Thursday, June 27, 2013

197. කිරුළ සහ සෙනෙහස ……8









" කුවණ්ණා කිමද සොඳුර?...ඔබට මෙපමණ සිත් තැවුල් වීමට කිමද කාරණය? " 

විජය විමසූයේ ඇගේ දෙඋර මත දෑත් තබාගත්වනමය. 

" ඔබට විඩාව අධික බව පෙනේ. කුමරුණි..මඳක් විවේක ගත මැනව. මම ඔබට පානයට යමක් ගෙන එන්නෙමි. " 

විජයගේ මුහුණ දෙස නොබලාම සෙමෙන් ඔහුගේ දෑත ඉවත්කල කුවණ්ණා ආපසු හැරී මුළුතැන්ගෙය දෙසට පිය මැන්නාය. 

ප්‍රධාන නිදන මැදිරිය ඔබ්බෙහිවූ පටු බරාඳයට පිවිසිය හැකිවූයේ ලා රත් පැහැ කබොක් ගල් පදම්කල මැට්ටෙන් බැඳ නිමකල අර්ධ වෘත්තාකාර ආරුක්කු දෙකකිනි. ලංකාපුරයෙහි ගෘහනිර්මාණ ශිල්පයෙහි මෙතෙක් දක්නට නොලැබුණු ආරුක්කුව යන සංකල්පය වංග ඉඳිකිරීම් ශිල්පයෙහි ආභාෂයෙන් ලැබූවකි. 

ආරුක්කුව එපිට වූ දිගු අසුනෙහි වූ කුලිච්චම ( Cushion ) ඉවත්කොට එහි හිඳගත් විජය දෙදණ මත වැලමිට තබා දෑතින්ම හිස මිරිකා ගත්තේය. සිත්තැවුලට කාරණා කිමද යනුවෙන් කුවණ්ණාගෙන් විමසූවද ඇගේ සිත්තැවුලට හේතුවූ කරුණ කිමෙක්ද යන්න ඔහු අතැඹුලක්සේ දැන සිටියේය. 

කුවණ්ණා රැගෙන පැමිණි සිසිල් පානය කුමක්දැයි ඇසීමට හෝ නොවෙහෙසුණු විජය ඒ ඇගේ සුරතින් ගෙන බිඳින් බිඳ තොලගාන්නට වූයේ ද පහතට නැඹුරු කොටගත් හිසිනි. 

ඔහු අසල අසුන්ගත්වනම කුවණ්ණාද බරාඳය සීමාවූ කෙටි බිත්තියෙන් ඔබ්බෙහි වූ සේපාලිකා පඳුරෙහි දැවටෙනා කණමැදිරියන් දෙස බලා උන්නාය.ලංකාපුරයෙහි වසර මුලුල්ලේ බල පැවැත්වූ කර්කශ දේශගුණය හමුවෙහි සුපුෂ්පිත උද්‍යානයක් පවත්වාගෙන යාම දැඩි දුෂ්කර මෙන්ම වෙහෙසකරසුළු කර්තව්‍යයක් වූ නමුදු සිතෙහි උපන් යම් අදහසක් ඉෂ්ඨ කර ගැනීමෙහිලා ඉතා අනලස් එමෙන්ම අධිෂ්ඨානශීලී කුවණ්ණාවන් හට ඒ කිසිසේත්ම අපහසු කාර්යයක් නොවීය.ඇගේ දෑතින්ම නිතොර සත්කාර ලැබූ පුෂ්පධාරක තුරු ලතා මෙන්ම දවස මුළුල්ලේ ගත සිත දෙකම දවනා නිරුදක කතරට වටනා දැඩි හිරු රැසින් සෙවණ දෙනු පිණිස රෝපණය කරනු ලැබූ හරිත වර්ණ වනස්පතීහුද ඇයට තම කෘතඥතාව පළකරනු සේ නිතොර සුගන්ධවත් පුෂ්පයන්ගෙන් මෙන්ම හරිත වර්ණ තුරු පතින්ද සජ්ජිත වූවාහුය. 

අංගනය පුරා රටාවකට අනුව සිටුවා තිබූ කොහොඹ තුරු පත් සොළවමින් හමා ආ මද පවන ඒ හා සමඟ සේපාලිකා මල් සුවඳ ද දසත පැතිරවීය.අඩ සඳක් ඈත අහස් කොණෙහි එල්ලී තිබියද ඉන් ප්‍රාසාද අංගනයට ගෙන ආයේ ඉතා මද ආලෝකයක් සේම පාළු මූසල ස්වභාවයකි. 

From Google Images

එක්වරම හිස ඔසවා බැලූ කුවණ්ණා නැඟී සිටියාය. 

" බිහිදොර දෙපස විලක්කු මෙතෙක් දල්වා නැත්තේ මක් නිසාද?...මේ එකදු සේවිකාවකුත් සොයා බලා අණ කළොත් මිස කිසිදු කාර්‍යයක් නොකිරීම තරමට මා කෝප ගන්වන්නක් වෙනත් නැත. " 

එසේ පැවසූ ඕ ඉක්මන් ගමනින් ප්‍රාසාදය පසුපස දෙසට නික්ම ගියාය. 

විජය මදින් මද කැටිගැසෙන අඳුර මධ්‍යයේ දෑත් ළයමත පටලාගත්වනම දසතින් නැඟෙන රැහැයි හඬට සවන් දෙමින් බරාඳයේ අසුන්ගෙන හුන්නේය. 

දැල්වෙන කැකුණතෙල් විලක්කු දෙකක් දෑතින් රැගත් සේවිකාවක මැදුරේ පසු අංගනය දෙසින් නික්ම බිහිදොර දෙසට පියමනිනු විජයගේ දෑසට ලක්වනු හා සමඟම කුවණ්ණා පැමිණ යළි ඔහු අසළ අසුන් ගත්තීය. 

සේවිකාව විලක්කු බිහිදොර දෙපස වූ විලක්කු ධාරක මත රැඳවූවද ඉන් නික්මුණු ආලෝකය අඳුර දුරුකලේ අංගනයේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් පමණි. 

" විලක්කු වලින් නික්මෙනා ආලෝකය ප්‍රමාණවත් නොමැති බවක් පෙනේ. මේ දෙසට ඉන් ලැබෙනා ආලෝකය කිසිසේත්ම නොසෑහේ නොවේද? " 

දැල්වෙනා විලක්කු දෙස මද වේලාවක් බලාසිටි ඔහු පැවසීය. 

" මගේ හදවත ද එසේමයි කුමරුණි..යළි කිසිදු දිනෙක ඒ ආලෝකයෙන් පිරී යනු නොමැතිබව මට දැඩිව හැඟේ.." 

කුවණ්ණා සිහින් හඬින් පැවසූයේ තම ඇකය මත වූ එකිනෙක පටලාගත් දෑත් දෙස බලාගත්වනමය. 

වහා හිස හරවා ඇය දෙස මොහොතක් බලා සිටි ඔහු දිගු සුසුමකට ඉක්බිති ඇගේ සුරත පිරිමදිමින් හඬ අවදිකලේය. 

" එසේ නොපවසනු මැන සොඳුර..ඔබේ ඒ වදන් මා හද මහත් සොවකින් පුරවාලයි.මෙපමණ ඔබ කෙරෙහි සෙනෙහස දක්වන මා පිළිබඳවද ඔබගේ විශ්වාසය බිඳ වැටී ගොස්ද? අහෝ එසේ නොකරන්න. මගෙ සෙනෙහස කිසිදිනක වියැකී නොයනු ඇත. " 

කුවණ්ණාගේ දෑස කඳුලින් පිරීගියේය. ඔහු වෙතට ලංව ඔහුගේ උරහිසට තම හිස වාරුකොට ඇය කතා කලේ බිඳුනු ස්වරයකිනි. 

" ඒ බැව් මම හොඳින්ම දන්නෙමි මා කුමරුනි......මා සහ අපගේ දරු දෙදෙනා කෙරෙහි ඔබගේ ළය පුරා පිටී ඉතිරී පවත්නා සෙනෙහස කිසිදිනෙක වියැකී නොයන බව මම ඉඳුරාම දනිමි. එහෙත් එදවස මහද සොරාගත් දින ඔබ විජය නම්වූ කුමරෙකි.සිය රටින්ද පිටුවහල් කරනු ලැබ හුදු අහම්බයකින් ලංකාද්වීපයට සපැමිණි නොදැමුණු තරුණයෙකි. " 

ඒ සොඳුරු අතීතය යලි සිහිපත්වූ කුවණ්ණා හිස ඔසවා ඔහු දෙස බලා දෙතොල් විදහා සිනහසුණාය. අපරිමිත සෙනෙහසින් පිරීගිය හදවත ඉහිල් කොටගනු වස් දිගු සුසුමක් හෙලූ විජය ඇගේ නෙතඟ පිරි කඳුලු සුරතෙහි දබරැඟිල්ලෙන් සෙමෙන් පිසදැම්මේය.ඉන් අනතුරුව සෙමෙන් පහත්ව ඇගේ දෙතොල සිප ගත්තේය. 

" ඔබට ඒ අතීතය මතකද කුමරුණි? " 

යලි ඔහුගේ උරතලය මත හිස හොවාගත් ඈ පිළිවිසියාය. 

" එසේය, එසේය...ඔබ සහ මම..අප පිළිබඳව ඒ සොඳුරු අතීතයෙහි ඉතා සුළු සිද්ධියක් පවා ගල කෙටූ අකුරක් මෙන් පැහැදිලිව නොමැකෙන සේ මසිත රැඳී ඇත. ඒ නොදැමුණු තරුණයා දමනය කරනු උදෙසා එක්තරා ඉතා රූමත් කුමරියක විසින් කල එක් ක්‍රියාවක වේදනාකාරී මතකය මසිත පවතිනා තුරු ඒ මතකය මසිත හැර නොයන්නේය. " 

ඇය හමුවූ පළමු දින ඔහුගේ සුරත අකර්මණ්‍ය වනයුරු ඇය නිලයක් ස්පර්ශ කිරීමේ සිද්ධිය ඔහුගේ මතකයට පැමිණියේ නිරායාසයෙනි. 

" කුමරියනි …" 

ඔහු එවර හඬ අවදිකලේ දෙනෙතට දඟකාර බැල්මක් ආරූඪ කරගනිමිනි. 

" ඔබට ඇත්තක්ම පවසමි.බොහෝ කලක සිට ඔබට මේ පවසනු අපේක්ෂාවෙන් හුන් නමුදු ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොලද්දෙමි." 

" කුමරුණි ???..

ඔහු පවසන්නට යත්න දරනුයේ කුමක් පිළිබඳවදැයි එකෙණෙහි සිතාගත නොහුණු කුවණ්ණා ඔහුදෙස දෑස් දල්වා ප්‍රශ්නාර්ථයක් රැගත් දෙනෙතින් බලා හුන්නේ නළලත ද රැළි නංවමිනි. 

ඔහු එවර පහත්ව ඇගේ කණට තම මුව බොහෝ ආසන්නකොට පහත් හඬින් තෙපළීය. 

" එදින සිට මේ අද දක්වාම ඔබ හා සමඟ ආලිංගනයෙන් වෙළී කල්යැවූ සෑම මොහොතකම ඔබගේ නිල ස්පර්ශ කිරීමෙහි දක්ෂතාවය පිළිබඳ මතකය මසිත රැඳී පැවතිණි.කුමන හෝ අවස්ථාවක ඔබ විසින් නොදැනුවත්ව කිසියම් මර්මස්ථානයක් ස්පර්ශකොට යම් අවයවයක් එකෙණෙහි අකර්මණ්‍ය වේදැයි බියෙන් ත්‍රස්තව කල් යැව්වෙමි. ආලිංගනයෙහිදී මවිසින් යම් ආකූල හෝ වික්ෂිප්ත බවක් පලවිනිනම් ඊට හේතුව ඔබට දැන් පැහැදිලියයි සිතමි. " 

ඔහු පැවසූයේ මහ හඬින් සිනාසෙමිනි. 

කුවණ්ණා විළියෙන් රත්ව ගියේ තම්බපණ්ණි නැව්තොට කෙළවරපිහිටි හුණු ගල් පරය ඔබ්බෙහි අස්තගතවන සැඳෑහිරු අවර අහස රත් පැහැ කරවන අයුරිනි. 

ඇය කුමන අර්ථයකින් පැවසුවද ශ්වේත වර්ණ ඉතිරියක නොවූවාය. යක්ඛ ගෝත්‍රිකයෝ ස්වභාවයෙන්ම ලක් දිවයිනෙහි දැඩි හිරුරැසින් පීඩිත එමෙන්ම උණුසුම් සහ කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන පරිදි කාල වර්ණ වූවාහුය. එහෙත් ඇගේ මෑණියන් යවන කතක වූ හෙයින් ( වාසුගී තම යොවුන් අවදියෙහි ශාස්ත්‍ර පිපාසය සන්සිඳුවාගනු වස් වෙළඳ නෞකාවක සහායක නැවියකු ලෙස යවන දේශයට ගොස් එහි වසරක පමණ කාලයක් ගත කල සමයෙහි ඒ රුවැති යවන යුවතිය හා පෙමින් බැඳී ඈ මෙහි කැටුව පැමිණියේය ) ඇයට ආවේණිකවූ ධවල වර්ණය උරුම කොටගත් කුවණ්ණා ද එළලු පැහැයෙන් යුතු වූවාය. 

එසේ හෙයින් ඇය විළියෙන් රත් පැහැගැන්වෙනු දැකීම විරල වූ නමුදු මෙවිට කන්පෙති වලින් ඇරඹී ගෙල පසුකොට ළයමඬල ඉහළකොටස දක්වා ඇය විළියෙන් රතු වූවාය.ඒ හා සමඟම ඔහු කෙරෙන් දෑස් ඉවතට ගත් ඕ තොමෝ වහා අසුනෙහි එහා කෙළවරට වූවාහු හිස ගස්සා ඉවත බලා ගත්තීය. සිනහව පාලනය කර ගැන්මට අසාර්ථක උත්සාහයක යෙදුනු විජය අවසන හිස නවා දෑතට වාරුකොටගෙන ආයාසයෙන් තොල් තදින් පියාගත්තේය. 

ඇය විළියෙන් රත් රත්පැහැ ගැන්වෙමින්ද ඔහු සිනහව පාලනය කොට ගැන්මට වෙහෙසෙමින්ද ගතවුනු නිමේෂයකට පසු කුවණ්ණා විජය දෙසට හැරුණාය. 

එක්වරම ඔහුගේ ඇය කිසිසේත් අපේක්ෂා නොකල විදූෂක භාෂිතයෙන් ( කවට බසින් - Jesting ) ඇය විපිළිසර වුවද කුවණ්ණා මුඛරිකමෙහි ඉතා සමත්වූවාය. 

" මා දයාබර වූ දියණියනි, රාජ්‍ය පාලනයෙහිලා මුඛරිකම ඉතා අගනා මෙවලමකි. ඕනෑම ආතතියක් ලිහිල්කොට සුහද වාතාවරණයක් ඇතිකිරීමෙහිලා ඒ හැකියාව ඉතාමත් අනර්ඝය " 

ඒ වාසුගී ඇය රාජ්‍ය පාලනය සඳහා පුහුණු කිරීම අරම්භකල මුල් අවදියෙහි දිනක් ඇය අමතා පළකල අදහසකි.ඇය ඒ කිසිදින අමතක නොකලා පමණක් නොව ඉන් බොහෝ ප්‍රයෝජන ද ගත්තීය. 

" එසේනම් කුමරුනි මා කියන්නක් ද අසනු මැන. මෙපවත් ඔබට පැවසීමටද මම බොහෝ කාලයක් මුලුල්ලේ පොරොත්තු වූයෙමි." 

ආලිංගනය පිළිබඳ නර්මාලාපය ( Yarn ) පැවසීමෙහිලා විජයගේ දෙනෙතෙහි වූ දඟකාර පෙනුම නොව මෙහිදී කුවණ්ණාගේ දෑසෙහි වූයේ බැරෑරුම් පෙනුමකි. ඇගේ දෑසෙහිවූ බැල්මෙන් වික්ෂිප්තවූ ඔහු දෑස් විදහා ඈ දෙස බලා උන්නේ ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යනු සිතා ගැන්මට අසාර්ථක උත්සාහයක් දරමිනි. 

ඔහුගේ ව්‍යාකූල බැල්ම කරනකොටගෙන ගෙන දෙතොලට නැඟ ආ මන්දස්මිතිය ආයාසයෙන් පාලනය කොටගනිමින් ඇය කථා කලාය. 

" එසේ ආලිංගනයෙන් කල් යැවූ කිසිදු විටෙක ඔබේ චර්යාවෙහි හෝ ක්‍රියාකාරකම්හි කිසියම් වූ ආකූල භාවයක් හෝ එසේත් නොමැතිනම් වික්ෂිප්ත භාවයක් නොදිටිමි කුමරුණි.එසේත් නැතහොත් නොහැඟුනි...ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙස ඔබගේ අධික ලාලසාව ( Passion ) හේතුකොටගෙන ඒ අදාල අවයවය සදාකාලිකව අකර්මන්‍ය වනයුරු නිලයක් ස්පර්ශ කිරීමට සහසක් වර මසිතට නැඟුනි. එහෙත් ඒ සෑම විටම මසිත දමනය කොට ගතිමි. එසේ වුවද ඉදිරියෙහිදී එසේ මසිත දමනය කොට ගත නොහුණු අවස්ථාවල් නොඑලඹෙනබවට මට කිසිසේත් ඔබට සහතික විය නොහැක. එසේ හෙයින් කුමරුණි ඉදිරියෙහිදී ප්‍රවේශම් වුව මැන.ඔබට මා අනතුරු නොහැඟවූයේයයි අනතුරුව මාහට දෝෂාරෝපණය නොකරනු මැන " 

ඇය හැඟීම් විරහිතවූ මුහුණින් යුතුව පැවසුවාය. 

විජය අයාගත් මුවින් යුතුව ඈ දෙස බලා සිටියේය. කුවණ්ණා තම සහකාරිය කොට ගතකල පසුගිය පස්වසර මුළුල්ලේ ඔහු හොඳහැටි වටහාගත් ඇගේ එක් ගුණාංගයක් වූයේ ඕනෑම කවට බසක් ඉතා බරපතල කරුණක්සේ හැඟීම් විරහිතව එමෙන්ම දෙතොලග මන්දස්මිතියක් හෝ රහිතව තෙපලීමට ඈ තුල වූ නිසර්ග හැකියාවයි. 

ඔහුගේ විශ්මයාහව වත දෙස තව දුරටත් හැඟීම් විරහිතව බලා සිටිය නොහැකි බව වටහාගත් කුවණ්ණා තොල් සපාගෙන ඉවතට හැරුණාය.ඇගේ උරහිස් ගැස්සෙන අයුරින් ඇය සිනාසෙන බව වටහාගත් විජය මහත් හඬින් සිනාසුණේය. එසේ සිනාසෙමින්ම ඇය තමා වෙතට ලංකොටගෙන උඩුකය වටා දෑත යවා තරව ග්‍රහණය කොට වැළඳ ගත්තේය. 

මෙතෙක් ආයාසයෙන් වළක්වාගෙන හුන් සිනහව මුදාහල හෝ ඔහු හා එක්ව හඬනඟා සිනාසුනාය. 

දෙනෙත් කඳුළු පිරී බිහිදොර දෙපස දිලෙන විලක්කු ආලෝකය බොඳව සහසක් ගිණිජාලා ලෙස දර්ශනය වන තෙක් ඔවුහු එකිනෙකා වැලඳ සිනාසුනහ. 

කෙමෙන් සිනහ හඬ මැකීගොස් ඔවුහු එකිනෙකාගේ ආලිංගනයෙහිම හිඳ සෙනෙහසේ උණුසුම විඳින්නට වූවෝය. 

" කුමරුනි, මාගේ අනතුරු හැඟවීම කවටකමක් ලෙස නොගත මැනව. නිල ශාස්ත්‍රය තවමත් මට අමතක නොමැතිබව සිහිතබා ගනු මැනව. " 

කුවණ්ණා ඔහුගේ තුරුළෙහි හිඳ තෙපළුවාය. යලිත් සිනහව අලුත් විය. 

ඒ සිනහ හඬ මැකීයන්නාහාම විජය පහත්ව තම දෙතොල් ඇගේ කණට ලංකොට කෙඳිරීය. 

" සොඳුර තොපගේ අනතුරු හැඟවීම ක්‍රියාත්මක කරනුවස් අවස්ථාවක් ළබාදීමට මම සූදානම්ය. කිමෙක්ද?..මෙතැනම?...මේ ආසනය මතම? මේ නිල් අහස යට? ඔබම සාත්තු සප්පායම් කොට හැදූ වැඩූ සේපාලිකා මල් සුවඳ රැගත් මඳ නල පහස විඳිමින්ම?...කිමෙක්ද සොඳුර? ....ඔබ ඊට සූදානම්ද? " 

කුවණ්ණා යලිදු විළියෙන් රත්ව ගියාය. 


මතු සම්බන්ධයි...... 

22 comments:

  1. Replies
    1. මොකෝ බං ඔහ්?..ගිරිය දිහාවෙ මොකවත් හිර උනාය? :)

      Delete
    2. හිර නොවී තියෙයි යෑ මේ කියන කතා වලට අප්පා.

      Delete
  2. කතාව අපූරු යි. දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි...:)

      Delete
  3. කම්මැලියි අප්පා මේකනං

    ReplyDelete
    Replies
    1. ඉඳපං ඉඳපං ටිකක් ඉවසල...තව බොහොම ටිකයි. එකයි නැත්තං දෙකයි :)

      Delete
  4. අනේ මන්දා... ප්‍රධාන පාරෙන් පිට පැනලා අතුරු පාරක ගිහින් වගේ..... ... එහෙම නැත්නම් සම්භාව්‍ය පඳුරු තැලිල්ලක්...

    ඒක කිව්වහම මට මතක් උනේ... මෙහෙම කතාවක්... දැන් ඔන්න සෑහෙන ඇවිදලා, ඉහින්කණින් දාඩිය පෙරා ගත්ත පොරක් ගමක කඩයකට ඇවිල්ල අහුවලු....

    "මුදලාලි.. අර රවී මහත්තයලගෙ ගේ කොයි හරියෙද?" කියලා..

    "ආ ඔය කියන්නේ අර වාං පතුල් කතාව ලියන මහත්තය නේද?" කියලා මුදලාලිත් නැගිටලා ඇවිත්... "අන්න අතන ලයිට් කණුව ලඟින් දකුණට හැරෙන්න පාරක් තියෙන්නේ.... ඕකෙ ටික දුරක් යනකොට තියනව පොඩි වඩු මඩුවක්... එතනින් එහාට වෙල... වෙල පාස් කලාම නාන ලිඳ.... තව ටිකක් ගියාම පන්සලට හැරෙන පාර... ඒකත් පහු කරලා ගියාම ආයෙමත් වෙල... පස්සෙ ඔයේ උඩින් තියන පාලමෙන් පැන්නහම එතනම ඉස්කෝලෙ.... ඉස්කෝලෙ පහු උණාම..."

    අර මනුස්සයට මල පැනලා ඇහුවලු.. "හරි හරි මුදලාලි ඉතින්... ඔය පාරෙ කොතනද රවී මහත්තයලගේ ගේ තියෙන්නේ?..." කියලා..

    "ආ රවි මහත්තයලගේ ගෙදර නම් ඒ පාරෙ නෙමෙයි.... ඔතනින් දකුණට හැරෙන්නෙ නැතුව කෙලින්ම ගියාම ඉස්සෙල්ලම වම් පැත්තේ තියන ගේ" කියලා මුදලාලි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. / අනේ මන්දා... ප්‍රධාන පාරෙන් පිට පැනලා අතුරු පාරක ගිහින් වගේ..... ... එහෙම නැත්නම් සම්භාව්‍ය පඳුරු තැලිල්ලක් /

      එහෙම හිතෙනවද?...ඒත් අතුරු පාරක ගියාය කියල මට නම් හිතෙන්නෙ නෑ..මම දැන් මේ විජය කුවණ්ණා අතර සම්බන්ධය මොනවගෙ එකක්ද කියල කිව්වෙ නැහැ නෙව.නිකම්ම දෙන්න විවාහ උනාය කියල විතරයිනෙ කිව්වෙ. ඒක දෙන්නටම කරන අසාධාරනයක්ය කියලයි මට හිතුනෙ. විජය සහ කුවණ්ණා අතර තිබුනු සෙනෙහස , බැඳීම..ආදරය ගැන ටිකක් කියවෙන්න ඕනමෙයි කියල මට හිතුනා. ඒකයි මෙහෙම ජවනිකාවක් ලිව්වෙ. ඒක කතාවට අත්‍යාවශ්‍යයයි කියලයි මඟේ හැඟීම.

      උඹේ කතාව නං මරු මලේ......දාපං අන්න අර කීයක්ද මේ වගෙ වෙලාවට දාන්නෙ..අන්න ඒ ගාණ...

      "ආ රවි මහත්තයලගේ ගෙදර නම් ඒ පාරෙ නෙමෙයි.... ඔතනින් දකුණට හැරෙන්නෙ නැතුව කෙලින්ම ගියාම ඉස්සෙල්ලම වම් පැත්තේ තියන ගේ" කියලා මුදලාලි කිව්වලු…

      පොරට මල උපරිම..

      " එහෙනං බම්බුවටද ඕයි කෙලින්ම ඒක නොකියා වෙන තූත්තුකුඩියක යන පාරක් කිව්වෙ? "

      " තරහ ගන්න එපා මහත්තය ඒක මේකයි, ඔය රවී මහත්තට කවදාවත් කෙලින්ම ගෙදරට යන්නෙ නෑ. අර වඩු මඩුව දිහාවෙ ගිහිල්ල වඩ්ඩ එක්ක කයියක් ගහල ඒ ගමං දුමකුත් ඇදල, නාන ළිඳ ගාව කෙල්ලොන්ට මොනවහරි කියල උංගෙං බැණුනුත් අහගෙන ඊගාවට පන්සලට ගිහිල්ල හාමුදුරුවො එක්ක වෙස්සන්තරයි, කහවුසදයි, සේරි වානිජයි ගැන වරුවක් කතාකරකර ඉඳල , ඉස්කෝලෙ පිට්ටනියෙ හවහට සෙල්ලං කරන පොඩි එවුං එක්ක කිරිකැට් පාරකුත් ගහල තමයි ඔන්න ගෙදරට යන්නෙ."

      " ඉතිං මොකෝ ඔය මනුස්සය එහෙම කරන්නෙ? "

      " මම දවසක් ඇහුව මහත්තයගෙම්ම..මුදලාලි, ජීවිතේ කියන්නෙ අන්න ඒකට,දැං මට මෙතන ඉඳල කෙලින්ම ගෙදර ගිහෑකි. විනාඩි පහයි. ගෙදර ගිහිල්ල දොර වහගත්ත එච්චරයි.ආයම උදේ දොට්ට බහිනකල් ගේ ඇතුලෙ. එහෙම නෙවෙයි..ජීවිතේ විඳිනවයි කියන්නෙ ඒකට නෙවෙයි...මට ජීවිතේ විඳින්නයි ඕනෙ.ඔන්න ඔහොමයි මා එක්ක කිව්වෙ. "

      " ඉතිං ඒ මහත්තයගෙ නෝන මොකවත් කියන්නෙ නැද්ද? "

      " අනේ නෑ. හරිම සීදේවි නෝනා...ඒ නෝනත් දන්නව මේ මනුස්සයගෙ හැටි. ඔන්න කෙලින්ම ගෙදර ගියොත් තමයි නෝන බය වෙන්නෙ. එහෙම උන දවසට කෙලින්ම මහත්තයව එක්ක යනව දොස්තර ගාවට "

      Delete
    2. මේ කමෙන්ටුවට සහ රිප්ලය් එකට සෑහෙන ලයික් ය..

      Delete
  5. පහු ගිය ටිකෙ එන්න බැරි උනානෙ..ඔක්කොම එක පාර කියෝල දැම්මා..අපොය් මේ කොටස 18+ නෙ

    ReplyDelete
    Replies
    1. අනේ බං වෙරිම සොරිම සොරි..මම දැනගෙන හිටියෙ නෑනෙ උඹ බාලවයස්කාරියක්ය කියල...සික්...මාත්තයෙක් ගැනයි දුවෙක් ගැනයි කිව්වම මම උන්නෙ 18 ට වැඩියි කියල…Mea Culpa…...My Fault,...මගේ වැරැද්ද...

      See, That’s what happens when you assume . It makes as ass out of both you ansd me..Sorry again, Mekuwi…. :(

      Delete
  6. මුන් දෙන්නට මක්කැයි වෙලා තියෙන්නෙ ??

    ReplyDelete
    Replies
    1. ඒකනෙව කියන්නෙ මලේ..මාත් මේ කල්පනා කරන්නෙ හිටපු ගමං මෙවුං දෙන්නට මක් උනාද කියල...තිසරය ඔය ඉඳල හිටල මඤ්ඤමක් කෙලියට හිත හොඳ කොලුව..අනික අර මෙකුවි.... ඒ අම්මණ්ඩිත් එහෙමයි..යන්තමට ගෑවිලා වගෙ යන්ට නුහුගුණ ගතියක් උන්නු ගමං පොරදර්සනේ කොලාට හිත හොඳ අම්මණ්ඩි..අනේ අප්පේ ..මයෙ හඳුං පොතත්තෙක්ක දාල පිස්සිලා ගිය ගානයි...සංදුක්කාරේ!!

      Delete
    2. මම මේ කල්පනා කොළේ මගේ කමෙන්ට් එකට වැරදි අර්ථකතනයක් දීම සහ අනවසරයෙන් අවභාවිතා කිරීම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්‍ගයකට යොමු වෙනවද කියලා.. හෙහ් හෙහ්...

      Delete
    3. Senna,

      ඔබගේ ටීකාව ස්වභාවයෙන්ම බහුරුත්ජනක ස්වභාවයක් උසුලන බැවින් ඊට වැරදි අර්ථකථනයක් දීම යන චෝදනාව යටතේ සාධ්‍ය නඩු නිමිත්තක් පවතින බව මෙන්ම බැලූ බැල්මට ඔබට අසාධාරණයක් සිදුවී ඇති බව මතිභ්‍රමයට තුඩුදෙන බැවින් ස්වභාවික යුක්ති ධර්මයට එකඟව සාධ්‍ය නඩුකරයක් පවත්වාගෙන යාමේ බරපතල ගැටළුවක් පවතින බව පෙනීයයි. එබැවින් උක්ත කාරණය යටතේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාවක් නොමැතිබව අපගේ අදහසයි.

      Whereas your comment in question is highly ambiguous inherently, In our impartial and collective opinion there is no fair ground to initiate suitable legal proceedings citing misintrepretation and moreover neither an injustice occurred at a glance nor an aberration incurred regarding natural justice. Therefore its our humble opinion that no viable optionare available to yourself at this juncture for sustainable legal action.

      මල්ලි…. උඹ ඕනම ලෝයර් කෙනෙකුට මේ නඩුව බාර දීපං..මම කැට තියල කියනව උඹට හම්බවෙන උත්තරේ තමයි ඔය. ලීගල් ජාගන් එක අතෑරල තේරෙන සිංහලෙං කිව්වොත් බං මෙහෙමයි.

      යකෝ,උඹ මේ ලියල තියන කමෙන්ට් එක හරියට පැහැදිලි නෑ කා ගැනද කියන්නෙ කියල...යමක් ලියනකොට හරියට ලියාපං පැහැදිලිව..තේරුණාද?...අරෙහෙටයි මෙහාටයි හැමපැත්තටම හිතාගන්න පුළුවං කමෙන්ට්ස් මීට පස්සෙවත් නොලියා ඉඳපං....:) :)

      Delete
    4. හැක් හැක්.. පිළිගත නොහැකියි, පිළිගත නොහැකියි..

      මාගේ ප්‍රතිචාරය, මගේ ( රවි හෝ ලේඛකයා ) සිතුවිලි ගැන ඔබේ ( සෙන්නා හෝ පාඨකයා ) සිතුවිලි යන මුල් ලිපියට අදාල ප්‍රතිචාර දැක්වීමේ ඉල්ලීමට යටත්ව දක්වා ඇත. එබැවින් මා විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ ලිපියේ සඳහන්ව ඇති යුවල ( විජය හා කුවණ්නා ) ගැන මිස ලිපියට ප්‍රතිචාර දක්වා ඇති අන් දෙදෙනෙකු ගැන නොවන බව නිරායාසයෙන්ම ගම්‍ය වේ.

      Delete
    5. සෙන්නා,

      ඔබගේ තර්කය ඉතාම සාධාරණ මෙන්ම යුක්තිසහගත බව යතාර්ථවාදීව සහ කිසිදු අගතියකින් තොරව කරුණු සලකා බලන කල්හි උදක්ම ගම්‍ය වේ. ඔබ විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ මගේ සිතුවිලිවලට ( එනම් මෙහිදී විජය සහ කුවණ්ණා පිළිබඳව මවිසින් සටහන් කල සිතිවිලි ) බැව් මොනවට පැහැදිලිය. ඔබ විසින් දක්වා ඇති ප්‍රතිචාරය විජය සහ කුවණ්ණා පිළිබඳව ප්‍රතිචාර දැක්වූ තුන්වන පාර්ශ්වයක් ( එනම් තිසර සහ මෙකුවි ) අරභයා කල කරුණු දැක්වීමක් සේ සැලකීම මවිසින් සිදුවුණු බලවත් ප්‍රමාද දෝෂයක් බව මෙයින් කොන්දේසි විරහිතව පිළිගන්නා අතර ඒ සම්බන්ධයෙන් ඔබගෙන් ක්ෂමාව අ‍යැද ද අපේක්ෂා කරද සිටිනෙමි.

      Delete
    6. ක්ෂමාව.... !! හපොයි.. !!
      රවී අයියේ උඹ මේක සීරියස් ගත්තෙ එහෙම නෑ නේද ? කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කළේ හරිය ?

      අනේ මම දාන නඩු.. මම විශ්වාස කරන්නෙ නඩු යන්නෝ වැනසෙන්නෝ කියලා..

      Delete
    7. පිස්සුද බොල?..මොන සීරියස්ද? උඹ කිව්ව එව්වට හරියන්ට ඔය මොනවහරි ඒ වෙලාවට හිතිච්ච බූත ටිකක් ඇදල ඇරිය මිසක මොන සීරියස්ද?.....හෙහ්, හෙහ්

      Delete
  7. Replies
    1. ස්තූතියි..සඳා...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...