෙහ්, හෙහ්,
Deleteඒ දවස්වල නම් දැනගෙන හිටියත් ගෝල් පිස්ල බලන්ට වෙලාවක් තිබ්බෙ නෑ...කුවේජු සෑර් කොහෙං මතුවෙයිද කියල හෘදය මුඛාභ්‍යන්තරයෙහි රුවා ලා පියා නෙව ඔය කාණුවෙං පනින්නෙ....
ඇඩ්ඩිං අයිය එහෙම මතකෙයි?....
අපෙ පංති කාමර තිබ්බ තැන දැන් තියෙන්නෙ භාෂා විද්‍යාගාරය මම හිතන්නෙ.....
සික්! මුං වගේ නසරානියො ටිකක්.. ඒ කාලෙ ඉස්කෝලෙන් හොරෙන් කට්ටි පැනලත් ගිහිල්ලනේ.. අපි නම් ඉස්සරහ තාප්පෙං පනින්ට තියා හිතුවෙවත් නෑ..
Deleteමලේ..උඹ දන්නවය ඔය නසරානිය කියන්නෙ අරාබි වචනයක්ය කියල..ඒකෙ තේරුම Non Believers කියන එකයි...ඒ කියන්නෙ අල්ලා විශ්වාස නොකරන උඹල අපි ඔක්කොම නසරානියො...
Deleteබොලායෙ කොහෙද බං ඉස්කෝලෙ තියෙන්නෙ මේ දෙනෝදාහක් යන එන මහ පාරවල් වලිං වට වෙලානෙ....අන්න ඒකට අපේ එක...ඒ කාලෙ බලංගොඩ හාමුදුරුවො ඉස්කෝලෙට බූමියක් හොයද්දි තුන් කල් දන්නා විචක්ෂණ බුද්ධියෙන් කල්පනා කරල තමයි..සිසු දරුවන්ගේ පහසුව පිණිස වටේටම හදිසි අවශ්‍යතාවයකදී ගුරු දෙවිවරුන්ට කරදර නොකර නික්ම යෑමට මනා පහසුකම් සහිත පුණ්‍ය භූමියක් ඒ සඳහා තෝරා ගත්තෙ..තේරුණා නේද බොට?
එතුමාට මතු බුදු බව ලැබීමටම හේතු වාසනා වේවා ! සාධු! සාධූ!! සාධූ!!!
ඒත් ඔය බොලායෙ ඉස්කෝලෙ මහ පාර අද්දරය කියල ඇරියෙ නෑ ඒ කාලෙ හිටපු නසරාණියො....එක පාරක් කොල්ලො ඔය තාප්පෙං පනිනව කවුද පොටෝ ගහල පත්තරේට දාලද දාන්ට ගිහිල්ලද මහ කලබැගෑනියක් උනා මට මතකයි...
අපෙ සෙට් එකේ හිටිය පරිප්පු නං ඕන තරං එකේ බුවාල තුන් හතර දෙනෙක්..ඒ කාලෙ ඒකෙත් හිටිය එල කොල්ලො..පස්සෙ පස්සෙ තමයි මේ එළොවටත් නැති මෙළොවටත් නැති හාංචිපයිස් එවුං ඕකට ගිහිල්ල ඉස්කෝලෙ සවුත්තු උනේ...
අපි ඉතිං බොහොම සාන්ත දාන්තව...දන්නවනෙ.... බවුද්ද ඉස්කෝලයක් උනාම බොලං ඒ හැදියාව තියෙන්ට ඕන කොහේ ගියත් මොනව කලත්...තාප්පෙං පැන්න උනත් ඒකෙත් තියනව විනයක් සංවරකමක් .... බලා ඉන්න අය කියනව මයෙ කං දෙකට ඇහිල තියනව " ආං , අර නම් අහවල් ඉස්කෝලෙ ළමයි..පේන්නෙ නැද්ද...විනීත කොම දෙකංසෙං පෙරෙනව "' කියල
ඒක උනේ මෙහෙමයි..මම තාප්පෙ උඩට නැග්ග ඔන්න මුලිම්ම...පොත් ටික දෙන්නෙ කාටද?...බිමට දාන්ටත් බෑනෙ...එව්ව පව් සිද්ද වෙන වැඩ...සිල්පෙ පිහිටන්නෙ නෑ....ඒ පාර පාරෙ හිටපු මහත්මයෙකුට කතා කලා " මාමෙ, කරුණා කරල මේ පොත් ටික පොඩ්ඩකට ගන්නවද? '' ( දැං කාලෙ එවුං වගෙ අපි අංකල් බංකල් කිව්වෙ නෑ හරිද? ) ඒ කරල බොහොම සීරුවෙන් බිමට බැහැල උන්දැගෙන් පොත් ටිකත් අරගෙන '' බොහොම ස්තූතියි මාමෙ, තෙරුවන් සරණයි ගිහිල්ල එන්නම්'' කියල බිම බලාගෙන සීරුවට එතනින් ආව එන්ට..ඒ එනකොට තමයි ඒ මහත්මය අර කලින් කියාපු ටික කිව්වෙ..මයෙ කං දෙක පල්ල...ඇත්තම ඇත්ත.
ඒ මහත්මයගෙ ඇස් දෙකේ සතුටු කඳුලු පිරිල තිබ්බ මට අද වගේ මතකයි...දුවෙක් ඉන්ට නැතුව ඇති..හිටියනම් අනිවා ඩෙෆා...ඒ වෙලාවෙම අපෙ අම්මල තාත්තලට කතා කරල වැඩේ තීන්දුවක් කරල දානව...
ආ..ඉතිං ඔහොම අපි ගිහිල්ල ඉන්නව Dhal all you need එකේ ඉස්සරහ බස් හෝල්ට් එකේ..ඒකට යන අර අපෙ හිතවත් නසරානියො එනකල්....
ඔන්න ටිකකට පස්සෙ මුං ටික එනව හති දාගෙන...
'' ඒයි මොකද බං මෙච්චර වෙලා කෙරුවෙ?...බලාපං දැං දහයටත් කිට්ටුයි...රියෝ එකට බස් දෙහෙක යන්ටත් එපාය...'' අපි උන්ට දානව දෝස්මුරේ,
'' උඹල නම් කියයි...සෙල්ලමක්ද මේ තාප්පෙං පනින එක..මොනවට මේ හැටි උසට තාප්ප ගහනවද මංද?'' හෙහ්, හෙහ්, උංට මල හොඳම එක...
' හරි හරි බං හැම දේකම හොඳ පැත්ත බලන්ට පුරුදුවෙයං..දැං බලාපං උඹලට කවද හරි වැලිකඩිං පනින්ට උනත් මේක හොඳ පෙර හුරුවක් නේද? ''
'' පල ****** යන්ට, මගෙං කුණු හරප අහගන්නෙ නැතුව. ''
හෙහ්, හෙහ්, බූරො...මතක් වෙනකොටත් ආසයි බොල...
තව එක කතාවක් විතරක් කියන්නම්..
ඔහොම දවසක් බස් හෝල්ට් එකේ අපි ඉන්නකොට ඔන්න අරුං පනිනව තාප්පෙං
ඒ ලඟ හිටපු වයසක ආච්චි කෙනෙක් කම්මුලේ අත තියාගත්ත..
'' අනේ බලන්ටකො මේ දරුවො දැං වැටිල අත පය කඩා ගන්නව....අර අතන විසාල ගේට්ටුවක් තියනව නේද?...ඒක ඇරගෙන යස අගේට එන්ට පුළුවන් කම තියෙද්දි මොකටද මේ කරදර වෙන්නෙ...''
'' නෑ ආච්චි අම්මෙ, ඒ ගේට්ටුවෙ ඉබ්බගෙ යතුර නැතිවෙලා දැන් සුමානයක් විතර වෙනව..ලමයි ඔහොම තමයි ඉස්කෝලෙට යන්නෙයි එලියට එන්නෙයි දෙකම.'' .මම ආච්චිට පැහැදිලි කලා..
'' අම්මප පුතේ?....ඉතිං ඒක පුදුම වැඩක්නෙ...යතුර නැත්නම් ඉබ්බ කඩල අලුත් ඉබ්බෙක් දාන එකනෙ තියෙන්නෙ...''
'' ඉස්කෝලෙට සල්ලි නෑ කියනවනෙ අලුත් ඉබ්බෙක් දාන්ට.. ''
ආච්චිගෙ ඇස් දෙක උඩ ගියා...'' ඉතිං එහෙම කියල........''
තවත් මොන මොනවද කිව්ව..ඒත් අරුං එතකොට ආපු නිසා අපි එව්ව අහන්ට හිටියෙ නෑ...
// එක පාරක් කොල්ලො ඔය තාප්පෙං පනිනව කවුද පොටෝ ගහල පත්තරේට දාලද දාන්ට ගිහිල්ලද මහ කලබැගෑනියක් උනා මට මතකයි //
Deleteඕක පත්තරේට දාන්ට තරං මහ ලොකු නිවුස් එකක්යැ, හැමදාම සිද්ධවෙන සාමාන්‍ය දෙයක් නෙවැ.. ඔන්න කවුරුහරි ඉර පායනවා ෆොටෝ ගහලා පත්තරේට දැම්මනං ඒකනං නිවුස් එකක් වෙනවා..
// පස්සෙ පස්සෙ තමයි මේ එළොවටත් නැති මෙළොවටත් නැති හාංචිපයිස් එවුං ඕකට ගිහිල්ල ඉස්කෝලෙ සවුත්තු උනේ //
අනේ පලයං ඩෝ යන්න.. බොලාගෙ කාලෙ හිටිය හාල්පාරුවො වගේද අපි.?? බොලා හීනෙන්වත් හිතපු නැති ජාතියෙ වැඩ කරලා තියේ අපි.. බොරුවක් මුසාවක් කියලා හිතෙනවනං අහපංකො අර 'නිශ්' කොළුවගෙන්, ඌ කියයි තොරණෙ විස්තරේ මුල පටන්ම..
// හරි හරි බං හැම දේකම හොඳ පැත්ත බලන්ට පුරුදුවෙයං..දැං බලාපං උඹලට කවද හරි වැලිකඩිං පනින්ට උනත් මේක හොඳ පෙර හුරුවක් නේද //
උඹ දන්නවද? දැනට අවුරුදු කීපෙකට කලින් අපෙ ඉස්කෝලෙ තාප්පෙ තව අඩි 2-3කින් ඉස්සුවා බං.. මොකද කියනවා නං අපේ එවුං කොරන වැඩ වල හැටියට දැන් කෙලින්ම දාන්නෙ වැලිකඩ නෙවෙයි, ගුවන්තනාමෝ බේ කෑම්ප් එකට.. ඉතිං ඒකෙන් පනින්ට පුරුදු වෙන්ට ඕන කියලයි ඔය තාප්පෙ ඉස්සුවෙ.. අන්න ඉස්කෝල..!!
ඔය තාප්පෙන් පනින විස්තර කිවුවහම පරණ සීන් එකක් මතක් වුනා.. ඔන්න දවසක් උදේ අටහමාරට විතර අපේ ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නෙක් මොකක් හරි වැඩකට ඉස්කෝලෙන් එළියට ඇවිත් පාර දිගේ යනවලු පුංචි බොරැල්ල පැත්තට.. මෙන්න මුන් දෙන්නා ඉස්සරහින්ම එකෙක් තාප්පෙන් පනිනවලු.. මුන්ටත් මල පැනලා, ඇයි බංස් මේ උදේ පාන්දර කවුද තාප්පෙන් පනින්නෙ.!? (උඹ දන්නවනේ අපි පනින්නෙ පළවෙනි පීරියඩ් එකේ රෙජිස්ටරේ මාක් කොලාට පස්සෙයි කියලා) ඉතිං ඇල්ලුවාලු බෙල්ල මුලින්ම, ඇහුවලු "ඇයි බොල තාප්පෙන් පැන්නෙ කියලා." එතකොට කොල්ලා කියනවලු "අනේ අයියෙ, මං තාප්පෙන් එළියට පනින්න නෙවෙයි, ඇතුළට පනින්නයි යන්නෙ" කියලා. ඒ කාලෙ අපේ සීන්ස් එකක් තිබුනා අටෙන් පස්සෙ පරක්කුවෙලා එන එවුං ඉස්කෝලෙට ගන්නෙ නැති. ඉතිං මූ පරක්කුවෙලා ඇවිල්ලා ගේට්ටුවෙන් යන්ට බැරි නිසයි තාප්පෙන්වත් යන්ට ට්‍රයි එකක් දීලා තියෙන්නෙ (ආන්න බලහං ඉගෙනගන්න උනන්දුව තියෙන කොල්ලො).. අර ප්‍රිෆෙක්ට්ස්ලාට දුක හිතිලා මූව ගේට්ටුවෙන් ඇතුළට ඇරලුවා කියලා තමා කතාව තියෙන්නෙ..
@ Buraa,
Delete/ ඕක පත්තරේට දාන්ට තරං මහ ලොකු නිවුස් එකක්යැ, හැමදාම සිද්ධවෙන සාමාන්‍ය දෙයක් නෙවැ../
ඔතන මල්ලි ෂීන් එක මෙහෙම නෙව...සිද්දියක් සාමාන්‍ය නෝමල් එකක්ද විශේෂ එකක් ද කියන එක ඇවිල්ල සාපේක්සයි. ඒ ඒ පුද්ගලයගෙ අත්දැකීම් සහ ජීවිතය දකින ආකාරය අනුවයි ඒක තීරණය වෙන්නෙ..කොටිම්ම කිව්වොත් කාටත් තේරෙන බාසාවෙං පුග්ගලානුබද්දයි...ඔය පත්තර බුවා ඔහොම සීන් එකක් ජීවිතේට දැක්කෙ නැති ඔය හද්ද වන්නිකරේ එකෙක් වෙන්ට ඇති...ඌට ඕක මැජික් වගෙ වෙන්ට ඇති...හූ නෝස්?
/ අනේ පලයං ඩෝ යන්න.. බොලාගෙ කාලෙ හිටිය හාල්පාරුවො වගේද අපි.?? /
අඩේ බුදු මල්ලියේ..මම හාංචිපයිස් කියල කිව්වෙ උඹට එහෙම නෙවෙයි බාං...මයෙ අම්මයෙ මාමණ්ඩිගෙ තුංවෙනි පුතාගෙ අල්ලපු ගෙදර මනුස්සයගෙ මස්සිනාගෙ බාල කෙලී පල්ලා....මයෙ තුං හිතකවත් එහෙම කම්පනාවක් තිබ්බෙම නෑ ඔන්න...උඹම ඉතිං මේ අහක යන බුලත් බාරගෙන අනීවාරතේ මට වගපල කියන එකට නං මයෙ හිත් පොජ්ජට බෝම අමාරු පොජ්ජයි....:( :(
/ බොලා හීනෙන්වත් හිතපු නැති ජාතියෙ වැඩ කරලා තියේ අපි.. බොරුවක් මුසාවක් කියලා හිතෙනවනං අහපංකො අර 'නිශ්' කොළුවගෙන්, ඌ කියයි තොරණෙ විස්තරේ මුල පටන්ම../
නිස් ගෙං අහන්නෙ නං අර අහවල් කෙමනටද?....මම දන්නව බොලා ඔය කියන සීන්ස් එක....හෙහ්, හෙහ්, අර මොකුන්දෝ තුට්ටු දෙකේ සංගීත කාරයො වගයක් ගෙනැල්ල ආනංද රාත්තිරිය ද දෙගොඩ හරියද මොකක්ද කියල නටාපු නාඩගම ගැන නේද උඹ ඔය කියන්නෙ? :) :)
අනේ බොලා දන්න වස්තරේ රවි අයියෙ. අපි නම් ඔය දෙගොඩහරියක් හරි වෙන නාඩගමක් වත් කොලේ නැහැ.
Deleteඅපි කොරපුව කොරන්න අර කිවුවත් වගේ බොලා හීනෙන් වත් හිතන්නෙ නැතුව් ඇති.
හිටු බොට නිවාඩු පාඩුවෙ කියල දෙන්න.
ඔය තාප්පෙන් පනින එක නේද උඹට කියන්න අයියෙ මමත් ඕකෙන් ඇතුලට පැනල ඉස්කෝලෙ ඇතුලට ගිහින් ආයෙ ඕකෙන්ම පැනල එලියට ගොහින් තියෙනව.
බොලා මොන පැනිලිද තාප්ප වලින් අන්න ඒකට අපි ඔය කියන ඉස්සරහ තාප්පෙ නැතිව තව තාප්පයක් තිබ්බා ඔය බොලාගෙ රිදී පටි ඉස්කෝලෙට යන පාරකට යාබදව. අන්න ඒක තමා පැනිල්ල.
මේ ලඟදි දවසක මම අපේ උන්දැත් එක්ක ඔතනින් යන ගමන් පෙන්නුව අපි නම් ඉස්කොලෙන් පැන්නෙ ඔතනින් කියල.
උන්දැ මගෙන් අහපි. ඕකෙන් පැනල බෙල්ල කඩාගත්තු අය කීයක් හිටියද? පිස්සුද ඔච්චර උසකින් පනින්න කියලා.
ඔය වගේ වික්‍රමාන්විත වැඩ කොරපු කොල්ලො අපි හරිය.
කොටිනම කියනවා නම් අන්තිමට පොලිස් ආරක්සාව ඇතිව තමා කොළඹ නගර සීමාව පහු වෙනකන් ස්කූල් බස් එක ගියෙත්....:)
@ Nish,
Deleteඋඹේ කමෙන්ට් එක දැක්කම මලේ මට මරු කතාවක් මතක් උනා...හෙහ්, හෙහ්,
83 ජාතිවාදී කෝලාහල කාලෙ වෙච්චි දෙයක්...කොළඹ එක ඔෆිස් එහෙක හිටිය එක දෙමලෙක්...දැන් මිනිහ යාපනේට පැනගන්නයි යන්නෙ...ඒත් ප්‍රශ්නෙ බස් ඔක්කොම නවත්තල දෙමළු හොය හොය මරනව...බාල්දිය කියාපං කියලයි කියන්නෙ...දෙමල අය කියන්නෙම වාල්දිය කියලනෙ..අපේ දෙමල පොරගෙ යාලුවො බොහොම අමාරුවෙං දවසක් විතර මාංසි වෙලා මූට පුරුදු කරා හරියට බාල්දිය කියල කියන්ට..
ඔන්න දැන් මිනිහ යනව අනුරාදපුර බස් එහෙක..පෑළියගොඩදි නැවැත්තුව බස් එක සිංහල දේශ ප්‍රේමියො...බැහැපල්ල ඔක්කොම....හරි කියාපල්ල බාල්දිය ....ඔන්න පෝළිමට යනව බාල්දිය කියනව එහා පැත්තට යනව..අපේ පොරත් වීරය වගෙ ගිහිල්ල කිව්ව බාල්දිය කියල...හරි මිනිහත් පාස්..මිනිහට මාර සතුටුයි...එහා පැත්තට යන ගමන් ආපහු හැරිල ඇහැව්ව ''ෂරි නේද අයියා?''....කියල
අන්තිම වාක්‍යයෙන් වැඩේ කෙලව ගන්නව කියන්නෙ ඔන්න ඕකට....
/ ඔය වගේ වික්‍රමාන්විත වැඩ කොරපු කොල්ලො අපි හරිය. /
උඹත් මලේ මෙන්න මෙහෙම කියල කතාව ඉවර කරන්නෙ මේ විදිහට...හෙහ්, හෙහ්
/ කොටිනම කියනවා නම් අන්තිමට පොලිස් ආරක්සාව ඇතිව තමා කොළඹ නගර සීමාව පහු වෙනකන් ස්කූල් බස් එක ගියෙත්....:) /
ඒ කියන්නෙ පොලිස් ආරක්සාව නැත්නම් උඹල කනව හම්බානක....ඒකනෙ ඔය කියන්නෙ....
ඔය තර්ස්ටන් බුවාල එක්ක වලිය ගැනද උඹ කියන්නෙ?...ඕක අපේ කාලෙත් තිබ්බ...උඹලගෙ එවුන් අන්තිමට අපේ ස්කූල් බස් එකේ ගිහිල්ලයි ජාම් බේර ගත්තෙ...හෙහ්, හෙහ්,
ඔන්න මම බලාපොරොත්තු වෙච්ච ප්‍රබුද්ධ සංවාදය ගොඩ නැගිලා. ඉතිං බොල මොන මගුලකට අර දඩයක්කාරයෙක් ලියනවද මේවගෙ හරවත් අහවල් එව්වා ලියන්න පුලුවන් කම තියෙද්දි. සොරි වෙන්ඩෝනැ. නිදහස් සිතුවිලි බොලොක්කයට ඔය අනිත් අවසේස බොලොක්ක වගෙ පෝස්‍ටුවට අදාල කමෙන්ට් කරන්න කියලා රීතියක් නෑනෙ. මේක ඇවිල්ල conversation opener එකක් විතරයි. මම හරීම ආසයි මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට් වලට. දැන් සෑහෙන වෙලාවකින් දඩයක්කාරයා ගැන එකෙක් වචනයක් කියලා නෑ නේද? නේරු ගැන පෝස්ට් එකක් ලියාප. සරනේරු ගැන කමෙන්ට් කරනවා!
ReplyDeleteඅර උම ලියලා තියෙන තාප්පෙන් පනින සීන් එක, කියවලා මම හයීනා වග් හිනාවුනා බං. මගෙ බලවත් ඉල්ලීමට උම ඔන්න ඔය කමෙන්ට් එක පෝස්ට් එක්qඅක් කරපං හොඳ නසරානියා වගෙ.
අර බුරා නසරානියා ගියේ අර පාර මැද්දෙ තියෙන සුදු පාට ඉස්කෝලෙටද? Very bad location for a school! :ඪ්
මම නොදන්නවද බං ග්‍රවුන්ඩ් බෝයි ඇඩ්ඩිං අයියා. ඇඩ්ඩිං පැඩ්ඩා, කොලඹට ඇහුනා...කේජු කොටානෙ හිටපු අංක එකේ හතුරා. මම හිතුවෙ උඹ පොත් දුන්නෙ ""ෂෝ"ට කියලා. උඹ දන්නව නේද ෂෝ?
ඒ කාලෙ දැන් වගෙ සාක්කුවෙ ඉස්කෝලෙ ලේබලේ ගහලා නැති එක මාර චාන්ස් එකක් වුනා නේ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔවු බං, මම සාඩම්බර මෙරූන් ඇන්ඩ් ගෝල්ඩ් එකෙක් තමා.. හැබැයි බොලාගෙ කාලෙන් අවුරුදු බර ගානකට පස්සෙ..
Deleteඅඩේ ඒක කොහෙද බංස් වෙරි බෑඩ් ලොකේෂන් එකක් වෙන්නෙ..!? බලහං 103, 176, 167 ඕන බස් එකක් එතනින් නෙවැ යන්නෙ.. චුට්ටක් දුර පයින් ගියානං 138ත් ගන්ට පුළුවන්.. ඉතිං රියෝ, සැවෝයි යන්න ඕන නං එහෙමයි, නැත්තං බෝතලයක් ගහන්න බම්බා, වැල්ලවත්ත බීච් යන්න ඕන නං එහෙමයි ලේසියෙන් යන්ට පුළුවන්.. අනිත් පැත්තෙන් එම්පයර්, ඔලිම්පියා, සෙන්ට්‍රල්, රූබි එහෙම පයින් යන දුර.. බොලාට වගේ හැතැප්ම ගනන් පයින් ගාටන්ට ඕනැන්නෙ නෑ.. මේක අයිඩියල් ලොකේෂන් එක..
@ henry,
Delete/ ඉතිං බොල මොන මගුලකට අර දඩයක්කාරයෙක් ලියනවද මේවගෙ හරවත් අහවල් එව්වා ලියන්න පුලුවන් කම තියෙද්දි /
හෙහ්, හෙහ්, දඩයක්කාරයත් ඉවරයක් කරල දාන්ට එපාය බං....ඒකට ඉන්නවනෙ රසිකාවියො රොත්තක්...පැල් බැඳගෙන බණින්ට හරි...
හරි හරි එව්වයෙං කමක් නෑ....කොහොමිං කොහොමිං හරි බුද්දිමය හරවත් විදග්ද සංවාදයක් ගොඩ නැඟුනොත් ඒ මදෑ...අද අපේ රටට හෙනේට හිටල තියෙන්නෙත් ඒකම නෙව...කොහෙවත්ම නෑ බුද්දි ගලනයක්, හැමෝම රටේ නැති වල්පල් නෙව කතා කරන්නෙ...අපි වාගෙ බහුස්සුරූත, විචක්සනසීලී නානවන්ත ජාතියේ පිනට පහල උනු ( Down Hot to National merit ) කස්ටියට අද තියනව යුගයේ කාර්ය බාරයක්...
රයිට්..වරෙං හෙන්රි...ජොකා එහෙම උස්සගෙන...රට ගොඩ ගන්ට අඹරමු බුද්දිමය සාරවත් සාකච්චා මන්ඩපයක්...
/ නිදහස් සිතුවිලි බොලොක්කයට ඔය අනිත් අවසේස බොලොක්ක වගෙ පෝස්‍ටුවට අදාල කමෙන්ට් කරන්න කියලා රීතියක් නෑනෙ /
හපොයි නෑ බං...මෙතන එහෙම නෑ..දැං ඔය අපෙ ලෑන්ඩ් ලේඩි...රන්දිකා මහගෙ මේකට නිදහස් සිතුවිලි කියල නම දාල තියෙන්නෙ මොකද?....වචනයේ පරිසමාප්ත අර්තයෙම්ම මෙතන උඹල හැමෝගෙම නිදහස් සිතුවිලි වලට තේවත්තක්...අහ්...තේවත්තක් නෙවෙයි නේද?....තේතැන්නක්..හරි ඒක තමා වචනෙ...තේ තැන්නක්......නමේ විදිහටම වැඩේ ගෙනියනව අපි දෙන්න..හෙහ්, හෙහ්,
දැං ඔය අහල තියනවද අග්නි කියල සීතකරණ ජාතියක්..එතකොට මම දන්න පන්සලක් තියනව නම ඇවිල්ල ජන මර්දනාරාමය...දඹුල්ල කිට්ටුවක තිබ්බ ඒ දවස්වල ධර්ම රුචී බාර් ඇන්ඩ් රෙස්ටෝරන්ට්....අන්න ඒ වගෙ නෙවෙයි අපි....නම විදිහට වැඩේ යනව...
/ මේක ඇවිල්ල conversation opener එකක් විතරයි. /
එහෙනං එහෙනං..ඒ දවස්වල බොන්ට අපි සැට් වෙනවනෙ..ඔන්න මුලිම්ම හරිම අමාරුයි කොල්ලංගෙං සල්ලි ගන්ට...අම්මට සනීප නෑ..නංගිගෙ කොටහළුව..ආච්චිට බත් කැවීම ඔය වගෙ නානා ප්‍රකාර හේතු සල්ලි නෑ කියන්ට...යාන්තමට එක බෝතලයක් දෙකක් ගෙනල්ල දෙක තුන වදිනකොට හප්පා බලන්ට එපාය...සල්ලි එළියට එන්නෙ කිසි කිසි ගාල...ඔන්න පෝස්ට් එහෙකට තව මාත්තුරුකාවක් මතක් උනා...තෑන්ක්ස් හෙන්රි...
/ මම හරීම ආසයි මේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කමෙන්ට් වලට. /
අන්න හරි..මගෙ ජීවිතේම එහෙම තමයි බං...කවදාකවත් තිබ්බෙ නෑ ලබන අවුරුද්ද ඉවරවෙනකොට මම මෙහෙම කරනව..තව අවුරුදු පහකිං මෙහෙම කරනව...අහවල් දවසට ගෙයක් හදනව...අහවල් කාලෙට වාහනයක් ගන්නව වගෙ ඉලක්ක...අපරාදෙ කියන්ට බෑ..අපෙ ලොක්කිත් එහෙමයි...තකට තක...සතලොස් වසරක් එක කොට්ටෙ බුදියන්ට බෑනෙ බොලං එහෙම නැතුව...හෙහ්, හෙහ්
/ අර බුරා නසරානියා ගියේ අර පාර මැද්දෙ තියෙන සුදු පාට ඉස්කෝලෙටද? Very bad location for a school! :ඪ් /
හෙහ්, හෙහ්, මොනව කියනවද බං...ඒකට තමයි..මරදාන සෙන්ට්‍රල්...වෙරි බෑඩ් ලොකේෂන් ද කියලත් අහනව....අන්තිමයි...නිකමට බලාපං අර ඉස්සරහ තියෙන පෙට්‍රල් ෂෙඩ් එක ( තවම තියනවද මංදා ) ඉස්සරහ හිටගෙන ඕක දිහාවෙ....රටේ අනාගත පරපුරේ ණැනැස පාදන බුද්ධිය බෙදා හරින විද්‍යාස්ථානයක් කියල නිකමට කියන්ට පුළුවන්ද?....වැලිකඩ හිරගෙදර තාප්පෙට සුදු හුණු ගාල වගෙ....හෙහ්, හෙහ්,
/ මම හිතුවෙ උඹ පොත් දුන්නෙ ""ෂෝ"ට කියලා. උඹ දන්නව නේද ෂෝ? /
ෂෝ???...ම්ම්ම්ම්..මතකයක් නෑ බං ෂෝ ගැන :( :(
නෑ, බං එදා කුවේජු සර් රැකගෙන හිටියනෙ අර ගෝල් පිස් කානුව ගාව...සිකුරාද දවසක්...සිකුරාදටනෙ අළුත් ෆිල්ම්ස් දාන්නෙ...කුවේජු සර් ඕක දන්නව...සිකුරාදට මනුස්සය එකොලහ විතර වෙනකල් කාණුව ගාවින් හෙලවෙන්නෙ නෑ..එදා මොකක් හරි අධ්‍යාපනික වටිනාකමකින් යුක්ත ෆිල්ම් එහෙක ඕපනිං ඩේ...Lady Chattely's Lover, Reincarnation of Peter Proud, 10, ඔන්න ඔය වගෙ මොකක් හරි වෙන්න ඕන...
එහෙම එකක් අතෑරල කොහොමද කුවේජු සෑර්ට බයේ...ඒ පාර කාණුව පලාතෙ නොගොහිං දැං ඔය Auditorium එක තියෙන්නෙ ..අන්න එතන තාප්පෙං පැන්න...ඊට එහා පැත්තෙ Campbell Park එකට යන පාරනෙ...අන්න ඒ පාරෙ යමිං හිටපු අංකල් කෙනෙකුටයි මම පොත් ටික දුන්නෙ...හෙහ්, හෙහ්,
/ ඒ කාලෙ දැන් වගෙ සාක්කුවෙ ඉස්කෝලෙ ලේබලේ ගහලා නැති එක මාර චාන්ස් එකක් වුනා නේ? /
ඒකනෙ බං මොනව කියනවද?....අපි ඒ කාලෙ ඔව්ව කොලේ ජාම් බේරගෙන බොහොම සීරු මාරුවටනෙ...කොහෙද ඊට පස්සෙ ආපු එව්වො ( කනෙං පෙන්නන්නං...කනෙං, කනෙං...මේ ඊමම ඉන්නවා..හෙහ්, හෙහ් )..ලවක් දෙවක් නැතුව ඔව්ව කොරන්ට ගියායිං තමයි ඔය ලේබල් ගැහිලි සීන් ඔක්කොම ආවෙ...
ඇයි බස් සෞම්‍යා ඇඹරුම් හල. අරලිය ටින් මාලු. :D
Deleteෂෝ කියලා පොලිස් ලොක්කෙක් හිටියනෙ බං ඒ කාලෙ ඔය ඉස්කෝලෙන් පනින උන් හෙම පේන්න බැරි.
Lady Chatterley's Lover,
Reincarnation of Peter Proud
දෙකම මට අද වගෙ මතකයි.
මේ නම් ඊට පස්සෙ ආපු දෙකක්.
Seven Nights In Japan
Blue Lagoon
මතකද අපි පිස්සු වැටිලා හිටියා බෲක් ෂීල්ඩ්ස් සහ හිදෙමි අඕකි ගැන?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
/ ෂෝ කියලා පොලිස් ලොක්කෙක් හිටියනෙ බං ඒ කාලෙ ඔය ඉස්කෝලෙන් පනින උන් හෙම පේන්න බැරි. /
Deleteඅම්මට වූඩු තාත්තට ගෝයා....අර තඩි බුවා...බෙල්ල නැති පොලිස් කාරය...පොර ටැමිල් මට මතක විදිහට....වාමදේවන් වගෙ නමක්...උඹ දන්නවය පොරට ෂෝ කියල නම වැටුනෙ කොහොමද කියල....පොර ඒ දවස්වල වනාත පැත්තෙ එනවනෙ ගංජා හොර බඩු පොට් එහෙම අල්ලන්ට....එතකොට ඇලර්ට් එකේ ඉන්න එවුන්ගෙ සිග්නල් එක තමයි ෂෝ, ෂෝ ගාල කපුටො එලවන එක...පොරට දවසක් ඔහොම එකෙක් මාට්ටු වෙලා දුන්නළු නිල් වෙන්න..'' කෝ බොල පෙන්නාපිය තෝ එලවපු කපුටො....ඉතිං පෙන්නාපිය '' කියල...
හැබැයි 83 දි පොරට පෝරියල් එක දුන්නලු කට්ටිය වට කරගෙන පරණ කේස් ඔක්කෝටම හරි යන්ට...ඊට පස්සෙ මම හිතන්නෙ මිනිහා ගියා කැනඩා ද කොහෙද පදිංචියටම...
හප්පා...බිග් මැච් වලට එහෙම ඇවිල්ල අපේ ටෙන්ට් එක ඉස්සරහ අලිය වගෙ දෙපාරයි එහාට මෙහාට යන්නෙ...මික් නෑ අපි...රෑට හීනෙනුත් බය වෙනව...හෙහ්, හෙහ්,
/ මතකද අපි පිස්සු වැටිලා හිටියා බෲක් ෂීල්ඩ්ස් සහ හිදෙමි අඕකි ගැන? /
Seven nights in Japan ආවෙ ඔය ඔක්කෝටම කලින් නේද?....බ්ලූ ලැගූන්.... අන්න අනික් එක...බුරූක් නංගි......එතකොට දාසයයි මාසයයිද කොහෙද වයස...හෙහ්, හෙහ්,
මගෙ කාලෙන් කාලෙට හිටිය සිහින කුමරියො බුරුත්තක්ම...මුලින්ම උර්සුලා ඇන්ඩ්‍රස්, ඊට පස්සෙ ජැකලීන් බිසට්, බෝ ඩෙරෙක්, ෆාරා ෆෝසට්,ජැකලීන් ස්මිත්, ෂැරන් ස්ටෝන්,සිල්වියා ක්‍රිස්ටල්....
සික්! මොනාද බං.. උඹලා බිග්මැච් ගිහිල්ලාත් පොලිස් කාරයින්ට බයේ වහංවෙලා උන්නද.?? ලැජ්ජයි බොල ලැජ්ජයි.. ඕන්න එකපාරක් බිග්මැච් එකකදි අපේ එවුං හෙන වලියක්.. දන්නවනේ ඔය දෙකක් දාගත්තහම ඇදෙන එහෙටත් නැති-මෙහෙටත් නැති වලි, ආන්න එයින් එකක්.. දැන් දෙපැත්තෙන්ම අති බිහිසුනු මුෂ්ටි ප්‍රහාර, ගුවන් කරණම්, එතකොට අට ඉස්බක් පැන ගහන ගුස්ති ඔක්කොම විසිවෙනවා.. ඔය අතරට පැන්නා පොලිස් කාරයෙක් "අඩෝ තොපෙ අ***** කවුද ඩෝ ගහගන්නේ" අරකද මේකද කියාගෙන වලිය නවත්තන්ට.. අපේ එකෙක් ගත්තා අර වාඩිවෙන්ට ගෙනල්ලා දාලා තිබුන ඇළුමිනියම් පුටුවක්, දඩෝං ගාලා පතබෑවා අර පොලිස් කාරයට.. බුවා කොහෙන් ගියාද නෑ.. ආන්න එහෙමයි අපේ කාලෙ බිග්මැච්වලදි පොලීසියට සැලකුවෙ.. සික්! බොලා අපේ වැඩිහිටි ප්‍රම්පාව කියල කියන්ටත් ලැජ්ජයි බං..
Delete@ Buraa,
ReplyDeleteඑහෙම තමයි බොල...වැදගත් දරුවො උනාම ...කුඩා කාලෙ නෙවෙයි ජීවිතේ හැමදාම තියෙන්න ඕන හැදියාවක්...විනයක් කියල එකක්...ඒකනෙ මම කිව්වෙ අර තාප්පෙන් පැන්න උනත් එතන තියනව ආවේණික ක්‍රියා පටිපාටියක්...සීන් එක දකින වැඩිහිටියො උනත් '' අනේ මේ වගෙ දරුවො තාප්පෙකින් පයිනව දකින්ට ලැබෙන එකත් වාසනාවන්...ඔය නිකමට එහෙම නෙවෙයි..මොකක් හරි ඉතා වැදගත් ධර්මානුකූල කටයුත්තකට යන්ට තමයි ඔය ..අනේ සාදු..අනේ සාදු..." කියල ප්‍රීතියෙන් පිනා යන මෙව්ව එකක්......එව්ව අපේ බෞද්ධ පාසල් පරිසරයෙන් එන්නෙ..තේරුණාද?...පොලිස් කාරයෙකුට ගැහුව උනත් මල්ලි ගහන්න ඕන යම් ක්‍රමයකට....අපේ බෞද්ධ පාසල් හැදියාව පිළිබිඹු වෙන අන්දමටයි ඒ වැඩේ කරන්න ඕන.....වටේ බලාන ඉන්න අය උනත් කිසිම සැකයකින් තොරව '' ආන්න අර වට වෙල කොච්චියට නෙලන්නෙ අහවල් ඉස්කෝලෙ සිසු දරුවො ....ජය වේවා, ජය වේවා " කියල පිළී හිස සිසාරා ප්‍රීති ඝෝෂා කරන්නෙ අන්න එතකොටයි..සික් පුටුවලින් ගහන එක..... මොන නව නිංගිරා වැඩක්ද බොල ඒ?
ඔන්න අහගනිං අපේ කාලෙ කොස්සොන්ට ගැහුව විදිහ...මුලින්ම අට දෙනෙක් එකතුවෙනව...ඊට අඩුව බෑ...ඒ කරල කොස්ස වටේට වෘත්තයක් විදිහට ඉන්නව සම දුරින්..එතකොට කොස්ස ඉන්නෙ කේන්ද්‍රයෙ....හරියට අෂ්ඨ ලෝක ධර්ම චක්‍රය වගේ....අන්න බලාපං බෞද්ධ හැදියාව...ඕකට කියන්නෙ කොච්චියන්ට පෝරියල් දිමේ බෞද්ධ ළකුණ කියලයි...ටිකක් ඉස්පාසුවක් ලැබිච්චි වෙලාවක ඔය මතෘකාවෙන් නිබන්ධනයක් කාරිය ලියන්ටත් මයෙ හිතේ තියෙනව...කිව්වම මොකද?
ඊට පස්සෙ එකෙක් ඒ පැත්තෙං ගහනව...ඒ පැත්තට හැරෙනකොට ඒ අරය ඔස්සේ ප්‍රතිවිරුද්ධව ඉන්න එකා මේ පැත්තෙං ගහනව....නිකම්ම නෙවෙයි මෑණියන් වත් සිහිපත් කරමින්..ආන්න දැක්කද මාතෘ ප්‍රේමය...තව ඉතාම වැදගත් ගුණාංගයක්...
මේ වගෙ වටිනා ගුරු හරුකම් වෙන එකෙකුට නම් මම කීයටවත් කියල දෙන්නෙ නෑ..ඒත් බූර උඹ ඇවිල්ල හොඳ එකා බව මම දන්නව...නිවැරදි බහුශ්‍රැත උපදෙස් ලැබුණොත් තැනකට එන්න පුලුවන් ඔළුවක්ය ඔය බෙල්ල උඩ තියෙන්නෙ කියල මම එකත් එකටම දන්න නිසයි මේ ටිකවත් ඔය කිව්වෙ..තේරුණා නේද?