මහඇලේ ඉම නියර අද්දර රූස්ස නුග ගහ තාම තියනව. ඒත් අර තිබ්බ සරුසාර කොළපාට දැං ඇහැවෙලා ගිහිල්ල. මම වගේම තමයි කියල මට හිතුනෙ නිරාසායසෙන්ම. ජීවිතේ හොඳ හරිය ගෙවිල ගිහිල්ල අන්තිම කාලෙ මරණය බලාපොරොත්තුවෙං ඉන්නව එලොවත් මෙලොවත් අතර. මේ මහ නුගේට කතාකරන්ට පුලුවන් නම් මොන මොන දේවල් කියයිද හැබෑටම?
ගස් ගල් කතා කරපු යුගයක් ඉස්සර තිබ්බලු. එහෙම කිව්වෙ මයෙ අත්තම්ම. අම්මයෙ අම්ම.අපෙ සිංහල උළු හොයපු ගෙයි ඉස්සරහ මුළු පලලටම තිබ්බෙ ඉස්තෝප්පුවක්. රවුං මිල්ල කණු අටකින් පලේ උහුලාන හිටියෙ. ඉස්කෝලෙ පහේ කැලෑසියෙ විතර දුටුගැමුණු රජ්ජුරුවංගෙ දසමහ යෝදයො ගැන මුදියන්සෙ මහත්තය ඉතිහාස පාඩමට කියල දුන්නු දවසෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එද්දි කඩුල්ල ගාව ඉඳල මම ඔය සද්දන්ත මිල්ල කණු දැක්කෙ හරියටම අර යෝදයො වගෙ.
ඉස්තෝප්පුවෙං සාලෙට ඇතුල්වෙන පලු දෙකේ බුරුත දොර කෙලිම්ම තිබිච්ච කණු දෙක ඇරෙන්න ඉතිරි කණු අතර වද්දල තිබ්බ මල් ලියකම් වැඩ දාපු ලී මෝස්තරේකින් හැඩ වෙච්චි ලී රාමු. ඉස්තෝප්පුව මැද්දෑවෙ කකුල් තුනේ කලුවර කනප්පුව. ඒක උඩ හැමදාම රාත්තිරියෙ පත්තු උනේ ගොලෝ ලාම්පුව.
මං හීං එකා සන්දියෙ ඔය පහනෙ රාජකාරිය කලේ අපෙ අප්පච්චි. සතියකට සැරයක් බ්‍රාසො දාල රෙදි කෑල්ලකිං ලාම්පුවෙ තෙල් දාන ගෙඩිය වගෙ බඳ රත්තරන් පාටට දිස්නෙ වැටෙනකල් මදින එක, ලාම්පු අල්ලුවෙ දැලි සුද්ද කරන එක, ලාම්පු තිරේ ගිරෙං උල හැඩේට කපන එක, අන්තිමට ලාම්පු බඳේ පැත්තක තිබ්බ මූඩිය ඇරල භූමිතෙල් පුරෝන එක. ඔව්ව තමයි ලාම්පුවෙ රාජකාරි. තුනේ පංතියට මම ආහම අප්පච්චි මට ඒ වැඩ ටික බාර දුන්න.
" අනේ මේකට ඔව්ව පුළුවනිය දැම්ම?...." අම්ම හිනාවෙවී ඇහුවෙ කම්මුලේ අතකුත් තියාගෙන.
" මොකෝ බැරි?....දැං ඉලන්දාරියෙක් නෙව. " අප්පච්චි මයෙ බොකුටු කොණ්ඩෙ අවුල් කලා....
එදා ඉඳල ලාම්පුවෙ රාජකාරිය කලේ මම. අටවක හඳ පලුව දොරගමුව කඳු වලල්ල උඩින් යාන්තමට එල්ලිල වගෙ තිබ්බ.ලාම්පුවෙ එළිය ලීස්තරවල මල් කැටයම් අස්සෙං විහිදිල සුදු වැලි අතුරපු මිදුලෙ අපූරු රටාවක් මැව්ව.
මිදුලෙ පොල් අතු රටාවට තවම අපූරුවට පේන්ට තිබ්බෙ අපෙ අම්ම හැමදාම හවස පහ වගෙ වෙනකොටත් ආයම පාරක් මිදුල අතුගාන හින්ද.සූනියම් දේවතාවුන් වහන්සෙගෙ ගමන් මාර්ගයක් වැටිල තියෙන්නෙ මේ මිදුල මැද්දෙං..ඒ නිසා මිදුල කොයියම්ම වෙලාවක උනත් හැඩිවෙල තියෙන්ට හොඳ නෑ. අම්ම මා දැක්ක එහෙම කිව්වෙ දවසක් " හවහත් මිදුල අතුගාන්නෙ ඇයි අපෙ අම්මෙ " කියල මම උන්දැගෙන් අහපුවාමයි.
සූනියම් දේවතාවුන් වහන්සෙ වඩිනකොට මල් සුවඳක් හමනව.
" පුතේ උඹ එළි පෙහෙළියෙ ඉන්න වෙලාවට එහෙම දෙයක් දැනුනොත් එහෙම බිම බලාගෙන ගෙට වරෙන් හොඳද? "
අපෙ අම්ම ආයෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන. කිව්වත් වාගෙ මට කීප දොහක් එහෙම අනීවාරතේ මල් සුවඳ දැනිල තියනව. මේ..රුක් අත්තන සුවඳ වගෙ හරියටම. ඒ වෙලාවට අම්ම කියාපු විදිහට මම බිම බලාගෙන ආපහු ගෙට ආව.
ඒත් ඔය හඳ පායපු දවසක් කියල මට මතකයි. අපුච්චි ඉස්තෝප්පුවෙ සාලෙට ඇතුල්වෙන මහ දොර ගාවම අයිනක තිබ්බ වේවැල් හාන්සි පුටුවෙ දිගාවෙලා. බාපත තිබ්බට ඒ වෙලාවෙ අකුලල තිබ්බෙ කියලයි මට මතක. ඔය කළුවර හාන්සි පුටුව මයෙ අම්මයෙ පරම්පරාවෙන් එන එකක්ලු. අම්මයෙ අපුච්ච, මයෙ අත්ත ඉන්දැද්දි රාත්තිරි බෝජනේ සප්පායං වෙලා ඔහොම ඉන්නව කියල අත්තම්ම මා දැක්ක කියල තියෙනෝ.
මයෙ අම්ම හිටියෙ ඉස්තෝප්පුව වටේට තිබ්බ මිල්ල කණුවකට හේත්තු වෙලා මිටි බංකුව උඩ ඉඳගෙන...මගෙ කාකි කොට කළිසමක් එළලනව.
" කොහේ රිංගනවද මන්ද මෙව්ව මේ හැටි බරු ගැහෙන්ට…මයෙ ඇස් දෙක පේන එකත් හොරයි දැං ඇඳිරි වැටෙද්දි…" අම්ම කිව්වෙ මා දිහා බලල
" හ්ම්ම්ම්. කිව්වට අහනවය..කී දොහක් කිව්වද මා එක්ක නුවර යමුය කියල සමරසිංහ සාප්පුවෙං කණ්ණඩි කුට්ටමක් ගන්ට.." ඒ අප්පච්චි
" හ්ම්ම්ම්...දවුල් හේනෙ බෝංචි ටික හෙට අනිද්ද කැඩෙයි නේද? එතකොට බැරිය…"
" ආය බෝංචි වගේද ඇස් දෙක...යමු හෙටම මගෙ ගාව සල්ලි තියනව. "
" කොහෙන්ද ඔහෙට සල්ලි? "
අප්පච්චි අම්මට කතා කලෙත් අම්ම අප්පච්චිට කතා කලෙත් ඔහෙ කියල. අපෙ අප්පච්චි පාත්තයෙක් කියල මම කිව්වද? නෑ නේද? ඔව්..උන්දැ අකුරැස්සෙ...අවුරුදු විස්සක විසිදෙහෙක ගජ ඉලන්දාරිය කාලෙ උන්දැ ඇවිත් තියනව ගුණ්ණෑපාන කඩමණ්ඩියෙ බේකරියක වැඩට. ඒ බේකරිය උන්දැගෙ බාප්පොච්චිගෙ.ඒකෙ කැසියර් කූඩුවෙ ඉන්දැද්දි තමයි අපෙ අම්මණ්ඩිව ඇස්සර වැටිල හාදවෙලා කාර බැඳගෙන බින්න බැහැල තියෙන්නෙ.ඒකත් අපූරු ආදර අන්දරයක්...
" ලොකු නිළමෙ පහුගිය සුමානෙ මම කොළ පෑගුවට ගිය වියදං කාසි අද දුන්න නෙව. "
ගම ඉහත්තාවෙ පන්සලත් එක්ක දෙයියන්නෙවෙලෙං එගොඩහ තිබ්බෙ අමුණුගම පහළ වලව්ව.ලොකු නිළමෙයි මැණිකෙයි ලොකු අප්පොයි, චුට්ටි මැණිකෙයි වළව්වෙ හිටියෙ. හිටියෙ කිව්වට ලොකු අප්පො කොළඹ ඔය මොකද්ද විස්ස විද්යාලෙද කොහෙද ඉගෙන ගත්ත. චුට්ටි මැණිකෙ නුවර ඉස්කෝලෙක පොඩි කාලෙ ඉඳලම නැවතිල ඉගෙන ගත්තෙ....අටේ පන්තියෙ...මගෙ වයසෙ...
මිදුලෙ කෙළවර ලාම්පු එළිය යන්තමට වැටෙන නොවැටෙන මායිමේ වගෙ ගඩොල් කෑලි හත අටක් වටකරල හදල තිබ්බ රෑ මනමාලි පඳුරෙ මල් හත අටක්ම පිපිල. හුලඟ හමන හමන විඩේ එන සුවඳ මිදුල පහු කරල ඉස්තෝප්පුව පුරාත් පැතිරෙනව.
දොරකඩින් මිදුලට බහින පඩි දෙකෙන් උඩ පඩියෙ මං වාඩිවෙලා හිටියෙ. අප්පච්චිගෙ පරණ කාකි කෝට් එක පොරවාන හීතලට. මම හරිම ආසයි ඒකෙ උණුහුමට. අනික ඒක පොරව ගත්තම මමත් ලොකු මිනිහෙක්ය කියල මට හිතෙන එකත් එක හේතුවක් වෙන්න ඇති.
" නිළමෙට දැන් හොඳටම අහේමයි….." අප්පච්චි කිව්වෙ පුටුවෙ කෙළිං වෙල පපුව අතගාමින්.
" ඈ???? ඇත්තද..අනේ අර මැණිකෙල දෙන්න ගැනයි මයෙ පපුව ඇවිලෙන්නෙ.." අම්ම නූල්පොට දතිං ඇදල කඩල දැම්ම.
" චුට්ටි මැණිකෙටත් ඉස්කෝල ගාස්තු ගෙවන්න බැහැයි කියල අස්කරවගෙන පෙරෙයිද ගෙදර එක්ක ආව. "
" දෙයි හාමුදුරුවනේ...." අම්ම කම්මුලේ අතක් තියාගත්ත.
" ඔව්, ලොකු අප්පොටත් වියදං සැරයිනෙ. චුට්ටි මැණිකෙ හෙට ඉඳල මෙහෙ ඉස්කෝලට යයි.අපෙ ලොක්කගෙ පංතියෙ. "
අම්ම තාම කම්මුලේ අත තියාගත්තු ගමන
" ලොකු පුතේ…" අප්පච්චි මට කතා කලා..
" අප්පච්චි…" මම එහෙමම ඉඳගෙන හැරිල බැලුව.
" ලොකු පුතේ උඹ හෙට උදේ ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා පලයං වළව්වට. උඹට ටික දවසකට චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්කං යන්ට වෙනව. ඒ ඇත්තිට ටිකක් විතර පාර තොට පුරුදු වෙනකල්. "
" හොඳයි අප්පච්චි…" මම හිනාඋනා.
දොරගමුව කඳු ඉහත්තාවෙ එක පාරටම උල්කාපාතයක් පුපුරල ගියා. පලාතම එළිය වුනා මොහොතකට.බිතක්කනේ ගුලි ගැහිල හිටපු කඩිය බුරාගෙන දිව්ව ඒ පැත්තට. අපෙ අත්තම්ම නම් කියන්නෙ එව්ව දේවතා එළි කියල.ඒත් ඉස්කෝලෙදි සුමනාවතී මෑම් අපිට කියල දුන්න එහෙම එළිය විහිදවාගෙන පත්තුවෙන්නෙ උල්කාපාතයි කියල.
" උඹ පුතේ ඔය කොණ්ඩෙ කපාගන්නෙ කවද්ද? " අප්පච්චි ආයෙම ඇහුව හිනා වෙවී.
මයෙ මුදු ගැහිච්ච කොණ්ඩෙ බෙල්ල ගාවටම වැවිල තිබ්බ. කඩ මණ්ඩියෙ බාබර් සාප්පුව කරගෙන ගියෙ ලොකු බණ්ඩ මාම. දෙතුන් විඩයක් උන්දැගෙ බාබර් සාප්පුව ළඟටම ගිහිල්ලත් මට බෑ කියල හිතිල ආපහු ආව. මගෙ මුදු කොණ්ඩෙට මම ආසයි.
පහුවදා පාන්දරම මම ඉස්කෝලෙ යන්ට ලෑස්තිවෙලා දෙණි කුඹුර මැදිං ගිහිල්ල වළව්වෙ උයනගේ පැත්තට කිට්ටු කලා.සුදු පළාපු බැනියමයි සුදු සරමයි ඒ අපේ නිළ ඇඳුම. ගෑණු ලමයි ළමා සාරිය.
" කමළාවතී නැන්දෙ.." .උයනගෙයි පෑළදොර ගාව වළං මැස්ස ළඟ ඉඳගෙන මම කතාකලා. කමළාවතී නැන්ද තමයි වලව්වෙ උයනගෙයි රාජකාරි කලේ. අපෙ අම්මයෙ කිට්ටුම නෑයො.
" ජයසේන පුතේ...මොකෝ මේ පාන්දරම අද?.." කමළාවතී නැන්ද ඇස් දෙකත් පිහ පිහ එළියට ආව. උයනගෙයි දුමාරෙ ඇස් වලට අමාරුයි.
" මම..මේ..ආව අද චුට්ටි මැණිකෙ එක්කලා යන්ට කියල ඉස්කෝලෙට...."
" ආ, කවුද එහෙම කිව්වෙ? "
" අපෙ අප්පච්චි…"
" ආ..ඒකත් එහෙමද? ජයසේන පුතේ . එහෙනම් මේ ටිකත් හොඳට අහ........"

" කවුද කමළාවතී ඔය?...." එහෙම අහගෙන කුස්සියෙ දොරෙන් මතු උනේ චුට්ටි මැණිකෙ.
අපි එක වයසෙ උනාට ඇත්තටම මම ඔයිට කලින් චුට්ටි මැණිකෙ කිට්ටුවට දැකල තිබ්බෙම නෑ. අපෙ අප්පච්චි වලව්වෙ කුඹුරු වතුපිටි බලාගන්න නිසා උන්දැ නිතර වලව්වෙ ගැවසුනානම් තමයි ඒත් අපිට වළව්ව පැත්තෙ ගැවසෙන්ට උවමනාවක්වත් වෙලාවක්වත් තිබ්බෙම නෑ. ඒ ඇරත් චුට්ටි මැණිකෙ හෝඩියෙ ඉඳම්ම ඉගෙන ගත්තෙ නුවරනෙව.
" මේ කවුද මේ? …"
චුට්ටි මැනිකෙ ඇස් පුංචි කරල මගෙ ඉස් මුදුනෙ ඉඳල දෙපතුල දක්වාම බැලුව.
" මේ මේ..ජයසේන ...චුට්ටි මැණිකෙව ඉස්කෝලෙ එ..එ..එක්කල යන්ට ඇවිත් තියෙන්නෙ "
කමළාවතී නැන්දට ගොත ගැහෙන්නෙ මොකද? ඇස් දෙකෙත් තියෙන්නෙ බය වෙච්චි පෙනුමක්..
" හුහ්, අපේ ගමේ මාව ඉස්කෝලෙ එක්ක යන්ට කවුරුවත් මොකටද? මට කවුරුවත් ඕන නෑ...අනික මෙයාගෙ හැටි...කොණ්ඩෙත් වවාගෙන. මට බෑ මෙයා එක්ක පාරෙ යන්ට."
" අනේ මයෙ මැණිකෙ තාම පාරවල් එහෙම පුරුදු නෑනෙ මැණිකෙට.... එතකල්වත්…" කමළාවතී නැන්දට එච්චරයි කියන්ට හම්බ උනේ.
" මට බෑ කිව්ව නේද දැං සැරයක්? "
චුට්ටි මැණිකෙ දකුණු කකුළ උස්සල අඩිය පොලවෙ ගැහුව. මිණි ගෙඩියකවගෙ අපූරු නාදයක් උයනගෙයි පුරා පැතිරිල ගියා. අපෙ හඳය මැස්සො එලවන්ට ඔළුව හොලවනකොට උගෙ කරේ බැඳපු ගෙජ්ජි හෙල්ලෙනව වගෙ. ඒත් ඊට වැඩිය බොහොම මිහිරි නාදයක් මේක.මම පුදුම වෙලා චුට්ටි මැණිකෙගෙ අර මිහිරි නාදය ආපු ඇස්වටේ දිහාවෙත් මූන දිහාවෙත් මාරුවෙන් මාරුවට බැලුව.
" මොනවද මනුස්සයො ඒ පාර කටත් ඇරගෙන බලාගෙන ඉන්නෙ? "
චුටි මැණිකෙ කෑගහපු පාරට මම හිතන්නෙ මගෙ කට ඇරිල තිබ්බනං ඉබේම වැහෙන්ට ඇති.
" මම එදා ඇත්තටම කට ඇරගෙනද හිටියෙ? " බොහොම පස්සෙ දවසක මම චුට්ටි මැණිකෙහෙන් ඇහුව මේ නුගගහ යටදිම.
" හිහ්, හිහ්, මොකද නැත්තෙ?...මම කෑගහපු පාර ඔයා බය වෙලා කට වහගත්ත... එහෙම නැත්තං …"

" ඔව් එහෙම නැත්තං මොකද වෙන්නෙ? "
" එහෙම නැත්තං එදා අර කුස්සියෙ පිරිල තිබ්බ දුං ඔක්කොම ඔයාට පෙවෙනව කට බලියාන හිටපු විදිහට..හිහ්, හිහ්.."
චුට්ටි මැණිකෙගෙ හිනා සද්දෙ මම හිතන්නෙ ඈත කුඹුරු ඉස්මත්තටත් ඇහෙන්ට ඇති.
" හිනාවෙන්ට එපා අනේ ඔහොම….." මම කිව්වෙ දත්මිටි කාගෙන.
ඔව්..ඒත් මේ නුගගහ යටදිම තමයි.
වළව්ව පැත්තෙන් රතිඤ්ඤා සද්දෙ ඇහෙන්ට ගත්ත.ඒ එක්කම බෙර සද්දෙ ..දවුල ගහන්නෙ එගොඩහ ගොඩේ සුද්දප්පු මාම වෙන්ට ඕන. ඔය වැඩේ හැමදාම කලේ උන්දැම තමයි.පෙරහැර මෙතනට එන්ට තව පැය කාලක්වත් යාවි.
මම එහෙම්මම නුගගහට හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත.
" ජයේ..අපිට වෙන කරන්න දෙයක් නෑ....මේ අපි ලබා උපන් හැටි තමයි. ඉරණම වෙනස් කරන්න බෑනෙ . ඒ නිසා අපි වෙන්වෙලා යමු දෙපැත්තකට. ඒත් මගෙ හිතේ හැමදාම ඔයා ඉඳීවි මම මැරෙනකල්..සමහරවිට ඊටත් පස්සෙත්. "
දිග සුසුමක් හෙලල ඈ කිව්වෙ ඇස් දෙකේ කඳුළු පුරවාන.
" ඔව්..ඔයා කියන එක ඇත්ත. මේ අපේ ඉරණම.අපි ඒකට මුහුණ දෙන්ට හිත හදාගමු. හෙට මම යනව පොළොන්නරුවෙ. අප්පච්චිට එහෙ ඉඩමක් හම්බවෙලා."
" ඔව්..ඒකත් හොඳයි එක අතකට... ජයේ..ඔයාව උදේ හවස දකින්ට හිටියොත් මට හිත හදාගන්ට අමාරුවෙයි. ඔයාට මොනවද ඕන මාව මතක් වෙන්ට? "
" ඔයාව මතක්වෙන්ට නම් මට ආය අමුතුවෙන් මොකවත් ඕන නෑ….. ම්ම්ම්...මතකද අර අපි මුලින්ම හම්බ උන දවසෙ..අර වලව්වෙ කුස්සියෙදි ඔයා අඩිය පොලවෙ ගහල කෑගැහුවෙ?."
" ම්ම්ම්.. මතකයි ..මතකයි…" කඳුළු පිරුණු දෑසින් ඈ හිනාඋනා.
" ඒ වෙලාවෙ ඔයා කකුලෙ දාගෙන උන්නු ..අර..අර..ගෙජ්ජිය? "
" මොකක්?..." චුට්ටි මැනිකෙගෙ මූණ රතු උනා..තරහ ගියාම එහෙම තමයි.
" ගෙජ්ජි දාන්නෙ හරක්නෙ මනුස්සයො..ඒකට කියන්නෙ ගෙජ්ජි නෙවෙයි නූපුර….."
" හරි මොකහරි ...මට ඒක දෙනවද?..."
ඇගෙ මූණ අඳුරු උනා.
" හා……"
ආයෙම සුසුමක් හෙලල ඈ කිව්ව.
කළිසම් සාක්කුවට අත දාල මම නූපුර අතට ගත්ත. මගෙ අතටම මැදිල සිනිඳු වෙලා ගිහිල්ල. ඒත් තාමත් ඉන් නැඟෙන්නෙ එදා වලව්වෙ උයනගෙයිදි නැඟුනු මිහිරි නාදයමයි.
දවුල් සද්දෙ ලඟම ඇහෙනව. මම ඇස් ඇරල හැරිල බැලුව. සුද්දප්පු මාම තමයි දවුල ගහන්නෙ. අවුරුදු හත අටකට ඉහත මයෙ අප්පච්චිගෙ මළගමට ආපු වෙලාවෙ උන්දැ මට කිව්ව.ජයසේන ළමයො..මයෙ පලෝලෙ උන්දල ඔක්කොම දැං මිය පරළොව ගිහිල්ල. බේකරියෙ මළය විතරයි අන්තිමට ඉතුරු වෙලා උන්නෙ. ඔන්න උන්දැගෙ මළගමටත් මටම මළ බෙරේ ගහන්ට වෙච්චි හැටි. සංදුක්කාරේ...පරණ උදවිය බේකරියෙ මළය, බේකරියෙ අයිය කියල තමයි අප්පච්චිට කතාකලේ.
රතිඤ්ඤ දාන්නෙ කවුද නාදුනන කොළු ගැටව් දෙන්නෙක්. ගමේ ඉලන්දාරියො බාගෙට බාගයක් මම අඳුනන්නෙ නෑ. අවුරුදු තිහක් වෙනව නෙව මම ගමෙං ගිහිල්ල. කොල්ලො වීසි කරපු රතිඤ්ඤයක් නුගේ කිට්ටුවම පිපුරුණා. වෙඩි බෙහෙත් ගඳ මගෙ නාස් පුඩු හිරකරගෙන පපුවට ඇතුලු උනා.
කට කාරවන ගතියත් එක්කම මගෙ කටට කෙල ඉනුව. ඒත් දෑහැට කඳුළු ඉනුවෙ වෙඩි බෙහෙත් සැර හින්ද නෙවෙයි. අවුරුදු තිහක් තිස්සෙ මගෙ දෑතට මැදිවෙලා හිටිය නූපුරය ආයෙම පාරක් මම තදින් මිරිකගත්ත.
" ජයේ මම එහෙනම් යන්නම්……"
චුට්ටි මැණිකෙ මට කිව්ව.
" හොඳයි ..සුබා ..මමත් එනව..එතකල් ඔයා බලාගෙන ඉන්නව නේද? "
මම එහෙම කියල නූපුරය හෙමිහිට හෙලෙව්ව..ඒ මිහිරි නූපුර රාවය...අයෙමත් මගෙ සවන් සිසාරා ගිහිල්ල පපුව පතුලෙම තැන්පත් උනා.
එදා මෙදා තුර කඳුලට විවර වු
දෑස් පියන් පත් කවුළු වසා..
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා….
දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැණින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ…
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට පියේ