Monday, April 20, 2020

647. සසරින් එතෙර වනු පිණිස......


ඡායාරූපය ගොසිප් නිව්ස් ලංකා වෙබ් අඩවියෙනි.

ඛේමා සහ උප්පලවණ්නා වනාහි සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවිකා තනතුරෙන් පිදුම් ලැබූ මෙහෙණින් වහන්සේලා වූහ.

ඒ භික්ෂුණී පරපුරෙහි අනාගතය භාරගැන්මේ මහත්වූ වගකීමට උරදෙන්නට සැදී පැහැදී සිටින්නී වුවද ඇය වනාහී තවමත් සත් හැවිරිදි කුඩා දැරියකි.

ඛේමා හෝ උප්පලවණ්නා මෙන් ඇය පැවිදි වූයේ සසර කළකිරීමෙන් අනතුරුව නම් නොවන බව නිසැකය. දරිද්‍රතාවයෙහි කරවටක් ගිලී ඉතා අසීරුවෙන් දිවිගෙවනා ඇගේ මව්පියෝ ඇය සසුනට පිදූයේ හුදෙක් වෙනත් විකල්පයක් නොවූ හෙයින්මය.

කසාවතක් දරා සිටියද ඇයද කෙළිලොල් වයසේ පසුවනා කුඩා දැරියක. පාවහන් වෙළඳ සැළෙහිදී ඇගේ සිත ඇදීගියේ ලාරත් පැහැ හුරුබුහුටි සෙරෙප්පු යුවළකටය. 

එහෙත් එය මිළදී ගැන්මට ඇගේ භාරකාරියන්වූ වැඩිහිටි මෙහෙණින් වහන්සේලා අත වූ මුදල ප්‍රමාණවත් නොවිනි. එබැවින් ඇයට කළු පැහැ සාමාන්‍ය රබර් සෙරෙප්පු යුවලකින් සෑහීමට පත්වන්නට සිදුවිය.

ඇගේ අපේක්ෂා භංගත්වයෙන් සොවින් පිරීගිය දෑස එම මොහොතේ එහි සිටි තරුණයකුගේ හද කම්පාවට පත් කළේය. වහා ඇගේ සිත්ගත් මිරිවැඩි යුවල මිළදී ගත් ඔහු දණ නවා පහත්ව එය ඇයට පිරිනැමීය. මේ අනපේක්ෂිත සිද්ධියෙන් විමතියට පත් ඇය විළියෙන් බරව වැඩිහිටි මෙහෙණියක පසුපස සැඟවුණාය.

"කමක් නෑ..ගන්න සුනන්දා..මේ මහත්මයාට බොහොමත්ම ස්තූතියි කියල ඕක ගන්න..." වැඩිහිටි මෙහෙණියෝ සිනහමුසු මුහුණින් යුතුව පැවසුවාය.

5 comments:

  1. අපේ අම්ම කැපකරු මවක් විදියට බලාගන්න පොඩි හාමුදුරුවන්ට රිමෝට් කන්ට්‍රෝල් කාර් , Drone එහෙම මම ගිහින් දෙනවා. ඒ ළමයින්ගේ පන්සල් ජීවතේ ආතල් කරන එක තමා මගේ නම් සතුට. ඇත්තටම තමන්ගේ ගෙදර හිටියනම් කවදාවත් නොලැබෙන දේවල් ඒ පන්සලේ පොඩි හාමුදුරුවරුනට නම් ලැබෙනවා.

    හැබැයි ඉතින් හැම පන්සලේම එහෙම නැති නිසා පොඩි ළමයි මහන වෙලා ඉන්න එකට මම කැමති නැහැ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...