අපි හැමෝගෙම ජීවිතේ යාන්තමට හරි මතක තියෙන දවසක් නේද ඉස්සොරෝම ඉස්කෝලෙ ගිය දවස...මම ගැන කිව්වොත් නම් එහෙමම තමයි....මට හොඳටම මතකයි මම ඉස්කෝලෙ ගිය මුල්ම දවස....
උදේම කිරිබතක් හැදුවා අම්ම හරි අත්තම්ම හරි...ඒකරල බුලත් කොළේක කිරිබත් ගුලි කරලයි මට කැව්වෙ කියලත් නම් මතකයි.අපේ මහ ගෙදර තියනව දිග දම්වැලකින් වහලෙ පරාළෙක එල්ලන තිර හතක් දාන්ට පුලුවන් පරණ පොල්තෙල් පහනක්...ඒ දවස්වල සාලෙ බුදු පිළිමෙ ගාව සිවිලිමේ කොක්කක් එල්ලල තිබ්බ විශේෂ අවස්ථාවල ඔය පහන එල්ලල පත්තු කරන්ට...සිංහල අවුරුදු දවස..අපෙ කාගෙ හරි උපන් දිනේ වගෙ..අන්න එහෙම දවස්....මම ඉස්කෝලෙ ගිය දවසෙත් ඒ පහන එල්ලල වටේටම පහන් වැටි පත්තුකරල හෙමිහිට එහාට මෙහාට පද්දි පැද්දි තිබුනත් මයෙ මතකයෙ තියෙනව...
" සුට්ටි පුතා.. අද ඉස්කෝලෙ ගිහිල්ල අඬන්නෙ එහෙම නෑ හොඳද? "
අප්පච්චි එක්ක දොරට බහින්ට ලෑස්තිවෙලා හිට අත්තම්මට දණගහල වැන්දම උන්දැ මයෙ ඔළුව අත ගාල කඳුලක් පිහගෙන කිව්ව.
" ඒ මොකටෙයි අඬන්නෙ?....මම අඬන්නෙ නෑ..මම ඉස්කෝලෙ යන්ට ආසයි...ඔය...මම නෙවෙයි අත්තම්මනෙ අඬන්නෙ…"
ඇත්තම කිව්වොත් මම ඉස්කෝලෙ යන්න හරිම ආසාවකින් හිටියෙ.ඒ දවස්වල පෙර පාසල් අධ්‍යාපනය කියල අදවගෙ රටේ නැති නං වලින් හන්දියක් ගානෙ ළදරු පාසල් තිබුණෙ නෑ...අද එහෙමද? ලිට්ල් බර්ඩ්ස් , ටයිනි ටොට්ස්, කුඩා කුසුම්, තරු මල් කැකුළු ඔන්න ඔය වාගෙ මොන්ටිසෝරි වැහි වැහැලනෙව.
අපි ටික කාලයක් හිටිය හීරැස්සගල ඇනෙක්ස් එකක් අරගෙන. ඒ යන පාරෙ තිබ්බ ඔය ළදරු පාසලක් ඒකෙ නම ලිට්ල් රාස්කල්ස්...සිංහෙලෙන් නම් කුඩා යකුන් පෙර පාසළ....ඒකෙ කොල්ලො කෙල්ලො කරන වැඩ මම ඔය ගෙදර ඉන්න දවසට ගිහිල්ල බලා ඉන්නව. ඒ නම දාල තියෙන්නෙ නොදන්නාකමටමත් නෙවෙයි කියලත් මට වෙලාවකට හිතුණ.
ඉතිං අපේ කාලෙ ඔහොම ෆෝමල් මොන්ටිසෝරි තිබුණෙ නෑ. ඔය කවුරු හරි ගෙවල් අහල පහළ ආන්ටි කෙනෙක් පොඩි එවුං හත් අට දෙනෙක් එකතු කරගෙන උදේ වරුවෙ පැය තුනක් විතර පොඩි කවි සිංදු, එතනිං ගිහාම අකුරු හත අටක්, ඉලක්කමක් දෙකක් කියල දෙනව....
මම ගියෙත් එහෙම එකකට. අපෙ අප්පච්චිත් එක්ක එකට වැඩකරපු අංකල් කෙනෙක්ගෙ ගෙදර තමයි ඒ මොන්ටිසෝරිය තිබ්බෙ...ඒ ඇන්ටිගෙ නංගි...ඒ මිස් තමයි මයෙ මොන්ටිසෝරි ටීචර්...අපෙ ගෙදර ඉඳල ගෙවල් හතර පහකට එහා තිබුණෙ. අනික ඒ ගෙදර මගෙ වයසෙ තව පොඩි දෙන්නෙක්ම හිටපු නිසා එහෙට මම කලිං ඉඳලම සෙල්ලං කරන්ට ගිහිල්ල බොහොම පුරුදු තැනක්..මේ මම එහෙදි ඉගෙන ගත්තු ඉංගිරිස් පොයං එකක්.
අයිසලිපා බ්‍රදල් ජොනා,

මොරිෆලිඟා ඩිඟා ඩොඟා,
ඕක සුද්දො මුලිම්ම කිව්වය කියන්නෙ නං මෙහෙමලු...
Are you sleeping?..are you sleeping?...brother john, brother john,
Morning bell is ringing, morning bell is ringing, ding dong bell, ding dong bell….
" පුතා දැං ඉස්කෝලෙ එහෙම යනවද?..."
එහෙම අහන්නෙ අම්මගෙ යාලුවො ..
" නෑ තාම නෑ..ලබන අවුරුද්දෙ යන්නෙ..මම තාම මොන්ටිසෝරිනෙ.."
" ආ..එහෙමද හරි ෂෝක්නෙ..කියන්ට බලන්ට ඔයා ඉගෙන ගත්තු සිංදුවක් එහෙම.."
මම ඉතිං සීරුවෙං ඉඳල අත්දෙකත් දෙපැත්තෙන් ඇඟට සමාන්තරව තියාගෙන..එහෙම තමයි අපෙ මිස් කියල දුන්නෙ..මගෙ ප්‍රියතම පොයං එක කියනව...අම්මගෙ යාලු ඇන්ටිල පණ යනකල් හිනාවෙනව. මට තරහත් යනව..පස්සෙ පස්සෙ මම ඔය පොයං එක කවුරුහරි ඉස්සරහ කියන එක අත ඇරලම දැම්ම.
ඉතිං ඔහොම අවුරුද්දකටත් වැඩිය මොන්ටිසෝරි ගියාට නිල ඇඳුමක් අරකක් මේකක් එහෙම නොතිබුණු නිසා නිල වශයෙන් ඉස්කෝලෙ යන්ට මගෙ පුදුම විදිහෙ කැමැත්තක් තිබ්බෙ.
අප්පච්චි මාව පන්තියට ඇරළල ගියා. මට නේද මාර තන්තෝසෙ...අපෙ මැඩම් බෝම හැඩරුවයි. උස මහතයි. සුදුයි. කොහොම හරි අඩු ගානෙ එහෙම තමයි මට මතක. ඊට කාලෙකට පස් සෙ අඹ යහළුවෝ ටෙලි චිත්‍රපටය බලද්දි ...ඒකෙ අර හරිම අපූරු සිංදුව මතකද? මල් පිපෙයි, දෙනෙත් ඇරෙයි..කතා කියයි හෙමින්...හිරු එබෙයි එළිය දෙයි කුරුළු ගී ඇසෙයි...පියානෝ එක ගගහ ඒ සින්දුව කියන්නෙ ..අර සුනිල්ගෙ ගුරුතුමිය. මට එක පාරට මතක් උනේ මගෙ පළවෙනි ගුරුතුමියත් මේ වගේම නේද කියල..

කොහොම හරි දහය විතර වෙනකල් අපි පොඩි එවුං බොහොම තන්තෝසෙං හිටියයි කියමුකො. ඔන්න දහයට විතර එකෙක් අඬනඩ පටං ගත්තෙ නැතෑ..අම්ම මතක් උනාය කියල.. ඒකා මූණත්තහඩුව බෙරිකරගෙන අඬනව බලං හිටපු තව දෙතුං දෙනෙක්ම අඬන්ඩ උනා. මම මුලිම්ම එවුංට අඬන්ඩ එපා..අනේ..තව ටිකකිං ගෙදර යනවනෙ ..ඔහොම පඬි ටෝක් දිදී හිටිය මහදැනමුත්ත වගෙ. ඒත් ටිකකිං මටත් ඇඬුනා..මම අඬන්ඩ ගත්තම ආය නෑ...පලාතම ඉවරයි..යටි ගිරියෙං දෙන්නෙ වැඩේ.
කොහොම හරි අර කලිං අඬ අඬ හිටපු දෙතුං දෙනාගෙ ඇඬිල්ල ඉබේම නැවතුනා. එවුං ඔක්කොමල වටවෙලා බලා හිටිය මම අඬන දිහා. අපේ මැඩම් ඒ පාර මා ළඟට ඇවිල්ල " අඬන්නෙ මොකටද රවි?...මම ඉන්නවනෙ අඬන්න එපා. ඉන්නකො තව ටිකකිං මම ඔයාව ගෙදර එක්කෙගෙන යන්නං " කියල මගෙ ඔළුව අත ගාන්ට ගත්ත. මම අඬාගෙනම මැඩම්ගෙ ඔහොරි පොට අස්සෙ මූණ හංගගත්ත.එදා එතුමිය ළඟින් හමපු රෝස මල් සුවඳත් සාරි පොට අස්සෙ මට දැනිච්ච උණුහුමත් සෙහෙහසත් මට අද වාගෙ මතකයි. ටිකින් ටික මගෙ මොර ගැහිල්ල අඩුවෙලා ගිහිල්ල අන්තිමට ඉඳ හිටල ඉකි ගැහිල්ලක් බවට පත් වෙලා ටිකකිං ක්‍රමයෙන් ඒකත් නතර වෙලා ගියා. ඒත් සෑහෙන වෙලාවක් මම ඒ ඔහොරි පොට අස්සෙ මූණ හංගගෙන එහෙමම හිටිය.
මගේ ලෝකයෙ එතෙක් හිටපු වීරවරියො දෙන්න තමයි අම්මයි අත්තම්මයි.එදා මම ඒ ඉස්සොරෝම ඉස්කොලෙ ගිය දවසෙ ආපහු ගෙදර ගියේ තුන්වන වීරවරියෙකුත් මෙගේ ලෝකෙට එකතුකරගෙන.
පස්සෙ දවසක ඔන්න මම ඉස්කෝලෙට යද්දි මෙන්න අපේ මැඩම් පිට්ටනිය මැද්දෙ දණගහගෙන ඉන්නව. කවුද උස මහත මහසෝනා වගෙ මනුස්සයෙක් පොල්ලකුත් අරගෙන මැඩම්ට බණිනව...නෑ..එහෙම දෙයක් උනේ නෑ ඇත්තටම...ඒත් නිකමට හිතන්න එහෙම දෙයක් උනානම් මගෙ හිතට මොන තරම් වේදනාවක් එයිද? ඒ වගේම අර වගෙ ගුරු මෑණිකෙනෙකුට මොනතරම් හිත් රිදීමක් ඇතිවෙයිද කියල.
කොහොම හරි අපි ඉස්කෝලෙ ගිය සොඳුරු හැත්තෑවෙනි දශකයෙ එහෙම දේවල් අහන්ට දකින්ට තියා ඒ වගෙ දෙයක් හිතාගන්ට වත් බැරි තරමයි...
අපෙ අත්තම්ම ඉන්න කාලෙ මට කිව්වෙම...
" සුට්ටි පුතේ කවදහරි පුතා ගුරුවිරියක් ( එහෙම තමයි උන්දැගෙ වචන...හාල් වලට කිව්වෙ හාට ගෙඩි, උන්දැ තම්බන්නෙ වී නෙවෙයි වියට ගෙඩි ) හොයා ගන්ට ඕන හොඳද?....හොඳ රතු පාට...."
ගෑණු මිනිස්සුන්ගෙ පාට ගැන කියද්දි සුදු පාට උන්දැට පෙනුනෙ රතු පාට විදිහටද මන්ද....කොහොම හරි ඔය රතු කියල කිව්වෙ සුදු පාටට…
" ගුරුවරියක් නං ඔය හොයාගන්ට බැරුවය...රතු පාට වෙන්ට නං ඉතිං හම ගහල තමයි ගන්ට වෙන්නෙ. "
මම කියන්නෙ හිනාවක්වත් නැතුව…
" ඔය කිව්වෙ ..ඔය කිව්වෙ..එහෙම නෙවෙයි සුට්ටි පුතේ.."
ඔන්න අත්තම්ම කරුණු පැහැදිලි කරන්ට පටන් ගන්නව...
අර කිව්වත් වාගෙ මට කොක්ක ගැහැව්වෙ නං උන්දැ කියාපු විදිහටම ගුරුවිරියක් නම් තමා..ඒත් අර රතු පාට තමයි කොස්ස..හරි එව්ව ඇරිච්චාවෙ....මොකටද නිකං අහක යන නයි බෙල්ලෙ ඔතා ගන්නෙ? නැද්ද?....නිකං නාගන්ට ඕන නෑනෙ..අනික මේ දවස්වල බල සේනා කට්ටිය ඇදල නාගන්න එක කරනවනෙ අපිටත් එක්කම...
හරි දැං එමු ටිකක් විතර මේ නුදුරු අතීතයට. හිරයක් එහෙම අරං ( ඔය වැඩේට හිරේ කියල කියන්නෙ ඇයි කියල පස් සෙ දවසක කතා කරමු ) ඉවර වෙලා මම ඔන්න අර කැළේ මැද රස්සාවෙං අහක් වෙලා ගෙදර ආව. ඒ කරල ඔන්න අපෙ ගුරුවිරීගෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ වේකන්ට් උනාම ඒකට ආව දෙන්නත් එක්කල පදිංචියට.
ඉස්කෝලෙක ගුරු නිවාසෙ පදිංචි වෙනවයි කියන්නෙ වගකීම් සම්බාරයක් කරමත තබාගැනීමක්. ඉස්කෝලෙට කොළඹින් වගෙ එවන යෙදවුම් කියයි, උපකරණ කියයි, ලිපි ද්‍රව්‍ය කියයි, ඔව්ව එන්නෙ බොහෝවිට මහ රෑ දෙගොඩ හරියෙ..යක්කු ගස් යන වෙලාවට...හේතුව මේකයි. අපෙ ඉස්කෝලෙ තිබ්බෙ නුවර ඉඳල කොළඹ යන පාර කිට්ටුවමයි. ඒ නිසා උදෙම්ම කොළඹිං එන ලොරි නුවර අවට ඉස්කෝල ඔක්කොටම ගිහිල්ල අන්තිමට යමිං ගමන තමයි අපෙ එකට එන්නෙ.ඉතිං එවුං ආහම රෑ කීයට හරි දණි පණි ගාල ගිහිල්ල අත්සං කරල බඩු බාර ගන්න ඕන.
ඒ වගේම නිල නිවාසෙට යන්ට තිබ්බෙ තනිකරම ඉස්කෝලෙ මැදින්මයි. ඉස්කෝලෙ වෙලාවට ඕක මැදින් යන එක හරිම වාතයක්. ඒත් ඉතිං ටික දවසක් ගිහාම ඕක ගාණක් නැතුව ගියා. ජීවිතේ හැමදෙයක්ම එහෙමනෙ. මුලින් නිකං හරිම අභව්‍ය විදිහට දැනෙන දේවල් කාලයාගෙ ඇවෑමෙන් ඉතාම සාමාන්‍ය විදිහට දැනෙනව.
ඒත් ඒ ඔක්කොම අපහසුතා නොසලකා ඇරල අපි නිල නිවාසෙට ගියේ ඒකෙ කුළිය ඉතාම අඩුනිසා. මට මතක විදිහට රු. 500 යි අපෙ උන්දෙගෙ පඩියෙන් කැපුවෙ. දෙක නිල නිවාසෙ පිහිටල තිබ්බෙ ගමනා ගමනය බොහොම පහසු තැනක. ඕන රෑක කොළඹ නැත්නම් ලංකාවෙ ඕනම ප්‍රධාන නගරයක ඉඳල බස් එකේ නැහ්නං කෝච්චියෙ ඇවිල්ල බැහැල පයින් යතෑකි දුරක. තුන සහ වැදගත්ම කාරණේ අපෙ උන්දැට බෝම ලේසියි රස්සාවට යන්ට එන්ට. ඔසරියක් පටලාන ඉස්සරහ තිබ්බ පඩි පෙළ බහින එක විතරයි තියෙන්නෙ. ඔවුන්දැ මහම මහ කම්මැලි අරටුව හෙහ්, හෙහ්....මේ වැඩ පිළිවෙල උන්දැගෙ ඉහේ මලක් නෙවෙයි මල් කළඹක්ම පිපුණා හා සමාන වෙච්චි ඔන්න කොටිම්ම...හරි ඒ ගැනත් ඒ ඇති..ආයෙම අර අහක යන නයි තියරිය....
ඔය ඉස්කෝලෙ නිල නිවාසෙ ඉන්න කාල සීමාවෙ මම රස්සාවල් දෙක තුනක්ම කලා. රස්සාවල් දෙකක් අතරෙ මාසයක් දෙකක් වගෙ රැකියා විරහිතවත් ඉන්ට සිද්ද උනා. මේ එහෙම කාලෙක..
මම මතක විදිහට මොකක්ද වැඩකට නුවර ගිහිල්ල ආව.එහෙම ඉස්කෝල වෙලාවෙ ආපහු ගෙදර එනකොට මම ඉස්කෝලෙ ප්‍රධාන දොරටුවෙන් එන්නෙ නෑ. ඉස්කෝලෙ පිට්ටනිය පැත්තෙං ඇතුල් වෙලා ප්‍රාථමිකේ පිළිකන්න දිගේ ඇවිල්ල ගුරු නිවාසෙට එන්ට පුළුවන් කෙටි පාරක් තියනව.... තුනේ පංතිය ළඟිං එනකොට ඔන්න ඇහෙනව ඇතුලෙං දෙබසක්.
" ඒයි කවුද ඒ? අර නිල්පාට කමිසයක් ඇඳගෙන යන්නෙ? "
කරුණු දෙකක් කියන්න ඕමනයි කතාව තව දුරටත් කියන්න ඉස්සරවෙලා..එක මම එදා නිල් පාට කමිසයක් ඇඳගෙනයි හිටියෙ. දෙක ඒ දවස්වල මම උදේම ගුරුනිවාසෙ මිදුල අතුගානව පුරුද්දක් වශයෙන්...ගෙදර ඉන්නවනම් මම අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවමයි.
ගමං වේගය ටිකක් අඩාල කරල මම කතාවට කන්දුන්න.
" ආ..ඔය අර පී.ටී. මැඩම්ලගෙ ගෙදර ඉන්න මනුස්සයනෙ. "
අපෙ උන්දෙ සාරීරික අද්‍යාපනේ කරපු නිසා කොල්ලො කෙල්ලො විතරක් නෙවෙයි ස්ටාෆ් එකේ අනික් අයත් කිව්වෙ පී.ටී. මැඩම් කියල..මමත් හිටපු ගමං පී.ටී. කියල කතා කොරනව..හෙහ්, හෙහ්,
" මොකද එයා පී.ටී. මැඩම්ලගෙ ගෙදර කරන්නෙ? "
ආයෙම අර පළමු කටහඬ..
" එයා තමයි උදේට මිදුල අතුගාන්නෙ…"
එයයි ඉස්කෝලෙ ඇරිල ආහම ඔය කතාව කියල අපි දෙන්න කඳුලු පනිනකල් හිනාඋනා.
මුහුණ රතු වෙලා දෙනෙතින් කඳුළු පණින තුරු එලියට ඔහොම හිනාවෙනකොට නුඹ ලස්සනයි උමා....
.
මතු සම්බන්ධයි......
ප.ලි. - සමාවෙන්න, සිසුවෙක් වශයෙන් ගුරුවරුන් පිළිබඳ මගේ හැඟීම්, ගුරුවරියක් සමඟ ගෙවන ජීවිතය සහ ඒ නිසාම සිසු දරුදැරියන් පිලිබඳ මගේ අත්දැකීම් ගැන බොහොම කෙටි සටහනක් විදිහට පටන් ගත්තු ලියවිල්ල නොදැනිම දිගට ලියවුනා. ඒ නිසා තව කොටසක් ලියලම අහවරයක් කරන්නං....

පීටී මිස්ගෙ මිදුල අතුගාන කෙනා කියල විතරක් කිවුව මදෑ. ඒ ළමයි දන්නවැයි පී.ටී. මිස්ගෙ හැම වැඩක්ම කරන්නෙ මේ මනුස්සය කියල. :D
ReplyDeleteඅපේ පංතියෙනං එකෙක්වත් ඇඬුවෙ නෑනෙ පළවෙනි දවසෙ.
Praසන්ன,
Delete/ ඒ ළමයි දන්නවැයි පී.ටී. මිස්ගෙ හැම වැඩක්ම කරන්නෙ මේ මනුස්සය කියල. /
ඒකනෙව බොලේ..එවුංට පේන්නෙ එච්චරනෙ...
/ අපේ පංතියෙනං එකෙක්වත් ඇඬුවෙ නෑනෙ පළවෙනි දවසෙ. /
එදා ඉකි ගගහ අඬන්ඩ ඇත්තෙ බොලායෙ මිස්...:)
//ලිට්ල් රාස්කල්ස්...සිංහෙලෙන් නම් කුඩා යකුන් //
ReplyDeleteකුඩා තක්කඩින්ට දීලා තියෙන නම නම් නියමයි. :D
තුනේ පන්තියේ ලමයි දන්නේ නෑනේ පී.ටී. මැඩම් උයන්ට බැරි හන්දා නිල් ෂර්ට්කාරයා බැන්ද විත්තිය...:)
පොඩ්ඩි,
Deleteඑහෙම නෙවෙයිනෙ බොලේ උනේ..නිල් ෂර්ට් කාරයා උයන්ට පුළුවන් නිසා පී.ටී. මැඩම්ව බැන්ද..ආන්න එහෙමයි...:) :)
මටනම් මෙලෝ හාංකවිසියක මතකයක් නෑ මුල්ම ඉස්කෝලෙ දවස ගැන. අතරින් පතර පොඩි පොඩි සිද්ධි තමා..අපේ මොන්ටිසෝරිය තිබුනෙ පල්ලිය පිටිපස්සෙ තිබුන මහ භයානක, අදුරු කාමරයක.. මට මේ ලඟදිත් ඕක මතක් වෙලා ඇඟ හීතල වෙලා ගියා.. හරිම පාලු, මූසල පෙනුමක් ඒ කාමරයට තිබුනෙ..
ReplyDeleteසුදුයි කියනවට වැඩිය රතුයි කියන එක ඇත්තට ලඟයි.. රතු මනුස්සයෙක් හොයාගත්තත් කවදාවත් සුදු මිනිහෙක්ව හොයා ගන්න පුලුවන්ද ඈ..?
දැන් වාංපතුල් කතාවට මොකෝ වෙන්නෙ ? ඒක ඉවරද ?
සෙන්නා,
Delete/ අපේ මොන්ටිසෝරිය තිබුනෙ පල්ලිය පිටිපස්සෙ තිබුන මහ භයානක, අදුරු කාමරයක /
බොලා යස්ස පැටව් වගෙ හින්ද පාදිලි තුමා කියන්ට ඇති …." අර පිටිපස්සෙ තියන ගුබ්බෑයමේ තියාපල්ල මොන්ටිසෝරිය..මේ වසවර්තියන්ට හරියන්නෙ ඒක තමයි. එලිපෙහෙලියෙ මෙවුං පේන්ට තියන්ට එපල්ල. මේ පල්ලිය කියන්නෙ වැදගත් මිනිස්සු යන එන තැනක් …" කියල…. හරිය?
/ දැන් වාංපතුල් කතාවට මොකෝ වෙන්නෙ ? ඒක ඉවරද ? /
පිස්සිය ඔහෙට?...වාංපතුල් කතාව තාවකාලිකව නවත්තලනෙ තියෙන්නෙ කලාවැවේ ඉවුරෙ ..අර අවුකන පිළිමෙ පේනතෙක් මානෙ...:) :)
අම්මප ඒක ඉවරයක් කරන්ටත් තියනව නේද?
liyanna balanna elanga kotasath...
ReplyDeleteලියන්නම්, ලියන්නම්..ස්තූතියි සංචාර කැමරාව...
Deleteමම ගිය පලවෙනි දවසෙම මම අරන් ගිය ජම්බෝල කැල්ලකට තව එකෙක් එක්ක ඔට්ටු වෙලා අලුත්ම බ්ලේඩ් එකකින් අත කපාගෙන ලේ පෙරාගෙන හු තියාගෙන දිවුවේ නැද්ද ගෙදරට.
ReplyDeleteඅම්මප, එහෙමත් උනාද?....ජීවිතේට අමතක නොවෙන දෙයක් එහෙනං...නැද්ද? :)
Deleteඅද කියවන්න ලැබුණු පාසල් මතක දෙවන ලිපිය. නොදැනුවත්වම මාත් ඒ අතිතයට අරන් ගියා ඔබේ මේ පෝස්ටුව. හදට සොදුරු සතුටක් දැනෙනවා.
ReplyDeleteමගේ ගුරු මතකය මෙතැනින්
ස්තූතියි නලීන්,
Deleteඔබේ ලිපිය කියෙව්වා....හරිම සංවේදී ඒ වගේම දහසක් හැඟුම් හදවත උපදවන ලිපියක්....
රවි...තව කොටසක් තියෙන එක සාදරයෙන් පිළිගන්නවා...ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නය කෝ උඹේ ගොමු තැලිල්ල?ලිවිල්ලෙ රහ තිබ්බෙ ගොමු තැලිල්ලෙ...නමුත් ඒ ගොමු තැලීම දැන් භයානක කප්පාදුවකට ලක්වෙලානේද...ඔහේ කතාව කියාගෙන යනවා...අනේ මන්දා
ReplyDeleteහැලප,
Delete/ නමුත් ඒ ගොමු තැලීම දැන් භයානක කප්පාදුවකට ලක්වෙලානේද…/
ගොමු තලන එක හැමතැනම කරන්න බෑ බං..හුදෙක් ගොමු තැලිල්ලටම වෙං වෙච්ච කතාවක් තියනවනෙ...ඒක තාම ඉවර නෑ...මේ වෙන අනං මනං හින්ද පොඩ්ඩක් ඊස් මීස් වෙලයි තියෙන්නෙ....:) :)
ඉස්කෝලේ ඉස්සෙල්ලාම ගිය දවසේ නම් පොඩි පොඩි කෑලි ටිකක් තමයි මතක..ඒත් රවීට ලැබුනු අත්දැකීම පොඩි පොඩි වෙනස්කම් ඇතිව අත්වින්දා මතකයි..
ReplyDeleteපීටි ටීචගේ කතාව කියවන්න ඊළඟ දවසෙත් එන්නම්කෝ..
මේ කතාවෙත් වෙන්ට කතාවක් තියනවා නේ..
Delete1. හිරයක් ගැනීම//( ඔය වැඩේට හිරේ කියල කියන්නෙ ඇයි කියල පස් සෙ දවසක කතා කරමු )//
රූ,
Deleteස්තූතියි හොඳේ?
හිරයක් ගන්න කියල කියන එකේ ආය මහ ලොකු කතාවකුත් නෑ බලාගෙන ගිහාම..මනුස්සය හිරේ දානව වගෙ හින්දයි ඔය හිරයක් ගන්නව කියල කියන්නෙ...
ඕකෙ ඉතිං ආයෙ අමුතුවෙන් මොනවා කතා කරන්නද? ඕනෙම කසාද බැඳපු මිනිහෙක්ගෙන් අහපල්ලකො.
Delete@හෙන්රි හා රවී මහත්වරුන්ට,
Deleteදැන් ගෑනු ළමේක් කසාද බඳිනකොට මොකද්ද කියන්න ඕන..“හිරයක් දෙනවා“ කියලද?
හැබැයි ඇත්ත කතාව නම් ගෑනු ළමයා තමයි හිරේට යන්නේ...බොරු නම් සඳාගෙනුයි දීපාගෙනුයි අහලා බලන්ඩකෝ..!!
ආ..අමතක වුනා..හදිසියේ හරි ඒ දෙන්නා ලස්සනට හිනාවෙලා උත්තර දෙන එක මගෑරියොත් මට කියන්නකෝ..ඒ හිනාවේ තේරුම මම කියන්නම්..හික්ස්
Deleteරූ,
Delete/ දැන් ගෑනු ළමේක් කසාද බඳිනකොට මොකද්ද කියන්න ඕන..“හිරයක් දෙනවා“ කියලද?...හැබැයි ඇත්ත කතාව නම් ගෑනු ළමයා තමයි හිරේට යන්නේ /
මොන පිස්සුද අනේ?...ඔයාල ගැන නම් මම දන්නෙ නෑ..මට උනේ නම් හිරයක් ගන්නව කියන්නෙ තනිකරම එළිමහන් සිර කඳවුරක් ගෙදරට ගෙනාව වගෙ තමයි...මම ඉතිං ඔය යාලුවො එක්ක වීක් එන්ඩ් එකේ දෙකක් ඇණගෙන එහෙම කිංග්ස් හවුස් පිජන් වගෙ හිටිය බුවා වෙච්චි. එව්ව ඔක්කොම ඩොග් ගාල ඇණ හිටියම පපු කැනැත්තට දරන්ට බැරිඋනා. ඉන්ටකො මම ලියඤ්ඤං ඒ කතාවත් වෙලාවක...අර වෙන්ට කතාවලට ඒකත් දාගන්ට හොඳේ?
රූ නෝනේ,මම ලස්සනට හිනාවෙලා උත්තර දෙන එක මග අරින්න කල්පනා කලා අනේ.
Deleteමම නම් ගියා මචං මොන්ටිසෝරියට. ඒකෙ එන ටීචර් කෙනෙක් මේ ලඟදි නැතිවෙලා තියෙන්නේ. අනිත් ටීචර් අපේ ආච්චි කෙනෙක්. තවම ඉන්නවා.
ReplyDeleteමට මතකයි මම අර Little Red Riding Hood කතාවේ වෘකයාට ඉන්නවා මල් පෝච්චියක් අස්සේ හැංගිලා.
හෙන්රි,
Delete/ මට මතකයි මම අර Little Red Riding Hood කතාවේ වෘකයාට ඉන්නවා මල් පෝච්චියක් අස්සේ හැංගිලා. /
ඔව්ව ඔහොම තමයි හෙන්රි..ඔය ගැන හිත අමාරු කරගන්ට එපා..සාමාන්‍යයෙන් ඕන මරුමුස් බුවෙක් හිච්චි එකා කාලෙ හරිම අහිංසක සුවීට් පෙනුමක් තියෙන්නෙ. ඒත් එහෙම නැති පොඩි කාලෙත් මේ ඩයල් එක එහෙම්මම තියන එවුනුත් ඉඳහිටල ඉන්නව.That's life machang :) :)
උඹ මගෙ කමෙන්ට් එකට දෙන රිප්ලයි එක මම කලින්ම දැනගෙන හිටියා කිව්වොත් උඹ විශ්වාස කරයිද? :D
Deleteහෙන්රි,
Delete/ උඹ මගෙ කමෙන්ට් එකට දෙන රිප්ලයි එක මම කලින්ම දැනගෙන හිටියා කිව්වොත් උඹ විශ්වාස කරයිද? :D /
එහෙනං එහෙනං මම විශ්වාස කරනව බං..කිසිම සැකයක් නැතුව....
ඔය බොලායෙ මොන්ටිසෝරි ආච්චි බාං මාත් ටිකක් විතර අඳුරනව..උන්දැ දන්නවද මා එක්ක කියපු කතාව...
" අනේ පුතේ...එදා අර හෙන්රි ළමය වෘකයට රඟපාද්දි ඒකට හරියන මූණක් හදාගන්න එක තමයි හරිම අමාරුවක් උනේ…"
" හරි හරි ආච්චි මට තේරෙනව…පොඩි ලමයෙක්ගෙ මූණ වෘකයෙක්ගෙ මූණට හරියන්ට ඉතිං බොහොම රෞද්‍ර වෙස්මූණක් දාන්ටම ඕන තමයි, "
" නෑ..නෑ..ඔය ළමයට තාම හරියට තේරුණෙ නෑ….මෙතන උනේ බොලේ ඒකෙ සම්පූර්ණ අනික් පැත්ත.....අපිට හෙන්රිට වෙස්මූණක් දාන්ට උනේ වෘකයෙක්ට හරියන විදිහට එයාගෙ මූණ සෞම්‍ය කරන්ට…"
හැමදාම කතාව කියවලා කමෙන්ට් එකක් නොදා හොර පාරෙ ගියාට අදනම් කමෙන්ට් එකක් දාන්නම වෙනවා.
ReplyDeleteඅපේ කාලෙනම් ඔය මොන්ටිසෝරි නොගිය එකෙක් නෑ.(මම මේ කියන්නෙ අනූව දශකෙ මුල ).සෙන්නා වගේම මාත් ගියෙ පල්ලියෙ මොන්ටිසෝරියට.මොන්ටිසෝරි යන්නනම් පොඩි පහේ පගාවකුත් ගත්තා.වෙන මොනාවත් නෙමේ බුල්ටො.ඕකෙ වැරද්ද මගෙ නෙමේ, මොන්ටිසෝරියට යන පාරෙ කඩේකුත් දැම්ම මදිවට කඩේ ඉස්සරහින් පාට පාට ඉරි වැටිච්ච බුල්ටො බෝතලයක් තිබ්බ කඩේ මුදලාලියගෙ.අපිට ඒ කාලෙ මොන්ටිසෝරියෙන් කිරි එකකුතුත් දුන්න උදේට.සමහර දවස්වලට බිස්කට් 2කුත් හම්බුනා.ඔය සේරම එක්ක මමනම් මොන්ටිසෝරි ගියෙ හරිම ආසාවෙන්.
මුලින්ම ඉස්කෝලෙ ගිය දවසෙනම් ඇඩුවෙ නෑ.ඊටපස්සෙ දවසක බඩේ අමාරුවක් හැදිලනම් ඇඩුවා මතකයි.
~Saji~
ස්තූතියි සජී.....ළමා කාලයේ මතක හරිම ආස්වාදයක් ගෙනදෙනව නේද? :)
Deleteහපෝ මටත් තා පොඩ්ඩෙන් කඳුළු පනිනවා..පී ටි මැඩම්ගේ මිදුල අතුගාන එකත් සෑහෙන ඉහල තනතුරක් එහෙනම් :)
ReplyDeleteමගේ මුල්ම ගුරුතුමියත් ඔය වගේ තමයි. වන්නිආරච්චි මිස්..සුදු ටිකක් විතර මහත හරිම ප්‍රසන්න කෙනෙක්...අද කොහේ ඉන්නවද කියලා මම දන්නේ නෑ. අහම්බෙන් හරි හම්බ උනොත් කකුල් දෙක බදාගෙන වඳින්න තරම් ගෞරවයක් ආදරයක් අදටත් මට ඇය ගැන තියනවා..
සයුරි,
Deleteස්තූතියි...සයුරි…Out of the mouths of babes කියල කතාවක් අහල තියනව නේද?...පොඩි එවුං යමක් කියන්නෙ එයාලට පේන විදිහට..ආය අපි වගෙ මේක කියන එක හොඳද, නරකද කියල හිතන්නෙ නෑනෙ..ඒ කියන එව්වගෙ බොහොම වෙලාවට අපූරු කාරණා තියනව…:)
අයියගෙ ලොකු කාලෙ අත්දැකීම් වලට වඩා මේ පොඩි කාලේ අත්දැකීම් විස්තර කරන විදිහට මම ආසයි. මේ ලියන විදිහේ හරිම හෘදයාංගම අවංක බවක් තියෙනවා. අත්තම්මා එක්ක අත්දැකීම් ගැන අයියා මීට කළින් ලියාපුවත් එහෙමයි. :)
ReplyDeleteමටත් මතකයි මම මුළින්ම ඉස්කෝලෙ ගිය දවසේ තද නිල් පාට බෑග් එක කරේ එල්ලගෙන, ලා නිල් පාට මූඩිය තියෙන සුදු පාට බෝතලේ අතේ එල්ලගෙන ඉස්කෝලේ නිල ඇඳුමත් ඇඳගෙන ගෙදර ඉස්සරහා පඩිය උඩ හිටගෙන ෆොටෝ එකකට පෙනී හිටිනවා. උදේ කාලේ ගැන එච්චරමයි මතක. ඉස්කෝලෙට ගියෙ කොහොමද, ඉස්කෝලේ හිටියෙ කොහොමද, ඇඬුවද නැද්ද, ඒ මුකුත් මතක නෑ. ආපහු ඉස්කෝලෙ ඇරිලා පන්තියෙන් එළියට ආවාම හොඳටම බය උනානම් මතකයි. ඇයි මුළු ඉස්කෝලෙම ඉන්න ළමයි රොත්ත එළියේ. මං එක වසරේ චූටි ළමයා. අර උසට උසේ ඉන්න සෙනග ගොඩ මැද්දේ අම්මවයි තාත්තවයි හොයාගන්නෙ කොහොමද කියලා අඬන්න ලෑස්ති උනා මතකයි. ලෑස්ති වෙච්ච ඇඬිල්ල අඬන්න කළින් කොහොම හරි අම්මලාව දැකලා දුවගෙන ගියා මතකයි. ඒ එක වසරේ මතකය වගේම ශිෂ්‍යත්වෙන් පස්සේ අළුත් ඉස්කෝලෙට ගිය පළවෙනි දවසත් අමුතු හැඟීම් වලින් පිරිච්ච දවසක්. එක වසරේ අපේ පන්ති භාර ගුරුතුමී වෙච්ච ගුණවර්ධන ටීචත්, හය වසරේ අළුත් ඉස්කෝලේ අපේ පන්ති භාර ගුරුතුමී වෙච්ච චන්ද්‍රිකා මිසුත් රූපයෙන්, කටහඬින් හුඟක් දුරට එක සමානයි. ඒකත් විශේෂ දෙයක්.
ඇයි මගේ මොන්ටිසෝරියේ මතක! ලොකු ටීචයි පොඩි ටීචර්ලා දෙන්නයි එක්ක ලස්සන අවුරුදු දෙකක්. මොන්ටිසෝරියේ මගේ හොඳම යාළුවා උනේ ටිකිරි. අපි දෙන්නගෙ රණ්ඩුත් මට තාම මතකයි. ඒ මොන්ටිසෝරියෙ වත්ත හරි ලොකුයි. කොස් කොළ තොප්පි හැදුවා, තාරකා ඉබ්බො දෙන්නත් එක්ක කතා කළා, ඔන්චිලි පැද්දා, මහා ගොඩාක් ජාති කරන්න තිබුණා අපිට එහෙ. හරි ආසාවෙන් මොන්ටිසෝරි ගියෙ කොළ පාට වෑන් එකක. එහෙ යන්න තිබ්බ ආසාවට බෑග් එක අමතක වෙලා ගෙදර දාලා ගිය දවසුත් තිබුණා. එදාට ඉතින් ඇඟිල්ලත් හප හප ගේට්ටුව දිහා බලාගෙන ඉන්නවා අම්මා බෑග් එක අරං එනකල්. අපේ මොන්ටිසෝරියෙ කොන්සට් එකේදි නාට්ටියක් තිබ්බා, තොප්පි වෙළෙන්දාගෙ කතාව. ඒකේ තමයි මම මුළින්ම රඟපෑවේ. ඊට පස්සේ ඉස්කෝලේ කාලෙදි අන්තර් නිවාස නාට්‍ය වල රඟපෑවා. මේ මොන්ටිසෝරියෙදි රඟපාපු චරිතේ තමයි මම නාට්‍ය වල ජීවිතේටම රඟපාපු එකම කාන්තා චරිතේ. තොප්පි වෙළෙන්දාගෙන් තොප්පි ගන්න ආපු කෙනෙක්ගේ චරිතයක් තමයි රඟපෑවේ. එකම එක දෙබසයි තිබ්බේ. :)
අපේ ඉස්කෝලේ ගුරු නිවාසෙත් පදිංචි වෙලා හිටියේ අපේ පී. ටී. ටීචයි ටීචගෙ පවුලෙ කට්ටියයි තමයි. ඉස්කෝලෙ හිටපු සැරම ටීච.
අර පොයම් එක හරිම ස්වීට් අනේ. අර ඇන්ටිලා ටික හිනාවෙන්න ඇත්තේ අයියා ඒක හරියටම ලස්සනටම කිව්ව හින්දා වෙන්න ඇති. සුද්දො කියලා තියෙන විදිහ වැරදියි. අයියා කියපු විදිහ තමයි හරි. :P
ආසාවෙන් බලාගෙන ඉන්නවා ඉතුරු කොටසත් කියවන්න.
සිත්තමී,
Deleteබොහොම ස්තූතියි නඟේ...
/ අර පොයම් එක හරිම ස්වීට් අනේ. අර ඇන්ටිලා ටික හිනාවෙන්න ඇත්තේ අයියා ඒක හරියටම ලස්සනටම කිව්ව හින්දා වෙන්න ඇති. සුද්දො කියලා තියෙන විදිහ වැරදියි. අයියා කියපු විදිහ තමයි හරි. :P /
ඔය පොයම් එහෙම පොඩි කාලෙ වරද්දල කියනකොට හරිම ලස්සනයි. ඒ වගේම තමයි සුට්ටි කාලෙ වචන වරද්දල කියන එක..ඒ ගැන වෙනම සටහනක් ලියන්නයි හිතාගෙන ඉන්නෙ...
මහාචාර්ය ඒ.වී. සුරවීර මහත්මයගෙ කෙටි කතා පොතක ( මට මතක විදිහට අත්ත බිඳෙයි පය බුරුලෙන් වෙන්න ඕන ) එන කෙටිකතාවක ඉන්නව පොඩි ගෑණු ළමයෙක්. නගරයෙ ගෙදරක මෙහෙකාරකමට ගිහිල්ල. ඒ ගෙදර බේබි පොයම්ස් පාඩං කරනකොට අහගෙන ඉඳල මේ ළමයත් තමන් දන්න විදිහට එව්ව කියනව. මගෙ අහැට කඳුලු ආව ඒ කතාව කියවද්දි...කුස්සියෙ දොරට පිටුපාල ඉඳගෙන මේ ඒ දරුවා කවි පාඩම් කරන විදිහ.
ටිංකල් ටිංකල් ලිටීල් ලිටීල් ටා,
අව්වයි වන්ඩේ වන්ඩේ වට්ටූ ආ,
අප්පේ බවුදා බවුදා වෝල්සොහා,
ලයිකේ ඩයිමා ඩයිමා ඉන්දස්කා.
මේ කතාවෙන් ඒකාංගික ටෙලි නාට්‍යයක් හදලා තිබ්බා.... සමන් අතාවුදහෙට්ටි ඒකෙ රඟපෑව බව නම් මතකයි.... ළමයා මේ කවිය කියනකොට නම් ඉන්න බෑ හිනා ගියා.. පොඩි කෙල්ල නියමෙට කිව්ව කවිය...
Deleteමේ කතාව තියෙන කෙටි කතා පොත කියෙව්වා මට මතකයි අපේ තාත්තගේ පරණ පොත් ගොඩෙන් හොයාගෙන. කර්තෘ කවුද, පොතේ නම මොකද්ද කියලනම් මතක නෑ. ආයෙත් හොයාගෙන බලන්න ඕනේ. ඒකේ තියෙන විදිහට ඒ ළමයා ඔය පොයම් එක කවියක් කරලා කියන්නේ සමුද්‍ර ඝෝෂ විරිතට. ඒ තාලෙ මොකද්ද කියලා මං සෑහෙන්න හෙව්වා ඒ දවස් වල ඒත් හම්බ උනේ නෑ. ඒ ළමයාගේ නමෙයි, ඒ පෝසත් ගෙදර නෝනාගේ (බේබිගෙ අම්මගෙ) නමෙයි අපූරු සම්බන්ධයක් තිබ්බා. නෝනාගෙ නම භද්‍රා - ළමයාගෙ නම සුභද්‍රා වගේ. ඒ අම්මා එයාගෙ බබාට පොයම් එක පාඩම් කරවන්න හදන හැටි අහගෙන ඉඳලා තමයි මේ ළමයට ඒක පාඩම් හිටින්නේ. කොහොමහරි බේබිට අන්තිමට මතක හිටින්නේ අම්මා උගන්නපු එක නෙමෙයි මේ ළමයා කියපු එක. තාත්තාට ඇහෙන්න පොයම් එක කියලා පෙන්නන්න කිව්වම බබා කියන්නේ අර කවිය. :) හරිම ලස්සන කතාව. ඒ වගේ කතා ගොඩාක් තිබ්බා ඒ පොතේ. ආයෙත් හොයාගෙන කියවන්න ඕනේ. තිසර අයියා කියපු නාට්‍යයනම් මම බලලා නෑ. අපරාදේ.
Deleteමේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ පන්තියේ සිංහල පාඩම් පොතේ..
Delete@ සිත්තමී,
සමුද්‍රඝෝස විරිත කියන්නේ මාත්‍රා 18ක පදයක් මාත්‍රා 10න් හා 8න් යතිය ඇතුව හැදෙන විරිතක්...
උදා:
ලොලා කෙළෙන වන දෙව් - යුවළ ඇම කලේ
දුලා කුසුම් රල සම් - පටිනි මන කලේ
නිලා සිටින ගඟ සුදු - වැලි ඉවුරු තෙලේ
බලා නොයෙයි රිසි නිසි - හෝ මුවඟු කැලේ
- කාව්‍යශේඛරය -
පලි: දැන් අර ගනිත මඤ්ඤං ලියන්නෙ නැත.??
තැන්ක් යූ බූරො අයියේ සමුද්‍ර ඝෝෂ විරිත ගැන කියලා දුන්නට. මම අටේ නමයේ හිටපු කාලෙනම් ඒ කතාව අපේ පොත් වල තිබ්බෙ නෑ. :-\
Delete/*පලි: දැන් අර ගනිත මඤ්ඤං ලියන්නෙ නැත.??*/
හැබෑට, මං එහෙම එකකුත් ලියන්ට පටංගත්තා නේද. ඒක තියෙනවද නැද්ද කියලා බලන්නවත් ඒ පැත්තේ ගොඩ උනේ නෑ කාලෙකින්. ලියන්ට මූඩ් එකක් ආවෙ නෑ අප්පා. මහ කම්මැලියි. :D
බූරා සහ සිත්තමී,
Delete/ මේ කතාව තිබුනා අටේ නැත්තං නවයේ පන්තියේ සිංහල පාඩම් පොතේ.. /
/ මම අටේ නමයේ හිටපු කාලෙනම් ඒ කතාව අපේ පොත් වල තිබ්බෙ නෑ. :-\ /
අඩේ මම අටේ නමයෙ හිටි කාලෙත් ඔය කතාව සිංහල පොතේ තිබ්බෙ නෑ නෙව, මම ෂුවර් ඇන්ඩ් ෂොට් මම ඔය කතාව කියෙව්වෙ නගර සබාවෙ පුස්තකාලෙං අරගත්තු පොතක තිබිල.ඒ කියන්නෙ ඒ අතර කාලෙ තමයි ඔය කතාව සිංහලපොතේ තිබිල තියෙන්නෙ බූරාබිදාන ඉස්කෝලෙ ගිය කාලෙ.
අපේ සිංහල පොත්වල තිබ්බ මට මතකයි සුබලයාගේ පින, පැණි කජු ( ඉලංගරත්න මහත්මයගෙ විලම්බීත පොතෙන් කතාවක් ) , තව මුල්ක් රාජ් ආනන්ද් ගෙ කතාවක් කුරුළු පැටියෙක් ගැන, අසෝකා කියල ළමයෙක් ගැන කතාවක් ( ඒත් ඉලංගරත්න මහත්මයගෙ සසර පොතෙන් කතාවක් ), අන්ධ සීයෙක් සහ මුණුබුරෙක් ගැන කතාවක් ( ඩබ්ල්යු . ඒ. සිල්වා මහත්මයගෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතෙන් කතාවක් )
තව තිබ්බ කේයස්ගෙ සුදෝ සුදු පොතේ කවි සහ එතනෙං ගිහාම විමලරත්න කුමාරගමගෙ හේරත්හාමි ගැන කවි පංතිය,
ඔය කතාව අපි නවයට එද්දි තිබුනෙත් නෑ.. මම ඕක කියෙවුවෙ අපෙ අක්කගෙ සිංහල පාඩම් පොතෙන්.. ඒ කියන්නෙ බොලාත් අපිත් අතර ගැප් එකේ තමා මේක තිබිලා තියෙන්නෙ.. අහලා බලාන්ට බින්දි නෝනාගෙන්, උන්දෑට මතක ඇති.. :)
Delete// අන්ධ සීයෙක් සහ මුණුබුරෙක් ගැන කතාවක් ( ඩබ්ල්යු . ඒ. සිල්වා මහත්මයගෙ සුනේත්‍රා නොහොත් අවිචාර සමය පොතෙන් කතාවක් ) //
මේක තිබුනෙ 7 වසරේ පොතේ.. අනික ඒක සුනේත්‍රා පොතෙන් නෙවෙයි බංස්, විජයබා කොල්ලය පොතෙන්.. ඒකෙ නෙවැ ඔය අසංග සෙනෙවියා එහෙම ඉන්නෙ.. කුරුළු පැටියාගෙ කතාවත් තිබුනෙ 7 වසරේ..
බූරා,
Deleteහරි හරි වෙරිම සොරි...විජයබා කොල්ලය තමයි..අසංග සහ නයනානන්ද..ත්‍රිකෝණ ප්‍රේම අරගලය... කවුද බං ඒකෙ අර කෙල්ල? අගමැතිගෙ දුව...රුක්මණී ද මදුමණීද කවුද නේද?....කුටිඤ්ඤෝ පියතුමා, ලසර්දා සහ හමිදුම්මා නම් අගේට මතකයි...
" සීයේ, සීයේ මෙන්න මෙහෙන් දුවනවා හේවායො වගයක්.. "
" සිංහලද බොල පරංගිද? "
" සිංහල වගෙයි පෙනෙන්නෙ.. "
" වෙන්ට බෑ සිංහලය කවදාවත් එහෙම දිව්වෙ නෑ.."
ඉස්සෙල්ල සිංහලයො පැරදුනාට පස්සෙ සීතාවක ආටිලරි බැටරි එක ආවට පසෙ දෙනව පරංගින්ට දුවන්ට සීයට අමර හැපී
" මගෙ ඇස් දෙක විතරයි පොට්ට මේකගෙ කං දෙකත් පොට්ට නෙව..ඇයි බොල ඔය ඇහෙන්නෙ නැද්ද සීතාවක මහ ගජනා සද්දේ..ඔන්න බොල පරංගියා දුවනවා..ඉතිං ඔල්වරසං දීපියකෝ..අත්පුඩි ගහපියකෝ.."
ඒ දෙබස් තාම මතකයි මල්ලි හෙහ්, හෙහ්
''බින්දිගෙන් අහලා බලන්ට ''
Deleteමාත් ඔය කතාව කියෙව්වේ අක්කගේ පොතකින් වගේ මතක .අපිට තිබ්බේ අමුතුම සිලබස් එකක් . අර ඉංග්‍රීසි පොත් ''තලාහේන '' ඉස්කෝලෙන් එහාට ගිහින් ටිකක් රසවත් විදිහට වෙනස් වුනේ අපෙන් තමයි .
අපේ අක්කලාගේ [ඒ කියන්නේ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ]පත් පෙලේ සාමාන්‍ය පෙලට සිංහලට අමතරව වෙනම සාහිත්‍ය අතිරේකයක් තිබුණ . හරිම ලස්සන කතා තිබුණ ඒ පොතේ .
මොන්ටිසෝරියෙන් පැනලා යන කොලු පොඩ්ඩෙක් ගෙම්බන්ට හරකුන්ට කතාකරකර සෙල්ලම් කරන රුසියන් කතාවක් වෙන්න ඕන .
තව තිබුණ ඩක්කුවක නැගලා යන පොඩි ළමයෙක් ගැන කතාවක් . මේ කියන කතාව ඒ පොතේද මන්දා තිබුනේ . කොයි කාලේ මතකද නේද
දැන් පාසල් මතක ගැන හැමෝම ලියනවා. ආයෙ ඉස්කෝලෙ යන්න හිතිලද මන්දා. මොනව වුණත් පොත් ලියන්න තරම් මතක ඒ කාලෙ තියනවා.
ReplyDeleteඑහෙනං එහෙනං දිලිනි..මොනවද මේ කතා...ලියන්නකො බලන්න ඔයත් එහෙම මතක :)
Deleteහි හි හි.....
ReplyDeleteහිනා වෙලා පන යනවා අනේ..... මට නම් මතක නැහැ ඉස්කෝලේ ගිය පලවෙනි දවස නම්.....අඩන්න නම් නැතුව ඇති.... මමත් මොන්ටිසෝරි නම් ගිහින් නැහැ... මොකද අපේ අක්කයි අය්යයි එකතු වෙලා එව්වා මට ගෙදරදීම කියල දීල ලු :-D
උපේක්ෂා,
Deleteස්තූතියි බොහෝම..මේ ඒක නෙවෙයි නුවර කොහෙද බොල කුමාරිල ඉන්නෙ?..එහෙ ඉන්නෙ මැණිකෙල....:) :)
මට නං ගිය පළවෙනි දවසෙම ටීචර්ලා එපා උනා.... හොඳට සෙල්ලමෙන් හිටිය එකා මං.. මොන ඇඬිලිද... හැබැයි ගෙදර ආවේ ආයිත් නං ඉස්කෝලෙ යන්නේ නෑ කියලමයි... බොහොම අමාරුවෙන් තමයි මාව ඊට පස්සේ ඉස්කෝලෙ ඇරියේ... කොහෙ හරි ලිව්වද මන්දා ඒ කතාව... හි හි...
ReplyDeleteහිරු,
Deleteබොලාගෙ පන්තියෙ ටීචර්ටත් ඒ එක දවසෙම්ම රස්සාවම එපා උනා කියල තමයි ආරංචිය..පහුවදා ටීචර්ගෙ අම්මයි තාත්තයි නොවඳිනා වැඳුම් වැඳලලු ටීචර්ව ඉස්කෝලෙ පිටත් කරල තියෙන්නෙ..
" අනේ දුවේ..මේ පැංසොං එහෙකුත් හම්බවෙන ආණ්ඩුවෙ රස්සාව. ඔය වගෙ පෝරිසාද ඇට්ටකුණාවෙච්චි මොරෝම කෙල්ලො ඉන්නව තමයි ඉඳහිටල. එහෙම කියල මේ වගෙ ආණ්ඩුවෙ රස්සාවක් අතෑරල දාන එක මොන මෝඩ වැඩක්ද?.."
ඔන්න ඔහොම පිංසෙංඩු වෙලයි ටීචර්ව පහුවදා ඉස්කෝලෙට එව්වය කියන්නෙ....දැනගං අදවත් දන්නෙ නැත්තං
ඒ පන්ති බාර ටීචර්නේ බං රවි. ඉස්කෝලෙ ප්‍රින්සිපල් මාරුවක් හදාගෙන ගියා කියන්නේ දුශ්කර පලාතක් ඉල්ලගෙන. පොර අවුරුදු පහක් දුශ්කර සේවෙ කරලා නොවඳිනා වැඳුම් වැඳලා ගමට මාරුවක් හදාගෙන ඇවිත් මාසයයිලු. අංශ ප්‍රධානියාගෙ අම්මා ඌට හිරයක් කොරලා දෙනවා කියලා තර්ජනය කලාමලු ඌ ඉස්කෝලෙ ගියේ.
Deleteයකෝ මේ හිරුට ගුරුවරු එපා වෙලා තියෙන්නේ ඉස්කෝලෙ ගිය පළවෙනිම දවසෙනෙ. මාරයි.
බින්දුවේ පන්තියේ මගේ ටීචර් 'රන්තරු ටීචර්'. අපි ගුරුවරයන්ගේ නම් දැනගෙන හිටියේ නැහැ ඒ කාලේ. පන්තියට දාල තිබ්බ නමින්ම තමයි ගුරුවරයාව ඇමතුවේ. අපිට හිටියා'ඉද්ද ටීචර්', 'කේතකී ටීචර්', 'කපුරු ටීචර්' වගේ අය. පහ වසරෙදි උගන්නපු ගුණවර්ධන ටීචරුයි අපේ ඉස්කෝලෙම උගන්නපු ඒ ටීචර්ගෙ දුව "තිසරාණි" ටීචරුයි කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ReplyDeleteඔය රතු පාට කතාව මෙහෙමයි... ඔය කට්ටිය නිකම්ම රතුවෙන්නේ නෑ... ඔය ඈලි මෑලි පාටට ඉන්න කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කලාම එයා රතු පාට වෙනවා. හැබැයි රතුපාට වෙලා බිම බලාගත්තොත් විතරයි කැමතියි වෙන්නේ... රතු පාට වෙලා, ඇස් දෙක ලොකු වෙලා, දත්මිටි කනවා වගේ නම්... තමන්ගේ කොහේ හරි රතු වෙන්න කලින් මාරු වෙන්න ඕනේ...
ළමයින්ගේ දෙබස විහිළුවක් උණාට... ඒකෙන් පේනවා අපේ සමාජේ ගෙදර පිරිමියා කොච්චර වැඩට හොරයිද කියලා... මිදුල අතුගාන පිරිමියෙක් දැක්කොත් හිතන්නේ වැඩට ඉන්න කෙනෙක් කියලා...
තිසර,
Delete/ මිදුල අතුගාන පිරිමියෙක් දැක්කොත් හිතන්නේ වැඩට ඉන්න කෙනෙක් කියලා… /
ඒ තුනේ ලමයි නං එහෙම හිතල කියපු කතාවක් වෙන්න බෑ. ඒ ඉස්කෝලෙ බහුතරයක් බොහොම දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො. ගෙදරක සර්වන්ට් කෙනෙක් ඉන්නවයි කියන අදහසවත් එයාලට හිතාගන්න අමාරුවෙයි මම හිතන්නෙ.
දවස්වල ක්වාටර්ස් එකේ ඇතුලෙ නාන කාමරයක් තිබ්බෙ නෑ..එළියෙ ලී කණුවක් හිටවල ඒකට ෂවර් එකක් හයි කරලයි අපි නෑවෙ.එළිමහනෙ නාන එක මාර ජොලිය..මම කොහොමහරි අලුත් ගේ හදද්දිත් එහෙම එළියෙ ෂවර් එකක් හදාගත්ත.
සමහරවිට ගෙදර ඉන්න දවසට මම ඉස්කෝලෙ වෙලාවෙත් නානව. එතන ඉටිකොළ ගහල කවර් කරලයි තිබ්බෙ.ඒ නිසා අවුලක් නෑ..ඒත් නාද්දි රෙදිත් හෝදල එව්ව වනන වැළ පේනව පල්ලෙහා ඉස්කෝලෙට. මට ඉතිං ගානක් නෑ. මම අපෙ ලොක්කිගෙ ඔය තියෙන රෙදි පෙරෙදි ඔක්කොමත් හෝදනව මගෙ එව්වත් එක්කම. ඕක දැකල ස්ටාෆ් එකේ අනික් ටීචර්ල අපෙ උන්දැට විහිළු කරල තිබ්බ මා ලව රෙදි හෝදවගන්නව කියල. පස් සෙ මොකද දන්නවද උන්දැ කිව්වෙ?
" අනේ රවී..ඔයා මීට ප ස්සෙ මගෙ රෙදි හෝදන්ට එපා හොඳද?.."
එහෙමෙයි කියලද හිතන්නෙ..බම්බුව තමයි..
" මේ මීට පස්සෙ මගෙ රෙදි හෝදන්ට ඔයා හවස් වෙලා නැත්නං නාන වෙලාවට. ගොඩ ගැහිල තිබ්බොත් දවල්ටත් හේදුවට කමක් නෑ. ඒත් අර ඉස්කෝලෙ ඉන්න තේඋඩිච්චියංට පේන්ට වැලේ වනන්ට එපා..ඇහුණද? "
ආන්න එහෙමයි එවුන්දැ මට කිව්වෙ....
ඇඬෙනව රවි අයියෙ නෝනෙගෙ උත්තරේ දැකල... හෙහ් හෙහ්.... මාමණ්ඩි ලෙඩ ඇඳේ ඉඳන් ඔව්වා ඔහොම වෙන බව තමා කලින් දවසක කියල තියෙන්නෙ එහෙනං ;)
Deleteසාතන් මලේ,
Deleteහෙහ්, හෙහ්, උඹට ඒක මතකයි නේද?..." ඔව්ව ඔහොම තමයි පුතා, කරුමයක් තියනවනං ආය ගල ගාල ගෙවන්ටය?..විඳවලම ඉවරයක් කරන්ට ඕන " ඔන්න ඔහොමනෙ අපෙ මාමණ්ඩිය කිව්වෙ..අම්මප උන්දැට දිවැස් තියනවද කොහෙද?
අඩේ මන් මේක දැක්කේ දැන්නේ. මාත් මොන්ටිසෝරි ගිහින් නැහැ . අපේ පවුලේ ලොකු එකා වුන අය්යා නම් ඔයින් එකකට ගිහින් තියෙනව ටික දවසක් . පලවෙනියාට ඉතින් ටිකක් වැඩිය සැලකිලි නේ. අපි ඉතින් අම්ම මිහිර පත්තරේ හෙම කියල දීල කියවන්න හෙම ඉගෙන ගත්තේ . ඒ බි සි නම් ඉගෙන ගත්තේ ගෙදර තිබ්බ ඇබින්දන් පොතක් ඉස්සරහ රැජින ඉන්න . එකේ තිබ්බ ඔය පොයම් කීපයක් හෙම .
ReplyDeleteඉතින් ඉස්කෝලේ යන්න මාර ආසාවකින් උන්නේ . අහවල් එකකට අඬනවද. මගේ ටීචර් සුදු ටීචර් . එයා හරිම සුදුයි . අනික් පන්තියේ ටීචර් කළු ටීච . දවස් දෙක තුනක් ආතා මාව එක්කන් ආව . ඊට පස්සේ අක්ක ඇරෙනකම් පඩියක් උඩ ඉඳගෙන නැත්නම් අඹගස් යට ඇවිද ඇවිද මනෝ ලෝකෙක කිමිදුනා . ඉස්සර අපිට හිතන්න ඕන තරම් වෙලාව තිබුනේ ඔන්න ඔය නිසා .
අපේ ලොක්කි ඉස්කෝලේ ගියදා පැයක් විතර අම්මලට ඉන්න දුන්න . පස්සේ සේරම එලියට දාල තඩි ගේට්ටු පලු දෙක වහල දැම්ම ලොකු ටීචර් . අපි දහයට විතර යද්දී කෙල්ල ඉන්නවා දැලක එල්ලිලා . මුනත් රතු වෙලා . අපි ඇහුව යසට හිටිය ළමයා මොකෝ මේ කියල . රවිට වෙච්ච වැඩේම යි . එක එකා අඬන්න පටන් අරන් . අපේ කෙල්ල හිතුවලු අද අඬන්න ඕන දවසක් වෙන්න ඇති කියල .
ගුරුවරියක් සමග වාසය ...අපේ මස්සිනා තමයි මට මතක් වෙන්නේ . පව් අප්පා .අපේ උන්ද නම් කියන්නේ එයා නුලෙන් බේරුනා කියල . මොකද මන් ගුරුකම අත හැරිය නිසා . මන් දන්නා කොලුවෙක් ඉන්නවා අම්ම ටීචර් . කොලුවා පොඩි කාලේ ඉඳන්ම කියා කියා හිටියේ මන් නම් ටීචර් කෙනෙක් බඳින්නේ නැහැමයි කියල .
ඒ මොනවා වුනත් රවී සෑහෙන කාලෙකට ගෙදරින් පිට ඉන්න සැලසුම් කර ඇති බවයි මගේ නිගමනය