අප දෙදෙනා ප්‍රථම වරට මුණ ගැසී මේ වන විට අවුරුදු අටක් පමණ ගෙවී ගොස් ඇත.
එනමුදු අප බැඳීම තවමත් අද ඊයේ හමු වූවාක් මෙන් නැවුම්ය. වසර ගාණක් ගෙවුනාක්සේ මිහිරිය.
මිතුරන් ලෙසින් ගෙවුනු වසරකට පමණ පසු පෙම්වතුන්ව අවුරුදු 6ක් දිවිමග අත්වැල් බැඳ තරණය කෙරුවෙමු. දැනට අවුරුදු 1 1/2කට පමණ පෙර යුවතිපතීන් වනතුරු ඒ ගෙවුනු සය වස පිළිබඳව ඔබ, මා, අප මිතුරු මිතුරියන් මෙන්ම මාගේ අඩවිය ඇසුරු කෙරූ සැම දෙන දනිති.
මේ මුළු වසර 8 පුරාවටම මා අභියස සිටිමුත් කාලයත් සමඟ ඔබ වෙනස් නොවීයැයි කිව හැකිද?. අවුරුදු 19 යන්තමින් පසු කල පොඩි කොළු ගැටයකුගේ සිට අවුරුදු 27ක් පමණ වන සාඩම්බර පියෙකුගේ තත්ත්වයට මෙන්ම, ඒ කොළු ගැටයාගේ සිට මා දයාබර සැමියා දක්වා ද ඔබේ වගකීම් වෙනස් විය.
කාලය අප පසු කොට වේගයෙන් ගමන් කර ඇති බව පසක් වන්නේ, පෙර ඔබ අත මත වෙලී තිබූ මා අත වෙනුවට ඔබ අතේ දනි පනි ගා එල්ලෙනා අප දූ සිඟිත්තිය දකින කල්හීය. "අපිටත් බබෙක් ඉන්නවා නේද?"යි එකිනෙකාගෙන් අසාගනිමින් අප නිරතුරු පුදුම වන්නේ තවමත් එය සිහිනයක් සේ දැනෙන නිසාවෙන් නොවෙද?
කාලය එලෙසින් ගලා ගියද, අද දිනයේදිත් මා බසයෙන් බැස එනතුරු මගබලා සිටින ඔබ මුව මත පිපෙන්නේ මුලදීම මා සිත්ගත් ඒ සිනා මලමය. එදා වාගේම අදත් මගේ අත අල්ලා ගන්නා ඔබේ අතැඟිලි මා හට ගෙන එන්නේ ඒ උණුසුමමය. සමහර විටෙක පෙරට වඩා ඒ සිනා මල, ඒ උණුසුම, පරිණත වී ඇති බවක්ද සිතෙනා අවස්ථාවන්ද නැතුවාම නොවේ.
ඔබ වෙනස් වී ඇත.
රූපයෙන් වෙනස් වී ඇත. වයසින් මුහුකුරා ගොස් ඇත. දැනුවත් භාවයෙන් දැනුවත් වී ඇත.
ඔබේ ආදරයද වෙනස් වී ඇත. ඔබ අද මා හට ලබා දෙන ආදරය, පෙර පෙම්වතුන් සමයේ දුන් ආදරය හා සමකරන කල මහමෙරකි. විටෙක මට දරා ගැනීමට පවා අපහසුව එය මා දෙනෙතින්ද පිට පනී.
දුව ලැබෙන්න ඉන්න දිනවල ඔබ මා රැක බලා ගත්තේ දරුවෙකු රැක බලා ගන්නා අම්මා කෙනෙකු මෙනි. ඉදිමුනු දෙපා, රිදුම යනතුරු අතගාමින්, රෑ තිස්සේ විටින් විට වැසිකිලි යාමට අවැසි වු විට අවදිව මා සමග එමින්, රසම රස තේ සාදා දෙමින්, කැමති ආහාර වර්ග ඉවෙන් මෙන් හඳුනාගෙන ඒවා ගෙනත් දෙමින්............... කල හැකි උපරිමයෙන් ඔබ මාත් අප දියණියත් වෙනුවෙන් කැප වුනෙහිය. පෙම්වතුන් කල පටන් මට 'අහවල් තැනින් අද මොනවා හරි කාලා ගියා නම් හරි' කියා සිතන්න පමණි තිබුනේ. කියන්නටත් පෙර ඔබ හරවා අවසන්ය. සැබවින්ම ඔබ මා සිත හඳුනා ගත් ආකාරය මට සිතා ගන්නට තවමත් නොහැකිය.
දුව ලැබෙන්න රෝහලේ නවතින්න යන්න තිබුණු දිනයේ උදෑසන මතකද? අපි දෙන්නාම කඳුළු සලා හැඬුවෙමු. මට හැම විටම 'අඬන්න නම් හිතන්නවත් එපා' කියමින් සිටි ඔබ මා තුරුළු කරගෙන මාවත් තව තවත් හඬවමින් හැඬුවේ මන්ද? හිතේ පිරී තිබුණු, වදනට පෙරළිය නොහැකි වූ හැඟීම් එසේ දෝරේ ගලා ගියේ යැයි සිතමි.
මා රෝහලේ නැවතූ දිනයේ පටන් අවසන් දිනය වනතුරු, ඔබ සේ තුන් වාරයටම සිය බිරිඳ බලන්නට පැමිණි වෙනත් සැමියෙකු මා නොදිටිමි. (බොහෝ දෙනෙකුගේ දොසක් නැත. ඔවුන් මත පැටවුනු වෙන වෙන වගකීම් ද තිබුණු බව ඒ බිරින්දෑවන් මා හා පවසන ලදී) එනතුරු මග බලා සිට මාගේ ගෙල කේවට්ටයාගේ ගෙල මෙන් දික්කර ගන්නට ඉඩ නොතැබුවෙහිය. ඔබ හරියටම වෙලාව එළඹෙන විට හති දමමින් දුව එන්නෙහිය. ඒ මා සිත් ගත් සිනා මලත් මුවදරාගෙනය. ඔබ එන පෙරමගට ගොස් ඔබත් සමගින් මා නැවතත් ඇඳ වෙත එනවිට අනෙක් බොහෝ මව්වරු අප දෙස නෙත් අයා බලා සිටිනා'යුරු දකින මසිතෙහි සියුම් ලැජ්ජාවක් වැන්නක්ද ඉපැදින. ඒ ඔබ නැවත ගිය පසු ඔවුන් මා හට කවට කම්කරන බැවිනි.
මා දයාබරයාණෙනි, නිරෝගීව යහපත් සිතැතිව මෙතෙක් කල් සිටියා සේ ඉදිරියටත් මා හා මේ දිවි මග අත්වැල් බැඳ එනු මැනව !!!
පසු ලිවීම
සමහර විටෙක මගේ සිත සිතුවිලි වලින් පිරී යන්නේ මට නින්ද ද අහිමි කරවමින්. ඒ සිතුවිලි බොහොමයක් උපදින්නේ මාගේ දයාබර සැමියාත් ආදරණීය දූ සිඟිත්තත් අරඹයාය. දූ කුමරිය පිළිබඳ ව නම් මීට පෙරත් සටහන් තබා ඇත්තෙමි. ඒත් මා අතින් බලවත් අසාධාරණයක් සිදු වී ඇත. මගේ ජීවිතය අද දිනයේ මේ තත්ත්වයෙන් පවතින්නේ මාගේ දයාබර සැමි නිසාය. මොන මොන දේ ගැන සටහන් තැබුවද මාගේ බ්ලොග් අඩවිය තුළ ඔහුටම වෙන්වූ ලිපියක් හෝ නොමැති වීම බලවත් අඩුපාඩුවකි. ඒ අඩුපාඩුව අද දින මම සපුරා ලන්නෙමි.
ලොව පුරා විවිධාකාර සැමියෝ සිටිති. අප රටේද සිටිති. අප ගමේද සිටිති. මට පේන මානයේ විවිධාකර වූ සැමියෝ තිදෙනෙක් සිටිති. එක් අයෙකු මාගේ මවගේ සැමියා නොහොත් මගේ පියාය. දෙවැන්නා මාගේ සැමියාගේ මවගේ සැමියා නොහොත් මාගේ සැමියාගේ පියාය. තෙවැන්නා (හෙවත් තිදෙනාගෙන් වඩා මෑතකදී තනතුර ලත්) මාගේ සැමියාය.
මා සැමි ට ඒ තනතුර ලැබී එතරම් කාලයක් නොවීමත් මාගේ ලිපිය ලිවීම පමා වීමට එක් හේතුවකි. එයට හේතුව ඔහු අරඹයා මසිතෙහි පවතින නොවක් ප්‍රේමයත්, ඔහු මා කෙරෙහි මෙන්ම අප දියණිය කෙරෙහි දක්වන දැඩි කැපවීමත්, ඔහු නොමැති තැන මා හට හරියකට පියවරක් වත් තබා ගැනීමට නොහැකි වන තරමට ඔහු මා හට දෙන සහයෝගයත්, යනාදී කරුණුත් තව ඉදිරියේදී කීමට බලාපොරොත්තු වන බොහෝ කරුණුත් කරණ කොටගෙන මා සිතේ ඇතිව ඇති ප්‍රහර්ෂය හේතු කොටගෙන සැමි වර්ණනාව "අධි" තත්ත්වයකට පත් විමට ඇති ඉඩකඩ බොහෝ වැඩි විමයි. එසේ අධි වර්ණනාවක් සිදු වුවහොත් "අලුත්පිට වහලෙත් ගොම ගානවා" "පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා" වැනි කියමන්ද කරළියට බැසීමට ඉඩ ඇත.
එහෙත් මේ පිළිබඳව දීර්ඝව සිතු මට සිතුනේ ඒ දේවල් කෙසේ වුවද අද දිනයේ ඔහුට පිදිය යුතු ප්‍රණාමය පිදිය යුතු බවයි. (අද දිනයෙන් ලියා අවසන් කිරීමට හැකිවනු ඇතැයි සිතුනද තව ලිපි දෙකකටවත් මා සිත් හී ඇති කරුණු ගොනු කිරීමට සිදු වනු ඇතැයි සිතේ. එය කාලයට භාර කරමි.)
ලිවීමට දෙයක් සිතාගත නොහැක. ලිපිය හදවතේ ගැඹුරැම ස්තානය වෙලමින් පවතී. සංවේදී ලිපියකට ඉමහත් ලෙස සංවේදී වූයෙමි. පසුව යමක් සටහන් කිරීමට බලාපොරොත්තුවෙන් නවතිමි. ඔබ දෙපලට ජය!!!!!!!!!!!!!!!
ReplyDeletemama oyatai ayyatai sundara jiwithayakata suba pathanawa.oyalata jaya wewa randi akke!!!!!!!!!!!
ReplyDeleteඔබේ සෙනෙහසේ කැදැල්ලට මගේ සුභ පැතුම්!
ReplyDeleteඔබේ සෙනෙහසේ කැදැල්ලට මගේ සුභ පැතුම්!
ReplyDeleteඒ වාසනාවන්ත පිරිමියාට මගේ සුභපැතුම්...
ReplyDeleteනංගියේ උඹල කොයි වෙලාවක හරි මට හාර්ට් ඇටෑක් එකක් හදවනවා... මං දන්නවා...
දොඩන්ගොඩ මහත්තයට පොඩි පහේ ඊර්ෂ්‍යාවක්වත් හැදිලද? :)
ReplyDeleteඔයාල දෙන්නටයි, දෝණිටයි, තව ඉපදෙන්න ඉන්න 1,2,3,..... පුතාල දූලටයි සියළු සැප සතුට නිරන්තරව ලැබේවා!
මොන ඊරිසියාද නංගියේ...
ReplyDeleteමෙව්ව හරිම හැඟීම් බර කතා... පපුව බර වෙන කතා...
This comment has been removed by a blog administrator.
ReplyDelete@ චතුරංග මල්ලි,මධූ නංගී, මධුර මල්ලි, තිස්ස අයියා, තනෝජා අක්කි,
ReplyDeleteස්තුතියි ඔබ සැමට. මම අද අකුරු කල දේවල් ඔබ සියලු දෙනා හදවතින්ම වටහා ගෙන තිබෙන බව හිතෙනවා. ඒ ගැන මට බොහොම සතුටුයි
Dear Randika,
ReplyDeleteReading your sithuvili is like a cool & nourishing handful of water to a weary traveller stranded in a parched desert.
Your heartfelt thoughts launched me on a journey of pleasant reminiscenses of my own.
Thanks again,
Mevan Samiyaku Lada Oba Nivune Vei, Mevan Birindaka Lada Oba Nivune Vei,( Nibbutha Pada )
@ තිස්ස අයියා, අයියෝ හාට් ඇටෑක්. හීනෙන්වත් එහෙම හිතුවෙ නැහැ
ReplyDelete@ තනෝජා අක්කි,
1 නම් හරි 2, 3, 4......... ට කල් මදි වගේ :-)
එතකොට මොකද..::SSC::.. ගැන කියන්නේ :D
ReplyDelete@ RAVI,
ReplyDeleteI THINK THIS IS OUR 'MR. RAVI' WHO WORKED WITH US IN OUR OFFICE.
HOWEVER, WHOEVER I AM GLAD TO SEE YOUR COMMENTS.
දෙනෙතට කඳුළක් නැංවු
ReplyDeleteහදවත ආදරයෙන් පුරවාලු සටහනක්..........
ඔබ දෙපළටත්, දූ සිඟිත්තියටත් සතුට සැපත පිරි සුබම සුබ කැඳැළ්ලකට ආසිරි !!!!!!!!!!!!!!
නුවන්
නංගී,
ReplyDeleteමම හිතා හිටියෙ නිබ්බූත පද කියන්න දැනගෙන හිටියෙ කිසා ගෝතමී විතරයි කියල. වාසනාවන් උඹලා දෙන්නාම අපිට. දුකකට නැතිව සතුටකට ඇස් දෙක බොඳවෙන එක මොන තරම් වාසනාවක්ද? දිගටම ලියපං අපි දෙන්නම ඇස් පිහදම දම කියෙව්වා.
උඹල තුන්දෙනාටම නිදුක් නිරෝගි සුවය.
@ Nuwan සහ දයියා,
ReplyDeleteස්තුතියි. ඔබ සැමගේ ආශිර්වාදය අපට බොහෝ සේ අගනේය.
අමුතුවෙන් කීමට දෙයක් නැත ... අතිශයෙන්ම සංවෙදි ...
ReplyDeleteසියලු දෙනාටම සුබ පැතුම්
සැමියෙකුට බිරිඳකගෙන් මෙවැන්නක් ලබන්න තරම් ඇත්නම් වෙන මොනවා නැතත් ඇති කියා නොසිතේද . . . .
ReplyDeleteමා දැක ඇති බොහෝ බිරින්දෑවරු (මගේ ආදර බිරිඳ ඇතුලුව) නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තව ටිකකුයි ඕනෑ වගේ කොපමන හොඳ සැමියෙකු ලැබුවත් නිතරම පවසන්නේ "අපේ එක්කෙනා 99%ක් හොඳයි ඒත් අනේ අර 1% !!!!
ඒක තමයි මට ඕනම කරන එක. ඒක නැති නිසා එයා වැඩක් නෑ "
(ඒ 1% බොහෝ විට වෙන කිසිවෙකු ඇසුරු නොකර ගෙදරටම වී ඉන්නා එක විය හැකියි)
මගේ ජීවිතයේදී තමන්ගේ සැමියන් ගැන ඔය ආකාරයට කියනවා ඇසූ දෙවෙනි ගැහැනිය ඔබයි නගේ.
ඔබේ දිවියත් දරුවන්ගේත් ඔබට ඔබ පවුලට සම්බන්ධ සියලු දෙනාගේත් සතුටේ තරම මට නම් සිතා ගත හැකියි ඒ ගැන මගේ සතුට මෙන්න පිලිගන්න . . . .
තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි කියන කියමන මා අදහන කියමනක් . . . ඒ කියමන ඔබ වැනි බිරිඳෑවරුන්ට උපහාරයක්ම වේවා . . .
@ වැප්,
ReplyDeleteස්තුතියි වැප්
@ දුකා අයියේ, (ඔබ දුකා නෙමෙයි සතුටා)
ReplyDeleteමම මේ බල බලා හිටියේ කෝ මේ සතුටා අයියා තාම නැහැනේ කියලා.
බොහෝම ස්තුතියි.
මෙවන් සැමියෙක් ලද බිරිඳකුත් මෙවන් බිරිඳක් ලද සැමියෙකුත් සැබවිනම පින්කල ඇත්තෝය. මේක තමයි මට මෙ කතාව කියවගෙන යද්දි හිතට ආපු එකම දේ.
ReplyDelete@ දසයා,
ReplyDeleteස්තුතියි ඔබටත්
හදවතින්ම සුභ පතනවා
ReplyDeleteඅද උදේ පාන්දරම කියවන්න ගත්තු බ්ලොග් එක නරක නෑ වගේ.. ඇත්තටම හරිම සුන්දර ලියවිල්ලක්.. ඇත්තටම මං මීට කලින් මේ වගේ ලිපියක් කියවලා නෑ.. වාසනාවන්!!!
ReplyDeleteඇත්තටම අපි වගේ තනිකඩයන්ට මේ වගේ ලිපි කියවන්න දෙන එක හරි අසාධාරණයි.. අපි පව්නේ අප්පා..! :(
කොහොම උනත් ඔය තුන්දෙනාටම සතුට සාමය ආදරය නිරෝගී සුවය පිරි වාසනාවන්ත දවසක්.
@ ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය,
ReplyDeleteස්තුතියි ඔබටත්
@ මලී,
දෙපොලක සිටින තිනකඩයෝ එකපොලකට වනදා
ඔබවත් රකිනු ඇත ගුණවත් වු ඔබ සැමි වූ නිරිඳා
එතකම් ඉවසපන් පපුව කියලා ඉවසලා ඉඳිං නංගී
Ekama thamai budu nangiye, Sarasi eke hitapu ekama thamai
ReplyDeleteඔය දෙන්නා හුඟක් පිං කරලා ඇති..මේ වගේ ආදරයක් ලබන්නත්, ආදරය කරන්නත්..රන්දිල්.
ReplyDeleteමේක කියවලා මාත් පැතුවා..මේ වගේ ආදරයක්, සතුටක්..මටත් ලබා දෙන්න කියලා.
ඔය ආදරය තව ආත්ම ගනනක් පවතීවා...!!!
එහෙම පතනවා ඔයාට..මුලු හදින්ම.
@ රවි,
ReplyDeleteමට හරිම සතුටුයි ඔබේ ආ ගමනය ගැන මගේ අඩවිය වෙත. කොහොම වුනත් English ටික දැක්කම දැන ගත්තා ඒ ඔබමයි කියලා. :-)
@ නිල් අහස,
ඔබේ සියලු යහපත් පැතුම් ඉටු වේවා !!!!!!!!!
සංවේදී ලිපියක් සහෝදරී........ මේ හැඟීම් හොඳාකාරවම තේරුම්ගන්න පුලුවන් මටත්..... මොහොතක් ගානෙ දැනෙන ආදරයකට මමත් උරුමකම් කියන නිසාම...අදින් මත්තට මමත් බිරිඳක්වන නිසාම.....සුබපතනවා සොඳුරු අනාගතයකට හදවතින්ම.......
ReplyDelete@ විශ්මි සහ රවේන්,
ReplyDeleteමම කියන්නමයි හිටියේ. අදවත් බ්ලොග් වලින් මිදිලා ඉන්න කියලා. :-)
ස්තුතියි. සුභ පැතුම් නංගීටත් මල්ලීටත්
මොනවා කියන්නද මන්දා... කමෙන්ට් එකක් ටයිප් කරන්න බැරුව මම හිත හිතා ඉන්නෙ.
ReplyDeleteලිපිය පුරාවටම දැක්කා අක්කාගේ සහ අයියාගේ ආදරය. වාසනාවේවා!.මේ වගේ ලිපියක් කියවන්න ලැබීම අපෙත් වාසනාවක් කියලා හිතුනා. කාලයත් එක්ක තව තවත් අලුත් වන ආදරයක් විදින්න ලැබෙන්නෙ හරිම අතලොස්සකටයි.
සතුටුයි අක්කේ ඔබලා ගෙවන ජීවිතය ගැන. සතුටුයි බ්ලොග් අවකාශයේදී දිනෙන් දින මුණ ගැහෙන මේ සුන්දර මිනිසුන් ගැන.
@ රවේන් මල්ලී,
ReplyDeleteSee,........ at last you came. :-)
ස්තුතියි මල්ලී. අපිටත් සතුටුයි ඔබ ගැන
This comment has been removed by the author.
ReplyDeleteසැබැ ලොවෙත් ඔබ ගැන මම දන්න නිසා,
ReplyDeleteමොනව කියන්නද? මොනව ලියන්නද??? මන්දා...
@ මම,
ReplyDeleteස්තුතියි අයියේ, මේ පැත්තේ ආවට
ආයේ ආයේ කියවල සතුටු වෙන්න පුලුවන් ලියමන් නේද මෙව්ව..?
ReplyDeleteකාලයක් නෑ... අකාලිකයි...
:) ඔව් අයියේ. ඒ කථාව හරි. මේ වගේ ලිපි හරියට දිනපොතේ සටහන් වගේ මට දැනෙන්නේ. මෙතැන හැමදෙනාම ලියලා ගිහින් තියෙන ඒවා දැක්කහමත් මට හරි සතුටුයි. තුණුරුවන් සරණින්, මීට අවුරුදු දෙකකට කලින් ලිව්ව මේ ලිපියට තව තවත් ලස්සන කරුණු කාරණාම තමයි එකතු වුනේ. එදා සුභ පැතූ ඔබ සැමට ම ස්තුතියි.
ReplyDeleteතව දෙයක්. ගිය අවුරුද්දෙත් මං මාර්තු 10 වෙනිදා මේකට පොඩි එකතු කිරීමක් කලා. http://www.ranrandil.blogspot.com/2011/03/70-02.html අයියා මේ ලිපිය නැවතත් සිහි කරපු නිසා තමයි මට මතක් වුනේ මං මේ අවුරුද්දෙත් මාර්තු 10 වෙනිදාට සටහනක් යොදන්න හිටියා නේද කියලා. ටිකක් ප්‍රමාද වුනත් අද හෙට ඒ කාරණේ කරන්න ඕනේ.