Friday, September 14, 2012

133. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....18


ක්‍රමයෙන් යථා තත්වයට පත්වන හෘද ස්ඵන්දනයට සවන් දෙමින් ගෙපිල මත වැතිර හුන් දඩයක්කාරයා මහළු වන මෘගයාගේ පිඟුවන් දෑස් දෙස එක එල්ලේම බලාසිටියේ මෝහනයට පත්වූ අයුරු තම දෑස සෙමෙන් පියවෙනු දැනී එක්වරම හිස දෙපසට සොළවා ඉන් මිදීමට තැත් කලේය.

එහෙත් දිවියාගේ දෑසෙහි වූ ආයාචනය හමුවේ කොතෙකුත් ප්‍රතිරෝධය පෑම නිශ්ඵල වූවක් බව අවසන වටහාගත් හෙතෙම දෑස පියවෙන්නෙට හැර ඉදිරිපිට හිඳ සිටිනා සත්වයා සමඟ ඒක මිතික විය.
සත්වයාගේ සිතට පිවිස දුටු දසුනින් දඩයක්කාරයාගේ සිත සොවින් බර වූයේය.

අධික වයස්ගත වීම හේතුකොටගෙන ස්වභාවිකවම හට ගත් ශාරීරික අබල දුබලතා හේතුවෙන් සුපුරුදු ලෙස කඩිසරව දඩයමෙහි යෙදීමට මෙන්ම දිවියන්ගේ දඩයම් ක්‍රියාවලියෙහි ඉතා වැදගත් අංගයක් වූ ගොදුර වෙත නිසොල්මනේ ලඟාව එක්වරම අන්පේක්ෂිතව කඩා පැනීමේ හැකියාව ක්‍රමයෙන් තුරන් ව යාම හේතුකොට ගෙන මහල්ලා සතියකට පමණ ආසන්න කාලයක සිට පසුවන්නේ නිරාහාරවය.

කිහිප වරක්ම දඩයම නිරර්ථක වී ගොදුර නිරුපද්‍රිතව පලා යනු උක්කුටිකයෙන් හරිත වන් තණ පිටියක හිඳ අපේක්ෂා භංගත්වයට පත් දෑසින් දිවියා බලා සිටිනු දඩයක්කාරයාට මනාව දර්ශනය විය.

සාගින්නෙන් පීඩිතව ජීවිතයෙහි අවසාන අදියරට පැමිණ සිටින වෘද්ධ දිවියාගේ බැගෑපත් අභියාචනය ඉදිරියේ දඩයක්කාරයා පත් වූයේ උභතෝකෝටික ගැටළුවකටය.තම දිවි රැකගැන්මට වුව දඩයමෙහි යෙදීමට කිසිදු රුචියක් නොදැක්වූ ඔහුට තමා අභියස හිඳ සිටිනා මහළු තිරශ්චීනයා ජීවත් කරවනු සඳහා ද දඩයමෙහි යෙදීමට බල කරවනු ලැබීම ඔහුගේ සිත වික්ෂිප්ත භාවයට පත් කරළීය.

බොහෝ වේලා දෑස් පියා කල්පනා කල හෙතෙම අවසන තීරණයකට එලඹියේ දෑස් විවෘත කලේය.

'' ජීවිතේ අපිට අපි කැමති දේවල් විතරක් නෙවෙයි පුතා.....බොහෝ විට ඒ ඒ අවස්ථාව අනුව අපි අකමැති දේවලුත් කරන්න වෙනවා.ඒ ගැන කම්පා නොවී උපේක්ෂාවෙන් ඉවසන්න අපි පුරුදු වෙන්න ඕනෑ..''
පියාණන්ගේ ඒ වදන් උදෑසන ළහිරු රැස් වට මිණි මෙන් දිලිසෙන පිණිබීඳු රැඳි කොහොඹ පත් පිස හමා ආ සිහිල් සුළඟ හා සමඟ පැමිණ දඩයක්කාරයාගේ සවන් පුරවාලීය.

වයෝවෘද්ධ මෘගයාගේ බැගෑපත් අභියාචනය කොතෙකුත් ප්‍රතික්ෂේප කරනු නොහැකි වූ දඩයක්කාරයා අවසන පියාණන්ගේ වදන් ද සිහිපත් කලේ දෑස් හැර බලා දිගු සුසුමක් හෙලීය. තම ඉල්ලීම ඉටුවන බව දත් මහළු දිවියා සෙමින් නැඟී සිට වයස්ගත ව අබල දුබල වූ සන්ධි හේතුකොටගෙන මඳක් වෙළෙවි ව කඩුල්ලෙන් පැන ගෙපැල ඉදිරියෙන් දිවෙනා පෙත් මඟ පසුකොට වන බූටෑවට වැද අතුරුදන් වූයේය.

එදින ඒ මොහොතේ පටන් දඩයක්කාරයා සහ දිවියා අතර ඇති වුයේ අපූරු සම්බන්ධතාවයකි. දින දෙකක් හෝ තුනකට වරක් වනයට පිවිසෙන දඩයක්කාරයාට බොහෝ කොට දිවියා ඇස නොගැටේ. එහෙත් වන බූටෑව තුල ආසන්නයේම පසුවන බව දඩයක්කාරයා නිසැකවම දත්තේය. දඩයමක් කල ඉක්බිති පසුවදා අසල වූ ගම්මානයට ගොස් ඒ යම් යම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හුවමාරු කොටගෙන පැමිණීම උදෙසා මුවා හෝ ගෝනාගේ පසුගාත් කපාගන්නා දඩයක්කාරයා ඉතිරිය දිවියාගේ අහර පිණිස ඉතිරි කළේය.

වසර කිහිපයක් ඇදී ගිය මේ මිනිස් තිරිහන් සහසම්බන්ධතාවය එක් වරම ඇණ හිටියේ ඒ ආරම්භ වූවා සේම අනපේක්ෂිතවය.

එක් දිනෙක තුවක්කුව ද රැගෙන වනයට පිවිසි දඩයක්කාරයාට වයෝවෘද්ධ සහෘදයා ආසන්නයේම රැඳී සිටින බවට වූ සංඥාවන් නොලැබිණි.මින් පෙර එක් අවස්ථාවක ද මෙසේ සිදුවූ අතර එදින ද දඩයක්කරයා සුපුරුදු ලෙස මරාගත් සත්වයාගේ බහුතරය ඉතිරි කොට ආපසු පැමිණියේය. පසුදින දඩයම වෙත ගිය ඔහු දුටුවේ ඉන් අඩක් අනුභව කොට ඇති බවය. මහළු දිවියා ද ඒ අසල ගැවසෙන බව ද ඔහුට නිසැකවම හැඟිණ.

එහෙත් මෙවර එසේ නොවිණි. ඔහු ඉතිරි කල දඩයම් නිරුපද්‍රිතව තිබිණි. අවසන වනයේ වසනා නොයෙකුත් කුඩා සත්වයනට ඒ ගොදුරු වූයේය. එදිනට පසු කිසිම දිනෙක මහළු දිවියා ඔහු ඇස නොගැටුණි. යටත් පිරිසෙයින් දිවියා ජීවතුන් අතර බවට වූ සංඥාවක් හෝ දඩයක්කාරයාගේ සිතට ග්‍රහණය නොවීය. එබැවින් දඩයක්කාරයා තම වෘද්ධ සහෘදයා මියගොස් බවට නිගමනය කළේය. මහළු වයස කරණ කොටගෙන ස්වාභාවිකව හෝ තවත් සත්ව ඝාතකයෙකුගේ උගුලකට හසුව හෝ වෙඩි පහරකට ගොදුරුව දිවියා මියයන්නට ඇත.

හිතවතාගේ අතුරුදන් වීමෙන් දඩයක්කාරයා නැවත වනයේ තනිවිය.සුපුරුදු හුදකලා ජීවන රටාවට යලි පිවිසි හෙතෙම දවස් එකිනෙක ගෙවා දැමූයේ කිසිදු හැඟීමකින් තොරවය.

මෙසේ උකටලීවැ ගෙවී ගිය වසර කිහිපයකට පසු එක් දිනෙක ඔහුගේ දිවියෙහි මෙතෙක් සිදු වූ ප්‍රබලතම විපර්යාසයට තුඩු දුන් සංසිද්ධිය සිදුවූයේය.

කලට වැසි ලැබ වන සතුන් මෙන්ම වන වාසී මනුෂ්‍යයින්ද ප්‍රීතියෙන් කල් ගෙවූ යුගය ගෙවී ගොස් තිබිණි. මාස හයකට අධික කාලයක් වැසි බිඳක් හෝ නොලැබ වන තුරු ලිය පඬුවන් වැ හේබා යන කාල වකවානු මෙන්ම දිවා රෑ මුළුල්ලේ ධාරාණිපාත වැසි ඇද වැටී මුළුමහත් වනගහණයම වලළුකර පොව්වනා මට්ටමට බොර පැහැ ජලයෙන් වැසී යන කාල වකවානු ද කිසිසේත් දුලබ නොවීය.

මෙසේ හත්දා වැසි ඇදවැටෙන කල්හි නිතඹ සලා ලැසි ගමනින් ඇදෙන රූබර ලලනාවක මෙන් සොඳුරු ගමනෙක යෙදෙන හීං ඇළ ද කෝපාවිෂ්ඨ ව අවට ඇස ගැටෙනා කුදු මහත් සියල්ල විනාශ කරමින් ඉදිරියට ඇදෙන කාලි යක්ෂණියකගේ වෙස් ගන්නීය.ඉදිරුණු මහත් වෘක්ෂයෝ මෙන්ම මියගිය වන මෘගයන්ගේ සිරුරු ද දෙගොඩ තලා ගලා හැලෙන බොර පැහැ සැඩ පහරේ වරෙක ගිලෙමින් වරෙක මතුවෙමින් නැගෙනහිර මහ සයුර කරා ඇදී ගියෝය.

මේ මහ වැසි සමය දඩයක්කාරයා ගත කලේ පිළෙහි දිග ඇදී අතොරක් නොමැතිව ඇද හැලෙන වර්ෂාව දෙස නිසොල්මනේ බලා සිටිමිනි. සාගිණි ඉවසිය නොහැකි වූ කල්හි පිළෙන් නැඟී සිටින ඔහු ගෙපැලේ අහුමුළු අත පත ගා වියළි මස් තීරු කිහිපයක්වන් යමක් ගිල දමා ආපසු පිළට පැමිණ වැතිරෙන්නේය. වර්ෂාව මඳක් තුරල් වූ කල්හි හීං ඇළ අසබඩ මහ ගල තලාවට ගොඩ නැඟී එතෙකුදු කිසිදු අඩුවකින් තොරව ගලායන සැඩ පහර දෙස බලා සිටින්නේය.

මෙසේ එක් හත්දා වැස්සක් තුරල්ව ගිය පළමු දිනකය ඔහුගේ දිවිය පූර්ණ විපර්යාසයකට භාජනය කල ඒ අපූර්ව සිද්ධිය වූයේ. එදින සවස වැස්ස තුරල් කලේය. සාගිනි බුර බුරා නැඟුනු නමුදු ගෙපැලෙහි වූ අවසන් වියළි මස් තීරු කිහිපය පෙර දින ආහාරයට ගත් හෙයින් සාගිණි ඉවසීම දඩයක්කාරයාගේ ඉරණම වූයේය.

වළාකුළු පහව ගොස් කොහොඹ අතු අතරින් ගලා ආ සඳ රැසින් නැහැවෙමින් පිල මත වැතිර හුන් දඩයක්කාරයාට අධික සාගින්න නිසාම නින්දට පිවිසීමට ද හැකි වූයේ නොවේ.නින්දත් නොනින්දත් අතර සරමින් සිටි ඔහුට එක් වරම දර්ශනය වූයේ පියාණන් සහ මෑණියන්ය. ඔවුන් දෙදෙන කොහේදෝ දුර බැහැර ස්ථානයක සිට දඩයක්කාරයා දෙස එක එල්ලේ බලා සිටියෝය. එසේ ගතවුනු නිමේශයකට පසු එක් වරම ඔවුන් දෙදෙන අතුරුදන් වූවෝය.

ඉනික්බිති ඔහු ඉදිරියේ දර්ශනය වූයේ වේගයෙන් රැළි නංවමින් ගලායන සැඩ පහරකි. දඩයක්කාරයා ඒ හීං ඇළ බවට එකෙණෙහිම හඳුනා ගත්තේය. නිරත්තරයෙන් ගල් තලාව මත හිඳ හීං ඇළ දෙස බලා සිට සුපුරුදු ඔහුට ඒ දසුන හඳුනා ගැනීම කිසිසේත් අපහසු නොවීය. එහෙත් සිහිනෙන්ම ඔහු තිගැස්සුණේ ඒ සමඟම දුටු තවත් දර්ශනයක් නිසාය. සැඩ පහරේ ගසා ගෙන එමින් සිටියේ යුවතියකි. ඈ මියගොස් ද තවමත් සප්‍රාණික ද යන්න එක් වනම පැවසිය නොහැකි වුවද උඩු බැලි අතට ගඟ දියෙහි පාවෙමින් එන අතර ඇගේ දෑත් එක්වනම සලිත වනු දඩයක්කාරයා පැහැදිලිවම දුටුවේය.

ඒ හා සමඟම තිගැස්සී නින්දෙන් අවදි වූ ඔහු හිමිදිරියේ අරුණළු වැටෙන තෙක් නිදි වර්ජිතව ගත කලේ සිතෙහි හටගත් බලවත් කැළඹිල්ල හේතුකොටගෙනය.

වටින් ගොඩින් එළිය වැටෙන්නා හාම නැඟී සිටි දඩයක්කාරයා යුහුසුළුව පිය නැඟූයේ හීං ඇළ අසබඩ සුපුරුදු ගල් තලාවටය.

ඒ මත උක්කුටිකයෙන් හිඳගත් ඔහු සැඩ පහරේ උඩුගං දිශාව දෙස නෙත් යොමා කල් ගත කලේ බලවත් නොඉවසිල්ලකිනි.

මතු සම්බන්ධයි........

30 comments:

  1. ආහ්....ලව් ස්ටෝරි බිගින්ස් වගේ.... :))))

    දිවියෙක් ඇති කරන්න තියේනම් මාත් බොහොම මනාපයි. :((

    ReplyDelete
    Replies
    1. මොකක්ද බොල උඹේ මේ දිවියො එක්ක තියෙන මේ හැටි පයුරු පාසානම?...කලිනුත් දවසක කිව්ව මට මතකයි දිවියන්ට මං හරි කැමතියි කියාල...ඔය දිවියන්ට තියෙන බලවත් කැමැත්ත ගැන මනෝ විස්ලේසනයක් නම් කොරතැහැකි...එක්කොත් ඕන නෑ...ආයෙ මොකටද අනීවාරතේ.....හෙහ්, හෙහ්,

      Delete
  2. yippee...මෙන්න එනවා ආසාවෙන් බලාගෙන හිටපු ටික...:D


    වෙනදට වඩා කතාව ලස්සනට පෙනුනේ භාෂාව ටිකක් සරල උනු හන්දා වෙන්ට ඇති.:)

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව්, පොඩ්ඩි ඔන්න එනවා ඔබ පුල පුලා බලා සිටි ඒ අනබිබවනීය උත්කුරුස්ට පේම වුර්තාන්තය...

      දඩයක්කාරයා තම දිවි පරදුවට තබා සැඩ පහරට පැන පිහිනා ගොස් ඒ නව යොවුන් යුවතිය දිවි බේරාගෙන ඇය තුරුළු කොටගෙන පෙරලා ගල්තලාව වෙත පිහිනා ඒවිද?

      නැතහොත්...ඔව්..නැතහොත් සැඩ පහරෙහි ගසාගෙන යන්නාවූ ඉතිරින් බේරාගැනීමෙන් මා හට කුමන නම් ඵලක්ද?...ඒ වනාහී අනපේක්ෂිත ව්‍යසනයක් ළඟා කර ගැනීමක් විය නොහැක්කේද? යනුවෙන් උපකල්පනය කොටැ ඒ යුවතිය සැඩ පහරෙහි ගසාගෙන යන අයුරු ගල්තලාව මතැ උක්කුටිකයෙන් හිඳැ හිස් බැල්මෙන් බලා හිඳීද?

      Your guess is as good as mine...Wait with bated breath for the next episode of the saga of a......HUNTER.....TER, TER, TER!!!!!

      Delete
  3. මොකද මන්ද බං අයියෙ මට අද කොටසෙ අවසානෙ කියෙව්වාම මතක් වුණේ අර දඹානේ ගුණවර්ධනයන් ලියපු ලස්සන නවකතාවක්!!!
    ඒකෙ නම මතක නැහැ බොල මට...
    වැදි ජන ජීවිතය සමග ගලපපු ඉතාම සුන්දර ආදර කතාවක් අනුවේදනීය අවසානයක්!!!

    තනියම සිතමින්: මූ මේ දඩයක්කාර කතාව කෙළවරක් කෝන්න පාටක් නං නෑ.. දැං ඒ පාර ගැටිස්සියෙක් වතුරෙ පා වෙවී එන්නෙ ආයෙ හොඳකට නං නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. / වැදි ජන ජීවිතය සමග ගලපපු ඉතාම සුන්දර ආදර කතාවක් අනුවේදනීය අවසානයක්!!! /

      දඹානෙ ගුණවර්ධනගෙ ලියවිල්ල හරිම ලස්සනයි කියල අහල තිබුනට නඟේ...අවාසනාවකට මට එක පොතක්වත් කියවන්ට ලැබිල නම් නෑ..

      අවුරුදු එකොළහ, දොලහෙදි විතර පොඩි සංදියෙම වනගත ජීවිතය ගැන මගේ හිතේ නොසිඳෙන ඇල්මක් ඇතිඋනේ ආර්. එල්. ස්පිට්ල් මහත්මය ලියූ ඒ. පී. ගුණරත්න මහත්මය පරිවර්තනය කල වෙල්ලස්සේ වැද්දන් ගැන පොත් පෙළ කියවලයි. වන සරණ ( Savage Sanctuary ) මැකීගිය දඩමං ( vanished Trails ) අදටත් මගේ ප්‍රියතම පොත් දෙකක්...

      මැකීගිය දඩමං කතාවෙ තියනව පොරමොලා නම් වැදි තරුණයා සහ මැණිකා නම් සිංහල තරුණිය අතර ඇතිවන ඉතාම අනුවේදනීය සහ සුන්දර වූ ආදර කතාවක්...

      / තනියම සිතමින්: මූ මේ දඩයක්කාර කතාව කෙළවරක් කෝන්න පාටක් නං නෑ.. දැං ඒ පාර ගැටිස්සියෙක් වතුරෙ පා වෙවී එන්නෙ ආයෙ හොඳකට නං නෙවෙයි. /

      අම්මප මේ කතාව මම මීට කලින් කියල ඇති අනන්ත වාරයක්..ඒත් ආයෙමත් කියන්ටම වෙනව....උඹලත් එක්ක කොහෝමවත් බෑ නෙව ඉහ ගහල ඉන්ට...පූර්වජයො ගැන ලිව්වම පස් පඩංගුවෙ බැණ අඬගැහැව්ව ත. අ. බො. මූල ධර්මය අනුව...දැං මේ පේම සීං එකක් ලියන්ට යද්දි අහනව කවද්ද බොල මේක ඉවර කරන්නෙ කියල....සික්...බලාගෙන ගිහාම අපෙ අම්මණ්ඩි තව හොඳයි නෙව...මල් තියල වඳින්ටයි වටින්නෙ ....උන්දැගෙං නෑ නොව මෙහෙම කංදොස්කිරියාවක්..අනෙ අම්මප...

      Delete
  4. ‘දඩබිමෙන්-දඩබිමට’ තමා නව කතාවෙ නම
    උඹේ අමනාපයක් නෑ නෙ මේ
    ලින්ක් එක මෙතන දැම්මට. පොත ගැන නං නෙවෙයි.. හැබැයි වැදි ජීවිතේ ගැන ලොකු විස්තරයක් තියෙනව... උඹේ කතාව කියෙව්වාම මට මේ කතා මතක් වෙන්නෙ ඇයිද මන්ද බන්...??
    මං මේ කතාව වැරදි විදියට කියනවද මන්ද??

    ReplyDelete
    Replies
    1. / උඹේ අමනාපයක් නෑ නෙ මේ ලින්ක් එක මෙතන දැම්මට. /

      අමනාප පොජ්ජ මන්දො කොරන්නෙ අර අහවල් කාරියටැයි?...තැංකු පොජ්ජක් මාම කැච්චක් හොඳමැයි...

      / උඹේ කතාව කියෙව්වාම මට මේ කතා මතක් වෙන්නෙ ඇයිද මන්ද බන්...??...මං මේ කතාව වැරදි විදියට කියනවද මන්ද?? /

      අප්පොයි කැකුළියෙ, අවුල් පොජ්ජක් වෙහෙක්කම නැතුං...බොට දඹානෙ හූරයෙ කතා පොජ්ජ හිත් පොජ්ජට මංදො කොරනව කියන්නෙ මං ඇත්තො ලියාපු කතා පොජ්ජ හොඳමැයි කියාලයි...තැන්කු පොජ්ජක් ආයෙම මංදො කොරන්ට හිත් ලාලයි...

      Delete
  5. අනේ අපොයි අර දඩයක්කාරයා ගතකරපු ලස්සන ජීවිතේට කණකොකා හඩන්නද යන්නේ ? වනේ ඉන්න වන හතුරෙකුටවත් වෙන්න එපා එහෙම කරදරයක් මම කිව්වේ අර හීනෙන් දැක්ක වගේ කෙල්ලෙක් බේරාගන්නවා වගේ එකක් ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං බලාපං උඹ කියන එක...මේ තට්ට තනියම ඉන්න එකාට අපූරු කෙලි පැංචියෙක් සැටමෝල් වෙන එක කොහොමද බොල විපැත්තියක් වෙන්නෙ?

      Delete
  6. අඃ එල කිරිද මස්කට් කීවලු!
    ඔන්න එනවා හෙන රොමැන්ටික් සීන් එකක්!! යේ යේ!!

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද බොල මොනව කියනවද?....රොමෑන්ටික් කියන්නෙ ආයෙ කියල වැඩක් නෑ....ක්ෂුද්‍රාන්තය සහ මහාන්ත්‍රය එකිනෙක පැටලී ඇලී ගැලී වෙලී යන සයිස් එකේ පේම ජවනිකාවක් තමයි ඉස්සරහට එන්නෙ....හොඳද?

      උඹට විතරක් දෙඤ්ඤං ඇක්ස්කුලූසිව් ට්‍රේලර් කෑල්ලක් මෙන්න මෙහෙම....

      සඳ එලිය විසුල ගල්තලාව දිස්වූයේ කිරි සයුර ගැලුවාක් මෙන්ය. එහෙත් ඒ මත හිඳ සිටින දඩයක්කාරයාට ඒ ස්වභාව ධර්මයෙහි අපූර්වය සිත්සේ විඳීමට ඉස්පාසුවක් කෙසේවත් නොමැත. ඔහු සිත චණ්ඩ මාරුතයකදී සතර දෙසට නැවෙමින් නැවත කෙලින් වෙමින් නොඉදිරී සිටිමට වෙර දරන වනස් පතියක් මෙන් ව්‍යාකූලය.

      හීං ඇල සැඩ පහරේ ගසාගෙන යන අතර ඔහු විසින් බේරාගත් ඒ රුවැති යුවතිය ඔහුගේ සිතෙහි මේ කැළඹිල්ලට එකම හේතුවයි.රාත්‍රි යාමය ගෙපැලෙහි නොරැඳී නුග ගස යට ගල්තලාවෙහි ගෙවා දැමීමට ඔහු පුරුදු වූයේ ද ඒ කැළඹිල්ල සමනය කොට ගනු පිණිසමය.එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවූ බව ඔහුට දැන් දැන් මොනවට පැහැදිලිය.

      එක් වරම සුළඟේ දිශාව වෙනස් වීමත් සමඟම ඉහලට ගත් හුස්ම සමඟ ආඝ්‍රානය වී පෙනහළු පුරා පිරීගිය සුගන්ධයක් ඔහුගේ පියාගත් දෙනෙත් හැර දැමීය.යලිත් එසේ පාෂාණිභූතව සිටිමින්ම ඒ සුවඳ පපුව පුරා පුරවාගත් දඩයක්කාරයා වහා ඒ සුගන්ධය හැඳින ගත්තේය. සවස හීං ඇළේ දිය ඇල්ලෙහි ස්නානය කරමින් සිටි ඒ යුවතිය ගොඩට පැමිණ සිරුර පුරා සබන් ආලේප කරද්දී ඔහුට දැනුනේ මේ සුවඳමය.

      ඒ පිළිබඳව කොතෙකුත් ආවර්ජනයෙහි යෙදීමට ඔහුට කාලයක් නොතිබිණි. එක් වනම සුගන්ධයෙහි තීව්‍රතාවය වැඩි වන්නාහාම සුමුදු පහසින් යුත් අත් දෙකක් ඔහුගේ ගෙල වටා ගොස් ඔහු තරව වැළඳ ගත්තේය. ඒ සමඟම දඩයක්කාරයාගේ පිටි උරයට හේත්තු වූ ඇය ඔහුගේ වම් උරහිස මත ඇගේ දකුණු කම්මුල තවා තදින් හුස්මක් ඉහලට ගත්තීය.

      මෙතන සීන් එක නියමෙට මයෙ හිතේ ඇඳිල තියෙනව අමෝ...පොඩි කේස් එකක් තියෙන්නෙ පිටි උරේ කොතනද තියෙන්නෙ කියල හිතා ගන්ට බැරි එකයි...දැනට ඔප්ෂන්ස් තුනක් තියනව..එකක් පිටි උරේ දඩයක්කාරය ලඟම බිම තියලයි තියෙන්නෙ ගල් තලාව උඩ...දෙක..පිටි උරේ දඩයක්කාරය කරේ තියාගෙනයි ඉන්නෙ...තුන තමයි මම හිතන්නෙ මෝස්ට් රොමෑන්ටික් ඔප්ෂන් එක. ඒකෙදි අර රූබර යුවතිය ඉන්නව නේද?...ඒකි දඩයක්කාරයව හොයාගෙන ගල්තලාවට එද්දි පිටි උරෙත් කර ගහගෙනමයි එන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    2. //සවස හීං ඇළේ දිය ඇල්ලෙහි ස්නානය කරමින් සිටි ඒ යුවතිය ගොඩට පැමිණ සිරුර පුරා සබන් ආලේප කරද්දී ඔහුට දැනුනේ මේ සුවඳමය.//

      මේ ලොව පුරා රූමතියන් ඇඟ ගාන ලක්ස් නමැති සබන් වෙන්ට ඇති නේද? :D

      //උඹට විතරක් දෙඤ්ඤං ඇක්ස්කුලූසිව් ට්‍රේලර් කෑල්ලක් මෙන්න මෙහෙම..//
      අනේ ඒ කෑල්ල ඔක්කොටම පේනවනේ හී හී...

      Delete
    3. @ Poddi,

      / මේ ලොව පුරා රූමතියන් ඇඟ ගාන ලක්ස් නමැති සබන් වෙන්ට ඇති නේද? :D /

      ඔය ඉතිං උඹල දන්නෙ ඔච්චර තමයි...ලස්....ලස්...ලස්....මොන බිබික්කමක්ද බං ඔය ලස් කියන්නෙ?.....ඔව්වත් සබං ද?...අර පේන්නෙ නැත ඔව්ව ගාන එවුං ඉන්නෙ හුඹහෙං ඇදල ගත්තු ගැරඬි වාගෙ....අයිස්වර්යා...කරීනා...කතිරිනා ඔක්කොම එකයි...උන්දල හොඳයි අහස ගොරෝන වෙලාවට එලියට තල්ලු කරන්ට...ඔය සැට් එකෙම්ම ටිකක් එක විදිහකට ඉන්නෙ දීපිකා නංගි විතරමයි...හෙහ්, හෙහ්, එයයි ගාන්නෙ නෑ මයෙ හිතේ ලස්....

      අන්න ඒකට අපේ කාලෙ ලලනාවියො...ෂර්මිලා, පාවින්, සීනට්,පද්මිණී, මධුරි,ශ්‍රී දේවී...එයාල ගෑවෙ නෑ ඔය මල ඉලව් ලස්..දන්නවද එයාල ඔක්කොම ඇඟේ ගෑවෙ පැමෝරා සෝප්..ආන්න සබං.....සබං කෑල්ල ඉවර උනත් කොලේ ඇඟේ අතුල්ලගෙන නෑහැකි තව මාසයක්කිතර...මේ ඇත්තමයි.....එව්වයෙ සුවඳ...හප්පා කියල වැඩක් නෑ....පැමෝරා සුවඳ සිව් සියගව් දැනේයා....ඔය ඒ දවස්වල බොහෝම ප්‍රසිද්ද ජින්ගල් එකක්...

      පැමොරාවල තිබ්බෙ අරලිය, සමං පිච්ච, රෝස ඔය ඔක්කොම සුවඳට සඳුං සහ සැවැන්දරා සුවඳ මුහු උනු අමුතුම දිවිය ලෝක සුවඳක්...උඹලට නෑ එව්ව ඇඟේ ගාන්ට වාසනාවක්....මොකදෑ ඉතිං කොරන්නෙ....එක පාරක් අපෙ ගේ ළඟ දොළ පාරෙ මම නාන්ට ගිහිල්ල මරු වැඩක් උනා...පැමෝර එහෙම ගාල යහමිං ඔන්න මම නෑවයි කියමුකො..හප්පට උඩු...මෙන්න වැඩේ..ගොඩට එන්ට විදිහක් නෑ...මී මැස්සො රංචුවක් ඇවිල්ල මයෙ ඔළුව වහගන්ට තනනව...පස්සෙ රෑ බෝ වෙනකල් වතුරෙම ඉඳල විජහට ගෙදර දිව්ව...ඔන්න අපිට වෙන වැඩ...

      ආහ්...ඉතිං පූරුවිකාව නෙව මෙච්චර වෙලා කිව්වෙ...මට කියන්ට ඕන කලේ අර චූබර ආහ්..සමාවෙන්ට චූබර නෙවෙයි රූබර ...අර රූබර යුවතිය එදා හීං ඇළේ නාද්දි ගෑවෙ පැමෝරා සෝප්ය කියන එකයි....

      / අනේ ඒ කෑල්ල ඔක්කොටම පේනවනේ හී හී... /

      නිකං අල්ලෙ පැලවෙන පච කෙලින්නෙ නැතුව ඉඳහං පොඩ්ඩි...ඒ කෑල්ල උඹට පේන්ට විදිහක් නෑ...මම ඒක හයිඩ් කරලනෙ දාල තියෙන්නෙ...ආ, පේනවනං කියාපං බලන්ට මොකක්ද මම ඒකෙ ලියල තියෙන්නෙ කියල...හෙහ්, හෙහ්, ඔට්ටුද බැරුවට?

      Delete
    4. හපොයි මේ තියෙන්නේ....

      දඩයක්කාරයාගේ හිත නිකං හතර අතේ වැනෙනවලු.
      හේතුව සැඩ පහරේ ගසා ගිය රූබර යුවතියලු.
      ඊලඟට පැමෝරා සුවඳ ආවේලු හී හී...
      ඒ එක්කම දඩයක්කාරයා උස්සගෙන හිටපු පිටි මුට්ටෙට අර රූබර යුවතිය හේත්තු උනාලු.

      මාර රොමැන්ටික් වෙයි වගේ කතාව....:D

      Delete
    5. / හපොයි මේ තියෙන්නේ.... /

      ඔය කෙල වෙලා තියෙන්නෙ..දෙයියෝ සාලේ..වහාම ඒ කෑල්ල ඩිලීට් කොල්ල දාන්න ඕමනයි....:) :)

      / මාර රොමැන්ටික් වෙයි වගේ කතාව....:D /

      රොමෑන්ටික්?.....පිස්සුද බොල...ඒ රොමෑන්ටික් සීන්ස් තියෙන්නෙ ඔය තාම කණේ සබං මොඩල් එකේ හිච්චි එවුන්ට නෙව...කැන්ඩ්ල් ලයිට් ඩිනර්ස්, මල් චොකොලොට් ගෙනත් දෙන එව්ව,අයි ලවු වූ කාඩ් දොරට යටින් දාන එව්ව..හෙහ්, හෙහ්....

      මයෙ කතාවෙ නෑ ඔය දෙකයි පනහෙ කෑලි...මේක කෙලින්ම සෙන්සුවල් මට්ටමිං පටංගෙන ඊට පස්සෙ සෙමි සෙක්ෂුවල් හරහා යනව සොෆ්ට් පෝන් වලට...හෙහේ...තේරුණාය බොට?...මොකක්ද?...සොප්ට් පෝන්, සොප්ට් පෝන්...කැටගරයිසේෂන් එක ඇවිල්ල කෙලිම්ම..... කැපිටල් R 35 +

      Delete
    6. ආ කෝමද මගේ පිටි උරේ සීන් එක! නැගල යනවා නේද?! හි හී

      //3 තමයි මම හිතන්නෙ මෝස්ට් රොමෑන්ටික් ඔප්ෂන් එක. ඒකෙදි අර රූබර යුවතිය ඉන්නව නේද?...ඒකි දඩයක්කාරයව හොයාගෙන ගල්තලාවට එද්දි පිටි උරෙත් කර ගහගෙනමයි එන්නෙ...හෙහ්, හෙහ්,//
      ඔව් ඔව්..මාත් කැමති ඒ ඔප්ෂන් එකට. මොකද ඒකෙ හොඳම කෑල්ල එන්නේ පස්සේ. ඒ කිව්වේ... එම රූබර යුවතිය රැගෙන ආ පිටි උරය ගන්නා දඩයක්කාර තෙමේ, එහි ඇති පිටි වලින් ඒ සුරතල් යුවතියට රොටි, පරාටා, නාන්, කේක්, ඉස්පන්චි, ඥාන කතා, උළුඳු වඩේ, කොත්තු, ප්රෙට්zසල්ස්, පේස්ට්‍රි, පැටිස්, බේගල්ස්, බනිස් යනාදී රසමවුළු, ඔහුගේ අතින්ම පිළියෙළ කොට, ඒවා යථෝක්ත සුරතලියට සියතින්ම කැවීමයැ.

      Delete
    7. ෂාහ් මට මැවිලා පේනවා රූබර යුවතිය ගල් තලාවේ දඩයක්කාරයා අසල වැතිර ගෙන ඔහු වෙත නුරා බැලුම් හෙලද්දී, දඩයක්කාරයා ..පිටි කොටනවා...පිටි හලනවා...පිටි අනනවා..රොටි පුච්චනවා....ෂාහ්...නියම රොමැන්ටික් අප්පා....

      Delete
    8. @ Ravi,

      අනේ පලයං බං යන්ට, ගල්පැලෙන මුසා බස් ඇදබාන්නෙ නැතුං.. මගෙ මේ දෑහින් දැකලා තියෙනවා 60 දශකයේ නවයුගය සගරාවල බොගෙ ඔය ශර්මිලා, නූටාන්, මීනා කුමාරිලා ලක්ස් ඇඩ් වලට ඉන්නවා.. :P

      Delete
    9. දෙයියෝ සාක්කි බුරා එතකොට ඔයා එච්චර වයසද? අපේ අම්මල ත් 60 දශකයේ අත දරුවෝනේ

      Delete
    10. @ අමා,

      / දෙයියෝ සාක්කි බුරා එතකොට ඔයා එච්චර වයසද? අපේ අම්මල ත් 60 දශකයේ අත දරුවෝනේ /

      මේ Ms. P.U. D.M. අමා අපූරුවා මැඩම්..අපේ බූර්ස්ට අපහාස කොරනව එහෙම නෙවෙයි.... මයෙ පරානසම මිත්තරය...ඕක වෙනුවෙන් මම් මයෙ පාන උනත් දෙනව...අන්න එහෙමයි අපි...

      / මගෙ මේ දෑහින් දැකලා තියෙනවා 60 දශකයේ නවයුගය සගරාවල බොගෙ ඔය ශර්මිලා, නූටාන්, මීනා කුමාරිලා ලක්ස් ඇඩ් වලට ඉන්නවා.. :P /

      බූර්ස් තෙමේ මේ කියාපු එක උඹ වරදවල වටහාගෙන නෙව බොල තියෙන්නෙ...උඹ හිතුවෙ බුරා 60 දශකයේ පොඩි එකා සංදියෙ ඔය පත්තර කියෙව්වයි කියලද?...අනේ බොල එහෙම නෙවෙයි අමෝ.. 60 දශකයෙ බූරා ඉස්කෝලෙං අවුට් වෙලා H.S.C. රිසල්ට්ස් එනකල් උන්දැලගෙ බාප්පොච්චි කෙනෙක්ගෙ පත්තර කඩේක වැඩ කලානෙව...අන්න එතකොටයි ඔය නිළියො ඉන්න ලස් ඇඩ්ස් දැකල තියෙන්නෙ..තේරුණාද උඹට?...

      ම්ම්, සුලු පටු අපහාසයක්ද උඹ කලේ බූර්ස් තෙමේට...වහාම...හ්ම්..වහාම සමාව ඉල්ල හිටහං හොඳ හිතිං...

      Delete
    11. මට එච්චරම වයසක් නෑ බොලං අමාවතී, වැඩිම වුනොත් හැත්තෑපහක් අසූවක් විතර ඇති.. :D

      Delete
  7. ආහ් අර කිව්වත් වගෙ ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටම! මේකට ඔය ඉස්තිරියාව විතරයි අඩුවකට තිබ්බෙ. ඒ හෝන්තුවත් ආවනෙ ග‍ඟේ ගහගෙන. දැන් උඹට මේක ඇදගෙන ගියෑකි තව පරම්පරාවකටත්. ඇයි ඉතිං පවුල් සැලසුම් උපක්‍රම කියලා එකක් තියෙන එකක්යැ! හෑ! එහෙම කොලාමද ළමයි හම්බු වෙන්නෙ? මම හිතුවෙ මේ...එක්කො ඕනෙ නෑ...

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / ආහ් අර කිව්වත් වගෙ ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටම! මේකට ඔය ඉස්තිරියාව විතරයි අඩුවකට තිබ්බෙ. ඒ හෝන්තුවත් ආවනෙ ග‍ඟේ ගහගෙන. /

      My goodness Henry, I never thought you would say some thing like this....this is hypocrisy at its best, ...:) :)

      Women....oh my gosh Henry my dear friend , they are what keeps us alive..they are what makes life so interesting....I really can't believe you actually said '' හෝන්තුව ''...describing a so exquisite and lovely creature .......:( :(.....you should be ashamed of yourself if I may say so....I only hope that DJ won't see your sacrilege.....And if she would unfortunately god bless you my dear....:)

      Delete
    2. උඹ කාන්තා මා‍ෆියා එක දාලා මට වැඩේ දෙන හදන්නෙ නේ? කාන්තා හිංසනය යොදාගෙන, ඒ කිව්වෙ කාන්තාවන් විසින් කරනු ලබන හිංසනය...

      මමත් ඒකම යොදා ගන්නංකො. උඹ දන්නවද ඔය DJ අපේ විද්වත් සාකච්ඡා ගැන දරන අදහස. "ඔයාලා මේ ගෑණු එකතු වුනාම හෝ ගාලා කියවනව කියලා අභූත චෝදනා කලාට අර ඔයයි රවියයි බුරයි එකතු වුනාම බලන්න එපායැ. විශේෂයෙන් අර රවියා, බලන්නකො කියවන්න ගත්තාම, හපෝයි!!

      හෙක් හෙක්! මං මේක කියන්න නෙමෙයි හිටියෙ, නමුත් උඹ ගෘහස්ත ප්‍රචන්දතාවය, කාන්තා හිංසනය වගෙ බර අවි ප්‍රහාරයක් එල්ල කරපු හන්දා මටත් ඔප්ෂන් එකක් නැතුව ගියා බං.

      දැන් බලාපංකො, සිත්තමී, පොඩ්ඩි, ජනුච්චි,උඹේ ලෑන්ඩ්ලේඩි රන්දිල් යෝදි, අර ආයුර්වේද ටූත් පේස්ට් ජාතියක නමක් තියෙන TG, බින්දි, ගැංසිය එකතු වුනාම උඹට රිංගන්න හිල් තියෙයිද කියලා. (අර සෙට් එක ගලෝල විසි කරලත් වෙච්ච වැඩේ මතකනෙ බොට. හෙක් හෙක් හෙක්)

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. @ Henry,

      / උඹ දන්නවද ඔය DJ අපේ විද්වත් සාකච්ඡා ගැන දරන අදහස. "ඔයාලා මේ ගෑණු එකතු වුනාම හෝ ගාලා කියවනව කියලා අභූත චෝදනා කලාට අර ඔයයි රවියයි බුරයි එකතු වුනාම බලන්න එපායැ. විශේෂයෙන් අර රවියා, බලන්නකො කියවන්න ගත්තාම, හපෝයි!! /

      කටකමසෙයියාවක් නැතුව කියවන එක සිංහලයංගෙ උපංගෙයි සිරිත නෙව හෙන්රියො....මටත් ඔය මොනව හරි කියවන්ට තියනං ආයෙ කන්ට බොන්ට ඕනත් නෑ...හැබැයි බොල උඹට කිව්වම මොකද දෙක තුන වදින්ට වදින්ට මයෙ සවුන්ඩ් බොක්ස් එක ප්‍රතිලෝමව සමානුපාතිකව ක්‍රියා විරහිත වෙනව...ඔය නිසා මට පොඩි වාසියකුත් තියනව හැබැයි..මයෙ කංදොස්කිරියාව ඉවසන්ටම බැරි උනාම අපෙ ලොක්කිම මට ගෙනත් දෙනව බාගයක්... '' අනේ මේ..ඔයා කාලෙකින් මොකවත් කලෙත් නැති නිසා මම මේක ගෙනාව '' කියල...අන්න බාර්යාවො...

      හිංගලයංගෙ කතා කිරිල්ල ගැන තියනව මරු ශුට්ටි කතාවක්...උඹ අහල තියද?...

      ලංකාවෙ විදේශ අයෝජන සමුළුවකට එක පාරක් ආවලු ඔන්න ඔය කොහෙද සල්ලිකාර බුවෙක් ( ඇමරිකාවෙය කියමු දැනට ) මේ අර H.N.W. I. කැටගරි එකේ පොරක්. එදා කොහොම හරි සමුළුවෙ කතා පරිවර්තන කර්තව්‍යය හරියට කෙරිල නෑ...පරිවර්තිකාවගෙ නැන්දම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරල..උන්දැ ගිහිල්ල වහාම මිනී පෙට්ටියක් ඕඩර් කරන්ට...කොහොම හරි අපෙ හුද්දට දැං හරිම බෝරිං..කතාව යනවා ..යනවා ඉවරයක් නෑ...ඒ පාර මේකා බැරිම තැන ළඟ හිටපු අපේ රටේ එකාගෙන් ( උගේ සම්බන්දීකාරක ) මෙහෙම අහපි.

      '' My goodness, your people seems to be so fond of speaking....this is really a long winded speech..isn't it now? ''

      සම්බන්දීකාරකය පොඩි හිනාවක් එහෙම දාල මෙහෙම කිව්වලු.

      '' Not really...he is actually introducing the next speaker ''

      DJට කියාපං මයෙ හුර්දය බොහ්හෝම සංතාපයට පත් උනාය කියල අර කතාව අහල..මයෙ අම්මප...අත්ත මුත්ත කාලෙවත් කවුරුවත් මට ඔහොම කියාල නෑ...

      / දැන් බලාපංකො, සිත්තමී, පොඩ්ඩි, ජනුච්චි,උඹේ ලෑන්ඩ්ලේඩි රන්දිල් යෝදි, අර ආයුර්වේද ටූත් පේස්ට් ජාතියක නමක් තියෙන TG, බින්දි, ගැංසිය එකතු වුනාම උඹට රිංගන්න හිල් තියෙයිද කියලා. /

      යකෝ, මේක මාර කෙළියක් නෙව..මම මේ බබලත්තු පැත්තට නෙව කතා කලේ..මම මොකටෙයි හැංගෙන්ට හිල් හොයන්නෙ...අනික ඔවුං ඔක්කොම ආවත් බලාපං එක අඩියක් පස්සට ගනියිද කියල මේ පුතය...හෙහ්, හෙහ්, එව්ව සුම්මා, තනියෙං දෙන්නෙ ගේම...තනියෙං...බෙල්ල ගියත් කඳ පයිට් ...ආන්න එහෙමයි අපි...අන්තිමට හතුරු පිරිස් බලේ වැඩිම නං ඉතිං කොරන්ට දෙයක් නෑ..ඒත් මෙහෙම ලියවෙන එක නම් අනිවා..

      Against overwhelming odds he fought a hopeless battle with a brave heart but at last he had to accept defeat...nevertheless he went down fighting...amen !!!

      / අර ආයුර්වේද ටූත් පේස්ට් ජාතියක නමක් තියෙන TG, /

      හෙහ්, හෙහ්, ඒ කතාව නම් ඇත්තම ඇත්ත..මටත් TG කිව්වහම මතක් වෙන්නෙම ගොඩකංද කාරය ගහන ටූස් පේස් ජාතියක්..අර මහ අප්පරසන්න රහක් එන්නෙ...එව්වයිං දත් මදින්ට නං දත් ඔක්කොම හැලිල අලුතෙං දත් සැට්ටෙකක් දාන්ට වෙනකල් ඉන්ටයි වෙන්නෙ....ඒත් ඔය අම්මණ්ඩි අබ්බකාත් නෝනෙක් හන්ද මම ඔය කතාව කියන්ට ටිකක් හිතේ දෙගිඩියාවෙං හිටියෙ...සාපරාදී අපහාසයට නඩුවක් පයිල් කලොත් මොන දෙයියංට කියන්ටද?

      / (අර සෙට් එක ගලෝල විසි කරලත් වෙච්ච වැඩේ මතකනෙ බොට. හෙක් හෙක් හෙක්) /

      හෙහ්, හෙහ්, ඉඳ හිටල එහෙම එව්වත් වෙනව බොල....ඒකනෙ කියන්නෙ..ඔය ඉස්තීරිං එක්ක ඩීල් කිරිල්ල ( විසේසයෙං ඔය රංදිල් අම්මණ්ඩි ) ටිකක් පරවේසමෙං කොරන්ට ඕන...කොයි වෙලාවෙ ඔලු ගෙඩිය ගැලවිලා යයිද බෙල්ල මුලිම්ම, කොයි මොහොතෙ හතර ගාතෙ දාල වැටෙන්ට වෙයිද?...කොයි වෙලේ සැට් එක ගලවල යයිද කියල සැක්කරය තමයි දන්නෙ...අනික් අතට ඉඳ හිටල එයාලටත් ඔය වගෙ චෑන්ස් එකක් දෙන එක අපෙ සවුක්කියටත් බොහොම ගුණදායකයි...

      Delete
    4. @Henry
      මේ මේ අපේ රවී අයියට අනම් මනම් කියන්ට එපා ඕන්.!!##$$!@%#

      //Women....oh my gosh Henry my dear friend , they are what keeps us alive..they are what makes life so interesting//
      බලන්ට අපේ මේ සියුමැලි කාන්තා රත්න වෙනුවෙන් පෙනී හිටින්නේ උන්ද විතර නෙව. ඉතින් උන්ද රැක ගන්ට අපි නැතුව වෙන කවුරු හිටින්ටද?

      Delete
    5. @ අමා,

      හෙහ්, හෙහ්, තැන්කියු අමා..ඔන්න උඹ විතරයි කුරුතවේදී ගතිගුන තියෙන හැබෑ කුලාන්ගනාවක් ඉන්නෙ...මේකෙ මේ ඉන්නව හැට හුටහමාරක් අනික් තකුඹියො...එකෙක් ආවද මයෙ පැත්තට නිකමට වචනයක් කතා කොරන්ට...අනික් වෙලාවට මොනව හරි උදව්වක් ගන්ට ඕන නම් බලන්ට එපාය ...අයියෙ හුයියෙ කියාගෙන එන හැටි...ඉඳපල්ලකො මම තොපිට කොරඤ්ඤං යස වැඩක්...

      ඔන්න උඹ විතරක් අමා කෙල්ලෙ...ඕන වෙලාවක මයෙං ඕනම උදව්වක් ඉල්ලහං...නෝ ප්‍රොබ්ලම්...බඩේ තියන එක හරි ඇදල දෙනව..අනෙ අම්මප...

      Delete
  8. හත් දෙය්යනේ මේ කෑල්ල මට කියවන්න බැරි වෙලානේ . මට පන යනකන් හිනා බොලේ

    ReplyDelete
    Replies
    1. ඈ.....බොට පනයනකල් හිනාය කිව්ව?...අපෙ අප්පේ...මම මේ හෙන සීරියස් කතාවක් ලියනව මෙතන..ඔයා ඇවිත් හිනා වෙනව..හපොයි ඉතාම ජුගුප්සාජනකයි, අනුවේදනීයයි...අර ඒ වගේම තව එකක් තියෙන්නෙ අන්න ඒකත් නීයයි....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...