පහුගිය කතාවෙ මම ඔය වෙන අනං මනං කියෙව්ව මිසක කියාගෙන ආපු කතාව කිව්වෙ නෑ නෙව.
එහෙම තමයි එව්වයෙ හැටි…. ජීවිතෙත් එක අතකට ඒ වගේනෙ…. ඔන්න අපි කරන්ඩ හිතාගෙන සැලසුම් කරල ටාගට් හදාගෙන පටං ගන්න වැඩ අන්තිමට ඉවර වෙන්නෙ හීනෙන්වත් නොහිතූ දිහාවක ගිහිල්ල.
මල්ටි ටාස්කිං කියල කිව්වැහැකි ඒවට.වචනෙ හරියටම හරි නම් නෑ තමයි මම පිළිගන්නව ඒත් ලඟිං ගෑවිලා යන්ට එහෙම කිව්වැකි…. මල්ටි ටාස්කිං කියන සංකල්පෙ විරුද්ධාථය නැත්නං ඔපසිට් එක ඇවිල්ල ස්පෙෂලයිසේෂන් එහෙම නැත්තං විශේෂිතකරණය.
මට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙන්ම උදාහරණයක් ගමු බලන්ට. මීට අවුරුදු තිහකට වගෙ එහා මම මේ ෆීල්ඩ් එකට ඉස්සොරෝම ඇතුල් උන දවස්වල කොන්ත්‍රාත් කටයුතුවල තිබ්බෙ මල්ටි ටාස්කිං නෝ ස්පෙෂලයිසේෂන්
ඉඳිකිරීම් කොන්ත්‍රාත් කියන එක දන්නව නේද? ඒ කියන්නෙ යම් ඉඳිකිරීම් කටයුත්තක්, ගොඩනැඟිල්ලක්, පාළමක්, අධිවේගී මාර්ගයක්, රට හාරල හදන නැව් නේන වරායක්, මොණරු ලගින ගුවන් තොටුපොළක්, එක දර්ශන වාරයකට ලක්ෂ තුන හතරක් රංගශාලා ගාස්තු වශයෙන් ගෙවන්න ඕන රඟහලක්….
එතකොට මේ හෙට අනිද්ද වෙනකොට හදල ඉවර කරන්ඩ යනව නෙලුං කුලුණ කියල එකක්. මහ විසාල උලක් ඒක. නෙලුං කිව්වම තේරුං දෙකයි. අර මලක් තියෙන්නෙ ඒක එකක්. අනික අම්බානක ගහනව කියන එක. " වටවෙලා නෙලුව නෙලිල්ලක් මචං අම්මගෙං බීපු කිරිකටිං එන්ට." .එහෙමත් කියනව නෙව..අහල ඇතිනෙ... එතකොට මේ කුලුන්නට නෙලුං කියල නම දාල තියෙන්නෙ කාට නෙලපුව සිහිවෙන්ටද කියන එක දන්නෙ සැක්කරයම විතරයි මයෙ හිතේ...හැබැයි ඔහොම උලක් හදල තියන එක නං කෝකටත් හොඳා..ඕක දකින දකින වෙලාවෙ ඕකෙ නග්ගල උල තියන්ට ඕන එවුං රොත්තක්ම මටනං මතක් වෙනව.
ඔය මොකක් උනත් හදන්න ඒ වැඩේ බාරගන්න කන්ට්‍රෑක්ටර් කෙනෙක් නැත්නම් සිංහලෙන් කිව්වොත් කොන්ත්‍රාත්කාරයෙක් ඉන්න ඕන. කොන්තරාත් කාරය කරන්නෙ රයිට් අපි මෙන්න මේ වැඩේ මේ සැලසුමේ තියෙන විදිහට අහවල් දවසට ඉස්සරවෙලා නිර්මාණය කරල බාරදෙන්න මෙච්චර අය කරනව කියල ඒ ඉදිකිරීම අවශ්‍ය පාර්ශ්වය එක්ක ගිවිසුමකට එන එක.
එහෙම ගිවිසුමකට ඇවිල්ල වැඩේ සාර්ථකව අහවරයක් කලාම අර පොරොන්දු වෙච්චි ගාන කන්ට්‍රෑක්ටර්ට ගෙවන්න ඕන. ඇන්න එහෙමයි වැඩේ සිද්ද වෙන්නෙ.
ඉතිං අවුරුදු විස්සකට තිහකට කලින් හිටිය කොන්ත්‍රාත් කාරයො ව්‍යාපෘතියක කුදු මහත් කටයුතු සියල්ල තමන්ම කරනව. අත්තිවාරම කැපීමෙ ඉඳල කුළුනු, බාල්ක, ටයිල්, දොර ජනෙල් වහල විදුලි සහ ජල පහසුකම් ඒ වගෙ සියලු කටයුතු..මල්ටි ටාස්කිං කියල ඒකට කිව්වැකි.ඒත් ටිකින් ටික ක්‍රමක් ක්‍රමයෙන් ඒ තත්වය වෙනස් වුනානෙ. ඒ එක එක කර්තව්‍යයට වෙන වෙනම විශේෂිත කට්ටිය සංවිධානය වුනා. පස් කැපීමට, කොන්ක්‍රීට් දැමීමට, බිත්ති බැඳීමට, ටයිල් ඇල්ලීමට, වහල ගැසීමට, දොර ජනෙල් නිර්මාණයට, වෙන වෙනම ස්පෙෂලයිස්ඩ් කට්ටිය. ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක එහෙම නැත්තං විලාසිතාව.
මල්ටි ටාස්කිං කිව්වම සෝක් කතාවක් මතක් වුනා ඔන්න. ඒ මම කාර්මික විද්‍යාලෙ සැලසුම් ශිල්පී පාඨමාලාවක් හදාරන කාල වකවානුව.
ටෙක් එක කිට්ටුවම රේල්පාර අයිනෙ පොඩි අතුරු පාරක තිබ්බ පුංචි පහේ තේ කඩයක්.ටෙක් එකේ ඉඳල ටවුමට යන්ට තියෙන කෙටි පාරෙන් හැරිල වෙනම ටිකක් දුර යන්ට උනත් ඒ කරදරේ නොසලකා අපි හවස ක්ලාස් ඇරිල ඔය කඩේට ගිහිල්ල ප්ලේන්ටියක් ගහන එක පුරුද්දක් කරගෙන හිටිය. එහෙම උනේ ඒ කඩේ මුදලාලිගෙ ක්‍රියා පටිපාටිය බලන්න ලස්සන හින්ද.
තේ කඩේ මුදලාලි වයස හතළිහකට තරම කිට්ටුයි වගෙ පෙනුම. කොණ්ඩෙ ටිකක් විතර වවල. තැන තැන සුදුවෙලා. ඒත් බොහොම ගාම්බීර පෙනුමක් තිබ්බෙ. කඩේට යන එන ඕන් කෙනෙකුට කතා කරන්නෙ බොස් කියල. මේ අපි වගෙ හිච්චි එවුන්ටත් එහෙමම තමයි. කැෂියර් කූඩුව වෙනුවට තිබ්බෙ ලාච්චු දෙකක් තියන ලියන මේසයක්.
ඔන්න අපි හතර පස් දෙනෙක්ම ගොඩ වෙනව කඩේට රටේ නැති වල්පල් කියෝ කියෝ.එක්කො ඒ දවස්වල රූපවාහිනියෙ යන කතාවක් ගැන.
" මචං ඇත්තටම බ්ලේක්ට මොකද උනේ? මිනිහ මැරුණද? නැත්තං ආයෙම එයිද? "
වසන්ත එහෙම ඇහුවෙ පුටුවක් ඇදල ඉඳගන්න අතරෙ. වසන්ත මතකනෙ නේද? චුට්ටිගෙ අයිය…
ඊට කලින් දවස ඉරිද. ඉරිද රෑ දහයෙ ඉඳල පැයක් පෙන්නුව ඒ දවස්වල රූපවාහිනියෙ Blake's 7 කියල ඈත අනාගතයෙ සිද්ද වෙන අභ්‍යාවකාශ වීර චාරිකා කතා මාලාවක්. බ්ලේක්ස් 7 ඇවිල්ල Dystophian කතාවක්. Dystophian කතා කියන්නෙ Utophian කතාවල විරුද්ධාර්ථය. උතෝපීය කතා කියන්නෙ අනාගතය සුබවාදී වෙයි කියල උපකල්පනය කරපු කතා වෙන කොට ඩිස්ටෝෆියන් කතා කියන්නෙ අනාගතය ගැන අසුබවාදීව හිතල ලියපු කතන්දර.
බ්ලේක්ස් 7 කතා මාලාවෙ තිබ්බෙ පෘථිවියේ ඒකාධිපති පාලකයින්ට විරුද්ධව සටන් කරන කැරලිකරුවන් කණ්ඩායමක කතාවක්. ඔවුන්ගේ නායකය බ්ලේක්. ඒ වෙනකොට බ්ලේක් අතුරුදන් වෙලා . ඒ ගැනයි වසන්ත ඇහුවෙ.
" කියන්න බෑ බං...බ්ලේක්ට වෙච්චි දෙයක් ගැන හරියට හිතා ගන්න බෑ. "
කරේ දාගෙන හිටපු මගෙ කැන්වස් මල්ල අල්ලපු මේසෙ උඩ තියල මාත් පුටුවක් කකුලෙන්ම ඇදල ඉඳගත්ත.
ඒ දවස්වල රූපවාහිනියෙ පෙන්නපු බොහොම ජනප්‍රිය වෙච්චි වැඩසටහන් කීපයක් තිබ්බ. Who pays the ferryman, Petrocelli, Starsky & Hutch, Mind your language. The big valley…..
" මොනවද බොස් ඕන? '
මුදලාලි අහනව අපි ගාවට කිට්ටුවෙලා..
" ම්ම්ම්..අපිට දාන්ටකො ප්ලේන්ටී...හතරක්..නෑ.පහක්…"
ඒ දවස්වල ඉතිං ඔය නිතරම ටී ගහන්ට එහෙමත් නැත්තං සෝටීස් කන්ට කොහෙන්ද සල්ලි?...අම්ම දෙන රුපියල් පහෙන් දහයෙන් තමයි සෙල්ලං ඔක්කොම දාන්නෙ...
" ප්ලේන්ටී පහා….... යි. "
මුදලාලි එතනම ඉඳල තේ බක්කිය දිහාට හැරිල කෑගහනව. හැමදාමත් ඔය සීන් එක දැක්කට ආයෙම අපි ඇසුත් ලොකු කරගෙන ඒ දිහා බලා ඉන්නව. ප්ලේන්ටී පහායි කියල කෑ ගහල මුදලාලිම යනව තේ බක්කියට. ගිහිල්ල නටන වතුර මුට්ටියෙං කරඬියට පැහෙන වතුර අරගෙන තේ හදනව.
රවුං ලෑලි බන්දේසියක තියාගෙන ඔන්න ප්ලේන්ටී පහ එනව. එනව කියන්නෙ මුදලාලිම ගෙනත් දෙනව. අපි ඉතිං ඔය අනම් මනං කියව කියව ප්ලේන්ටිය තොල ගානව. ඊට දවස් දෙහෙකට කලින් සූරන ලොතරැයියකින් ජයනන්දට රුපියල් සීයක් ඇදුන.
අනුරාදපුරේ කඩ දොළහෙ ඒ කිට්ටුවම වගෙ ඇරිය කොත්තු කඩයක්. අනුරාදපුරේ ස්ථාන නාම එහෙම තමයි. කඩ පණහ, කඩ තිහ, කඩ දොළහ, කඩ විස්ස........කඩ පණහ තිබ්බෙ එයාපෝට් පාරෙ. කඩ දොළහ කච්චේරියත් එක්කම එහා පැත්තෙ.
ජයේට ඇදිච්චි රුපියල් සීයෙන් අපි හතර පස් දෙනෙක් ගිහිල්ල කඩ දොලහෙ කොත්තු කඩෙන් කොත්තු කෑව.ඔය සූරන ලොතරැයිය නොහොත් සංවර්ධන ලොතරැයි පටන් ගත්තු අලුත. ඊට කලින් තිබ්බෙ මහජන සම්පත වගෙ ටිකට් එක අරගෙන ඇවිල්ල රේඩියෝ එකෙන් දිනුං අදිනකල් සතියක් විතර බලා ඉන්ට ඕන ලොතරැයි. ඉන්ස්ටන්ට් දිනුම් අදින හූරන ලොතරැයිය අපිට විතරක් එහෙම නෙවෙයි මිනිස්සු හැමෝන්ටම අලුත්ම අත්දැකීමක් උනා. සංවර්ධන ලොතරැයි කූඩු දෙකක් මුලින්ම පටන් ගත්තෙ තැපැල් කන්තෝරුව ඉස්සරහ හයි ලයිට් ස්ටුඩියෝ එක අයිනෙ පාර අද්දර.
ටෙක් එක ඇරිල රේල් පාර පැනල අපි ටවුමට එන්නෙ හරියටම ඔතනිං. පාර අයිනට වෙලා මිනිස්සු පොරකකා සංවර්ධන හූරනව අපි බලා හිටිය හැමදාම වගෙ .සංවර්ධන ටිකට් එකක් ඉස්සෙල්ලම ආවෙ රුපියලකටද කොහෙද...
කතා බහ අතරම අපි තේබීල ඉවරයි. මුදලාලි ඇවිල්ල හිස් කෝප්ප එකතුකරනව බන්දේසියට.
" පෙලෙන්ටී පහා……...යි. "
එහෙම කෑගහගෙනම හිස් කෝප්ප අරගෙන ගිහිල්ල තේ බක්කිය උඩ තියල කැෂියර් මේසෙ පිටිපස්සෙ ඇවිල්ල ඉඳගෙන ඉන්නව. අපි කවුරුහරි ගිහිල්ල සල්ලි ගෙවනව.හැමදාම ඔය සිද්ධි දාමය එහෙමමයි. මුදලාලිගෙ වැඩ පිළිවෙලට අපි හිනා උනාට ඒ පිටිපස්සෙ තියෙන්නෙ ඉතාම අනුවේදනීය කතාවක්.
මුදලාලිගෙ හාමිනේ මිනිහට වැඩිය බොහොම ලාබාල ඇහැට කණට පේන ඉස්තිරියාවක්. කඩේ තේ ගහපු කොල්ල එක්ක මේ යෝදි දවසක්දා රෑපානෙ වහං වෙලා ගිහිල්ල. මුදලාලි බොහොම ආදරෙං ඉඳල තියනව හාමිනේට. මනුස්සයට මේ වැඩේ ඉවසා දරාගන්ට බැරුව නුහුගුණේ වගෙ ආව. එදා ඉඳලම ඔහොම තමයි. මල්ටි ටාස්කිං ඈස් අ ලයිෆ් ස්ටයිල්.
හරි මල්ටි ටාස්කිං ගැනනෙ අපි කතාකලේ. ඒ කලෙ කොන්ත්‍රාත් කාරයො ගොඩනැඟිල්ලක් ගත්තොත් ඒකෙ සියලුම කටයුතු තමන්ම කලා.පස් කැපීමෙ ඉඳල බිත්ති බැඳීම, දොර ජනෙල්, ටයිල් ඇල්ලීම, වහල ඔය මෙකී නොකී ඔක්කොම. ඒත් දැන් තත්වය වෙනස්. අද එක එක වැඩේට විශේෂිත කට්ටිය ඉන්නව. දොර ජනෙල් හදන උප කොන්ත්‍රාත්කාරය කරන්නෙ ඒක විතරයි. ටයිල් අල්ලන මනුස්සය ටයිල් ඇල්ලිල්ලම විතරයි ....අන්න ඒ වගෙ.
එහෙම කරන එක ඇත්තටම වාසියි. මොකද හැමදෙයක්ම බදා ගන්නවට වඩා එක ක්ෂේත්‍රයක ප්‍රවීණයෙක් උනාම හැමෝටම වැඩේ ලේසියි.
අප්පට සිරි..ගිය පාර කතාවෙ වෙන වෙන වල් පල් කිව්ව මිසක අදාල කතාව කිව්වෙ නෑ කියල ඒකට හේතු කියන්ට ගිහිල්ල අදත් මේ වෙනකල් වෙන වල් පල් නේද මම මේ කියවල තියෙන්නෙ?.... හරි හරි සමාවෙන්ට..දැන් නම් ඔන්න තරහ වෙන්ට එහෙම එපල්ල. කෙලින්ම කතාවට..එන්ටර් ද ඩ්‍රැගන්…
රයිට් අර රාජ කපුරු බැලුවනෙ අපි කට්ටිය. බැලුවයි කියන්නෙ ආය තනිකරම ඩාන්සිං තමයි..ඔන්න ඔව්ව මෙව්ව ඔක්කොම ඉවර වෙලා අපි කට්ටිය ගිහිල්ල නැග්ග කියමුකො ජීප් එකට. එහාට මෙහාට කැපිච්ච පණුව වගෙ දඟලලම ඒ වෙනකොට සුරාමතත් බැහැලයි තිබ්බෙ. ඔය සුට්ටක් වගෙ වැඩි උණහම පොඩ්ඩක් එහාට මෙහාට දැඟලුවහම සූර් බහිනව හිටු කියල.මගෙ යාලුවෙක් ඉන්නව බොනකොට ආය නෑ මූ පුටුවෙ ඉඳගත්තද ගල් බුද්දා වගෙ එහෙම්මම තමයි. ෂොට් එකක් වක්කරගන්ට බයිට් මොනවහරි ගන්ට යන්තමට අතක් උස්සනව එච්චරයි.
" පිස්සුද බං? සාරීරික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්ට වැඩිවෙන්ට ආතල් එක බහිනව. සල්ලි දීල බොන එකේ අඩුම වියදමෙන් උපරිම තෘප්තියක් ලබාගන්ට ඕන.."
ඒ ගැන ඇහුවම ඌ කියන්නෙ එහෙමයි. කතාව බොරුවක්මත් නෙවෙයි බලාගෙන යනකොට.
මල් ගැහුවමත් එහෙමනෙ………
" ආ.. උඹ අදත් ෂපාන් එකේ ඉන්නව නේද යකෝ බෝක්කුව උඩට වෙලා..වර යන්ට පොලීසියට "
" අනේ බුදු රාළහාමි, කියන තැනකට වඳිඤ්ඤං….. ආතල් එක කඩන්නෙ නැතුව හෙමීට උස්සල අරගෙන ගිහිල්ල ජීප් එකෙං තියන්ට හොඳද? ...බුදු බව අත්වෙයි"
ඉතිං ජීප් එකේ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නව මම.අජිතය එහෙම තාම බිම. කට්ටිය පොරේ ජයන්තය අපි එක්ක එක්ක යන්ට අපේ කෑම්ප් එකට.
" බෑ මචං මම ඉන්ටම ඕන.. නැත්තං හරි නෑනෙ. "
" දැං වැඩේ ඉවරනෙ බං...ආය මොනවද මෙතන කරන්ට තියෙන්නෙ? අර උඹේ ගෝලය ගස් ගෝනට වැඩේ බාර දීල උඹ යමං අපිත් එක්ක. "
අජිතය ඌට බල කරනව. ගස් ගෝන මතකයි නේද? අර ජයන්තය කෝ කියල ඇහුවම මම පණිවිඩයක් යවන්නං එතකල් ඔය ගොල්ලො ටිකක් එළියෙං ඉන්ට කියල කිව්වෙ..හෙහ්,හෙහ්, …..ආන්න ඌ...
" ඔව් බං ජයන්ත අද යමං එහෙ.."
එහෙම කියාගෙන ජීප් එකේ පිටිපස්සෙ දොරට වාරුවෙලා මමත් ඔන්න ඒ පාර බැස්ස බිමට. එහෙම බහිද්දි මෙන්න මොකද්ද වැටිච්චි මගෙ කලිසං සාක්කුවෙ තියල.
" යකෝ මේ ජයනිගෙ ඔටෝ ග්‍රාෆ් එක නේද? අම්මට **** උඹ අද මේකෙ අස්සං හත අටක්වත් ගහගෙන ගියෙ නැත්තං...." අජිත් නැමිල ඒක ඇහුලුව.
" අම්මට ****** කිව්වලු...කෝ මගෙ බැට් එක? " එහෙම කිව්වෙ ලසිත් මාලිංග..හෙහ්,හෙහ්, මතකයි නේද? ඕස්ට්‍රේලියාවෙදි ....
" අම්මාපල්ල බලපංකො ඉතිං හාංකවිසියක් මතක් උනේ නැතිකොට..අනේ ජයන්තයො ගිහිල්ල අර සුවඳ සබංගෙයි ජනක්ගෙයි වත් ඕකෙ අස්සං ගහගෙන වරෙංකො.."
" පිස්සුද බං?..... දැං එවුං අරහෙ යන්ට ලෑස්තිවෙනව ඇති..ඔය අස්සෙ මට පුලුවන්ද මේ ඔටෝ ග්‍රාෆ් එකක් අරං යන්ට.."
" මළ කෙලියක්නෙ උනේ..අර අම්මණ්ඩි මගෙ ඔලුවත් එක්ක කයි…"
" ඉඳහං බං බොරුවට විලාප ගහන්නෙ නැතුව. ජයන්ත මේ ඔන්න උඹ මේකෙ ඔය අස්සං දෙක තුනක් ගහල දාපං…"
" මම? ….."
" ඔව් බං උඹ තමයි...අර යෝදි දන්නවය උඹය කියල අස්සං කලේ..යන්තමට නම කියවගන්ට පුලුවං විදිහට ගහපං පිටුවක් පිරෙන්ට ලොකුවට. "
" උඹල හින්ද වෙලාවක මට බෝගම්බර තපින්ටයි වෙන්නෙ. "
එහෙම කට ඇතුලෙං කියව කියව ජයන්තය ගැහුව රවීන්ද්‍ර යසස්ගෙයි, ජනක් ප්‍රේමලාල්ගෙයි අස්සං ජීප් එකේ බොනට් එක උඩ තියාගෙන.
" තව කවුද බං රාජ කපුරු එකේ ඉන්නෙ? මතක් කරපල්ලකො තව අස්සං දෙක තුනක් වත් ගහන්ට …..කරනවත් වෙලා වැඩේ පිළිවෙලකට කරන්ට එපාය. " අජිත් ඒ එහෙම ඇහුවෙ..
" දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං " මම ජීප් එකේ බෆර් එක උඩ ඉඳගෙන කිව්ව.
" ඔය කිව්වෙ.. ඔය කිව්වෙ….අනේ මේ...මගෙං මොකවත් අහගෙන්නෙ නැතුව ඉඳහං " අජිත් මගෙ බෙල්ලට එකක් දුන්න..හෙහ්,හෙහ්,
කොහොම හරි අස්සං වැඩේ නියමෙට කෙරුන. මම පහුවදා ලෝඩ් බකිංහැම් වගෙ ඔටෝග්‍රාෆ් එක ගිහිල්ල දුන්න ජයනිට.
" අනේ තෑන්ක්ස් අයියෙ. තෑන්ක්යූ සෝ මච්.." ජයනි මට මුව නොසෑහෙන්ට ස්තූති කලා.
එතන ඇත්තටම වංචාවක් උනාට ඒක ඇවිල්ල කිරිමෙල් වංචාවක් නෙවෙයි. සද්බාවයෙන් කරපු වංචාවක් නිසා එව්වට පව් සිද්ද වෙන්නෙ නෑ. විනය පිටකයෙ එහෙම තියනව කියල අපෙ හිතවත් හාමුදුරු නමක් මා දැක්ක කිව්ව දවසක්.
එදා කොහොම හරි ඔන්න ජයන්තයත් අපි එක්ක ගියා. පොරොන්දු උනා වගේම බාග දෙකක් අරගෙන එකක් සුමනසිරිට දුන්න. අනික අපි කට්ටිය ගහල නිදාගන්නකොට මයෙ හිතේ පාන්දර දෙකත් පහුද කොහෙද…
මොන සෙල්ලම දැම්මත් රාජකාරිය කොරන්ට එපාය. පහුවදා පාන්දරම බැරි මරගාතෙ කට්ටිය නැඟිටල නාල කරල යහමිං දිව කාරිය මැදල වැඩට ගියා. ජයන්තය අපි යනකොටත් නිදි. අජිතය ඌව කීද්දුව.
" මචං ජයන්ත.... අපි යනව වැඩට. උඹ අද ඉන්නවද? නැත්තං…"
" බෑ බං මම අටට අටහමාරට වගෙ යන්නං...ඊයෙ අර රාජ කපුරු වැඩේ ඉතුරු විය හියදං එකලාසයක් කරන්ට එපාය. මගේනෙ වගකීම.." ජයන්ත නැඟිටල ඇඳේ ඉඳ ගත්ත.
" රයිට් මචං එහෙනං පස්සෙ හම්බ වෙමු……" අපි එහෙම කියල ආව.
හරියටම ඔහොම දවසට තමයි ඔලුව උස්සන්ට බැරුව වැඩ සෙට් වෙන්නෙ. එදත් එහෙම දවසක්. යන්තමට එක වාගෙ වෙනකොට වැඩ ටික එකලාසයක් කරල මම ආපහු ආව අපෙ ක්වාටර්ස් එකට.
කඳු පාමුල සිට... දැහැනට සම වැද
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ... කිඳුරු ළියේ
මම ඔය සිංදුවත් කියාගෙනම කුස්සිය පැත්තෙං ගෙට ගොඩ උනා. ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙච්චි ආත්මා ලියනගේ ගෙ ගීතයක්..ලියතඹරා...ආආආ....මුදු කුසුමකී ඈ..තවුසන්ගේ..ඒ ඒ ඒ ඒ ..දැහැනේ සම බිඳිනා..අන්න ඒකත් ඔය ආත්මාගෙම තමයි
" මිටියාවත් කඳු... ශිඛර සිසාරා...........සඳ බැස යන තුරු... අවර වන පෙතේ……..සැමී මොනවද බං දවල්ට ඉව්වෙ?...ලූලෙක් වත් හම්බුනේ නැද්ද? ඊයෙත් හරියට කෑමක් නෑ කොල්ලො...අද බූසෙ කොටන්ට ඕන ටිකක් සලකලා. "
ඔහොම කියව කියව කමිසෙත් ගලවගෙනම මම කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියා..ඈ..මෙන්න යකෝ අටහමාරට යනවයි කියපු එකා..ජයන්තය.... ඇඳේ හොඳට දිග ඇදිල නිදි…
" ඒයි ජයන්ත නැඟිටපං බං..උඹ උදේම යනව කිව්ව නේද? මොකෝ මචං සනීප නැද්ද? "
මම උගෙ උරෙස්සෙං අල්ලල හෙලෙව්ව. ඔන්න ඕක ඇහැරිය..මා දිහා බලල ආයෙම කොට්ටෙ ඔලුව ගහ ගත්ත.
" මොකද බං සීන් එක? කියාපංකො..ඇත්තටම අසනීපයක්ද? "
" මට ඇති අසනීපයක් නෑ යකෝ.."
" එහෙනං?...කියාපංකො ඉතිං?..... මොකද කේස් එක?"
" මගෙ ජොකා නෑ……" ජයන්තය දත්මිටි කාගෙන කිව්ව..
" මොකක්?...." මගෙ කටත් එක්ක ඇරුන.
" ජොකා නෑ?..මොකද ඒකට උනේ?...."