උතුරුමැද පළාතෙ නැගෙනහිර මායිමේ වසර හතක් සහ මධ්‍යම පලාතෙ උතුරු මායිමේ තව වසර අටක් අර්ධ රාජ්‍ය ආයතනයක මහා පරිමාණ ව්‍යාපෘතියක සේවය කරල මම අස්වෙලා ගෙදර ආවා. ඊළඟ අනුයාත වසර හය පෞද්ගලික අංශයේ නොයෙක් ව්‍යාපෘති බර ගණනක වැඩ කරල 2005 අවුරුද්දෙ කොළඹ මධ්‍යම පරිමාණයෙ ගොඩනැඟිලි ඉදිකිරීම් සමාගමක නුවර වැඩබිමක සේවයට බැඳුනා. අවුරුද්දකින් ඒ වැඩේ බොහොම සාර්ථකව නිමා කරල එහෙම ....දන්නවනෙ මයෙ වැඩ..අර කතාවකුත් තියෙන්නෙ...බල්ලට ඇති වැඩකුත් නෑ...හෙමින් ගමනකුත් නෑ කියල...හෙහ්, හෙහ්, අන්න ඒ වගේ...අඩේ ඒක නෙවෙයි නේද මෙතනට අදාල කතාව...මම හිතන්නෙ කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන් කියන එක වෙන්න ඕන...ඈ..ඒකත් නෙවෙයිද?..හරි හරි ඕන කෙහෙම්මලක්.
නුවර ව්‍යාපෘතියෙන් පස්සෙ කොළඹ ප්‍රධාන කාර්යාලයෙ ඇතිවුනු පුරප්පාඩුවකට මට එන්න සිද්ද උනා. නුගේගොඩ නාවල පාරෙ පොඩි අතුරු පාරක් අයිනෙ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක් අපේ සේවා ස්ථානය...මෙතෙක් කාලයක් මම සේවය කරපු රාජ්‍ය ඒ වගේම පෞද්ගලික ආයතන අතර මම හරිම ආසාවෙන් වැඩ කරපු තැන තමයි එතන...ආයතන ප්‍රධානියොත් එහෙමයි සහෝදර නිලධාරීනුත් එහෙමයි....ඔක්කොමල එකම පවුලෙ සහෝදරයො අගෙ...ඒ උදාහරනය නම් අද කාලෙ හටියට එච්චර ගැලපෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...මොකද අද එක පවුලෙ සහෝදරයො තරම් කවුරුවත් මරාගන්නෙ නෑ මම හිතන්නෙ......
ඉතිං ඔන්න මම ආවය කියමු ප්‍රධාන කාර්යාලයෙ වැඩට...මම මෙච්චර කාලයක් රට පුරා වැඩ කරල තිබුනට පූර්ණ කාලීනව කාර්යාලයක රාජකාරි කරන්ට සිද්ද උනේ මේ පළවෙනි අවස්ථාවට..ඔයිට කලින් මම හිටියෙ වැඩි කාලයක් ඉඳිකිරීම් ව්‍යාපෘති වැඩබිම් වල...ඒ නිසාම මේ පූර්ණ වශයෙන් කාර්යාල ජීවිතය මට අලුත්ම අත්දැකීමක් උනා...අලුතෙන් කරන්ට තිබුණු රාජකාරී ඒ හැටි අපහසුවක් නොවුනට වැඩ කෙරෙන ක්‍රියා පටිපාටිය අල්ලා ගන්ට ටිකක් මහන්සි වෙන්ට උනා.
මම කිව්වනෙ මේ සමාගමේ කාර්යාලය තට්ටු දෙකයි කියල...උඩ තට්ටුවෙයි මගෙ සේවා ස්ථානය තිබුණෙ. මුල් මාස කීපයම උදේ සීට් එකේ ඉඳගත්තම ආය දවල්ට කන්ට තමයි නැඟිට්ටෙ..ඒකරල ආයෙම වාඩි උනහම රෑ හත අට වෙනකල් එක දිගටම වැඩ..නිල වශයෙන් පහට සේවා කාලය ඉවර උනාට මම ගෙදර ගියේ සති අන්තයෙ නිසා රෑ වෙනකල් වැඩ කරන එක සාමාන්‍ය දෙයක් වෙලයි තිබුණෙ.
මේ දවස්වල අපේ හිටපු සැලසුම් ශිල්පියා සේවයෙන් ඉවත් වෙලා ගියා. ඒ වෙනුවට තව කවුරු හරි බඳවා ගන්න හොයනවයි කියල මට ඔය කණින් කොනින් ආරංචියක් ලැබුණා...කට්ටිය එකට එකතුවෙන ප්‍රධානම ස්ථානය තමයි පල්ලෙහා තට්ටුවේ කෑම කාමරය...දවල්ට කට්ටියම එකතුවෙලා බත් කාල පත්තරෙත් පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලල ආය සිගරට් එකකුත් ගහල ඔය රටේ දේශපාලන තත්වය, ක්‍රීඩා එ වගේම ඕපදූප වල් පල් එහෙම කියවමින් පැයක් විතර ගත කරන එක අපේ සිරිතක් වෙලයි තිබුනෙ...දවසේ එකතුවන ආතතිය සමනය කිරීමේ ක්‍රියාවලියක් හැටියටත් මේ හෝරාව හඳුන්වන්න පුළුවන්.
එක දවසක් මම හිතන්නෙ මම සේවයට ඇවිල්ල මාස තුනකට විතර පස්සෙ දවල්ට බත් කන්ට මම කෑම කාමරයට යනකොට ස්ටැන්ලි පත්තරේ බල බල ඉන්නව. ස්ටැන්ලි ආයතනයෙ ආරම්භයෙ ඉඳලම ඉන්න පැරණිම සේවකයෙක්. මම පුටුවක් ඇදල ඉඳගෙන මගෙ බත් එක දිග ඇර ගත්තා.
'' ඒයි ස්ටැන්ලි..දීපං බං ඕකෙන් කෑල්ලක්...''
ස්ටැන්ලි ඩේලි නිව්ස් එකෙන් පිටු දෙකක් හෝ හතරක් මට දුන්න. බත් කන ගමන්ම මම පත්තරෙත් දිග ඇර ගත්ත...
'' බොරුනෙ තනිකර මේ පත්තර වල තියෙන්නෙ, ''
ටික වෙලාවකට පස්සෙ ස්ටැන්ලි පත්තරේ ඉතුරු කොටසත් මට දීල පුටුවෙ පස්සට දිග ඇදෙන ගමන් කිව්ව...
'' බොරු නේන්නම්...'' මම පත්තරේට ඔලුව නවාගෙනම බත් කන ගමන් කිව්ව.
'' ආ..ඒක නෙවෙයි රවී, උඹ දන්නවද අද ජයන්තගෙ රිප්ලේස්මන්ට් එකට ඉන්ටවීව් තිබ්බනෙ...''
ජයන්ත කිව්වෙ මම අර කිව්වෙ කලින් අස්වෙල යනවයි කියල ..අන්න එයා.
'' ආහ්, එහෙමද? ඉතිං?...''
මම ඇහුවෙ ඔලුව උස්සන්නෙ නැතුවම.
'' ඔව්...ගර්ල් කෙනෙක් ආව...මම හිතන්නෙ සිලෙක්ට් කරගත්ත..ලබන සුමානෙ ඉඳල වැඩට එන්ට කියයි මහිතේ...''
'' ආ, ඒක හොඳයි...''
මම පත්තරේ පිටුවක් පෙරලුවා,
'' කවුරු වගේද දන්නවද?....''
ස්ටැන්ලි හිනාවෙවී ඇහුව.
'' මං දන්නෙ කොහොමද බං?....''
බත් එකේ ලන්ච් ෂීට් එක ගුලි කරල නැඟිටින ගමන් මම කිව්ව.
'' අර ටෙලි නාට්‍ය වල නිලියක් ඉන්නව මට නම මතක නෑ අන්න ඒ වගේමයි ''
ස්ටැන්ලියට ඕන කෙල්ලෙක් ටෙලි නාට්‍ය නිළියෙක් වගේ නිසා මම ඒ කතාව වැඩි ගානකට ගත්තෙ නෑ...
එතනින් ඒ ජවනිකාව ඉවරයි.
ඊට සතියකට විතර පස්සෙ ඇය ආව සේවයට...අපේ ආයතනයෙ ප්‍රධානියා කාර්යාලයෙ අනිකුත් අයට ඇය හඳුන්වා දෙමින්යන අතර මා ලඟටත් ආව.
'' රවී මේ අපේ ජයන්ත වෙනුවට ආපු අලුත් ඩ්‍රාෆ්ට්ස්මන්. ''
රෝස හෝ වෙනත් එවන් ලා පැහැයකින් යුතු සාරියකින් සැරසී සිටි ඇය මා හා සිනාසුනා.මම ද ඇයට අතට අත දුන්නා කියල මතකයි.
එදින පටන් වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඇය හා මා එකම ආයතනයේ සේවය කලා.රාජකාරි සම්බන්ධයෙන් අප අතර එතරම් සම්බන්ධතා නොපැවතුනු අතර දිවා ආහාරය ගැනීමෙහිදී සහ ඉන් පසුව පවත්වෙන සුහද අල්ලාප සල්ලාප කාල සීමාවෙහිදී ඇය අප හා බොහෝවිට එක් වූවා. විශේෂයෙන්ම බයිසිකල් කරුවකුගෙන් මිලදීගත් නෙළුම් කොලේ එතූ බත් පැකට් එකක් හා සම්බන්ධ අපූරු සිද්ධියක් මගේ මතකයෙන් කිසිදාක මැකී යන එකක් නැහැ..මේ සටහන දිගු ලියවිල්ලක් වීම වලක්වා ගැනීමට සහ ඒ ගැන සවිස්තරව ලිවීමට හිතාගෙන ඉන්න නිසා වැඩි විස්තර මේ වෙලාවෙ ලියන්නෙ නෑ.
ඒ හැරුණු කොට ඇය බොහෝ සේ පොත් කියවන්නියක් නිසාම මෙන්ම මා ද ඒ අංශයට දඩි නැඹුරුතාවයක් දක්වන නිසාම කිහිප දිනක අප අතර ඒ හා සම්බන්ධ කතාබහක් කෙරුනා.
වසර හතරකට පෙර විදේශ රැකියාවකට මට අවස්ථාවක් ලැබුනු විට ඒ අයදුම්පත් ගමන් බලපත්‍ර පිටපත් වෘත්තීය සහතික ආදිය ස්කෑන් කොට විදේශ සමාගමට ඊ මේල් කලේද ඇයයි.තොරතුරු තාක්ෂණය පිළිබඳ මගේ දැනුම වෘත්තීමය අවශ්‍යතාවයට පමණක් සීමා වූ නිසා ඇගෙන් ඒ සඳහා ලද සහාය මම ඉතාම අගය කරනවා.කොටින්ම මට මුලින්ම ඊ මේල් ගිණුමක් පවා සාදා දුන්නේ ඇය කියල කිව්වම ආය මගේ අයි.ටී. දැනුම ගැන කියන්ට දෙයක් නෑනෙ....හෙහ්, හෙහ්,
ඇගේ විවාහ උත්සවයට සහභාගී වීමට මම ඉතා ආශාවෙන් පසුවූ නමුදු ඊට මසකට පෙර මට විදේශ ගත වීමට සිදුවුණා. ඒ දිනවල ඉඳහිට ඊ මේල් වලින් ඡායාරූප ආදිය හුවමාරු කොට ගත්තා උනත් කලක් යනකොට ඉබේම ඒ සම්බන්දතාවය නැවතිලා ගියා ඔය බහුතරයක් සම්බන්ධතාවයන්ට සිද්ද වෙන විදිහටම.
ඔහොම අවුරුද්දක් විතර ගෙවිල ගියාට පස්සෙ ඉතාම අභව්‍ය සිදුවීමකින් මට සිංහල වියුණු කියල දෙයක් තියනවයි කියල දැනගන්ට හම්බ උනා. එකින් එක වියුණු කියවාගෙන යද්දි ඇගේ වියුණුවත් කියෙව්වත් ඒ ඇයමද කියල මට පොඩි සැකයක් ඇති උනා.ඒත් දවසක් ඇගේ සහ සැමියාගේ ඡායාරූපයක් වියුණුවෙහි පලවූ නිසා මගේ සැකය දුරු උනා...එහෙම නැත්නම් සැකය ස්තිර උනා...
ඉතිං අර කියනව වගේ "' The rest is history " සෙස්ස ඉතිහාසයයි.
මම මේ කියන්නෙ කවුරු ගැනද කියල අමුතුවෙන් කියන්ට ඕන නැහැනෙ..ඒත් දන්නවද පුදුම වැඩේ කියන්නෙ අපි එක වහලක් යට වැඩ කරපු අවුරුදු දෙකහමාරක කාලයට වඩා බොහොම කිට්ටු සහ ලෙංගතු විදිහට බැඳුනෙ අන්තර් ජාලයෙන් සහ වියුණු ලෝකයෙන් සමීප වුනු මේ පසුගිය අවුරුදු දෙකහමාරෙ. ඒත් එක අතකට ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. එහෙම තමයි ජීවිතේ හැටි.
මිනිස්සු කවුද කියල හඳුනා ගන්න එකට අවුරුදු ගානක් වැඩ කලත් එකට කෑව බීව උනත් බැරි වෙන්න පුළුවන්..ඒත් නොසිතූ විදිහට හැතැම්ම දහස් ගානක් එහා හිටියත් කිසිදිනෙක නොසිතූ විදිහෙ හෘදයාංගම බවක් ලෙංගතු බවක් ඇති වෙන්න පුළුවන්...සංසාරික පුරුදු කියල දෙයක් මම විශ්වාස කරන දවසක මම මේකත් ඒ වර්ගීකරනයට දාන්නම්...එතෙක් මට කියන්න තියෙන්නෙ මොන හේතුවක් නිසා හරි කමක් නෑ ඒ බැඳීමට මම හරි ආසයි කියන ටික විතරයි.
අපි ජීවිතේ බොහෝ කාලයක් බඩ බැඳගෙන ආශ්‍රය කල අය අපේ හදවතේ යම්තම් වර්ග අඩියක දෙකක ප්‍රමාණයක කකුලක් තියාගෙන ඉද්දි මේ ඊයෙ පෙරේද බොහොම අහම්බෙන් අපිට කිට්ටු උනු පුද්ගලයන් කිසිම කතාවක් නැතුව හදවතේ අක්කර දෙක තුනක් අල්ලගෙන වැට කඩුලු ගහගෙන මුත්තාපල් නොයං කියල පදිංචි වෙන්නෙ කොහොමද?...මොකක්ද ඒකට හේතුව කියල ඔයාල නිකමටවත් කල්පනා කරල තියනවද?
කලිනුත් කිව්ව වගේ සංසාරය ගැන මගෙ විස්වාසයක් නැති නිසා මට නම් ඒ ප්‍රශ්නෙට දෙන්ඩ උත්තරයක් නෑ..මම ඔයාලහෙන් එහෙම ඇහුවෙ ඒ නිසයි...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලයි.

සුබ උපන් දිනයක් රන්දිල් !!!
Happy Birth day Dear Randil !!!
May the powers that be grant you,
The serenity you deserve,
The fulfilment you merit,
The happiness you covet And most of all The life you aspire for,
ප. ලි. - පසුගිය විස්තර නොදන්නා අලුතෙන්ම මේ වියුණුව කියවන සහෘදයින්ගේ දැනුම් උදෙසා....මෙහි රන්දිල් යනු මේ නිදහස් සිතුවිලි වියුණුවෙහි මාගේ හවුල් කාරියයි..නිදහස් සිතුවිලි යනු අප දෙදෙනාගේම සාමූහික ප්‍රයත්නයකි.
රන්දිල්ට සුබ උපන්දිනයක්!!!
ReplyDeleteදැන් ඉතින් අර ටෙලි ඩ්‍රාමා එකේ නම කීවානම්....:D
ස්තුතියි පොඩ්ඩි... මාත් ඇහැව්වා කවුද බොලේ ඒ නිළිය කියලා........ හ්ම්..... තාම හරියට කිව්වේ නැහැ නෙව
Deleteමට නං පේන්නෙ හරියට සේමිණි ඉද්දමල්ගොඩ වගේ.. :D
Deleteසුබපතන්ට පරක්කුවුනාට කමක් නෑ නේද රන්දිකා (කේක් නං ඉවර ඇති.. මේ දවස්සල වැඩිය බ්ලොග් පැත්තෙ ආවෙත් නෑ කම්මැලිකම නිසා..
Happy Birthday..!!
සුබම සුබ උපන්දිනයක් රන්දි!!!
ReplyDeleteරවී අයියට බොහොම ස්තූතියි අපිට ඔත්තුව දුන්නට!!!
ස්තුතියි ජනූ..........
Deleteසුබ උපන්දිනක් වේවා රන්දිකා...............!
ReplyDeleteස්තුතියි නිශ්
Delete01. රන්දිල් ට සුබ උපන් දිනයක්!
ReplyDelete02. රෝස හෝ වෙනත් එවන් ලා පැහැයකින් යුතු සාරියකින් සැරසී සිටි ඇය මා හා සිනාසුනා.මම ද ඇයට අතට අත දුන්නා කියල මතකයි./// හොහ් හෝ... රන්දිල් සාරිත් අඳිනවද?
03. අපි රවී අයියා කිව්වට, එයා කියන්නෙ මිස්ට රවී කියලා. මිස්ට රවීගේ කලා මෙව්වා එක එයාට මීටර් වුනේ එයා අර ගොතලා, වියලා හදන සිත්තරේකට පසුබිම් පාට සිලෙක්ට් කරලා දුන්නු වෙලාවකලු.
04. ගියසතියෙත් උපන්දින සාදෙකට ගියා. ඒ කියන්නෙ මේ සතියෙත් යන්න ඕනේ. අරාධනා කරවාගෙන හරි. මිස්ට රවී මෙදා පාර කෙහෙල් කොටුව පැත්තෙ ආවේ නැද්ද?
05. තව එකක් අමතක වුනා - රන්දිල් අපට කලින් ම කියලා තිබුනා මිස්ට රවීගේ අයිටී දැනුම ගැන. කොටින්ම බ්ලොග් පොස්ට් එකක් පබ්ලිෂ් කරන හැටි එහෙම හරි ලේසියෙන් කලාලු නේද ඒ දවස් වල!!!:)
Delete/ රන්දිල් අපට කලින් ම කියලා තිබුනා මිස්ට රවීගේ අයිටී දැනුම ගැන. කොටින්ම බ්ලොග් පොස්ට් එකක් පබ්ලිෂ් කරන හැටි එහෙම හරි ලේසියෙන් කලාලු නේද ඒ දවස් වල!!!:) /
Deleteඅඩෝ මේ නිකං නෝන්ඩිය දාන්න එපා හරිය?...මොනවද ඩෝ ඒ දවස්වල කියන්නෙ?....ඒ දවස්වල විතරක් නෙවෙයි බොල දැනුත් එහෙමම තමයි...අන්න ඒක දැනගං බුද්ධි උඹ ...තේරුණාය?...:) :)
ඕන්න අහගංකො මේ ලඟදි වෙච්චි කෙලියක්...එදා රන්දිල් නිවාඩු...මමත් ලෝඩ් වගෙ ආය මොකද උඹම ඕනය මේකට?...මට මොකද බැරි?... අනේ..අපි නොදන්න බ්ලොග් කියල...පිට පොට එහෙම තදකරගෙන පබිලිස් කලා පෝස්ට් එකක්...කොලා තමයි...අකුරු බොලොග් එකේ සී සී කඩ...කොම්ප්ලේන් එනව එක දිගට...ඒක අස්සෙ කට්ටිය බයිනව පලු පැලෙන්ට...ඉතිං මොකද කොරන්නෙ?....අර කොහෙද මොකක්ද කොරාපු මොකාද එකා වගෙ හිටිය විරවපට්ටං ගහගෙන අරුන්දැ එනකල් ඇස්සැම්මැස් ගගහ...උන්දැත් ආය නිවාඩු දාන්නෙ මම හතර අතේ රී ගත්තම එව්ව අයිං කොරන්ට නෙවෙයි නෙව...හෙහ්, හෙහ්, මොනවහරි වැදගත් වැඩකටනෙ...ඒත් අපරාදෙ කියන්ට බෑ දණිපනි ගාල දූවගෙන ඇවිල්ල වැඩේ ගොඩ දාල දුන්න...
එදයිං එදා මම එක හිත් හිතාගත්ත මින් මනත ඔහොම නෙවෙයි බරට බරේ රත්තරං දෙනව කිව්වත් අර අම්මණ්ඩි ඔන් ලයින් නැත්නම් මම නෙවෙයි පෝස්ට් පබිලිස් කොරන්නෙ කියල .....හෙහ්, හෙහ්,
අර කිකිළිගෙ කතාව දන්නව නෙව?....ආං ජීවිතේට ඉතාම ආදුරුසමත් කතා........මොටදෑ නිකං දෙකයි පණහකට.........හෙහ්, හෙහ්,
හෙහ් හේ..... ඊලග දවසේ හමුවෙදී අපේ ප්‍රධාන මාර්තුකාව "මිස්ට රවී"
Deleteහා හා බුද්ධි....... එන්ට එන්ට
Delete(((((එනකම් තමයි බලං ඉන්නේ.......... අර කරලා තියෙන අපහාසේට සුනඛ නීති සංග්‍රහය යටතේ සුනඛ උසාවියේ නඩු පවරලා තියෙන්නේ............ බලහල්ලාකෝ කියලා තියෙන අපූරුව.......... කාටවත් හිතෙනවද ඒ කියලා තියෙන්නේ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සද්දන්ත කුලේ සත්ත්වයෙක් ගැන කියලා........... නිකම්ම නිකං හොරිකඩ බල්ලෙක් ගානට දාලා කථාව.............. අනේ අප්පේ ඒකා හිටියා නං නුඹේ සික්ස් පැක් එකෙන් කෑල්ලක් කඩලා අරං තියා ගන්නවා බඩගිණි වෙලාවට කන්න..............
බල්ලෝ එක්ක කා ගන්න ගිහින් හදාගත්ත තුවාලයක්ලු.......... ඒකට පිට ගැස්මලු............ අනේ අප්පේ පැත්ත පලාතේ බල්ලෝ තියා කොල්ලෙක්වත් තාමවත් වත්තට එන්නේ නැහැ ගෙදර මනුස්සයෙක් පේන්න හිටියේ නැත්තං......... ඔය එක එක නාටු බල්ලන්ට හපන්න තියා ලං වෙන්නවත් බැරි ජාතියේ සතෙක් ඒ සතා.............. දෙයි හාමුදුරුවනේ මෙහෙමත් අපහාස කරනවද මං අහන්නේ................)))))
සියලු රස මසවුලෙන් සපිරි භෝජන සංග්‍රහයක් සුදානම් කරලා තියන්නම් සික්ස් පැක් එක 66 වෙලා යන්න........ :D :D :D
"ඌ මැරුනේ ඒ අප්සෙට් එකෙන් නෙමෙයි ද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.":P:P:P
Deleteඒ ඉතිං නුඹ වැනි පැපර්ර්ර්රාසියෙක් කියන කථා නෙව............. මං හොඳටම දන්නවා ........ මගේ මේ මුවින් ඔහොම කථාවක් නොකීව වග......... :)
Deleteරන්දිල්ට සුබ උපන්දිනයක්..!
ReplyDelete"..පසුගිය විස්තර නොදන්නා අලුතෙන්ම මේ වියුණුව කියවන" මාත් හිතන් හිටපු හැටි හරිනේ ..
ස්තුතියි ඉන්ද්‍රජිත්
Deleteසුබ උපන් දිනයක් රන්දිල් !!
ReplyDeleteබ්ලොග් වලට වියුණු කියලා කියනවා කියලා අද තමා මම දැන ගත්තෙ ඕන්.. ලස්සනයි ඒ නම.
ස්තුතියි සෙන්නා
Deleteඅඩේ අද රන්දුනාගේ උපන් දිනේද . . ?
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා නගේ . .
PS:
රවී අයියගේ සටහන හරිම හැඟීම් බරයි . .
අඩේ ඔව් ඊයේ රන්දුනාගේ උපන් දිනේ තමයි.....
Deleteස්තුතියි අයියේ
PS:
ආයේ ඉතිං අහන්න දෙයක් තියෙනවැ..... කවද්ද මෙතුමා හැඟීම් බර නැති දේවල් ලිව්වේ.... :)
සුභම සුභ උපන් දිනයක් රන්දි අක්කේ!!! අම්මයි දෝණියි එකම මාසෙ නේද? හරිම සතුටුයි. ඔයාගේ හැම සුභ සිහිනයක්ම ඒ ලෙසින්ම ඉටු වේවා!!!
ReplyDeleteස්තුතියි සිත්තමී......... ඔව් ඔව් අපි දෙන්නම බිනරමලී ලා තමයි නගේ... මං දන්න තව නංගිලා අක්කලා ගොඩක් ඉන්නවා බිනරමලීලා........ :)
Deleteමුලින්ම රන්දිල්ට ඉතාම සුභ උපන් දිනයක් වේවා!
ReplyDeleteකෝ අර දූගෙ උපන්දිනේට ගහපු පොත ගැන දැන් මොකුත් සද්දයක් නෑනෙ රන්දිල්?
//වසර හතරකට පෙර විදේශ රැකියාවකට මට අවස්ථාවක් ලැබුනු විට ඒ අයදුම්පත් ගමන් බලපත්‍ර පිටපත් වෘත්තීය සහතික ආදිය ස්කෑන් කොට විදේශ සමාගමට ඊ මේල් කලේද ඇයයි.//
ඇයි බං ඒ කෙල්ලටත් කනක් ඇහිලා ඉන්න ඕනෙ කියලා හිතෙන්න ඇති. ඒක නම් කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවේ!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ස්තුතියි ඩූඩායියේ............
Deleteපොත මග එනවා.......... එහෙම එක පාරම ප්‍රදර්ශනය කරගන්න බැරි කමක් ඇති වෙලා තියෙනවා. නමුත් ලඟදීම එනවා... :)
මුලින්ම සුබ උපන්දිනයක් පතනවා රන්දිල් ඔයාට .
ReplyDeleteහ්ම් දැන් මේ ඉතිහාස කතාව ...අපොයි මුන්දව රට පටවල තියෙන්නේ රන්දිල් එහෙනම් . මන් හැමදාම කල්පනා කළා දෙන්නෙක් එකතු වෙලා මෙච්චර සාර්ථකව බ්ලොග් එකක් කරන්නේ කොහොමද කියල . රහස කාන්තාව අතේ තමයි බලය . ඔන්න බලන්න සාමකාමී ව්‍යාපාරයක රහස . ජයවේවා !!
[ සටහන හරිම සංවේදියි . ඔයි දෙන්නගේ යාළුකම ගැන හරිම සතුටුයි . ඔය හදවතේ ඉඩම් බෙදන එක ගැන මටත් ඔය විදිහටම හිතුනනේ . ]
ස්තුතියි බින්දි අක්කේ.........
Deleteහ්ම්.........ගොඩක් ව්‍යාපාර අවුල් වෙන්නේ එකිනෙකා පරයා ඉහළ යන්න හැදුවහම. මිස්ටර් රවී කියන්නේ...... ඇවිදින පුස්තකාලයක්. ඒ කාලේත් ඉංගිරිසියෙන් බර වැඩ කරගන්න ඕනෑ වුනහම අපි දුවන්නේ මිස්ටර් රවී හොයාගෙන. හැබැයි ඒ කාලේ දැනන් උන්නේ නැහැ සිංහලත් ඊට දෙවැනි නැහැ කියලා. විසල්ව පැතිරුණ දැනුම් සම්භාරයක් තියෙනවා කියලාත් දැනං උන්නේ නැහැ. ඉතිං එතුමාගේ ඒ ගුණයන්ට අලගු තබන්න මට බැරි බව මං දන්නවා. මගේ ඔය අයිටී හුටස්පරස් වලට තමන්ට අහලින්වත් යන්න බැරි බව එතුමා දන්නවා........... :D (හපොයි මහාලොකු අයිටී නේ. බ්ලොග් පෝස්ට් එකක් පබිලිස් කර ගැනීම... හා හා සද්ද කරන්න එපා) ඉතිං ඔන්න ඔහේ ලිපියක් දෙකක් දාගෙන ඉන්නවා.
/*ඉතිං ඔන්න ඔහේ ලිපියක් දෙකක් දාගෙන ඉන්නවා.*/
Deleteමෙන්න මේ කතාවේ නිකං 'ඉතිං ඔන්න ඔහේ ෂොට් එකක් දෙකක් දාගෙන ඉන්නවා' කිව්වා වගේ ෆිට් එකක් දැනෙනවා :D :D :D
සුභ උපන්දිනයක් වේවා..! රන්දිල්ට..!
ReplyDeleteඔබටත් ජයවේවා..!
ස්තුතියි වීපොකුර... ඒ පැත්තේ එන්නත් බැරි වුනා හුඟ දවසකින්. එන්නම්කෝ අද හෙට.
Deleteඋපන්දිනයට සුභ පතා මෙම ලිපිය ලියූ මගේ ගෞරවනීය හිත මිත්‍රයාට මගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කරන්නට කැමතියි. ඊට වඩා දෙයක් කියන්න ගියොත් මේ කොමෙන්ටුව බ්ලොග් පෝස්ට් එකක් තරමට දික්වී, තව මාස දෙකකින් ලියන්නට ඉන්න පෝසට් එකට ලියන්න දෙයක් නැති වී යන්නට ඉඩ තියෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට
මේ රන්දිල් ඕං නොකිව්වයි කියන්න නං එපා ගොයියෝ...උඹ මාස දෙහෙකිං ලියන්ට හිතං ඉන්න මොන අටමගල හරි කමක් නෑ පබිලිස් කිරිමට පෙතම පූර්ව අනුමැතිය උදෙසා ඉදිරිපත් කරපං මතක ඇතුව හොඳේ....මට උඹව සත පහකට විස්වාස නෑ...කොටිම්ම කිව්වොත් ...හෙහ්, හෙහ්,
Deleteමම පරක්කුයි වගේ. ඒ උනාට කමන් නෑ..
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා රන්දිකා අක්කේ !!
ස්තුතියි මල්ලි...........
Deleteදවස් එකහමාරක්ම බලන් හිටියා රවී අන්තිමට අහපු ප්‍රශ්නෙට කවුරුහරි ප්‍රාමාණික විද්වතෙක් පිළිතුරු ගොනු කරාවි කියලා. හරියන්නේ නෑ වගේ.. . කස්ටිය සුබපතනවා විතරයිනේ. ඉතින් මගේ නිහතමානී අදහස පිළිතුරක් (?) හැටියට ගොනු කරන්න හිතුවා.. මම දන්නේ නැහැ මේකෙදි නියම පාරිභාෂික වචන පාවිච්චි කරන්න නම්.
ReplyDeleteඅපි විද්‍යාව කියලා එකක් හදාගෙන එකේදී ඉගෙනගන්නේ සොබාව ධර්මයේ අපට හමුවෙන ගැටමුසු තැන් පැහැදිලි කරගන්න පාවිච්චි කළහැකි ආකෘති ගැන නේ.. යම් ආකෘතියකින් පරිසරයේ සිදුවන සංසිද්ධීන් පැහැදිලි කරගතහැකි නම් සහ, ඉදිරියේදී සිදුවන දේවල් ඒ ආකෘතිය ඇසුරෙන් පුරෝකථනය කල හැකිනම් ඒක සාර්ථක ආකෘතියක් වෙනවනේ.. පහු කාලෙකදී වෙනත් වඩා සාර්ථක ප්‍රවාදයක් විසින් විස්ථාපනය කෙරෙන තෙක් අපි දැනට පවතින සාර්ථකම ආකෘතිය පිලිගන්නවා.
අපේ සාමාන්‍ය මිනිස්සුත් ජීවිතයේ සිදුවෙන දේවල් වල සමහර තැන් පැහැදිලි කරගන්න එහෙම ආකෘති හදාගෙන ඒවායින් වැඩ ගන්නවා. උදාහරණයක්, අපේ පළාතේ හිටපු ජරාම දේශපාලකයා පහුගිය කාලේ ඕනවට වඩා දඟලලා පස්සේ කොහෙවත් යන බෝම්බයකට ඉලක්ක වෙලා දැන් සදහටම ඔත්පලේ ලගින්න වෙලා.. මං දන්නා වයසක මනුස්සයෙක් කියනවා " ඕකට ඔය හම්බ වුනේ උන්දැ කරපු දේවල් වල විපාක තමා.. එයාට දෙයියෝ නඩු බේරුවා.." කියලා . නීතියට උඩින් හිටපු මිනිහා පතුලටම වැටුන හැටි ගැන ඔවුන්ගේ පැහැදිලිකිරීම තමා ඒ. තව දුරටත් ඒ ආකෘතිය ඇසුරින් නිවැරදි අනාවැකිත් කියතැකි. ඔය මං කියාපු සිදුවීම වුන දවස්වලම ඒ මනුස්සයා තව කතාවක් කියකියා හිටියා. "ඊළඟට ඕක වෙන්නේ මේ රටට කුඩු ගෙන්වන අර අහවල්ලු දෙන්නට .." කියලා කැපිලා පේන දේශපාලන චරිත දෙකක් ගැන. හරියට දිවැසින් කිවුවා වගේ එයින් එක්කෙනෙකුට නම් දැනටම දඬුවම ලැබිලා!
ඉතින් මේ තරම් පැහැදිලිව පෙනෙන දෙයක් ඒ මනුස්සයා විශ්වාස නොකර ඉන්නේ ඇයි? ඒ තියරිය බටහිර රටක රිසර්ච් පේපර් එකක පලවෙලා නැති හන්දද? නැත්නම් 'හැමෝටම මේ නීතිය බලපාන්නේ' නැති හින්දද? යම් සිද්ධාන්තයක් හැමෝටම එකවගේ බලපෑ යුතුයි කියනවානම්, බටහිර ඖෂධවේදය වගේ දේවල් අමු බොරුවක් වෙනවා. කිසිම බෙහෙතක් හැමදෙනා තුලම එකවගේ චිකිත්සීය ප්‍රතිඵල වත් අතුරු ඵල වත් ලබාදෙන්නේ නැහැ.
අනෙක් අතට, අයින්ස්ටයින් අපට ආලෝකයට ස්පිඩොමීටර් හයිකරලා ප්‍රායෝගිකව එයාගේ තියරි ඔප්පුකරලා පෙන්වුවේ නැහැ. කවුරුහරි අපට උගන්වන නිසා අපි පිලිගන්නවා. "මට කවදාහරි කාල අවකාශයේ වක්‍රවීම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙනතුරු ඒ ගැන මම ඉන්නේ විවෘත මනසකින්.." කියලා අපි කවුරුවත් කියන්න යන්නේ නැහැනේ?
අපේ රටේ අහිංසක ප්‍රායෝගික මිනිස්සු අදහන දේවල් වලට අනුගත වෙන එක මහා ලොකු බරක් හැටියට හිතන්න එපා. අපි සාපේක්ෂතාවාදය (හරි වෙන මොකක් හරි ) ගැන අපේ තියෙන දැනීම බරක් කරගෙන නැහැනේ.. ඒ වගේ මේකත් ප්‍රශ්නයක් හැටියට බාරගන්න එපා. සාපේක්ෂතාවාදයට වඩා ගැඹුරට බුදු බණ විශ්ලේෂණය වෙලා තියෙනවා බටහිර රටවල් වල. ඒ නිසා නේ ඇපල් පරිගණකයේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් වගේ මිනිස්සු බෞද්ධයෝ හැටියට ජීවත්වෙලා හිටියේ.. බර්ට්‍රන්ඩ් රසල්, ආතර් සී ක්ලාක් වගේ මිනිස්සු බුදු දහමට ඔය තරම් සහතික ලිව්වේ.. ඒ කට්ටිය විද්‍යාව අපට වඩා නොදන්නවයෑ..
සුභ පතන්න පරක්කු වැඩිද මන්දා.
ReplyDeleteකොහොම වුනත් පිළුනු නොවූ කිරි කරි උපන්දින සුභ පැතුම් රන්දිල්..
කොට්ටප්පරි රතනසාර - මිස් වුණානේ :-(
ReplyDeleteදුක් කම්කටොලු වියැකී යන්නට ප්‍රාර්ථනා කලද ඒ නොවන බව දනිමි
ඒවාට මූණ දීමට ඇති හැකියාව වර්ධනය වේවා කියල පතන්නම්
සැලසුම් ශිල්පිණියට බිනර මලීලා තුන්දෙනෙක් ලබාදෙන්න "වාසනා"වක් තිබුණා තව ටිකෙන්!!